Wednesday, August 21, 2013

ආරම්භක මෙනුවට, මගේ පරිගණකයට සහ ප්‍රතිෂ්ඨාපණය කර ඇති සියළුම මෘදුකාංග වලට පිවිසුමක්...

දැනට ලබාදී ඇති Windows 8 පද්දතියේ පිටතින් නොපෙනන ලෙස දක්වා ඇති My Computer සහ තවත් ස්ථාන කිහිපයක් සදහා ලේසියෙන්ම කෙටි මං සාදා ගන්නා ආකාරය මෙම ලිපියෙන් ඔබට ගෙන එන්නට බලාපොරොත්තුවෙනවා.

මුලින්ම Windows 8 පද්දතියේ Desktop එකෙහි දක්නට නොලැබෙන My Computer හෙවත් Explorer මෙනුවට Shortcut එකක් තනා ගන්නා ආකාරය දක්වන්නම්. මේ සදහා Shortcut location අවස්ථාවේදී C:\Windows\explorer.exe explorer.exe /root,,::{20D04FE0-3AEA-1069-A2D8-
08002B30309D} කේතය ලබා දෙන්න.

එසේම Windows 8 පද්දතිට ප්‍රතිෂ්ඨාපනය කර ඇති සියළුම මෘදුකාංග සහ අනෙකුත් පාලක මෙවලම් ආදිය දැක ගැනීමට අවශ්‍යනම් පෙර කී ලෙසම පියවර අනුගමනය කර Shortcut location අවස්ථාවේදීApplications.{4234d49b-0245-4df3-b780-3893943456e1} කේතය ලබා දෙන්න.

Windows 8 වලදී Start Button එකක් දක්නට නොලැබෙන අතර පරිගණක තිරයේ වම් පස පහලට mouse curser රැගෙන ගියවිට ලැබෙන හෝ පරිගණකය පණ ගන්වා Lock screen එකට පසු දක්නට ලැබෙන අතුරුමුහුනත Start නැතහොත් Metro ලෙස හදුන්වනවා. මෙම අතුරුමුහුනතට mouse curser පරිගණක තිරයේ දකුණු පස කෙළවරට රැගෙන ගිය විටද ලැබෙන Charms Menu හරහාද පිවිසිය හැකි මුත් ඔබට අවශ්‍ය නම් Desktop එකෙහි මේ සදහාද Shortcut එකක් සාදා ගත හැකියි. හැබැයි මෙම Shortcut එක පෙරකී Shortcut සාදා ගන්නාවාට වඩා වෙනස් ආකාරයකට තමයි සාදා ගැනීමට සිදුවන්නේ. මෙන්න ඒ පියවරයන්.

Desktop එකෙහි Text file එකක් create කර ගැනීම හෝ Notepad වීවෘත කර එම file එකට Start යන නමත් එහි Extension එක ලෙස vbs ලෙසත් සදා ගත යුතුය. කෙටියෙන් පවසනවා නම් මෙලෙස විය යුතුය - Star.vbs

දැන් එම file එකට මෙන්න මේ කේතයන් අලවා ගන්න.
Set objShell = CreateObject ("WScript.Shell")
objShell.SendKeys "^{ESC}"


දැන් අදාල ගොනුව save කර එය ක්‍රියාත්මක කළ විට  Start interface ට පිවිසෙන අයුරු දැක ගත හැකිය.

තවත් වැදගත් දෙයක් තමයි මේ කියන්න යන්නේ.  Windows 8 වලදී Start button එකක් හරහා අප ස්ථාපනය කර ඇති Software ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව නැතත් එවැන්නක් සාදා ගැනීමේ හැකියාවද පවතිනවා. මෙලෙසයි එය කළ යුත්තේ ප්‍රථමයෙන්ම Folder option වෙත ගොස් View tab එකේදී Show hidden files යන්න තෝරන්න.

ඉන්පසු Taskbar එකේදී right click කර Toolbar හරහා New Toolbar තෝරන්න. ඉන්පසු මේ පියවරයන් අනුගමනය කරන්න. Local Disk (C:) - Program Data - Microsoft - Windows - Start Menu - Programs ඉන්පසු Select Drive යන්න තෝරන්න. එවිට Taskbar එකෙහි Programs ලෙස නම් වූ නම් Toolbar එකක් නිර්මාණය වී තිබෙන දකිනු ඇති.

4 comments:

  1. //මුලින්ම Windows 8 පද්දතියේ Desktop එකෙහි දක්නට නොලැබෙන My Computer හෙවත් Explorer මෙනුවට Shortcut එකක් තනා ගන්නා ආකාරය දක්වන්නම්.//

    XP වලදිවත් වින්ඩෝස් දාපුගමන් ඩෙස්ක්ටොප් එකේ මයිකම්පියුටර් අයිකන් එකක් පෙන්නන්නෙ නෑනේද, අපිම Desktop එකේ රයිට් ක්ලික් කරල හදාගන්නවා මිස. 8 වලත් Desktop Icon Settings එකේ අදාල ටික් මාක් ටික දාලා අවශ්‍ය ෂෝර්ට්කට් ටික ගන්න පුළුවන්නේද.

    මම හිතන්නෙ මේ විදියට 8 හදල තියෙන්නෙ ටච් ස්ක්‍රීන් එකක වැඩ කරන්න පහසුවෙන විදියට වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබ දක්වා ඇති ආකාරයටත් ඒ කාර්යය කර ගන්නට හැකියි. කෙසේවෙතත් ලේසි ක්‍රම වගේම ටිකක් පියවර ගණන වැඩි ක්‍රමත් දැන සිටීම යම් යම් අවස්ථාවල වැදගත් වේවි...

      Delete
  2. Win 8 එක්ක මුල් දවස ටිකේනම් ටිකක් කරදර වින්දා , ඒත් දැන් නම් ඇත්තටම පහසුයි , වේගවත් . මේ දැනුවත් කිරීමත් අපට හුඟක් වටිනවා .
    ස්තුතියි

    සත්සමුදුරට අළුත් ලිපි එක් වෙනවා ටිකක් අඩුද මන්දා ? ...ඇත්ත අපේ සියළු රාජකාරි අතරේ මේ සමාජ සේවයටත් කැප කරන්න වෙලාව හොය ගන්න එකත් එකවිදියක යුද්දයක් නේ ...කෙසේ වෙතත් සත්සමුදුර මඟින් සිංහල බ්ලොග් පරිශ්‍රයට ලබා දෙන , සිංහල බසින් දැනුම ලබා ගන්නට කැමැත්තෙන් ඉන්න අපේ මිනිසුන්ට ලබා දෙන සේවය පවත්වාගෙන යන්නට අවශ්‍ය කායික මානසික විවේකය , වගේම සුව සතුට පිරි අනාගතයක්ද පතමි

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි! ඇත්තෙන්ම මේ වසරේ පසුගිය මාස වලදී ලිපි ලියවුනා සෑහෙන්න අඩුයි තමයි. ඒ ඔබ කිව් ලෙසම කායික මානසික විවේකය අඩුවීම ප්‍රධාන වශයෙන්ම බලපෑවා වගේම ඒ කාලය ඇතුලත විවිද කාරණා සම්බන්ධයෙන්වූ මූලාශ්‍ර විශාල ප්‍රමාණයක පරිශීලනයට වැයවුනා කිව්වත් වරදක් නැහැ. ඉදිරියේදි ඒවා සම්බන්ධයෙනුත් ලිපි ලියවෙන බව මේ මොහොතේ පවසන්නටද කැමැත්තෙමි...

      Delete