Sunday, June 17, 2012

මුස්ලිම් වෙළදුන්ගේ ව්‍යාපාර වර්ජනය ප්‍රායෝගික කාර්යයක්ද? Reject Hamba brands???

ඊයේ පෙරේදා අන්සතු දිනපොත බ්ලොග් අඩවියේ තිබුන ලිපියකින් මළකඩ කා, මකුළු දැල් බැදී තිබූ මගේ ලියන කාර්යය සහ සිතුවිලි නැවතත් ක්‍රියාකාරී වීමට ආසන්න හේතුවක් උදා කළේය. ඒ එම බ්ලොග් අඩවියේ තිබූ "මුස්ලිම් අය එලවන්න ඕනේ ඇයි?" ලිපිය කියවන්නට ලැබීමයි. 

දැන් කාලෙක සිටන්ම මා ඇසුරු කරන කිහිප දෙනෙකුම මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිළිබදව අදහස් දක්වා තිබූ බවද මේ ලිපිය කියවීමේදී නිරායාසයෙන්ම මගේ මතකයට නැගුනි. මා නම් සාමාන්‍යයෙන් යම් සේවයක් හෝ භාණ්ඩයක් මිලට ගන්නට යෑමේදී එම ව්‍යාපාරය අයිති පුද්ගලයාගේ ජාතිය, ආගම පිළිබදව නොවිමසන්නෙක් හා මා සෑහීමකට පත්වන සේවාවක් හෝ භාණ්ඩයක් මා ගෙවන මිලට ලැබේ නම් ඒ ගැන සොයන්නට යන්නෙක්ද නොවන නිසා අනවශ්‍ය වාද විවාද වලට එළඹීමට නොයාම සහ ඒ ඔවුන්ගේ ප්‍රතිපත්තිය නම් ඒවා ගැන තර්ක කරනවාට වඩා නිශ්ෂබ්දතාවය රැකීම වඩාත් සුදුසු විය.

කෙසේවෙතත් එක් කරුණක් ගැනනම් ‍මෙසේ සේවා හෝ භාණ්ඩ මිලට ගන්නට යෑමේදී මම නම් අනුගමනය කරමි. ඒ එම භාණ්ඩය හෝ සේවාව අපේ රටේ නිපදවන්නක්ද යන්න පිළිබදවයි. ඒ අපේ ‍රටේ දේ අපි ගෙන එම ව්‍යාපාර දිරිමත් කිරීමට සුළුවෙන් හෝ අතහිත දියයුතු බැවිනි. භාණ්ඩයේ ගුණාත්මක තත්ත්වය පිළිබදව සෑහීමකට පත්විය හැකි නම් යම් මිලේ වැඩිවීමක් වුවද නොදන්නා පිටරට නිෂ්පාදනවලට වඩා වැඩි තැනත් අපේ දේට දීම නම් යුතුකමක් සේ සැලකුවෙමි.

තවත් මම සැලකිල්ලට බදුන් කරන කරුණක් වන්නේ එම ව්‍යාපාරය අයිති පුද්ගලයා සිංහලද, මුස්ලිම්ද, දෙමළද හෝ වෙනයම් ජාතියකට, කුලයකට අයත් කෙනක් වූවත් ඔහු අපිට කෙතරම් අවංක හා සුහදශීලීවන්නේද යන්නයි. 

ඇතැම් ව්‍යාපාරිකයන් අවංක හා තම සේවාව නිසියාකාරයෙන් ඉටුකරන්නන් වන අතර ඇතමෙක් මෙයින් විරුද්ධ පාර්ශවයේය. එය සිංහලද, මුස්ලිම්ද, දෙමළද කියා වෙනසක් නොමැත. 

තවත් කරුණක් වන්නේ බොහෝ දෙනා මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ වෙළඳ සැල්වලින් භාණ්ඩ ගැනීමේදී දෙන සුළු ලාභය තකා ඒ ස්ථානවලට යාම ගැන දොස් පැවරුවත් අද තිබෙන ආර්ථික දුෂ්කරතා මධ්‍යයේම එම භාණ්ඩය වැඩි මිලට ගැනීමට සිංහල කඩයකට යෑමේදී එම වැඩිපුර මුදල ඔවුන් ලබාදෙන්නේදැයි කිසිදු අදහසක් නොදැක්වීමයි. 

එසේම බොහෝ දෙනෙකුට මුස්ලිම් ජාතිකයන් වහකදුරුවීමට හේතුව ‍කුරගල වැනි බෞද්ධ සිද්ධස්ථාන කූඨ ලෙස අත්පත් කරගැනීමට උත්සහ දැරීමයි. ඒ ගැන නම් පැවසිය යුත්තේ යම් ජාතියකට හෝ ආගමකට අනාදිමත් කාලයක සිට උරුමව පවතින යම් සිද්ධස්ථානයක් කූඨ ලෙස තම ග්‍රහණයට නතුකර ගන්නට යන්නේ නම් අපක්‍ෂපාතී ලෙස නීතිමය ආකාරයට එම ගැටළුව විසදිය යුතු බවයි. මන්ද මෙවන් පටු උත්සහයන්ට ඉඩ දීමම මෙවැනි එකිනෙකා අතර දීර්ඝ කාලීන විරසකයන් හා සැකයෙන් බැලීමට හේතුවක් විය හැකි නිසයි. 

අනෙක් කරුණ වන්නේ අපගේ ජීවිතයේ සමහර තීරණාත්මක අවස්ථාවන්ට සෑම විටකම පිහිටවී ඇත්තේ සිංහලයන් පමණක්මද? වෙනත් ජාතියක හෝ ආගමක අය අපට පිහිටවී නැත්ද? අප මේ අවස්ථාවෙත් භාවිතා කරන ඇතැම් උපකරණ හා උපාංග සිංහල වෙළඳ සැලකින් මිලයට ගත්තත් ඒවායේ මූලාරම්භය සිංහල බෞද්ධයෙකුගෙන්ම සිදුවී ඇත්දැයි සහතික වශයෙන්ම ඔබට හෝ මට කිව හැකිද? උදාහරණයක් ලෙස මගේ ජීවිතයේ විශාල වෙනස්කම් ඇති කළ පරිගණක ක්‍ෂෙත්‍රය ගතහොත් මගේ මුල්ම පරිගණක ගුරුතුමා මුස්ලිම් ජාතිකයෙකි. එසේම තවත් විවිද අවස්ථාවල මුස්ලිම් මෙන්ම දෙමළ ජාතිකයින්ද පිහිට වී ඇත. එය අවංක චේතනාවෙන් සිදුකලාද නැතහොත් කපටිකමකින් කළාද යන්න කිරා මැනීමට වඩා ඒ අවස්ථාවේ විශිෂ්ඨතම යයි කියන සිංහල අය පිහිටට නොපැමිණි හෝ මඟහැරි අවස්ථා නිසා ඒ උදව් අවංකවම මම අගය කරමි.

අප මෙම මුස්ලිම් වෙළදුන්ගේ අලෙවිය වර්ජනය කරන්නේ නම් එය කෙතරම් දුරකට ප්‍රායෝගික කරුණක් දැයි ඔබම අවංකව විමසා බලන්න. එය "කන්න ඕනවුන වට කඹරගොයා, තලගොයා කරගැනීමක්" නොවිය යුතුය. 

මේ උදාහරණ විමසිල්ලෙන් බලන්න. ඔබ භාවිතා කරන පෞද්ගලික හෝ පොදු වාහනවල ධාවනයට අවශ්‍ය ඉන්ධන රැගෙන එන්නේ අරාබිකරයේ සිටය. අරාබිකරයේ ඊශ්‍රා‍යලය හැරුන කොට අන් සියළුම රටක් පාහේ මුස්ලිම් රටවල්ය. මම නම් දැනුවත්ව ඇති ආකාරයට අපේ රටේ දැන් කාලයේ හොදම මිතුරන් වන රුසියාවෙන් හෝ චීනයේ බොරතෙල් ලංකාවට ආනයනය කරන්නේ නැත. එසේනම් අපේ රටේ සිටින මුස්ලිම් එකාගේ දේවල් වර්ජනය කරන ආකාරයෙන්ම මෙහේ මුස්ලිම් මිනිහටත් වැඩිය අන්තවාදී, මූලධර්මවාදී අරාබි තම්බියාගේ තෙල් එකහෙළා වර්ජනය කොට සියළුම ප්‍රවාහණ කාර්යයන් සදහා මුස්ලිම් ජාතිකයින් වැඩියෙන්ම ඝාතනය කරන ගවයා ඈදූ ගොං කරත්ත භාවිතයට ගැනීම මුස්ලිම් මිනිහාට අපහාසයක් ලෙසද යොදා ගත හැකිය. 

අනෙක් කරුණ වන්නේ රටඉදි බෙහෙතකවත් භාවිතා කිරීම අකැපය. මන්ද රටඉදි ආනයනය කරනු ලබන්නේද මා නම් දන්නා තරමින් මැදපෙරදිග මුස්ලිම් අරාබි රටවලිනි.

ඔබගේ සහෝදරයෙකු, හිතවතෙකු මොනම ආකාරයකින් වත් මැදපෙරදිග රටක රැකියාවකට නොයැවිය යුතු අතර හම්බයෙකුගේ සේවයකයෙකු වීම අපහාසයකි. හිඟාකෑවත්, දරුමල්ලන් දුක්වින්දත් එය නම්බුවක් වනු නිසැකය. එසේම මැදපෙරදිග සේවය කර පැමිණෙන හිතවතෙකු දෙන කිසිදු දෙයක් භාර නොගත යුතු අතර ඒවාද ඔහු බොහෝවිට ගන්නට ඇත්තේ අරාබියේ මුස්ලිම් මුදලාලි කෙනෙකුගෙන් වන බැවිනි.

අපේ රටේ තිස්වසරක් ව්‍යවසනයක්ව තිබූ ත්‍රස්ථවාදය තුරන් කිරීමේදී බලගතු රටවල් අහක බලද්දී සහ අලිමංකඩ වැනි කඳවුරු කොටි ත්‍රස්ථවාදීන්ට අත්පත් වීමේදී මුලින්ම අවිආයුද වැඩි මිලට හෝ ලබාදී අපේ පිහිටට ආවේ මුස්ලිම් පකිස්ථානය බව අමතක කළ යුතුය. මන්ද අපට කොතරම් උදව් කළත් ඔවුන් මුස්ලිම්ය.

ඉන්දියාවේ හින්දි චිත්‍රපටි වල රඟපාන ශාරුක් ඛාන්, සලමන් ඛාන්, අමීර් ඛාන්, සයිෆ් අලි ඛාන් සහ හින්ද මෙන්ම දෙමළ චිත්‍රපටි වල රඟපාන කමල හසන් වැනි නළුවන් රඟපාන චිත්‍රපටිද නැරඹීමෙන්ද වැලකීමට සිදුවේ. මන්ද ඔවුන් මුස්ලිම් අය බැවිනි.

මුස්ලිම් අයගේ දේවල් ප්‍රති‍ක්‍ෂේප කරන්නේ නම් මේ දෙයද ඔබට කරන්න සිදුවේ. එනම් ඔබට කිසියම් ප්‍රතිකර්මයක් කර ගැනීමට හෝ ඔබ අනතුරකට ලක් කිරීමේදී එම ප්‍රතිකාරය සිදුකරන්නේ මුස්ලිම් වෛද්‍යවරයෙකු නම් ඔබට ඔහු වෙතින් ප්‍රතිකාර නොගෙන සිටීමටද සිදුවනු ඇත.

මේ දැක්වූයේ උදාහරණ කිහිපයක් පමණි. 

අන්තවාදය හෝ මූලධර්මවාදය මත මොනම ජාතියක හෝ ආගමක අයෙකු එල්ඹ ගෙන සිටියත් එය බියකරුය. එය නීතිගරුක හා යුක්තිසහගත ආකාරයෙන් මුලිනුපුටා දැමිය යුතු විනා  එය අන්‍ය ජාතියක අහිංසකයන් පෙළන ආකාරයේ තවත් අන්තවාදයක් හෝ මූලධර්මවාදයක් නොවිය යුතුය. බුදුදහම ප්‍රචලිතව පැවති බොහෝ රටවල් පසුකලෙක මුස්ලිම්කරණයට ලක්විය. එහෙත් අවිහිංසාවාදය පදනම් කරගත් බුදු දහම තුලින් එයට එරෙහිව ලේ, මස් විසිරුණු යුද්දයකින් පිළිතුරු දෙන්නට යෑම සාධාරණය කරන්නේද? හෝ නොකරන්නේද? යන්න පිළිබදව නම් අවංකවම මා හටද පිළිතුරු දිය නොහැකිය. මන්ද "ගහන්න ගහන්න වදින මිනිහත් මෝඩයා, වදින්න වදින්න ගහන මිනිහත් මෝඩයා" යන උපමාවක්ද ඇති බැවිනි. 

කෙසේවෙතත් එදා බුදුන්වහන්සේට භාරතයේ ප්‍රධාන පෙළේ රජවරුන් සියල්ලක්ම පාහේ අතිශයින් ගරුබුහුමන් දැක්වීමේදී එතුමාණන්ට එම රජවරු ලවා එක වචනයකින්ම අනෙකුත් ආගම් සියල්ල මුලිනුපුටා දැමීමේ ‍හැකියාව තිබුනත් එතුමා එවැනි විනාශකාරී දෙයකට නොගොස් සහජීවනයෙන්, කරුණාවෙන් යුක්තව බුදු දහම ව්‍යාප්ත කළ සේක. එ ආකාරයෙන්ම වර්ථමානයේත් බුදු දහමත් රැක ගෙන අන්‍ය ජාතීන්ටද  හිංසා නොවන ලෙස "රැව්ලත් කැදත් දෙකම බේරා ගත හැකි" මඟක් තිබේ නම් එය වඩාත් සුදුසුය.

මේ ලිපිය කියවූ පසු අපහාස, පරිභව කිරීම් හෝ විවිද පාර්ශව වලට වර්ග කිරීමද සිදුකරනු ඇත. එය ඔබගේ කැමැත්තකි. සත්‍ය සැගවිය නොහැකිය.

139 comments:

  1. අපි අරාබියේ හෝ පකිස්තානයේ නිශ්පාදන වර්ජනය කල යුතුද? කොහෙත්ම නැත අරාබි හම්බයෝ එකිනෙකාව මරා ගත්තත් අනිත් ආගමිකයන්ට හින්සා කලත් එය අපට පාලනය කල නොහැක. සිදුවිය යුත්තේ එම ක්‍රියාවන් සිංහල බෞද්ධයන් හට ඇති එකම රට වන ශ්‍රී ලංකාවේ සිදුවීම වලක්වා ගැනීමය. එය අපට කල හැක හම්බ නිශ්පාදන සහ ව්‍යාපාර වර්ජනය කල යුතුය මන්ද හම්බයාගේ බලය මුදල්ය ඔවුන් සිංහලයාට කෙලින්නේ සිංහලයාගෙන්ම ගරා ගන්නා මුදල් වලිනි. හම්බයාට ඉඩම් සහ කඩ සාප්පු බදු දීම හෝ විකිනීම ද නොකල යුතුය.

    මේ සියල්ල සිදුවන අතර හම්බයන්ට පමනක් බල පැවැත්වෙන බහු විවාහය වැනි ම්ලේච්ඡ ගෝත්‍රික චාරිත්‍ර අනුමත කෙරෙන නීති ඉවත් කිරීමට රජයට බල කල යුතුය.

    උබලා වැනි අනාගතයේ කොන කපා ගෙන තම්බි තොප්පි දමාගෙන තම දියණියන්ට ගෝනි පොරවා පාරේ යැවීමට දත කට මැදගෙන සිටින සිංහලයන් සමඟ එය තරමක් දුරට පසුගාමී වූවත් නැගී එන සිංහල බෞද්ධ පුනරුදය හමුවේ උබලා වැන්න්ගේ හඬ නිකන්ම නිකන් කෝඳුරු හඬක් පමනි.

    ReplyDelete
    Replies
    1. //"කන්න ඕනවුන විට කඹරගොයා, තලගොයා කරගැනීමක්" නොවිය යුතුය// කිව්වේ මේ නිසයි. ඉන් එහාට ඔබ වැනි අනුවන අන්තවාදීන්ට දීමට පිළිතුරක් නොදනී...

      Delete
    2. Mr.Denesh,

      Kalpawage awnta diyakara pewat dirnaya wenne nehe,

      Delete
    3. මොන බල්ල උඩ පැන්නත් අපිට ප්‍රශ්නයක් නැ... දකුණේ සිංහලයෙක් වශයෙන් නියම සිංහල ලේ තියෙන මට හොදට තේරෙනවා මොකද්ද ඇත්ත මොකද්ද නැත්ත කියල... මගේ රට මගේ සිංහල රට මම රැකගන්නවා... ජාතිවාදී කියන්න බැරිනම් ඕන එකක් කියපල්ලා... මම වගේ උන් ඕවට සැලෙන්නේ නැ.
      නමුත් මතක තියාගනිල්ලා... උබල අපිට ගරහල ගරහල කවදාහරි දවසක අපේ සිංහල රට මුස්ලිම් උනොත් ඉස්සෙල්ලම හෙනගන්න ඕන මුස්ලිම් උන්ට නෙමේ... තොපි වගේ පණනැති උන්ටයි...!!!

      Delete
  2. උබලා වැනි මෝඩ ආතල් දෙන ගෝමස් කඩ වැනි කසි කබල් බ්ලොග් පඩංගු කරුවන්ට හම්බ ව්‍යාප්තිවාදයට එරෙහිව නැගී සිටින සිංහලයන්ගේ වැරදිම පෙනීම පුදුම සහගතය. සමහර විට සිංහල නමකින් සිටියාට ඔබ වැන්නන් හම්බයන් විය හැක, නැතුහොත් මෙරට සිංහල බෞද්ධ ජන පදනමට වෛර කරන වෙනත් අන්‍යාගමිකයන් විය හැක කලාතුරකින් මෙවැනි කාලකන්නි ආතල් දී හෙවත් ජාතිය පාවා දී හෝ තම විසිටර් කවුන්ටර් එක ඉහල දමා ගැනීමට වෙර දරන ජාතියේ අවාසනාවට පහල වූ බෞද්ධයෙක් ද විය හැක. මමත් හිතන්නේ නෑ උබල වගේ උන්ට උත්තර දීල අපේ කාලය කා දැමීමවත් මෙවැනි බ්ලොග් පඩංගු වල හිට්ස් නැංග වීමත් තේරුමක් ඇති වැඩක්ය කියල.

    ReplyDelete
    Replies
    1. ඉතින් බං මොන *යියකටද මේ වගේ ගෝමස් කඩ වැනි කසි කබල් බ්ලොග් බලන්නේ? කොමෙන්ට් කරන්නේ ඇයි? දේශප්‍රේමී බ්ලොග් තියෙන්නේ ඒවා කියෙව්වානම් ඉවරයිනේ මේ මගුලේ වාත වෙනවට වඩා....

      Delete
    2. මුස්ලිම් හෝ වෙනයම් හානිකර අන්දමකින් ව්‍යාප්තවාදය සිදුකරන්නෝ වෙත්නම් එයට මුහුණ දිය යුත්තේ බුද්ධිමත් හා දුරදිග බලා ගත යුතු ආකාරයකටයි. එසේ නැතුව මෙවන් ආකාරයේ භාණ්ඩ හෝ සේවා වර්ජනයකින් මේ දේවල් සිදුකරන්නට යාම ප්‍රායෝගික නොවන බව හේතු ගණනාවක් ඉදිරිපත් කිරීමෙන් පසුවත් උඹටත් නොවැහැටීම පුදුමයකි. උඹ කියනා ආකාරයේ හිට් කවුන්ටර් වැඩි කරගැනීම අරමුණු කරගත්තේ නම් මා ලියන්නේ ගැලරිය පිනවන මේ අන්‍යජාතීන්ගේ දේ තර්කානුකූල නොවන අන්දමින් වර්ජනය කිරීම අනුමත කරන ජාතිවාදී ලිපියකි. එසේම හිට් කවුන්ටරේ වැඩකරගැනීමට නම් ලියන්නට ඕනෑතරම් මාතෘකාද සතුව තිබේ. මේ වගේ උඩුගම්බලා පිහිණන මාතෘකා ගැන ලිවීමේ අවධානම බාරගැනීමේ අවශ්‍යතාවයක් නොතිබුනි. තවද ජාතිය පාවාදීම යනු සත්‍යය‍ට පිටුපා යථාර්තය බැහැර කොට කතා කිරීම නම් සිංහල බෞද්ධයන් වන අප පන්සිල් ගන්නා විට බොරු නොකියන බවට ප්‍රතිඥා දෙන්නේ කෙසේද? උඹ හොදම බෞද්ධයෙක් නම් ප්‍රාණඝාතය අනුමත කරන්නේද? උඹගේ වටිනා කාලය කා දැමීම පිළිබදව නිර්නාමිකව යම් කිසි අයෙක් පිළිතුරු දී ඇති නිසා ඒ ගැන නැවත වරක් පිළිතුරු දීම මගේ කාලයද කා දැමීමකි...

      Delete
    3. @ Anonymous

      මිනිසුන් එලෙස කමෙන්ට් දමන්නේ මුස්ලිම් ආක්‍රමණය ඇස් පනාපිටම සිදු වෙද්දි සිංහල නමකින් බ්ලොග් ලියන කෙනෙක්ම අපි නම් ඕවට නෑ අපිට කාල ඉඳල ඉන්න තිබුනොත් රටක් ජාතියක් තිබුනත් එකයි නැතත් එකයි යන හැඟීමෙන් මෙවැනි දෑ ලියා පල කරන විටය.

      ඉතින් කල්ප එසේ කීම සාධාරණය මේවා අනිත් අය කියවනවට අකමැතිනම් බ්ලොග් වල ලියා සින්ඩි වල ප්‍රසිද්ධ කරන්නේ නැතුව කොලේක ලියල මෙට්ටේ යට තියා ගන්න තිබුනනේ?

      Delete
    4. කල්ප රණසිංහ වගේම හසිතත් හොද සිංහල බෞද්ධයෝ නම් මේ වගේ ජරා ලිපි කියවනවාට වඩා මේ ලිපියට පසුව ලියා ඇති දුෂ්කර ගමක අහිංසක කුඩා දරුවන්ට පෙර පාසලක් තනා දීම වෙනුවෙන් බෞද්ධාගමික සංවිධානයක් විසින් කරගෙන යන වැඩ පිළිවෙලට යම් දායකත්වයක් දුන්නොත් හොදයිනේ. සැබෑ බෞද්ධයෙකු හෝ සිංහලයෙකුවන්නේ මේ වගේ ලිපි වලට ජාතිවාදී කමෙන්ටු දිදී සිටිමෙන් පමණක් නොවේ. ක්‍රියාවෙන්ද පෙර කී ආකාරයේ යහපත් වැඩවලටද උදව් උපකාර අවංක සිතින් සිදු කිරීමෙනි...

      Delete
  3. ඇත්තම කතාව. හම්බයො එලවමු කියලා කට්ටිය ලොකුවට කෑගහලා අන්තිමට ආයිත් 83 කලු ජුලියක් ආයිත් ඇතිකරන තැනට වැඩේ කරගන්න හදන්නේ.

    අර කාලේකට කලින් hit වෙච්ච nolimit වස ටොෆි කතාවේ ඇත්ත නැත්ත හෙව්වා නම් තෙරෙනවා අපිට ඇත්තටම කෙලවන්න හදන්නේ මුස්ලිම් එවුන්ද නැත්නම් දේශප්‍රේමි කියාගන්න එවුන්ද කියලා කියන එක.

    ReplyDelete
    Replies
    1. මොකක්ද ඒ ටොපියෙ ඇත්ත කතාව ? මමත් ඔය ගැන දන්නෙ ඒක පාර්ශවික කරුණු දැක්වීමක් ගැන පමණයි. ඔබ යමක් දන්නේනම් සඳහන් කළොත් වටී.

      Delete
    2. @සෙන්නා,

      මේ ගැන ඇල්කෙමියාගේ ලිපියක් තිබ්බා.. ඒක බලන්ඩෝ..

      Delete
    3. කවුද හරී ඇල්කෙමියා කියන්නෙ ? දෙන්ඩකො ලින්ක් එක.

      Delete
    4. බිහිසුණු හා ම්ලේච්ඡ ජාතිවාදයේ ප්‍රතිඵල හරිහැටි වටහා නොගන්නන් නිසා නිකරුණේ අහිංසකයන්ටද ඒ වෙනුවෙන් වන්දි ගෙවීමට සිදුවේ. මමත් ඔය ‍ටොපි කතාව දන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන කියන්න හැකි නම් හොදයි...

      Delete
    5. This comment has been removed by the author.

      Delete
  4. ඉස්ලාමීය අන්තවාදය ගැන මගේ කියවීමක් සහ විරෝධයක් තියනවා , ඒ වගේම කිසිම මුස්ලිම් රටක රැකියාවකට නොයෑමේ ප්‍රතිපත්තියකුත් තියනවා (මුස්ලිම් රටවල ක්‍රියාත්මක වෙන දේශපාලනික , සංස්කෘතික , සමාජීය වටපිටාව තුල ජීවත් වෙන්න මම අකමැති නිසා ) . නමුත් එදිනෙදා ජිවිතයේදී මුස්ලිම් වරුන් සමඟ ගැටුමකට යාමේ අවශ්‍යතාවයක් මම දකින්නේ නැ , එක අතකින් දිනේශ් කියනව වගේ ඒක අප්‍රයෝගිකයි අනෙක් අතින් ශ්‍රි ලංකාවට තවත් ජාතිවාදි ගැටුමක් අවශ්‍ය නෑ , සිංහල ජාතියේ අයිතින් වෙනුවෙන් පෙනි සිටින මහත්වරුන්ට කරන්න තියන හොඳම දේ එක පවුලකට උපරිම ළමයින් ගාන 3කට බස්වන උපත් පාලන නිති ගෙන්න පාලකයින්ට බලකරන එක , මේක මේකට විතරක් නෙවෙයි තවත් ප්‍රශ්න ගණනාවකට හොඳ උත්තරයක් , ඒ අතරේ 100%ක මුස්ලිම් බඩු වර්ජනයක් වෙනුවට මුස්ලිම් වරුන්ගේ අධික මිලට රැවටී දේපල විකිණීමෙන් වලකින්න සිංහලයන් දැනුවත් කරන එකත් හොඳ පිලියමක් . වෛරය වපුරනවාට වඩා උපක්‍රම ශිලිව ගේම ගහන්න බෞද්ධ /හින්දු කතෝලික සියලුම දෙනාව පුරුදු කරන එකයි හොඳ

    ReplyDelete
    Replies
    1. මගේ අදහස තවදුරටත් කියනවා නම් මුස්ලිම්, කතෝලික හෝ ක්‍රිස්තියානි වගේම බෞද්ධ අන්තවාදය ගැනත් විරුද්ධත්වය මගෙත් තියෙනවා. ඕනෑම දෙයක අන්තවාදය හා මූලධර්මවාදය කියන්නේ විනාශයක මුලයි. බුදුන් වහන්සේගේ දේශනා අනුවත් මැදුම් පිළිවෙත මිස කිසිදු දෙයකට අන්තවාදීවන්නැයි උන්වහන්සේ පවා වදාරා නැහැ දන්නා තරමින් නම්. මුස්ලිම් රටවල විවිද නීති හා විවිද අවහිරතා තිබෙන බව පොදු සත්‍යයක්. ඒ වගේම ඒ රටවල අන්‍ය ආගමිකයන්ට එතරම් හොද ප්‍රතිචාර නොදක්වන බවත් විටින් විට දැනගන්නනට ලැබෙන ප්‍රවෘත්ති වලින් පවා පැවසෙනවා. ඒත් ඉතින් අපේ රටේ සිටින මුස්ලිම් මිනිසුන් එයට වන්දි ගෙවිය යුතුද යන පැනයත් මතුවෙනවා. අපේ රට සෑහෙන්න කාලයක පටන් බහුවාර්ගික රටක්. ඉතින් සැවොම සමග සහජීවනයෙන් එකිනෙකාට ගරු කරගනිමින් ජීවත් වෙන එක තමයි හොද. මේ භාණ්ඩ වර්ජනය තේරුමක් නැති දෙයක් බව මගේ මතයයි. ඒ වගේම උදාහරණයක් විදියට ඕස්ට්‍රේලියාව වගේ රටවල බහුල ලෙස ජීවත් වන සිංහල ලාංකිකයන්ගේ ව්‍යාපාරවලින් භාණ්ඩ හා සේවා ලබා ගන්න එපා යැයි එම රටවල ව්‍යාපාරයක් ගෙන ගියහොත් දක්වන ප්‍රතිචාරය කුමක්ද? යම් හෙයකින් මුස්ලිම් අරාබි රටවල් විසින් අප රටට ඛණිජ තෙල් එවීම නතර කළ හොත් මේ කටමැත දොඩවන උදවිය ගන්නා ක්‍රියා මාර්ග මොනවාද?

      පවුලකට ළමයින් සීමාකරන නීති ගෙනඑන පදනම පුළුල් ලෙස විග්‍රහ කළ යුතු එකක්. එහෙම වුනොත් සිංහල පවුල්වලටත් මේ නීතිය පිළිපදින්නට සිදුවේවි. ඒ වගේම තමන්ගේ දේපල අන්‍ය ජාතීන්ට විකිණීම ගැනත් පුළුල් ලෙස සිතා පිළිතුරු දිය යුතු කරුණක්...

      Delete
    2. //එහෙම වුනොත් සිංහල පවුල්වලටත් මේ නීතිය පිළිපදින්නට සිදුවේ//

      සිංහල පවුල් වල හෝ කතෝලික හෝ හින්දු පවුල් වල ළමයින් 4ක් දකින්න ඉන්නේ කලාතුරකින් , ඒ අයට බලපැම ඉතාම අවමයි . රටේ ජනඝහන අනුපාතය මේ තියන විදිහටම පවතින්න නම් උපත් පාලනය අනිවාර්ය දෙයක් !

      // තමන්ගේ දේපල අන්‍ය ජාතීන්ට විකිණීම //

      අන්‍ය කියල සාමාන්‍ය කරණය කරන්න එපා , මම කියන්නේ මුස්ලිම් ජාතිකයන් ගැන පමණයි . ඒ හේතු දෙකක් නිසා

      01) ඕනිම මනුස්සයෙක් දේපලක් මිලදී ගන්නේ ඒකට සරිලන නියමිත මිලට ,ඒක ජාති ආගම් බේදයක් නැතුව වෙලඳ පොල ක්‍රමය තුල සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙන තත්වය . නමුත් මුස්ලිම් ජාතිකයන් බහුතරයක් අනික් ආගමිකයිකයින් ගේ දේපල වලට ඉතා ඉහල මිලක් ගෙවන්න සුදානම් ,මිලියන ගණනින් වටිනා කම් කියවෙන දේපලකට දෙගුණයක මිලක් තියන්න සූදානම් වෙච්ච අවස්ථාවකුත් මම දැකලා තියනවා

      02) කතෝලික හෝ හින්දු ආගමිකයින් තමන්ගේ දේපලක් විකුණන කොට ඒකට ලැබෙන වටිනාකම මිසක් ගන්න කෙනාගේ ජාතිය හොයන්නේ නැ , නමුත් මුස්ලිම් ජාතිකයින් තමන්ගේ දේපල විකුණන්නේ තවත් මුස්ලිම් ජාතිකයෙකුට විතරයි .

      මේවා පැහැදිලිවම ව්‍යාප්තවාදය පදනම් කරගෙන සිද්ධ වෙන දේවල් , අනෙක් ආගම් වල මිනිස්සු වගේ සාමාන්‍ය චර්යාවන් නෙවෙයි . දිනේශ් සහෝදරයා පදිංචි කොහෙද කියන්න මම දන්නේ නැ , හැබැයි මම ජීවත් වෙන නගරයේ සැහෙන පිරිසක් මුස්ලිම් වරුන් ඉන්නවා , ඒ නිසා ප්‍රයෝගිකවම ඔය දේවල් දකින්න තියනවා , වතාවක් තින්ත ගන්න මුස්ලිම් හාඩ්වෙයා එකකට ගිහින් ඒකේ එක පාටක් නැහැය කියල ඒක ගේන්න බයිසිකලයකුත් පැදගෙන ඇත තියන මුස්ලිම් කඩේටම ගියා අල්ලපු වැටේ තියන සිංහල කඩේට නොගිහින් ,හැබැයි සිංහල කඩේ මුදලාලි තමන්ගේ නැති බඩුවක් ගෙන්න ගන්නේ මේ මුස්ලිම් කඩෙන් (අල්ලපු කඩෙ නිසා ) , මම සිංහල කෙනෙක් වෙලත් මුස්ලිම් කඩේට ගියේ සිංහල කඩේ තිබුන අධික තදබදේ නිසා .ඒ තමයි සමාන්‍ය තත්වය යටතේ හැසිරීම . නමුත් මුස්ලිම් කඩේ දක්වපු හැසිරීම එහෙමද ?

      මුස්ලිම් මිනිස්සු එක්ක ගැටුමකට නොගියත් හොර පාරෙන් ගෙනියන කුමන්ත්‍රණ උපක්‍රම ශිලිව හෝ පරාජය කල යුතුයි . මොකද අර කෙනෙක් කියල තියනව වගේ , ක්‍රිස්තියානි කතෝලික හින්දු ඔය මොන එකක් වුනත් ඉස්ලාමිය රටක් වෙන්න නම් ඉඩ දිය නොහැකියි !

      Delete
    3. බුවා කියන කාරණය බොහොම ඇත්ත. බොහොම සූක්ශම ලෙස ව්‍යාප්ත වාදය ක්‍රියාත්මක බව අප අවබෝධ කර ගත යුතුමයි. ඒකෙ මුල්ම පියවර තමා බෝවීම. ඒක පාලනය කිරීමට අප රටක් වශයෙන් අපොහොසත් වුවහොත් අපටත් මෑතක්දී මුස්ලිම් කරණය වූ රටවල් විදින අත්දැකීම නුදුරේම විදිය හැකි බව මාගේ හැඟීමයි. අනෙක් කාරණාත් බුවා සොහොයුරා පෙන්වා ඇති පරිධි අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මකයි.අප රටක් වශයෙන් කල්පනා කළද ඔවුන් අංක එක දෙන්නේ ඔවුන්ගේ ප්‍රජාවට.
      දැන් දිනේශ් සිංහලයකු වශයෙන් මෙවන් ලිපියක් ලියුවද, ඔවුන්ගේ පැත්තෙන් මෙවන් වූ කතිකාවතක්වත් ගොඩනැගේයැයි සිතිය හැකිද ? නැත එසේ වුවහොත් එය කළ තැනැත්තාට මරණ වරෙන්තුවක් ලැබිය හැකි බරපතල වරදකි. අඩුම තරමින් පල්ලියෙන් නෙරපීම හෝ සිදුවිය හැකියි.

      වරක් මම අපත් සමඟ සේවය කළ මුස්ලිම් ජාතිකයකුගෙන් ඇහුවා "ඇයි උඹලා ක්‍රිකට් ගහනකොට පකිස්ථානයට චියර් කරන්නෙ " කියලා. ඔහුගේ පිළිතුර වූයේ "ඒක එන්නෙ බොක්කෙන්මයි " කියායි. ඔය බොක්කෙන් එන ඒම අන්‍ය ජාතිකයන්ට එතරම් සුබවාදී නොවන් බැවු පුන පුනා පැහැදිලි කරන්ඩ ඕනා නෑ නේද? මොනවා වුනත් මම දෙමළ සොහොයුරන්ගෙන් ඔය තත්ත්වය දකින්නෑ.

      අන්තවාදය එතරම් යහපත් දෙයක් නොවන බැව් සත්‍යය. එහෙත් මේ මොහොතේ අප ජාතියේ ඉරණම රැඳී ඇත්තේ අන්තවාදීන් මත මිස වෙන දෙයක් වෙයල්ලා හෝ අපි ඔක්කොම එකම මිනිස්සු කියා බලා සිටිනා මධ්‍යස්ථ මිනිසුන් අත නොවන බැවුනම් සක් සුදක් සේ පැහැදිලිය.

      අප බුද්ධිමත් විය යුතුයි, අනතුර වටහා ගත යුතුයි, සූක්ශමව ක්‍රියාත්මක වන කුමන්ත්‍රණ සූක්ශමවම පරාජය කළ යුතුය.

      මුහුද දශමයෙන් දශමය ගොඩ ගලමින් තිබේ.

      Delete
    4. මේ ගැන මගේ අදහසත් මෙතනම දාන්නම්.මොකද මේ ගැන මගෙත් තියෙන්නේ බුවාගේ මතේම නිසා.සාමාන්යෙන් සිංහල අපිත් එක්ක වැඩ කරන නැත්තම් සිංහල බහුතරයක් ඉන්න තැන වල ඉන්න මුස්ලිම් අය දිනේෂ් කිව්වා වගේ හොඳ අය තමඊ.එක අපි දැකල තියෙනවා.හබඊ එයාල මුස්ලිම් ජාතියක් විදිහට ගත්තම හරිම අන්තවාදී මුලධර්මවාදී කොටසක්. එකට බුවා සැහෙන උදාහරණ කියල තියනවා නේ. එක නිසා අපි මෙතන බොරුවට අපි දන්න මුස්ලිම් පොරවල් ගැන දන්න දේවල් කියල මුස්ලිම් ව්‍යාප්තවාදයට තවත් පොහොර නොදැමිය යුතුයි . ඒවගේම ඔය පලවෙනි comment දාපු කෙනවගේ බොරුවට කැගහල facebook වල පොස්ට් දල මේක නවත්තන්ධත් බැ. බුවා කියල තියනවා වගේ උපාය මාර්ගිකව , නිති මගින් හෝ පාලනය කල යුතුය. නැත්ටම් තවත් ගනවර්ගිය අර්බුදයක් අති වෙන්ඩත් බැරි නැ.මුස්ලිම් ව්‍යාප්තවාදයට සිංහල අපි ජාතියක් විදිහට තාම එකමුතු වෙලා වැඩ කරන්නැ. ඉතින් මේ වගේ කරුණු හරි හැටි නොදැන හෝ දැන ගෙන අපි හරි මද්දස්ත කට්ටිය කියල පෙන්නන්ඩ පොර talk නොදී හිටියනම් තමඊ හොඳ.
      ID ekak na ekai anonymous awe.

      Delete
    5. මේ කොමෙන්ට් ත්‍රෙඩ් එකට මම මාර කැමතියි ! අන්තවාදී නොවී මැදහත් විදියට මේ ගැටළුව දිහා බලන්න කියලනේ දිනේෂ සහෝ මෝ පෝස්ට් එකෙන් දෙන පණිවිඩය !

      මේ ප්‍රතිචාර සමූහයට දිනේෂ් සහෝගේ කියවීම මොකක්ද කියලා දැනගන්න කැමතියි.

      Delete
    6. දිනේශ්ල වගේ තමන් ජීවත් වෙන ආශ්‍රය කරන සීමිත පරිසරයෙන් මුළු ලොකයම තේරුම් ගැනීමට යාම නිසා තමයි මේ වගේ බබා මොඩල් එකේ පෝස්ට් ඒ වගේ අය අතින් ලියවෙන්නේ. ඉතින් දිනේශ්ල වගේ අයට හිතන්න අවස්තාවක් දීලා තියෙනවා මේ ත්‍රෙඩ් එකෙන් හැදෙනව නම්.

      Delete
    7. @ හසිත - ඔබට කියන්න තියෙන්නේ මම ඉපදුනේ හැදුන වැඩුනේ මුස්ලිම් ප්‍රජාවත් වැඩියෙන් ජීවත් වෙන නගර දෙකක. මුස්ලිම් නෙමෙයි කිසිම ජාතියක් 100% හොද හෝ නරක නැහැ. දැන් ඔබ කියන්නේ මොකක්ද මේ බබා මොඩ්ල් එක නැතුව හැම හම්බයාටම අහුවුණු තැන ගහන්න මරන්න කියලාද? අපි අවුරුදු 30 ක් වගේ කාලයක්ම ලෙයින් කදුලින් ගෙවන්න සිදුවුනේ මේ ජාතිවාදී ආකල්පයෙන් අපේ රටේ දෙමළ මිනිහා ගැනත් බැළුව නිසා නොවෙයිද? අන්තිමට 83 දී වගේ තවත් විනාශයක් කරල පිටරටවලට මේ රටේ දේවලට අතදාන්න ඉඩ දීලා පස්සේ එක එක කොන්දේසි දානකොටයි, ඉන්දියාව අරකට උදව් කලා, මේකට පක්‍ෂපාතීව සහය දුන්නා, ඇමරිකාව අ‍පේ රටට බලපෑම් කරනවා කියලා බොරුවට බෙරිහන් දෙන්නද ඕන. මොන කණ්ඩායම හරි අනෙකුත් ජාතීන්ට හානිකර අන්දමින් ව්‍යාපත්තවාදය, ජාතිවාදය පතුරුවනවා නම් ඒක බුද්ධිමත්ව කල්පවතින විසදුම් වලින් විසදිය යුතුයි. අන්තිමට මේ නියපොත්තෙන් කඩන්න පුළුවන් දේවල් පොරොවෙන් කපන්න බැරි තත්ත්වයට පත්කරල, ඇවිලෙන ගින්නට පිදුරු දාලා මේ රටේ තවත් දහස් ගණනකට පරලොව යන්න මාර්ග හදලා ඒවා විසදගන්න ඔහේ වගේ අය ඉදිරිපත් වෙනවාද?

      Delete
    8. @Senna - ඔබ කියනා ඇතැම් කාරණා මම බැහැර කරන්නේ නැහැ. ව්‍යාප්තවාදය හා ජාතිවාදය ඇතැම් පළාත්වල ඔවුන් පවත්වාගෙන යන බව මමත් අසා තිබෙනවා. හැබැයි මේ ගැටළු විසදන්න ප්‍රචණ්ඩත්වයෙන් බැහැ. එකිනෙකා ගැන ගෞරවයෙන් බලන සාධාරන දේ සාධාරණ යයි කිවහැකි සමාජයක් බිහිවීම තුලින් බහුවාර්ගික රටක ගැටළු අවම කරගැනීමට හැකි යයි මම විශ්වාස කරනවා. ඔබ කියනා පරිදි මුස්ලිම් රටක කෙනෙක් නම් බොහෝවිටක මෙවන් ලිපි නොලියාවි. ඒක තමයි විවිද ආගම් අතර බෞද්ධාගමේ වෙනස. බෞද්ධාගමේ වරදකට අත්කපන්න, ගල් ගසන්න, හිස ගසන්න, ප්‍රචණ්ඩත්වයෙන් ආගම පතුරුවන්න කියා දීලා නැහැ. ඒ විශිෂ්ඨත්වය තමයි බෞද්ධාගම මෙතරම් කාලයක් විවිද තාඩනපීඩන වලට ලක්වෙලත් නිරුපද්‍රිතව තිබෙන්න හේතුවත්. ඉතින් එවන් සුවිශේෂ ආගමක් අදහන අප බැලිය යුත්තේ මැදහත් හා බුද්ධිමත් ලෙස ඔඩුදිවිය හැකි ප්‍රශ්න සියුම්ව හා හිසංකාරී නොවන ආකාරයෙන් විසදා ගැනීමයි. අද බොහෝ ප්‍රශ්න වලට හේතුව ඡන්ද බලාගෙන දේශපාලඥයන් ඇතැම් ගැටළු පැසවන තෙක්ම බලා සිටීමයි. ඔබටම පේනවා ඇතිනේ ඡන්දයක් කාලෙට සිංහල සිංහල මිනිස්සු ඇරෙන්න වෙන ජාතීන් එක්ක ඇනකොටා ගන්නවා අඩුයිනේද කියලා. ඉතින් සමගියක් නැතිව දේශපාලනික පක්‍ෂ පාට වලට බෙදිල මේ කියන ජාතිය ගලවා ගැනීම කරන්නේ කෙසේද? (මම හිතනවා මේ පිළිතුරු වලින් චතුරංග පෙරේරා මිතුරා අපේක්‍ෂා කළ පිළිතුරුත් ලැබෙන්න ඇති කියලා)...

      Delete
    9. @ දිනේෂ් :
      //මම හිතනවා මේ පිළිතුරු වලින් චතුරංග පෙරේරා මිතුරා අපේක්‍ෂා කළ පිළිතුරුත් ලැබෙන්න ඇති කියලා//

      බොහෝ දුරට... ස්තුතියි!

      Delete
    10. yaluwa sinhalaya pirihenne Muslim minissu hinda nemai

      Sinhalaya gawa tiyana jara purudu nisa

      1.Kammali
      2.nikankanda balagena innwa(gorment ekn)
      3.ais gana anduwe rssawa balan inne
      4.Suduwa
      5.Arakku
      6.Badu gahanawa
      7.hambuwana de bankuwata dala poliyen kanda balan inne tawa kiyanda giyama godak dewal tiyanawa kalpanakarala balanda,

      me jaraweda tambiyagawat demalagawat nehe,
      mewa newetuwot sinhalaya diunuwai(habai sinhalayata mole nehe maka tamai atta)

      Delete
    11. @Anonymous - ඔබ කියලා තියෙන දේවල් සහතික ඇත්ත...

      Delete
  5. අනර්ඝ ලිපියක්. සීමාවක් නොමැතිව පලවන අන්තවාදී ලිපි හවුවේ මෙවැනි ලිපි පලවීම වැදගත්ය. මක් නිසාද යත්, අන්තවාදීන්ට ඔවුන්ගේ අදහස් නොදරන සැම දෙනාම හම්බයන් වන බැවිනි. (comments බලන්න)

    මෙහිදී එක්තරා කියමනක් එකක් මතක් වේ

    "--------
    First they came for the communists,
    and I didn't speak out because I wasn't a communist.

    Then they came for the trade unionists,
    and I didn't speak out because I wasn't a trade unionist.

    Then they came for the Jews,
    and I didn't speak out because I wasn't a Jew.

    Then they came for me
    and there was no one left to speak out for me.

    http://en.wikipedia.org/wiki/First_they_came%E2%80%A6
    ------------"

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! අන්තවාදයෙන්, ජාතිවාදයෙන් වසර 30 ක් පුරා බැටකාලත් තවමත් ඒ අනුවණකම් පස්සේ යන එක ගැන පුදුමයි. ඔබගේ උපුටා ගැනීම සත්‍යයක්. ඒක අපේ රටේ පවා අත්විදලත් කවම පාඩම් ඉගන නොගැනීම කණගාටුවකි...

      Delete
  6. විශිෂ්ටයි. මේ මා ඔබෙන් දුටු විශ්ෂ්ඨතම ලියවිල්ල කිවොත් මම වැරදි නැත. අන්තවාදය දෙපසටම දේවල් නැති කරන්නක් මිස දේවල් ඇති නොකරයි. බොර දියේ මාළු බාන සුළු පිරිස ගින්න ඇවිලුණු පසු බාගත් මාළු බැදගන කනවා ඇත, එවිට කෙළවන්නේ කොහේ හෝ ඉන්නා පිරිසටයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඒක තමයි අභාග්‍ය, අවසානයේ මේවාට වන්දි ගෙවන්නේ කිසිසේත්ම මෙම මතගැටුම් වලට සම්බන්ධයක් නැති අහිංසකයන්. ඒත් එක්කෝ බහුතරයක් මිනිසුන් මේ යථාර්තය දැන දැනම එය ප්‍රතික්‍ෂේප කරනවා. නැත්නම් එයට මුහුණ දෙන්න බියයි.

      Delete
  7. ඔබේ කතාව සියයට සියයක් සාධාරණය .නමුත් ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර පැවැත්වෙන ක්‍රිකට් තරග වලදී පකිස්ථානයේ ජයග්‍රහණය වෙනුවෙන් හුරේ දාන මුස්ලිම් අයත්,ඉන්දියාවේ දිනුම වෙනුවෙන් රතිඤ පත්තු කරන දෙමල සහෝදරයනුත් ඉන්නවා නේද?හැමෝටම තමන්ගේ ආගමත් ජාතියත් ගැන කැක්කුමක් තියනවා කියන එක නේද එකෙන් තේරෙන්නේ?අනික හොදම උදාහරණෙ පහුගිය ලෝක කුසලානේ පාකිස්තානේ මැච් බලන්න ආපු මුස්ලිම් සෙනග.ලංකාව ගහනකොට බලන්න එන්නේ නැති සෙනගක් ඒවා බලන්න ඇවිත් හිටිය.සේරම නැති උනත් ගොඩක් ය ලංකාවේ මුස්ලිම් ය තම ඇවිත් හිටියේ,එක ෂුවර්

    ReplyDelete
    Replies
    1. ලංකාවේ මුස්ලිම් අය හා ද්‍රවිඩ අය මෙලෙස අපේ රටේ ක්‍රිකට් කණ්ඩායමට වඩා පකිස්ථානයට හෝ ඉන්දියාව වෙනුවෙන් හුරේ දැමීම නම් කණගාටුවට කාරණයක්. තවමත් ඒ ඒ ජාතීන් අතර අවබෝදය හා සහජීවනය සෑම අතකින්ම සිදුවී නොමැති නිසා තමන්ගේ රටේ ජාතික කණ්ඩායමට පවා සහය නොදැක්වීමට හේතුවක් විය හැකියි. ඒත් ඉන්දියාවේ සිටින මුස්ලිම් ජාතිකයින් තම ඉන්දියානු කණ්ඩායමට විනා පකිස්ථානය හෝ බංගලිදේශයට කොඩි වනනවා මමද කිසි දිනක දැක නොමැත. ඒවගේම හින්දු බහුතරයක් සිටින රටේ ක්‍රිකට් කණ්ඩායමට මොහොමඩ් අසාරුදින් හා දැනට දශක කිහිපයකට පෙර Mansoor Ali Khan හෙවත් Mansur Ali Khan වැන්නවුන් නායකත්වයට පත්වීමත් දක්‍ෂකමට මෙන්ම අදාල ක්‍ෂෙත්‍ර‍‍යේ උන්නතියට ගන්නා එරට ආයතන ගන්නා පියවරයන් පැසසිය යුතුයි. එසේම අබ්දුල් කලාම් වැනි විද්වතුන් එරට ජනාධිපතිධූරටයත් පත් කිරීමට තරම් එරටෙ පරිණත භාවයක් තිබෙනවා. එසේම උග්‍ර සුදු ජාතිවාදී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට මුස්ලිම් සම්භවයක් තිබෙන නසාර් හුසේන් පත්වුනා. මම නම් කියන්නේ ලංකාවේ ක්‍රිකටි කණ්ඩායමටත් ඉදිරියේ දක්‍ෂතා තිබෙන මුස්ලිම් ජාතිකයෙකු සිටියොත් නායකත්වයට පත් කර බැලිය යුතුයි එතකොටවත් මේ තත්ත්වය වෙනස් වේද කියා...

      Delete
    2. ඉන්දියාවේ මුස්ලිම ජාතිකයින් පකිස්ථානෙට කොඩි වැනුවොත් ඒක අන්තිම වැනිල්ල වෙන්න පුලුවන් (මතකනේ ගිරවට වෙච්ච නස්පැත්තිය )

      Delete
    3. හරියට හරි . එක තමා ඇත්ත . ඉන්දියාවේදී පකිස්තානයට කඩේ ගියොත් බෙලි නැතුව තමා කොඩි වන්න වෙන්නේ . නැතුව ඉන්දියාවේ මුස්ලිම් වරු ඉන්දියාවට හිතවත් නිසා නොවේ පකිස්තානයට කොඩි වනන්නේ නැතුව ඉන්නේ . නමුත් ලංකාවේ එහෙම තත්වයක් නැ .සිංහලය කරන්නේ පකිස්තානය දිනුවම රතිඤ්ඤා පත්තු කරන මුස්ලිම් වරු දෙස බලා ඉන්න එක විතරයි .සිංහලය ගේ අවිහිසාවාදය නිසා අද හෙටම සිංහලයා හට තමන්ගේම බිමේ අසරණ වෙන්න වෙන දිනය වැඩි ඇතක නෙවේ .එක නිසා දැන්ම අප්‍රමාදව කටයුතු කල යුතුයි.

      Delete
  8. එක ජාතිවාදයක කබලෙන් තව ජාතිවාදයක ලිපට අපව තල්ලු කරන්න කිසියම් කුමන්ත්‍රණයක් ඇති බව නම් පැහැදිලිව පෙනේ..රට වෙනුවෙන් දිවි දුන් කර්නල් මුතාලිෆ් මුස්ලිම් සොහොයුරෙක් බව ඉකමනට අමතක කරන්න පුළුවන් ස්රිලාංකිකයොත් ඉන්නවද ? යුරෝපියයන්ගෙන් පටන් අරන් ශ්‍රීලාංකික ජාතිය මුහුණදුන් හැම ව්‍යසනයකදීම අපි සමග සිටි මුස්ලිම් ජාතික ස්රිලාන්කිකයින් මේ රටේ සම කොටස්කාරයෝ.. සාමයෙන් රටේ ඉදිරි දියුණුව සඳහා එකතුවීමයි වැදගත්.. කාකොටාගනීම නෙවෙයි.. ඔබේ ලිපිය ඉතාම කාලෝචිතයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඒක තමයි මහත්මයා ඇත්තෙන්ම මේ රටේ මිනිස්සු බොහෝමයකට මේදේ නොතේරෙන්නේ ඇයිද කියා හිතගන්නත් බැහැ...

      Delete
    2. තුවාන් මුතාලිෆ්, රිස්වි මීඩින්, යන රණ විරුවන් දෙදෙනාම "ජා" නම් වූ ජනවර්ගයට අයත් වුවන් මිසක මුස්ලිම් හෝ හම්බයන් නොවේ... මෙරට මුස්ලිම් වරුන්ට යුද්ධය සම්බන්ධයෙන් තිබුන එකම ගැටලුව ඔවුන්ගේ ව්‍යාපාර වලට ඇතිවුන බලපෑම මිසක අන් කිසිවක් නෙවේ...ඉහත කී රණ විරුවන් අපේ මාතෘ භුමිය ත්‍රස්තවාදීන්ගෙන් බේරාගැනීමට කල කැපකිරීම අපහට අමතක නැතුව මෙන්ම , මුසල්මානුවන් විසින් කිසිවක් නොකරන ලද බවද අමතක නැත.....

      Delete
  9. කාලෝචිත ලිපියක් දිනේශ්.

    මටනම් ඔය ගැන ඇත්තේ මිශ්‍ර අදහසක්..අපි අන්‍ය ජාතීන් සමඟ සමඟිව සිටීම ඉතා හොඳයි. ඒත් ඔවුන් උපක්‍රමිකව ක්‍රියාත්මක වෙනවානම් අප ඒ ගැනත් අවදානයෙන් සිටිය යුතුයි. ජනගහන පාලන නීති ගෙන ඒමට පුලුවන්නම් ඉතාම හොඳයි. මම සේවය කරන්නේ මුස්ලිම් රටක නිසා මම හොඳට දන්නවා ඔවුන් අන්‍ය ආගම් වලට සලකන ආකාරය. ඒත් ඒ රටවල්වලට කවුරුත් අන්තවාදීන් යැයි නොකියන්නේය. එයම අප විසින් සිදු කළහොත් අප මහා ම්ලේච්ච ජාතියක් ලෙස හන්වඩු ගැසීමට තරම් ප්‍රමාණවත් කාරණයකි.

    මුස්ලිම් වෙළදුන්ගෙන් මිළදී ගැනීම වර්ජනයට වඩා මුස්ලිම් අයට අලෙවි කිරීම වර්ජනය කළ හැකිනම් ඉතා වැඩදායක වෙයි කියලා තමා මගේ හැඟීම.

    ReplyDelete
    Replies
    1. "ඔවුන් අන්‍ය ආගම් වලට සලකන ආකාරය." ලිපියක් ලියන්ඩ බලන්ඩ

      Delete
    2. කණගාටුයි හරී, මගේ බ්ලොග් එකේ කවදාවත් ඒ වගේ ලිපි නොලියවේවි.

      Delete
    3. ස්තුතියි! ඔබට මට වඩා අත්දැකීම් අනිවාර්යයෙන්ම ඇති මුස්ලිම් රටවල කෙබදු හැසිරීමක්ද තිබෙන්නේ කියා. ඔවුන් අනුගමනය කරන පිළිවෙතහි වෙනසක් බාහිර ලෝකය නොදකිනු ඇත්තේ පැහැදිලි බහුතරයක් මුස්ලිම් හා අපේ රටේ වගේ කන්න ඕන වුනාම කඹරයා තලගොයා කරගැනීමක් නොවන නිසාත් විය හැකිය. එස් කියන්නේ මක්නිසාදයත් ඊශ්‍රායලය විසින් පලස්තීනයට පහර දෙනවිට එයට විරෝදත්වය පායි. එවගේම ලිබියාවට පහර දුන්විට හා ඉරානයට පහර දෙන්නට යනවිට එයටද වි‍රෝදත්වය පායි. ඒ බටහිර පුහු විරෝදාකල්පයක් මෙරට වගාකරමින් යන නිසා ඔවුන්ගේ සතුරන් අපගේ මිතුරන් යන ආකල්පය මුල්කරගෙනයි. ඒත් එවිට පලස්තීනය, ලිබියාව, ඉරානය යනු මුස්ලිම් රටවල් බව අමතක කරයි. එසේම ඉරානයේ බො‍රතෙල් නොමැතිව ඉන්ධන මිල ඉහළ යනවිට එවිටද බොක්ක රත්වී ඇමරිකන්කාරයාට නොසෑහෙන්න දොස්පවරයි. ඒත් මේ රටේ සිටින මුස්ලිම් මිනිහා දෙස බලන්නේ පිටරට මුස්ලිම් මිනිහා දෙස බලන කරුණාවෙන් නොව ජන්මාන්තර වෛරක්කාරයෙකු දෙස බලන ආකාරයටයි. මෙයින් මුස්ලිම් සියළු දෙනාම හොද යයි නොකියමි. ඔවුන්ගේද සමහර අය අන්තවාදී, දේශපාලනික වාසි බලාගෙන කටයුතු කරන්නන් හා යටිකුට්ටුකාරයන් සහ කපටින්ද එමට සිටි. මේ කතා කළේ එවැන්නන් ගැන නොව තමන්ගේ පාඩුවේ වෙළහෙළදාමක් කරගෙන සිටින සාමාන්‍ය අහිංසක මුස්ලිම් මිනිහා ගැනයි.

      ඒවගේම මේ කියන ජනගහන පාලන නීති නම් නූතන සමාජයට කෙතරම් ප්‍රායෝගික හෝ යථාර්තවාදීද කියන ගැටළුවන නම් තිබේ.....

      Delete
    4. සමානාත්මතාවය මුල්කරගත් දහමක් අදහන බ්වුද්දයින්ට ඒ වගේ හැසිරෙන්න අයිතියක නැහැනේ.. එහම පලිගන්න ආකාරයෙන් හැසිරෙනවා නම අපි බවුද්ද වෙන්නේ කොහොමද ?

      Delete
  10. මේක ලියන පුද්ගලයට මුස්ලිම් හොදයි නම්, කරන්න තියෙන්නේ ඉරානය වගේ අන්තවාදී රටකට ගිහින් කොන කපාගෙන ත්‍රස්‌තවාදයට උදව් දෙමින් ජිවත් වෙන්න කියලා තමයි.

    මට මේ ලංකාව ක්‍රිස්තියානි,ද්‍රවිඩ,යුදෙව්,බෞද්ධ වගේ ඕනි ආගමක් හදහන අයවලුන්ට යටත් වුවාට කිසිදු ගැටලුවක් නෑ. මුස්ලිම් ත්‍රස්තවාදයට යට නොවී. මොකද මුස්ලිම් කියන්නේ ආගමක් නෙමෙයි,ත්‍රස්තවදය. එය විනාශ කර දැමිය යුතුයි. ඒ සදහා කොතරම් මිලක් ගෙවුවත් කම් නැහැ.

    එයයි මගේ මතය.

    කෙවින්

    ReplyDelete
    Replies
    1. මුස්ලිම් හොදයිද, සිංහල හොදයිද, අරාබිකාරයා හොදයිද යනුවෙන් කිසිම චරිත සහතිකයක් මම නිකුත් නොකරුවෙමි. ඔබ පැලද සිටින කණ්නාඩිය අන්තවාදී ලෙස මුස්ලිම් විරෝධී නිසා මැදි තැනක සිට ලියූ මෙම ලිපියේ සියළුම කරුණු පිළිබදව අවධානය යොමු නොකර මෙවන් අදහස් පළ කිරීම ගැන කණගාටුවන අතරම ඔබට එපා වුනත් ලංකාවේ හිතමිතුරෙකු ලෙස මෙරට නායකයන් පවා ඉරානය පිළිගැනීම ගැනත් ඔබ චෝදනා කරන්නේද? ඔබ ඉරානයට වෛර කරන්නේ නම් ලාබ යයි කියන එහි සිටි ගෙනෙන බොරතෙල් පිලිබදවත් ඇත්තේ ඒ ආකාරයේම වෛරයක්ද? හිට්ලර්ගේ කුරිරු මර්ධනකාරී සමූලඝාතන උත්සායයෙන්වත් යුරෝපයේ සියළු යුදෙව්වන් විනාශයට පත්කිරීමට නොහැකිවිය. මෙවන් තත්ත්වයක් යටතේ ඔබ සතුව මුස්ලිම් ආගම කොතරම් මිලක් වුවත් ගෙවා විනාශ කිරීමේ හැකියාවක් ඔබට තිබේද? ති‍බේනම් එය ප්‍රසිද්ධ කළහොත් අද මුස්ලිම් දහමට විරුද්ධව සටන් වදින ඇතැම් බලගතු රටවල් නිමේශකින් ඔබට එම රටවල පුරවැසිභාවය ලබාදී ගෙන්වා ගනු ඇත...

      Delete
  11. ලිපිය 100% ඇත්තය,කාලෝචිතය....
    ඔබ කියුවාක් මෙන් අප ජාතිවාදී හෝ ආගමවාදී වෙමින් අන්තවාදී මාවතකට පිවසිය යුතු නොවෙමු...අප වෙනත් ජාතීන්ගෙන්,ආගම්වලින් උපකාර ලබන්නාක් මෙන්ම ඔවුන්ද අපගෙන් උදවු උපකාර ලබා ගනී.කුමන ජාතියක්,ආගමක් උවද වැරදි සහගත යමක් කරන්නේ නම් ඊට විරුද්ද වීමට ඕනෑම කෙනෙකුට අයිතියක් ඇත.ඇතැම් ජාතීන් ආගම් තුල අනෙකුත් ජාතින් නැසීමේ,පිටුදැකීමේ කුමන්ත්‍රණ ඇති බව අපි ඉදුරාම දනිමු.එබැවින් සියල්ල පිලිබදව ඇස කන් හැර ගෙන විමසිලි බැල්මෙන් පසුවීම නුවනට හුරුය.ක්‍රියාත්මක විය යුතු අවස්ථාවලදී පසු නොබැස නිවැරදි ලෙස ක්‍රියාමාර්ග ගැනීම් කල යුතු වන්නෙමු...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! බැටළුවෙකු සිටිය යුතු අවස්ථාවේ බැටළුවෙකු ලෙසත් සිංහයෙකු ලෙස සිටිය යුතු අවස්ථාවේ සිංහයෙකු ලෙසත් ක්‍රියා කළ යුතුයි. එසේ නැතුව අනවශ්‍ය අවස්ථාවලදී මේ දෙක මාරු කරගැනීම හාස්‍යයට මෙන්ම අනර්ථකාරී ප්‍රතිඵලද ගෙනදීමට හේතුවිය හැකි බව මගේද මතයයි. ස්තූතියි!

      Delete
  12. අප ලංකාවට මුස්ලිම් ලෝකයෙන් ආධාර හා පහසුකම් ලැබෙන බව සත්‍යය, නමුත් ප්‍රශ්ණය ඇත්තේ එම ලෝකයේ වෙනත් ආගම් වලට සලකන ආකාරය ගැනය. මා දන්නා පරිදි බුදුන් ගේ රුව සහිත කාඩ් පතක් වන් එම රටවලට යැවීමට නොහැකිය. අපි හැම දාම සහජීවනය, බලය බෙදීම ආදී වූ අනේක විද න්‍යායන් ඔස්සේ පිය නැගුවද ඔවුන්ට ඇත්තේ එම න්‍යායකි එනම්, අනෙක් ආගම් විනාශ කර තම ආගම ප්‍රචලිත කිරීමය. ඔබ සිංහල කඩයකින් යම් භාණ්ඩයක් මිල දී ගන්නා මුස්ලිම් පුද්ගලයකු සොයා ගැනීම මොනතරම් අමාරුදැයි දන්නවාද? එහෙත් සිංහලයන් මෙවැනි දෙයක් කල හොත් එය ජාති වාදයකි, කලු ජූලියට මග පෑදීමකි? මට තිබෙන එකම ප්‍රශ්ණය අප කරන විට වැරදිය ඔවුන්ට ඒවා හොදය... තම ජාතිය වෙනුවෙන් පන දීමට වුව මුස්ලිම් පුද්ගලයන් පසු බට නොවේ. පසු ගිය කාලයේ මුස්ලිම් දේශපාලකයන්ගේ ප්‍රකාශ මතක ඇතැයි සිතමි. මේ අයුරින් අප වෙනුවෙන් කතා කලේ කව්ද? ප්‍රචන්ඩත්වය මාද අනුමත නොකරමි එහෙත් අප දැනුවත් විය යුතුය, පරිස්සම් විය යුතුය, සෑම ප්‍රශ්ණයකටම ඇති විසදුම එකම ආකාර නොවේ...ප්‍රභාකරන් කිසිදා පැරදිය නොහැකි යයිද, ඒ කොටස ඔහුට දෙමු යයිද කියූ පිරිස් ඕනෑ තරම් සිටියහ. අප පරිස්සම් විය යුත්තේ ඔවුන්ගෙනි. අප අපේ ජාතිය ගැන සිතිය යුතුය. නැත්නම් නොඅනුමානවම අප රතු දත්ත පොතට ඇතුලත් වන දිනය වැඩි ඈතක නොවේ.

    ReplyDelete
    Replies
    1. ela post ekak ..ela comment ekksk

      Delete
    2. මධ්‍යස්ථ හා විනීත ලෙස අන්‍ය අදහස් වලට පිළිතුරු සැපයීම පිළිබදව ඔබගේ කමෙන්ටුව ආදර්ශයකි. තම නැනසට අගුළුලා කටමැත දොඩවන්නන් හා බාහුබලයෙන් ප්‍රශ්න විසදන්නට යන්නන්ට මෙවැනි පිළිතුරු ආදර්ශයක් වේවා...

      Delete
    3. ඔබටත් ස්තූතියි මෙවැනි වැදගත් ලිපි අප අතරට ගෙන ඒමට ක්‍රියාකිරීම ඉතා කාලෝචිත දෙයකි.

      Delete
  13. ජාතිවාදය යනු රටක් ආපස්සට යැවිය හැකි හොදම මාර්ගයක් වේ ...

    ReplyDelete
    Replies
    1. නලින් සමන්ත වීරසිරි.June 18, 2012 at 1:18 PM

      This comment has been removed by a blog administrator.

      Delete
    2. @නලින් සමන්ත වීරසිරි - මහත්මයාණනි, ඔබගේ කමෙන්ටුවේ භාෂා ශෛලිය හා තර්ජන ආදිය නිසා ඉවත් කිරීමට සිදුවෙනවා. කරුණාකර නැවත වරක් කමෙන්ටු ඉදිරිපත් කරනවා නම් එවැනි දේ නොකරන ලෙසද ඉල්ලන අතර සිංහල බෞද්ධකම ප්‍රායෝගික ලෙස පෙන්වන්නේ නම් විනීතබව එයට ආභරණයක් වනු ඇතැයිද මතක් කිරීමට කැමැත්තෙමි...

      Delete
  14. ඔබගේ ඔය "මධ්‍යස්ථ" භාවය මෙම මාතෘකාව හා කථා කිරීමේදී කිසිසේත්ම සාධාරණ වන්නේ නැත. අප සිංහල ජාතිය මෙතෙක් අන් ජාතින් කෙරෙහි මෛත්‍රියෙන් කටයුතු කිරීමම අපගේ විනාශය ලඟා කර ඇත. ඔබ මතක තබා ගන්න ඔබ ඔය ලෙස අනුකම්පා කරන මුස්ලිම් අවිහිංසාවාදී ආගමක් නොව ත්‍රස්ථවාදී ආගමකි.සමහරවිට තව දශක කීපයකින් ඔවුන්ගේ ජනගහනය තව සියයට කීපයකින් වැඩි වූ පසු ඔබගේ දෑස් ඉදිරියේම ඔබගේ දරුවන් , ඔබගේ මුණුපුරන් කෲර මුස්ලිම් ත්‍රස්ථවාදයට හසු නොවෙතැයි ඔබටම කිව හැකිද...???

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඔබ අදහන බෞද්ධාගම මා දන්නා ගෞතම බුදුරජාණන්වහන්සේගේ බෞද්ධාගම නොවිය යුතුයි. එතුමා කිසිවිටක ප්‍රශ්න විසදගන්න ලේ හලන්න කියලා නැහැ. ඉතින් ඒ වගේම මේ මුස්ලිම් ජනගහණ ගැටළුව ඔබට සැහෙන්න ගැටළුවක් නම් ඔබට සිංහල ජාතිය වර්ධනය කරන්න ඉදිරිපත් විය හැකියිනේ හැකි තරම් දරුවන් හදලා. ඒවගේම මේ ජනගහණ පාලනය ගැන කතා කරන උදවියට මම කියන්න කැමතියි ඔබලා සියළු දෙනාම ඉල්ලා සිටින්න අපට විවාහ කිහිපයක් හෝ කරගෙන හැකි තරම් දරුවන් හදන්න ඉඩකඩ ලබා දෙන්න කියලා.. එතකොට මේ ගැටළු එකක් හෝ විසදෙයිනේ. නැතුව මම නම් හිතන්නේ නැහැ එක පවුලකට දරුවන් මේ ගණනක් පමණක් සිටිය යුතුයි කියලා නීතියක් ගෙන ඒම නූතන සමාජයට යථාර්ථයක් කියලා...

      Delete
    2. //මේ ජනගහණ පාලනය ගැන කතා කරන උදවියට මම කියන්න කැමතියි ඔබලා සියළු දෙනාම ඉල්ලා සිටින්න අපට විවාහ කිහිපයක් හෝ කරගෙන හැකි තරම් දරුවන් හදන්න ඉඩකඩ ලබා දෙන්න කියලා//

      සත්තු වගේ හැකි තරම් පැටව් ගහලා ජාතිය වර්ධනය කරන එක ඉස්ලාම් වගේ අන්තවාදින්ට මිසක් ශිෂ්ට සම්පන්න සමාජයට ගැලපෙන්නේ නෑ , කොහොමටත් බහු විවාහය කියන්නේ අසාර්ථක දෙයක්

      නුතන සමාජයට නොගැලපෙනවාය කියල ඔබ මොකක් අදහස් කරනවාද මම දන්නේ නෑ , හැබැයි මම මතක් කරල දෙන්න කැමතියි සුරක්ෂිතව උපත් පාලනය කිරිමේ ක්‍රමවේදයන් වර්ථමානයේ තියනා බවත් දරිද්‍රතාවය, මන්දපෝෂනය තුරන් කිරීමේ ක්‍රමයක් විදිහට උපත් පාලනය ලෝක මට්ටමේ පිලිගත් ක්‍රමවේදයක්ය කියන එක . ඊට අමතරව සම්පත් භාවිතය අවම කිරීම ,සහනාධාර වියදම් අවම කිරීම ඇතුලු බොහෝ යහපත් ප්‍රතිපල (විශේෂයෙන්ම සම්පත් ප්‍රමාණය සිමිත ලංකාව වගේ කුඩා රටකට ) මෙකේ තියනවාය කියන එක .ජන අනුපාතය පවත්වාගැනීම කියන්නේ ඇත්තෙන්ම උපත් පාලනයේ අතුරු වාසියක් වගේ දෙයක් . උන් පැටව් ගහනවා කියලා අපිත් ඒකම කරලා තියන ප්‍රශ්න වැඩි කරගන්න අවශ්‍ය නැ , ප්‍රශ්න අඩු පාරකයි යන්න ඕනි

      අතිරේක කාරණයක් - දිනේශ් හැමවේලේම තැන් කිහිපයකම කියල තියනව මම දැක්කා මුස්ලිම් රටවල උදව් ගැන , වැදගත් රට වලින් කිච වෙලා මුස්ලිම් රටවල් පස්සේ යන තරමට අපේ විදේශ ප්‍රතිපත්තිය පහලට වට්ට ගැනීම අපේ නායකයින්ගේ වරදක් . මුස්ලිම් රටවල් සමඟ තෙල් ගණුදෙනු කරන්න මහා හිතවත් කම් අවශ්‍ය නැ , තෙල් උන්ගේ බිස්නස් එක ( තෙලුයි රටඉඳියි ඇර වෙන අහවල් කෙන්ගෙඩියක් විකුණන්න කියලයැ ) ,ප්‍රායෝගිකව සිද්ධ නොවුනත් අරාබි රටවල් සියල්ලම ලංකාවට තෙල් දෙන එක ප්‍රතික්ශේප කලත් විකල්ප මාර්ග තියනවා (හැබැයි ලෝකේ අනික් රටවල් එක්ක සුහදව ඉන්නවා නම් ) , මගෙ නම් ඩබල් ස්ටැන්ඩර්ඩ්ස් නෑ ඉරාකෙට ලිබියාවට ඇෆ්ගනිස්තානෙට ගහත්දි වගෙම රොමේනි ඉරානයට ගහනව කියත්දිත් ඇමරිකාවට තමා සප් එක !!!

      Delete
    3. @බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! - මීට දශක කිහිපයකට පෙර සිංහල පවුල්වල පවා ළමයින් කිහිපදෙනෙකුම (බොහෝවිට ඔබලා සදහන් කරන දරුවන් තුනකටත් වඩා) සිටි අතර එම පවුල්වලට දරුවන් යනු විශේෂයෙන් ගොවිතැන් කරන පවුලකට නම් එම දරුවන් උස්මහත්වූ පසු මහත් සම්පතක් විය. එය අපි මේ කතාකරන ව්‍යාප්තවාදය මත පදනම් වූවක් නොව එදා කාලයේ මෙරට සමාජය උපත්පාලනය පිළිබදව (කොන්ඩම් හෝ ගිලින පෙති හෝ වෙනත් වෛද්‍යවරයෙකු මැදිහත් වී කළ යුතු) ඇති අල්ප දැනුම මත ඔවුන් කැමතිවූවත් අකමැතිවූවත් ළමයා පිළිසිද ගත් පසු කරන්නට දෙයක් නැතුවා හෝ පවුලට ළමයින් රැසක් සිටීම ආභරණයක් හෝ අභිමාණයක් ලෙස සලකන්නට ඇති. ඒ වගේම එදා ළමයින් පෝෂනය කිරීම මහලොකු දෙයක් නොවූයේ ගොවිතැනින් ආහාර ලැබීමත්, පිරිස් බලය වැඩි නිසා ගොවිතැනට පවුල තුලින්ම සහය ලැබීම නිසා කුලියට ‍අමතරව සේවකයන් ගැනීමට අවශ්‍ය නොවූ නිසා ඒ මුදලත් ඉතිරි වීම වගේම ගෙවත්තේ පවා අවශ්‍ය එළවළු පවුලේ අය විසින්ම වගාකිරීම වන්නට ඇති. නමුත් අද තිබෙන සමාජ වටපිටාව අනුව ළමයින් එක්කෙනෙකුට හෝ දෙදෙනෙකුට සීමා කිරීම හෝ තවත් අතකින් ළමයින් ලැබීම පමා කිරීම මව රැකියාවක් කිරීම හෝ වෙනයම් ඉලක්ක සපුරා ගැනීමට සිදුවීම මත සිදුවිය හැකියි. මේ තත්ත්වය මමද පෞද්ගලිකව අත්විද ඇති නිසා ඒ ගැන අත්දැකීම් තිබේ. ඉතින් මේ තත්ත්වය බහුතරයක් සිංහල පවුල්වලට මෙම ගැටළුව තිබුනත් මුස්ලිම් පවුල්වලට මෙයට හාත්පසින්ම වෙනස් වටපිටාවක් තිබීම වගේම ඔවුන්ගේ ආගමික හා සංස්කෘතික පසුබිමත් ළමයින් වැඩියෙන් හැදීමට හේතුවනවා. ඉතින් ඔබ කියන උපත්පාලන සිද්ධාන්තයන් කෙතෙක් දුරට ඔවුන් පිළිගනීද කියන සැකය තිබෙනවා. බහුවිවාහය කියන දේ දකින්නේ අපි මේ මුස්ලිම් ජාතිකයන් ගෑණු හතරක් ගන්නවා කියන පසුබිම උඩනේ. හැබැයි ඔබට මම කියනවා මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා විසින් ලියා තිබෙනවා ලෝකයේ මේ විවාහ සහ සමාජ චාරිත්‍ර පිළිබදව පොතක් ගැන. දැන් මට ඒ පොතේ නම මතක නැහැ. මට මතක් වුනොත් නමත් කියන්නම්. ඒ පොත කියවන්න. එයින් පසුව මේ බහුවිවාහ සංස්කෘතිය පිළිබදව මැද ස්ථානයකට එන්න. මම කියන්නේ නැහැ බහුවිවාහය සාර්ථක හෝ අසාර්ථක දෙයක් කියා. මොකද අපි මේ ගැටළුව දකින්නේ ඉස්ලාමිකයාගේ චාරිත්‍රයක් ලෙස පමණක් නිසා මේ ගැන එක‍එල්ලේ පිළිතුරක් දෙනවාට වඩා මේ වගේ පර්යේෂනාත්මක කෘතියක් පරිශීලනයෙන් පසුව මතයක් පළකිරීම සුදුසු යයි සිතනවා.

      ඒ වගේම තෙල් ගැන පවසා තිබෙන කරුණු ගැන කීමේදී අපිට දැන් ක්‍ෂනිකව මේ පාර්ශව වෙනස් කළ නොහැකියි. ඔබට අමුතුවෙන් කියන්නට ඕනෑනැහැනේ ඉරාන තෙල් සම්භාදකය නිසා දැන් අපිට අත්වෙලා තියෙන ඉරණම. මේ ගැන අපිට විවිද මත පළ කළ හැකියි. ඒත් මේ රටේ අමාරුවෙන් ජීව්ත්වන පිරිසක් සිටිනවා මේ තෙල් මිලේ වැඩිවීම ඉතා ප්‍රභල ලෙස ඔවුන්ට දැනෙනවා. අපිට ලියන්න මත පළ කරන්න පුළුවන්. ඒත් ඒ දුප්පත් මිනිස්සුන්ගේ බඩ පුරවන්න අපි මැදිහත්වෙන්නේ නැහැනේ....

      Delete
  15. මුස්ලිම් අයගේ භාණ්ඩ හා සේවා වර්ජනය කරන්ඩ කියන්නේ ඒ අයගේ භාණ්ඩ හා සේවා වෙළදපලේ තරගකාරීව විකිනෙන නිසානේ. ඉතින් සිංහල භාණ්ඩ හා සේවා මුස්ලිම් අයගේ භාණ්ඩ හා සේවා වලට වඩා හොද ගුණාත්මක බැවින් හා ආර්ථික වශයෙන් දැරීමට පහසු ආකාරයෙන් නිෂ්පාදනය කරන්න සිංහල වියපරිකයන්ට පුළුවන් නම් කාටවත් මුස්ලිම් අයගේ භාණ්ඩ හා සේවා ගන්න එපා කියන්න ඕන වෙන එකක් නැහැ. හැමෝම හොද දේ මිලදී ගනී.දැන් වෙලා තියන්නේ මුස්ලිම් අයගේ වියාපාරික දක්ෂතා අබිබවා යන්න දක්ෂ සිංහල වියපරිකයන් අඩු බව නේද ඇත්තටම. අපි ඔය මුස්ලිම් අයගේ භාණ්ඩ හා සේවාවන් ගන්න එපා කියනවට වැඩ හොද වැදගත් සිංහල වියපර ටිකක් හැදුවනම් සද්ද වහගෙන ඔය ඕන කරන දේ කර ගන්න ලැබෙනවා නේද.

    ReplyDelete
    Replies
    1. එකනේ, ඇයි සිංහල වියපරිකයන්ට බැරි මුස්ලිම් වෙළෙන්දන් සමග කරට කර මිලකට භාණ්ඩ සේවා සපයලා එහෙම වියාපාරික පැත්තෙන්
      තරගයක් දෙන්න. තරගයක් දෙන්නේ නැතිව භාණ්ඩ වර්ජනය කරන්න කියන එක දෙකේ පන්තියේ වැඩක්. නොහැකියාව ප්‍රදර්ශනය වීමක්. ඉතින් කොහොමද ගුණාත්මක වශයෙන් සිංහල වියපරිකයන් දියුණු වෙන්නේ?
      මේ රට තුළවත් තරගයක් දෙන්න බැරිනම් කොහොමද ජාත්‍යන්තර මට්ටමේ තරගයක් දීල ජාත්‍යන්තර වෙළද පොලෙන් කොටසක් හෝ අල්ලගන්නේ?
      මම නම් කියන්නේ සිංහල වියපරිකයන් මුස්ලිම් වියපරියන් සමග ගුණාත්මක මට්ටමේ තරගයකට ගොස් ඒ තුලින් තමන්ගේ ගුණාත්මක බවත් වැඩි කර ගත යුතු
      බවයි. එය ඊලග පියවර ලෙස ඔවුන්ට ජාත්‍යන්තර මට්ටමේ ගුණාත්මක අතින් තරගයකට යාමටත් ඉවහල් වේවි.

      Delete
  16. මම නම් භාණ්ඩයක් මිලදී ගැනීමේදී "ගෙවනු ලබන මුදලට සාධාරණ වූ භාණ්ඩය හෝ සේවාව ලැබෙනවාද/ නැද්ද?" කියන කරුණ තමයි අංක 1 ලෙස සලකන්නේ. මට වෙළෙන්දාගේ ජාතිය ආගමෙන් වැඩක් නැහැ.
    අපි මුස්ලිම් භාණ්ඩ වර්ජනය කරන නිසා මුස්ලිම් රටවල් අපෙන් තේ මිලදී ගැනීම නතර කොරොත් කොහොම වෙයි ද? අපේ ශ්‍රමිකයන් සැහෙන පිරිසක් අරාබිකරයේ සේවා සපයා විශාල විදෙස් විනිමයක් උපයනවා. මේ මුස්ලිම් භාණ්ඩ සේවා වර්ජනය විහිළුවක්.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන කාරණා ඇත්ත. පටු සහ ලග පමණක් බැලීමෙන් සංවේදී ප්‍රශ්න විසදිය නොහැක....

      Delete
  17. සදාචාර සාමකාමි පරිසරයක් ඇති කිරිමට නම් සියලු දෙනා සමගියෙන් ජිවත් විය යුතු බව මාගේ හැගිමය. නමුත් මෙතන අපි නොදකින පැති කිහිපයක් තිබෙනවා. මම හිතනවා සෝමා හාමුදුරැවො දේශනා කරපු ධර්මය සහ ජනතාවට දුන් උපදෙස් කවදා හරි අපිට මුහුණ දෙන්න වෙන බව. බෙද්ධයාගේ තියෙන කරැණාසහගත ගුණය අයුතු ලෙස ප්‍රයෝජනයට ගන්න අය අද කොතෙකුත් ඉන්නවා. වැඩිය අවශ්‍ය නැහැ. ලංකාවට මත් කුඩු ප්‍රවාහනය කරන ප්‍රධාන ජාවාරම් කරැවත් මුස්ලිම්. නමුත් ඔවුන් ඒවා බෙදාහරින්නේ බහුතර සිංහල ජනතාව අතරෙ පමණයි. මරදාන මාලිගාවත්ත පැත්තෙ විල් එකක ගියොත් ඔය සියලුම තැන් වුනත් දැන ගන්න පුලුවන්. අනෙක නොලිමිට් ‍එකේ වැඩකරන අයගෙන් සිංහල අයට ඇති තැන නැති තරම්ය. මොකද සියලුදේ කරන්නේ මුස්ලිම් අය විසින්. ඔවුන්ගේ ලංකාවේ ගාමන්ට්වල වැඩකරන්නේ සිංහල අයගෙන් 20% පිරිසක්. ඒ අයත් දිගු කාලයක සිට වැඩ කරන නිසා තමයි තියාගෙන ඉන්නේ. අනෙක් සියලුම අය මුස්ලිම්. වර්ගවාදි ජාති වාදි අපට අවශ්‍ය නැහැ. නැගෙනහිර පලාතේ සිටින සිංහල ජනතාවට අද මොකද වෙලා තියෙන්නේ. ඔවුන් ගෙවල් අතහැරලා යනවා මුස්ලිම් ජනතාවගෙන් වෙන අකටයුතු කම් නිසා. මම මේවා කියන්නේ මගේ මිතුරන් ඒ ප්‍රදේශයේ වාසය කරන නිසා. අපි ධර්මයට අනුව නිහඩව ඉන්න ඕනා. නමුත් ඒ නිහඩභාවය මුස්ලිම් වරැන් විසින් අපව විනාශකරන අවියක් බවට පත්කර ගන්නා කාලය වැඩි ඈතක නොවන බව ඔබ සියලු දෙනාට දැනුම් දෙන්න කැමතියි. තෙරැවන් සරණයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඒවගේම ඔබේ පිළිතුරේ කරුණු හැමඑකකටම පාහේ එකඟවෙන්නත් සිදුවන අතර මේ ආකාරයේ තැන්පත් පිළිතුරු ලබාදීම ගැනත් සතුටුයි. ඔබ කියනා හැටියට මුලින්ම සිදුවිය යුත්තේ අ‍පි ජාතියක් වශයෙන් සමග වීමයි. එසේ නැතුව ප්‍රශ්න විසදගන්න බැහැ...

      Delete
  18. මෙන්න අද මියන්මාරයට වෙලා තියෙන ඉරණම .... ඉතින් අපිට කියන්න පුලුවන්ද හම්බයෝ ඔය ටික අපිට නොකරාවි කියලා....ඒක අනාගතයේදිම දකින්න පුලුවන් වේවි...http://www.facebook.com/photo.php?fbid=10151053666471934&set=a.10150264663426934.380286.151742781933&type=1&theater

    ReplyDelete
    Replies
    1. http://www.facebook.com/photo.php?fbid=10151053666471934&set=a.10150264663426934.380286.151742781933&type=1&theater

      Delete
  19. Lipiya muslim pakshapathai. menna me kiyamana witharak agaya karanawa
    එසේම බොහෝ දෙනෙකුට මුස්ලිම් ජාතිකයන් වහකදුරුවීමට හේතුව ‍කුරගල වැනි බෞද්ධ සිද්ධස්ථාන කූඨ ලෙස අත්පත් කරගැනීමට උත්සහ දැරීමයි.

    ReplyDelete
    Replies
    1. ලිපියේ කිසිදු පක්‍ෂපාතිබවක් නැහැ. එසේ පක්‍ෂපාතීවූවා නම් ඔබ දක්වා තිබෙන කොටස එසේ නම් ඇතුලත්වන්නේ කෙසේද? මෙතන අවශ්‍ය ලිපියේ අනෙකුත් කරුණු හා සාපේක්‍ෂව සිතීමයි. එසේ බුද්ධිය භාවිතා කර මේ ගැටළු දෙස බැලිය යුතුයි. උදාහරණයක් විදියට ගත්තොත් මුස්ලිම් ජාතීන්ගේ ව්‍යාපාර බිහිකිරීමට හා ඒවා පවත්වාගෙන යාමට ඔවුන්ගේ පල්ලි ආධාර උපකාර කරන බව පැවසෙනවානේ. ඉතින් එවිට සිතා බලන්න අපේ පන්සල් ඉතාම සුළුම ප්‍රමාණයක් හැරුණ කොට සිංහල බෞද්ධ ව්‍යාපාර ඇති කර ගැනීම වෙනුවෙන් හා ඒවා පාරිභෝගිකයාට වඩාත් නැඹුරු වෙන ලෙස පවත්වාගෙන යාමට උත්සහදරනවාද කියා. (මම මෙතන ඉතාම සුළුම ප්‍රමාණයක් කියල සදහන් කළේ මා නොදැනුවත්ම හෝ පන්සලක් මේ වෙනුවෙන් දායක වෙලා ඇති කියන නිගමනය ඔස්සේ. හැබැයි මා දන්න තරමින් නම් එහෙම කිසිම පන්සලක් නැහැ)...

      Delete
    2. @දිනේශ් දීපාල්

      එහෙම පන්සල් තිබුනොත් ඔයාල වගේ අයම කියයිනේ ඒව හරිම ජාති වාදී අන්තවාදී පන්සල් කියල? කන්න ඕනි උනාම කබරගොයත් තලගොයා කරගන්නව කියන්නේ මේවට තමයි.

      Delete
    3. මුස්ලිම් හා ඉස්ලාම් යනු දැවැන්ත සංවිධානයක් බව මතක් කර ගත්තොත් මේ කියන ප්‍රශ්ණය එන එකක් නෑ මම හිතන්නේ !!!

      Delete
    4. @Anonymous - ඔබ මේ කියලා තියෙන දේ හරිහැටි වටහා ගන්නේ නැතුව මම කියලා තියෙන දේවල්ම ආපස්සට කියන්න යන්න එපා. මම කියන්නේ බොහෝවිට මුස්ලිම් සහ සිංහල ව්‍යාපාර සමූහයක් එක ස්ථානයක තිබියදීත් මුස්ලිම් ව්‍යාපාර වෙතම යන්නේ නම් ඒ බො‍‍හෝවිට එම භාණ්ඩ හෝ සේවා ගුණාත්මකබවෙන් ඉහල වීම, පාරිභෝගික සුහදත්වය වගේ සාධක නිසා‍නේ. එහෙම නම් ඒකටයි තරඟය දෙන්න ඕන. එහෙම නැතුව වැඩිමිලට හා නුරුස්සනා ලෙස වෙළදාම් කරන සිංහල කඩේ බාල බඩු ගන්න කියල බල කරන එක නෙමෙයි විසදුම මුස්ලිම් කඩේ තත්ත්වයටම තරඟකාරීත්වය දෙන්න ප්‍රාග්ධනය සිංහල බෞද්ධ කේන්‍ද්‍රස්ථානය වන පන්සල් වලින් ලබාදීම කළාම අමුතුවෙන් කියන්නේ නැතුම තරඟකාරීත්වය ඇතිවෙල මේ ගැටළුත් බොහෝදුරකට නිරාකරණය වේවි. එකයි මම කියන්නේ. ඔබම කියලා තියෙන කාරණා ගත්තොත් මුස්ලිම් පල්ලි සිංහල කඩ දියුණු කරගන්න මුදල් දෙන්නේ නැහැනේ. ඒ වගේම කතෝලික පල්ලියත් බෞද්ධ ව්‍යාපාර දියුණු කරගන්න මුදල් දෙනවාද? ඒ වගෙම හින්දු කෝවිල් සිංහල හෝ මුස්ලිම් කඩ දියුණු කරගන්න මුදල් දෙනවාද? භාණ්ඩ වර්ජනය කියන්නේ වෙනම දෙයක් තමන් කැමති හානිකර පාර්ශවයකට ආධාර කරල ලේ වැගිරීමක් හිත් රිදවීමක් නැතිව ප්‍රශ්න විසදා ගන්නවා කියන්නේ තව දෙයක්. මේ කාරණා දෙක ජාතිවාදී බැල්මෙන් නිකරුණේ පටලවා ගන්න එපා.....

      Delete
  20. //දැන් දිනේශ් සිංහලයකු වශයෙන් මෙවන් ලිපියක් ලියුවද, ඔවුන්ගේ පැත්තෙන් (මුස්ලිම්වරු) මෙවන් වූ කතිකාවතක්වත් ගොඩනැගේයැයි සිතිය හැකිද ? නැත එසේ වුවහොත් එය කළ තැනැත්තාට මරණ වරෙන්තුවක් ලැබිය හැකි බරපතල වරදකි. අඩුම තරමින් පල්ලියෙන් නෙරපීම හෝ සිදුවිය හැකියි.//

    ඔන්න ඔහේ වෙන දෙයක් වෙච්චාවේ කියලා ප්‍රතිපත්ති හා තර්ක වල හිරවෙවනවට වඩා මම හිතන්නේ අවස්ථාවට ප්‍රමුඛත්වය දෙන්න ඕනේ කියලා... මිනී මරන්න කියලා බුදුහාමුදුරුවෝ කොහේදිවත් කියලා නැති වුනත්, දුටුගැමුණු රජතුමාගේ ඉ‍ඳන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දක්වා හැම නායකයෙක්ටම යුද්ධයට පාර හදලා දුන්නේ මහ සංඝරත්නය ! බුද්ධාගම අවිහිසාවාදී යන තර්කයේ පිහිටලා පැත්තකට වුනා නම් කෝ අද සිංහල රටක් ??? ථෙරවාදී බුද්ධාගමක් ???

    දිනේෂ් සහෝගේ ලිපියට එකඟයි, ඒත් 100% ක් නෙවේ. ඇත්ත පුහු අන්තවාදයෙන් මේ ගැටළුව විසඳන්න බෑ. ගොඩක් අයට මේක ගැටළුවක් වගේ පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් ගැටළුවක් ඇති බව වටහා ගැනීමයි වැදගත්. ආවේගශීලී නොවී උපක්‍රමශීලීව මේ ගැටළුවට මුහුණ දෙන්න පුළුවන් නම් ඒක තමා හොඳම විදිය. එහෙම නැති වුනොත්, ගැටුම වැඩිවෙලා අර්බුදයකට - යුද්ධයකට ගියොත්... අපිට මැරෙන්න වෙන්නේ මුස්ලිම් රටක ! ඒකයි ඇත්ත !!!

    මේ හැම දේකටම මුල සිංහලයගේ එකමුතුකමක් නැති එක. මෙතනදී මම හිතන්නේ හරියට සිංහල කියලා කියන්න පුළුවන් අය අද අඩුයි. ඔක්කොම වගේ ඉන්නේ කලවම් සිංහලයෝ (සමහරවිට මමත් ඇතුළුව, අක්මුල් නොදන්නා නිසා...)

    කරබා ගෙන නෑසූ කන්ව ඉන්න එක නෙවේ කරන්න ඕනේ... දැනුවත් වීම සහ දැනුවත් කිරීම... ලෙයට ලෙයින් නෙවේ... සිහි බුද්ධියෙන්, මොලයෙන් ගේම දෙන්න පුළුවන් වෙන්නයි ඕනේ... අපෙන් පස්සේ එන පරම්පරාවට ඒ අවබෝධය දෙන්න පුළුවන් නම්

    අපිට දෙයියනේ කියලා බෞද්ධ චාරිත්‍ර එක්කම සිංහල බිමක අවසන් ගමන් යන්න පුළුවන් වේවි !!!

    ReplyDelete
    Replies
    1. මම එකම කරුණු මේ වෙන විට කිහිප තැනකම කියා ඇති නිසා නැවත වරක් ඒවා කියන්නේ නැති වුනත් ඔබ කියනා බොහෝ කාරණා වලට එකඟයි. ඒත් ජාතියේ මුරදේවතාවනුත් සමහර අවස්ථාවල බුද්ධිමත් ලෙස මේ රටේ ගැටළු විසදගන්න ඉඩලබා නොදෙන බවත් කණගාටුවෙන් වුවත් පවසන්නට සිදුවෙනවා...

      Delete
  21. සිංහලයා ජාතිවාදියෙක්ද?

    කවදාවත් කියන්න එපා, සිංහලයො ජාතිවාදියො කියල. ඒ ඇයි?

    1.පෘතුගීසි පූජකයන්ට, ලන්දේසි පූජකයො හිරිහැර කරනකොට, ලන්දේසි පූජකයන්ට ඉංග්‍රීසි පූජකයො හිරිහැර කරනකොට, ඒ අයට රැකවරණය දුන්නේ බෞද්ධ භික්ෂූන්, තමන්ගේ පන්සල් වල.

    2. මුස්ලිමුන්ට බටහිර ජාතීන් හිරිහැර කරනකොට, ඔවුන්ට උඩරට රජ්‍යයෙ, නැගෙනහිර පළාතෙ, පදිංචි වෙන්න දුන්නේ සිංහලේ රජතුමා, සෙනරත් (පරම්පරා තුනකින් සිංහල ජාතියට බද්ධ වෙන්න ඕනෙ කියන පොරොන්දුව මත. මුස්ලිමුන් ඒ පොරොන්දුව කැඩුව විතරක් නෙවේ, දැන් අපෙ නැගෙනහිර උරුමයටත් තර්ජනයක් වෙලා).

    3. සුනාමි ආපු වෙලාවෙ, නැගෙනහිර, මුහුදු මහා විහාරයෙ රැකවරණය දුන්න මුස්ලිමුන්ට. අද ඒ අයම, ඒ පන්සල ආක්‍රමණය කරල. බෝධීන් වහන්සේ රැකගෙන තියෙන්නේ විදුලි වැටක් ඇදල. පසුගිය දිනයක උන් පන්සල ඩෝසර් කරන්නත් ආව.http://denethharinna.blogspot.com/2012/06/blog-post.html

    4. අදටත් ඕනෙම සිංහල බහුතරයක් වෙසෙන පෙදෙස්වල, ඕනෙම ජාතිකයෙකුට ඉන්න පුලුවන්. නමුත්, කල්මුණේ (කලිං ගල් අමුණ ), සමන්තුරේ, අක්කරේයිපත්තු, යාපනය වගේ තැන්වල නිරුපද්‍රිතව සිංහලයන්ට ඉන්න බෑ වගේම, වැල්ලවත්තෙ කුලවත් දෙමළ සමාජය තුළ, අඩුකුලේ දෙමළ වැසියන්ටත් ඉන්න බෑ.

    5. ඊයෙ, පෙරේදා දවසක, යාපනයෙම කුළ දෙකක් අතරේ ලොකු ගැටුමක් ඇතිඋනා. නමුත් සිංහල බහුතර පරිසරයක් තුල, අඩුකුලේ දෙමළටත් රැකවරණයක් තියෙනව.

    6. කුරගල කියන්නේ මහරහතුන් වැඩහිටි, බෞද්ධයන්ගෙ ඉතිහාසගත උරුමයක්. අද ඒක මුස්ලිමුන් බලෙන් අයිති කරගෙන. ඒ කටයුත්තට විරුද්ධව උසාවි නියෝගයක් පවා දීල තිබෙනව, වහාම ඔවුන්ට ඉවත් වෙන්න කියල. (නමුත් එසේ ඉවත් වෙන පාටක් නම් පේන්න නැහැ.)

    7. අද හින්දූන්ගෙ ප්‍රසිද්ධ ත්‍රිකුණාමලයේ, කෝනෙශ්වරන් කෝවිල', පැරණි 'ගෝකන්ණ රජ මහා විහාරය'. බොදු උරුමය මත විනාශ කරල තමයි ඒ කෝවිල හදල තියෙන්නෙ. මුන්නේශ්වරම් කියන්නෙත් පැරණි බෞද්ධ විහාරයක්. නමුත්, කාටහරි කියන්න පුළුවන්ද, අන්‍ය ආගමික සිද්ධස්ථානයක් බිඳ දමල ගොඩනැඟුව බොදු පුද බිමක්?

    තව ගොඩාක් විස්තර ලියන්න පුලුවන්. නමුත් දිග වෙන නිසා, අතීතයෙ සහ වර්තමානයෙ උදාහරණ ටිකක් සංපිණ්ඩනය කලා.

    ඉතිං කොහොමද, සිංහල අපි ජාතිවාදීන් කියන්නේ.

    http://denethharinna.blogspot.com/2012/06/blog-post_09.html

    ReplyDelete
    Replies
    1. සර්ව ආගමික පොෂ් කණ්නාඩිය දාගත්තට පස්සෙ ගොඩක් උංට තමන්ගෙ ආගම ජාතිය ගැන කැක්කුමක් නෑ.. ඊට වඩා වටින්නේ තමන් හෙන මධ්‍යස්ථ සර්ව ආගමික පොරක් කියලා පෙන්නන එක.

      Delete
    2. සිංහලයා ජාතිවාදීදැයි ඔබ අසා ඇති ගැටළුවෙන් කරුණාකර සිංහලයා යන පදය ඉවත්කරන්න. මන්ද ජාතිවාදී මෙන්ම ජාතිවාදී ‍නොවන, සියළු දෙනා මසින් ලෙයින් සැදී ඇති පණ ගැහෙන මිනිසුන් යයි සිතන යහපත් සිංහල මිනිසුන්ද මේ රටේ තවමත් ඇති නිසා සියල්ල පොදු ගුණාකාරය තුලට ඇතුලත් කර ගැනීමෙන් වලකින්න.

      දෙවනුව රජකාලේ තොරතුරු පැවසීම තර්කානුකූල නොවේ. එදා ආගමික, සාමාජීය හා දේශපාලනික වාතවරණයත් දැන් වාතාවරණයත් අහසට පොළව මෙනි. ඒ නිසා විසිවන සියවසෙන් පසුව දේවල් ගැන පමණක් අවධානය යොමුකරමු. ඔබ පවසා ඇති ආකාරයට අන්‍ය ආගමකට හෝ ජාතියකට අයත් පුදබිමක් හෝ වැදගත් සංවේදී ස්ථානයක් අන්‍යයන් විසින් අත්පත් කරගන්නවානම් එය බරපතල වැරැද්දක් බව මමද පිළිගනිමි. එය ලිපියේද සදහන් කර ඇත. ඒත් මීට වසර සියගණනකට පෙර අත්පත් කරගෙන දැන් පරම්පරා කිහිපයකට පෙර සිටම (කුරගල වැනි ස්ථාන පිළිබදව නෙමෙයි මේ කියන්නේ) පවත්වාගෙන ස්ථාන මේ දක්වාම පිළිගෙන දැන් එකවරම ජාතිවාදී නැඹුරුවකින් අවධිවී කලකෝලාහල කරන්නට යන්නේ නම් එය කෙතරම් නුවණට හුරු දැයි කල්පනා කර බලන්න. පිටස්තර ජාතීන් අතර අභ්‍යන්තර ගැටළු පැනනැග ඇත්නම් එය විසදා ගතයුත්තේ ඔවුන් මිස අප නොවේ. අපේ පූජනීය ස්ථාන ගණනාවක් මෙසේ මුස්ලිම් හෝ වෙනත් ජාතීන් විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇත්නම් එයට දේශපාලනඥ‍යෝද වගකිව යුතුයි. මන්ද ඡන්ද පිළිබදව ලෝභයෙන් ක්‍රියාත්මක විය යුතු තැන ක්‍රියාත්මක නොවී ඒවා ඔඩු දුවන්නට ඉඩ හැරීමෙන් අවසානයේ ගැටළු නිම වන්නේ ලෙයින් හා කදුලිනි.

      ඉතින් ඔබ ‍සැබෑ දේශහිතෛශී ආගමික බැතිමතෙක් නම් මෙම ලිපියට පසුව පළ කර ඇති ලිපියේ සදහන් පරිදි අහිංසක දරුවන් වෙනුවෙන් ගොඩනැගීමට බලාපොරොත්තුවන පෙර පාසලටත් ආධාරයක් කරන්න. සැබෑ බෞද්ධයෙකු හෝ ජාතිමාමයකුවිය යුත්තේ ක්‍රියාවෙන් මිස බ්ලොග් හෝ පුවත්පත් වල ලිපි හෝ කමෙන්ටුවලින් නොවන බවද සිහියේ තබා ගන්නා මෙන් ඉල්ලමි...

      Delete
    3. @Kanishka | කණියා - මා මෙන්ම ඔබද කැමති වුවද අකමැති වුවද සර්ව ආගමිකයෙකි. මන්ද ඔබ හෝ මම කෙතරම් කැමතිවුවද ඔබගේ ප්‍රදේශයේ තිබෙන අන්‍ය ආගමික ස්ථාන හෝ වෙනත් ආගම්වල අයට හානි සිදුකළ හැකිද? නීතියේ නාමයෙන් හෝ වචනයෙන් අප කෙතරම් වහසිබස් කිව්වද එවන් දෙයක් තනියෙන් කිරීමට එඩිතර කමක් නැහැනේද? ඉතින් අප ස්ව්‍යංක්‍රීයවම සර්ව ආගමික සර්ව ජාතික තත්ත්වයට පත්ව ඇත. ජාතිය රැකගැනීමට බ්ලොග් තුල අන්‍ය ආගම්වලට විරුද්ධ ප්‍රචණ්ඩකාරී ලිපි හෝ කමෙන්ටු ලියා අන්‍යයන් කුපිත කිරීමෙන් ලැබෙන සුගතියක් නොමැත...

      Delete
    4. @ දිනේශ් දීපාල්

      තනියෙන් කරන්න බැරි හින්ද තමයි මෝඩයෝ අපි මේ එකට එකතු වෙමින් ඉන්නේ. ඇයි උඔ අහල නැද්ද? සමඟිය බලය වේ කියල කතාවක් තියෙනවා.

      Delete
    5. හොදයි Anonymous බුද්ධිමතානෙනි, සමගිය බලය වේ කියා නම් අසා තිබෙන්නේ කුඩා කළදීමය. එහෙත් නරක අරමුණක් කෙරේ ඔබ වැනි බුද්ධිමතුන්ගේ බුද්ධිමත් එකතුවීම රටට මොන බලපෑමක් ඇතිකරනු ඇති දැයි සැකයි...

      Delete
  22. ලහිරු රණවීරJune 20, 2012 at 8:20 PM

    මුසොල්මානුවන් ලෝකයටම තර්ජනයකි. ඒ බව පහත වීඩියෝවෙන් සනාථ වේ. බලා සිටියොත් අපටත් වන්නේ මේ ටිකමය.
    http://www.youtube.com/watch?v=6-3X5hIFXYU
    මට තේරෙන සැටියට දිනේෂ් දීපාල් මහතාට හා මුසොල්මානුවන්ට හිතවත්ව comment පළකරන අයට ඉස්ලාම් පිළිබඳව අවබෝධයක් නැත. පහත සබැඳි වලින් ඒ ගැන අවබෝධයක් ඇතිකරගන්නා මෙන් ඉල්ලමි. මා කියන නිසා හෝ මෙම සබැඳි වල ඇති නිසා පිළිගන්න එපා. කුරානයක් සොයාගෙන කියවා බලන්න.
    https://sites.google.com/site/islamyanukumakda/
    http://peramunerala.wordpress.com/tag/%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F/
    අනිත් කාරණේ අප සාමකාමීව මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කිරීමේ ඇති වරද කුමක්ද? එය වරදක් නම් මහත්මා ගාන්ධි අවිහිංසාවාදීව බ්‍රිතාන්‍ය ව්‍යාපාර වර්ජනය කිරීමට කීමත් වැරදියි නේද?

    ReplyDelete
    Replies
    1. මුසල්මානුවන් පමණක් නොව අන්තවාදය, ජාතිවාදය, මූලධර්මවාදයෙන් හිස පුරවාගත් කොයි ජාතිකයන්ගෙනුත් සිදුවන්නේ ලෝකයටම තර්ජනයකි. ඔබ මේ දක්වා කියවා නැත්නම් මෙතෙක් පළ කර ඇති හිට්ලර් ගැන ලිපි සහ පොල්පොට් ගැන ලිපිය කියවන්න. මේ කරුණ එයින්ද හොදින් සනාථ වේ.

      ඉස්ලාම් පිළිබදව යම් අවබෝදයක් තිබේ. ඔවුන් ආගම ප්‍රචාරය කළේ මුල් කාලයේ සාමකාමීව වඩා යුදකාමීවය. ඉන්දියාවේ බෞද්ධාගමට දැඩි තර්ජනයක් ඇතිවූයේද ඉස්ලාම් ලබ්ධික මෝගල් අධිරාජ්‍යයෙනි.

      තවද අල්කුරාණය පිලිබදව හරිහැටි හැදෑරීමක් නොකර අන්‍යාගමිකයෙකුගේ පූජනීය ග්‍රන්ථයක් පිළිබදව මතයක් පළ කිරීම ප්‍රඥාගෝචර නොවන නිසා ඒ ගැන නම් යමක් කීමට නොහැකිය.

      ගාන්ධිතුමාගේ බ්‍රිතාන්‍ය වර්ජනය හා මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පටලවා නොගන්න. ගාන්ධිතුමා බ්‍රිතාන්‍ය වර්ජනය තුලින් බලාපොරොත්තුවූයේ හානීකාරී ආක්‍රමණිකයෙකුට එරෙහි ක්‍රියාමාර්ගයක් මිස මේ කියනා මේ රටේම ඉපදී, ජීවත්ව මිය යන මිනිසුන් සමූහයක් හා සටනක මුල් අවස්ථාවන මෙවැනි ක්‍රියාමාර්ගයක් නොවේ. තවද ඉන්දීය දේශපාලනයේ හින්දු මුස්ලිම් සහයෝගීතාවය විසිවන සියවසේ මුල පවා තිබුනි. පකිස්ථානයේ පියා ලෙස හැදින්වෙන අලි ජින්නා වැනි මුස්ලිම් නායකයන් කරට කර ගාන්ධි, ජවහර්ලාල් නේරු වැනි අය සමග එක්ව ඉන්දීය ජාතික කොන්ග්‍රසයේ වැඩකටයුතු කළ අතර අලි ජින්නා 1920 දී එයින් නික්මීමට එක් ආසන්න හේතුවක්ද වූයේ ගාන්ධිතුමාගේ මෙම බ්‍රිතාන්‍ය වර්ජනයයි. අවසානයේ අලි ජින්නා එයින් වෙන්වූවා පමණක් නොව ඉන්දියාව දෙකඩවී පකිස්ථානය නම් නව රටක් බිහිකිරීමටද එය හේතුවිය. මේ නිසා අද දක්වා මේ දෙරටම විදවන කාරණා එමට තිබේ. මේ නිසා මේ රටේ හෝ යම් රටක සිදුවූවායැයි කියා එය වෙනත් කරුණක් උදෙසා ආදේශ කළ නොහැකිසේම ඒ කාර්යය එදා සිදුකිරීමෙන් සියල්ල යහපත් අන්දමින් නිමාවූවාදැයි විශ්ලේෂනය කළ යුතු බවද පවසමි...

      Delete
    2. ලහිරු රණවීරJune 21, 2012 at 7:16 PM

      ඉන්දියාවේ බුද්ධ ශාසනය විනාශ කළේ මුස්ලිම්වරු බව දැන දැනම ඔබ ඔවුන්ට හිතවාදී ප්‍රතිපත්තියක් දැරීම කණගාටුවට කරුණකි. එකල ඉන්දියාවේ සිටි බෞද්ධයන් මෝගල් අධිරාජ්‍යවාදීන්ට බුදු සසුන විනාශ කිරීමට ඉඩදී බලා සිටියත් මේ සිංහල රටේ වීර සිංහල බෞද්ධයන් එසේ සිටින්නේ නැත. අතීතයේ පකිස්ථානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය, මාලදිවයින, ඉන්දුනීසියාව වැනි ප්‍රදේශ බෞද්ධ භූමි බව දන්නේ නැතිනම් දැනගන්න. ඒවාට අත් වූ ඉරණම ලංකාවටත් අත් වීමට ඉඩදී බලා සිටින්නද ඔබ යෝජනා කරන්නේ? එසේ වුවහොත් අනාගතයේ මුස්ලිම්වරුන්ගේ කඩු පහරට ලක්වන මෙරට සිංහල දරුවන් ඔබ වැන්නවුන්ට ශාප කරනු ඇත.

      මුස්ලිම්වරුද හානිකාරී ආක්‍රමණකාරී ජන කොටසක් බව ඔබට තේරුම් ගැනීමට නොහැකිද? ඔවුන් වේගයෙන් ව්‍යාප්ත වන බව ඔබ පිළිගන්නේ නැද්ද? ඔවුන් මෙරට ආර්ථික බලය අල්ලන බවත් අන් ජන කොටසක් නියෝජනය කරන අයට රැකියා දීම හෝ දේපළ විකිණීම නොකරන බව නොදන්නේද? "මේ රටේම ඉපදී, ජීවත්ව මිය යන මිනිසුන් සමූහයක්" ලෙස ඔබ හඳුන්වන හම්බයන් මෙහි බෝ වූයේ වෙළඳාමේ පැමිණි අරාබීන්ගෙන් බව ඔබට මතක් කර දිය යුතුද? මෙහි වෙළඳාම් කිරීමට හා පදිංචි වීමට දුන් අවසරයෙන් හා සිංහල බෞද්ධයින්ගේ මිත්‍රශීලීත්වයෙන් අයුතු ප්‍රයෝජන ගෙන මහ ජාතිය විනාශ කොට මෙරට මුස්ලිම් රටක් කිරීමට කුමන්ත්‍රණ කිරීම මොනතරම් සදාචාර සම්පන්නද?

      ඉන්දියාව දෙකඩ වූයේ බ්‍රිතාන්‍ය ව්‍යාපාර වර්ජනය නිසා යැයි කීම ඉතාමත් මෝඩ කථාවක් වන අතර එවැන්නක් කීමට තරම් ඔබතුමා බංකොළොත් තත්වයකට පත්වීම ගැන කණගාටු විය යුතුය. ඉන්දියාව දෙකඩ කිරීමෙන්ද පෙනෙන්නේ මුසොල්මානුවන්ගේ ජාතිවාදී ස්වභාවය මිස අන් කිසිවක් නොවේ.

      අවසන් වශයෙන් මට ඇසීමට ඇත්තේ සාමකාමීව මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කිරීමෙන් සටනක් ඇතිවන්නේ කෙසේද යන්නයි.

      Delete
    3. ඉතිහාසගත කරුණු පිළිබදව ගැඹූරින් සොයා බලන්නේ නැතුව මා දුන් පිළිතුරේ කොන් කොන් අල්ලා ගෙන තේරුමක් නැති පිළිතුරු දෙන්නේ මන්ද? මම පවසා ඇති පරිද //අලි ජින්නා 1920 දී එයින් නික්මීමට එක් ආසන්න හේතුවක්ද වූයේ ගාන්ධිතුමාගේ මෙම බ්‍රිතාන්‍ය වර්ජනයයි.// අලි ජින්නා ඉන් ඉවත් වීමෙන් පසු වෙනමම මුස්ලිම් බලය ඇති දේශයක් ලබා ගන්නට කටයුතු යෙදීමයි. ඔබට අවශ්‍ය නිසාම මෙහි එය පැහැදිලිව සටහන් කරන්නම් - Jinnah broke with the Congress in 1920 when the Congress leader, Mohandas Gandhi, launched a Non-Cooperation Movement against the British, which Jinnah disapproved of. Unlike most Congress leaders, (http://en.wikipedia.org/wiki/Muhammad_Ali_Jinnah) - මෙහි සටහන්ව ඇති launched a Non-Cooperation Movement against the British යන්නෙන් බ්‍රිතාන්‍ය භාණ්ඩ වර්ජනය පමණක් නොව ගාන්ධිතුමා විසින් කිසිදු අයුරකින් බ්‍රිතාන්‍යයන් හා එකඟතාවයක් ඇති කර ගැනීම ප්‍රති‍ක්‍ෂෙ කිරීමත් ඇතුලත් වේ. ඒ අනුව මා කමෙන්ටුවේද සදහන් කර ඇති "එක් ආසන්න" යන වචන පිළිබදව වඩාත් සැලකිලිමත් වන්න. ඉන්දියාව දෙකඩවීමට බ්‍රිතාන්‍ය භාණ්ඩ වර්ජනය කිරීමම හේතුවක් වුනියයි සදහන් කිරීමට තරම් මා ගොනෙකු නොවන අතර ඉන්දියානු ඉතිහාසය පිළිබදව තවදුරටත් හදාරා සාරවත් පිළිතුරක් දෙන්නට සිතට ගන්න.

      ඉන්දියාවේ බුද්ධ ශාසනය විනාශ වූයේ අද ඊයෙද? එය සිදුවූයේ මීට සියවස් කිහිපයකට පෙරයි. විසිවන සියවසෙන් පසුව විශේෂයෙන් පළමු ලෝක යුද්දයෙන් පසුව ලෝක‍යේ භූමිකාව වෙනස් වූ බව ඔබ නොදන්නා හැටියි. ඒ දක්වා තුර්කි අධිරාජ්‍ය එනම් මුස්ලිම ලෝකයේ ප්‍රධානම අධිරාජ්‍ය බිදවැටුන බව ඔබ දන්නේද? ඒ නිසා ඓතිහාසික වටපිටාව හා නූතන වටපිටාව යනු දෙකක් බව වටහා ගන්න.ලංකාවේ ඇතැම් ප්‍රදේශ වල පෞරානික බෞද්ධ සිද්ධස්ථාන අන්‍ය ආගමිකයන් විනාශ කරන බව මමද පිළිගනිමි. දීඝවාපීය අහිමිවූයේත් කුරගල අහිමිවන්නට ගියේත් ඡන්ද ලෝභයෙන් ඒවා ‍අහිමිවන තුරු ඇස් කන් පියාගෙන සිටිය දේශපාලකඥයන් නිසයි.

      බෞද්ධාගම සිංහලකම නැතුව තිබෙන්නේ අපේ මිනිස්සුන්ගේම අශීලාචාරකම් නිසා බව වටහා නොගෙන අල්ලපු වත්තේ මුස්ලිම් එකාට, දෙමළාට බැනීමෙන් පලක් තිබේද? අද පුවත්පතක්, ප්‍රවෘත්තියක් ගතහොත් තම ලෙයින් උපන් දියණිය දූෂනය කරන්නේ ඒ සිංහල පියා මුස්ලිම් වී පැමිණද? තම මව උපන් සැටියේ තම දරුවා මරා දමන්නේ මුස්ලිම් වී පැමිණද? ඡන්ද කාලේදී තමන් දන්නා හදුනන ගමේ එකා එක්ක මිනීමරා ගන්නට යන්නේ ඌ මුස්ලිම් හෝ දෙමළ වී පැමිණි නිසාද? නමට සිංහල කම, බෞද්ධකම තිබුනාට මේ දෙකම රැකෙන්නේ නැත. ආදර්ශවත්, යුක්තිගරුක හා විනයවත්බව තිබුනොත් එය මේ සිංහල කම, බෞද්ධකම රැක ගැනීමට ආධාරයක් වන බව මතක තබා ගන්න. අද චීවරධාරීන් කීදෙනෙක් විවිද අපරාධ සදහා වරදකරුවන් වී සිටිනවාද? ඒවා ගැන ඔබලා නිහඬ නමුත් පාඩුවේ තමන්ගේ ව්‍යාපාරය පවත්වාගෙන යන එකා බින් ලාඩන්ගේ මට්ටමේ කොට සලකයි. ඔබ දක්වන සාමකාමී මුස්ලිම් ව්‍යාපාර වර්ජනයෙන් පසුව ආයේ ආවත් එකයි නාවත් එකයි ආකාරයෙන් වෙළදාමද කරනා සිංහල එකාගේ කඩයෙන් වැඩිමිලට බඩුගෙන ජාතිය රැකීමේ ආත්ම තෘප්තිය ලබාගන්න. යම් දිනයක ඔබගේ දරුවා ඇයි තාත්තේ මුස්ලිම් කඩයෙන් බඩු නොගන්නේ යයි අසන විට ඔබ දෙන පිළිතුරෙන් ඒ දරුවා කුඩා කල සිටම ඒ මිනිහා ගැන වෛරයෙන් බලන්නෙකු බවට පත්කළ පසුව එය තවදුරටත් සාමකාමී වෙයිද? ඔබ අසා නැතුවට ලොකු ගිණි ඇතිවීමට කුඩා ගිනි අගුරු කැබැලිද හේතුවන බව මතක තබා ගන්න. ඔබලා ප්‍රායෝගික නොවන දේවල් කරමින් නැති ප්‍රශ්න ඇතිකරනවා මදිවට ඒවා ‍ඔඩු දිව් පසුව ඒවා විසදීමට කටයුතු කරන්නේ කෙසේදැයි පෙන්වා දෙන්න. මේ ආකාරයෙන් කොන්කිරීම් සිදුවූ පසුව මීට පෙර ඊලාම් දේශයක් ඉල්ලූ පරිදි වෙනම මුස්ලිම් කලාපද ඉල්ලූ පසුව ඔබලා වැනි අය ගන්නා ක්‍රියා මාර්ග මොනවාද?

      ඔබ ඔය තරම් ජාතිය ගැන ආගම ගැන කැප වෙන අයෙක් නම් කරුණාකර මෙම ලිපියට පසුව ලියා ඇති කුඩා දරුවන් පිරිසකට පෙර පාසලක් තැනීමට ගරු ස්වාමීන්වහන‍්සේ කෙනෙක් ගෙන ඇති ක්‍රියාමාර්ගයට ආධාර කොට සත්‍ය වශයෙන්ම ඔබ බෞද්ධයෙක්දැයි පෙන්වන්න. එවැන්නකට වචනයකින් හෝ ආධාරය නොකරන්නේ නම් කාලය කා දැමීමට ක්‍රමයක් නොමැතිව බ්ලොග්වලට කයිවාරු දෙසාබාන තවත් එක් අන්තවාදියෙකු ලෙස සැලකීමට සිදුවන බවද කණගාටුවෙන් දන්වමි...

      Delete
  23. //*අනිත් කාරණේ අප සාමකාමීව මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කිරීමේ ඇති වරද කුමක්ද? එය වරදක් නම් මහත්මා ගාන්ධි අවිහිංසාවාදීව බ්‍රිතාන්‍ය ව්‍යාපාර වර්ජනය කිරීමට කීමත් වැරදියි නේද*//
    සාමකාමීව මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන එකට වඩා මේ කොමෙන්ට් කල සිංහල බෞද්ධ අයට පුළුවන් නම් තමන්ගේ කියල හොද සිංහල ව්‍යාපාරයක් හදල තමන්ගේ ප්‍රදේශයේ ඉන්න මුස්ලිම් ව්‍යාපාර අබිබවා යන්න, එක තමා මම හිතන්නේ පළවැනි පියවර. මේ ඔක්කොම වෙන්නේ මුස්ලිම් ව්‍යාපාර වලින් එන සල්ලි වලින්. ඒ ව්‍යාපාර වලට ඒ විදියට වර්ධනය වෙන්න දුන්නේ කව්ද?. අපිම තමා. කොහොමද? ඒ අයට කරන්න දීල අපි ඒ වැඩ වල ප්‍රතිපල බුක්ති වින්ද මිසක් අපි අපේ දක්ෂකම් වලින් වැඩ පෙන්නුවේ නෑ. ඉතින් ඒ ය බැලුව මේ සිංහල අයට මේවා බේ අපිට තමා පුළුවන් ඒ නිසා උබල අපිට පහල ඉන්න ඕන කියල. එහෙම නැතිව අපි ලේ රත් වෙන දේවල් කලොත් කවදාවත් අපිට ඔය ආක්‍රමණය නවතන්න බැරි වෙනවා. මේ වෙලාවේ දැනුවත් කිරීම් කරන එක හොදා තමා නමුත් මේ විදියට එළිපිට කෑ ගහල ගහපල්ලා මරපල්ලා කියල කියල නම් ඔය කියන කිසි දෙයක් කර ගන්න වෙන්නේ නැ.අනික් තර්ජනය එන්නේ අපේ සිංහල බොද්ධ කියන ව්‍යාපාර වලින්ම තමා. මොකද ඒ අය බලන්නේ අනික් සිංහලයාගේ සාක්කුවේ තියන සල්ලි ටික කොහොම හරි තමන්ගේ සාක්කුවට දා ගන්න. හැම ප්‍රදේශයකම ඉන්නවා මේ ලිපියට බැනල කොමෙන්ට් දාපු ය ඒ අයට පුළුවන් ඒ කියන සිංහල ව්‍යාපාර කරන අයට දැනුම්දෙන්න මේ වැඩ වලින් වෙන්නේ අපිම අපි විසින් විනාස වෙන එක බව. එහෙම අපිත් සංවිදානය වෙලා මේ දේ පිළිවෙලට කරන්න ඕන එහෙම නැතිව මෙහෙම අන්තර්ජාලයේ එලි පිට කේ ගහපුවම හැමෝම දන්නවා මේ වගේ දේවල් එස්සරහට වෙනවා ඒවාට ලෑස්ති වෙන්න ඕන කියල. එක නිසා සිංහල බෞද්ද කම රේක ගන්න ඕන නම් කෑ ගහන්නේ නැතිව තමා තමන්ට පුළුවන් විදියට ඔය මුස්ලිම් ව්‍යපාර සිංහල ව්‍යපාර වලින් replace කරන්න උත්සහ කරන්න. පන්සල මුලික කරගෙන හැම ආගමකටම සලකන්න. එතකොට කාටවත් ආගම්වාදී ලේබල් ගහන්න වෙන්නෙත් නෑ. අපේ වෙඩෙත් කෙරෙන

    ReplyDelete
    Replies
    1. ඔබ පවසන දේ ඇත්ත. තම ජාතිය ආගම රැක ගැනීම යනු බො‍රුවට කටමැත දෙඩවීම යනු සංවිධානයෙන්, ඉවසීමෙන්, බුද්ධියෙන්, සදාචාරයෙන් විසදා ගත යුතු දෙයක්. මේ ලිපියේ කමෙන්ටු වලින් බෞද්ධාගම වෙනුවෙන් පණ දෙන්න කෑගහන බොහෝමයක් කරන්නේ බොරුවක්. මොකද මෙම ලිපියට පසුව ලියා ඇති දුෂ්කර ගමක කුඩා දරුවන් පිරිසක් වෙනුවෙන් තනා දෙන්නට ගරු ස්වාමීන්වහන්සේ නමක් විසින් ගන්නා ක්‍රියාමාර්ගයට වචනයෙන් හෝ උදව් කරන්න ඉදිරිපත් වෙලා ඉන්නේ මේ ලිපියට මධ්‍යස්ථව කමෙන්ටු දුන් අය කිහිපදෙනෙක් විතරයි. අනෙත් බොහෝ ජාතිආලය ඇති අය ජාතිය රැකගන්නවාය කියා සිතා සිටිනවා ඇත්තේ ඔවුන් විසින් ඉන්දන සපයා ඇතිවන ජාතිවාදී කෝලාහලයකදී අනෙකාගේ ගෙට හෝ කඩේට පැනල බඩුමුට්ටු ටිකක් හොරකම් කරගෙන යාම විතරක් වෙන්න ඇති...

      Delete
  24. You are funded by Islamist to get an assessment of Sinhalese response.So I am not going to visit your blog anymore...Go get your self circumcised!

    ReplyDelete
    Replies
    1. තමන්ගේ අන්‍යන්‍යතාව මුලින්ම පෙන්වන්න. තමන් කවුදැයි කියාවත් නොපෙන්වා ජාතිය රැක ගැනීමට බොරුවට කෑ ගැහීමෙන් ඵලයක් නැත. තවද ඔබ මෙහි එනනොඑන එක ඔබේ කැමැත්තක්. ඔබ කැමතිවූවා කියා විනාශකාරී ප්‍රතිඵල ගෙන දෙන ජාතිවාදී අදහස් පළ කිරීමට මා කැමැත්තක් නොදක්වමි. ස්තූතියී මේ දක්වා හෝ ඔබගේ පැමිණීම ගැනත්...

      Delete
  25. ඔබතුමා මධ්‍යස්ථ මතදාරියෙක්ය කියලා පෙන්වන්න අසාර්ථක සහ අසාධාරණ "අධි සමාන්‍ය කරනයක" යෙදිලා ඉන්න බවක් දකින්න තියනවා . මධ්‍යස්ථ මතදාරීත්වය ඇත්ත ඇති සැටියෙන් දකින්න මිසක , යථාර්ථය වසන් කරන්න යොදා ගැනීම කණගාටුදායකයි
    ඒ පිලිබඳ පහත කාරණා කිහිපය මතු කරන්න කැමතියි

    01) ඔබ තැනක සටහන් කරල තියනවා , කුරානය පිලිබඳ අවබෝධයක් ඔබ සතුව නැතිය කියන එක .ඔබ කුරානය ගැන නොදැන මේ වගේ මාතෘකාවක් සාකච්ඡවට ගැනීමම බරපතල වරදක් , අවම වශයෙන් අන්තර්ජාලය තුලින් හෝ කුරානයේ වැකි හරහා මතු කර තිබෙන අන්තවාදය සහ මිලේඡ්ඡත්වය දැකිය හැකි විය යුතුයි . අනිකුත් කිසිම ආගමක නැති හිංසනය හා අන්තවාදය වපුරන ඉගැන්වීම් කුරානය තුල තිබෙනා බව මම කියා සිටිනවා , එසේ නොවන බව ඔබට ඔප්පු කල හැකිද ?

    02) ලෝකයේ දරුණුම ත්‍රස්තවාදි සංවිධාන එකතුව ගැන මේ http://en.wikipedia.org/wiki/List_of_designated_terrorist_organizations ලින්ක් එකේ තියෙයි මේ අතර තියන අති බහුතරයක් සංවිධාන ඉස්ලාම් ආගම පදනම් කරගත් ඒවා වීම ගැන ඔබේ අදහස කුමක්ද ? ඒ සංවිධාන හැරුණු විට ලයිස්තුවේ තියන ත්‍රස්තවාදි සංවිධාන දේශපාලනික මතවාද සහ දේශසීමා අර්බුධ පදනම් කරගත්ත ඒවා . ලෝකයේ අනෙකුත් ආගම් පදනම් කරගෙන ත්‍රස්තවාදි සංවිධාන බිහි නොවෙත්දි , ඉස්ලාමය මත පදනම් වුනු ත්‍රස්තවාදි සංවිධාන රාශියක් පැවතීම ගැන ඔබේ අදහස කුමක්ද ?

    03) ඉන්දියාව මේ සඳහා උදාහරණයට අරගෙන ඔබ නැවතත් අධි -සාමාන්‍ය කරණයක් කරල තියනවා , (මම මේ බ්ලොග් අඩවියට ආපු ඉන්දියාව ගැන ලිපියෙන්ම මට තේරුම් ගියේ ඔබ ඉන්දියාවේ ජන ජීවිතය ගැන කිසිම ප්‍රයෝගික අත්දැකීමක් නැතුව , චීන වෙබ් අඩවියක් ඡායාරූප කිහිප්යක් හරහා සුපුරුදු අධි සමාන්‍ය කරණය කරල තියන බව ඒ නිසා මේ ලිපියේ තියන ඉන්දියානු උදාහරණ ගැනත් පුදුම වෙන්න දෙයක් නැ ) . ඉන්දියාවේ නගර 8කට වැඩි ගණනක වසර 5කටත් එහා අත්දැකීම් තියන පුද්ගලයෙක් වශයෙන් ඔබට කියන්න ඕනි . ඔබ කියනවා වගේ හින්දු - මුස්ලිම් සහජීවනයක් ඉන්දියාවේ දකින්න නොමැතිය කියන එක . යුධමය වශයෙන් එතරම් ශක්තිමත් නැති මාවෝ වාදින් හැරුණු විට ඉන්දියාවට තියන ප්‍රභලතම ත්‍රස්ත තර්ජනය ඉස්ලීමිය අන්තවාදී සංවිධාන . වෙනම මුස්ලිම් රටක් වෙන් වුනු පසුවත් , ඉන්දියානු හමුදාවේ ප්‍රමුඛතම කාර්ය වෙලා තියෙන්නේ මුස්ලිම් බහුතරයක් ඉන්න කාශ්මීරය රැක ගැනීම .1947 ඉඳන් අද වෙනකන් ඉන්දියාවේ ඇතිවුනු වාර්ගික ගැටුම් සියල්ලම පාහේ හින්දු- මුස්ලිම් ගැටුම් . ඉන්දියානු දේශපාලනයේ එක් තීරණාත්මක සාධකයක් තමයි මුස්ලිම් වරුන් කෙරේ දක්වන ආකල්පය . දූෂණයෙන් තොර අති දක්ෂ දේශපාලකයෙක් වෙච්ච නරේන්ද්‍ර මෝඩි ට අදටත් ඇමරිකානු වීසා ලබා ගහ නොහැකි වෙලා තියෙන්නේ මුස්ලිම් ගැටුම් අරභයා ඔහු ක්‍රියා කරපු විදිහ නිසා .. තවත් උදාහරණ කියන්න පුලුවන් .ඔය මම සඳහන් කලේ ඔබට අන්තර්ජාලයෙන් වුනත් තහවුරු කරගන්න පුලුවන් තොරතුරු . ඒ නිසා අවධාරණය කරන්න ඕනි පකිස්ථාන කොඩි නොවැනීම කියන එක අර කව්ද කියලා තියන විදිහට බෙලි නැතිව යන්න වෙන වැඩක් නිසා සිද්ධ වෙන්නක් මිසක් ඉන්දියානු සමාජයේ හින්දු -මුස්ලිම් සහජීවනයක් නිසා සිදුවෙන දෙයක් නොවෙනා බව . ඉන්දියානු ජන සමාජය ඇතුලේ නූතනත්වය වැලඳ ගත්ත උගත් හෝ අධි නාගරික මධ්‍යම පාන්තික සමාජ ස්ථරයක් පැහැදිලිව දැක ගන්න පුලුවන් ,මේ අය සාම්ප්‍රදායික හින්දු චර්යාවන් හෝ ඉස්ලාම් සම්ප්‍රදායන් පසුපස නොයන නූතන ජීවන රටාවන්ට අනුගත වෙච්ච අය . මෙන්න මේ අය අතර නම් ඔබ කියන සහජීවනය දකින්න පුලුවන් , මොකද පිරිස අතර ඉන්න මුසල්මානුවොත් රැවුල් වවාගෙන , ඔලෝගු පෙරවගෙන වෙනම ජන කොට්ටාශයක් විදිහට හැසිරෙන්න උත්සාහ නොකරන සාමාන්‍ය ඉන්දියානු ජීවන රටාවට අනුගත වුනු පුද්ගලයින් නිසා . ඔබ ඔය කියන ක්‍රිකට් නායකයින් , නලුවන් , බොලිවුඩ් සංගීත ශිල්පීන් වගේම අබ්දුල් කලාමුත් අයිති වෙන්නේ ඔය ස්ථරයට . සමාන්‍යෙන් ඉන්දියානුවන්ට ආවෙණික ඉන්දියාව ගැන "පොර ටෝක්" දිම මිසක් අල්ලා ගැන හෝ ඉස්ලාමය ගැන ආචාර්ය කලාම් කථාකරනවා ඔබ දැක තියනවාද ? , ඒ විදිහට ලාංකීය ජාතිය විදිහට හැසිරෙන මුස්ලිම් විද්වතුන් දේශපාලකයින් කී දෙනාද අපේ රටේ ඉන්නේ (ඉමිටියාස් සහ කබිර් හශීම් හැර වෙන අය මගේ මතකයට එන්නේ නැහැ )

    ReplyDelete
    Replies
    1. තමන් අකමැති අමිහිර පුද්ගලයන් සම්බන්ධයෙන් හෝ හෙවනැල්ලත් ඇදය යනුවෙන් සිංහල අර්ථ නීරූපනයක් තිබෙන බව ඔබතුමා දන්නවා ඇතැයි සිතමි. මා ආසා ඇති මධ්‍යස්ථභාවය නම් හොද හෝ නරක යන දෙඅංශයම සමබරව මැදහත් සිතින් ඉවසා කටයුතු කිරීමයි. මා පන්සල් ගානේ නිරතුරු නොගියත් බුදුන්වහන්සේ වදාල බුදුදහමේ මැදුම් පිළිවෙත හා බුදුදහමේ උගන්වන බොහෝ කාරණා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරණ නිසා මා දන්නා මධ්‍යස්ථභාවය එයයි. සමහර විට ඔබ දෙව්දත් තෙරුන් බුදු දහමට හදුන්වා දෙන්නට ගිය අන්තවාදී පිළිවෙත් අනුගමනය කරන්නෙක් නිසා අන්තවාදය=මධ්‍යස්ථභාවය යනුවෙන් සිතනවාදැයි නොදනිමි. මා මධ්‍යස්ථ නොවූ‍යේ නම් මේ ලිපියට ඔබ ඇතුළු මා අකමැති කමෙන්ටු සියල්ල Moderate කර කැමති කමෙන්ටු පමණක් ප්‍රදර්ශනය කොට අනෙක් කමෙන්ටු ඉවත් කිරීමේ හැකියාව මෙන්ම මෙහි Anonymous අයගේ කමෙන්ටු කිසිවක් ඇතුළු නොකිරීමට කටයුතු යොදන්නට හැකියාව තිබුනත් ඒ කිසිවක් සිදුනොකළෙමි.

      එසේම ලිපියේ මෙන්ම කමෙන්ටු තුළද පිළිතුරු ලබාදීමේදී කිසිදුවිටක යථාර්ථය සඟවන්නට වෑයම් නොකළ බවද අවධාරණයෙන් කියමි. මා එසේ කළා නම් කුරගල, දීඝවාපිය වැනි බෞද්ධ පූජනීය ස්ථාන මුස්ලිම් අය විසින් අත්පත් කරගන්නට යාම සදහන් කරන්නේ මන්ද? ලිපිය හා කමෙන්ටු උඩින් පල්ලෙන් කියවා ඔබතුමා යම් සාවද්‍ය විනිශ්චයකට මා සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීම ගැනද කණගාටුවෙමි. ‍එසේම ඔබ අසා ඇති පිළිතුරුවලට මා දන්නා දැනුමෙන් හා අවංකභාවයෙන් යුතුවද පිළිතුරු දෙන්නේ යම් හෙයකින් ඔබ වැරදි මාවතක ගමන් ගන්නේ නම් ඒ පිලිබදවද යම් පසුවිපරමක් ඇති කරගනු විනා ඔබ කැමති මාර්ගයේ යෑම ඔබට අදාල අතර මා කැමති මඟක යෑම මා හට අදාල බවද සිහිපත් කරමිනි.

      1) ඔබතුමා මා කුරාණය නොදන්නා නිසා මෙවන් ලිපි නොලියන ලෙසද දන්වා තිබේ. ඔව් මා කුරාණය පිළිබදව වැඩිමනත් දෙයක් නොදනිමි. එසේම මා ලියන ලද ලිපියේ කොතනක හෝ කුරාණය පිළිබද සත්‍ය හෝ අසත්‍ය දෙයක් ලියා තිබේද? මෙරට සියවස් කිහිපයක් තිස්සේ වාසය කරන අන්‍ය ජාතියක ජනතාවගේ ව්‍යාපාර වර්ජනය කිරීම කොයිතාක් දුරට ප්‍රායෝගිකද යන්න සරලව විග්‍රහ කිරීමට කුරාණය පිලිබදව ගැඹුරින් දැනගත යුතුද?ඔබ කුරාණය ගැඹුරින් අධ්‍යයනය කළ අයෙක්ද? වෙනත් අයෙකු කුරනය පිළිබදව ලියා ඇති නිසා ඒ ගැන යමක් පැවසූ පමණින් ප්‍රායෝගික ‍නොවන ක්‍රියාමාර්ගයක් පිළිබදව මගේ දැනුමට සරිලන පරිද ලිපියක් ලිවීම වරදක්ද?

      මා කුරානය ගැන අධ්‍යයනයක් කර නොමැති නිසා ඒ තුල කෙබදු ආකාරයේ හානිකර අදහස් තිබේ දැයි නොදන්නා අතර උපතින් මුස්ලිම් වූ මිනිසුන් සමූහකට, ඔවුන්ගේ අන්තවාදී, මූලධර්මවාදී ම්ලේච්ඡ අදහස් ඇති සුළුතරයක් විසින් කරනු ලබන අනර්ථකාරී ක්‍රියාවන්ට සමස්ථ මුස්ලිම් ප්‍රජාවම වගකිව යුතුද? මිනිසෙක් උපතින් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් නොවන්නේය. කර්මයෙන් හෙවත් ක්‍රියාවෙන් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වන්නේ යැයිද බුදුන් වහන්සේ වදාළ බවද මතකයට නගා ගන්න (නජච්චා වසලො හොති නජච්චා හොති බ්‍රාහ්මණො කම්මණා වසලො හොති කම්මණා හොති බ්‍රාහ්මණො (වසල සූත්‍රය- සං.නි.))
      ත්‍රිපිටකයේ හෝ වෙනයම් බුදුන් වහන්සේ වදාළ කිසිදු දහම් පණිවිඩයක හිංසනය හෝ වෙනයම් අකුසල කිරීමට අනුබලයක්, අනුකූලතාවයක් නොතිබූ පමණින් දුසිරිත්, පස් පව්, දශ අකුසල් නොකරන බෞද්ධයෝ කිසිවකු නැත්ද? මුදල් වංචා නොකරන බෞද්ධයෝ කිසිවකු මේ රටේ නොමැතිද? (ඔබට ලබා දිය යුතු පිළිතුරේ ඉතිරි කොටස ඊළග පිළිතුරේද අඩංගු කරමි)...

      Delete
    2. 3) ඔබ ඉන්දියාවේ වාසය කර ඇති බවට පවසන නිසා ඔබගේ අත්දැකීම් පිළිබදව ගරු කරමි. එහෙත් චීන වෙබ් අඩවියකින් ගත් පමණින් ඉන්දියාවේ සැබෑ තත්ත්වය එනම් ඉන්දියාවේ සාමාන්‍ය ජනතාවගේ බහුතරයකගේ තත්ත්වය මෙය නොවේ යයි ඔබට පැවසිය හැකිද? ලෝකයේම ලොකුම මුඩුක්කු ජනාවාසය පවා පිහිටා තිබෙන්නේ ඉන්දියාවේ මුම්බායි පුරවරයේ නේද? එහි මිලියනයකටත් අධික ජනතාවක් වෙසෙනවානේද? මගේ ඉන්දියානු දැනුම මද වන්නට පුළුවන්. එහෙත් ඉන්දියාවේ කෝටි ගණනක‍ගේ ජීවිත මේ අහුලාගත් පින්තූර වලට වඩා ඉතා හොද යයි පවසන්නට හැකිනම්, සීතාම්භර සළු කතාවේ රජතුමාද නිරුවතින් සිටියත් සළු ඇඳ සිටීයයි පිළිගත හැකිවේ...

      කාශ්මීරය රැක ගැනීම යනු ඉන්දියානු අභිමානය රැක ගැනීමක් වී ඇති නිසා මේ ගැටළුව ඉන්දියාව දරා ගෙන සිටින්නේ විහින් නේද? පකිස්ථානය බෙදී වෙන්වන විට බහුතර මුස්ලිම් ප්‍රජාවක් සිටින කාශ්මීරය පකිස්ථානය හා එක්වීම එහි මහරාජා විසින් ප්‍රතික්‍ෂේප කළ බව හා පසුකලෙක ඒ වෙනුවෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට තීරණය වූ මුත් මේ දක්වා ‍එය නොපවත්වා රටවල් දෙකම මේ බිම්පෙදෙසට අයිතිය කීම මේ යුද්ද හා අර්බුද වලට මුල නොවේද?

      තරඟයක් පැරදුන පසුව ඒ ක්‍රීඩකයන්ගේ ගෙවල් වලට ගල් ගසන, තම ක්‍රීඩා ලෝලීන්ගෙන් ආරක්‍ෂාවීමට හමුදාභටයන් පවා යොදාගන්නට සිදුවන රටක කොඩි වනන්නට ගොස් බෙලි අහිමිවීම ගැන කවර කතාද? එසේ නමුත් ඉන්දියානු ජාතික කණ්ඩායමට සෑම විටකම පාහේ මුස්ලිම් ක්‍රීඩකයන් ක්‍රීඩා කරන බව දැක තිබෙන අතර ඔවුන්ගේ දක්‍ෂතා වෙනුවෙන් හින්දු හා මුස්ලිම් නොවන ජනයා ඔල්වරසන් දෙන්නේ නැත්ද? එසේම සමස්ථ ඉන්දීය මුස්ලිම් ප්‍රජාවම බෙලිකපනවාට බියෙන් ඉන්දියානු කණ්ඩායමට ඔල්වරසන් දීමට තම මුදල් ගෙවා ක්‍රීඩාගාරයට පැමිනෙයිද? ඉන්දියානු ජන සමාජයේ පහල ස්ථරවල විවිද ජනකොටස් වල ජනයා අතර කොයිම ආකාරයේවත් අනෙන්‍යන්‍ය සහයෝගීත්වයත් නොමැති බවද ඔබ පවසන්නේ?

      Delete
  26. 2) ඉස්ලාමය පදනම් කරගත් මූලධර්මවාදී ත්‍රස්ථ කණ්ඩායම් පිළිබදව මෙන්ම මොනයම් හෝ ආගමික අන්තවාදයක් මුල්කරගත් ත්‍රස්ථ කණ්ඩායම් මෙන්ම ඔවුන්ගේ ක්‍රියාද තරයේ ප්‍රතික්‍ෂේප කරමි. සාකච්ඡාවෙන් සම්මන්ත්‍රණයෙන් බොහෝමයක් ගැටළු විසදා ගැනීමට තිබියදී ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් ආගම කියනා අතරතුරේම අහිංසක මිනිසුන්ගේ බෙලි කපමින් සිටින අයුරු ඉරාකය වැනි රටවල සිදුවන අයුරු වීඩි‍යෝ මගින්ද දැකගන්නට ලැබුන අතර ඒවා කිසිම අවස්ථාවක අනුමත නොකරමි. යුද්ධයට සම්බන්ධයක් නැති රටවල සිවිල් සේවකයන් පවා පැහැරගෙන ගොස් ජීවිතය ඉල්ලා විලාප තබද්දී ලනුවක ගැටය කපනවා මෙන් ගෙල සිද මරා දමනු කම්පනයකින් යුතුව බලා සිටියෙමි. මේ නිසා ඔබට පැවසිය යුත්තේ මොන ආගමේ ‍හෝ ඕනෑම ජාතියක අයෙකු මූලධර්මවාදී ම්ලේච්ඡත්වය පදනම් කරගනිමිනි මෙලෙස ජීවිත හානිය අනුමත කළ නොහැකි බවයි.

    එසේම ඔබ අසා ඇති //ලෝකයේ අනෙකුත් ආගම් පදනම් කරගෙන ත්‍රස්තවාදි සංවිධාන බිහි නොවෙත්දි// කියන කාරණාවටද පිළිතුරු දීමට ඇත්තේ ත්‍රස්ථ සංවිධාන බිහිනොවූවද ඇමරිකාව වැනි රටවල අන්තවාදී කතෝලික කල්ලි තිබෙන බව පිලිගත හැකි සාක්‍ෂි වලින් ඔප්පු වී තිබෙන බවයි. මේ ආකාරයේ කුඩා පරිමාණයේ හෝ ආගමික අන්තවාදී කල්ලි ලෝකය පුරාම තිබෙන බවද පිළිගැනීමට සිදුවේ...

    ReplyDelete
  27. 01) කුරානය පිලිබඳ අනුනගේ කියැවීම් අවැසි නැත , අන්තර්ජාලය මඳක් පිරික්සා බැලුවා නම් කුරානයේ වැකිවල ඉංග්‍රිසි අරුත් අදාල අංකයන් සහිතවම කියැවිය හැක . ඔබ බුදුන්ගේ දේශනයන් උපුටා දක්වන්නා සේම මුස්ලිමුන්ද කුරාන වැකි අනුව කටයුතු කරයි , අනිකුත් සියලුම ආගමිකයින්ට වඩා ඉස්ලාමිකයින් සහ කුරානය (ප්‍රධාන ආගමික ග්‍රන්ථය ) අතර බැඳීම ඉහලය , ඉස්ලාමිකයින්ගේ ආගමික බක්තියද එසේමය එවන් තත්වයක් තුල , කුරානයේ අන්තවාදය ඉස්ලාමිකයින් තුල නැතැයි ඔබ පවසන්නේ කෙසේද ?

    02) 02) ඔබ නැවතත් අසාර්ථක සාමාන්‍ය කරනයකට උත්සහා දරා ඇත . ඇමරිකාවේ කතෝලික අන්තාවදි සංවිධානයක් ගැන කථා කරන ඔබ ඇස් පනා පිට පේන්නට ඇති සත්‍යය පිලිබඳ නොබියව කථා කරන්නේ නැත . අදාල ත්‍රස්තාවදි සංවිධාන ලයිස්තු ගත කිරීම මා විසින් කරන ලද්දක් නොවන අතර ,ඒ තුල ඉස්ලාමය පදනම් කරගත් ත්‍රස්තවාදි සංවිධාන සංඛ්‍යාව අතිශයින් ඉහල වීම පිලිබඳ ඔබට පැහැදිලි කිරීමක් තිබේද ? සියලුම ආගමික අන්තවාදයන්ට විරෝධය පල කරනවා කියා සාමාන්‍ය කරණය කල නොහැකි තරමට මෙහි ඉස්ලාමීය සාන්ද්‍රණය ඉහල බැව් තේරුම් ගැනීමට තරම් ඔබතුමා බුද්ධිමත් යැයි සිතමි

    03) 03) ඉන්දියානු සමාජයේ බහුතරය දරිද්‍රතාවයෙන් පෙලෙන්නන් බවට අමුතුවෙන් තර්ක කිරීමක් අවශ්‍ය වන්නේ නැත , ඉන්දියානු රජය මගින් ප්‍රකාශයට පත්කර ඇති දත්ත වාර්ථා පමණක් වුවත් ඒ සඳහා ප්‍රමාණවත්ය . ගැටුලුව ඇත්තේ ඔබ එයද සාමාන්‍ය කරණය කොට විග්‍රහා කරනා ආකාරය තුලය . දරාවි යනු තව දුරටත් ලෝකයේ විශාල මුඩුක්කුව නොවේ ඇතැම් වාර්ථා අනුව දරාවි ට වඩා විශාල මුඩුක්කු ජනාවාස මුම්බායි නගරය තුලම ඇත , මිලියන 1.5කට අධික ජනඝහනයක් සහිත ඔරන්ගි ආසියාවේ විශාලතම මුඩුක්කු ජනාවාසය ලෙස ඇතැම් මාධ්‍ය වාර්ථා වල ඇත . කෙසේ වුවත් මුම්බායේ මුඩුක්කු ජනඝහනයෙන් මුම්බායි නගරයේ සමස්ථ තත්වය කියැවෙන්නේ නැති බැව් ඔබ විසින් තේරුම් ගත යුතුය . ඔබගේ ඉන්දියාව පිලිබඳ ලිපියේ මේ මුඩුක්කු ජනාවාසයන්ට ආදාල ඡායාරූප කිසිවක් අඩංගු නොවෙනා අතර ප්‍රාන්ථ කිහිපයකට ආදාල (අනෙක් ප්‍රාන්තවලට කිසිසේත් අදාල නොවන ) රූප රාමු කිහිපයක් ලෙස එය හැඳින්විය හැක . එමෙන්ම එම ලිපිය තුල ඉන්දියානු සමාජ විශම තාවයන් පිලිබඳ හෝ දරිද්‍රතාවය පිලිබඳව හෝ නිසි සාකච්ඡාවක් සිදුවී නොමැත . අවම වශයෙන් ඔබ මේ කමෙන්ටුවේ පල කරනා මුඩුක්කු වැසියන්ගේ ජීවිත වල දුශ්කරත්වය පිලිබඳු කරනා එකදු ඡායාරූපයක් හෝ එහි නැත . පලමුවෙන් ඔබගේ එම ලිපියේ ඡායාරූප එකතුව හරහා ඉන්දියානු බහුතර ජනතාවගේ ජීවිතයයි පැවසිම සාවද්‍යය , මන්ද එම ඡයාරූප තුල ඇත්තේ යම් ප්‍රදේශය්න්ට පමණක් සීමා වූ (ඉන්දියාව පුරා බහුලව දක්නට ඇති දරිද්‍රතා ලක්ෂන ඔනැ තර ම් තිබේ , නමුත් ඒවා විග්‍රහ කර නැත ) දේවල් පමණි . දෙවැන්න අන්ත දිලින්දන් සහ ඔබ පවසනා ශාරුක් කාන්ලා(ශාරුක් ලාට වඩා ධනවතුන් ඕනැ තරම් ඉන්දියාවේ සිටී , ඇතැම් විටක ශාරුක් කාන් යනු එවැන් ධනවතෙකුගේ සාදයක කුලියට නටන්නෙක් පමණි ) ගෙ ජීවන රටාවලින් පමණක් ඉන්දියානු සමාජය විග්‍රහ වෙන්නේ නැත , ඊට අතර මැදි සමාජ ස්ථරයන් මෙන්ම ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට සහමුලින් වෙනස් ජීවන රටාවන් අනුව පැන නැගුනු සාර්ථකත්වයන් මෙන්ම විශ්ම තාවයන්ද රාශියකි !

    ReplyDelete
    Replies
    1. 1) ඔබට නැවත වරක් මා අවධාරණය කරන්නේ මෙම ලිපියෙන් මා දක්වා ඇත්තේ ප්‍රායෝගික නොවන භාණ්ඩ වර්ජනයක යෙදීමේ නිස්සාරකමයි. එක් අයෙකු කමෙන්ටුවක (ලහිරු රණවීරගේ කමෙන්ටුවේ) කුරාණය ගැන සදහන් කොට තිබුනි. ඒ අයට ලබා දිය යුතු පිළිතුරදී මා අවංකවම කුරාණය ගැන නොදන්නා බව පැවසීමෙන් පසුවත් ඔබ මට තවදුරටත් කියන්නේ කුමක්ද? මා දන්නා බුදු දහම අනුව පාසල් අවදියේදී හා ඇසුරු කරන්නට ලැබුන ස්වාමීන්වහන්සේලා විසින් පෙන්වාදුන් බෞද්ධාගමේ පාඨ වගකීමෙන් යුතුව ලිවීමට හැකිමුත් කිසිදා හදාරා නොමැති දහමක තිබෙන කරුණු සියල්ල මා පවසන්නේ කෙසේද?

      නැවත වරක් මා අවධාරණය කරන්නේ මේ ලිපියෙන් ලියා තැබුවේ මුස්ලිම් ජාතිකයන්ගේ භාණ්ඩ වර්ජනය පිළිබදව ප්‍රායෝගික නොවන කාරණායි. ඉතින් ලිපියේ කිසිදු තැනක අන්තර්ගත නොමැති කුරාණය පිළිබදව මාගෙන් විමසීමෙන් පළක් නොමැති අතර ලිපියටත් වඩා දිගැති කමෙන්ටු සමූහයේදී ලිපියට අදාලව මාගේ ස්ථාවරයද කිහිපවිටක් සදහන් කොට ඇති නිසා ඔබ තව කීවරක් විමසුවද මා හට දෙන්නට තිබෙන්නේ මේ පිළිතුරම පමනකි.

      2) එසේම ඔබ අසා තිබෙන මෙම පැනයටද පැහැදිලිවම මුස්ලිම් අන්තවාදී ත්‍රස්ථ කණ්ඩායම් පිළිබදව පුන පුනා අප්‍රසාදය පළ කරද්දීත්, ඔබම පවසා තිබෙන අනෙක් ආගම් වල ඒ තරම් ත්‍රස්ථ කණ්ඩායම් නොවන බවට වූ කාරණයේදී කුඩා සන්නද්ධ කල්ලි තිබෙන බව පවසා තිබියදීත් නැවත වරක් "සාමාන්‍යකරණයයි" විහිළුවක්ද කරමින් අසන්නේ මන්ද? මොන කණ්ඩායම අවි අතර දැරුවද එය සාන්‍ද්‍රනය අඩු වුවද වැඩි වුවද තුවක්කු උණ්ඩ ජීවිත බිලි ගන්නා බවත් අමතක නොකරන්න.

      3) ඔබ මීට පෙර පවසා ඇති ඉන්දියාවේ නියම ජනජීවිතය ගැන වැටහීමක් නැත කියන අදහසට මා දුන් පිළිතුරු තුලින් ඔබ පෙර දැරූ මතයට අංශක 180 ක් ආපස්සට හැරෙමින් මා එම ලිපියේ ඉන්දියාවේ බහුතරයකගේ ජීවිතය එලෙස යැයි පැවසූ කරුණ පිළිගනිමින් නැවත වරක් එය එසේ නොවේ යයි පවසමින් මේ ලිපිය චීන එකක් යයි මුලින් පවසමින් නුල් ජාලයක් පටලවා ගන්නට යන්නේ මන්ද? මා කිසිවිටකත් මුම්බායි නගරය දුප්පතුන්ගෙන් පිරුන නගරයක් යයි අදහස් කොට හෝ හිතේ තබා ගෙන නොසිටින අතර එහි මුඩුක්කු පිළිබදව පැවසූවේ දුගී දුප්පතුන් කොතරම් විශාල සංඛ්‍යාවක් එක් නගර ඒකකට කොටුවී සිටීනම් සමස්ථ ඉන්දියාවේම කෙබද වෙන්නට ඇත්දැයි හැගවීම සදහායි. අවසානයේදිත් කරුණු කිහිපයක් ඔබට සදහන් කරමි. වචක කිහිපයක් අල්ලා ගෙන එය සමස්ථ කාරණාවම යයි ගණන් නොගන්න. ඉන්දියාවේ ශාරුක් ඛාන්ට වඩා ඉහල පෝසතුන් සිටිනා බව මමද දනිමි. වෙනත් රටවල වාසය කළත් ලක්‍ෂිමි මිට්ටාල්, මුකේෂ් අම්භාණි වැනි ධනකුවේරයන් ලෝක මට්ටමේ ධනවතුන් බව අමුතුවෙන් කිවයුතු නැත. එහෙත් විවිද දැනුම් මට්ටම් හා ලෝක මට්ටමේ කරුණු කාරණා නොදන්නා උදවියද පැමිණෙන මෙවන් බ්ලොග් අඩවියක ඔවුන්ට හුරු පුරුදු චරිත මිස නොදන්නා චරිත ගැන පැවසීමෙන් කිසිදු අවබෝදයක් ඇති නොවේ.

      මා උගත් දහමට අනුව පිදිය යුත්තන් පුදමි. ඒ නිසා ඔබගේ මේ සාමන්‍යකරණයයි අදහස් කරන්නේ කුමක්දැයි කරුණාකර පවසන්න.

      තවද මා ඔබ ඉන්දියාවේ වාසය කර ඇති නිසා ඒ අත්දැකීම් පිළිබදව ගරු කරනවායැයි පවසා තිබියදීත් පදනම් විරහිත කරුණු ගෙනහැර පා ඔබත් වෙහෙසී මාත් වෙහෙසනවාට වඩා තමන් විසින්ම ලිපියක් ලියා අප නොදන්නා කරුණුද පින්තුරද එහි පළ කර අප දරන මතයන් යාවත්කාලීන කරගැනීමට ඉඩ ලබාදෙන්න. එය අවශ්‍ය නම් මෙම බ්ලොග් අඩවියේ උවද පළ කිරීමේ බාදාවක් නොමැත...

      Delete
  28. //තරඟයක් පැරදුන පසුව ඒ ක්‍රීඩකයන්ගේ ගෙවල් වලට ගල් ගසන, තම ක්‍රීඩා ලෝලීන්ගෙන් ආරක්‍ෂාවීමට හමුදාභටයන් පවා යොදාගන්නට සිදුවන රටක කොඩි වනන්නට ගොස් බෙලි අහිමිවීම ගැන කවර කතාද?//

    මේ බව දැනගෙනත් ඉන්දියාවේ මුස්ලිමුන් සහ හින්දුන් සහජීවනයෙන් ඉන්න බවට හැඟවෙන කමෙන්ටු පල කලේ මමද ඔබද ?

    ක්‍රිකට් කණ්ඩායමේ ජෙහාන් මුබාරක් හෝ මහරුෆ් හෝ කලින් ඉස්ලාමිකයින් වුනු දිල්ශාන් සහ සුරාන් රන්දිව් වැන්නන්ට සිංහලයන් ජයඝෝෂා නොනගන්නේද ? ඉන්දියානුවන් සහීර් කාන්ට සහ පතන් ලාට අප්පුඩි ගසන්නේද එලෙසින්මය

    ඉන්දියානු මුස්ලිමුන් අතරින් ක්‍රිඩා පිටියට එන්නේ අන්තවාදිව ඉස්ලාමය වැලඳ නොගත් මා කලින් සඳහන් කල පිරිස් ය , ඉස්ලාමිය කල්තරය තුල ජීවත් වෙනා මුස්ලිමුන් ඉන්දියාවට ජය ගෝෂා නගන්නේ නැත

    ඉහලය පහලය කියා බේදයක් මෙහි නොමැත , නූතනත්වය වැලඳගත් පිරිස හැරුණු විට ඉතා ධනවත් හින්දු හා මුස්ලිම් ව්‍යාපාරිකයින් අතරද අර මෙන් සහ සම්බන්ධයක් නොමැත . හින්දු සමාජය තුල ගැරහීමට ලක්ව සිටිනා දාලිත් වරුන් ඇතැම් විට ඉස්ලාමය වැලඳ ගන්නා අතර . නාගරික මුඩුක්කු පරිසරයේ ආගමක් දහමක් අදහනා එවුන් ඇත්තේම නැති තරම්ය , නමුත් එම පරිසරයන් තුලත් මැර කණ්ඩායම් මුස්ලිම් -හින්දු වශයෙන් බෙදෙන අවස්ථාද දක්නට ඇත , අවි ගත් මුම්බයි පාතාලයේ වැඩි කොටසක් මුස්ලිම් ජාතිකයන් සතුව ඇති බව පැවැසීමද සාධාරණය . එනිසා ඉහල පහල වශයෙන් බෙදා ඉන්දියාවේ හින්දු මුස්ලිම් සහජීවනයක් කථා කල නොහැක . පැවසිය එකම දෙය නම් යම් තැනක හින්දු -මුස්ලිම් සහජීවනයක් පවතිනවා නම් ඒ මුස්ලිමුන් වෙනම කල්තරයන් සාදාගන්නට උත්සාහ නොකර ඉන්දියානුවන් වශයෙන් ජීවත් වෙනා තැන් වල පමණක් බවය . ඉන්දියාවේ දක්නට ඇති " ඉන්දියානු " ගති ලක්ෂන දරන මුස්ලිමුන් ප්‍රතිශතයෙන් අංශු මාත්‍රයක් වත් ශ්‍රි ලංකාවේ සිටීද යන්න සැක සහිතය . ලංකාවේ බහුතර මුස්ලිමුන් ඔවුන්ගේ කල්තරය තුල ජීවත් වෙමෙන් ශ්‍රි ලාංකික බව අමතක කරන ලද්දන්ය

    කාශ්මීර පිලිබඳ ඔබගේ අර්ථ දැක්වීම ව්සිලු සහගතය . මුස්ලිමුන් බහුතරය වූ පමණින් කාශ්මීරය පකිස්ථානයට ලියා දියු යුතු නම් දෙමල මිනිසුන් වැඩි නිසා යාපනය තමිල්නාඩුවට ලියා දියු යුතුය . ඉන්දියාවේ බොහෝ තැන් වල සිටි මුස්ලිමුන් පක්ස්ථානය බිහි වීමත් සමඟම එහි ගියාක් මෙන් කාශ්මීර වැසියන්ටද කල හැකිව තිබුනි

    ReplyDelete
    Replies
    1. නැවත වරක් ඔබට කීමට ඇත්තේ ඔබ වඩාත් කරන්නේ වචන අල්ලාගෙන නහින්නට යෑමයි. මෙහි සදහන් දේ ඔබට නොතේරීම ගැන කණගාටුව පහල වේ. ඒ නිසා වඩාත් සරළව ඔබට තේරෙන සේ නැවත පළ කරමි. "තමන්ට ජයගෝෂා කරන, ජයගත් පසු දේවත්වයෙන් සලකන තම ක්‍රීඩාලෝලයින්ම, තමන් යම් තරගයක් පැරදුන පසුව හිංස කරන්නට පැමිණේනම්, අනාදිමත් කාලයක සිට කෝන්තර පවතින්නාවූ මෙම ‍මුස්ලිම්-හින්දු දෙකොට්ඨාශය හෝ මුස්ලිම්-වෙනත් ඕනෑම ජාතියක් (නැත්නම් ඔබ මේ හින්දු වචනයද අල්ලා ගෙන බොරු‍ වෙහෙසීමකට ලක්වෙන නිසා මෙලෙසද සදහන් කළෙමි) අතර මෙවැනි සියුම් සිදුවීමකින් (කොඩි වැනීමකින් වුවද මිනීමරාගන්නට යෑම පුදුමයක්ද? දැන්වත් මම පැවසූ කරුණු පැහැදිලිව තේරුනාද?

      //ඉන්දියානු මුස්ලිමුන් අතරින් ක්‍රිඩා පිටියට එන්නේ අන්තවාදිව ඉස්ලාමය වැලඳ නොගත් මා කලින් සඳහන් කල පිරිස් ය// එතනින්ම ඔබ පිළිත්තා නේද ඔබ පොළොවේ පස් කමින් පවසන සියළුම මුස්ලිමුන් කුරාණය අනුව යමින් අන්තවාදය වැලදගත්තෝ වූහ යන කාරණය ඔබ විසින් ප්‍රතික්‍ෂේප කල බව. මේ කරුණ තමයි මේ දක්වා මමත් පුනපුනා කීවේ. ඉන්පසුව දක්වා ඇති කොටසේද ඔබ මේ කරුණට අදාලව තවත් පැහැදිලිවම කරුණු දක්වා තිබේ.

      කාශ්මීරය ගැන පවසා ඇති පොදු සත්‍ය කරුණද බැහැර කර තවත් එයට තමිල්නාඩුව හා යාපනයද උදාහරණ කොට පවසා ඇති කරුණෙන් ඉන්දියාවේ ඉතිහාසය පිළිබදව ඔබ යමක් දැන සිටියා යැයි මා සිතා සිටීම වැරදීමක් යයි දැන් මට හැගේ. කරුණාකර කාශ්මීරය, ඉන්දියාව දෙකඩ වීම හා පකිස්ථානය බිහිවීම යන කාරණ පිළිබදව තවදුරටත් හදාරන්න...

      Delete
  29. රැව්ලයි කැඳයි දෙකම‍ බේරන්නට දැන් ප්‍රමාද වැඩිය. රැවුල දැන් නැති වී හමාරය. හම්බයන් මේ රටේ පැලපදියන් වෙලා හමාරය. නොබෝ දිනකින් මේ රටේ අයිතියද ඔවුන් වෙත ලැබෙනු ඇත. අප හම්බ නිශ්පාදන වර්ජනය කළ යුත්තේ අන් කිසිවක් නිසාවත් නොව සිංහලයාටම එහි වාසිය අත් පත් කර දීමටය. මන්ද යත් අද රටේ මුදල් වලින් වැඩිමනක් ඇත්තේ හම්බයන් අතේය. ඉතිරියද බොහෝ විට හම්බ රටවල් වලින් ලැබූ ණය හා ආධරය. අපි යුද්ධ කළේද හම්බයන්ගෙන් හිඟාගෙනය. ඉතින් ඉන් පසු ඔවුන්ට මේ රටේ අයිතිය ගැන කතා කිරීමට වෙනත් හේතු සාධක අවශ්‍ය නැත. ඔබ මේ ලිපිය ලියන්නේ මේ ගැටලුව ගැන උඩින් පල්ලෙන් අතගාලා කියලා පැහැදිලියි!

    ReplyDelete
    Replies
    1. ඔබ මා ගැන ස්වයං විනිශ්චයකටද එළඹ ඇත. කෙසේවෙතත් ඔබගේ පිළිතුරට අවශ්‍ය කාරණා මීට පෙරද කතා කර තිබෙන නිසා නැවත වරක් ඒවා මෙතනද පවසන්නට නොයමි....

      Delete
  30. ගමේ එකාJune 24, 2012 at 3:03 PM

    This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. ඔබ යම් අදහසක් දක්වන්නේ නම් හේතු, සාක්‍ෂි සහිතව හරවත් අදහසක් දක්වන මෙන් කාරුණිකව ඉල්ලමි....

      Delete
  31. ඇයි ඔබ තුමා මුස්ලිම් අයගේ බිස්නස් වැටෙනවට ඔච්චර බය?. ඔබ තුමා නොදන්නවට මමද ඇතුළුව මම දන්න ගොඩක් අය දැන් මුස්ලිම් ව්‍යාපාර වර්ජනය සාර්තකව කරගෙන යන බව සතුටින් කියන්න ඕන. ඒක ඔය ඔබ තුමා කියන තරම් අසාර්තක හෝ ප්‍රායෝගික නොවන කටයුත්තක් නෙවෙයි මුස්ලිම් ආක්‍රමණයට එරෙහිව සාමකාමීව ලේසියෙන් කරන්න පුළුවන් දෙයක්.

    "Protest via Non-Cooperation" කියන මේ ක්‍රමය තුළින් තමයි ගාන්ධි තුමා මුළු ඉන්දියාවටම නිදහස අරගෙන දුන්නේ. හම්බයන්ට විරුද්ධ වීමේදී ගැටුම් ඇති වෙයි කියල හිතෙනව නම් හම්බයන්ට සත පහකින්වත් සහයෝගය නොදී ඉන්නව. ඒක තමයි සාර්තකම ක්‍රමය. හරියට කලොත් තව ටිකක දවසකින් උන් මුල් කාලේ වගේ ආපහු බඩු පොදි උස්සගෙන අපේ ගේ දොරකඩට ඇවිල්ල පින්සෙන්ඩු වෙන තරමට හම්බයන්ව බංකොලොත් කරන්න අපිට පුළුවන්. ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ මෙච්චර ප්‍රායෝගික ක්‍රමයක් තියෙද්දී?

    මට පේන හැටියට නම් ඔබ තුමාගේ හම්බයන් සම්බන්ධ දැනුම බොහෝම දුර්වල පාටයි. මෙන්න මේ සයිට් එකේ ලිපි 200කට වඩා තියෙනව හම්බයන්ගේ ඇත්ත තත්වය ගැන කියල, ඉතින් දවසකට ලිපි එක ගානේ කියෙව්වත් අවුරුද්දක් යන්න කලින් ඔබ තුමත් හම්බ කඩ වර්ජනය කරනව සිකුරුයි.

    http://peramunerala.wordpress.com/

    ReplyDelete
    Replies
    1. ප්‍රථම කොටම මතවාදී වශයෙන් ඔබත් මමත් එකඟ නොවන කාරනා තිබුනත් ඔබගේ සංයමයෙන් යුතු අදහස් පළ කිරීමට ස්තූතිනන්තවෙමි.

      මට කිසිදු ආකාරයෙ බියක්, හැගීමක් කවරෙකුගේ හෝ ව්‍යාපාර බිදවැටීම ගැන නොමැත. මන්ද තම ව්‍යාපාරය නිසියාකාරව පවත්වාගෙන යාම ඒ ඒ පුද්ගලයාගේ දෙයක් මිස මට අයිති කාර්යයක් නොවේ. මගේ කාර්යය මා හට අවශ්‍ය සේවාව හෝ භාණ්ඩය මට ගැලපෙනා අයුරින් හා සාධාරණව හා සුහදශීලීව ලබා දෙන්නේ නම් මට ඒ පුද්ගලයාගේ පැටිකිරිය සෙවීම නොවේ. අනෙක් කරුණ නම් මෙම වර්ජනය ප්‍රායෝගික නොවන බවට හේතු දක්වා ඇතත් ඔබ විමසා ඇති නිසා පවසන්නට තිබෙන්නේ. ඔබ ලබාගන්නා සේවාව හෝ භාණ්ඩය උත්පාදනයට කවර හෝ දායකත්වයක් මුස්ලිම් ආගමිකයකුගෙන් ලැබී නොමැති නම් එය සාර්ථක ක්‍රියාවක් වේවි. ඔවුන්ට ඔබගේ මුදල් ගලා නොයන්නට. ඒත් මෙම දාම‍යේ කවර හෝ ස්ථානයක එම අයගෙන් ලබාගන්නා දෙයක දායකත්වයක් තිබෙනවා නේද? විමසිල්ලෙන් බැළුවොත් ඔබටම හොදටම පෙනේවි.

      ඔබ ගාන්ධිතුමා‍ ගැන පවසා තිබෙන නිසා කියන්නට තිබෙන්නේ, ගාන්ධිතුමා "Protest via Non-Cooperation" ක්‍රමයේදී තම ඇදිවත තමන් විසින් වියා ගෙන, තමන්ගේ ආහාර තමන්ම නිපදවාගෙන අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව සටන් කළත් වෙළද දාමයේ කොතනක හෝ තැනක මුස්ලිම් අය හවුල්වන වටපිටාවක, ගාන්ධිතුමාට තිබූ ස්ව්‍යංපෝශිත භාවය අපට තිබෙනවාදැයි ඔබම තර්ක කර බලන්න. අවසන් ඵලය පමණක් සිංහල අයෙකුගෙන් ලබා ගත් පමණින් ඔබ බලාපොරොත්තුවෙන සාර්ථක භාණ්ඩ වර්ජනයක් සිදුවෙනවාදැයි හොදින් සිතා බලන්න.

      අනෙක් කරුණ ගැන කියන්නට තිබෙන්නේ ගෙදරට බඩු ගෙනැල්ලා පිණ්සෙන්ඩු වෙන වෙළෙන්දන් ඇතිවේවි යන කාරණයක් මට නම් හිතෙන්නේ හිතළුවක් පමණයි. උදාහරණයක් විදියට ඔබ බලාපොරොත්තුවෙනවා නම් මහා පරිමාණයේ වෙළද ව්‍යාපාර ඇති අයත් ඔබගේ නිවසට පොට්ටනි බැදගෙන පැමිණ වෙළදාමේ එයි යයි ඔබ සිතනවාද? එදා තිබූ සමාජය නෙමෙයි අද තිබෙන්නේ. අද මුස්ලිම් අයත් හොදට ඉගන ගන්නවා. ඒ වගේම ඔවුන්ට මැදපෙරදිග රටවල රැකියාවට යන්න තිබෙන අවස්ථාත් වැඩියි. ‍වෙළදාම හැරුන කොට වෙනත් රැකියා අවස්ථා පවා ඔවුන්ට අද විවෘතයි. ඒවගේම ඔවුන්ගේ කාන්තා පාර්ශවය පවා එදාට වඩා ඉගන ‍ගෙන විවිද රැකියාවල නිරතවෙනවා. ඉතින් ඔබම සිතා බලන්න මේ කියන කාරණා කෙතෙක් දුරට තාත්විකද කියා.

      මට ඔබට කියන්නට තිබෙන්නේ මට හොද මිනියෙක් නම් කොයි මිනිහාත් එකයි. දුර්ජනයෙක් නම් මොන ආගමේ, මොන ජාතියේ, මොන කුලයේ සිටියත් දුර්ජනයා දුර්ජනයාමයි. මට යම් කිසි ව්‍යාපාරි‍කයෙක් අසාධාරණ වෙළදාමක් කළොත් ඔහුගෙන් නැවත භාණ්ඩ ගැනීමට මම එම වෙළඳ සැලට යන්නේ නැහැ. එසේ නැතුව ප්‍රායෝගික නොවන මෙවන් වර්ජනයකට යාම කිසිසේත් ඵලදායි දෙයක් නෙවෙයි....

      Delete
    2. හම්බයන්ගෙන් වැඩි හරියක් දුර්ජනයෝ තමයි. ඒකයි අපි දැම්ම ඉඳලම උන් ගැන ඇහ ගහගෙන ඉන්න ඕනි. අස්සය පැනල ගියාට පස්සේ ඉස්තාලය වහල වැඩක් නෑ කියල අහල ඇතිනේ?

      හම්බ ව්‍යාපාර වර්ජනය ප්‍රායෝගික නෑ කියල තාමත් කියන නිසා කියන්නේ මුලින්ම සිල්ලර වෙළඳ සැල් වර්ජනයෙන් පටන් ගන්න ඕනි. එතකොට තොඟ වෙලෙන්දන්ට තමන්ගේ ආනයන වියදම් පියවා ගත නොහැකි වීම නිසා තොඟ වෙළඳ ව්‍යාපාරත් බිඳ වැටෙනවා. ව්‍යාපාරයක් ගොඩ නැඟෙන ආකාරය තේරුම් අරගෙන එය ආපස්සට ක්‍රියා කරවීමයි කරන්න ඕනි. ඒ අතරතුර සිංහල වෙළඳ ව්‍යාපාර ශක්තිමත් කරන්න අපිට පුළුවන්. මුළින්ම කීප දෙනෙක් මේ වර්ජනයට සහභාගී වුනත් පසුව පිරිස වැඩි වීමේදී මේක 100%ක් සාර්තක කර ගන්න පුළුවන් කියල සහතිකයි.

      අවසාන අඳියරේදී බෞද්ධයන් විතරක් නෙවෙයි කතෝලික සහ හින්දු සහෝදර පිරිස් පවා මේ වර්ජනයට එකතු කර ගන්න පුළුවන්. මොකඳ දැනට ලංකාවේ බහුතරය බෞද්ධයෝ නිසා හම්බයෝ උපරිම ශක්තිය යොදවන්නේ බෞද්ධයන් සහ බුදු දහම විනාශ කරන්න බැරි වෙලාවත් එහෙම වුනොත් (ඒකට අපි කවදාවත් ඉඩක් දෙන්නේ නෑ කියන එක වෙනම කාරණයක්) ඊට පස්සේ අනිවාර්යෙන් උන් අනිත් ආගම් දෙසටත් හැරෙනවා.

      හම්බයෝ දැන් රස්සා කරනව කියන ඒක තාර්කික නෑ මොකද ව්‍යාපාර හරහා කරන බලපෑම උන්ට කවදාවත් රස්සාවක් කරල කරන්න බෑ.

      ඔබත් සර්වාගමික පොෂ් කන්නාඩිය දාගෙන ලෝකේ දිහා බලන රැල්ලට යන කෙනෙක් වගේ පේන්නේ. හැබැයි එකක් මතක තියා ගන්න අවිහිංසා වාදී බෞද්ධ පරිසරයක් තුල සර්ව ආගම් වාදීන්ට ඉන්න වගේම අනිත් අයට බණ කියන්න පුළුවන් වුනත්. බැරි වෙලාවත් මේ රටත් හම්බ රටක් වුනොත් එදාට හම්බයෝ අනිත් ආගමිකයන්ට හිරිහැර කරනකොට හම්බයන්ට බණ කියන්න ඔය එක සර්වාගමිකයෙක්වත් එන්නේ නෑ. මොකඳ හම්බයෝ සර්වාගමිකයන්ට ඉන්න දෙන්නෙත් නෑ.

      “අල්ලාහ් හැර වෙනත් කිසිවකු නැමඳුමට සුඳුසු නොවේ“ අන්න ඒකයි කුරාණයේ අල්ලාහ් කියන මිත්‍යා සංකල්පය පාදක කර ගත් නබි වදන. ඒ නිසා කරන දෙයක් පරිස්සමෙන් කල්පනාවෙන් වගේම වගකීමෙන් කරන්න. නිකන් මවු බිමට ණය කාරයෙක් වගේ මැරෙන්න හදන්න එපා. එදාට ඉතුරු වෙලා ඉන්න අය කරන ශාපයෙන් ඔබට ගැලවෙන්න බැරි වෙයි.

      අවසාන වශයෙන් කියනවා නම් මම මේ රටට ණය කාරයෙක් වගේ මැරෙන්න ලෑස්ති නෑ. මම හිටිය වගේම මගේ දරු මුණුපුරන්ටත් දේව රාජ්‍යයක ජීවත් වීමට ඉඩ නොතැබීම තමයි මගේ අද දවසේ වගකීම.

      Delete
  32. දිනේශ්ගේ ගමේ කෙනෙක්.June 25, 2012 at 8:07 AM

    මම දිනේශ් දීපල්ගේ ගමේ කෙනෙක් ඒ කියන්නේ පිළිම තලාවේ ඇත්තටම අපේ පැත්තේ මුස්ලිම් ව්‍යාප්තිය අපිටත් හරිම හිසරදයක් වෙලා තියෙන්නේ. එහෙනම් ඔයාල බලනව ඇති ඇයි මේ දිනේශ්ට විතරක් මේකේ ගැටළුවක් නැත්තේ කියල, මෙන්න මේකයි කතන්දරේ දිනේශ් අපේ පැත්තේ මුස්ලිම් කෙල්ලෙක් එක්ක තමයි සෙට් වෙලා ඉන්නේ ඕක මුලින් කෙල්ලගේ ගෙදර අයට රහසක් වුනත් දැනගත්තට පස්සේ ෆුල් බකට් එක දානව මූ සිංහල නිසා. ඉතින් දිනේශ්ට දැන් තියෙන එකම විකල්පය තමයි ඉස්ලාම් ආගම වැළඳගෙන අර මුස්ලිම් කෙල්ලව බඳින එක ඉතින් ඒකේ මූලික වැඩ කටයුතු තමයි මෙයා මේ දවස් වල කරගෙන යන්නේ. ඉතින් එක පාරටම මුස්ලිම් කරන්නත් පල්ලියේ උන් කැමති නෑනේ ඉතින් මෙයාට ටාගට් එකක් දීල තියෙනව ඊට කලින් මුස්ලිම් මිනිස්සු ගැන ප්‍රසාදයක් සිංහල මිනිස්සු අතර ඇති වෙන විදිහට අන්තර්ජාලය තුල ප්‍රචාරයක් අරන් යන්න කියල අන්න ඒ ටාගට් එකට යන්න තමයි දිනේශ් අතින් මේ පොස්ට් එක ලියවෙන්නේ. ඉතින් මේ පටන් ගත්ත විතරයි මුස්ලිම් අය මෙයාගෙන් තව ගොඩක් වැඩ ගන්න හිතාගෙනයි ඉන්නේ ඉස්සරහට.

    දිනේශ් නම් කියයි මේක බොරු කියල ඒත් ඔයාලම හිතන්න එහෙම වුවමනාවක් නැත්නම් ඇයි මෙයා මේ වගේ ලිපියක් ලියල මෙච්චර කුජීත වුනේ කියල?

    ReplyDelete
  33. මේ වගේ තෙරුමක් නැති කමෙන්ටුවක් කලිනුත් තිබිලා මකලා දැම්මත් මේ වගෙ දෙයින් කවුරුහරි කෙනෙක් ස්වයංවින්දනයක් ලබනවා නම් ඒකත් ලොකු දෙයක් කියල හිතල මෙන්න ‍මකන්නේ නැතුව මේක ඉතුරු කළා....

    ReplyDelete
  34. මේ ලෝකේ ඛනිජ තෙල් ඉතිරි වෙලා තියෙන්නේ තව අවුරුදු හතළිහකට විතරයි (දැනට හොයාගෙන තියන තෙල් සංචිත වලිනේ). ඒක නිසා අපි මුස්ලිම් රටවල තෙල් වර්ජනය කරත් නොකරත් උන් අපිට තෙල් විකුණන එක තව අවුරුදු 20 කින් විතර සම්පුර්ණයෙන් නවත්තල දමාවි. ඒ අවුරුදු 20 ගැට ගහ ගන්න මුස්ලිම් රටවල් වල කකුල් ලෙව කන්න යන ඒක මහා මෝඩ වැඩක්. අපි එයාලගෙන් තෙල් ගත්තත් නැතත් තව කාලෙකින් අපිට තෙල් නැතුව ඉන්න සිද්ද වෙන දවසක් එනවා. සමහර විට මේ තරම් අරාබියට කඩේ යන ඔබ තුමා උපහාසයට ලක් කරපු, අපේ රටේ අවුරුදු දහස් ගණනක් ප්‍රවාහනයට යොදා ගත්ත අපේම ගොන් කරත්තයකින් ගමන් බිමන් යන්න ඔබ තුමාටත් සිද්ද වෙන දවස වැඩි ඈතක නොවෙන්න පුළුවන්.

    මේ ලෝකේ මොනම රටකට වත් අපේ අම්මල, අක්කල, නංගිලා ගෘහ සේවිකාවෝ විදියට යවන එකට මම සම්පුර්ණයෙන්ම විරුද්ධයි. සමහර විට ඔබතුමාගේ කවුරුවත් ඒ විදියට ගිහිල්ල නැති නිසා දන්නේ නැතුව ඇති අපේ කාන්තාවෝ ඒ රටවල් වලදී විඳින දහ දුක. මට බොහොම විශ්වාසයි තව අවුරුදු කිහිපයක් යනකොට අපේ රටින් කාන්තාවන් මෙහෙකාර කමට පිටරට යැවීම ගොඩක් දුරට අඩු වෙනවා කියන එක. මොකද යුද්ධයෙන් පස්සේ අද තරුණ පරම්පරාවට සල්ලි හොයන්න මාර්ග ගොඩක් වැඩි දියුණු වෙලා තියනවා. කොච්චර බඩු මිල වැඩි වුනත්, ඉන්දන මිල වැඩි වුනත් පරිභෝජනය විශාල වශයෙන් පහත බැහැල නෑ. ඒක නිසා අපි උත්සහ කරොත් අපේ සහෝදරියන්ව මෙහෙකාර කමට යවන ඒක නවත්තන්න වැඩි අමාරුවක් නෑ.

    ඔබ තුමා රට ඉඳි ගැන කතා කරලා නැවතුන එක ගැන මම පුදුම වෙනවා. මොකද මේ රටට ගෙන්වන චීස්, බටර්, ටින් කෑම වර්ග එහෙම වැඩිම ප්‍රමාණයක් ගෙන්වන්නේ මද පෙරදිග රටවල් වලින්. නමුත් අමතක කරන්න එපා, ඔය ගෙන්වන දේවල් වලින් 90% අපේ රටේ අපේ දේවල් යොදාගෙන ආර්ථිකමය වශයෙන් ලාබදායී විදියට නිපදවීමේ හැකියාව තියන දේවල්. නමුත් මේ දේවල් නිෂ්පාදනය කරන්න අවශ්‍ය කරන වටපිටාව සකස් කරන්න හොඳ නායකත්වයක් සහ යම්කිසි කාලයක් ගත වේවි. නමුත් මෙය කල නොහැකි දෙයක් නම් නෙවෙයි.

    කලාව ගැන කතා කරනවා නම් අපේ මොහිදීන් බෙග් මාස්ටර් ගේ ඉඳල ශාරුක් ඛාන් වෙනකන් බහුතරයක් මුස්ලිම් කලා කරුවන් කියන්නේ වෙළඳපොල ආර්ථිකය තුල නිෂ්පාදනය වුන වෙළඳ භාණ්ඩ පමණයි. ඔය චොකා බයිලා චිත්‍රපටි බලන්න වෙලාව නාස්ති කරන එක නවත්තල අපි නම් ගොඩක් කල්. (හැබැයි අපේ කුණුහරුප සිංහල චිත්‍රපටි බලනවට වඩා නම් ඒවා හොඳයි :P )

    එක්සත් ජාතීන්ගේ සමුළුවේදී අපිට මුස්ලිම් රටවල් සහයෝගය දුන්න බව අපි හැමෝටම හොඳට මතකයි. නමුත් මගේ ප්‍රශ්නය අපි වෙන රටවල් වලින් සහයෝගය අරගෙන ඔය UN යෝජනා පරාජය කලත් අපේ රටේ අවුරුදු දහස් ගණනක උරුමයක් තියන, සිංහලයාගේ ලඟම නෑදෑය වෙන ද්‍රවිඩ ජාතිකයන්ට වෙන්න ඕනේ යුතුකම් ඉෂ්ට කරන්නේ නැතුව ඔය සහයෝගය ලබාගෙන වැඩක් තියනවද කියන එකයි. මුස්ලිම් රටවල් අපිව බෙර ගන්න සද්භාවයෙන් ඉදිරිපත් වුණා කියල කවුරු හරි හිතනවා නම් ඒක ලොකු මුලාවක්. ඇමරිකාව එක්ක තියන සීතල යුද්ධය අවුළුව ගන්න අපිව දඩ මීමා කරගන්න මුස්ලිම් රටවල් වඩා කරපු බව අමතක කරන්න එපා. UNHR එකේදී ලංකාව වෙනුවෙන් අවංකව හඬ නැගුවේ චීනය, රුසියාව සහ කියුබාව කියන රටවල් විතරයි. ඔබ තුමා UNHR එකේ web cast එක ටිකක් හරි බලන්න ඇති කියල මම විශ්වාස කරනවා. :P බැලුව නම් ටිකක් කල්පනා කරලා බලන්න මොකද්ද එදා වුනේ කියල. බැලුවේ නැත්තන් sorry තමයි.

    මුස්ලිම් කඩවල් වලින් බඩු ගන්න හෝ නොගන්න එක තම තමුන්ගේ පුද්ගලික කැමැත්තක්. මම පුද්ගලිකව ඇඳුම් ගන්න මහරගම කඩවලට යන්න දැන් පුරුදු වෙලා ඉන්නේ. මුස්ලිම් කඩවල තියන ඕනෙම ඇඳුමක් ඊට වඩා අඩුවට මහරගමින් ගන්න පුළුවන් කියල මම බය නැතුව කියනවා. laptop.lk එකෙන් ගන්න ගිය මේ ලැප් එක අන්තිමට පොඩි ගානක් වැඩිපුර දීල VSIS එකෙන් ගත්ත. සුපර් මාර්කට් එකට යනවා වෙනුවට පොලට ගිහිල්ල අපේ ගම්වල අම්මල තාත්තල අරන් එන පිරිසිඳු එළවලු සහ පලතුරු මිලදීල ගන්න පුරුදු වුණා. අපි එකමුතු වුනොත් අපිට යම්කිසි බලපෑමක් කරන්න බැරි නෑ. මම දන්නවා මම ඇති කරන්නේ මනින්න බැරි තරම් පුංචි බලපෑමක් කියල. නමුත් මගේ ශක්ති ප්‍රමාණයට මට කරන්න පුළුවන් උපරිමය අපේ උරුමය ආරක්ෂා කරා ගැනීම වෙනුවෙන් කරන්න මම සුදානම් :)

    බුදු සරණයි,
    සුබ රාත්‍රියක්

    ReplyDelete
    Replies
    1. @Saman Kumara - ඔබට මුලින්ම ස්තූතිවන්තවෙනවා ඇතැම් කරුණු කෙරේ අප දෙදෙනාගේ මතවාද වෙනස් විය හැකිවූවත් විනීත හා ඉවසීමකින් යුක්තව නියම බෞද්ධයෙකු ලෙස පිළිතුරුදීම ගැන. මේ ලිපියේදී මා තවදුරටත් අත්දුටු දෙයක් තමයි බෞද්ධකම, සිංහලකම, රට ජාතිය රැක ගන්නට කතා කළත් බහුතරයක් තුළ තිබුනේ වෛරය සහ ඉර්ශයාව බව. මහත්මා ගාන්ධිතුමාගේ බ්‍රිතාන්‍ය දේවල් වර්ජනයත් මෙයට සමාන කරන්න හැදුවත් එතුමාගේ ඒ තුළ තිබූ අරමුණ හා අවිහිංසකත්වය අමතක කරල මතුපිටින් පේන දේ ගැන පමණක් තර්ක කිරීම තමයි සිදුකර තිබුනේ.

      මම ඔබතුමා කියල තියෙන කාරණා ගැන වෙන වෙනම පිළිතුරු දෙන්නම්. ඇත්ත ඛණිජ තෙල් කියන දේට තව ආයුෂ තියෙන්නේ බොහොම කෙටි කාලයයි. ඒ වගේම මම කොතනකවත් කියන්නේ නැහැ තෙල් ටික ගන්න අරාබියගේ කකුල් දෙක වත් ‍වෙන මොකක්වත් ලෙවකන්න කියන එක. ඒ වගේම මට මොනම හේතුවක් නිසාවත් ආරබියට ක‍ඩේ යන්න උවමනාවකුත් නැහැ. මම කියන්නේ මූලධර්මවාදී, අන්තවාදීබවෙන් වැඩි අරාබිකාරයාගේ තෙල් ටික ගන්න හොදයි. ඒත් අපේ රටේ ඊට වඩා අඩුවෙන් මූලධර්මවාදී බව හා සමීපව ඉන්න මුස්ලිම් මිනිහා එක්ක වෛරයෙන් හිටියට ඵලක් නැහැ නේද? ඒ එක්කම ඔබම කියන්න අපේ රටේ තිවෙන ආර්ථික ප්‍රශ්න, ණය බරත් එක්ක කොහෙන්ද කියල අඩුවට අත්‍යවශ්‍යම දෙයක් වන තෙල් මිලදී ගන්නේ කියල. මම වගේම ඔබටත් පිළිගන්න වෙනවානේද එක රුපියලකින් තෙල් මිළ වැඩි කළත් අපේ රටේ පහළ පන්තියේ ජනජීවිතය උඩුයටිකුරු වෙන බව. මේවගේ හේතු එක්ක අපි යථාර්තය එක්ක ජීවත්වෙනවා මිසක් ලේ කුපිතවෙන සටන්පාඨ එක්ක වාසය කිරීමෙන් සුගතියක් වෙනවාදැයි කල්පනා කරන්න. ඒ එක්කම කියන්න ඕන මම උදාහරණයකට කියා තිබෙන ගොන් කරත්ත වලින් නැවත අනාගතයේ ගමන්බිමන් යන්න වෙයි කියන එක ප්‍රායෝගික දෙයක්‍ නොවෙයි නේද? අද එදා තත්ත්වයට වඩා ගොඩක් වෙනස්. හැකිතරම් කාලය සමග ස‍ටන් කරන අපි කාලය ගතවන ගොන් කරත්ත යොදා ගනිවි කියල හිතන එකත් එක්තරා විදියක අනුවන කමක්. අනෙක සත්ව අවිහිංසක සංවිධාන ‍මේ වගේ සතුන් යොදාගන්න ඉඩදේවිද?

      ඔබ ඊලඟට පවසා තිබෙනදේට මමත් විරුද්ධයි. ඒ අපේ කාන්තාවන් මෙහෙකාර කමට පිටරට යවන එකට. ඔවුන්ට විවිද වදවේදනා, ඇතැම්විට මරණය පවා හාම්පුතුන් විසින් අත්කර දෙන බව දැන් බහුලව අසන්නට ලැබෙනවා. ඒ වගේම ඔවුන්ගේ ගරුත්වය නැති කර දැමීම වගේම තමන්ගේ දරුවන්ට පවා සිදුවන හානිය සලකා බැළුවහම මුදල් වලට වඩා සිදුවන හානිය විශාලයි. ඒ කරුණ සම්බන්ධයෙන් මමත් ඔබ හා එකඟයි.

      ශාරුක් ඛාන්, ඒ වගේම මොහිදීන් බෙග් කියන්නේ වෙළඳ පොල තුල නිර්මාණය වූ චරිත තමයි. අපි ඔවු‍න්ගේ කලා නිර්මාණ හා සම්බන්ධවීම හෝ නොවීම අතිරේඛ කාරණයක් වූවත් අපි ඔවුන් හා බලන දෘෂ්ඨියේදී ඔවුන්ගේ ආගම ජාතිය ගැන අපිට හැගීමක් නැහැ නේද? මොවුන් මුස්ලිම් කියන එක. ඇයි ඒ දෘෂ්ඨියෙන්ම අන්තගාමී නොවන මුස්ලිම් වැසියා ගැනත් හිතන්නට බැරි? අන්න ඒක තමයි මම ප්‍රශ්න කර තිබෙන්නේ.

      එක්සත් ජාතීන්ගේ සමුළුව ගැන ඔබ පවසා තිබෙන කාරණා සමගත් මමත් ඔබ සමග 100% ක් එකඟයි පොඩි පොඩි කාරණ කිහිපයක් හැරුන කොට. ඒ තමයි මුස්ලිම් රටවල් කැමැත්තෙන් සහය දෙනවා නම් එය භාරගන්නවා මිසක් ඔවුන් හා ඇමරිකාව සමග තිබෙන කෝන්තරවල හවුල්කාරයෝ වෙන්න අවශ්‍ය නැහැ. ඒකට අපි නොබැදි පිළිවෙතේ සිට අපේ රටේ අනෙක් ජන කොට්ඨාශත් සමග සහයෝගයෙන් සිට බාහිර පාර්ශව වලට අපේ රට ගැන තීරණතීන්දු ගන්න තැනට යන්න නොදී ඉන්නවා නම් මේ ගැටළු නැහැ. ඔබටම තේරෙනවා නේද අපේ ලගම නෑදැයා ‍වුන දෙමල සහෝදරයා එක්ක හොදින් ඉන්න බැරි වුන නිසා තමයි අද දක්වා අපිට මහ හිසරදයක් වෙලා තියෙන මේ වගේ ගැටළු එක්ක ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒකෙන්ම පේන්නේ නැද්ද අපි කැමතිවුනත් නැතත් දැන් සියවස් කිහිපයක් සිටම මෙහි ස්ථාපිතව සිටින මුස්ලිම් මනුස්සයා එක්කත් හොදින් හිටියේ නැති වුනොත් අනාගතයේ මේ වගේම යුද්ද ඇතිවෙලා අහිංසකයන් මැරිලා ලේවිලක් මැද ජීවත් වෙන්න වෙලා. පිටරට මිනිස්සු අපේ ර‍ට ගැන තීරණ ගන්න තැනට පත්කරලා අනවශ්‍ය ගැටළුවක් ඇතිකරගන්නවා නේද කියලා.

      එකක් ඔබට කියන්න අමතක වුනා ඒ තමයි කෑමබීම ගැන පවසා තිබුන කාරණය එකෙදිත් බහුතරයක් කරුණු පිළිබදව මා ඔබ සමග එකඟයි. අපේ රටේ දේ හරිහැටි නිපදවා ගෙන කාටත් සාධාරණ විදියට ඒක විකිණීම හා මිලදී ගැනීම සිදුවෙනවා නම් අපේ රටේ සල්ලිත් කොතරම් ඉතිරි කර ගන්න හැකිද?

      මුස්ලිම් කඩවල් වලින් බඩු ගන්න හෝ නොගන්න එක තම තමුන්ගේ පුද්ගලික කැමැත්තක්. මමත් ඒක හා එකඟයි. ඒ වගේම ඔබ ජාතිවාදී හා ආගම්වාදී නැතුව ඔබේ පෞද්ගලික ප්‍රතිපත්තියක් මත යථාර්තයද තේරුම් ගනිමින් කටයුතු කිරීම ගැන අපි කාටවත් මොනවත් කියන්න බැහැ.

      අවසාන වශයෙනුත් ඔබට ස්තූතිකරනවා මධ්‍යස්ථ හා නිවම බෞද්ධයෙකු ලෙස ඇතිතතු ඒ විදියටම වටහා ගෙන ‍සත්‍යවාදීව කරුණු ඉදිරිපත් කිරීම ගැන. ඒ වගේම නැවතත් සත් සමුදුරට ඇවිල්ල ඔබේ හරවත් අදහස් ඉදිරිපත් කරන මෙන්ද ඉල්ලනවා...

      Delete
  35. @Saman Kumara - ඔබට මුලින්ම ස්තූතිවන්තවෙනවා ඇතැම් කරුණු කෙරේ අප දෙදෙනාගේ මතවාද වෙනස් විය හැකිවූවත් විනීත හා ඉවසීමකින් යුක්තව නියම බෞද්ධයෙකු ලෙස පිළිතුරුදීම ගැන. මේ ලිපියේදී මා තවදුරටත් අත්දුටු දෙයක් තමයි බෞද්ධකම, සිංහලකම, රට ජාතිය රැක ගන්නට කතා කළත් බහුතරයක් තුළ තිබුනේ වෛරය සහ ඉර්ශයාව බව. මහත්මා ගාන්ධිතුමාගේ බ්‍රිතාන්‍ය දේවල් වර්ජනයත් මෙයට සමාන කරන්න හැදුවත් එතුමාගේ ඒ තුළ තිබූ අරමුණ හා අවිහිංසකත්වය අමතක කරල මතුපිටින් පේන දේ ගැන පමණක් තර්ක කිරීම තමයි සිදුකර තිබුනේ.

    මම ඔබතුමා කියල තියෙන කාරණා ගැන වෙන වෙනම පිළිතුරු දෙන්නම්. ඇත්ත ඛණිජ තෙල් කියන දේට තව ආයුෂ තියෙන්නේ බොහොම කෙටි කාලයයි. ඒ වගේම මම කොතනකවත් කියන්නේ නැහැ තෙල් ටික ගන්න අරාබියගේ කකුල් දෙක වත් ‍වෙන මොකක්වත් ලෙවකන්න කියන එක. ඒ වගේම මට මොනම හේතුවක් නිසාවත් ආරබියට ක‍ඩේ යන්න උවමනාවකුත් නැහැ. මම කියන්නේ මූලධර්මවාදී, අන්තවාදීබවෙන් වැඩි අරාබිකාරයාගේ තෙල් ටික ගන්න හොදයි. ඒත් අපේ රටේ ඊට වඩා අඩුවෙන් මූලධර්මවාදී බව හා සමීපව ඉන්න මුස්ලිම් මිනිහා එක්ක වෛරයෙන් හිටියට ඵලක් නැහැ නේද? ඒ එක්කම ඔබම කියන්න අපේ රටේ තිවෙන ආර්ථික ප්‍රශ්න, ණය බරත් එක්ක කොහෙන්ද කියල අඩුවට අත්‍යවශ්‍යම දෙයක් වන තෙල් මිලදී ගන්නේ කියල. මම වගේම ඔබටත් පිළිගන්න වෙනවානේද එක රුපියලකින් තෙල් මිළ වැඩි කළත් අපේ රටේ පහළ පන්තියේ ජනජීවිතය උඩුයටිකුරු වෙන බව. මේවගේ හේතු එක්ක අපි යථාර්තය එක්ක ජීවත්වෙනවා මිසක් ලේ කුපිතවෙන සටන්පාඨ එක්ක වාසය කිරීමෙන් සුගතියක් වෙනවාදැයි කල්පනා කරන්න. ඒ එක්කම කියන්න ඕන මම උදාහරණයකට කියා තිබෙන ගොන් කරත්ත වලින් නැවත අනාගතයේ ගමන්බිමන් යන්න වෙයි කියන එක ප්‍රායෝගික දෙයක්‍ නොවෙයි නේද? අද එදා තත්ත්වයට වඩා ගොඩක් වෙනස්. හැකිතරම් කාලය සමග ස‍ටන් කරන අපි කාලය ගතවන ගොන් කරත්ත යොදා ගනිවි කියල හිතන එකත් එක්තරා විදියක අනුවන කමක්. අනෙක සත්ව අවිහිංසක සංවිධාන ‍මේ වගේ සතුන් යොදාගන්න ඉඩදේවිද?

    ඔබ ඊලඟට පවසා තිබෙනදේට මමත් විරුද්ධයි. ඒ අපේ කාන්තාවන් මෙහෙකාර කමට පිටරට යවන එකට. ඔවුන්ට විවිද වදවේදනා, ඇතැම්විට මරණය පවා හාම්පුතුන් විසින් අත්කර දෙන බව දැන් බහුලව අසන්නට ලැබෙනවා. ඒ වගේම ඔවුන්ගේ ගරුත්වය නැති කර දැමීම වගේම තමන්ගේ දරුවන්ට පවා සිදුවන හානිය සලකා බැළුවහම මුදල් වලට වඩා සිදුවන හානිය විශාලයි. ඒ කරුණ සම්බන්ධයෙන් මමත් ඔබ හා එකඟයි.

    ශාරුක් ඛාන්, ඒ වගේම මොහිදීන් බෙග් කියන්නේ වෙළඳ පොල තුල නිර්මාණය වූ චරිත තමයි. අපි ඔවු‍න්ගේ කලා නිර්මාණ හා සම්බන්ධවීම හෝ නොවීම අතිරේඛ කාරණයක් වූවත් අපි ඔවුන් හා බලන දෘෂ්ඨියේදී ඔවුන්ගේ ආගම ජාතිය ගැන අපිට හැගීමක් නැහැ නේද? මොවුන් මුස්ලිම් කියන එක. ඇයි ඒ දෘෂ්ඨියෙන්ම අන්තගාමී නොවන මුස්ලිම් වැසියා ගැනත් හිතන්නට බැරි? අන්න ඒක තමයි මම ප්‍රශ්න කර තිබෙන්නේ.

    එක්සත් ජාතීන්ගේ සමුළුව ගැන ඔබ පවසා තිබෙන කාරණා සමගත් මමත් ඔබ සමග 100% ක් එකඟයි පොඩි පොඩි කාරණ කිහිපයක් හැරුන කොට. ඒ තමයි මුස්ලිම් රටවල් කැමැත්තෙන් සහය දෙනවා නම් එය භාරගන්නවා මිසක් ඔවුන් හා ඇමරිකාව සමග තිබෙන කෝන්තරවල හවුල්කාරයෝ වෙන්න අවශ්‍ය නැහැ. ඒකට අපි නොබැදි පිළිවෙතේ සිට අපේ රටේ අනෙක් ජන කොට්ඨාශත් සමග සහයෝගයෙන් සිට බාහිර පාර්ශව වලට අපේ රට ගැන තීරණතීන්දු ගන්න තැනට යන්න නොදී ඉන්නවා නම් මේ ගැටළු නැහැ. ඔබටම තේරෙනවා නේද අපේ ලගම නෑදැයා ‍වුන දෙමල සහෝදරයා එක්ක හොදින් ඉන්න බැරි වුන නිසා තමයි අද දක්වා අපිට මහ හිසරදයක් වෙලා තියෙන මේ වගේ ගැටළු එක්ක ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒකෙන්ම පේන්නේ නැද්ද අපි කැමතිවුනත් නැතත් දැන් සියවස් කිහිපයක් සිටම මෙහි ස්ථාපිතව සිටින මුස්ලිම් මනුස්සයා එක්කත් හොදින් හිටියේ නැති වුනොත් අනාගතයේ මේ වගේම යුද්ද ඇතිවෙලා අහිංසකයන් මැරිලා ලේවිලක් මැද ජීවත් වෙන්න වෙලා. පිටරට මිනිස්සු අපේ ර‍ට ගැන තීරණ ගන්න තැනට පත්කරලා අනවශ්‍ය ගැටළුවක් ඇතිකරගන්නවා නේද කියලා.

    එකක් ඔබට කියන්න අමතක වුනා ඒ තමයි කෑමබීම ගැන පවසා තිබුන කාරණය එකෙදිත් බහුතරයක් කරුණු පිළිබදව මා ඔබ සමග එකඟයි. අපේ රටේ දේ හරිහැටි නිපදවා ගෙන කාටත් සාධාරණ විදියට ඒක විකිණීම හා මිලදී ගැනීම සිදුවෙනවා නම් අපේ රටේ සල්ලිත් කොතරම් ඉතිරි කර ගන්න හැකිද?

    මුස්ලිම් කඩවල් වලින් බඩු ගන්න හෝ නොගන්න එක තම තමුන්ගේ පුද්ගලික කැමැත්තක්. මමත් ඒක හා එකඟයි. ඒ වගේම ඔබ ජාතිවාදී හා ආගම්වාදී නැතුව ඔබේ පෞද්ගලික ප්‍රතිපත්තියක් මත යථාර්තයද තේරුමගනිමින් කටයුතු කිරීම ගැන අපි කාටවත් මොනවත් කියන්න බැහැ.

    අවසාන වශයෙනුත් ඔබට ස්තූතිකරනවා මධ්‍යස්ථ හා නිවම බෞද්ධයෙකු ලෙස ඇතිතතු ඒ විදියටම වටහා ගෙන ‍සත්‍යවාදීව කරුණු ඉදිරිපත් කිරීම ගැන. ඒ වගේම නැවතත් සත් සමුදුරට ඇවිල්ල ඔබේ හරවත් අදහස් ඉදිරිපත් කරන මෙන්ද ඉල්ලනවා...

    ReplyDelete
  36. ඔබ තුමා සමග සංවාදයට එළඹීමට පෙර මෙතන අදහස් පල කරපු සමහර අය‍ට යමක් කියන්න කැමති. අපි මේ සටන ඉස්සරහට කරගෙන යනවා නම් අවිහිංසාවාදය සහ විනය අවියක් කරගෙන ඉදිරියට යා යුතුයි. එහෙම නැතුව අපිත් අන්තවාදී මුස්ලිමුන් වගේ ලේ හලලා මේකට උත්තර හොයන්න ගියොත් අපි මේ සටන දිනන දවසට අපේ සිංහල බෞද්ධ කම නැති වෙලා අපිත් අන්තවාදී මුස්ලිමුන් ගේ තත්ත්වයට පත් වෙලා ඉඳීවි. public forum එකක අපි අදහසක් පල කරන කොට බොහොම ඉවසීමෙන් කියන්න තියන දේ පැහැදිලිව තේරුම් අරගෙන කුණු හරුප කියන්නේ නැතුව පල කරන්න කියල මම ඉල්ලා සිටිනවා. අපි මේ ලෝකේ බොහොම පුංච් ජාතියක් නිසා මොලේ පාවිච්චි කරලා මේ සටන ගෙනිච්චේ නැතොත් පහන් දල්ලට ඇදෙන මෙරුන්ට වෙන දේ තමයි අපිටත් වෙන්නේ.

    දැන් මම දිනේෂ් දීපාල් ට උත්තර දෙන්නම්. ඔබ තුමා මම පල කරලා තියන අදහස් ගොඩකට ටිකක් අකමැත්තෙන් වුනත් එකඟ වෙන බව මට ඔබ තුමා ලියපු 2,3,4,5,6 චේද වලින් පැහැදිලි වෙනවා. නමුත් ඔබ තුමා ස්ලාම් දහම ගැන කිසිදු අධ්‍යනයක් කර නොමැතිව මේ ලිපිය ලිවිම තුල මා යම්කිසි මුග්ධ බවක් දකිනවා. මොකද මේ ඇති වෙලා තියන අසහන කාරී තත්ත්වයට මුලිකම හේතුව වෙලා තියෙන්නේ යම්කිසි මුස්ලිමුන් පිරිසක් විසින් කරගෙන යන ආගමික අන්තවාදය වැපිරීම. මේ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කිරීමේ කතාව ආරම්භ වෙන්න එතනින්. ඉතින් මේක ඇති වෙන්න හේතුව වුන මුස්ලිම් ආගමික අන්තවාදය ගැන හොයන්නේ නැතුව මේ සටනේ ප්‍රයෝගික බව ගැන කතා කරන්න යන එක බොළඳ දෙයක් කියලයි මගේ නම් වැටහීම. මගේ අත්දැකීම් වලට අනුව නම් අරාබි කාරයෝ සහ ලංකාවේ මුස්ලිමුන් අතර ආගමික අන්තවාදයේ වැඩි පරතරයක් නෑ. බලවත් අරාබි ලෝකයේ බළල් අතක් තමයි අද ලංකාවේ ක්‍රියාත්මක වෙන්න පටන් අරන් තියෙන්නේ. අපිට අරාබියට පාඩම් උගන්වන්න බැරි බව ඇත්ත. නමුත් ඔවුන්ගේ බළල් අත් හඳුනාගෙන ඒවායින් ආරක්ෂා වෙන්න අපිට ගන්න පුළුවන් පියවර තමයි ඒ බළල් අත් අඩපන කරවන එක. සමහර විට ඒකට අපි සතුව තියන ශක්ති ප්‍රමාණය මදි වෙන්න පුළුවන්. නමුත් සටනක් කරලා හෝ නැතුව අපිට මිය යන්න වෙනවා නම්, සටන් කරලා මිය යන එක ගෞරවයක් කියල මම සලකනවා.

    සිංහල බෞද්ධයො මිත්‍යා දෘෂ්ටිකත්වයට සහ ආගමික අන්තවාදයට කවදත් විරුද්ධයි. ඒක මුස්ලිම් විතරක් නෙවෙයි බෞද්ධ අන්තවාදයටත් අදාල බව මේ දවස් වල සිද්ධ වෙන සමහර සිද්ධි වලින් පැහැදිලි වෙනවා. අවුරුදු දහස් ගණනක උරුමයක් තියාගෙන නිවට නියාලු විදියට ජීවත් වෙන්න සිංහල බෞද්ධයො විතරක් නෙවෙයි මේ ලෝකේ කිසිම ජාතියක් සුදානම් නෑ. ඔබ තුමා කිව්වා නේද මුස්ලිමුන් මේ රටේ ඉඳල තියෙන්නේ සියවස් කිහිපයක් විතරයි කියල. මේ මුස්ලිම් අන්තවාදී කොටස් ඔය ඉතිහාසය වෙනස් කරන්න මොන තරම් උත්සහ කරනවද කියල අන්තර්ජාලය පුරා කරක් ගහන ඔබ තුමා හොඳාකාරවම දන්නවා ඇති කියල මම විශ්වාස කරනවා. ඉතින් මේ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කිරීම කියන මාතෘකාව නිකන්ම නිකන් වෛරී අදහසක් නෙවෙයි. එක තමයි අපිට මේ මුස්ලිම් අන්තවාදයට වැට කදුළු බඳින්න අපිට තියන වඩාත්ම අවිහිංසාවාදී ක්‍රමය. (තවත් හොඳම අවියක් තමි අන්තර්ජාලය නමුත් කුණු හරුපෙන් බැන ගන්නේ නැති තාක් කල් :) ) මම දන්නවා මේකෙන් අහිංසක මුස්ලිම් මිනිස්සු කරන සුළු ව්‍යාපාර වලට ලොකු පහරක් වැදෙන්න පුළුවන් කියල. නමුත් එතකොට ජාතියක් විදියට ඔවුන් තේරුම් ගනීවි සිංහල ජනතාවගේ හිත වල ඇති වෙලා තියන කහට මොකද්ද කියල. ඊට පස්සේ ගන්න තීරණය එයාලට බාරයි.

    මම ඔබ තුමාගෙන් ඒක ඉල්ලීමක් කරන්න කැමති. සිංහල බෞද්ධ අන්තවාදය ගැන ලියන විදියටම මේ රටේ පවතින සහ පැවතුන ද්‍රවිඩ සහ මුස්ලිම් අන්තවාදය ගැනත් ලිපියක් ලියන්න කියල. සිංහල මිනිස්සු මිනී මරපු හැටි ගැන අද අන්තර්ජාලයේ ඉන්න ගොඩක් අය ලියනවා. නමුත් ද්‍රවිඩ සහ මුස්ලිම් අයගෙන් වුන ඒ වගේ වැරදි ගැන ලියන්න ගොඩක් ප්‍රබුද්ධ සිංහල බ්ලොග් කරුවෝ පෙළඹෙන්නේ නෑ. මම මේ කතා කරන්නේ කුණුහරුපෙන් වෙන ජාති වලට බැනල ලියන බ්ලොග් ගැන නෙවෙයි. හරවත් විදියට කරුණු කැටි කරලා හොඳට ලිව්වොත් අපිත් කැමති සංවාදයට එළඹෙන්න.

    දවස් ගානකින් පස්සේ අද ටිකක් වේලපහින් නිදා ගන්න ඕනේ නිසා මම මෙතනින් නවතිනවා. ඔබ තුමාගේ බ්ලොග් එකේ විරුද්ධ අදහස් වලටත් ඉඩ හසර වෙන් ක‍ර දීම ගැන කෘතඥ පූර්වක වෙනවා.

    බුදුසරණයි
    සුබ රාත්‍රියක්.

    ReplyDelete
    Replies
    1. සමන් කුමාර මහත්මයාණනි, ප්‍රථමයෙන්ම බෞද්ධයෙකු ලෙස තිබිය යුතු සංයමය හා ඇත්ත ඒ හැටියෙන් දකින්නට හැකියාවක් ඇති ඔබ අවවාදයක්, උපදෙසක් හෝ ප්‍රයෝජනවත් යමක් සිංහල බෞද්ධයන්ට පවසා තිබීම ගැන සතුටක් වගේම ස්තූතියිත් පළ කරනවා.

      ‍දෙවනුව නම් මට යම්කිසි ප්‍රචණ්ඩකාරී නොවන විරෝදත්වයක්පාන්න සිදුවෙනවා "අදහස් ගොඩකට ටිකක් අකමැත්තෙන් වුනත් එකඟ වෙන බව" කියන කාරණයට නම්. මම ගැන කියනවා නම් ඇත්ත ඇත්ත හැටියෙනුත්, අසත්‍ය අසත්‍ය හැටියටත් පිළිගන්නා කෙනෙක්. ඒ දෙය මම හෝ මගේ හිතවතෙකු, ඥාතියෙකු හෝ සතුරෙකු හෝ මේ සංවදයට එළඹුන වෙනයම් කෙනෙකු හෝ ඔබ කෙරේ වුවත් පොදුයි. මේ සංවාදයේ ඔබ හා තවත් කිහිපදෙනෙකු හැරුනවිට එම සත්‍ය නිසි ලෙස වටහා නොගෙන හෝ වටහාගත්තත් තම ජාතිවාදී අන්තවාදී මතයන් ඊට වඩා පෙරටු කොට ගෙන අසත්‍ය හා පදනම් විරහිත කාරණ ගෙනහැර දැක්වීමේදී සාක්‍ෂි සහිතව ඊට එරෙහිව තර්ක කිරීම වරදක් ලෙස මම හිතන්නේ ඔබත් හිතන්නේ නැතුව ඇති.

      මම ඉපදුනේ සහ ජීවත්වුනේ මුස්ලිම් මිනිසුන් වාසය කරන ප්‍රදේශ වල නිසා ප්‍රායෝගිකව වගේම කියවන්නට ලැබුන කාරණා සහ ආශ්‍රය කරන්න ලැබුන මුස්ලිම් මිනිසුන් අතරින් ඔවුන්ගේ හොද වගේම නොහොදත් යම් ප්‍රමාණයකට දන්නවා. සමහරවිට ඔබටත් ඒ තත්ත්වය මට සාපේක්‍ෂව වැඩි හෝ අඩු ඇති. මම කතාකරන්නේ අන්තවාදී නොවන සාමාන්‍ය ජීවිත ගතකරන අපි හා එදිනෙදා ජීවිතයේ ගැටෙන මුස්ලිම් පුරවැසියන් ගැනයි. එසේ නැතුව අන්තවාදය කරපින්නාගෙන, ආගම කියමින් බෙල්ල කපන, වාසි තකා දේශපාලනයේ දාදු කෙලින දුර්ජනයන් ගැන නෙමෙයි. අපි එදිනෙදා හමුවන කතා කරන එකට වැඩකරන මුස්ලිම් මිනිසා එක්ක තේරුමක් නැති ගැටුම් ඇති කරගැනීමේ ඵලයක් තිබෙනවාද?

      ඔබම සිතන්න අප නියෝජනය කරන සිංහල මිනිසුන් බොහෝමයක් තුල ඔහු සහ මම සිංහල කියා සහෝදරත්වයක් තිබෙනවාද? එකම ‍ජාකිය තුල අන්‍යෙන්‍ය බැදීම නොමැති කමින් දිනෙන් දින පි‍රිහෙන්නාවූ අප ජාතිය හා ආගමට මුස්ලිම හෝ වෙනයම් ආගමක හෝ ජාතියක මිනිසුන් පලිද? අප කුඩා තැනෙන් පටන් ගමු ඔබගේ රැකියාව කරන තැන, අසල්වැසි, පාරේ හමුවන, ඇසුරුකරන සිංහල මිනිසා තුල දුර්ගුණ නැති එකට එකතුවී වැඩ කළ හැකි අවංකකම, නිරව්‍යාජත්වය, බැදීම තිබෙනවාද කියා. මම නම් අත්දැකීමෙන් අත්දැක තිබෙනවා (එම සිද්ධි නම් සදහන් කළ නොහැකියි) එකට වැඩකරන,ඒ වගේම අසල්වැසි සිංහලයන් නොයෙක් අකටයුතු කම් පෞද්ගලිකවම සිදුවී තිබෙනවා. ඉතින් එසේ සියල්ලන්ම නිවැරදිම මිනිසුන් නැති ආගමක ජාතියක මිනිසුන්ට හෘදය සාක්‍ෂියට එකඟව ජාතිය ආගම රකින්න එක්විය හැකිද?

      ඒ වගේම ඔබේ ඉල්ලීම මම කරුණු සාධක ලැබුන විගස ඉටුකරනවා. ඒ අන්‍ය ‍ජාතීන් විසින් පවා සිදුකරන අකටයුතුකම්. ඒ ගැන සැකයක් හිතන්නට එපා‍. ඒවගේම ඔබ සතුව පැහැදිලි හේතු සහිතව එම කාරණා ගැන ලියූ ලිපියක් තිබෙනවා නම් එවන්න. එම කරුණු මධ්‍යස්ථ ඔබ විසින් එවූ ලෙස එය සත් සමුදුරේ පළ කර එයට සංවාදයක් ඇති කල හැකියි...

      Delete
  37. ඔබ අන්තවාදී නොවන මුස්ලිම් වැසියන් ගැන කතා කරනවා ඇත්තටම එහෙම අය නෑ. තදින් ඉස්ලාම් අදහන්නේ නැති උගත් ඉහල මධ්‍යම පාන්තික මුස්ලිම් සුළු පිරිසක් (තම්බි තොප්පි දාන්නේ නැති, ගෑණුන්ව රෙදි ගෝනි වලින් වහන්නේ නැති, දවසට පස් වතාවක් අල්ලහ්ට වඳින්නේ නැති, කුරුණය කටපාඩම් කරන්නේ නැති) නගර ආශ්‍රිතව නම් ඉන්නව තමයි අන්තවාදී නොවන, ඒ හැර හොඳ ඉස්ලාම් භක්තිකයෙක් කියන්නේ තනිකරම අන්තවාදියෙක් තමයි එය ඔවුන්ගේ කුරාණයේම උගන්වන දෙයක් (අන්‍යාගමිකයන්ට සහ ඔවුන්ගේ ඇදහිලි විශ්වාසයන්ට ගැරහීම සහ විනාශ කිරීම)

    හම්බයන් සුළුතරයක් ලෙස ඉන්නකල් හරිම අහිංසක පාට තමයි (අන්‍යාගමිකයන් අතර කපටි කමෙන් පණ බේරා ගැනීම හෙවත් අල්-ටාකියා) හැබැයි ජන ගණත්වය වැඩි වීමත් එක්ක තමයි උන්ගේ සැඟවුන අළුගෝසු මූණු එළියට එන්නේ. (මුස්ලිම් බහුතරය වෙසෙන රටවල් සහ ලංකාවේ නැගෙනහිර පළාත).

    තේරුම් ගැනීම ඔබට බාරයි.
    තෙරුවන් සරණයි !

    ReplyDelete
    Replies
    1. රවී ඔබත්, සමන් කුමාරට දුන් පිළිතුරටත් අවධානය යොමුකරන්න. ඒ එක්කම පළමු ඡේදයේ ඔබ සදහන් කළ යම් යම් කාරණා සමග එකඟනොවූවත් දෙවන ඡේදයෙන් පවසා ඇති දේට එකඟවන්නේ එය කොයි ජාතියෙත් දැකිය හැකි ලක්‍ෂනයක් බවත් සදහන් කරමිනුයි. ඒ කො‍යි කොයි ජාතියත් වෙන්වෙන්ව සිටියදී අහිංසකයන් වූවත් ජනගණත්වය සමග ඒකරාශීවීම සමග පොරවා සිටින බැටළු හම ගලවනවා. ඔබ පවසා සිටි නැගෙනහිර පළාතේද එම තත්ත්වය තිබෙන බව බොහෝවිට අසා තිබෙන අතර උදාහරණයක් ලෙස යුදෙව්වන් ගතහොත් දෙවන ලෝක යුද්දයට පෙරාතුව අගතියට පත් ජාතියක් ලෙස සිටියත් එයින් පසු ඊශ්‍රායලය බිහිවූ පසුව තත්ත්වය පැහැදිලියි නේද?

      Delete
    2. http://www.youtube.com/watch?v=sYfxyFQw0IU

      http://www.youtube.com/watch?v=_o59AtDW-9Q&feature=related


      මේ වගේ video එකක් බලල තේරුම් ගන්න සහෝදරයා ඊලගට අපිට වෙන දේ ...බොරු මත තියාගන්න එපා . ..අපේ ඇස්] පනාපිටම වෙය් මේවා තව අවරුදු 15 kin ...එදාට අපි ජීවත් උනොත් අපි මේවා ගැන ආයේ කතා කරලා බලමු

      Delete
  38. http://www.youtube.com/watch?v=sYfxyFQw0IU

    http://www.youtube.com/watch?v=_o59AtDW-9Q&feature=related


    මේ වගේ video එකක් බලල තේරුම් ගන්න සහෝදරයා ඊලගට අපිට වෙන දේ ...බොරු මත තියාගන්න එපා . ..අපේ ඇස්] පනාපිටම වෙය් මේවා තව අවරුදු 15 kin ...එදාට අපි ජීවත් උනොත් අපි මේවා ගැන ආයේ කතා කරලා බලමු

    ReplyDelete
  39. ලිපිය කියෙව්වෙ දැනුයි. අදහසක් දාන්න ප්‍රමාද වුණාට සමාවෙන්න. ඔබගේ අදහස් සමඟින් 100% ක් එකඟ වෙමි.

    ReplyDelete
    Replies
    1. ubata me dewal terennat pramada wei machan. etakan atal eke idapan.

      Delete
  40. Hi Dinesh,
    I am a Muslim and I use to read ur blog frequently, but am commenting for the 1st time. I studied in Sinhala medium in a well known college in Colombo where all of my friends were Buddhists. In fact I was the only Muslim in yr 12-13.

    I can see this trend of spreading anti-muslim ideas among SL buddist community has taken a speedy phase during the last 6 - 7 years. Muslims and Sinhalese lived here in SL for thousands of years and we never faced these kinds of racial treatment from our Buddhist brothers before. I can remember I have personally gone to the houses of my Buddhist friends on their request and helped them in studies and I also have taken help to do my studies in school days. At the school, in the Uni, and while I was doing my other professional exams we were helping each other, what matters for us is get every one pass the exams so we went as a whole batch to the next year / class, where our fun continued. But when I see these comments I think something seriously has gone wrong with in the community. If i'm correct all these “LABEL desha premi” guys work for a political agenda. They want to just cling on a subject that would get more popularity and then highlight them selves. These guys just going to lit fire on their backs, for eg, most of them have commented about muslims having more children and considers as a treat to their community. What they don’t understand is by provoking communal ideas if another war starts in SL soil (God forbid), again their Buddhist brothers will loose their lives and it further adds on to the treat. There are black sheep in any community, irrespective of the religion they claim that they belong to.

    I appreciate your efforts to enlighten the community with true facts with out taking them astray like most so called LABELLED desha premi idiots do.

    ReplyDelete
  41. //Muslims and Sinhalese lived here in SL for thousands of years//

    ha ha ha , Do you have any proof on the claim that muslims lives here for 1000 years

    ReplyDelete
    Replies
    1. My dear friend - Study the history b4 commenting, but dont confine your self to Mahawansaya only. Lin mediyo danne lin patula vitarai..

      Delete
    2. @anonymous
      i've studied well in sri lankan history in university of colombo and there is no proof enywhere that muslims were here for thousand years.. you came here through "seda mawatha" and established here by converting sinhala buddhist/catholic/hindu girls as ur wives. u have less that 400years of history here. before 700 years there were no clue. within 700 - 400 years there is only come and go methods.

      Delete
    3. @anonymous
      If u say this is wrong tell me about ur reference.. i've studied many books(not only mahawansa, but dont ever tell mahawansa is not a good reference, only problem it had was the influensing factors of kings when it was writing)

      Delete
  42. Muslims are living in SL more than 1000 years. Proof is here.
    Check following link.

    http://www.scribd.com/doc/104060834/The-Muslims-of-Sri-Lanka-One-Thousand-Years-of-Ethnic-Harmony-By-Lorna-Dewaraja


    ReplyDelete
    Replies
    1. no no .the author got that bit wrong.... this wz amuslims country for 2600 years.. sinhalese came and invade thiss.. pooor muslims... nw c what we cn do about that... mmmmmmm..

      Delete
  43. dinesh obage boho prakasawala gabwa atthe muslimwarun kerahe athi lengathu bawak oba akkara pattu kalmune pottuvil wani pradesa wala hakinam awida e pradesa wala jeewath wena sinhalayangen asha danaganna me udden pasuwa e ayata wadima peedanayak we atte demala manussayangendha muslim manussayagenda kiyala ...,,, anika oba monatharam muslimwarunage subawadi pattha katha kalath muslim warun bohmayak anthawadin thamay awrudu30 uddha karala sinhalayay demalay le waguruwaga. depatthatama kath adala muslim warun kale uddayak nathuwama me rata ganimak me rate hama deyakma karattha rode wage karakimak wenne muslimwarunge me anthawadibawata saba sinhalun pelethuru dena kalaya wadi athaka naha.edata obatath wenne k......kapaganna thamay.











    ReplyDelete
  44. arabiya muslimwarunge ... thamil naduwa tamil ayage... sri lankawa ..nathhoth "sinhale" (udarata givisuma) sinhayange.. arabiyen thel ganna nisa api apita arinakam balagena inna oonida.. ape patte muslim kollo sanvidhanaya wela ape sinhala kellonge pettiya kadanawa.. owata samawak na putho magennam.. " mama jathiwaadiyekmi" puluwannam maawa nawaththapan..

    ReplyDelete
  45. අපි දැන් මුස්ලිම් ව්‍යාපාර විතරක් නෙවෙයි මුස්ලිමුන්ගේ කුප්‍රකට ආදායම් මාර්ගයක් වන හලාල් ලකුණටත් විරුද්ධව සටන් කරනවා. දැන් තම්බිලා නිකන් ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ ගානයි. දිනේශ් ඔබ සාර්ථකද?

    ReplyDelete
  46. දිනේෂ් සහෝදරයා මා ඔබ සමග වාදයකට යන්නේ නැහැ මොකද ඔබ යනු මා ගොඩක් ගරුකරන පුද්ගලයෙකු බැවින් නමුත් ඔබගේ අදහසට මා කිසිසේත් එකඟ නැතිබව පමණක් ප්‍රකාශ කරමි.
    කෝරලේ වලව්ව

    ReplyDelete
  47. අද වරාය තනිකර හම්බ ගුබ්බෑයමක්. සිංහල මිනිහෙක්ට සාදාරන තොග වෙළදාමක් කරන්න බහ.මම කියන්නේ ගහ ගන්න නෙවි. නමුත් එම ව්‍යාප්තවාදය ගැන අවබෝදයෙන්, තමන් ශක්තිමත් වෙන්න කියලයි.

    ReplyDelete
    Replies
    1. එකඟයි. ඒ දේ තමයි සිදුවිය යුත්තේ...

      Delete
  48. දිනේෂ් උඹ මේ මෝඩ තර්ක දාන්න එපා ඉරානෙන් ඉරාකෙන් ගේන බොර තෙල් ගැන කියලා.ඇයි උඹට අමතකද ඉරාන්,ඉරාක් සෞදි ,ඇෆ්ගනිස්ථාන්,පාකිස්තාන්,ඉන්දුනීසියා,මැලේසියා,මාලදිවයින්,බ0ගලාදේශ් කියන අද මුස්ලිම් බහුතරේ ඉන්න රටවල් ඉස්සර හොඳ බෞද්ධ රටවල් කියලා.හම්බයෝ අහි0සක බෞද්ධයන් මරලා තමයි ඒ රටවල් ඉස්ලාම් කරේ.තේරුම් ගනින් ඔය මිසදුටුවන්ගේ තිරිසන් ආගමට මනුස්සකමක් නෑ.උන් අන්ධ භක්තිකයෝ.සි0හල බෞද්ධයට මුලු ලොකෙන්ම තියෙන්නේ මේ රට විතරයි.ඒකෙත් සි0හල අපි හම්බයොන්ට නටන්න දීල නපු0සක වෙලා හිටියොත් මොකද වෙන්නේ කියලා හිතල බලපන් ටිකක්.බාමියන් පිළිම වලට උන් කරපු අපරාධෙ.කිසිම උගත් කමක් නැති ස්ත්‍රී දූෂක උම්මත්තක කාමුකයෙක් වන නබි සල්ලාලයාගෙ හිතේ මැවුනු මනෝ විකාරයක් නිසා ඌ කියපු හැම බොරුවක්ම විශ්වාස කරන කිසිම විචාර බුද්ධියක් නැති මෝඩ තිරිසන් පිරිසක් අතට මේ රත්තරන් වටින රට පත් උනොත් එදාට මෙ රටේ අපේ උරුම විනාසකරන කොට එදාට උඹල වගේ අයට මොනව හිතෙයිද ?අතීතයේ හෙළ විරුවෝ තම දිවි දෙවෙනිකොට මේ රට, බුදු දහම රැකගත්ත නිසා තමයි අදටත් උඹ්ට වගෙම මටත් නිදහසේ ඉන්න පුලුවන් වෙලා තියෙන්නේ.ඉතින් අපේ යුතුකමත් අපේ මනස නිවන ගමන්ම අපේ අනාගත පරපුරට මේ රන් හා සම බුදු දහම ආරක්ෂා කරල දෙන එක.එහෙම නතුව මේ වගේ නපු0සක විදියට හිටියොත් මේකත් කාලකන්නි මිසදුටු ඉස්ලාම් රටක් වෙලා අඳුරෙන් අඳුරට යන එක සිකුරුයි.වැරදිලාවත් කවදා හෝ එහෙම උනොත් එදාට මේ සි0හල ,දෙමළ,ක්‍රිස්තියන් අපි කාටවත් උන් ඉන්නෙ දෙන්නේ නෑ.දැන්වත් උඹේ ඇස් ඇරෙයි කියල අව0කවම හිතෙනවා.ගල් පිලිමයකටවත් තියෙන්නෙ නොදෙන ඉස්ලාම් අන්තවාදියෝ පණ තියෙන උඹටයි මටයි යහතින් ඉන්න දෙයි කියල හිතන්න පුලුවන්ද ?

    ReplyDelete
    Replies
    1. Suneth Ruchiran KalugamaJanuary 2, 2013 at 12:07 AM

      සහතික ඇත්ත සහෝදරයා.මම පෞද්ගලිකව මුස්ලිම් මිනිස්සු එක්ක තරහක් නම් නෑ.ගොඩක් මුස්ලිම් යාලුවො මටත් ඉන්නවා.ඒත් දැන් නම් තේරෙනවා මොකක් හරි අවුලක් තියෙනවා කියලා.හැම ආගමක්ම ,ජාතියක්ම එකයි කියලා අපි හිතුවට අනිත් ජාතීන් එහෙම හිතනවා හරිම අඩුයි.මගේ ක්‍රිස්තියන් යාලුවෙක් මේ ලඟදි මට කිව්වා තැපැල් පෙට්ටියක් සහ නින්ජා ගැන.මම ඇහුවා මොකක්ද කියලා.එයා කිව්වා මචන් දැන් මීගමුව පැත්තෙත් මුස්ලිම් අන්තවාදි කලු හිජාබ් ඇඳුම් ඇඳගෙන යනවා කියල ගොඩක් මුස්ලිම් ගෑණු අය.ඇස් දෙක ඇරල නම් පෝස්ට් බොක්ස්.ඇස් දෙක වහලා නම් නින්ජා ටර්ටල්ස්.මටත් හිනා ගියා ඒක ඇහුන ගමන්.ඒත් එක්කම නිකමට හිතුනා ඔහු කියපු දේ භයානකකම ගැන.මොකද සෞදි වගෙ මුස්ලිම් රටකදි අපිට අඩු ගානේ බුදුන් වඳින්නවත් බෑ නිදහසේ.අපේ ගෑනු කෙනෙක් එහෙ ගියත් හිජාබ් ලෝගුව දාගෙන ඉන්න ඕනේ.ඉතින් මෙහෙම් මුස්ලිම්කරණය උනොත් එදාට අපේ අම්මලට,සහෝදරියකට තියා ආච්චි අම්මා කෙනෙකුටවත් නිදහසේ තමන්ගේ දෙනෙතින් ලොව බලන්න බැරි වෙවි.ඉගෙන ගන්න වත් නිදහස නැති වේවි.එහෙම කාන්තාවෝ තමන්ගේ අයිතීන් ඉල්ලලා පාරට බැස්සොත් අර පකිස්ථානෙ කෙල්ලෙකුට උනා වගේ ඉස්ලාම් අන්තවාදීන් ගෙන් වෙඩි කාලා මැරෙන්න තමයි වෙන්නෙ.ඉතින් ඒ නිසා අපි හැමෝම මේ ගැන දැන්ම ඉඳන් පරීක්ෂාකාරී උනොත් හොදයි.ඒ අපේම නිදහස වෙනුවෙන්,අපේම රට වෙනුවෙන්...........

      Delete
  49. ඔක්කොම කොමෙන්ට්ස් එකදිගට කියවන් එද්දී, මුලින් රිප්ලයිවලදි දිනේශ්ගේ තිබුන සැර, අන්තිම වෙද්දී බැහැලා කියලා පේනවා.

    ReplyDelete
  50. ණය ඉල්ලීම !!!

    අපි ඩයමන්ඩ් ණය ආයතනයයි. දිගුකාලීන හා කෙටිකාලීන ණය මුදල් සැපයීම. පුද්ගලික ණය, ණය සංයුක්ත ණය, ව්යාපාර ණය, ව්යාපාරික ණය, ආයතනික ණය, අධ්යාපනික ණය, නිවාස ණය සහ ණය සඳහා ඕනෑම හේතුවක් නිසා වසරකට 2% ක අවම පොලී අනුපාතයක් යටතේ ආරක්ෂිත සහ රහස්ය ණය ලබා දෙයි!

    බැංකු මූල්යකරණය සඳහා විශ්වාසනීය විකල්පයක් වන අතර, අපගේ අයදුම් කිරීමේ ක්රියාවලිය සරල හා ඍජු පෙරමුනක්. අපේ ණය ප්රමාණය ඩොලර් 5000 සිට ඩොලර් 25,000,000 දක්වා. (ඩොලර් දශ ලක්ෂ පහක්). අතිරේක තොරතුරු: පොදු ණය සඳහා පුද්ගලික, නුවුවන්ත සහ සේවා අරමුණු කරගත් ණය ලබා ගැනීම වේගයෙන් අපි වේගයෙන් පත්වෙමින් සිටිමු. සාම්ප්රදායික ණය දෙන මූලාශ්ර අසාර්ථක වූ විට අපි හැරී සිටින්නෙමු.

    ඔබ උනන්දුවක් දක්වන්නේ නම් නොවේ
      ඊ-මේල් මගින් ඊ-මේල් මගින්, අප සමඟ සම්බන්ධ වීමට පසුබට නොවන්න, diamondloanfirm24@gmail.com

    උණුසුම් ශුභශිංසන,
    මැට් පිලිප්ස් මහතා.
    ප්රධානියා, ණය ඉල්ලුම් පත්රය,
    ඩයමන්ඩ් ණය නිකුතුව.
    විද්යුත් තැපෑල: diamondloanfirm24@gmail.com

    ReplyDelete
  51. ණය ඉල්ලීම !!!

    අපි ඩයමන්ඩ් ණය ආයතනයයි. දිගුකාලීන හා කෙටිකාලීන ණය මුදල් සැපයීම. පුද්ගලික ණය, ණය සංයුක්ත ණය, ව්යාපාර ණය, ව්යාපාරික ණය, ආයතනික ණය, අධ්යාපනික ණය, නිවාස ණය සහ ණය සඳහා ඕනෑම හේතුවක් නිසා වසරකට 2% ක අවම පොලී අනුපාතයක් යටතේ ආරක්ෂිත සහ රහස්ය ණය ලබා දෙයි!

    බැංකු මූල්යකරණය සඳහා විශ්වාසනීය විකල්පයක් වන අතර, අපගේ අයදුම් කිරීමේ ක්රියාවලිය සරල හා ඍජු පෙරමුනක්. අපේ ණය ප්රමාණය ඩොලර් 5000 සිට ඩොලර් 25,000,000 දක්වා. (ඩොලර් දශ ලක්ෂ පහක්). අතිරේක තොරතුරු: පොදු ණය සඳහා පුද්ගලික, නුවුවන්ත සහ සේවා අරමුණු කරගත් ණය ලබා ගැනීම වේගයෙන් අපි වේගයෙන් පත්වෙමින් සිටිමු. සාම්ප්රදායික ණය දෙන මූලාශ්ර අසාර්ථක වූ විට අපි හැරී සිටින්නෙමු.

    ඔබ උනන්දුවක් දක්වන්නේ නම් නොවේ
      ඊ-මේල් මගින් ඊ-මේල් මගින්, අප සමඟ සම්බන්ධ වීමට පසුබට නොවන්න, diamondloanfirm24@gmail.com

    උණුසුම් ශුභශිංසන,
    මැට් පිලිප්ස් මහතා.
    ප්රධානියා, ණය ඉල්ලුම් පත්රය,
    ඩයමන්ඩ් ණය නිකුතුව.
    විද්යුත් තැපෑල: diamondloanfirm24@gmail.com

    ReplyDelete
  52. මචං අපේ සිංහල තරුණ යෝ නැති කරන්නේ කව්ද සිංහහලයෝ නොවේද බාර් එකක් ලගට යන්න කිදෙනෙක් පොලිමේද දිනකට අරක්කු නිසා අනතුරු වලින් කියක් අකාලේ මැරේනවාද මේ දුර්වල තැන් හදා ගන්නේ නැතිව අනෙත් ජාතියට බැනලා වැඩක් නැහැ පලමුව අපි හැදිලා ඉන්න වෙනවා උන් පල්ලි යනවා අපේ අය පෝය දවසට හොරෙන් හරි බොන්න හොයනවා අරෙන්න කියෙන් කිදෙනාද පන්සල්යන්නේ ඉතින් අපේ පු්‍රතිපත්තියක් නොමැතිව කොහොමද ජාතිය ගොඩ ගන්නේ

    ReplyDelete