Friday, January 27, 2012

මාෆියා හා පාතාල ලෝකය යනු එකක්ද? දෙකක්ද? - (Mafia a.k.a Underworld??) - 1

මෙම ලිපියත් සිනමාවට සම්බන්ධ වෙනවා වගේම ඒ හරහා තවත් එයට පසුබිම් වෙලා තියෙන මාතෘකාවක් දෙසට යෑම තමයි බලාපොරොත්තුව. මටනම් හැගෙන විදියට අපේ ‍රටේ තිබෙන්නේ පාතාල ලෝකයක් පමනයි. මාෆියාව එයට වඩා සංකීර්ණ හා සංවිධානාත්මක අවස්ථාවක් කියල තමයි මට නම් සිතෙන්නේ. උදාහරණයක් විදියට ගත්තොත් අපි මේක චිත්‍රපටි සමග සමගාමීව බලනවා නම්, පසුගිය දිනවල ඔබට කියපු Shottas, City of God සහ Paid in Full (මෙයත් 2002 දී තිරගතවූ චිත්‍රපටියකි) සහ Menace II Society (1993 දී තිරගතවුනි) සහ State Property වගේ චිත්‍රපටිවලදිත් මේ තත්ත්වය තමයි තිබුනේ.




ඒ කියන්නේ ක්‍ෂනිකවම ඔවුන් සිටිනා වල්මත්වූ පරිසරය තුල එකවර බිහිවන පාතාල කණ්ඩායම් ඉන්පසු තම බලය වර්ධනය කරගන්න දරන උත්සාහය වගේම අනපේක්‍ෂිත මොහොතක ප්‍රතිවාදියෙකු හෝ ඇතැම් විට තම කණ්ඩායමේම සාමාජිකයෙකු අතින් මියයාමට සිදුවීම මේ චිත්‍රපටි වල පොදු සාධකයක් බවට පත්වූවා වගේම සැබෑ පාතාල ලෝකය පදනම් කරගෙන තැනුන Gangland වැනි වාර්තාමය චිත්‍රපටිවලද මෙය දැකගන්නට ලැබුනා. එපමණක් නොවේ Snoopy Dogg වැනි HipHop ගායකයන් තම ගැටවර අවධියේ Crips වැනි Gangsters  කණ්ඩායම්වලට සම්බන්ධවූ අය.
Snoopy Dogg


ඒ වගේම Curtis James Jackson III හෙවත් ඔබ දන්නා 50 Cents කියන ගායකයත් මේ වගේ වීදි මැරකණ්ඩායමක සාමාජිකයෙක්. මේ මැරකණ්ඩායම් තමන්ගේ බල ප්‍රදේශය අනෙක් අයට දැනගැනීමට බිත්තිමත Graffiti යනුවෙන්හැදින්වෙන සලකුණු සලකුනු කිරීමෙන් හා තමන්ගේ කණ්ඩායම් වලට අදාල වර්ණයන් පැලද සිටීමෙන්.


උදාහරණයක් ලෙස Latin King කියන කණ්ඩායම පළදින්නේ කළු සහ කහ වර්ණයන්, ඒවගේම Crips කියන කණ්ඩායම නිල් වර්ණයත්, United Blood Nation යන කණ්ඩායම රතු හා කළු වර්ණයන් පලදින බවත් පැවසෙනවා. මේ ඉතාම අතලොස්සක් ගැන තමයි කිව්වේ.

නිල් පැහැය භාවිතා කරන Crips කණ්ඩායමේ සාමාජිකයන්
මීට අමතරව විවිද පච්ඡා සලකුණුද ඔවුන්ගේ සිරුර මත සටහන් කර තිබෙනු ඔබත් චිත්‍රපටි ආදියෙන් පවා දැක ගත හැකියි. මෙම ඇතැම් පච්ඡා සලකුනු තම පෞද්ගලික තෘප්තිය උදෙසා සලකුණු කර ගත්තත් ඇතැම් ඒවා නම් තම කණ්ඩායම කුමක්දැයි නිර්ණය කරගැනීමට සලකුණු කල ඒවා. ඒ විතරක් නෙමෙයි තම කණ්ඩායම කුමක්දැයි දුර සිටම කියා පෑමට භාවිතා කරන ඒ ඒ කණ්ඩායම් වලට ආවේණික හස්ත සංඥා වගේම දුර සිටම ශබ්ද නොනගා තම සාමාජිකයාට අදාල සංඥාව ලබාදීමට භාවිතා කරන හස්ත සංඥා මාලාවක්ද ඔවුන් සතුයි.


Gangster's finger-hand-sign-symbol-alphabet
Crips සාමාජිකයෙකුගේ පපුව මත කොටා ඇති පච්චා සලකුණු

ඔබ මෙන්න මේ වෙඩ් අඩවියට පිවිසුනොත් ඇමරිකාව තුල පමණක් කොපමණ මැරකණ්ඩායම් සිටිනවාද? ඔවුන් භාවිතා කරන සම්පුර්ණ නම හා කෙටි නාමය හා ඔවුන් කුමන අරමුණක් තකා කණ්ඩායම පිහිටුවා ගෙන සිටිනවාද කියන එක දැනගන්නට පුළුවන්. http://www.accuracyproject.org/GangAcronyms-US.html
ඒ එක්කම මේ අඩවිවලට පිවිසීමෙන් ඒ ඒ කණ්ඩායම් භාවිතා කරන වර්ණයන් පිළිබදව සහ තවත් විස්තර දැනගන්නට පුළුවන්. http://en.wikipedia.org/wiki/Gang_colors සහ http://www.tippecanoe.in.gov/egov/docs/1216929922_43334.pdf

මෙහිදී ඇමරිකාව තුල පමණක් තම බලය පතුරුවා ගෙන සිටින මැර කණ්ඩායම් වගේම ඉන් පිටතත් තම සාමාජිකයන් සිටින අන්තර්ජාතික මට්ටමේ මැර කණ්ඩායම් සිටින බව කියන්නට පුළුවන්. කළු නීග්‍රෝ ජාතිකයන්ගෙන් සමන්විත මැර කණ්ඩායම් බොහෝවිට ඇමරිකාව තුල ඒ ඒ ප්‍රදේශවල පමණක් බලය පතුරුවා ගෙන සිටියත් La Nuestra Familia, Mexican Mafia වගේ කණ්ඩායම් ඇමරිකාව තුල පමණක් නොවේ. එහි සිර ගෙවල් වලද, රටින් පිටත මැක්සිකෝවේද බලය ව්‍යාප්ත කරගෙන සිටියි. එසේම එල් සැල්වඩෝර්, ග්වාතමාලා, හොන්ඩියුරාස් වැනි රටවලද තම බලය ව්‍යාප්ත කරගෙන සිටින Mara Salvatrucha MS-13 කණ්ඩායමද ලතින් ඇමරිකානු කලාපයටම පිළිලයක් වී ඇත.

එපමණක් නොවේ යම් හෙයකින් එක් රටකදී ඔවුන් හා ගැටී වෙනත් ඔවුන්ගේ බලය සහිත රටකට පැන ගියත් එම රටකදී උවත් තමන් හා ගැටුන තම සඟයා හෝ ඉන් පරිභාහිර පුද්ගලයා මරා දැමීමට ඔවුන් පසුබට වෙන්නේ නැහැ. Mexican Mafia හෝ MS-13 කණ්ඩායම ගත්විට ඔවුන් අපි දැක ඇති Godfather චිත්‍රපටියේ ඇති ආකාරයට Mafia කණ්ඩායම් වලට වඩා වෙනස් ආකාරයක් ගන්නා මෙම  කණ්ඩායම් කළු ජාතිකයන් මුල්කරගෙන බිහිවී ඇති වීදි මැරකණ්ඩායම් වලට වඩා තනතුරු ආදියේ ක්‍රමණුකූල බවක් ඇතිවා මෙන්ම කෲරත්වය අතින්ද වැඩි බවක් දක්වනවා.

මෙම කණ්ඩායමක තනතුරු බෙදී ඇති ආකාරය

ඒ බව සත්‍ය සිදුවීම් වලින් වගේම Blood In Blood Out සහ Sin Nombre (මේ චිත්‍රපටිය ගැන දැනුවත් කිරීම ගැන Gihan ට ස්තුතිවන්ත වෙමි) වැනි චිත්‍රපටිවලදීද, ඒ එක්කම Color කියන 1988 දී තිරගතවූ චිත්‍රපටියේදිත් මේ කරුණු දැකගන්නට ලැබුනා (මේ චිත්‍රපටියේ ප්‍රධාන නළුවන් ලෙස ඔස්කාර් සම්මානලාභී ප්‍රවීන නළු Robert Duvall සහ දෙවරක්ම හොදම නළුවාට හිමි ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලද Sean Penn රඟපානු ලබනවා).




"The Gang is forever" යන සංකල්පය මූලිකව පිළිපදින මෙම Mexican Mafia හා අනෙකුත් ලතින් ඇමරිකානු gangster කණ්ඩායම් වල සාමාජිකයන්ගේ සිරුර පුරා විවිදා කාරයේ පච්ඡා සලකුණු ඇති අතර ඇතැමෙකුගේ මුහුණු පුරා පවා පච්ඡා ‍කොටා ඇත්තේ ආදර්ශ පාඨයේ පරිද්දෙන්ම ඔවුන්ගේ සම්පූර්ණ ජීවිතයම තම මැරකණ්ඩායම වෙනුවෙන් කැපකර ඇතුවා මිස නැවත සාමාන්‍ය මිනිසෙකුසේ සමාජ ගතවීමේ අවශ්‍යතාවයක් නොමැති නිසා සහ ඔවුන් කැමති වුවද එවන් අවස්ථාවක්ද නොලැබෙන නිසාය. මන්ද මෙම කණ්ඩායම් වලට බැදිම මිස නැවත එයින් ඉවත් වීමේ හැකියාවක් නොමැත. ඉවත්ව යන්නට ගියහොත් සිදුවන්නේ තමන් සමග එකටම සිටි කණ්ඩායම් සාමාජිකයන් අතින් මිය යන්නයටය. එනම් ඇතුළුවීමේ දොරටුවක් මිස නැවත පිටවීමේ දොරටුවක් මෙම කෲරතර කණ්ඩායම් වල නොමැත.
තවත් පච්ඡා කොටන්නට සිරුරේ තැනක් අහිමි MS-13 සාමාජිකයෙක්
(http://boufosnews.wordpress.com/2011/04/15/the-history-of-gangs-in-mexico/)
http://www.policeone.com/gangs/articles/121253-Understanding-East-Coast-Mexican-gangs-Part-2/
http://listverse.com/2010/12/11/top-10-us-prison-gangs/)
මෙහි MS -13 කණ්ඩායම ව්‍යාප්ත වී ඇති ආකාරය පෙන්වන අතර තද රතු පැහැයෙන් එය ප්‍රභලව බලය තහවුරු කර ගෙන ඇති ස්ථාන හා ලා රතු පැහැයෙන් අඩුවෙන් බලය ව්‍යාප්තවී ඇති පෙදෙස් පෙන්වයි


ලතින් ඇමරිකානු මැරකණ්ඩායම් සතුවද හස්ත සංඥා රැසක් බහුලවම භාවිතා වන අතර, තම බල ප්‍රදේශය ලකුණු කරගැනීමේ විවිද සංකේතු ඔවුන් සතුවද පවති. කළු ජාතිකයන් පදනම් කරගෙන බිහිවී ඇති පාතාල කණ්ඩායම් වල ප්‍රධාන කාර්යයන් වන්නේ මත් ද්‍රව්‍ය බෙදා හැරීම, ගණිකා වෘත්තිය මෙහෙයවීම, අවි ආයුද බෙදා හැරීම හා භාවිතය, මිනී මැරීම, කළු සල්ලි සුදු සල්ලි බවට පත්කිරීම, මංකොල්ලකෑම  යනාදියද ඇතුළුව තවත් විවිද සමාජ විරෝධී කාර්යයන් සිදුකරන අතර ලතින් ඇමරිකානුවන් පදනම් කරගෙන බිහිවී ඇති සංවිධාන වල මේවාට අමතරව සංක්‍රමණිකයන් හොර රහසේ ඇමරිකාව වැනි දියුණු රටවලට රැගෙන ඒමද සිදුකරයි.

(මේ ගැන තවත් විස්තර ඉදිරි ලිපියකදීත් බලමු)...

19 comments:

  1. ගොඩක් විස්තර දැනගත්තා. ස්තුතියි !
    ඊළඟ ලිපියත් ඉක්මනටම දාන්න.

    ReplyDelete
  2. ස්තූතියි විස්තරයට දිනේශ්.

    අහලා තියනවද KKK හෙවත් Ku Klux Klan ගැන. ඒකත් ඔයවගේ සංවිධනාත්මක කල්ලියක්. උන් තමන්ට මරන්ඩ ඕනා කෙනාට ඒ බව දන්වන්නේ දොඩම් ඇට තුනක් යවලලු. දොඩම් ඇට හම්බෙච්චම ඒ මිනිහා දැනගන්ඩ ඕනා තමාගේ මරණය අතලඟ කියලා. ලෝකේ කොහේ හිටියත් හොයලා මරනවලු.

    ReplyDelete
    Replies
    1. Ku Klux Klan විතරක් නෙමෙයි සුදු ජාතිකයන්ගේ මැරකල්ලියක් වුන Arayn Brotherhood ගැනත් ඉදිරියේදි කතා කරමු...

      Delete
  3. ස්තුතියි! අල්ප මාත්‍රයක් වත් නොදැන සිටි මාතෘකාවක්..

    @Senna :මම කොහේදි හරි Ku Klux Klan කියන එක අහලා තියෙනවා..කොහේදිද කියලා මතක නෑනෙ..

    ReplyDelete
    Replies
    1. ෂර්ලොක් හෝම්ස් කතාවකදී තමයි මේ ගැන කියවුනේ...

      Delete
  4. KKK කියන්නේ සුදු ජාතිකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩාමයක්.ඔවුන් ඇතිවුනේ කලු ජාතිකයන්ගේන් ඔවුන්ගේ සුදු ජාතික ආදිපත්‍ය රැකගැනීමට.ඔවුන් ඇතිවීමට ආසන්නතම හේතුවුනේ ඇමරිකානු සිවිල් යුද්ධයේදී දකුණු ප්‍රාන්ත පරදා යැන්කින් නැතිනම් උතුරු ප්‍රාන්ත එකමුතුව ජය ගැනීමයි.දකුණු ප්‍රාන්තවල ප්‍රධානතම ආර්ථික හයිය වුනේ කපු වගාව.ඒ නිසා ඔවුන්ට ශ්‍රමය දැඩිලෙස අවශ්‍යවුනා ඒ ශ්‍රමය ඔවුන් සලසා ගත්තේ වහලුන්ගෙනුයි.යුද්ධයෙන් උතුර ජයගෙන ඔවුන් වහල් මෙහෙය තහනම් කර නීග්‍රෝ වරුන්ට සමඅයිතීන් ලබාදුන් පසු දකුණු ජනපදිකයන්ට මුහුණ දෙන්නට සිදුවුනේ සෑහෙන ප්‍රශ්නයකට.කොලනි,මුඩුක්කු ආදීයට ඒක රාශී වූ නීග්‍රෝවරුන්ගෙන් දකුණු ජනපදිකයන්ට හිරිහැර සිදුවන්නට වුනා,ස්ත්‍රී දූෂණ පහරදීම්,මිනීමැරුම්, ආදී විවිද අඩම්තේට්ටම්.දකුණ පාලනය කල උතුරු පාලන අදිකාරීන් තීරණ ගත්තේ කලු ජාතිකයන්ට පක්ෂවයි.කාලයක් තිස්සේ පැසවමින් තිබුනාවූ මේ ප්‍රශ්නයට දකුණ ජනපදිකයන් පිළිතුරු දුන්නේ KKK මඟින්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! මමත් නොදැන සිටි කරුණු රැසක් දැනගත්තා...

      Delete
  5. අයියෝ දිනේශ් මාෆියා කිව්වහම මං නම් දන්නේ අපේ අයියා ගහන ගේම් එක ගැන විතරයි....
    නම අහල තිබුණට ලොකු විස්තරයක් කොහොමටත් දන්නේ නැහැ.
    ඔන්න එහෙම නම් ඊළඟ කොටසත් ඉක්මනටම බලාපොරොත්තු වෙනවා.
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! මේ පිළිබදව ඉදිරියේදී තවත් කතා කරමු...

      Delete
  6. ගැන්ග් කියන්නෙ මාෆියා වගේම ස්අංවිදානද? ගැන්ග් මාෆියා වලට වඩා දරුණුද> මම අහලා තියෙනවා ගැන්ග් සංවිදාන කරන්නෙ හිර කාරයො මරන එක කියලා

    ReplyDelete
    Replies
    1. ඇතැම් Gangsters කණ්ඩායම් සංවිධානය වී තිබුනත් ඇතැම් කණ්ඩායම් ප්‍රාදේශියව තම බලය යම් කාලවකවානුවකට තහවුරු කරගත් ඒවා පමණක් බවයි මේ පිළිබදව තැනූ ඇතැම් වාර්තාමය චිත්‍රපටි සහ මේ පිළිබදව ලියවී ඇති කරුණු වල දක්නට තිබෙන්නේ. කෙසේවෙතත් මේ සංවිධාන ව්‍යුවහ ද්විත්වයම කෲරත්වයෙන් ඉතින් අඩුවක් නැහැ. හැබැයි මෙහෙ‍ම දෙයක් තියෙනවා. Gangsters කණ්ඩායම්වල සාමාජිකයන් තුල තම සංවිධානය පිලිබදව බිය සහ ගෞරවය යන දෙකම ඇති. ඒත් ඉන් පරිභාහිර පුද්ගලයන්ට තිබෙන්නේ මේවා පිළිබදව බිය පමණයි. ඒත් මාෆියා කණ්ඩායම් පිළිබදව ගත්විට දෙපිරිසටම බිය සහ ගෞරවය තිබෙන්නට පුළුවන්. මොකද සමහර විට භාහිරව තමන්ට ‍වෙන විවිද ප්‍රශ්න සදහා විසදුම් ලබා ගැනීමට පිහිට වන්නේ ඇතැම් අවස්ථා වල මාෆියා සංවිධාන නිසා ඒවා පිලිබදව කැමති සාමාන්‍ය මිනිස්සුත් සිටින්න පුළුවන්. කෙසේවෙතත් මෙම සංවිධානයන් සියල්ල සමග වැඩකිරීම දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. පො‍ඩ්ඩ ගැස්සුනොත් කෙලවර වන්නේ මරණයෙන්...

      Delete
  7. KKK is mainly a white power group.
    about KKK - http://youtu.be/BcZy_cpRFQU
    movie about Notorious BIG - http://www.imdb.com/title/tt0472198/

    ReplyDelete
  8. එළ විස්තරයක්.....

    ReplyDelete
  9. මා දන්නා චිත්‍රපට 2 තියෙනවා සත්‍ය සිද්දීන් ඇසුරින් නිර්මාණය කරපු
    Casino (Robert De Nero)
    American Gangster (Densil Washinton)
    ඔබ දන්නා සත්‍ය චිත්‍රපට තිබේනම් මේ විෂය සම්බන්දව
    කරුණාකර සදහන් කරන්න

    ReplyDelete
    Replies
    1. ඉදිරි ලිපියක මේ ගැන සදහන් වේවි...

      Delete
  10. මා එක පොතක කියවා තිබෙනවා එක කණ්ඩායමක් ගැන, Black Disciples නමින්. එය මුළුමනින්ම කළු ජාතිකයන්ගෙන් සමන්විතයි. එහි ව්‍යුහය තරමක් දුරට වෙළඳ සමාගමකට සමානයි. එය පාලනය වන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින්. එහි කියැවෙන්නේ එම කල්ලියේ එක් ශාඛාවක් ගැනයි (Chicago දැයි මතක නැහැ). ඒ ශාඛාවේ නායකයා කළමනාකරණය පිලිබඳ උපාධිධාරියෙක්. මේ මා හිතන්නේ අසූව දශකයේ මුල් වකවානුව විය යුතුයි.

    මට මතක හැටියට "God father" හි කල්ලි නායකයා හැඳින්වෙන්නේ "Don" යනුවෙනුයි.

    ReplyDelete