Tuesday, January 17, 2012

London පුරව‍රයේ එදා සහ අද දු‍ටු නොදුටු දසුන් - 1

ලන්ඩනය‍, මේ නම අයත් වන්නේ කුමකටදැයි ලෝකය පුරා වෙසෙන කුඩා දරුවන් පවා දන්නා බව කිවයුතු නැහැ. ලන්ඩනය එංගලන්තයේ අගනුවර සහ තවත් ප්‍රාන්ත රාජ්‍ය සමග එංගලන්තය එක්වී තැනී ඇති මහා බ්‍රිතාන්‍යයේ හෙවත් එක්සත් රාජධානියේද අගනුවරයි. එමෙන්ම එය එක්සත් රාජධානියේ ජනාකීර්ණම ප්‍රදේශය වන අතර යුරෝපා සංගමයේද ප්‍රදේශ අතරින් ගත් කලද සෑම ලක්‍ෂනයකින් ජනාකීර්ණම ප්‍රදේශය ලෙස සැලකෙන්නේ ලන්ඩනයයි.

තේම්ස් නදිය අසබඬ පිහිටි මෙම ලන්ඩන් පුරවරය දහශ්‍රකයන් ද්විත්වයකම ප්‍රධාන නගරයක භුමිකාව උසුලා තිබෙනවා. රෝමවරුවන් ලොව පාලනය කල කාලය දක්වා ආපස්සට ගිය කල මෙම නගරය එදා හැදින්වී තිබෙන්නේ Londinium නමින්

ඒවගේම නූතන ලන්ඩනය ගත්විට එය ප්‍රමුඛ පෙලේ ලෝක නගරයක් ලෙස හැදින්වෙන බවත් කිවයුතුයි. එයට හේතුව වන්නේ ලෝකයේ සතර දිග් භාගයටම වැදගත්වෙන කලා, වාණිජ, ආර්ථික,අධ්‍යාපන, විවිද මෝස්තර, සෞඛ්‍ය, මාධ්‍ය, වෘත්තීමය සේවා, පර්යේෂණ හා විවිද සංවර්ධන කටයුතු, සංචාරක, ප්‍රවාහන යනාදී මෙ‍කී නොකී ක්‍ෂෙත්‍ර ගණනකාවක කේන්‍ද්‍රස්ථානය හා ඒවා ලෝකයට දායාද කිරීමේ මධ්‍යස්ථානයක් ලෙසද ලන්ඩනය මූලික කරගනිමින් ක්‍රියාත්මක වීමයි.

ලෝකයේ විශාලම ආර්ථික මධ්‍යස්ථානය පිහිටා තිබෙන්නේද ලන්ඩන් නගරයේ. ඒවගේම බටහිර සංස්කෘතියේ කේන්‍ද්‍රස්ථානයද මෙම නගරය ලෙස සැලකෙන අතරම ලොව වැඩිම මගීන් සංඛ්‍යාවක් එහාමෙහා යන ගුවන් තොටුපල වන හිතෲ ගුවන් තොටුපලද මෙහි තිබෙනවා. ඒවගේම යුරෝපයේ ඇති පිළිගත් හා විශාලම විශ්වවිද්‍යාල රැසක් පිහිටා තිබෙන්නෙත් ලන්ඩන් නගරයෙයි.
ලන්ඩන් නගරය වර්ථමානයේ දිස්වන අයුරු
මිලියන 12 සහ 14 අතර අතිවිශාල ජනගහනයකට හිමිකම් කියන මෙම පුරවරය 1831 සිට 1925 දක්වා ලෝකයේ වැඩිම ජනගහනය වාසය කල නගරය ලෙසද සලකා තිබෙනවා. විවිද ජනවර්ග හා විවිද ආගම් අදහන සහ විවිද සංස්කෘතියන්ට හිමිකම් කියන පුද්ගලයන් රැසකගේ විවිදත්වය ඇති නගරයක් වන මෙහි ඒඒ ජනයා භාෂා 300 ක් පමණ භාවිතා කරන බව විස්මය ජනකයි. ඒවගේම මේ වසරේ එනම් 2012 වසරේ ග්‍රීස්ම ඔලිම්පික් උළෙල පැවැත්වූ විට මෙය එසේ ඔලිම්පික් උළෙලවල් ත්‍රිත්වයක් පැවැත්වූ ලෝකයේ පළමු නගරය වීමේ භාග්‍යයද හිමිකර ගන්නවා.


ඉතින් මේ ලිපියෙන් ලන්ඩන් පුරවරය ගැන අංගසම්පූර්ණ සවිස්තර ලිපියක් සම්පානය නොකෙරුනත් ‍මෙහිදී ලන්ඩනය මීට වසර 100 කට  හෝ ඉන් එපිටදී දක්නට ලැබුන ආකාරය සිතුවම් හෝ සේයාරූ මගින් දැකගත හැකියි. මෙහිදී මේ පුරවරයේ සුන්දර දසුන් මෙන්ම අසුන්දර දසුන්ද රැසක් ඇති නිසා කොටස් කිහිපයකින් පල කරන බවද සලකන්න.ඔබටම දැනේවී අද මේ ‍නගරය අධිනාගරික බවකින් යුතුවූවත් එදා ග්‍රාමීය හා එතරම් ජනාකීර්ණ ස්වරූපයකින් නොවන බවත්...
























තවත් සිතුවම් පෙලක් ඊලඟ ලිපියකදී බලමු...

7 comments:

  1. අගේ ඇති පිංතූර ටික . හරිම ලස්සනයි . බොහොම ස්තූතියි

    ReplyDelete
  2. මිලියන 12 - 14 ක ජනගහනයක් ? මුළු ලංකාවෙම ඉන්නෙත් මිලියන 20 ක් විතර නේද ? කොහොම තදබදයක් ඇත්ද දන්නෑ.

    මේ පින්තූර ටිකනම් දැක්කම ආස හිතෙනවා.

    ReplyDelete
  3. ලන්ඩන් ජනගහනයෙන් 43% ක් සංක්‍රමණිකයන් සහ ඔවුන්ගෙන් පැවතගෙන එන අය.

    ReplyDelete
  4. වටින පිංතූර ටික....
    තව දවසක ඊළඟ ටිකත් දාමුකෝ.

    ReplyDelete
  5. ලස්සන, වටිනා පින්තුර. ගොඩාක් ස්තුතියි!

    ReplyDelete