Monday, November 21, 2011

පෙර ලිපියට තවත් ඇමුණුමක්... Iran Vs Isrel - Part 2

මෙහි පළමු ලිපිය - යම් හෙයකින් ඉරානයට ඊශ්‍රායලය පහර දුන්නොත් කවුරු දිනයිද? Iran Vs Israel

පළමු ලිපිය කියවූ සහ එයට අදහස් ලබාදුන් හැමෝටම ස්තූතියි! මම තව පොඩි කාරණා කිහිපයක් එකතු කරන්නම්. ලෝකේ රටවල් දෙක තුනකට ලෝකේ නටවන්න බැහැ. ඒක සෛදාන්තිකව නිවැරදියි. නමුත් ප්‍රායෝගිකව ඒක මනුෂ්‍ය ඉතිහාසය පුරාවටම වෙලා තියෙන දෙයක්. උදාහරණයක් විදියට කැපී පෙනෙනම  පුරාණ ලෝකයේ අධිරාජ්‍ය ග්‍රීක අධිරාජ්‍යයයි.

ඉන්පසුව රෝම අධිරාජ්‍යයටත් ; (මේ ගැන දැනටමත් ලිපියක් ලියා ඇත - යුරෝපය අපිට උඩින් ගියේ කොහොමද ? කාර්මික යුගයේ යුරෝපයේ ආසියාතික රටවලට වඩා දැනුමෙන් පොහොසත් වූ‍යේ ඇයි? The Roman Era)

ඔවුන්ගෙන් පසුව තුර්කි අධිරාජ්‍ය නැතහොත් ඔටෝමන් අධිරාජ්‍යයටත් නතුවුනා.

මෙම තුර්කි අධිරාජ්‍යය බිහිවීමට පෙර සහ ඉන් අනතුරුව එතෙක් යුරෝපයේ හා ඊට යාබද ප්‍රදේශවල පැතිර තිබූ ක්‍රිස්තියානි ආගමට වූ මුස්ලිම් බලපෑම නිසා අවස්ථා හතරකදී කුරුස යුද්දය නම් ආගමික යුද්දයන්ද ඇතිවූවා. ඉතින් ලෝකයේ මෙය සෑම අවධියකම සිදුවූවක් බලවත් රටක් හෝ රටවල් කිහිපයක් ලෝකයේ වැඩිමනත් ප්‍රදේශ පාලනය අමුතු දෙයක් නොවේ. එය සාධාරණ දෙයක් කියා කියන්නේ නැහැ. නමුත් යථාර්තය එයයි.

විශේෂයෙන් තුර්කි අධිරාජ්‍ය ගත්විට එය‍ දේශපාලනික, සාමාජික මෙන්ම ආගමික වශයෙන්ද ලෝකයේ ඔවුන්ට අත්පත්වූ ප්‍රදේශවලට සෑහෙන්න බලපෑමක් ගෙන දුන්නා වගේම 1299 සිට 1923 දක්වා විසිවන සියවසේ මුල් අවධිය තෙක්ම එය පැවතුනා. මෙම ප්‍රධාන අධිරාජ්‍යයන්ට අමතරව යුරෝපයේ විශාල ප්‍රදේශයන් හන්වරුන්ගේ පාලන සමයන්, ගොත්වරුන්ගේ, වයිකිංවරුන්ගේ මෙන්ම නැගෙනහිර ආසියාවේ කෙටි කාලයක් මොන්ගෝලියානු අධිරාජ්‍යයන්ද පැවතුනා. ඊට අමතරව අපේ අසල්වැසි ඉන්දියාවටද විශාල ඉස්ලාමීය බලපෑමක් ඇති කරමින් 1526–1737 ‍අතර කාලයේ වසර 200 ක පමණ කාලයක් මෝගල් අධිරාජ්‍ය පැවතුන අතර යුරෝපීය ආක්‍රමණවලට ඉන්දියාව හා ලංකාව නතුනොවෙන්නට ඔවුන්ගේ බැල්ම ලංකාවටද එල්ල වෙන්නට ඉඩ තිබුනා. එහෙමවුනා නම් සමහරවිට අපේ ඉතිහාසය මීට වඩා වෙනස් විදියකට ලියවේවි.

කෙසේවෙතත් 1914-1918 අතර කාලයේ සිදුවූ ‍පළමු ලෝක යුද්දය ලෝකයේ බලතුලනය සෑහෙන්න වෙනසක් කරන්නට හේතුවුනා සේම එහි ප්‍රතිඵලයක් ලෙස තුර්කි අධිරාජ්‍යයේ අවසානයද සිදුවුනා. ඒ එක්කම දෙවන ලෝක යුද්දයත් සමග නැවතත් බලතුලනයේ අතිදැවැන්ත වෙනසක් සිදුකරමින් එතෙක් මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය වැනි රටවල් සතුව තිබූ බලය ඇමරිකාව හා එවකට සෝවියට් දේශය අතර බෙදීයාමත්, යටත්විජිත ලෙස රටවල් පවත්වාගෙන යනවාවෙනුවට වෙනත් බලපෑම් ඇති කරමින් රටවල් වක්‍රමාර්ගයෙන් පාලනය කිරීම තවමත් සිදුවෙමින් පවතිනවා. හැබැයි මෙම තත්වයන් ඇතිවීමට ඒවාට ගොදුරුවන රටවලුත් වගකිවයුතුයි. 50 දශකයෙන් පසුව ඇතැම් රටවල ඉතාමත් සමෘධිමත් මෙන්ම රටේ  විනය ආදිය රැකෙන අයුරින් වැඩපිළිවල් ඇතිකරමින් අභ්‍යන්තරයේ විවිද කැලඹීම් ඇතිනොවන ආකාරයෙන් දේශපාලනය කෙරුනත් ඇතැම් රටවල පාලයන්ගේ අදූරදර්ශී වැඩපිළිවෙලවල් නිසා විවිද හේතු දක්වමින් පිටස්තර රටවලට ඒ ඒ රටවල පාලනයට අතපෙවීමේ අවස්ථාවද ලැබුනා.

ඉතින් එදා පුරාණ කාලයේ යටත්විජිතකරණයම වෙනස් ආකාරයකින් තමයි කාලෙන් කාලෙට සිදුවුනේ. එදා තිබූ පහසුකම් හා සොයාගැනීම් අනුව අවිආයුද වල ප්‍රභලත්වය, ප්‍රවාහණය සන්නිවේදනය වැනි දේවල්වලට අදාලව මන්දගාමීව මෙම කාර්යය දියත්වුනත් දැන් අත්කරගෙන ඇති දියුණුව අනුව යුද්දයක් ඉක්මනින් අහවරකිරීමට ඇති අවස්ථාව හා අත්පත්කරගැනීමේ ශීඝ්‍රතාවයේ වැඩිවීමක් තමයි ඇතිවෙලා තිබෙන්නේ.

ඒ එක්කම ඉරාක යුද්දයේ පළමු අවස්ථාවේ පළමුවෙන්ම ඉරාකයට විවිදාකාරයේ සම්භාදක පමුණුවමින් අඩපණ කරාට පසුව ප්‍රහාර එල්ල කිරීමේ කලාව ඉරානය හමුවේද යොදාගන්නා අයුරු දිස්වේ. මෙය බොහෝවිට අනාගතයේ සිරියාව හා උතුරු කොරියාවට එරෙහි ක්‍රියාමාර්ගවලදිද ප්‍රයෝජනයට ගනුලැබිය හැකි උපක්‍රමයක් විය හැක.

ඉරානයේදී හොද උගතුන් බුද්ධිමතුන් ඇත. එහෙත් වර්ථමාන ලෝකයේ කැපී පෙනෙන බුද්ධිමතුන්, උගතුන් හා ඊශ්‍රායලයෙන් පිටත පවා විවිද ක්‍ෂෙත්‍රවල හිනිපෙත්තටම නැගි අය යුදෙව්වන් වීමද කැපී පෙනෙන කාරණයකි.

මිතුරෙක් කියා ඇති පරිදි ඉරානයේ විවිද දැඩි මතධාරී කල්ලි සිටිනවා විය හැක. නමුත් දැන් යුද්දකරනා ආකාරය අනුව මුලින් පහර දෙන්නේ ගුවනින් හා මිසයිල යොදා ගෙන නිසා භූමියේ යුද්දයට එළඹෙන විට හොද සටන්කාමීන් හා භෞතික සම්පත් රැසක් විනාශවී හමාරය. අනිත් අතින් ඉරාකය, ඇෆ්ගනිස්ථානය වැනි රටවල ඇමරිකාව කරගත් අත්වැරැද්දක් වූයේ රැවුලත් කැදත් දෙකම බේරාගන්නට මුලින් දැඩි බලයක් යොදා යුද්දය කලත් පසුව මානව හිමිකම් කඩකිරීම් ආදී ලෝක අපවාදයෙන් බේරීමට ඔවුන් රට පාලනය කරනවා වෙනුවට අනවශ්‍ය හදිස්සියකින් එම රටේ අයටම පාලනය බාරදී අර්ධ වශයෙන් හමුදා මෙහෙයුම් වල නිරත වීමයි. එහෙත් දැන් ඇමරිකාවේ ජනපති ඔබාමා ඒ පිළිවෙතින් බැහැරව දැඩි හමුදා ශක්තියක්ද යොදවා පාලනය සෑහෙන්න කාලයක් ඇමරිකාව යටතේම පවත්වා ගතහොත් මර්ධනකාරී ක්‍රියාමාර්ග ඔස්සේ මෙවැනි කල්ලිවලට සිත්සේ හැසිරීමට ඉඩ නොදෙනු ඇත.

එසේම රටවල් දෙකක දත්ත වල සංඛ්‍යාලේඛණ සැසදීමෙන් යුද ශක්තිය නිර්ණය කල නොහැකි මුත් එම ලිපියේම කිහිපස්ථානයක කියා ඇති පරිදි ඊශ්‍රායලයේ යුද රහස් හා ඔවුන්ට ඇති මිතුරු සහය ඔස්සේ ප්‍රහාරාත්මක අවස්ථාවක ඉරානයට මුල් අවස්ථාවේ කරට කර ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ඇතත් පහුපහු වෙන්නට ඔවුන්ගේ දුර්වලවීම වැලැක්වීම අපහසු කරුණකි. මන්ද රටවල් දෙක අතර දුර වැඩිවූවත් දැන් ඉරාකය නටන්නේ ඇමරිකානු පදයට නිසා ඉරාක භූමියේ ඊශ්‍රායල-ඇමරිකානු හමුදා කදවුරු බදිනු ඇත.

එසේම අරාබිකරයේ ඇමරිකාවේ හොදම මිතුරා වන සෞදී අරාබියද කැමැත්ත අකමැත්ත කෙසේවුවත් ඇමරිකානු පාර්ශවයට උදව්කිරීමට සිදුවවනු ඇත. තවද තුර්කිය නේටෝ සාමාජික රටකි එනිසා ඊශ්‍රායලය මුස්ලිම් ලෝකයේ හතුරා වුවත් ඇමරිකාවේ බලපෑම හා නේටෝ සංවිධානය යුද්දයට සම්බන්ධවන ආකාරය අනුව ඔවුන්ට  කැමැත්ත අකමැත්ත කෙසේවුවත් ඉරානයට එරෙහිව නැගී සිටීමට හා අවශ්‍යවුවහොත් කදවුරු බැදීමට ඉඩ දීමට සිදුවනු ඇත. ඒ එක්කම ඇෆ්ගනිස්ථා‍නයේ සිටත් ප්‍රහාර එල්ල කිරීමට ඇමරිකාව සැරසෙනු ඇත. පකිස්ථානය හා දැන් ඇමරිකාව නොරොක්වී ඇති නිසා එරට මේ සදහා යොදවා ගැනීමට ඉඩ ඇතත් දෙරටටම නැවත යාළුවීමට අවස්ථාවක් කරගෙන ඔවුන් සාමදාන වී ඇමරිකාවේ අභිලාශය ඉටුකරගැනීමට සහය දෙන්නටට ඉඩ නැතුවා නොවේ. එසේම අරාබි ලෝකයේ රටවල් ඊශ්‍රායලය සමග අමනාපවූවත් ඉස්ලාම් ආගමේ සුන්නි-ශියා දෙපාර්ශවය අතර ඝට්ඨනයද මෙවැනි හැලහැප්පීම්වලදී තීරණාත්මක විය හැක.

කොහොමවුනත් අවසානයේ මෙවැනි විනාශකාරී යුද්දවලින් මිය යන්නේ ඒවාට අනදුන් පාලකයන් නොව සියළු පාර්ශවවල සෙබලුන් හා අහිංසක ජනතාවයි. බලපෑමද ඒ ඒ පාර්ශව වලට පමණක් නොව මුළු ලෝකයටම දැනෙනු ඇත.

9 comments:

  1. //සෞදී අරාබියද කැමැත්ත අකමැත්ත කෙසේවුවත් ඇමරිකානු පාර්ශවයට උදව්කිරීමට සිදුවවනු ඇත//

    ශියා - සුන්නි කතන්දරේ නිසා සෞදිය ඇතුලු අරාබිකරයේ ඉන්න ඇමරිකානු හිතවතුන් කැමැත්තෙන්ම සහය දෙයි

    දැන්ම විවෘත යුද්ධෙකට යයි කියල නම් හිතන්නේ නැ , කොහොමටත් ලෝකයෙ යුධ ශක්තිය සංසන්ධනය කරන කොට ඇමරිකාව , බ්‍රිතාන්‍යය හා ප්‍රංශය කියන තුනම එක ගොඩකට දාල ගන්න එක තමයි හරි , ඉරානයට විරුධව ගහනවා නම් ඒකත් එහෙමම තමයි , ඊලඟට විමල් වීරවංශ මහත්තය අද සී නිවුසියේ කියල තියන ආකාරයේ ලෝක යුද්ධයක් ඇතිවුනොත් ( ඒවා ඉතින් විමල්ගෙ ලෙමන් පෆ් හීන ) ලෝකේ ප්‍රධාන යුධ බලවතුන් 10 දෙනාගෙන් 2 (2 වන හා 3 වන ) යි එක මතවාදයක ඉන්නෙ , දකුණු කොරියාව ජපානය සහ ඉන්දියාව කියන්නෙත් බටහිර හිතවතුන් , ඒ නිසා මෙහෙ ඉන්න ගොඩ දෙනෙක් හීන දකින විදිහට ලෝක බලය ආසියාවට මාරු වෙන්නෙ නැ ලේසියෙන් , (ආසියාවේ නැගි එන බලවතුන් දෙන්න ඉන්නෙත් දෙපැත්තකා . ආදායම් ප්‍රමාණය අතින් පොරවල් උනා කියල ලෝක බලවතා වීමේ හැකියාවක් නැ . ඒ නිසා ඉදිරියටත් අවම වශයෙන් තව ශතවර්ෂ භාගයක් යන කන් වත් ලෝකයේ ආධිපත්‍ය තියෙන්නෙ බටහිරට , අහමදි නෙජාඩ් වගේ ලොකු ටෝක් කාරයින්ට වෙන්නෙ ඉල්ලගෙන කන්න ,

    ReplyDelete
  2. විමල් වීරවංශලා ඇත්ත දන්නවා. ඒ උනාට කියන්නේ බොරු. ඔය ඇමති මණ්ඩලේ ඉන්න එකෙක්ගෙවත් ලමයෙක් ඉන්දියාවේ හරි චීනේ හරි කියුබාවේ හරි ඉගෙන ගන්නවද? ජීවත් වෙනවද? අපේ ගොන් හරක් උන් කෙලින කෙප්ප් හොදි නැතුව ගිලිනවා..

    ReplyDelete
  3. යුද්ධයක් ඇතිවුණොත් ඒක ඉරානයට හුඟක් අවාසියට හිටියි යන්න තමයි මගෙත් අදහස.

    ReplyDelete
  4. ඔව් ඉතින් ඉරානෙත් තෙල් තියනවනේ . යුද්ධයක් කලොත් කට්ටියට වාසියි .

    ReplyDelete
  5. මොනවද ඉතින් මුල ඉදලම ඉල්ලගෙන කෑමක් තමා තියෙන්නෙ ,
    උං අපිට ගහනවා අපිට උං ගහනව කියයි ....එච්චරයි හැබැයි ඉරානෙට මේ ඉරනමෙන් බේරෙන්න රුසියාව ඇත්තටම අවස්ථාව දුන්නා මේ ගොල්ලො ඒක පාවිච්චි කලේ නෑ .....
    ඉරානයට අවශයය කරන න්‍යශ්ඨික ඉනධන රුසියාවේ බල ගන්වා දීමටත් ඉරානයේ ගුවන් ආරක්ශාව තහවුරු කිරීමට රුසියානු ගුවන් හමුදාව යෙදවීමට ගෙන ආ යෝජනාව මේ ගොල්ල ප්‍රතික්ශේප කලා " දැන් ඉතින් වෙන කුමක් කරන්ඩද තමයි.... "
    මට හිතෙන විදිහට මෙතන ගොඩබිමේ සටනක් වෙන්නෙ නෑ මුලින්ම උඩින් ගහලා දීර්ඝකාලීනව ඉරානය දුර්වල කරලා දේශපාලන උපක්‍රමයක් මගින් ( මීට පෙර මොහොමඩ් මොසාඩෙක් බලයෙන් පහකල ආකාරයෙන් ) වැඩිය අතපුච්ච ගන්නෙ නැතුව ගේම් එක ක්ලෝස් කරයි ..........

    ReplyDelete
  6. ඉතා හොඳ පෝස්ට් එකක්.thax!

    ReplyDelete
  7. මුස්ලිම් ලොක්කන්ට තිබෙන්නේ කයිවාරු විතරයි. දැන් බලන්න, සදාම් හුසේන් ඉරාකයට ගහන්න ඔන්න මෙන්න තිබෙද්දී කිවේ මොකද්ද? කීවේ, අපේ රටට ගැහුවොත් තොපේ අවසානේ තමයි කියල නේ. ඒ උනාට ඔකාව අවසානයේදී අල්ලාගත්තේ මීයෙක් වගේ මීයන් රිංගලා ඉන්න පොඩි වලකින්. ඊටපස්සේ ගඩාෆිගේ පොර ටෝක් බලපුහම පෙනෙන්නෙත් ඕකත් ඔය වගේ තමයි. ඕකවත් අන්තිමේදී අල්ලාගත්තේ ජල නලයක් ඇතුලතින්. බලාගෙන යනකොට උන් ඔක්කොම අල්ලගන්නේ මීයන් වගේ මී වලවල් වලින්. අහමනිජඩ් ගැන කියන්න අත්තෙතේ ඕකම තමයි.

    ReplyDelete
  8. මේක නේ, මුස්ලිමුන් කෆිර්ලාට නැතහොත් මුස්ලිම් නොවන අන්යගමිකයන්ට අවඥාසහගත විදියට කියන්නේ 'මීයන්' 'වදුරන්' ලෙස. විශේෂයෙන් යුදෙවුවන් ඔවුන්ට පෙන්නන්න බෑ. උන් යුදෙවුවන් දකින්නේ මීයන් වදුරන් ලෙසයි. එකයි දිට්ඨධම්ම වේදනීය කර්මය පල දීමක් වශයෙන් උන්ට මීයන්, වදුරන් ලෙස මියැදෙන්න සිද්ද වෙන්නේ. අනුන්ට අවඥා කලොත් එක තමන් දිහාවට එනවා කියලා උන් දන්නේ න. මේ මෑතකදී බංගලිදේශ ජාතික මුස්ලිම් ලේඛකයෙක් ලංකාවේ බුදු දහම ගැන පහත් විදියට පොතක් ලියලා තිබ්බ ආරංචියි. ඔහු ඒ පොතට නම දීල තිබ්බේ 'රාවනා දේශයේ මම සහ අපි' කියල. ඔහු ඒ පොතේ අපේ බුදු හාමුදුරුවෝ ගැනත්, බුද්ධාගම ගැනත් නොයෙක් වැරදි අදහස් ලියලා තිබ්බා ලු. එයින් එකක් තමයි, බුදු හැමදුරුවෝ කියන්නේ 'හිගන්නෙක්' කියලා. මුස්ලිම් වගේ උන්ට ඕන සල්ලි විතරයි නේ. ඉතින් තමන්ගේ අම්මලාට කෙලවලා හරි සල්ලි උපයන ජාතියක් බුදු හිමියන් වගේ ධනස්ඛන්ධ අත හැර දාපු ශ්‍රේෂ්ඨ කෙනෙකුව උන්ට පෙන්නේ 'හිගන්නෙක්' වගේ තමයි. ඉතින් මට කියන්නේ ඇත්තේ මේ කියන මෝඩ ලේඛකයත් කවදාහරි මියැදෙන කොට අපත හිගන්නෙක් විදියට තමයි මියැදෙන්නේ.

    ReplyDelete
  9. Obata Thawa Godaak Internatonal relations gana Igenaganeemata Sidhuwanu Atha. namuth Oba kiyana Bahutharayakma karuna Sasanndhala balookala Sathyai Yanu Watahenu Atha . namuth West Support korala Liyanne Nathiwa Aththa Athi satiyenma Liwwoth Thawath Obbta Dhigugamanak yeamata hakiwanu Atha Mithrayaaneni.

    Obata Jaya...

    Namuth Jaathiwaaadhee Aagamwaadhee Adhahas Liyana Comments methanin Iwathkireema Obagey wagekeemak Yanuwendha mathak Korami.

    Eath Ekkama Ananymogen Thambige meekamata Pilithurak dhennath Sithuni.

    Saddam Husssain Yudhdhe Kole World Super Power Ekka, Lankaawe Inna Badubalu Hinganno aRate Minussunge leybona ekaneyyako Koranne ??

    Anika Badu baku vaudhdha un Maha Thambinge Moothraa Nakaye Ellilane Inni... Wisheshayenma Irane Ahmedi najadge ....Aney moda SInhaala Jaathiwaadhiya....Umba Sinhalayek nemei, Gonek, mama dhannan Sinhalaun Umbawagey gon part Dhaanney naha Modayo...

    ReplyDelete