Tuesday, August 23, 2011

සාහසික අපරාධ ගණනාවක සුලමුල හෙලිකල වෛද්‍ය නීති ක්‍ෂෙත්‍රයේ ඇතුලු පැත්ත - පෝරකය ඉවකල මිනිස්සු

අද කියන්නට යන්නේ පසුගිය දිනෙක කියවූ වෛද්‍ය නීති ක්‍ෂෙත්‍රයට අදාල පොතක් පිළිබදවයි මෙය ලියා තිබෙන්නේ ඩබ්ලිව්. ටී. එම්. මහින්දරත්න මහතායි. ඔහු මෙම ක්‍ෂෙත්‍රය සමග සක්‍රීයව සම්බන්ධවුන කෙනෙක්. ඒවගේම පුවත් පත් ගණනාවකට ඒ සම්බන්ධයෙන් ලිපිද ලියා ඇති ඔහු විසින් රචිත පොතක් තමයි මේ පෝරකය ඉවකල මිනිස්සු කියන පොත. සාහසික අපරාධ ගණනාවක සුලමුල හෙලිකල වෛද්‍ය නීති ක්‍ෂෙත්‍රයේ ඇතුලු පැත්ත තමයි එහි තේමාව විදියට දක්වලා තියෙන්නේ. මෙහි වැඩිපුරම ලංකාවේ සිදුවුන සාහසික මිනී මැරුම් රැසක් පිළිබදව වගේම විදේශ රටවල සිදුවූ මිනී මැරුම් ආදිය ගැනත් පොතේ සදහන්. කෙටි වුවත් එවැනි සිදුවීම් තිස් ගණනක් මෙහි තිබෙන අතරම උපග්‍රන්ථයේ මෙම ක්‍ෂෙත්‍රයට අදාල ක්‍රමවේදයන් හා තාක්‍ෂනික පැති රැසක් ගැනද සදහන් වෙලා තිබීම ගැනත් ඔබට දැන්විය යුතුමයි. ඉතින් ඔබ මේ අංශයට සම්බන්ධ කෙනෙක් නම් හෝ එවැනි දේ ගැන කියවන්න කැමති කෙනෙක් නම් කියවුවාට වරදක් නැති හොද පොතක් කියල මෙය කියන්න පුළුවන් මෙම පොත ගැන තවදුරටත් දැනගන්න අවශ්‍ය කරුණු පහත දක්වා තියෙනවා.

ප්‍රකාශකයෝ - වාසනා ප්‍රකාශකයෝ
ISBN අංකය - ISBN 955-655-087-9
පොතේ මිල - රු.350/=

(මෙම පොතේ කිසිදු කොටසක් කතෘවරයාගේ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම් ලෙස දක්වා තිබුන අතර පොත පිළිබදව වඩාත් පැහැදිලිව දැක්වීම සදහා එහි තේමාව වන "සාහසික අපරාධ ගණනාවක සුලමුල හෙලිකල වෛද්‍ය නීති ක්‍ෂෙත්‍රයේ ඇතුලු පැත්ත" යන්න යොදා ගැනුනි).