Friday, April 20, 2012

250 වන ලිපියද සමගින් ප්‍රයෝජනවත් දේවල් කිහිපයක්ම එකවර ඇති "අච්චාරු" ලිපියක්...

මාතෘකාවේ විදියටම මේ 250 වන බ්ලොග් ලිපියයි. ඉතින් අමුතුවෙන් කියන්න යන්නේ නැහැ සත් සමුදුරේ බ්ලොග් ලියවුන විදියවත් එය විකාශනය වි මේ දක්වා ආ ගමන් මග පිළිබදවත්.  ‍කොහොමවුනත් මේ දක්වා විවිද තත්ත්වයන් ඔස්සේ මේ ආ දුර පැමිණීමට ඔබ සැම ලබා දුන් සහයට මේ මොහොතේත් ස්තූතියි පුද කරනවා!

මේ ලිපියදී කාරණා කිහිපයක් ගැනම සදහන් කරන්නට සිතුනා. පළමු කාරණය තමයි ඔබට ප්‍රයෝජනවත් විය හැකි අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයක් ගැන සදහන් කිරීමට සිතුවා. ඔබට සිතෙන්නට පුළුවන් දැනටමත් ඕනෑතරම් සෙවුම් යන්ත්‍ර තිබියදී මොකටද තව එකක් ගැන කියන්නේ කියලත්. හැබැයි මෙය ටිකක් විශේෂිතවූ එකක්. මෙහි ඇති විශේෂත්වය තමයි මෙය ද්විභාෂ සෙවුම් යන්ත්‍රයක් වීම ඒ කියන්නේ Bilingual Search Engine එකක්. ඒ විත්තිය ඒ සෙවුම් යන්ත්‍රයේම බොහොම උජාරුවෙන් සටහන් කර තිබෙනවා. ඒ අනුව ඔබ කැමති භාෂා දෙකකින් එක්වරම  අවශ්‍ය සෙවුම මේ හරහා කරගන්න පුළුවන්. මෙහි නම තමයි sobotong - http://www.sobotong.com/gl/
මෙන්න මේ වගේ අතුරුමුහුනතක් තමයි එයට තිබෙන්නේ.

මෙහි ඊතලවලින් දක්වා තිබෙන භාෂවන් ඔබ කැමති ආකාරයෙන් වෙනස් කර ගැනීමෙන් එකවර එම ද්විභාෂාවලින් සෙවුම් කරගැනීමට හැකියි. ඒත් අවසනාවට තවම සිංහල බස නම් මෙම ලැයිස්තුවට එක්කර නැහැ. ‍ද්‍රවිඩ භාෂාව නම් එක් කර තිබෙන බව දැක්වෙනවා.

මේ ලිපියෙන් කාරණා කිහිපයක් වෙනස් වෙනස් දේවල් ගැන කියනවා කිව්වා වගේම මෙන්න තවත් වෙනස් දෙයක්. ඔබ HD Quality එකක් තියෙන Music Video වලට කැමති කෙනෙක්ද? එසේ නම් මෙම වෙඩ් අඩවිය ඔබට ප්‍රායොජනත් වේවි. මෙහි බටහිර ගීත රැසක Music Video තිබෙනවා. ඔබත් කැමති නම් මේ අඩවියට පිවිසෙන්න. muzu තමයි මෙම අඩවියේ නම. - http://www.muzu.tv

මෙන්න ඊලඟ දේ. ඔබට ඇතැම් විට පින්තූරවල අදුරු වීම හෝ ඒවා ඕනෑවට වඩා එළියෙන් යුතුවීම පිළිබදව ගැටළු ඇති. ඒ වෙලාවට මෙම ගැටළුව නිරාකරණ කරගන්න අපිට භාවිතා කරන්න තිබෙන හොදම මෘදුකාංගය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ Photoshop තමයි. ඒත් මේක තිබුනට මදි ඒ දේවල් කර ගන්න විදියත් දැනගන්න ඕනෑනේ. Photoshop වලදී මේ කාර්යයන් කරගන්න ක්‍රම කිහිපයක්ම තිබෙනවා. ඇතැම්විට එක ක්‍රමයක් සෑහෙනවා වගේම සමහර විටෙක පින්තූරය අනුව ක්‍රම කිහිපක්ම හෝ එක් පින්තුරයකට භාවිතා කල ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයක් භාවිතා කරන්නත් සිදුවේවි. ඒ නිසා එම ක්‍රම කිහිපයම මෙහිදී සදහන් කරන්නම්.

මෙන්න මේ තක්කාලි ගෙඩි දෙක තියෙන පින්තූරය තමයි මේ පාඩමට උදාහරණය විදියට ගන්නේ.

මුලින්ම මේ පින්තූරය Photoshop හරහා open කර ගත් පසුව එහි Background layer එකෙන් duplicate Layer එකක් සාදා ගන්න. එය සිදුකරගැනීමට ප්‍රධාන මෙනුවේ Layer හරහා ගොස් එහි Duplicate Layer හෝ

Layer palette එකේදීම Background layer මත right click කර එහිදී ලැබෙන මෙනුවෙන් Duplicate Layer තේරිමෙන්ද සිදුකර ගත හැකිය.

වේගවත්ම සහ පළවෙනියෙන්ම අදුරු සේයාරුවක් එළිය කර ගැනීමේ ක්‍රමය තමයි Layer palette එකේම තිබෙන Screen blend mode එක භාවිතා කිරීම. මෙන්න මෙහෙමයි රූපයේ ඊත‍ලයේ දැක්වෙන ස්ථානයෙන් ගිහිල්ලා කොටුකර දැක්වෙන Screen blend mode එක Select කරන්න.

සාමාන්‍යයෙන් තියෙන්නේ Normal Mode එක. ඒක තමයි දැන් Screen blend mode බවට වෙනස් කරන්නේ. හැබැයි ඉතින් මේ ක්‍රමය 100% ක්ම කාර්යක්‍ෂම ක්‍රමයක් ලෙස හැදින්වෙන්නේ නැහැ. මෙන්න වෙනස් කල පසු ලැබෙන පින්තූරය

ඉතින් මේ ලැබුන පින්තූරය ඕනෑවට වඩා එළිය වැඩියි කියල හිතෙනවා නම් Layer palette එකේ තියෙන Opacity value එක  වෙනස් කර ගැනීමෙන් එය සාදා ගැනීමට හැකියි.

මීට වඩා Advance දෙවන ක්‍රමය තමයි Levels භාවිතා කිරීම මේ රූපයේ දක්වා ඇති ආකාරයට Levels වෙනස් කරන Window එක ලබා ගන්න.


මේ රූපයේ දක්වා තිබෙන slide එක එහා මෙහා කිරීමෙන් හා තවදුරටත් වෙනස් කම් කරගැනීමට අවශ්‍ය පරිදි අනෙක් Slide එහා මෙහා කර ගැනීමෙනුත් මෙම කාර්යය ඉටුකර ගත හැකියි.

මෙය පළමු ක්‍රමයට වඩා සාර්ථක ක්‍රමයක්.

මෙන්න තෙවන ක්‍රමය. Shadows/ Highlights. මට හිතෙන විදියට මේ දක්වා පැවසූ ක්‍රම දෙකටම වඩා සාර්ථක හා හොදම යයි සිතෙන්නේ මෙම ක්‍රමයයි. මෙම ක්‍රමය සිදුකරගැනීමට අවශ්‍ය window එක ලබා ගන්නේ මෙලසින්.

මෙන්න එවිට මෙම window එක මුලින් ලැබෙන අතර


එයටත් වඩා මෙම කාර්යය ගැඹුරින් සිදුකරගැනීමට "Show more option" Select කර ගැනීමෙන් වඩාත් පුළුල් වෙනස් කම් කරගත හැකි window එකක් ලබා ගැනීමට හැකියි.


මෙන්න අවසාන සහ ඵලදායිතාව අඩුයයි පවසන Brightness /Contrast වෙනස් කර ගැනීමේ ක්‍රමය. මේ ක්‍රමය ලබා ගැනීමට පිවිසෙන්නේ මෙලෙසින්.



ඉතින් මේ ක්‍රමය එතරම් හොද නැති යයි පැවසුනත් සමහර වෙලාවලට මේ ක්‍රමයත් අපේ පිහිටට එනවා සිකුරුයි.

දැන් දවල් කෑම වෙලාවත් ලගයි. ඒ නිසා දැන් මෙම "අච්චාරු" ලිපිය අවසන් කරන්නම්. ඔක්කොම එකට දාල ලියපු මේ 250 වෙනි ලිපිය වගේ "අච්චාරු" ලිපිත් ඉදිරියේදී ඉඩකඩ ලැබුන විටක ලියන්නම්. ඒ වගේම මේ දක්වා ලියා ගෙන ආපු දෙවන ලෝක යුද්දය ගැන ඊලග ලිපියත් ඉතාම ඉක්මනින් පලකරනවා. එහිදීත් ඔබ නොදැන සිටි කාරණා රැසක් දැන ගැන ගැනීමට හැකිවේවි...

23 comments:

  1. දිගමට හරවත් ලිපි ලියන්න කාලය හොයාගැනීමට හැකි වේවා! ජය!!!

    ReplyDelete
    Replies
    1. ‍බොහොම ස්තූතියි බුද්ධී, ඔබ මෙවන් විශේෂිත වූ අවස්ථාවක අනිවාර්යෙන්ම පැමිණෙන අයෙක් ඒ ගැනත් ස්තූතියි!

      Delete
  2. 250 ට උඩින්ම සුබ පතනවා.....
    අච්චාරුවෙත් අවුලක්ම නැහැ වගෙයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි උදාර, ඔබ සත් සමුදුරට ගොඩ නොවැදෙන්නේ නම් ඒ ඉතාමත් කලාතුරකින්. ඉතින් ඒ ගැන වගේම නිරතුරුවම දිරිමත් කිරීම ගැනත් නැවත වරක් ස්තූතියි! මේ වගේ ලිපියක් ලියන්න හිතුනේ පුංචි පුංච් දේ ගැන වෙන වෙනම පොඩි ලිපි ලියනවාට වඩා ඔක්කොම එකට දාල ලිවිමෙනුත් යම් වෙනසක් වේ යයි සිතුනා....

      Delete
  3. First of all congratulations Dinesh!

    It's nice to see a Sinhala Blogger who is not inspired and not concerning about so called hits and comments like majority of Sinhala Bloggers do.

    Don't follow any " Trends". That's will gurantee the uniqueness of Sath Samudura.

    ReplyDelete
  4. නියමයි .. දීපාල්.... බ්ලොග් අවකාශයේ අනිවාර්යෙන් ගොඩ වදින තැනක් තමයි සත් සමුදුර .., තව තවත් හරවත් ලිපි ලියන්න හැකියාව ලැබේවා!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මිතුර, සාමන්‍ය ලිපියකට පැමිණෙනවාට අඩු පිරිසක් තමයි මෙවන් අවස්ථාවක ලිපියකට පැමිණෙන්නේ. එයය මේ දක්වා මා දුටු යථාර්තය. ඉතින් එවන් ‍මොහොතක ඔබගේ පැමිණිම ඉතා අගය කරමි...

      Delete
  5. Replies
    1. බොහොම ස්තූතියි! සත් සමුදුර සේම මධ්‍යස්ථ මත දරන්නෙකු ලෙස ඔබගේ උපදෙස් සහ දිරිමත් කිරීමත් ඉතා අගය කරමි‍‍‍...

      Delete
  6. සුබපැතුම් දිනේශ් !!

    සත් සමුදුර මෙතෙක් ආ මග ප්‍රශන්සනීයයි. මේ ලිපි 250 ම සමාජයට මොනයම් හෝ අයුරින් සේවයක් කොට ඇති බවට නොඅනුමානයි.

    චිරාත්කාලයක් මේ සමාජ මෙහෙවර කිරීමට ඔබට ශක්තිය, ධෛර්යය, කාලය ලැබේවායි මුලු හදින්ම පතමි !!

    සත් සමුදුරට ජය වේවා !!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! ඔව් ‍මොකක් හෝ පණිවිඩයක් ඍජුව හෝ වක්‍රමාර්ගිකව දෙන්නට සත් සමුදුර උත්සහ ගත්තා‍‍. ඉදිරියේදිත් එවන් උත්සාහයන් දරනවා..

      Delete
  7. දිනේෂ් මහතාණනි ,
    මමත් ඔබේ පාඨකයෙක් , දිගින් දිගටම රැඳී සිටියත් comment යොදන්නේ නම් කළාතුරකින් , ඒ පිළිබඳ සමාවන්න ...

    මේ මොහොතේ ඔබේ සිතේ රැඳි සතුටට, මගේ සතුටද එක් කරගන්න ....
    මගේ සුබ පැතුම් මේ වෙනුවෙන් වෙහෙසෙන්නට , කාළය , වැය , නිරෝගී සුවය සහ සිතේ විවේකය ලැබේවායි පතමි ...

    ReplyDelete
    Replies
    1. ‍බොහොම ස්තූතියි! ඔබට තියෙන බැරෑරුම් සහ කාර්යබහුල වැඩ රාජකාරී සමග මෙවන් මොහොතක සම්බන්ධවීම ගැන මම නැවත වරක් ස්තූතිකරනවා. ඒ වගේම සෞඛ්‍ය සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ලිපි මාලාව අතිවිශිෂ්ඨයි. ඒ වගේ දේටත් කාලය යොදවමින් හැකි අවස්ථාවල ඔබ පැමිණ දෙන සහය අගය කරනවා...

      Delete
  8. ස්තුතියි දිනේශ්..
    හරවත් ලිපි 250ක්ම තිළිණ කිරීම ගැන ස්තුතියි නැවතත්
    ඊළඟ 250ටත් සුභ පැතුම් හොඳේ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! ඒ වගේම ඊලඟ ලිපිත් බලන්න නොවරවාම එන්න යැයිද ඉල්ලා සිටිනවා...

      Delete
  9. ලිපි 250ට උණුසුම් සුභ පැතුම්.. අච්චාරුවේ තාක්කාලි ගැන කියපු ටිකට තමයි මම කැමතිම..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! තක්කාලිවලින් පෙන්නපු දේවල් කවදා හරි ප්‍රයෝජන වේවි...

      Delete
  10. මං ගොඩක් අගය කරන බ්ලොග් අඩවියක්! වැඩි වැඩියෙන් හරවත් දෑ ලියන්න කියන්න හැකි වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! ඉදිරි‍යේදිත් විවිද සහ යමක් අළුතින් සිතිය හැකි දේවල් ලියන්නට සිතා සිටිනවා..

      Delete
  11. බොහොමත් ස්තූතියි....නොදන්නා දේවල් ගොඩක් ඉගෙනගත්තා

    ReplyDelete
  12. Thanks for this post. It will help a lot in future for making images for biology research.

    cheers!

    ReplyDelete