Monday, January 30, 2012

මාෆියාව පදනම් කරගත් සිනමාව ජනප්‍රිය වී ඇත්තේ ඇයි? - 2

මීට පෙර මාෆියාව හා පාතාලලෝකය යන දෙකම එකද? යන කාරණය විමසමින් ලිබූ ලිපියේ දෙවන කොටස මෙයයි.

හොලිවුඩ් සිනමාව ගත්විට මාෆියා කාරණ මුල් කරගනිමින් තනා ඇති චිත්‍රපටිවලට ඔස්කාර් සම්මාන බොහෝවිට ලැබී ඇති බව පෙනී යන කරුණකි. විශේෂයෙන් මෙම මාතෘකාව අලලා තැනී ඇති ප්‍රධානම චිත්‍රපටිය වූ Godfather චිත්‍රපටි මාලාවේ පලමු චිත්‍රපටි දෙක සම්මාන තුනක් හා හයක් වශයෙන් සම්මාන නවයක් වසර දෙකකදී දිනා ගැනීමට සමත් වූ අතර තෙවැන්නද සම්මාන සදහා නිර්දේශිත නාම අතරට එක්විය. එහෙත් මෙහි එක් විශේෂත්වයක් වන්නේ මෙම චිත්‍රපටි තුනෙන් එකකදී වත් එහි ප්‍රධානම චරිතයක් වූ Al Pacino හට ඔස්කාර් සම්මානය ලබා ගැනීමේ වරම් අහිමි වීමයි. කෙසේවෙතත් දෙවතාවක්ම මෙම චිත්‍රපටි වෙනුවෙන් නිර්දේශිත නම් අතරට එක්වීමේදී Al Pacino ගේ නමද එක්වී තිබුනි.

Al Pacino රඟපෑ තවත් Mafia වර්ගයේ චිත්‍රපටියක් වන්නේ 1997 දී තිරගතවූ Donnie Brasco චිත්‍රපටියයි. එයද ඔස්කාර් සම්මාන සදහා නිර්දේශවූ චිත්‍රපටියකි.


මාෆියා චිත්‍රපටි වල රඟපෑමේදී සුලභම චරිතයක් ලෙස Robert De Niro ව හදුන්වාදිය හැක. සිය ද්විත්ව ඔස්කාර් සම්මාන වලින් පළමු සම්මානය ලබා ගත්තේද මීට පෙරද පැවසූ Godfather II චිත්‍රපටියෙන් වීම විශේෂත්වයකි. ඉන් අනතුරුව ඔහු Goodfellas (1990),Casino (1995) සහ Once upon a Time in America (1984) යන චිත්‍රපටි ප්‍රධාන තැනක් ගන්නා අතර 1993 දී ඔහු විසින් අධ්‍යක්‍ෂනය කර රඟපෑමෙන්ද සහභාගී වූ A Bronx Tale නම් චිත්‍රපටියද මාෆියා කණ්ඩායම් මුල් කරගනිමින් තැනූ එකකි.




ඔස්කාර් සම්මානලාභී නළු Joe Pesci ද මා‍ෆියා චිත්‍රපටිවල සුලභ නළුවෙකි. ඔහුද මොහොතකට පෙර පැවසූ Goodfellas (1990),Casino (1995) දී දැක ගැනීමට හැකිවිය.

Joe Pesci
ඒවගේම 90 දශකයේ මා‍ෆියා වර්ගයේ චිත්‍රපටිවල හමුවූ නළුවෙකු ලෙස Michael Madsen ද දැක්විය හැකිය. ඔහු Reservoir Dogs චිත්‍රපටියේ කැපී පෙනෙන චරිතයකි.


Michael Madsen




80 දශකයේ මෙලෙස ඔස්කාර් සම්මානය ලැබුන හා නිර්දේශ වූ චිත්‍රපටියක් ලෙස The Untouchables හදුන්වාදිය හැකි අතර ඒ ගැන මීට පෙර Kevin Costner ගැන සත් සමුදුරේ ලියවුන ලිපියේදීද සදහන් කෙරුණි. මෙහිද Kevin Costner, Sean Connery, Andy Garcia ආදීන් රඟපෑමෙන් එක්වූ අතර මෙහිදී Sean Connery ට හොදම නළුවාට හිමි ඔස්කාර් සම්මානය ලැබුන අතර Kevin Costner ද ඔස්කාර් ද්විත්ව  සම්මානලාභී රංඟන ශිල්පියෙකු වේ. ඊට අමතරව Andy Garcia ද තෙවරක්ම ඔස්කාර් සම්මාන සදහා නිර්දේශ වූ නළුවෙකි.


තවද 2007 දී ඔස්කාර් සම්මානය 4 ක් ලැබුන The Departed චිත්‍රපටියද මාෆියා තේමාවෙන් නිපදවූවක් වූ අතර එහි හොලිවුඩ් තරු රැසක් දැකගන්නට ලැබුනි.

ඒ අතරින් ප්‍රධාන චරිතයක් රඟපෑ Jack Nicholson තෙවතාවක්ම ඔස්කාර් සම්මානයෙන් පිදුම්ලැබූ ජ්‍යෙෂ්ඨ රංගවේදියෙකු වන අතර මෙහිදී ඔස්කාර් සම්මාන සදහා නිර්දේශ නොවූවද, ඔහුගේ ප්‍රවීණත්වය නිසාම රඟපෑම යනු ඔහුට ඉතා ලේසි සහ සුමට දෙයක් යනු මෙම චිත්‍රපටියේදිද මැනෙවින් දැකගත හැකිවිය.

ජැක් නිකල්සන් තරුණ වියේදී
තවත් ප්‍රධාන චරිතයක් රඟපෑ ඔබ හොදින් දැක ඇති Matt Damon ද ඔස්කාර් සම්මානලාභී නළුවෙකි. එහෙත් ඔහුගේ විශේෂත්වය වන්නේ ඔහුට මෙම සම්මානය 1997 දී ලැබී ඇත්තේ රඟපෑම වෙනුවෙන් නොව God will Hunting චිත්‍රපටියේ තිරරචනය ලිවීමෙනි. කෙසේවෙතත් ඔහුද කිහිපවිටක්ම රඟපෑම වෙනුවෙන් ඔස්කාර් සම්මාන සදහා නිර්දේශවූවෙකි.

එසේම ප්‍රධානම චරිතය ලෙස සැලකෙන වෙස්වලාගත් පොලිස් නිළධාරියාගේ චරිතය මැනවින් නිරූපනය කල Leonardo DiCaprio තෙවතාවක්ම ඔස්කාර් සම්මාන සදහා නිර්දේශවූ නළුවෙකු වූ අතර අපි ඔහුව මුලින් දුටු Titanic  චිත්‍රපටියේ ලාබාල කොළුගැටයාට වඩා කෙතරම් දුරක් මේ වන විට ගොස් ඇත් දැයි මෙම චිත්‍රපටිය නැරඹූවිටද දැකගත හැකිවිය. තවත් උප චරිතයක් රඟපෑ Mark Wahlberg ද දෙවතාවක් ඔස්කාර් සම්මාන සදහා නිර්දේශ වූ අතර මෙවැනි ප්‍රවීණ අත්දැකීම් බහුල නළුවන් රඟපෑ The Departed චිත්‍රපටියට ඔස්කාර් සම්මාන නොලැබුනා නම් පුදුමය.

එසේම 2009 දී තිරගතවූ Public Enemies චිත්‍රපටිය ඔස්කාර් සම්මාන සදහා නිර්දේශ නොවූවද එහි රඟපෑමේ අංශය හා තවත් බොහෝ අංශ සලකා එයටද යම් ඇඟයීමක් ලැබුනා නම් හොදයි යයි සිතේ.


කෙසේවෙතත් එහි ඔස්කාර් සම්මාන සදහා තෙවරක් නිර්දේශිතවූ Johnny Depp සහ එම චිත්‍රපටිය තිරගතවී වසරක් ගෙවුන තැන වෙනත් චිත්‍රපටියක් වෙනුවෙන් ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලද Christian Bale ඉතා සිත් ගන්නා සුළු රඟපෑමක නිරතවී තිබෙනු දැකීමට හැකිවිය.

මේවාට අමතරව 1991 දී තිරගතවූ Bugsy චිත්‍රපටියද තරමක් මේ අංශයට නැඹුරු බවක් තිබුනු අතර එයටද ඔස්කාර් සම්මාන ලැබුනි.


එසේම එහි ඔස්කාර් සම්මානලාභී නළුවන් වන Warren Beatty සහ  Ben Kingsley යන නළුවන් එක්වී තිබුනද එය එතරම් "ඇඟට දැනෙන" වර්ගයේ චිත්‍රපටියක් නොවූ බව මගේ නම් හැඟීමයි. Warren Beatty මීට පෙර සත්‍ය සිදුවීම් චරත ඇතුලත් කොට තැනූ තවත් ඔස්කාර් සම්මානලාභී හා තවත් සම්මාන රැසකට නිර්දේශ වූ චිත්‍රපටියක් වන 1967 දී තිරගතවූ Bonnie and Clyde චිත්‍රප‍ටියේදි වඩාත් ජනප්‍රිය චරිතයක් විය. එහි Clyde Barrow ගේ චරිතය Warren Beatty විසින් රඟපානු ලැබූ අතර එහි අනෙක් ප්‍රධාන චරිතය වන Bonnie Parker ගේ චරිතය රඟපානු ලැබුනේ ඔස්කාර් සම්මානනීය නිළියක වන Faye Dunaway විසිනි.
Warren Beatty තරුණ අවධියේදී
 මෙහි කථාව සැකෙවින් දක්වන්නේ නම් Clyde Barrow සහ Bonnie Parker යනු 30 දශකයේදී ඇමරිකාවේ මංකොල්ලකෑම් සහ මිනීමැරුම්වලට දායක වූ තරුණ අඹුසැම යුවලකගේ කථාවයි. මේ පිළිබදව නම් ඉදිරියේදී සත් සමුදුරේද ලියන්නට සිතා සිටින අතර එය ඉතා සිත් ගන්නා සුළු කතාවකි.

මේවා පමණක් නොව අතීතයේ නිපදවුන ගොපළු චිත්‍රපටි ආදි‍යේ මෙන්ම ජපාන නිපැයුමක් වූ Seven Samurai සහ එයම ඉංග්‍රීසියෙන් තැනූ Magnificent Seven ආදී චිත්‍රපටි වලද කියවුනේ මැරවරයන් හා ඔවුන් සමග සටන් වදින යුක්ති සහගත පාර්ශවය පිළිබදවයි. එදා‍ මෙම චිත්‍රපටි වල රිවෝලවර, රයිෆල්, කඩු සහ අශ්වයන් යොදා ගත් අතර මත් පැන් ආදිය යොද ගත්තේය. අද ස්වයංක්‍රීය ගිනි අවි, නවීන මෝටර් රථ සහ නවතම පණිවඩ හුවමාරු ක්‍රම යොදාගැනෙන අතර මත්ද්‍රව්‍ය භාවිතය පෙන්නුම් කෙරේ. තවත් වෙනසක් වන්නේ එදා චිත්‍රපටි වලටද වඩා අද චිත්‍රපටි වල ඇති බිහිසුණු ජවනිකා හා අධිවේගයෙන් ඉදිරයට යාමයි.





මේ ගැන කතා කරන්නට තව ඕනැතරම් කරුණු ඇත ඉදිරි කොටසකදී ඒගැනත් කතාකරන්නට ඉඩ තබමින් දෙවන කොටසද අවසන් කරමි...

25 comments:

  1. කියෙව්වා ස්තුතියි ! Johnny Depp ගැන මගේ හිත මුලින්ම ඇදිලගියේ Captain Jack Sparrow චරිතය දැක්කම. ඒත් පස්සෙයි දැනගත්තේ එයා හොඳ චරිත ගොඩක් රඟපාපු නියම නළුවෙක් කියලා. Leonardo DiCaprio ගැන දිනේෂ් කියන කතාව සම්පුර්ණයෙන් ඇත්ත. Titanic එකේ මෙයාගේ චරිතය ටිකක් සීනිබෝල වුනාට Catch me if you can, Blood Island (මේ දෙකේම නම් හරියට මතක නෑ) වගේ චිත්‍ර පටි වල මෙයා ගොඩක් ඉස්සරහට ගිහිල්ල කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අශෙන් මලින්දJanuary 30, 2012 at 4:22 PM

      blood diamond සහෝ අනිත් ෆිල්ම් එකේ හරි නම. මේක තමා මේ වෙනතෙක් මම බලපු මම ආසම චිත්‍රපටිය. මෙහි රංගනයට ඩිකැප්‍රියෝ ට ඔස්කාර් සම්මානයටත් නිර්දේශ උනා. මේ ෆිල්ම් එක හොද විචාරයක් දෙනවනම් දිනේශ් අය්ය ලොකු දෙහෙයක්.

      Delete
    2. ස්තුතියි අශෙන් මාව නිවැරදි කලාට. මම බලලා තියන චිත්‍රපටි වලින් තාත්තා කෙනෙග්ගේ දරු සෙනෙහස ගැන හොඳටම දැනෙන චිත්‍රපටියක් තමයි Blood Diamond .

      Delete
    3. ස්තූතියි! අපි ඉදිරියේදී මේ චිත්‍රපටි ගැනත් කතා කරමු...

      Delete
  2. අශේන් මලින්දJanuary 30, 2012 at 4:19 PM

    මොකද ක්‍රයිම් ගනයේ චිත්‍රපටි වලට වැඩි රේටින් සහ සම්මාන වැඩි වශ්යෙන් හම්බ ව්එන්නෙ? මම ක්‍රයිම් චිත්‍රපටි වලට එච්චර කැමැත්තක් නැතත් ද ඩිපාටඩ් නම් සුපිරි ෆිල්ම් එකක්

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ අනිත් සත්වයන් ලෙසම මිනිස්සුත් ගැටුම් වලට කැමතියි. ඒක නිසා වෙන්න ඇති නිරායාසයෙන්ම මෙවැනි චිත්‍රපටිවලට මේ තරම් ඉල්ලුමක් හා ඇගයීමක් තියෙන්නේ. ඒවගේම The Departed කියන්නේ මගෙත් සිත්ගත් චිත්‍රපටියක්. හැබැයි අවසානය නම් දුකෙන් තමයි කෙලවර වෙන්නේ...

      Delete
  3. මේ චිත්‍රපටිවල නම් දැනගෙන හිටියත් එකක්වත් බලල නම් නැහැ. කොහොමවුණත් මේ වගේ ලිපියකින් චිත්‍රපටි බලන්න පොඩි පෙළඹවීමකුත් ඇති කරනව කිව්වොත් ඒකත් බොරුවක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. මම මෙතනින් සම්පූර්ණයෙන් බලලා නැත්තේ Reservoir Dogs පමණයි. අනෙත් හැම එකක්ම බලලා තියෙනවා (එකෙන්ම පේනවානේ කොච්චර කාලයක් ‍නාස්ති කරලද කියලා :D)

      Delete
    2. සමහර ෆිල්ම් බලන එක නම් කාලෙ කන දෙයක් බව මාත් පිළිගන්නවා. ඒත් හැම ජාතියක්ම ඒ ගොඩට වැටෙන්නෙ නැති බවයි මගේ අදහස.

      Delete
  4. ඉතාලි මාපියාවා පිලිබද මම බලපු ලස්සනම ටෙලිවිශන් කතා මාලාවක් තියනවා කොටස් 5න්,,මේක කොර්ලියෝනේ නගරය හා බැදුනු සත්ය කතාවක්..නම Il capo dei capi ටොරන්ට් ඩවුන්ලෝඩ් තියනවා,,ඒත් භාශාව ඉතාලියෙන් වෙන්න ඕනා තියෙන්නේ. මේක සත්ය කතාවක් නිසා ලස්සනටා තියනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! මේකත් බාගෙන බලන්න ඕන...

      Delete
  5. හැකිනම් ඉන්ෙසන්ඩීස් චිත්රපයට ෙසායාෙගන බලන්න

    ReplyDelete
  6. i sent u some emails about art. did u get them?

    ReplyDelete
  7. Il capo dei capi චිත්රපටය kickasstorrents වලින් ඉංගිරිසි උපසි‍රසි සහිතව ලබා ගන්න පුලුවන්

    ReplyDelete
  8. කාලෙකට පස්සේ නැවතත් ඔබ සත් සමුදුරේ දැක ගන්නට ලැබීම සතුටක්. ඒවගේම ස්තූතියි ලබාදුන්න තොරතුරු වලටත්. මට අර Email එක ලැබිලා නැහැ වගේ, කරුණාකර ඔබට කරදරයක් නොවේ නම් නැවත dguruge@gmail.com ලිපිනයට එවන්න හැකිද?

    ReplyDelete
  9. හොඳ විග්‍රහයක්.. මමනම් ඔය කියපු ඒවා එකක්වත් බලලා නැහැ මගෙ හිතේ.. Leonardo DiCaprio ගේ ෆිල්ම් නම් දෙක තුනක්ම බැලුවා.. catch me if u can, blood diamond, shutter island..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! මම ඔබ දක්වා තිබෙන චිත්‍රප‍ටි අතරින් blood diamond හැරුන කොට අනෙක් සියල්ලම බලා තිබෙනවා. Blood diamond දැනට සෑහෙන කාලෙක සිට මා සතුව තිබුනත් තවම ඒක බලන්න සිතුනේ නැති නිසා ඒක ඉතිරිවී තිබෙනවා. ඒ වගේම Leonardo DiCaprio රඟපෑ Beach කියන චිත්‍රපටියත් තවම නරඹා නැහැ. ඒ වගේම ඔහුව ඔස්කාර් සදහා නිර්දේශ වූ The Aviator වරක් ටිකක් බලන විට කම්මැලි කමක් දැනුන නිසා අතහැර දැමුවා.

      ඒ එක්කම කියන්න ඕන මොහුව Titanic චිත්‍රපටියේදී දකිද්දි නම් හිතු‍වේ නැහැ මේ වගේ දස්කම් ඔහු සතුව තිබේවි කියලාවත්...

      Delete
    2. මගේ තීරිම අනුවනම්.. ඔය මම කියපු චිත්‍රපටි තුනෙන් හොඳම එක තමා blood diamond

      ඇත්තෙන්ම ඔහු සැබෑම දක්ෂයෙක්..

      Delete
  10. God father නම් බලල තියෙන ව . අනික් ඒවායින් Di Caprio ගේ නම් සේරම වගේ බලල තියෙනවා . දැන් නම් ක්‍රයිම් කතා ගෙදර බලන්නේ කලාතුරකින් . පොඩි උන් දකින නිසා .

    ReplyDelete
    Replies
    1. චමිලාව නැවත සෑහෙන්න කාලකෙට පසුව සත් සමුදුරෙන් දැකගන්නට ලැබීම ගැන සතුටුයි. කොහොමවුනත් මේ වර්ගයේ චිත්‍රපටි‍ කුඩා දරුවන්ට නම් සුදුසු නැහැ...

      Delete
  11. මම නැවත කීපයක් ඒව්වා. අැතැම් විට ඔෙබ් ස්පෑම් ෙපා්ල්ඩර් ඒෙක් බලන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතීයී! මම ඒවා සොයා බලන්නම්. මමත් හොද විද්‍යුත් තැපැල් ලැබුන විට ඔබටත් එවන්නම්...

      Delete
  12. හොඳ සටහනක්. බ්ලඩ් ඩයමන්ඩ් ෆිල්ම් එක නම් බැලුවා. සැහෙන හොඳ චිත්‍රපටියක්. අනිත් ඒවත් බලන්න ඕනේ.

    ReplyDelete
  13. හොද චිත්‍රපටි ටිකක් ගැන ලියලා තියනව. අපේ මිතුරන්ව ඔයා දැනුවත් කරන එක හොදා. ලෝකේ ගැන දැනගන්න මේවත් බලන්න ඕනේ. thax dinesh.

    ReplyDelete
  14. let me add something to this post. I wouldnt do it in sinhalese as I havent got any Sinhala font thing. Well you have mentioned nice facts turnings points happened all the way in crime movie scene. Personally I always prefer crime movies more than any other gendre. Why people do love crime, mafia based movies? That was your topic of your post, that was the question u didnt answer to. Instead u have mentioned well known crime movies and movie stars, thats fine u done a good job anyway, I found reason for why people love crime movies like this, its a psychological fact bit of complicated to be explained, some people love to see things in movies that what they want, what they want to do in real life and what they afraid to do. basically Its like that for an full explanation this space i not enough.

    Another couple of things, all of the crime movies are not about the fight between good side and bad side but some of them. Good and bad is dependable thing. most of crime movies let us to decide what is the bad or the good, or a deep emotional research regarding criminal heads and people who involve with crimes. Crime ery heart touching more than romance movies, below are some good crime movies ever made in world cinema. forgot to tell crime has different sub genres for examples Black gangster, white heat/neo-nazi/skinheads,`crime family/organised crime/mafia based,racism,drug trafficing so on.below are very heart touching crime movies in different sub-genres..
    Godfather trilogy, Scareface, Goodfellas, Casino, This is England, Trainig Day, American History X, Boyz n The hood, Heat, Snatch, A history of violence, The Departed, Pulp Fiction, Reserviour dog, Carlitos way, A prophet, Lock Stock and two smoking barrels, Infernal affairs(original movie of The Departed), Brooklynes finest,.. there are many more.

    ReplyDelete