Friday, August 16, 2013

Windows 8 ඇති පරිගණකයක එම මෙහෙයුම් පද්දතිය ගැටළු ගෙන දෙන්නේ නම් ඔබගේ දත්ත backup කිරීමකින් තොරව හා Format කිරීමකින්ද තොරව ලේසියෙන්ම නැවත මෙහෙයුම් පද්දතිය ප්‍රතිෂ්ඨාපනය කර ගන්නේ මෙලෙසයි...

මේ කියන්න යන්නේ Windows 8 වලදී හදුන්වා දුන් අලුත් පහසුකමක් සම්බන්ධයෙනුයි. කාලයාගේ ඇවෑමෙන් ඕනෑම මෙහෙයුම් පද්දතියක් විවිද අඩපණ වීම් හෝ නොයෙකුත් අබාදයන්ට ලක්ව නැවත එම මෙහෙයුම් පද්දතිය පිහිටුවා ගැනීමට සිදුවන බව ඔබ අත්දැකීමෙන් දන්නවා ඇති. එවැනි අවස්ථාවලදී ඔබගේ සියළු දත්ත වෙනත් මාධ්‍යක් වෙත Backup කිරීමක් සිදුකර එම Partition එක Format කර ඒ කාර්යය සිදු කර ගැනිමට සිදුවන බව අමුතුවෙන් කිව යුතු නැහැ.

ඒත් Windows 8 වලදී හදුන්වා දුන් මෙම අලුත් පහසුකම නිසා එසේ කරදර අත්විදීමකින් තොරව සහ ඔබගේ දත්ත ඒ අයුරින්ම සුරක්‍ෂිතව තිබියදී නැවත Windows reinstall කර ගැනීම ඉතා අඩුකාලයකදී හැකියාව ලැබෙනවා. මෙය හදුන්වන්නේ Refresh නමින්. මෙහිදී අහිමි වන ප්‍රධානම දෙය නම් ඔබ විසින් Windows 8 වලදී ලබාදුන් Apps වලට අමතරව යම් Apps ප්‍රතිෂ්ඨාපනය කර ඇත්නම ඒවා පමණයි. ඒවා පවා රැක ගනිමින් මෙම ක්‍රියාදාමය සිදුකරගැනීමට හැකියාව ඇතත් මෙම ලිපියෙන් එම පියවරයන් අනුගමනය නොකර සාමාන්‍ය Refresh ක්‍රියාවලිය පමණක් දක්වන අතර පසුව ලිපියකින් එම කාර්යයද කර ගැනීමට ඇති ක්‍රමය පවසන්නම්.

මෙම Refresh ක්‍රියාවලිය සිදුකරගන්නේ මේ ආකාරයෙනුයි. Windows Charms bar හිදී Settings තෝරන්න.

එහිදී Change PC settings යන්න තෝරා එහදී General තෝරා තරමක් පහලට Scroll කරනා විට “Refresh your PC without affecting your files” යන්න ඔබට දැක ගැනීමට ලැබෙනවා ඇති.

ඉන්පසු අදලා පියවරයන් අනුගමනය කිරීමෙන් පසුව මෙම Refresh ක්‍රියාවලිය කර ගත හැකිය.

8 comments:

  1. හෆොයි ! ඔය Refresh එක කරල මමත් මාර පරිප්පුවක් කෑව දිනේෂ්. 8 ආපු අළුතම වගේ, එතකොට මම දැනගෙන හටියෙත් නෑ ඒකෙන් හරියටම මොකද වෙන්නෙ කියල, අපේ ෆයිල්ස්වලට හානියක් නෑ කියල තිබුනු නිසාත් වින්ඩෝස් ලෝඩ් කරගන්න වෙන ක්‍රමයක් තිබුනෙ නැති නිසාත් අන්තිමට මමත් ඒ ඔප්ෂන් එක තේරුවා. අපි පාවිච්චි කරන අනිත් ඇප්ලිකේෂන්ස් ඉන්ස්ටෝල් කරනවය කියන්නෙත් හෙන කට්ටක්. අළුතෙන් එන හුඟක් සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල්වෙන්න ගියාම ගොඩක් වෙලාව යනවා. බලන් ඉඳලම එපා වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔබ තේරුවේ Refresh ද, එහෙම නැත්නම් Reset ද? මේ දෙක අතරේ ලොකු වෙනසක් තිබෙනවා...

      Delete
    2. Refresh.

      මට එපා උනේ ආයිත් ඔක්කොම සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරන්න උන නිසා. කලින් ඕඑස්වලදි නම් ‘රෙපයාර්‘ එකක් කළාම අපි ඉන්ස්ටෝල්කරපුවත් තියෙද්දිම වින්ඩෝස්වල අවුලක් තියෙනම් නිවැරදි වෙනවා. 8 වලදි නම් මම කලින් කිව්වා වගේ 8 ගැන මොකුත්ම නොදැන මගේ ඩේටාවලට හානියක් නෑ කියල තිබුනු නිසා මම Refresh තේරුවෙ.

      Delete
    3. ඔබ කිව් දේ යම් සත්‍යයක් තිබෙනවා. Install කළ Software ටික නම් නැති වෙලා තමයි. බලමු මම පවසා ඇති Refresh point එක save කළ පසුව එම ගැටළුව නිරාකරණය වෙනවාද කියා...

      Delete
  2. මං නම් තාම හතේ දිනේෂ්.........

    ReplyDelete
  3. Requirements හරි නම් 8 වලට මාරු වුනාට වරදක් නැහැ...

    ReplyDelete
  4. තවත් windows 7 පාවිච්චි කරන්නේ. මේක මතක තියා ගන්නම වටින දෙයක්.

    ReplyDelete
  5. වින්ඩෝස් 8 තවම ගොඩක් දෙනෙක් භාවිතයට යොමු වෙලා නැතිව ඇති. නමුත් ඉදිරියේදී එය භාවිත කරන්නන් හට මෙම තොරතුරු ප්‍රෙයා්ජනවත් වේවි.

    ReplyDelete