Wednesday, April 18, 2012

සුභ නව වසරකට ආසිරිද සමගින් Internet Speed වැඩි කරගැනීමට ටිකක් බැරෑරුම් වැඩ කිහිපයක්

මුලින්ම ඔබ සැමට 2012 සිංහල දෙමල අළුත් අවුරුද්ද සුභදායක වසරක් වේවා යන පැතුම එක් කරමි. පසුගිය දිනවල ගෘහස්ථව මේ කාලයේ යෙදෙන වැඩ රාජකාරි බහුල බව හා අවුරුද්දෙන් පසු තරමක් අසනීප තත්ත්වයෙන් පසුවන නිසා මේ මොහොත දක්වා සුභ පැතීමේ කාර්යයට හෝ අළුතින් යමක් ලියන්නට නොහැකි වුනා. ඉතින් දැන් තරමක් සුවය ලබා සිටින මොහොතේ  ඔබ සැමට ප්‍රයෝජනවත් වන්නාවූ දෙයක් මුලින්ම මේ ‍වසරේ එක්කිරීමට සිතුවා.

Internet Speed එහෙමත් නැත්නම් ඔබ භාවිතා කරන අන්තර්ජාල සේවාවෙන් අපේක්‍ෂිත වේගය නොලැබෙන බව නිරතුරුවම බොහෝදෙනෙක් මැසිවිලි නගන කරුණක් බව බ්ලොග් කියවන විටකදී මෙන්ම තාක්‍ෂනික කරුණු මුල්කරගෙන තැනූ ගැටළු විමසන Techකතා සේවාවේදිත් නිරතුරුවම දකින්නට ලැබෙන්නක්. එසේම මේ අවස්ථාවේ තාක්‍ෂනික වශයෙන් අප මුහුණ දෙන ‍‍බොහෝ කරුණු සඟහරවා ගැනීමට උපදෙස් සපයන මහගු කර්තව්‍ය කරන Techකතා සේවාව පවත්වාගෙන මහත්වරුන්ටත් ස්තුතිකරන්නට අවශ්‍යමයි. පෞද්ගලිකව මම පවා මෙම සේවාවෙන් විවිද අවස්ථාවල පැන නැගුන තාක්‍ෂනික ගැටළු වලට සහය ලබාගෙන තිබෙනවා වගේම එයින් ප්‍රත්‍යක්‍ෂවම අවශ්‍ය උපකාරය ලැබුන බවත් කෘතවේදිව මතක් කල යුතුයි.

Internet භාවිතයේදී නියමිත දත්ත ප්‍රමාණයට පසුව සාමාන්‍යයෙන් දත්ත සම්ප්‍රේශන වේගය අඩුවනවාසේම එම සේවා සපයන ආයතන වෙතින් ලබාදෙනවායැයි කියන වේගය අදාල දත්ත ප්‍රමාණය ඉකුත් නොවුන අවස්ථාවේ පවා නොලැබෙන බව ඇතැම් විට අපට දැකගන්නට හා අසන්නට ලැබෙන කාරණයක්. ඉතින් සමහර විට ඔවුන්ගෙන් අදාල සේවාව ගුණාත්මක තත්ත්වයකින් සැපයීම කරනු ලබන්නේ නැති නිසා ‍හා වෙනත් ඔවුන්ගේ තාක්‍ෂනික බිදවැටීම් හේතුවෙන් සිදුවන්නට හැකි මුත් අප සුලභව භාවිතා කරන  පාලක මෘදුකාංගය වන Windows මෙහෙයුම් පද්දතිවල අපට මූලික වශයෙන් අතපත ගෑ නොහැකි තැන්වල පිහිටුවා තිබෙන යම් යම් විනඥාසයන් (Configurations) නිසාද මෙම වේගය බිදවැටීම් සිදුවන්නට පුළුවන්. 

ඉතින් මටත් අවශ්‍ය වුනා මම භාවිතා කරන Windows Vista පාලක මෘදුකාංගයේ මෙසේ පිහිටුවා තිබෙන වේගය අඩුකරන ඇතැම් විනඥාසයන් වෙනස් කරල එයින් යම් වේගවත් බවක් ලැබේදැයි අත්හදාබලන්නට. කියන්නට සතුටුයි ඇත්තටම වේගය වැඩිවුනා. මේ වෙනස් කිරීම් Windows 7 සදහාත් භාවිතා කිරීමට හැකියාව තිබෙනවා.

හැබැයි පොඩි කාරණයක් කියන්න ඕන මේ ඇතැම් Settings වලින් කෙරෙන කාර්යය තාක්‍ෂනික වශයෙන් පැහැදිලි කිරීමට නම් මට ටිකක් අපහසුයි. ඒ නිසා සරලව මම ඒ ගැනත් කියල වෙනස් කරන ආකාරය කියන්නම්. ඔබට ඇතැම්විට ඒ පිළිබදව වැඩි දුර දැනුමක් තියෙනවා නම් සටහන් කරන්න කිසිදු බාධාවක් නැහැ. ඒ ගැන අපිටත් සවිස්තරව එතකොට දැන ගන්නට හැකියි.

පළමු උපක්‍රමය තමයි Vista හා 7 වලදී IPv6 Disable කිරීම. ඒත් මේ ගැනත් කියන්න ඕන. මේ වෙනස් කිරීම කෝකටත් තෛලය වගේ හැමවිටම වේගය වැඩිකරන්න හේතුවෙන දෙයක් නොවෙයි. IPv6 ගැන යමක් කියනවා නම් දැනට ලෝකයේ බහුලවම භාවිතා වන්නේ IPv4 කියන IP address ක්‍රමය වුනාට ඉදිරි පරම්පාරාවේ ජාලයන් සදහා මෙම ක්‍රමය ප්‍රමාණවත් නොවෙනවා. ඒකියන්නේ එයින් සැපයිය හැකි IP address සංඛ්‍යාව ඉදිරියේදී සීමා සහිතවීම, හොද සේවාවක් ලබාගැනීමේ (quality of service) දුෂ්කරතා මතුවීම හා ආරක්‍ෂාව සම්බන්ධයෙන් ගැටළු පැන නැගීම වැනි හේතුපදනම් කොටගෙන ඉදිරි පරම්පරාවේ ජාල ක්‍රියාත්මකවනු ඇත්තේ IPv6 වලින්. ඉදිරි පරම්පරාවේ කියල කිව්වට දැන් ඉදන්ම මෘදුකාංග හා දෘඩකාංග ඒවෙනුවෙන් ගැලපෙන ආකාරයට නිමකරල අපිට භාවිතයටත් ලබාදීල අවසන්. ඒත් තවම සියළුම අංශ මේ නව ක්‍රමයට අනුගත වෙලා නැති නිසා තවම බහුලවම වගේ භාවිතාවෙන්නේ IPv4 කියන ක්‍රමයයි.

දැන් අප භාවිතා කරන  Windows Vista,7, Linux වගේ පාලක මෘදුකාංග වගේම Firefox අන්තර්ජාල පිරික්සුම් මෘදුකාංගයත් වැඩි ප්‍රමුඛතාවයක් දී තිබෙන්නේ IPv6 වලින් වැඩ කිරීමටයි. ඒ අනුව මුලින්ම අන්තර්ජාලය පිරික්සන්නට යන්නේ IPv6 භාවිතයෙන්. ඒත් මේ නව ක්‍රමයට අපිට අන්තර්ජාල සපයන ආයතන සියල්ලම ඔවුන්ගේ මෘදුකාංග හෝ දෘඩකාංග නවීකරණය කර නොමැති නිසා තවම සේවා සපයන්නේ IPv4 ක්‍රමය යටතේම නිසා පළමුවෙන් IPv6 සොයන්නට යාමෙන් තරමක ප්‍රමාදයක් ඇතිවෙනවා තමයි. මේ නිසා IPv6 Enable කර තිබෙනවා නම් Disable කර භාවිතා කිරීම තරමක වේගයක් ලබාගැනීමට හේතුවක් වේවි. එය සිදුකරගන්නේ මෙලෙසයි.

මුලින්ම Network and Sharing Center වෙතට යන්න. එය පහත රූපයේ ආකාරයට සිදුකරගන්න.
ඉන්පසු එය හරහා View Status වෙත ගොස් එහිදී Networking යන Tab එක තෝරන්න.


එහිදී "Internet Protocol Version 6 (IPv6) යන්න Tickකර ඇත්නම් එය ඉවත් කරන්න.

(මේ කියපු උපක්‍රමය ගැන වැඩිදුර විස්තර මෙන්න මෙතනට පිවිසුනාම දැනගන්න පුළුවන් - http://en.kioskea.net/faq/758-myth-disabling-ipv6-will-speed-up-internet-connections)

දෙවන උපක්‍රමය නම් මේ තරම් අපිට හුරුපුරුදු දෙයක් නොවෙයි. Vista හා 7  දී ජාලකරණයේ  තිබෙනවා Auto Tuning කියලා ගුණාංගයක්. මෙය TCP Global Parameters වලට තමයි අයත්වන්නේ. TCP Receiver, ඒ කියන්නේ අපේ පරිගණකයට, TCP Sender, ඒ කියන්නේ  Internet එක හෝ අප සම්බන්ධ වී සිටින ජාලයෙන් ලැබෙන තොරතුර ලබාගන්න කලින් ඒ අතර සරලව සුසර කිරීමක් කියල කියන්න පුළුවන් ක්‍රියාවලියක් ඇති කරගන්නවා ඒ තොරතුරු අපේ පරිගණකයට ලබාගන්න පුළුවන් ප්‍රමාණයේ එකක්ද? නැත්ද? යනාදී තව බොහෝ කරුණු කාරණා සම්බන්ධයෙන්. වැඩේ තියෙන්නේ අපගේ අන්තර්ජාල කටයුතු වලට භාවිතා කරන උපකරණ පැරණි ඒවා නම් සහ Firewall හරහා දත්ත පැමිණිමේදී මේ විශේෂාංගය යහපත් ආකාරයෙන් අන්තර්ජාලය හරහා තොරතුරු අපේ පරිගණකයට පැමිණීමට බාදාවක් ඇති කරන්න පුළුවන්. ඊට අමතරව වැඩි දුරටත් කියනවා නම් මෙන්න මේ දැක්වෙන අකරතැබ්බ වලට මේක Enable කර ගෙන සිටීමෙන් වෙන්න පුළුවන් කියලත් කියනවා.
Possible TCP/IP Auto Tuning Related Problems:
  • Indefinite delay (hang) when opening the Certificate Services snap-in.
  • Slow (sometimes no) group policy application.
  • Trying to select a domain user in order to add that principal to a local security group (the object picker) would hang indefinitely.
  • Instant Messaging is not working well. Sometimes not at all by not being able to sign in.
  • Access to local file servers (EX: networked drives, etc.) are extremely slow and sometimes did not succeed at all (appears to hang).
  • Internet connection problems.
  • Extremely slow file transfers.
  • Other strange unexplained network connecting issues.
  • Wireless network connection problems
  • Website browsing and downloads are extremely slow.
මොන එකටෙයි කරදරකාරයන්ට දැනදැනම අපේ පරිගණක යන්තරේ ක්‍රියාත්මක වෙන්න දෙන්නෙ. ඒ නිසා මේක Disable කරල වෙනසක් තියෙනවාදැයි බලමු. මෙන්න මේකත් කියන්න ඕන සමහර Internet Tips වල මේක Disable කරන්න කියන කොට තවත් ඒවගේ තියෙනවා මේක Enable කරන්න කියලත්. ඒ නිසා මේ දෙවිදියටම කරල හොද මොකක්ද කියල තීරණය කරන්න. හැබැයි මට නම් මේක Disable කළාට පස්සේ file downloading වලදී Interrupt වෙන්නේ නැතිව බැරිබැරි ගානේ හරි download වෙන එක නම් වුනා. Web page  load වීමත් නරකම නැහැ. මෙන්න මේ දේවල් කරගන්න විදිය.

මුලින්ම command Prompt විවෘත කරගන්න As Administrator ලෙසින්. මෙන්න මේ ආකාරයට.

ඉන්පසුව මෙම Command එක command prompt එක ඉදිරිපිටදී Type කර Enter කරන්න.
netsh interface tcp set global autotuning = disabled

සාමාන්‍යයෙන් මෙම අගය පවතින්නේ Normal ලෙස. ඒ නිසා නැවත ඔබට මෙය සාමාන්‍ය තත්ත්වයට පත්කරගැනීමට අවශ්‍ය නම්  
netsh interface tcp set global autotuning =normal ලෙස භාවිතා කරන්න.

එයට අමතරව මෙම autotuning තවත් වෙනස් ආකාරයන්ගෙන් පිහිටුවා ගැනීම සහ ඒවායෙන් සිදුකෙරෙන කාර්යයන්  පිළිබදව පහතින් දක්වා තිබෙනවා. එහිදී භාවිතා කල යුතු විදානය Bold ලෙස දක්වා තිබේ.

The default auto-tuning level is "normal", and the possible settings for the above command are:
disabled: uses a fixed value for the tcp receive window. Limits it to 64KB (limited at 65535).
highlyrestricted: allows the receive window to grow beyond its default value, very conservatively
restricted: somewhat restricted growth of the tcp receive window beyond its default value
normal: default value, allows the receive window to grow to accommodate most conditions
experimental: allows the receive window to grow to accommodate extreme scenarios (not recommended, it can degrade performance in common scenarios, only intended for research purposes. It enables RWIN values of over 16 MB)
මේ පිළිබදව වැඩිදුරටත් දැනගැනීමට පුළුවන් මෙම වෙබ් අඩවියට පිවිසීමෙනුත්.
http://www.vistax64.com/tutorials/72308-auto-tuning-tcp-ip-receive-level.html

තව මේ වගේම TCP Global Parameter එකක් තියෙනවා Chimney Offload කියලා. මේකෙන් ඇත්තටම කෙරෙන්නේ Network භාවිතයේදී Processor එකට යෙදෙන කාර්යයන් අවම කරල වෙනත් කාර්යයන් සදහා එය කාර්යක්‍ෂමය යොදා ගැනීමට අවශ්‍ය ඉඩකඩ සලසා දීමයි. සාමාන්‍යයෙන් Vista වල එය disable ලෙසත් Windows 7 වලදී enable ලෙසත් සකස් කර තිබෙනවා. එය වෙනස් කරගන්නේ මෙලෙසයි.
netsh int tcp set global chimney=enabled
එය ක්‍රියාවිරහිත කිරීමට
netsh int tcp set global chimney=disabled

මේ පිළිබදව වැඩිදුරටත් දැනගැනීමට පුළුවන් මෙම වෙබ් අඩවියට පිවිසීමෙනුත්.


තවත් එක් TCP Global Parameter එකක් සදහන් කරන්නම් මේ කාරණා වලදී වැදගත් වන එය Congestion Control Provider.මෙය Windows Vista සහ Windows 7 වලදී none ලෙස default අගය තිබුනත්, එය cctp (Compound TCP) ලෙස වෙනස් කර ගැනීමෙන් දත්ත සම්ප්‍රේශනයේ කාර්යක්‍ෂමතාව හා දත්ත හානිවීම අවමකරගැනීමත් කරගැනීමට පුළුවන්)

මෙන්න එය සිදුකරගන්නා ආකාරය
netsh int tcp set global congestionprovider=ctcp
එය අහෝසි කර ගැනීමට 
netsh int tcp set global congestionprovider=none

(CTCP (Compound TCP) is a newer TCP congestion control algorithm designed to aggressively adjust the sender's TCP Window to optimize TCP for connections with higher bandwidth and latency.
The algorithm is generally an improvement over the more traditional slow-start and congestion avoidance TCP algorithms. It is especially effective with broadband internet connections, or any connection with a high bandwidth * delay product.
CTCP has been implemented in Windows Vista/2008, and is also available for Windows 2003 server, and XP(64-bit) via hotfixes. The algorithm has been ported to Linux as well.)

මෙන්න මේ වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම Parameters හා මෙහි සදහන් නොකල තවත Parameters රැසක තොරතුරු හා ඒවා වෙනස් කිරීමෙන් සිදුකර ගත හැකි කාර්යයන් දැනගැනීමට හැකිවේවි.
http://www.speedguide.net/articles/windows-7-vista-2008-tweaks-2574

අවසාන වශයෙන් තවත් එක් Internet Speed එක වෙනස් කර ගැනීමට ඉවහල් කර ගත හැකි විශේෂාංගයක් කියන්නම්. Windows වල Update ‍වගේ Quality of Service වලට ප්‍රයෝජනවත් කරගැනීමට Connection Bandwidth එකෙන් 20% ක් වෙන් කරගෙන තමයි තියෙන්නේ. ඒත් අපි දිනපතා Update කිරීම් වගේ දේවල් කරන්නේ නැති නිසා එම ඉඩප්‍රමාණයත් ලබාගැනීම අපේ අන්තර්ජාල වේගය වැඩිකරගැනීමට හේතුවක් වේවි. එය සිදුකරගන්නේ මෙලෙසයි.

මුලින්ම Windows XP වලදී නම් Run වලදී හෝ Vista හෝ 7 වලදී Start Search හිදී gpedit.msc ලෙස type කර Group Policy Editor වෙත පිවිසෙන්න.

ඉන්පසු මෙම රතු කොටු වලින් දක්වා ඇති ස්ථාන තෝරා Link Reservable Bandwidth යන්න තෝරන්න.

ඉන්පසු මෙම Window එක දිස්වනු ඇති අතර සාමාන්‍යයෙන් එය පවතින්නේ Not Configured ලෙසයි.

දැන් ඔබ එහි Enable තොරාගත්විට Bandwidth limit % ලෙස 20 ක් දැක්වෙනු ඇති අතර එය 0 ලෙස සටහන් කර  Apply කර OK කරන්න.

 

මෙන්න මෙතනිනුත් වැඩි විස්තර දැන ගැනීමට හැකියි.
http://helpdeskgeek.com/windows-xp-tips/increase-windows-network-speed-qos/

ඔබත් මෙම වෙනස්කම් අත්හදා බලන්න. සමහර විටෙක වෙනසක් දැකගැනීමටත් හැකිවේවි. යම් හෙයකින් වෙනසක් නොවුන හොත් සහ වෙනත් අතුරු උපද්‍රවයක් ඇතිවේයයි සැකය ඇතිවුවහොත් වෙනස්කම් කිරීමට පෙර තිබෙන අගයන් මුලින් සටහන් කර‍ගෙන වෙනස් කම් කොට අවශ්‍යවුවහොත් සටහන් කර ගත් පෙර අගයන්ම නැවත යොදන්න. ඔබට ‍පැවසූ TCP Global Parameters පිළිබදව බලා ගැනීමට මෙම විධානය භාවිතා කල හැකියි.
                                     C:\>netsh interface tcp show global
එවිට මේ ආකාරයෙන් එම විස්තර බලා ගැනීමට හැකියි.
 

මෙම වෙනස්කම් වලට වඩා හොද ඒවා ඔබ දන්නේ නම් ඒවාද ඉදිරිපත් කරන ලෙස ඉල්ලන අතර මෙහි සදහන් කාරණා වලද අහිතකර පැති ඇත්නම් ඒවාද සටහන් කරන ලෙස ඉල්ලමි.

20 comments:

  1. ආ මචෝ කංඩුල! කෝමද වාසේ දේසේ?

    ReplyDelete
  2. සුබ නවවසරක් ඔබට සහ ඔබගේ සියලු නෑදෑ හිත මිතුරන්ට දිනේශ්, නව වසරේ ඔබ මේ කරගෙන යන කාර්ය භාරය හැකි පමණ හොඳින් ඉටුකිරීමට ඔබට ශක්තිය ලැබේවා යන්න මගේ හෘදයාංගම ප්‍රාර්ථනයයි....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔබටත් සුභ නව වසරක් වේවායයි යලිදු පතන අතර මේ කාර්යය ඉඩක් ලැබෙන සෑම මොහොතකම කරගෙන යාමට ඉදිරියේදීද බලාපොරොත්තුවෙන බව පවසනු කැමැත්තෙමි.

      Delete
  3. මම ඒත් බැලුවා මොකද සතියක් දෙකක්ම සද්දෙ නැත්තෙ කියලා. :-)

    ඔය දේවල් කලා කියල සැලකිය යුතු වේග වෙනසක් වෙනවද?

    ReplyDelete
    Replies
    1. අවුරුදු කාලෙට ඉතින් වැඩ වැඩියි. ඒ නිසා ලියන්න කාලය හා අවධානය යොමුකරගන්න අපහසුයි. ඔව් මේ වෙනස්කම් වලින් සැබෑ ලෙසම වේගය වැඩිවුනා...

      Delete
  4. ලංකාවෙන් පිට ඉන්න නිසා මේ වේගට මටනම් එච්චරම ප්‍රස්ණාක් නෙමෙයි.. ඒත් ලංකාවේ කාත් එක්ක හරි ස්කයිප් කතා කරද්දි නම් ගොඩක් භාධක එනවා ලංකාවේ වේගය අඩු නිසා..

    ReplyDelete
    Replies
    1. ඉදිරියේදි ලංකාවෙත් මීට වඩා හොද අන්තර්ජාල පහසුකම් ලැබේ යයි සිතනවා...

      Delete
  5. ස්තුතියි දිනේෂ් සහෝ මේ විස්තර ටිකට ! හුඟ කාලෙකින් ලිපියක් පළ නොවුනු නිසා බ්ලොග් එක එපා වෙලා වත් ද කියලත් හිතුනා. දිනේෂ් සහෝටත්, පවුලේ හැමෝටමත් සුභ අලුත් අවුරුද්දක්ම වේවා !!! ජය !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඒ වගේම සුභ අළුත් අවුරුද්දක් ඔබටත්. ඔව් සති දෙකකින් වගේ ලිපියක් පළ කරන්න බැරිවුනා තමයි. මේ අවුරුදු කාලේදී උවමනාවෙන් නොවුනත් ඉබේම මේ තත්ත්වය උදාවෙනවා. බ්ලොග් එක නම් එපා වුනේ නැහැ. ඒත් පසුගිය ලිපි දීර්ඝව ලියවුනත් බලන්න ආ පිරිස නම් ඉතා අඩුයි...

      Delete
  6. ඔබ ඇතුළු පවුලේ හැමටම සුබ අලුත් අවුරුද්දක් වේවා දිනේෂ්....!!!
    ටිකක් වැඩිපුර ලියමු....

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුභම අළුත් අවුරුද්දක් වේවායි පතනවා. වැඩිපුර ලියන්න නම් කැමතියි, ඒත් කාලය හා විවේකය අඩුකම තමයි ගැටළුවක් වෙලා තිබෙන්නේ...

      Delete
  7. සුභ අළුත් අවුරුද්දක් වේවා දිනේෂ් ! ඔයාගේ වටිනා ලිපි කියවන්න අපි දිගටම එනවා.

    ReplyDelete
    Replies
    1. සුභ අළුත් අවුරුද්දක් වේවා ඔබටත්. ඔව් ඔබ පසුගිය ලිපි රැසටම පැමිණ දුන් සහය මේ මොහොතේත් අගය කරනවා...

      Delete
  8. ඔබට සහ පවුලේ සැමටම සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා කියලා පතනවා දිනේෂ්. මේ ලිපියනම් කියෙව්වෙ නැහැ මම. මට ඔය පරිගනක සම්බන්ධ ගැබුරු දේවල් ගැන අවබෝධය සහ උනන්දුව මදි.

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුභම සුභ අළුත් අවුරුද්දක් Senna. සමහර විටක අද මේ ලිපිය ප්‍රයෝජනවත් නොවුනත් ඉදිරියේදී ප්‍රයෝජනවත් වෙන්න ඉඩ තියෙනවා. සාමාන්‍යයෙන් තාක්‍ෂනික කරුණු මුල් කරගෙන ලියෙවෙන ලිපි වලට ඇතැම් විට ජනප්‍රියත්වය අඩුයි. ඒකට එක් හේතුවක් තමයි, බ්ලොග් හා වෙබ් අඩවිවල සුලභවම මේ කරුණු කිහිපවිටක් සදහන්වීමත්...

      Delete
  9. වටිනා පොස්ටුවකි අගය කරමි

    ReplyDelete
  10. Very nice article, totally what I needed.
    My web site > Sharecash Survey Skipper

    ReplyDelete
  11. මොබයිල් ‍බ්‍රෝඩ්බෑන්ඩ් පාවිච්චි කරන අයට ව‍ගේම පරණ SLT පැකේජ පාවිච්චි කරන අයටත් අන්තර්ජාල වේගය නම් ලොකු ප්‍රශ්ණයක්. ඒත් දැන් SLT එකෙන් දෙන අලුත් පැකේජ් වල නම් වේගය ඉතාමත් හොඳ මට්ටමක තියනවා. ගැටළුවකට තියෙන්නේ දත්ත ප්‍රමාණය සීමා කිරීම විතරයි.

    ReplyDelete