Thursday, February 21, 2013

ඇමරිකානු ඉංග්‍රීසි පාඩම - අංක.08

අටවෙනි පාඩම ආරම්භ කරමු.

(to) beat around the bush - කියන තියෙන දෙයක් කෙලින් කියන්නේ නැතිව වෙන වෙන දේවල් කියමින් වටේ යන එකට තමයි මෙහෙම කියන්නේ (to talk around the subject; to avoid getting to the point)
  • Kara beat around the bush for an hour, then finally told us she needed a ride to Kennedy Airport.
  • If you want something, tell me. Don't beat around the bush!
dime a dozen - සාමන්‍ය දේවල්/ විශේෂත්වයක් නැහැ‍/සුලභයි (so plentiful as to be nothing special; common)
  • Reality TV shows are a dime a dozen these days.
  • There are so many Starbucks coffee shops in Manhattan, they're a dime a dozen
  • If you're looking for a new suit, you shouldn't have a problem. Clothing shops in this town are a dime a dozen.

Good for you! - ප්‍රශංසාවට ලක් කිරීම (Good job! Well done!)
  • You won $100,000 on the TV game show Jeopardy? Good for you!
  • You passed your math test? Good for you!

hard times - කෙනෙක් යම් අසනීපයකට ලක්වීම, මුදල් අතින් හිඟපාඩුවට ලක්ව තිබීම, එහෙමත් නැත්නම් හිත‍වතෙකු අහිමිව දුකට පත්ව තිබීම හෝ වෙනයම් අසීරුවකට ලක්ව තිබෙන කාලයකට මෙලෙස හදුන්වයි.
(a time of difficulty)
  • Since his wife left him for her dentist, Dan has been going through hard times.
  • Nancy's family is going through hard times. Her father just lost his job.

(to be) in good spirits - සතුටින් පසුවනවා යන අරුත පෙන්වීමට යොදාගනී (happy; in a good mood)
  • After she won the tennis tournament, Elizabeth was in good spirits.
  • Sam was in good spirits after receiving his Christmas bonus.
  • I'm in good spirits today because I got a promotion at work.

made of money - ලොකු ධනවතෙක් යන්න දක්වයි  (very rich)
  • My neighbor is re-modeling his house to look like Versailles. He doesn't have good taste, but he certainly is made of money .
  • Max should be willing to loan you $10,000 to start your new business. He's made of money.
  • Renting an apartment on Park Avenue in Manhattan is difficult, unless you're made of money.
(to) make a splash - යමක් සම්බන්ධයෙන ජනප්‍රියත්වය ඉක්මනින් ලබා ගැනීම පෙන්වීමට මෙය යොදා ගනු ලැබේ. (to win popularity quickly)
  • Nicole's beautiful cousin Cecilia from Santo Domingo really made a splash at the high school dance.
  • Those new jeans really made a splash. All the kids are wearing them. 
  • Ted performed at his high school dance. He knew he'd made a splash when all the girls started singing along.
(to) pay (someone) back - ලබා ගත් ණයක් නැවත ගෙවීම (to repay a loan or debt)
  • Nicole paid her friend back the $10 she borrowed.
  • You can borrow $50, but don't forget to pay me back!
pipe dream - ඉටු කර ගත නොහැකි බලාපොරොත්තුවලට මෙසේ හදුන්වයි (an unrealistic hope)
  • Susan would like to move to New Zealand and write romance novels, but she knows that's just a pipe dream.
  • You want to become a famous actor on Broadway? That sounds like a pipe dream.
  • Susan thinks that Ted's plan to become a famous rock star is a pipe dream.


(to) shell out - ගෙවීම පිළිබදව තමයි පවසන්නේ හැබැයි වටිනාකමට වැඩියෙන් යන්න දැක්වීමට යොදා ගන්න පුළුවන් (to pay (often more than one would like))
  • Bob shelled out $5,000 for Nicole's piano lessons before she decided she'd rather play the flute.
  • How much am I going to have to shell out to get two ticket to the Rolling Stones concert?
  • Nicole wants to attend Yale, but her parents don't want to shell out $100,000 for the tuition.


(to) take (something) by storm - මේකෙනුත් කියන්නේ ජනප්‍රියත්වය ඉක්මනින් දිනා ගැනීම ගැනම තමයි (to win popularity quickly)
  • The play "The Producers" really took New York by storm.
  • That new restaurant really took Chicago by storm!
  • My friend's daughter paints beautiful pictures. In a few years, she'll take the art world by storm.
(that's or those are) the breaks - සිදුවන යම් අසුභදායක දෙයක් සම්බන්ධයෙන් ඔබට කිසිවක් කළ නොහැකි බව කියා පෑමට යොදා ගත හැක. (when something bad happens and you can't do anything about it)
  • By the time we got to the theater, the new Harry Potter movie was already sold out. Oh well, that's the breaks!
  • Your glasses fell on a rock and broke while you were fishing? Those are the breaks!
wise guy [slang] - අපි සමහර වෙලාවට කියන්නේ "මිනිහා හරි පණ්ඩිතයෙක්", ඒ කියන්නේ ඔහු හරි නුවණක්කාරයෙක් කියන එක නෙමෙයි අර ඕනවට වඩා උදුම්මගෙන ඉන්න එක හරි ඊට සමාන දේවල් කරන කෙනාට කියන්නේ. අන්න ඒකම තමයි මෙයිනුත් කියන්නේ. ඒ වගේම අනුන් සම්බන්ධයෙන් නිරතුරුවම සමච්චලයට කථා කරන අයටත් මෙය යොදා ගන්න පුළුවන් (a smart aleck; one who makes a lot of
sarcastic comments
)
  • When Mrs. Lee asked Joey what he wanted to be when he grew up, he said, "An adult." She told him not to be such a wise guy.
  • That clerk in the video store is a real wise guy. He's always making nasty comments about the customers.
  • Being a wise guy can be fun, but it might not make you popular with your teachers.
man of the hour - මෙයින් පවසන්නේ ඒ අවස්ථාවේ, හෝ ආසන්නම මොහොතේ වඩාත් අවධානය දිනා ගත් තැනැත්තා පිළිබදවයි.
1. A man in whose honor a gathering is held.
2. A man who is currently an object of public attention.

අටවැනි පාඩමත් අවසන්....

Monday, February 18, 2013

දුර්ලභ බෞද්ධ කරුණු රැසක් අන්තර්ගත පොත් දෙකක් සම්බන්දවයි...

අද ලිපියෙන් මේ ඉදිරිපත් කරන්නේ අප බො‍හෝදෙනෙක් නොදන්නා බෞද්ධාගමික කාරණා රැසක් අඩංගු පොත් දෙකක් පිළිබදවයි. මේ පොත් දෙකම පර්යේෂන නිබන්ධන ලෙස සැලකුවත් වරදක් නැහැ.

ඉන් පළමුවැන්න ආචාර්ය  චමින්දජී ගමගේ මහතා විසින් රචිත බුදු දහම, ලිංගිකත්වය සහ බෞද්ධ ප්‍රතිපදා මාර්ගය නම් පොතයි.







මේ දෙවන පොතයි.






Tuesday, February 12, 2013

විදුලිය නිපදවා ගැනීමට භාවිත කරන අමුතුම උපක්‍රම කිහිපයක් සමග පරිසර හිතකාමී නිර්මාණ කිහිපයක්

විදුලි බලය නිපදවීමට ලෝකයේ විවිද ක්‍රම භාවිතා කළත් ජල විදුලිය, සුළං, උදම් බලය, සූර්ය ශක්තිය හැරුන කොට ඛනිජ තෙල් දහනය හෝ න්‍යෂ්ඨික බලය භාවිතා කිරීම වියදම් අධික මෙන්ම පාරිසරික අවධානමක් ඇති ක්‍රම ලෙස නම් කළ හැකියි. මේ ක්‍රම වලට වඩා කුඩා පරිමාණයේ විදුලිය නිපදවීමේ ක්‍රම ලෝකයේ බෝහෝ ස්ථාන වල භාවිතා කළත් ඒවා පිළිබදව ලෝකයට දැන ගන්නට ලැබෙන්නේ අඩුවෙන්. මෙලෙස කුඩා පරිමාණයේ වගේම පාරිසරික වශයෙන් හිතකාමී ක්‍රම කිහිපයක් පිළිබදව අප එදිනෙදා භාවිතා කරන සම්පත් කිහිපයක් නැවත නැවත සහ පාරිසරික වශයෙන් හිතකාමී ලෙස භාවිතා කරන අවස්ථා කිහිපයක් ගැනත් ඔබට කියන්නට මෙම ලිපිය ලිව්වා.

නොමිලේ කා විදුලිය නිපදවා දෙන්න.
මෙසේ නොමිලේ සප්පායම් වී ඒ වෙනුවෙන් විදුලිය නිපදවාදීමේ අවස්ථාව ලබාදී තිබෙන්නේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර The Crowne Plaza හෝටලයේය. මෙම අවස්ථාව එහි නවාතැන් ගන්නා අමුත්තන්ට පමණක් ලැබෙන බව පවසන අතරම ඔවුන්ට නොමිලේ ආහාරපාන ලබා ගැනීමට $36 (26 euros; £23)ක වවුචරයක් ලබා දෙනු ලැබේ. මෙයට හිලව්වීමට ඔවුන් කළ යුත්තේ හෝටල‍යේ විදුලිය උත්පාදනය කිරීමේ යන්ත්‍ර අමුනා ඇති ව්‍යායාම බයිසිකලයක් පැද වොට් 10 ක විදුලියක් නිපදවාදීමයි.

මෙම දත්ත මැන ගැනීමට iPhones උපකරණ බයිසිකලයට සවිකර තිබෙන අතර කෝපන්හේගන් නුවර වැසියන්ගෙන් 30% ක් තම ශරීර සෞඛය ගැන සිතා බයිසිකල් පැදීමේ කාර්යයේ පුරුද්දක් ලෙස නියැලෙන නිසා මෙම වැඩ පිළිවෙල වසරක කාලයක් සදහා දියත් කළ බව අදාල හෝටලයේ පරිපාළනය පවසා තිබෙනවා.
http://news.bbc.co.uk/2/hi/europe/8621038.stm

කඩදාසිless, තීන්තless සහ සම්පූර්ණයෙන්ම Reusable මුද්‍රණ යන්ත්‍රය
‍කව්ද කියන්නේ computer printout එකක් ගන්න කඩදාසි, Toner/Ink ඕනමයි කියලා. දැන් එහෙම ඕන නැහැ. PrePeat කියන printer එක ඊට විසදුමයි.

මෙහි භාවිතා වෙන්නේ thermal head එකක්. ඒකෙන් විශේෂිත Polyethylene terephthalate හෙවත් PET කියන ප්ලාස්ටික් වර්ගයෙන් නිපදවූ පත්‍ර වර්ගයේ අදාල මුද්‍රණය සිදු කිරීමෙන් තමයි අපි සුපුරුදු ලෙස භාවිතා කරන මුද්‍රණ කාර්යය කර දෙන්නේ. මේ ප්ලාස්ටික් පත්‍ර මත ලියන දෙක් පහසුවෙන්ම මකා දැමිය හැකි නිසා නැවත නැවත ඒවා අදාල කාර්යයට යොදා ගන්න හැකි බවත් පැවසෙනවා. එය විවිද උශ්නත්වයන් යොදා ගෙන පත්‍රමත ලිවීමෙන් මකා දැමීම හෝ නැවත ලිවීමට හැකි බවයි පැවසෙන්නේ. කෙසේවෙතත් 1000 වාරයක් පමණ එක පත්‍රයක් මකමකා භාවිතා කළ හැකි බව පැවසෙතත් මේවාට යොදන්න වෙන බරපැන නම් සුළුපටු නැහැ.Printer මිළ $5,600 ක්. ඒ කියන්නේ රුපියල් වලින්ම ගත්තොත් දළ වශයෙන් රු.725,000/= ක් පමණ. ඒවිතරක්ද මේකට භාවිතා කරන ප්ලාස්ටික් පත්‍රයක මිළ $3.36 ක් (රු.450/= ක් විතර). ඉතින් අන්න ඒ බරසාර මිලත් දරන්න පුළුවන් නම් මේ Printer එක නරක නැහැ.

පරිසර හිතකාමී හරිත වර්ණ වහල
මේ හරිත වර්ණ අමුතුම වහල දකින්නට ලැබෙන්නේ සිංගපූරුවේ Nanyang තාක්‍ෂනික විශ්වවිද්‍යාලයේදිය. වහල මත පවා පොළම මත මෙන් නිදහසේ ඇවිදීමට හැකි තණකොල ඇති මතුපිට මෙන්ම එම ගොඩනැගිල්ලේ මධ්‍යයේ ඇති වැහිදියෙන්ම පිරෙන පොකුණු ආදිය නිසා දැනෙනා සිසිලසෙන් වායුසමීකරණ යන්ත්‍රවලට පැවරී ඇති වැඩරාජකාරී අවම කර ඇතිවාට සැක නැහැ.




ඔබ අත සෝදා ඉවත ලන දිය ජීවය රැකදෙන ගසකට ලබා දෙමු
පොලිශ් කරනා ලද කොන්ක්‍රීට් වලින් නිම කළ මෙම sink එක භාවිතයෙන් ඔබ අත සෝදා ඉවත ලන ජලය ඔබ ආසා කරන මල් පැලයට භාවිතා කළ හැකිය.


නට නටා විදුලිය නිපදවමු
මේක තිබෙන්නේ ලන්ඩන් වල Surya කියන bar එකේ වන අතර මෙහි පොළව සාද ඇත්තේ springs යොදා විශේෂ ආකාරයකටයි. මේ පොළම මත සිට ඉවක් බවක් නැතුව රෑට නටන විට ඇති වන තෙරපුම ආධාර කර ගනිමින් විදුලිය උත්පාදනය කරගනු ලැබේ.




දියකාවෙක් වගේ වතුර නනා හිටිය කාලය ඉවරයි?
නාන්න ගිහින් ඕනවට වඩා වතුර නාස්ති කරන එක වලක්වන්න  Tommaso Colia කියන නිර්මාණකරුවා අළුත් සොයා ගැනීමක් කරලා ඉවරයි. 

මෙය නමින් හදුන්වන්නේ eco_drop shower කියලයි. ඕනවට වඩා වතුර නාස්ති කරලා නානවානම් මේ පුවරු ඉහලට එසවිලා දැන් නැවා ඇතියයි ඔබට අඟවා මේ බාධක මැද ඔබට නාන එක එපා කරවාවි.

ඔ‍බගේ විදුලි නාස්තිය කේන්තියෙන් කියනා ස්විචය
බලශක්තිය ඉතිරි කරගැනීමත් දැන් කුඩා වියේ සිටම දරුවන්ට කියා දිය යුතු මාතෘකාවක් වෙලා. කුඩා දරුවන්ට මේ පාඩම කියාදෙන්න වගේම වැඩිහිටියන්ටත් අමතක වෙලා පැය ගානක් දල්වලා තියෙන විදුලි බුබුළු ගැන වර්ණවත් ලෙස අප්‍රසාදය පළ කරන්නට තැනූ ස්විචියක් ගැන තමයි මේ. මෙය නිපදවා තිබෙන්නේ Tim Holley නම් අයෙක් විසින් වන අතර ඔහු මෙය නම් කර තිබෙන්නේ Tio ලෙසයි. 

ටිකක් අමුතු හැඩයක් ඇති මෙම ස්විචය සම්බන්ධ විදුලි බුබුළු පැයකට අඩු කාලයක් දැල්වී පවතී නම් කොළ වර්ණයෙනුත්, පැය හතරකට වඩා නම් තැඹිලි සහ පැය අටකට වඩා නම් රතු පැහැයෙන්  ඇහැට දැනෙනා ලෙසත් වර්ණවත් වීම සිදුවන අතරේම මෙම ස්විච පරිගණකයකට ඒ වෙනුවෙන් තැනූ වැඩසටහනක් ආධාරයෙන් සම්බන්ධ කර ඇති නිසා කොපමණ විදුලිය ප්‍රමාණයක් ඉතිරි කළාද වැනි තොරතුරු දරුවන්ට සිත්ගන්නා සුළු ආකාරයකට දැන ගැනීමටත් සලස්වා තිබෙනවා. එම පරිගණක වැඩ සටහන ඔහු නම් කර තිබෙන්නේ “virtual tree” නමින්.


ස්ටේප්ලර් කටු නැති ස්ටේප්ලරය
අපි නොහිතුවට ස්ටේප්ලර් කටුත් පරිසරයට වදයක් බවයි පැවසෙන්නේ. මේ තත්ත්වය දුරු කිරීමට ස්ටේප්ලර් කටු භාවිතා නොවන ස්ටේප්ලරයක් නිපදවා තිබෙනවා.කටු වලින් අමුනනවා වෙනුවට එකට එකතු කිරීමට ඇවසි කඩදාසි වල සාදන කුඩා සිදුරක් සහ ඒවා එකට ඈදීමේ උපක්‍රමයක් මගින් කටුවලින් කරනා කාර්යය කරනා බවයි පවසන්නේ.

("cuts out tiny strips of paper and uses the strips to stitch up to five pieces of paper together."

ඔබගේ iPhone හි බැටරිය ආරෝපණයට විදුලි බලය අත්‍යාවශ්‍යම නැත!
මෙහි ඇති අඩුව වැනි උපකරණය මිරිකීමෙන් ඔබගේ iPhone හි බැටරිය ආරෝපණය කර ගත හැකි බව පැවසේ.

මේ වගේ සිය දහස් ගානක් නව සොයා ගැනීම් ඇති පරිසර හිතකාමී. අවස්ථාවක් ලැබුනොත් ඉදිරියේදිත් ඒවා කිහිපයක් ගැනවත් කතා කරමු.

Thursday, February 7, 2013

අමතක වූ දේශය - The Land That Time Forgot

මේ කියන්නට යන්නේ කම්මැලි නැතිව එකදිගට කියවිය හැකි පරිවර්ථන නවකතාවක් පිළිබදවයි. මෙය නමින් අමතක වූ දේශයයි. මෙය පරිවර්ථනය කර ඇත්තේ කුමාර සිරිවර්ධන මහතා විසින් වන අතර මෙම කෘතිය ඇත්තෙන්ම සම්පාදනය කර ඇත්තේ ලෝ පරසිඳු ගත්කතුවරයෙකු යන එඩ්ගාර් රයිස්බරෝස් මහතාගේ The Land that time forgot, The People that time forgot සහ Out of time's Abyss යන කෘති ත්‍රිත්වයම එකට එකතු කරලීමෙනුයි.






Wednesday, February 6, 2013

350 වන බ්ලොග් ලිපිය සමගින් ලෝකයේ ඔබ මෙතෙක් නොදුටු ස්ථානයක තොරතුරු - The Wieliczka Salt Mine (Polish: Kopalnia soli Wieliczka)

මාතෘකා‍වේ හැටියටම මේ සත් සමුදුරේ 350 වන බ්ලොග් ලිපියයි. වසර දෙකකදී බ්ලොග් ලිපි මේ සංඛ්‍යාවට වඩා තබන්නට හැකිවුනා නම් හොදයි කියලා හිතුනත් කාලය, වෙනත් වැඩකටයුතු හා සමහර වෙලාවට ලියන්න තියා ‍මොනවත්ම කරන්න තිබෙන කම්මැලිකමත් එක්ක මේ ඉලක්කමෙන් සතුටුවෙනවා. හැබැයි මේ ලියපු හැම ලිපියකම, සමහර විට ලියනවට වඩා පින්තූර වැඩියෙන් දැම්මත් ඔබට මොකක් හෝ දෙයක් හිතන්නට යමක් ඉතුරු කරන්නට ඇතැයි මම සිතනවා. එහෙනම් ඒ ගැන ඒ කෙටි සදහනත් එක්ක සමහර විට ඔබ මෙතෙක් නොදැන සිටි ස්ථානයක්, මෙය ලෝක උරුමයක්, ඒ එක්කම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුමයන් අතර ප්‍රධානම හා කැපී පෙනෙනම සංස්කෘතිකමය හා ස්වභාවික ලෝක උරුම 12 අතරේ තිබෙන ලෝක උරුමයක් වන ලුණු නිධියක තොරතුරු තමයි ඔබට රැගෙන එන්නේ.

වසරකට මිලියනයකට අධික දෙස් විදෙස් සංචාරකයන්ගේ තෝතැන්නක් වන මෙම ලුණු නිධිය මෙතරම් වැදගත්වනනේ එය අතීතයේ පටන් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයක් අසීමිතව ලබා ගැනීමට ඇති හැකියාව මෙන්ම එය සියවස් ගණනාවක් පුරා පරම්පරා කිහිපයක්ම එකිනෙකට සමාන හෝ වෙනස් සංස්කෘතික, සාමාජයීය සහ සාම්ප්‍රධායික සහ නූතන සබදතාවය එකිනෙකට යාකරන සිහිවටනයක් වන නිසයි.

පෝලන්තයේ දකුණු දිගට වන්නට පිහිටා ඇති Wieliczka නම් නගරයේ Kraków නාගරික ප්‍රදේශයේ භූගතව පිහිටා ඇති මෙම ලුණු නිධිය නම් කරනු ලබන්නේද Wieliczka ලුණු නිධිය ලෙසයි (“Wieliczka” Salt Mine - Polish: Kopalnia soli Wieliczka).

මේ එම නිධිය පිහිටා ඇති නගරබද ප්‍රදේශයේම ඇති පිවිසුම් ස්ථානයේ සේයාරූය.




මෙය ඇත්තෙන්ම පෝලන්‍තයේ අභිමානය ලෙස සැලකුවත් වරදක් නැහැ. යුනෙස්කෝව මෙය ලෝක උරුමයක් ලෙස නම් කර ඇත්තේ 1978 වසරේ සිටයි.

මෙම ලුණු නිධිය අදඊයෙක පටන් ගත් එකක් නොවෙයි. එහෙත් එය වර්තමානය දක්වාම එදා සිට කිසිදු බාධාවකින් තොරව පෝලන්තයට පමණක් නොව අසල්වැසි රාජ්‍යයන්ට පවා ලුණු සපයන්නේ 13 වන සියවසේ සිටයි.කොටින්ම කියනවා නම් දෙවන ලෝක යුද සමයේ ජර්මනියට පොලන්තය අත්පත්වීමෙන් පසුව ඔවුන් පවා මෙම නිධිය තම ලුණු අවශ්‍යතාව සපුරා ගැනීමට සහ අනෙකුත් යුද කටයුතු වෙනුවෙන් නිෂ්පාදන සදහා අමුද්‍රව්‍ය සපයා ගැනීමට යොදා ගෙන තිබෙනවා. කෙසේවෙතත් 2007 දක්වා ලෝකයේ පැරණිම මේස ලුණු නිශ්පාදකයා ලෙස මෙම නිධිය නම දිනාගෙන සිටි අතර රාජකීයන් සදහා Żupy krakowskie නම් කොටසින් ලුණු කනිනු ලැබූ අතර වෙළදාම සදහා අනෙකුත් කොටස් වලින් ලුණු කනිනු ලැබ තිබෙනවා. කෙසේවෙතත් 1996 සිට මෙම ව්‍යාපාරික කටයුත්ත වෙනුවෙන් ලුණු නිශ්පාදනය නවතා තිබෙන්නේ අතීතයේ ආහාර කල්තබා ගැනීමට ‍විදුලි බලය හා ශීතකරණ නොතිබූ නිසා ආහාර රසවත් කර ගැනීමට එදා මෙන් දැන් ඉල්ලුම අඩුනිසා ලුණු වලට ඇති මිල අඩුකම හා සමහර කොටස් වතුරෙන් යටවීම නිසයි.

මෙම භූගත පතලේ තවත් විශේෂත්වයක් වන්නේ අප සාමාන්‍යයෙන් දකිනා පතලක ඇති ගොරහැඩි බවට වඩා කලාත්මක බවක් මෙම පතල තුල තිබීමයි. ඔබට දැන් ගැටළුවක් පැන නගින්නට පුළුවන් අ‍නේකවිද දුක්කම් කටොළු ඇති අවධානම රජයන පතලක මොන කලාත්මක බවක්ද කියා. එහෙත් ඒ ගැටළුවට පිළිතුරක් ලබා දෙමින් මට කියන්නට තිබෙන්නේ, අතීතයේ පටන් මෙම පතලේ රාජකාරී කළ කලාකාමී පතල් කම්කරුවන් අතින් සහ එරට සිට කලාකරුවන් අතින්  මෙම පතලේ ඇති ලුණු ගල්ම උපයෝගී කරගනීමින් නෙළු කැටයම්, ප්‍රතිමා විශාල සංඛ්‍යාවක් පතලේ ඇති කාන්සිය මඟහරවමින්, පතලේ මතුපිටට වඩා සුන්දරයත්වයක් පතල තුලට එක්කරමින් පවතින බවයි.
 
 මෙම නිධිය තුල ‍කතෝලික දේවස්ථාන තුනක්ම අතීතයේ පටන් තිබේ.
 
 එසේම වර්ථමානයේ තවත් විවිද අංග මෙයට ඇතුලත්ව තිබේ. ඒ අතර ක්‍රීඩාගාර, මෙහි ඇති ස්වභාවික ලවණතාවය නිසා විවිද ලෙඩරෝගවලට සීමිත පිරිසකට ඒ ඇසුරෙන් ප්‍රතිකාර කරන මධ්‍යස්ථාන සහ විවිද විනෝද කටයුතු සදහා වෙන්කෙරුන ස්ථානයන්ද මෙහි පිහිටා තිබේ.
 
 


මෙම ස්ථාන ඉතා අලංකාර ලෙස නිමවා ඇති අතර පොළවට ලී අතුරා ඉහළින් අලංකාර ආලෝක පද්දති දුටු විට මෙය භූගත රජමාලිගයක් දැයි සිතෙනා තරමට වශීකෘතය.
 
 
 
 තවද මෙය තුල පොකුණු හා ඇල මාර්ගද පිහිටා ඇත.
 

මෙම පතලේ ගැඹුර අඩි 1,073 ක් හෙවත් මීටර් 327 කි. එහි ගමන් කිරීමට තිබෙනා දුර පමණක් කිලෝමීටර 300 ක් නැතහොත් සැතපුම් 190 කි. තට්ටු ලෙස ගත‍ හොත් තට්ටු නවයක් මෙම නිධිය තුල තිබේ. 

ලුණු පිළිබදව පැවසීමේදී ඔබ සුදු පැහ ක්‍රිස්ටල් මෙන් පෙනුමක් බලාපොරොත්තුවූවත් නිධිය තුල ලුණු පිහිටා අළු පැහැ ගොරෝසු  ග්‍රැනයිට් ආකාරයෙනි.

මෙම පතලේ සංචාරකයන්ට විවෘතව තිබෙන්නේ පතලේ මුළු දුර ප්‍රමාණයෙන් 2% ක පමණ ප්‍රමාණයක් හෙවත් කිලෝමීටර් 3.5 ක් හෙවත් සැතපුම් 2.2 කි. ‍පතල තුල බර දරාගැනීමට ඒ ඒ ස්ථාන වල අතීතයේ පටන් භාවිතා කරන්නේ ලී කොට වන අතර පියගැටද දැවයෙන් නිමවා ඇත්තේ මෙහි ඇති ලවණ ගතිය නිසා ලෝහ භාවිතයේදී දිරාපත්වීම කඩිනම් හෙයිනි. එසේම බැක්ටීරියා ක්‍රියාකාරීත්වය ලවණ නිසා අඩපන නිසා ලී දිරා යෑ‍මේ වේගයද අඩුය.
‍මේ මෙම නිධියට අදාල ලාංඡන හා සංකේතයි.



පහත දැක්වෙන මුලංශ්‍ර වලින් මෙම ලෝක උරුමයේ තොරතුරු රැසක් දැනගැනීමට හැකිබව සදහන් කරමින් 350 වන ලිපියද අවසන් කරමි.
 
 

මෙම අඩවියෙන් මෙම ස්ථාන පිළිබදව සංචාරක තොරතුරු සහ තවත් වැදගත් තොරතුරු ගණනාවක් දැන ගැනීමට හැකිය.
http://www.wieliczka-saltmine.com/visiting

තවද ඔබ කැමති නම් මෙම සබැඳිය හරහා Windows 7 සදහා වූ wieliczka theme එකද ලබා ගත හැකිය.
http://windows.microsoft.com/is-IS/windows/wieliczka-download-theme

මූලාශ්‍ර -