Monday, November 28, 2011

තේ බොන්න කැමති අයට කලාත්මක කෝප්ප - Amazing Tea Cups

මේ දවස් වල වැඩ වැඩියි. ඒ නිසා මොනවත් දීර්ඝ දෙයක් ලියන්න වෙලා නැහැ. ඒ වුනත් දකින්නට ලැබුන අමුතුම  ආකාරයේ පිඟන් පීරිසි වගේම ඒවාටම අවේණික හැදිත්  ඔබලාටත් පෙන්වන්නට සිතුනා. මේවායේ හැඩයන් සහ නිමාව ගත්තම ඒවා චීනයේ හෝ ජපානයේ සෑදුබවක් තමයි සිතුනේ. හැබැයි ඒක මගේ අදහස් විතරයි‍. ඒවා ඉතාම ලස්සන වගේම සාදන්නත් සෑහෙන්න නිපුනත්වයක් අවශ්‍යවුනත් ඒවායෙන් තේ බොන එක නම් ටිකක් අපහසුයි වගේ කියලා හිතෙන්නේ. බලන්න කොහොමද කියලා.
























Thursday, November 24, 2011

කොයි රටෙත් ළමයින්ගේ ළමාකාලය එක වගේමය...

ඔබට ඔබගේ ළමා කාලය ගෙවූ සැටි මතකද? දැනට වසර 20 කට 30 කට පෙර අපගෙවූ ළමාකාලයට වඩා වෙනස් ළමාකාලයක් අද දරුවන්‍ට ගෙවීමට සිදුව තිබේ. එහෙත් අප ගත කල ළමා කාලය හා අපගේ වැඩිහිටියන් පවසන ඔවුන්ගේ ළමාකාලයේ මතක සටහන්වලට සමාන සිතුවම් පෙලක් අහම්බෙන් මට හමුවුනා. හැබැයි මේවායේ අයිතිකරුවන්නම් කවුරුන්දැයි කීමට නොදන්නේ ඒවා ලැ‍බුනේ විද්‍යුත් තැපෑලෙන් නිසයි.

කොහොමවුනත් අද ළමයි‍න්ගේ ළමාකාලය ළමයෙකුට උචිත ආකාරයෙන් ගතකරන්නට ඉඩ ලැබෙනවාදැයි ගැටළුවක්ද තිබේ. එය දෙමව්පියන්ගේ අවශ්‍යතාවය පරිදි තරඟකාරීබවකිනුත්, රූපවාහිනී හා වෙනත් වීඩියෝ වල දරුවන්ට දකින්නට ලැබෙන සංකිර්ණ දේවල් නිසා ඔවුන්ද ඒවා අනුකරණය කරන්නට පෙළඹී ඇති බවක්ද පෙනෙන අතර පරිගණකය ඔවුන්ට සමීපවීමත් සමග සරළ හා පරිසරයට හිතැති කුඩා දිවියකට වඩා පරිගණක ක්‍රීඩා වල නිරතුරු යෙදීමත් ඒවායේ චරිත ඔවුන්ගේ වීරයෝ බවටත් පත්ව ඇති බවක් ‍අද දකින්නට ලැබේ. ‍

කෙසේවෙතත් මේ පින්තූර වලින් පෙනෙන දේවල් වලින් ඔබටද ඔබේ ළමා කාලය මතක් කර ගැනීම පහසුවක් වනු ඇත.













Tuesday, November 22, 2011

මෙන්න නියම බඩු - Wonderful household equipments

මෙන්න ගෙදරට හරියන නියම අළුත් බඩු ටිකක්. මේ පින්තූර මට ලැබුනේ ගූගල් බස් වල සිටින ඉන්දියාවේ මිතුරෙකුගෙන්. ඒ නිසා මේ පින්තූරවල අයිතිකාරයෝ ගැන නම් දන්නේ නැහැ. කොහොමවුනත් අළුත්ම ආකාරයේ උපකරණ පෙලක්. මේවා සමහරක් ඇත්තටම අපේ රටේ වුනත් නිෂ්පාදනය කරන්න හැකියාව ඇති කියලයි මට නම් හිතෙන්නේ. ඔන්න ඉතින් අද මේ පින්තූර දැකලා නෝනලා, තමන්ගේ මහත්තුරුන්ට කරදර කලාම මටත් බැනුම් අහන්න වෙයිද දන්නේ නැහැ. අද හැබැයි වචන වැඩිය නැහැ පින්තුර තමයි වැඩි...


















 අඩු ඉඩපහසුකම් තියෙන තැනකට මේ සෝපා-ඇද සෑහෙන්න ප්‍රයෝජනවත්වේවි...


 කොල්ලනේ රවුම් කරල පෙන්නල තියෙන උපකරනේ මිසක් බෝතල් දිහා බලනව එහෙම නෙමෙයි...


ඔන්න දැන් ඉතින් මේවා ගන්න සල්ලි වියදම් කරන එකයි තියෙන්නේ...