Tuesday, August 27, 2013

තවත් රහස් කිහිපයක්ම...

තවත් DOS රහස් කිහිපයක්ම අදත් ඔබට ගෙන එනවා. ඔබට Command Prompt එකෙහි ලබා දෙන විධානයන් වල ප්‍රතිඵලය කිසියම් ගොනුවකට ලබා ගත් යුතු නම්, එසේත් නැතහොත් කිසියම් කාර්යයක් සදහා එම තොරතුරු භාවිතා කිරීමට txt file එකකට ලබා ගැනීමට ක්‍රම කිහිපයක්ම DOS මෙහෙයුම් පද්දතියේ තිබෙනවා. එයින් ප්‍රචලිතම ක්‍රමය තමයි ලැබෙන ප්‍රතිඵලය Properties හරහා Mark කර අදාල ගොනුවට paste කර ගැනීම.
 

මේ එයට වඩා එක් වෙනස් ක්‍රමයක් ඒ තමයි අදාල විධානය clipboard එකට copy වීමට සලසා අවශ්‍ය ගොනුවට paste කර ගැනීම. මෙය පහසුවෙන්ම කර ගන්නේ මෙලෙසයි උදාහරණයක් ලෙස ipconfig command එක භාවිතා කරන්නම්.

හැබැයි මෙහිදී අදාල ප්‍රතිඵලය Command prompt window එක තුල ක්‍රියාත්මකව පෙන්වන්නේ නැහැ.

ඒ වගේම තවත් ක්‍රමයක් තිබෙනවා මෙම කාර්යය කර ගැනීමට ඒ තමයි එක් වරම txt file එකකට අදාල ප්‍රතිඵලය ලබා ගැනීම මෙන්න එය කරන අයුරු නිදසුනකින්ම.

මෙහිදී අප විසින් txt file එක සාදනවා වෙනුවට එම විධානයෙන්ම එය සාදා ගන්නා අතර එම ගොනුව සකසන ස්ථානයේ එයට අදාලව security settings සකස් කිරීමටද වග බලා ගත යුතුයි.

ඔබට මතකද කිසියම් folder එකක් Right click කර එහිදී Command Prompt එක ලබා ගැනීමට context menu එක Regedit හරහා සාදා ගැනීමට ඇති හැකියාව පිළිබදව කලින් ලිපියෙන් දැනුවත් කළා.

ඇත්තෙන්ම අවශ්‍ය නම් එසේ නොකර ඔබට අවශ්‍ය අවස්ථාවල පමණක් context menu එකට Command Prompt ලබා ගැනීමට කළ යුත්තේ යම් folder එකක් Right click කරන විට Shift button එකද යතුරු පුවරුවේ Press කිරීමයි.

DOS වලදී ඔබට Folder රැසක් ඇතුලත ඇති තවත් Folder එකකට යන්නට ඒ හැම නමක්ම CD විධානය සමග type කරන්නට වෙනවා නේද? ඒත් Explorer හරහා අදාල Folder එක ඇති ස්ථානයට ගොස් එම Folder CD විධානයට පසුව Drag කර රැගෙන ඒමෙන් කිසිදු type කිරීමකින් තොරව අදලා Folder එකහි ගමන් මාර්ගය ලබා දිය හැකිය.

Command Prompt එක ඉදිරියේ එක් වරකට ක්‍රියාත්මක කළ හැක්කේ එක් DOS Command එකක් පමණක්ද? නැහැ, අවශ්‍ය නම් Command කිහිපයක් වූවත් එක්වර ක්‍රියාත්මක කළ හැකියි. කළ යුත්තේ ඒ ඒ Command එකට පසුට “ampersands“ දෙකක් මෙම උදාහරණයේ දැක්වෙන ලෙස එකතු කිරීමයි.

තවත් දෙයක් තමයි ඔබ මීට පෙර දුන් Command  නැවත නැවත ලබා දිය යුතු නම් ඒවා නැවතත් Type කිරීමකින් තොරව අවශ්‍ය Command එක තෝරා ගෙන ලබා දීමටද හැකියාව F7 Key එක භාවිතා කිරීමෙන් හැකියාව ඇත.

අදට මෙපමණයි...

8 comments:

  1. මටත් මතක් වෙනවා අපි කස්ට කාගෙන ඩොස් වලින් වැඩ ගත්ත විදි..

    ReplyDelete
    Replies
    1. මට මතක් වෙන්නෙම ඩොස් වලින් කනෙක්ට් ෆෝ ගේම් හදපු සුදීක.....

      Delete
  2. Good work..Mapa W

    ReplyDelete
  3. niyamai yaluwa ape paththeth enna http://www.sinhapedia.com/

    ReplyDelete
  4. ඉස්සර නම් ඉතින් dos කියන්නේ සුපිරි os එකක් තමා. දැන් නම් භාවිතයක් නැති හින්දම අමතක් වෙලා බොහෝ commands. ෆිලේ එකකට යවනවා වගේම ප්රින්ටෙර් එකකට් යවන්නත් පුළුවන් >print කියලා දීලා.

    ReplyDelete
  5. මටනම් dos කියන්නේ මොකක්ද කියලා මෙහෙම කියවනවා මිස වැඩ කරන්න නම් හම්බෙලා නෑ ....

    ReplyDelete