මේ මාතෘකාවෙන් පැවසුන විදියට 20 වන සියවසේ ලොකුම ඇමරිකානු අභිරහස මොකක්ද කියල කියනවානම් එය තමයි ජනාධිපති ජෝන් එෆ් කෙනඩි ඝාතනය. මීට වසර 50 කට යන්තම් වැඩි කාලයකදී, එනම් 1963 නොවැ. 23 වනදා දහවල් 12.30 ට ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ, ඩලාස් නගරයේ, Dealey Plaza නම් ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූ එරට නායකයාගේ වියෝව සමග ඇමරිකාව තුල සාමාන්‍ය ජනතාවටද දැනෙන බොහෝ සුභවාදී වෙනස්කම් රැසකද අභාවයට හේතුවක් වූ බව බොහෝදෙනෙක් විශ්වාස කරන දෙයක්.
එදා ටෙක්සාස් හි ඩලාස් හි මහමගදී වෙඩි ප්‍රහාර තුනකින් මෙම ඇමරිකානු බලාපොරොත්තුවේ මුදුන් මූලය ඉදිරී වැටුන බව සදහන් වූවත් එය නොපිළිගන්නා පිරිස් අදටත් වෙති. පැවසූ පරිදි මෙම වෙඩි ප්‍රහාර ත්‍රිත්වයෙන් මුල් වෙඩිල්ල වැරදුන අතර දෙවැන්න ජනපති කෙනඩිගේ උගුර හරහා ගමන් ගත් අතර තෙවැන්න ඔහුගේ හිසටම එල්ල වූවා. එසැනින් ඉබිගමනින් ගමන් ගත් ඔහුගේ රථය වේගයෙන් කිට්ටුම රෝහල වූ පාර්ක්ලන්ඩ් අනුස්මරණ රෝහල වෙතට ගමන් ගත් අතර එදින දහවල් එකට කෙනඩි ජනපතිවරයා මිය ගිය බවට නිලවශයෙන් දැනුම් දෙනු ලැබුවා. ජනපති කෙනඩිට අමතරව, කෙනඩිට ඉදිරි අසුනේ ගමන්ගත් ටෙක්සාස් ආණ්ඩුකාර ජෝන් කොනලිද මෙම වෙඩි ප්‍රහාර වලින් තුවාල වලට ලක්වූ අතර මෙහිදී ජනප්‍රියම සිද්ධාන්තයක් වූ "Magic Bullet" හෙවත් "Single Bullet Theory" සංසිද්ධියද කරලියට ආවේය ඒ ජනපති කෙනඩිගේ උගුර හරහා ගිය වෙඩි උණ්ඩය සම්මත ගමන්මාර්ගයද වෙනස් කරමින් අංශක ගණන් වලින් හැරෙමින් ගමන් කර ටෙක්සාස් ආණ්ඩුකාරවරයාද තුවාල කළ බවටයි.
මෙයද නොපිළිගන්නා පිරිස බහුතරයක් වන අතර ඔවුන්ගේ තර්කය වනුයේ මුලින් කී වෙඩි උණ්ඩවලින් මඟහැරුන ප්‍රහාරය ලෙස සැලකෙන පළමු උණ්ඩය ගමන් කළේ කොනලිට තුවාල සිදුකරමින් බවටයි. එසේම තවකෙකු පවසන්නේ පළමු උන්ඩය කෙනඩිගේ උගුර හරහාද, එයින් පසු ඔහු උගුර අල්ලාගෙන එක්පසකට නැවෙන නිසා දෙවන වෙඩිල්ලට නිරාරණය වූයේ කොනලි බවත්ය. කෙසේවෙතත් තෙවැන්න ජනපති කෙනඩිට මාරන්තික ප්‍රතිඵල ගෙන දුන්න බවක් පැවසුනද? එම වෙඩිල්ල තබනු ලැබුවේ වෙඩික්කරුවා සැඟවී සිටි බවට සැලකෙන ටෙක්සාස් පාසල් පොත් ගබඩාවේ සයවන මහලින් නොව කෙනඩිට ඉදිරිපසින් තිබූ තණගෛාල්ලට (Grassy Knoll) යාබද ලී වැටට මුවාවී සිටි ඝාතකයා විසින් කෙනඩිගේ දකුණු නලලම ඉලක්ක කර බවටයි.
ප්‍රභල ලෙස සැකයට පාත්‍ර වූ අදාල Grassy Knoll නම් ස්ථානය |
මෙම අභාග්‍ය සම්පන්න සිදුවීමෙන් පසුව, ඇමරිකානු ජනපතිපුටුව භාරවූ කෙනඩිගේ උපජනාධිපති ලින්ඩන් බී ජොන්සන් සපථ කර සිටියේ කෙනඩිගේ ඝාතනයට සම්බන්ධ සියල්ලම සොයා ගන්නා බවයි. ඔහු එම පොරොන්දුව ඉටු කරමින් ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු Earl Warren ගේ සභාපතීත්වයෙන් යුතු කොමිසමක් පත් කළ අතර සුප්‍රසිද්ධ Warren කොමිසම නම් වූයේ එයයි. එහෙත් එම නම එම කොමිසමේ නිල නාමය නොවීය. එහි නිල නාමය වූයේ The President's Commission on the Assassination of President Kennedy යනුවෙනි.
සභාපතිවරයාද ඇතුළුව කමිටු සාමාජිකයන් හත් දෙනෙකළ ප්‍රධාන උපදේශකවරයෙකු, අතිරේඛ උපදේශකයන් 14 දෙනෙකු සහ සහායක කාර්යය මණ්ඩලයේ 12 දෙනෙකුගෙන්ද සමන්විතවූ මෙම කමිටුවේ අවසාන වාර්තාව පිටු 889 ක් විය. මෙම වාර්තාව 1964 සැප්. 24 වනදා ජනපති ලින්ඩන්ට ලබා දුන් අතර එයින් දින තුනකට පසු එය පොදුවේ සියල්ලටම බලා ගැනීමට එළි දක්වන ලදි. මෙම කමිටුවේ අනෙකුත් කැපී පෙනුනම සාමාජිකයන් ලෙස 70 දශකයේදී ඇමරිකාවේ 38 වන ජනපතිවරයා බවට පත්, එවකට සෙනෙට් සභිකයෙකු වන ජෙරල්ඩ් ෆෝර්ඩ් සහ අසාර්ථක Bay of Pig මෙහෙයුමෙන් පසු සේවයෙන් ඉල්ලා අස්වීමට ජනපති කෙනඩි විසින් බලකරනා ලද CIA ප්‍රධානී Allen Dulles දැක්විය හැකි අතර ලින්ඩන් බී ජොන්සන්ගේ හිතෛශියෙකු සේම කෙනඩි විසින්ම ඉවත්කරන ලද හිටපු CIA ප්‍රධානියා කෙනඩි පිලිබදව යහපත් ආකල්පයකින් නොසිටින පුද්ගලයෙකු වීමට ඉඩකඩ ඇති නිසා, ඔහු මෙහි සාමාජිකයෙකු වීම මෙම කොමිසමේ ක්‍රියාකාරීත්වය හා එහි අවසාන ප්‍රතිඵලය සැකසහිත වීමට එක්තරා අයුරිකින් සහේතුක විය.
අනෙක් අතින් කොමිසමේ ක්‍රියාකාරීත්වය අනුව ඔවුන්ට අවශ්‍ය වූයේ කෙනඩි ඝාතනයේ වගකීම මුළුමනින්ම නිල ඝාතකයා ලෙස සැලකුන ලී හාවී ඔස්වල්ඩ් විසින්ම කළ බවට තහවුරු කිරීම මිස මෙම ඝාතනයට හේතුවු යථාර්ථවාදී කාරණා සහ මෙයින් විපුල ඵල නෙලා ගන්නේ කවුරුන්ද යන්ද සත්‍ය වශයෙන්ම සොයා ගැනීම නොවූ බවට සැක සහිත කාරණා බොහෝ ඇති කළේය. උදාහරණයක් ලෙසට කෙනඩි ඝාතනයෙන් යන්තම් දින දෙකකට ආසන්න කාලයකදී, ලී හාවී ඔස්වල්ඩ්ව, ඩලස් පොලිස් ස්ථානයේ බිම් මහලේදී ඝාතනය කළ, රාත්‍රී සමාජ ශාලා හිමිකරුවෙකු හා ඇමරිකානු මාෆියා සංවිධාන සමගද සම්බන්දකම් තිබු බවට සැලකෙන ජැක් රූබීගෙන් සත්‍ය හෙළිකර ගැනීමට තිබු අවසාන අවස්ථාවද හිතාමතාම පැහැර හැරියාදෝ යන සාධාරණ සැකයක් තිබේ. මන්ද තමන් මේ කෙනඩි ඝාතනයේ අගමුල තැන් ගැන දන්නා බවත් එය මෙහිදී එනම් ඩලස් සිපිරි ගෙය තුලදී හෙළ කළ නොහැකි බවත්, තමන් වොෂින්ටන් වෙත රැගෙන යන්නේ නම් එම කාරණා හෙළි කිරීමට සූදානම් බව මෙම කොමිසමේ සාමාජිකයන් වන සභාපති වොරන් විනිසුරු සහ සෙනෙට් සභික ජෙරල්ඩ් ෆෝර්ඩ් ඔහුගෙන් සාක්‍ෂි විමසීමට ගිය අවස්ථාවේ ප්‍රකාශ කරන ලදි. එහෙත් ඔවුන් එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර පවසන්නට දෙයක් තිබේ නම් මෙහිදීම පවසන ලෙස බලකරනවා විනා සත්‍ය කෙසේ හෝ දැන ගැනීමේ අවශ්‍යතාවයක් නොවූ බවට මතයක් තිබේ.
කෙනඩි ඝාතනයට සම්බන්ධ යයි සැක කළ බොහෝ දෙනෙකු කෙනඩි ඝාතනයට පසුව විවිදාකාර හේතුන් නිසා අභිරහස් ලෙස මරණයට පත්වීම හෝ අසාධ්‍ය රෝගාබාදවලට ලක්ව මියයාම හෝ අතුරුදන් වීම සිදුවූ අතර විශේෂ අසනීපයකින් නොසිටි මෙම ලී හාවී ඔස්වල්ඩ් ඝාතකයාද පිළිකාවකට ගොදුරුව 1967 ජනවාරි 03 වනදීන මියගියේ තවත් සැකසංකා ඉතිරි කරමිනි. ඔහු තම රෝගය අසාධ්‍යව මියගියේදී ඩලස් හි පාර්ක්ලන්ඩ් අනුස්මරණ රෝහලේදී වන අතර ඔහු විසින් වෙඩි තබන ලද ලී හාවී ඔස්වල්ඩ්ද මිය ගිය අතර ජනපති කෙනඩිගේ අභාවය නිලවශයෙන් ප්‍රකාශ කිරීමද එහිදීම සිදුවීම දෛවෝපගතය.
කෙනඩි ඝාතනයත් සමග සැක සහිත බව කියවෙන ලී හාවී ඔස්වල්ඩ් සේම, ඇමරිකානු හමුදාවේ හිටපු මේජර්වරයෙකු සහ පසුව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ Clay Shaw, හිටපු ගුවන් හමුදා භටයෙකු වන David Ferrie, හිටපු FBI ඒජන්තවරෙයකු වන Guy Banister ඇතුළු තවත් කිහිපදෙනෙකු පිළිබදව මෙම බිහිසුනු ඝාතනයේ හවුල්කරුවන් වූ බට, මෙම ඝාතනය සම්බන්ධයෙන් තනිවම යුක්තිය ඉටුකරළිම උදෙසා සටන් කළ නිව්ඕර්ලියන් ප්‍රාන්තයේ ප්‍රධාන නීති නිලධාරී Jim Garrison ගේ පැසසුම්සහගත ක්‍රියාදාමයේදී හෙළිවූ කරුණුය.

1939 ඔක්. 18 දින ඇමරිකාවේ උපත ලද ලී හාවී ඔස්වල්ඩ් තරුණ වයස එළඹෙත්ම ඇමරිකානු නාවික හමුදාවට බැදී මැරීන් භටයෙකු ලෙස සේවය කරනු ලබන්නේ ජපානයේ වන අතර ඒ රේඩාර් යන්ත්‍ර නිරීක්‍ෂකයෙකු ලෙසිනි. සත්‍යවශයෙන්ම පවසනාව නම් ඇමරිකාව විසින් රහසිගතව පවත්වාගෙන ගිය ජපාන ගුවන් හමුදා කඳවුරක සිට ඔහු නිරීක්‍ෂනය කරනු ලබන්නේ, ඇමරිකාව විසින් සෝවියට් දේශයේ රහස් බැලීම සදහා දියත් කරනු ලබන U-2 ඔත්තු බලන ගුවන් යානා වල මෙහෙයුම් පිළිබදවයි. 1959 ඔක්. දී ඔහු සෝවියට් දේශයට යන අතර එහිදී ඔහු ඇමරිකානු තානාපති කාර්යාලය වෙතට ගොස් සිය ඇමරිකානු පුරවැසිභාවය අහෝසිකරන ලෙසත් තමන් එතැන් පටන් සෝවියට් පුරවැසියයෙකු ලෙස කල්ගත කරන බවත් පවසන්නේ ඇමරිකානු නිලධාරීන් තවදුරටත් මෙම තීරණය පිිළිබදව සලකා බලන ලෙසට කරන ඉල්ලීමද පසෙකලමිනි. ඔස්වල්ඩ් ඉන්ඉක්බිති සෝවියට් නගරයක් වන මින්ස්ක් ආශ්‍රිතව වාසය කරමින් සිටින අතරවාරයේ එහි සිටි රූමත් තරුණියක වන මරිනා නිකොලයෙව්නා සමග ඇතිවන මිත්‍රත්වය කෙළවරවන්නේ ඇය ඔහුගේ බිරිද බවටද පත්වෙමිනි.
ඔස්වල්ගේ ජීවිතය, ක්‍රියාකාරීත්වය යනාදිය සෑමවිටකම තවදුරටත් තේරුම්ගත නොහැකි අභිරහසක් බව පසක් කරමින් ඔහුට 1962 ජූනි මාසයේදී නැවත ඇමරිකාවට පැමිණිමට අවසර ලැබෙන්නේ ඔහු විසින් වරක් ප්‍රතික්‍ෂේප කළ පුරවැසිභාවයද නැවත ලැබෙමින් පමණක් නොව සිය බිරිද හා ඒ වන විට ඔවුන්ට ලැබී තිබු දරුවන් දෙදෙනාටද ඇමරිකානු භූමියට පිවිසීමේ වරමද උදාවෙමිනි.
මෙයද ගැටළුකාරී තත්ත්වයකි. සීතල යුද සමයේ තමන්ට පසමිතුරන් වූ ප්‍රධානතම රටේ වාසයට ගිය සහ තමන්ගේ සංවේදීම තොරතුරු කිට්ටුවෙන්ම ඇසුරු කළ හමුදා සාමාජිකයෙකුට එසේ පහසුවෙන්ම නැවත සියරටට පැමිණීමට ඉඩකඩ ලබාදීමද ප්‍රශ්නකාරී තත්ත්වයකි. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ඇතමෙකු පවසන්නේ කෙනඩි ඝාතනයට මුලසිටම සැකයට පාත්‍රවූ CIA සංවිධානයම ඔස්වල්ඩ් කල්ඇතුවම සෝවියට් දේශයට යවා ඔහු සමාජවාදියෙකු බවට බෞතීස්ම කොට දුරතියාම සැලසුම් කළ කෙනඩි ඝාතනය කස්ත්‍රෝ පක්‍ෂපාතී අයෙකු විසින් කළ බවට ඒත්තු ගැන්වෙන සේ කටයුතු සම්පානදනය කළ බවටයි. මේ බවට තවත් ප්‍රභල සාක්‍ෂි සපයමින් ඔවුන් පවසන්නේ 1963 අගෝ. 16 වනදා නිව්ඕර්ලියන්ස් හිදී ප්‍රසිද්ධියේම “කියුබාවට අතනොපවනු“ තේමාව යටතේ කියුබාවට පක්‍ෂපාතී පත්‍රිකා බෙදීමටද ලී ඔස්වල්ඩ් සම්බන්ධවීම සහ එහිදී කියුබානු විරුද්ධවාදීන් සමග ඇතිවුන ගැටුම් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීම තුලින් ව්‍යාජ කස්ත්‍රෝ පක්‍ෂපාතීත්වය සහ කෙනඩි පරිපාලණයට ඔහුගේ ඇති අකමැත්ත සම්බන්ධයෙන් නිල වටිනාකමක් ලබා දීමට කටයුතු කළ බවටයි.
("Had I been able to reach the Soviet Embassy in Havana, as planned, the embassy there would have had time to complete our business.")
ලී ඔස්වල්ඩ් හාවිට කියුබාවේ සෝවියට් තානාපති කාර්යාලයේදී ඉටුකරගැනීමට තිබූ එම වැදගත් කාර්යය කුමක්ද?
වොරන් කොමිසම පමණක් නොව එම කොමිසම පිළිබදව පැන නැගුන විවේචන නිසා කෙනඩි ඝාතනය ගැන 1976 පත් කළ සහ 1978 දක්වා විමර්ශන කටයුතු කළ The United States House of Representatives Select Committee on Assassinations (HSCA) කොමිසම පවා අවසාන වශයෙන් පැවසුවේ ලී ඔස්වල්ඩ් හාවි හෝ එම නම දරන වෙනත් අයෙකු මැක්සිකෝවේ අගනුවර මෙම කාල සිද්ධියට අදාල කාලසමයේ සිටින්නට ඉඩ ඇතිමුත් ඔහු කියුබානු තානාපති කාර්යාලයෙන් උක්ත කාරණවලට අදාල ක්‍රියාකාරකම් සිදුකළ බවට සොයාගැනීමට ප්‍රමාණවත් දත්ත නොමැති බව හෝ සොයාගැනීමට නොහැකි බවයි. එය එසේ වුනිද? නැතහොත් වොරන් කොමිසම මෙන්ම එයට වඩා එහා ගිය සාධනීය මෙහෙවරක් ඉටුකළ HSCA කොමිසමට පවා තවදුරටත් අදාල ඝාතනයේ සැබෑ ඝාතකයන් ආරක්‍ෂා කරලීමට සත්‍ය සැඟවීමට යම්හෙයකින් අවශ්‍ය වුනිද?
තවත් මූලාශ්‍ර වල සදහන් පරිදි ඔහු නිව්මෙක්සිකෝ නගරයේදී කියුබානු තානාපති කාර්යාලයට පමණක් නොව මෙක්සිකෝවේ පිහිටි සෝවියට් තානාපති කාර්යාලයටද ගොස් තිබූ බව සදහන් වේ. මේ බව හොදින් සදහන් වන මූලාශ්‍රයක් ලෙස ඔස්වල්ඩ්ගේ ජීවිතයේ අවසාන පැය 48 පාදක කර ගනිමින් තැනූ 48 Hours to Live වාර්තමය චිත්‍රපටිය දැක්විය හැකි අතරම එහි සදහන් පරිදි සෝවියට් තානාපති කාර්යලයට ගොඩවැදුනා පමණක් නොව ඔහු එහිදි එවකට සෝවියට් රහස් අංශය වූ KGB සංවිධානයේ නියෝජිතයෙකුද හමුවිය. ඔහු නමින් Valeriy Kostikov වූ අතර එම නියෝජිතයා සාමාන්‍ය අයෙකු නොව බටහිර යුරෝපයේ දේශපාලනික වශයෙන් තමන්ගේ රටට තර්ජනය විය හැකි ක්‍රියාදරයන් ඝාතනය කිරීම හෝ පැහැර ගැනීම භාරව සිටි තැනැත්තෙකු බවද පැවසේ. ඔස්වල්ඩ්ගේ මෙම සියළු ක්‍රියාකාරකම් CIA සංවිධානය අනිවාර්යයෙන්ම දැනසිටිය යුතුය. මන්ද එක් අතකින් එම සංවිධානය ප්‍රභල ලෙස මෙක්සිකෝවේ ක්‍රියාත්මක වූවා පමණක් නොව කියුබන් සහ සෝවියට් තානාපති කාර්යාල වල ක්‍රියාකාරීත්වයන් කෙසේ හෝ නිරීක්‍ෂනයට ලක්කිරීම ඔවුන්ගේ ප්‍රධාන කාර්යයක් වූවාටද සැකයක් නොමැතිවිය යුතුමය. CIA සංවිධානය මේ සම්බන්ධයෙන් පරස්පර තොරතුරු ඉදිරිපත් කළ බව පැවසේ. වරෙක ඔවුන් තම කැමරා මෙම අවස්ථාවේ දෝශ පැන නැගී අක්‍රීයව පැවසූ අතර තවත් විටෙක ඔස්වල්ඩ් ලෙස අදාල තානාපති කාර්යාලවලින් පිටතට පැමිණෙන පුද්ගලයා අප මේ කතා කරන ලී හාවී ඔස්වල්ඩ් නම් නොවීය.
http://22november1963.org.uk/a-little-incident-in-mexico-city
http://www.edwardjayepstein.com/archived/oswald.htm
කෙනඩි ඝාතනයෙන් පසුව FBI ආයතනය කළ චෝදනාවක් වූයේ කලක පටන් තමන් නිරීක්‍ෂනය කළ ලී හාවී ඔස්වල්ඩ්ගේ මෙම මෙක්සිකානු සංචාරයේ පූර්ණ තතු තමන්ට CIA සංවිධානය විසින් නොදැන්වූ බවයි. CIA සංවිධානය තමන්ගේ රහස්, FBI ආයතනයට දැන්වීමට බැදී නොසිටියාද? නැත්නම් හිතාමතා එම රහස් දැන්වීමෙන් වැලකී සිටියාදඝ? එසේත් නැතහොත් FBI ආයතනය එම තොරතුරු දැන සිටියත් එම තොරතුරු , ලී ඔස්වල්ඩ් හාවිගේ ඝාතනයත් සමග ඉහලින් ආ නියෝගයක් අනුව ඔස්වල්ඩ් පිළිබදව පවත්වාගෙන ආ තොරතුරු ගොනුවඉක්මනින් විනාශ කරන ලෙස දැන්වූ අවස්ථාවේ එහි අන්තර්ගත වුනිද? මේ කාරණා වලට කිසිදා පැහැදිලි පිළිතුරක් ලැබුනේ නැත.
බොහෝවිට ඔබලාගෙන් බහුතරයක් James.P. Hosty පිළිබදව නොදන්නවා විය යුතුය. ඔහු FBI ආයතනයේ විශේෂ නියෝජිතයෙකු වන අතර ඔහුට පැවරී තිබූ රාජකාරිය බව පසුව පැවසුනේ ලී හාවි ඔස්වල්ඩ් සෝවියට් දේශයේ සිට 1962 දී නැවත සිය රටට පැමිණි පසු ඔහු පිළිබදව නිරීක්‍ෂනය කරමින් තොරතුරු රැස් කිරීමයි. මුලින් පැවසූ පරිදි ඔහුට ලී ඔස්වල්ඩ් හාවිගේ ලිපි ගොනුව ඔස්වල්ඩ්ගේ ඝාතනයත් සමග ඉහලින් ආ නියෝගයක් අනුව විනාශ කරන්නට සිදුවූ බව HSAC කොමිසමේදී සාක්ෂි දෙමින් පැවසූ අතර වොරන් කොමිසමේදී ඔහුගෙන් මේ පිළිබදව සාක්‍ෂි විමසීමක් සිදු නොකරන ලදි. එසේම තවත් විශේෂිත සිදුවීමක් වූයේ ඔස්වල්ගේ ඝාතනයට පසුව ඩලාස්හී FBI ආයතනයේ ශාඛාවේ රාජකාරී කරමින් සිටි ඔහුව කෙන්සාස් නගරයේ කාර්යාලය වෙත මාරු කර යැවීමයි. මෙම ශාඛා දෙක අතර දුර ආසන්න වශයෙන් කි.මී.814 කි.
http://en.wikipedia.org/wiki/James_P._Hosty
බාහිර ලෝකයට ලී හාවි ගේ සහ FBI ඒජන්තවරුන් අතර සබඳතාවය යහපත් එකක් සේ නොපෙනුන එකක් වූ අතර කෙනඩි ඝාතනයෙන් පසුව ඔහුගෙන් ප්‍රශ්න කරන අවස්ථාවේ ඉහත කී FBI ඒජන්තවරයා එම අවස්ථාවට සහභාගී වූ විට ලී හාවි ගේ ප්‍රතිචාරය නුරුස්නාසුළු එකක් වූවේය තවද ඔහු ප්‍රකාශ කර සිටියේ “ඇයි ඔහෙල් මගේ බිරිඳ පිළිබදව සැකයෙන් නිරතුරුව ඇයට කරදර කරන්නේ මන්දැයි“ යනුවෙනි. එහෙත් ඇතැම් තොරතුරු වල ඔස්වල්ඩ් සෝවියට් දේශයේ සිට පැමිණි අවස්ථාවේ සිට කෙනඩි ඝාතනය සිදුවන කාලය අතරතුර කාලයේදී නිව් ඔර්ලියන්හි පිහිටි FBI ආයතනයේ වාහන නවතන ගරාජයේදී එම නියෝජිතයන් නිරතුරු මුණගැසුන බවයි. එම ස්ථානය ඔවුන්ට අමතරව නාවික හමුදා බුද්ධි අංශ වල නිලධාරීන් සේම විවිද රහස් සේවාවන් හා සම්බන්ධ නිලධාරීන් නිතර පැමිණි බව සහ ඔවුන් ඔස්වල්ඩ් හා කතාබහ තිබූ බව එම ගරාජය හිමි හිමිකරුවා පසු කලෙක පවසා සිටියේය.
තවත් අතකින් කියවුනේ FBI ආයතනයේ ඇතැම් ව්‍යාපෘතිවල කටයුතු කිරිම සදහා ඔස්වල්ඩ් හට එම ආයතනයෙන් ගෙවීම් පවා ලැබුන අයෙකු බවටයි. එපමණක් නොව ඔහු CIA සංවිධානයේද නිත්‍ය නොවන එහෙත් එහි ඇතැම් මෙහෙයුම් සදහා සම්බන්ධ අයෙකු බවට සැකයක් තිබේ. ඒ බව සනාථ කිරීමට තුඩු දිය හැකි හේතු ගණනාවක් තිබේ. එනම්;
නිව් ඕර්ලියන්හිදී, FBI ආයතනයේ හිටපු නියෝජිතයෙකු වන Guy Banister සමග එක්ව කටයුතු කළේ ඇයි? පෞද්ගලික රහස් ඔත්තු සේවාවක් ලෙස පවත්වාගෙන ගිය එම කාර්යාලය Guy Banister සහ අනෙකුත් පිරිස පිටතින් කියුබාවට පක්‍ෂ ලෙසත් එහෙත් සත්‍ය වශයෙන් කියුබානු නායක ෆිඩෙල් කස්ත්‍රෝට එරෙහිව මෙහෙයුම් දියත් කරලීම සදහා අවශ්‍ය ආයුධ රැස්කිරීම හා නුදුරු අනාගතයේ කිසියම් ප්‍රහාරයක් එල්ල කිරීමට මානබලමින් සිටි අන්ත දක්‍ෂිනාංශික සහ CIA සංවිධානයේ අනුග්‍රහය ලැබූ කල්ලියක් බවට ප්‍රභල සැකයන් සහිත සාක්‍ෂි පසුව ඉදිරිපත් විය.
http://22november1963.org.uk/memo-was-oswald-an-fbi-agent
ලී හාවී ඔස්වල්ඩ් ඇත්තෙන්ම අත්අඩංගුවට ගැණුනේ ජනපතිවරයා ඝාතනයට සැකයෙන් නොව ජනපති ඝාතනයෙන් විනාඩි 45 කට පමණ පසුව සිදුවූවායැයි කියන පොලිස් නිලධාරී J.D.Tippit ඝාතනය සම්බන්ධයෙනුයි. ජනාධිපතිවරයාට ටෙක්සාස් පොත් ගබඩාව පිහිටි ගොඩනැගිල්ලෙන් වෙඩි තැබූ බවට ලැබුනු තොරතුරු වලට අනුව පරීක්‍ෂා කිරීමට පොලිස් නිලධාරීන් ඇතුළු ආරක්‍ෂක අංශ ඇතුල්වී එහි සේවය කරන්නන් පිළිබදව විමසීමේදී එක් අයෙකු එදින සේවයට වාර්තා කළත් නැවත නිසි අවසරකින් තොරව පිටව ගොස් ඇති බව හෙළිවිය. ඒ පුද්ගලයා නම් ලී හාවි ඔස්වල්ඩ් වූ අතර ජනපතිවරයාට වෙඩි තබා විනාඩි 15 ක් යත්ම කිසිවකු විසින් මේ පිළිබදව සැක සහිත පුද්ගලයෙකුගේ හැඩරුව පිළිබදව පොලිසිය වෙත ඔත්තුවක් ලබාදී තිබුනි. එහෙත් ඒ කවුරුන්දැයි සොයා ගැනීමට නොහැකි වූ අතර එම හැඩරුව සෑම අතකින්ම ගැලපුනේද ලී හාවි ඔස්වල්ඩ් හා සමානවයි.
වේටර්වරියක ලෙස සේවය කළ හෙලන් මාකම්, ඔස්වල්ඩ් විසින් පොලිස් නිලධාරී J.D.Tippit හට වෙඩි තබනු ඇසින් දුටු තැනැත්තියයි. පොලිස් සන්නිවේදනය ජාලය ඔස්සේ අදලා සැක සහිත පුද්ගලයා පිළිබදව තොරතුරු මුදා හැරීමෙන් පසු Dallas හි Central Oak Cliff පෙදෙසේ සෝදිසි කරමින් සිටියදී ඔස්වල්ඩ්ව දැකගන්නට ලැබුන අතර පොලිස් නිලධාරියා සිය රථයේ සිටම ඔහුට රැදෙන ලෙස පවසමි්න් රථයෙන් එලියට පැමිණ මදක් ඉදිරියට ගමනකරනවාත් සමග ඔස්වල්ඩ් විසින් සිය The snub-nosed Smith & Wesson "Victory" Model .38 Special revolver අවියෙන් වෙඩි තැබූ බව හෙලන් මාකම් සාක්‍ෂිකාරිනිය විසින් පවසන ලදි. එපමණක් නොව හදුනාගැනීමේ පෙරට්ටුවේදී ඇය විසින් ලී ඔස්වල්ඩ් හාවි අදාල වෙඩික්කරු බවට හදුනාගනු ලැබීමද සිදුවිය. ඇය ඇතුළුව දස දෙනෙකුට ආසන්න පුද්ගලයන් පිරිසක් විසින් ඔස්වල්ඩ් මෙම ඝාතනයට සම්බන්ධ බවට හදුනාගනු ලැබූ අතර එම අයගේ සාක්‍ෂි අනුව ඔස්වල්ඩ් විසින් වෙඩි වැදී බිම වැටී සිටි පොලිස් නිලධාරියා අසලට ගොස් ඔහුගේ හිසටම වෙඩි තැබූ බවද ප්‍රකාශ විය.
http://en.wikipedia.org/wiki/John_F._Kennedy_assassination_rifle
http://www.veteranstoday.com/2013/03/07/jfk-why-buell-wesley-frazier-was-erased-from-altgens6/

CIA සංවිධානය විසින් පෙන්වූ ඔස්වල්ඩ් |

තවත් කාරණා ඊලග ලිපියේදී