Thursday, August 22, 2013

ඕනෑම Windows සංස්කරණයකට ප්‍රයෝජනවත් පහුසකම් කිහිපයක් ලේසියෙන්ම කර ගන්නා ආකාරය...

අද කියන්නට යන මේ ඉඟි ඔබ කවර Windows සංස්කරණයක්භාවිතා කළත් ප්‍රයෝජනවත් වේවි. මේ කාර්යයන් බොහෝමයක් කරගන්නට තිබෙන්නේ Windows මෙහෙයුම් පද්දතියේ වැදගත්ම කොටසක් වන Registry Editor හරහා වූවත් ඔබට ඒ බැරෑරුම් කටයුත්ත සිදු නොකර එක් එක් File ක්‍රියාත්මක කර ගනිමින් පමණක් ඉටුකරගන්නා ආකාරය දක්වන්නම්. මෙහිදී පොදුවේ කිව යුත්තේ මේ සෑම වෙන් වෙන් වශයෙන් දක්වන  කේතයක්ම Notepad වෙත paste කර කැමති File name එකක් භාවිතා කරමින් එහෙත් ඒ සෑම file එකක් සදහාම Extension එක ලෙස .reg ලෙස (උදහරණයක් ලෙස Copy To.reg) ලෙස save කර ගැනීම සිදු කළ යුතුයි.

ඔබ දැනටම Windows 8 සදහා හුරු වී ඇත්නම් මේ දක්වන ක්‍රම බොහෝමයක් එහි File Explorer හි Ribbon හරහාම වුවත් කර ගත හැකිවුවත් ඔබ හොදින් පුහුණුව ඇත්තේ Right click  කිරීමෙන් ලැබෙන Context Menu හරහා කර ගැනීමට නම් එම Menu ට මෙම විධාන එකතු කර ගැනීමේ අවස්ථාව මෙමගින් සැලසේවි.

ඔබ File, Copy සහ Move කර ගන්නා අවස්ථාවල අනුගමනය කරනා පියවරයන් අඩු කර ගැනීමට Context Menu ට  Copy To සහ Move To යන විධානයන් තිබුනොත් පහසුවක් වේවි. මෙයට අදාල කේතයන් ඇතුලත් කර ගත යුතුවන්නේ Registry editor ට වූවත් එයට අතනොතබා මෙම කේතයන් Notepad file එකකට paste කර කැමති File name එකකින්, එහෙත් .reg Extension එක යටතේ save කර ගෑනීමෙන් හැකිය. අවශ්‍ය නම් Copy To සහ Move To යන විධානයන් සදහා වෙන වෙනම ගොනු සැකසිය හැකි වූවත් වඩාත් පහසුව සදහා එක ගොනුවක එම විධානයන් දෙකම ඇතුලත් කර ගොනුව මෙලෙස සාදා ගත හැකිය.

මෙන්න එම කේතය :
Windows Registry Editor Version 5.00
[HKEY_CLASSES_ROOT\AllFilesystemObjects\shellex\ContextMenuHandlers\Copy To]
@="{C2FBB630-2971-11d1-A18C-00C04FD75D13}"
[HKEY_CLASSES_ROOT\AllFilesystemObjects\shellex\ContextMenuHandlers\Move To]
@="{C2FBB631-2971-11d1-A18C-00C04FD75D13}"
  

 ඔබ Dos මෙහෙයුම් පද්දතියට කැමැත්තෙන් සිටින්නෙක් නම් හෝ යම් Folder ක් වෙත පියවරයන් අඩුවෙන්ම පිවිසීමට අවශ්‍යතාවයක් දකවන්නේ නම් හොදම විසදුම Context Menu සදහා Open Command Prompt කොටස එක් කර ගැනීමයි. එයට මෙම කේතය භාවිතා කිරීමට පුළුවන්.

Windows Registry Editor Version 5.00
[HKEY_LOCAL_MACHINE\Software\Classes\Folder\Shell\Command Prompt]
@=”Open Command Prompt”
[HKEY_LOCAL_MACHINE\Software\Classes\Folder\Shell\Command Prompt\Command]
@="Cmd.exe /k pushd %L"

එසේම ඔබට Context Menu සදහා Administrator ලෙස Command Prompt විවෘත කර ගැනීමට අවශ්‍යතාව සලසා ගැනීමට නම් මෙම කේතය භාවිතා කළ හැකිය.

Windows Registry Editor Version 5.00
[HKEY_CLASSES_ROOT\Directory\shell\runas]
@="Open Administrator Command Prompt Here"
"NoWorkingDirectory"=""
[HKEY_CLASSES_ROOT\Directory\shell\runas\command]
@="cmd.exe /k \"pushd %L && title Command Prompt\""
[HKEY_CLASSES_ROOT\Drive\shell\runas]
@="Open Administrator Command Prompt Here"
"NoWorkingDirectory"=""
[HKEY_CLASSES_ROOT\Drive\shell\runas\command]
@="cmd.exe /k \"pushd %L && title Command Prompt\""

3 comments:

  1. ස්තූතියි දිනේෂ්. ඕනම දෙයක් දැනගෙන හිටියට වැඩිවෙන්නෙ නෑ.


    මේකට අදාල නැති දෙයක් අහන්නම්. මම නම් සාමාන්‍යයෙන් අත්‍යවශ්‍ය නොවන සුළු වැරැද්දකින් මෙහෙයුම් පද්ධතියට හානි වෙන්න පුළුවන් කිසිම දෙයක් අත්හදාබලන්න යන්නෙ නෑ. වැඩ කරන කම්පියුටර් එකට අමතරව පරණ එකක් හරි තිබුන නම් මම ඔය ඕන එකක් අත්හදාබලනවා. දිනේෂ් ඔය විදියට එක එක ඒවා අත්හදා බලන්න වෙනම මැෂින් එකක් තියන් ඉන්නවද.

    ReplyDelete
  2. බොහෝ වෙලාවට භාවිතා කරන පරිගණකයම අවධානය ගනිමින් මේ වගේ අත්හදා බැලීම් වලට ලක්කරන අතරේ සමහර අවස්ථාවල වෙනත් පරිගණකයත් අත්හදා බැලීම් කරනවා...

    ReplyDelete
  3. එල එල . මම මේක කියවන ගමන්ම බලාගෙන කොටලා බැලුවා. වැඩ කරනවා .
    ටැංකියු !

    ReplyDelete