Thursday, November 24, 2011

කොයි රටෙත් ළමයින්ගේ ළමාකාලය එක වගේමය...

ඔබට ඔබගේ ළමා කාලය ගෙවූ සැටි මතකද? දැනට වසර 20 කට 30 කට පෙර අපගෙවූ ළමාකාලයට වඩා වෙනස් ළමාකාලයක් අද දරුවන්‍ට ගෙවීමට සිදුව තිබේ. එහෙත් අප ගත කල ළමා කාලය හා අපගේ වැඩිහිටියන් පවසන ඔවුන්ගේ ළමාකාලයේ මතක සටහන්වලට සමාන සිතුවම් පෙලක් අහම්බෙන් මට හමුවුනා. හැබැයි මේවායේ අයිතිකරුවන්නම් කවුරුන්දැයි කීමට නොදන්නේ ඒවා ලැ‍බුනේ විද්‍යුත් තැපෑලෙන් නිසයි.

කොහොමවුනත් අද ළමයි‍න්ගේ ළමාකාලය ළමයෙකුට උචිත ආකාරයෙන් ගතකරන්නට ඉඩ ලැබෙනවාදැයි ගැටළුවක්ද තිබේ. එය දෙමව්පියන්ගේ අවශ්‍යතාවය පරිදි තරඟකාරීබවකිනුත්, රූපවාහිනී හා වෙනත් වීඩියෝ වල දරුවන්ට දකින්නට ලැබෙන සංකිර්ණ දේවල් නිසා ඔවුන්ද ඒවා අනුකරණය කරන්නට පෙළඹී ඇති බවක්ද පෙනෙන අතර පරිගණකය ඔවුන්ට සමීපවීමත් සමග සරළ හා පරිසරයට හිතැති කුඩා දිවියකට වඩා පරිගණක ක්‍රීඩා වල නිරතුරු යෙදීමත් ඒවායේ චරිත ඔවුන්ගේ වීරයෝ බවටත් පත්ව ඇති බවක් ‍අද දකින්නට ලැබේ. ‍

කෙසේවෙතත් මේ පින්තූර වලින් පෙනෙන දේවල් වලින් ඔබටද ඔබේ ළමා කාලය මතක් කර ගැනීම පහසුවක් වනු ඇත.













8 comments:

  1. ලස්සන චිත්‍ර ටික දිනෙෂ්. මට අර මාළු අල්ලන දඟයව දැක්කම Tom Sawyer ව මතක් උනා. කියවලා ඇති මයෙ හිතේ.

    ReplyDelete
  2. බොහොම ලස්සනයි.ෆිල්ම් ගොඩක් බැලුව වගේ දැනෙනවා

    ReplyDelete
  3. එකකට එකක් දෙවැනි නැති පින්තූර ටිකක්...
    තෑන්ක්ස් දිනේශ්.

    ReplyDelete
  4. හැමෝටම ස්තූතියි මිතුරනි, වැඩ කටයුතු අධික නිසා පිළිතුර දීම ටිකක් ප්‍රමාද වී ඇත...

    ReplyDelete
  5. ඔයිට වඩා ලස්සන ළමා කාලයක් අපිට තිබුනා. ගොයම් කපන කාලයට රෑ එළිවෙනකම් පිදුරු ගොඩේ දඟලනවා. මි හරකුන්ට කන්න දෙන්න වතුර ගහන්න,ඇයි මීහරක් දක්කන්න. ඒ තනියෙන්ද නෑ ,යාළුවො 60 විතර. කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම. ඒ විතරද අවරුදු කාලයට ඇති වෙනකම් පිට්ටනි වල නටන්න , කැලේ ගිහින් ගඩාගෙඩි කඩාගන කන්න , දොලක බැහැලා නාන්න , ඒ ගමන් මාළු පැටව අල්ලන්න, ගොයම් කපපු කුබුරේ ක්‍රිකට් ගහන්න , කියලා නිම කරන්න බෑ. මේ දේවල් දිහා දෙමව්පියන් විමසිල්ලෙන් හිටියා. හැබැයි අද වාගේ දරුණු විදියට පාලනය කලේ නෑ. අද ළමයින්ට ඒවා නෑ. අද තියෙන්නේ කොම්පියුටර් , වීඩියෝ ගේම් , කොටින්ම ළමයින්ට හුස්මක් ගන්න වෙලා වක් නෑ . එහෙම කොරන්න දෙන්නෙත් නෑ. ඉතින් අපිට තිබුණු ළමා කාලය අද ළමයිනට නැහැ. ඇත්තම කිව්වොත් එක ඒ ගොල්ලන්ගේ අවාසනාව. මම මේ යියන දේවල් බොරුද කියලා අහන්න ගමේ ඉපදුනු අයගෙන් .

    ReplyDelete
  6. ළමා කාලය හරිම පිවිතුරුයි. මගෙත් ළමා කාලය මට සිහිවුණා.එත් අද අපේ ළමයින්ට ළමා කාලයක් තියෙනවාද කියන එකත් ප්‍රශ්නයක්.ළමයා යනු අද දවසේ වෙළෙඳ පොලේ භාණ්ඩයක් වගේ .වඩාත් නිවැරැදි කියනවා නම් ළමයා හොඳට මාකට් වෙනවා කියලා කිව්වොත් හරි .පසුගිය සතියේ අපේ පත්තර ටික ගත්තොත් මේක හොඳටම තහවුරු වෙනවා.සත් සමුදුරේ පාඨකයන්ට ආරාධනා කරනවා ළමයින්ට තියෙන තවත් නොපෙනෙන අනතුරක් ගැන බලන්න www.pivisma.blogspot.com වලට පිවිසෙන්න කියා.

    ReplyDelete
  7. මාටත් ඉන්දිකගේ කතාව එක්ක ළඟ සම්බන්දකමක් තියෙනවා. තවමත් ඉඳලා හිටලා අදරෙන් මතක් කරන්න පුළුවන් මතක අපිට තියෙන්නෙත් ඒ හින්දම වෙන්න ඕනේ. අද අපේ ලමයි nintendo ds, wii, play station හා එකි නොකී ඒවා අස්සේ ඉන්නවා දකිද්දි දුකයිත් එක්ක.

    ReplyDelete
  8. මෙතන තියන පින්තුර ටිකේ ඇති සුන්දරත්වය තමා ඒවා පරිසරය සමග බද්ධ වී තිබීම. අද දරුවන්ට වෙලා තියන එකම දේ කියල මට හිතෙන්නෙ ඔවුන් පරිසරයට එකතු නොවීම. ඒ මගින් ජීවිතේට ලැබෙන සංවේදී භාවය ඔවුන්ට අත් ව්ඳින්න ලැබෙන්නේ නැහැ. අපිට ලැබෙන පොඩි වෙලාවක හරි අපි අපේ දරුවන්ව අවට පරිසරය එක්ක මුසු කරනවනම් ඔවුන්ට සුන්දර අත්දැකීමක් ලබාගන්න ඉඩ සලසා දෙන්න හැකි වේවි.

    ReplyDelete