Wednesday, August 14, 2013

වේගවත් ආරම්භය සහ වේගවත් අවසානය

මීට පෙර Windows සංස්කරණ වලට වඩා මෙවර හදුන්වාදුන් Windows 8 සංස්කරණයේදී වේගවත් ලෙස Boot වීම වගේම වේගයෙන් Shutdown වීම ඔබට දැක ගන්නට ලැබී ඇති. එයට හේතුව තමයි Windows 8 වලදී Hybrid Boot සහ Hybrid Shutdown කියන විශේෂාංගයන් ඇතුලත් කර තිබීම.

මොකක්ද මේ Hybrid Boot සහ Hybrid Shutdown කියන්නේ? ඔබ මේ වනවිටත් භාවිතා කර ඇති අනෙකුත්  Windows සංස්කරණවලදී Hibernate කියන පහසුකම අත්විද තිබෙනවා නේද? එහිදී ඔබ යමක් කරමින් සිටියදී Shutdown නොකර Hibernate කළා නම් නැවත පරිගණකය පණ ගැන්වීමේදී අර අවසන් වශයෙන් විවෘත කර ගෙන සිටි වැඩසටහන් සහ ගොනු ඒ ආකරයෙන්ම භාවිතා කිරීමට හැකියාව ලැබෙනවා. හැබැයි Hybrid Boot සහ Hybrid Shutdown වලදී එයට තරමක් සමාන තත්ත්වයක් තිබුනත් මුළුමනින්ම එයට සමාන නැහැ.

මේ පිළිබදව තාක්‍ෂනිකව පැහැදිලි කරනවා නම්, ඔබ හෝ මම පරිගණකය භාවිතා කරන විට එහි sessions කිහිපයක් ගොඩනැගෙනවා. එයින් session 0 යන්න kernel session වෙනුවෙනුත්, session 1 යන්න user session වෙනුවෙනුත් වෙන්ව පවතිනවාත මෙහදී මෙම kernel session යනුවෙන් හැදින්වෙන්නේ සරලව ගතහොත් මෙහෙයුම් පද්දතිය විසින් ආරම්භ කරනා සහ පවත්වාගෙන යන විධිවිධාන හා සේවාවන් ලෙස හැදින්විය හැකි අතර user session ලෙස හැදින්වෙන්නේ අප විසින් අරඹන වැඩසටහන් යනාදිය ලෙස වුවත් සරලව පැවසිය හැකියි. මෙහිදී hibernation කිරීමේදී මෙම මෙම session දෙකටම අදාල RAM එකෙහි පවත් නා දත්ත hiberfil.sys කියන ගොනුවට ලියවීම සිදුවෙනවා.

අනෙක් විදියට කියනවා නම් ඔබ නැවත පරිගණකය පණ ගැන්වීමේදී  මෙහදී  hiberfil.sys ගොනුවේ අන්තර්ගතව තිබෙන kernel session සහ user session යන session දෙකම නැවත RAM එකට ප්‍රතිශ්ඨාපනය වීම සිදුවෙනවා. Hybrid Boot සහ Hybrid Shutdown තුලදීත් මෙයට සමානම දෙයක් සිදුවෙනවා. ඒත් එහිදී hiberfil.sys ගොනුව තුල ලියවෙන්නේ kernel session අවස්ථාව පමණයි. සෑම පණ ගැන්වීමකදීම මේ නිසා නව user session එකක් තමයි ඇතිවෙන්නේ.

මේ නිසා තමයි Windows 8 වලදී වේගවත් පණ ගැන්වීමක් වගේම වේගවත් අවසානයක් සිදුවෙන්නේ. හැබැයි. මේ අවස්ථාව ඔබට ලැබෙන්නේ එහිදී Shutdown කිරීමදී පමණක් වන අතර Restart කළ හොත් Full Shutdown වීම සිදුවීම සිදුවී hiberfil.sys ගොනුව ලියවීම සිදුවෙන්නේ නැහැ.

ඒ වගේම Shutdown කරන අවස්ථාවේදීත් Full Shutdown කිරීම ඔබට කර ගැනීමට අවශ්‍යනම් Shutdown කරන අවස්ථාවේ Shift key එකත් press කර ගෙන සිටීමෙන් ඉටුකර ගත හැකියි. එහෙමත් නැත්නම් ඔබට Dos mode එකේදී හෝ පහසුව සදහා Shortcut මෙම Shutdown/Restart/ hibernation/ Hybrid Shutdown යන ඕනෑම කාර්යයක් සදහා මෙම Commands ඔබට වැදගත් වේවි.

ඒ වගේම අවශ්‍ය නම් ඔබ තැනූ Shortcut එක සදහා යතුරු පුවරුවේ Shortcut key combination එකක් වුවත් යොදා ගන්න පුළුවන්.

4 comments:

  1. තැන්කඅි ගුරා තොරතුරු වලට. අතිශයින්ම දැනුවත් වීම සදහා වැදගත්..

    ReplyDelete
  2. අපි තාම ජනෙල් හතේ නෙව ඉන්නේ...

    ReplyDelete