Thursday, October 27, 2011

ඇපල් සමාගම IBM හා මයික්‍රො‍සොෆ්ට් සමාගම් අතර පැවති කරඟය සහ තවත් දේවල් - 5

Steve Jobs සහ Apple යන මාතෘකාව යටතේ මෙතරම් දුරකට ලියන්න නොසිතුවත් කරුණු යෙදුන ආකාරය අනුව එය ගැඹුරටම විහිදී ගිය එකක් බව තමයි කියන්න ඕන. කොහොමවුනත් අද ලිපියෙනුත් සැගවී ඇති කරුණු මෙන්ම පළමු සහ දෙවන ලිපි වල තිබූ ඇතැම් කරුණුවලට අදාල සුළු සුළු දේවල් කිහිපයකුත් අද ලිපියෙන් දැකගන්නට හැකිවේවි.
කලින් ලිපි හතර -
හිටපු ඇපල් ලොක්කා හා ඔහුගේ කොම්පැනිය ගැන සමබරව
ඇපල් ලොක්කා තමන් හැදූ ඇපල් වත්තෙන් ගියපසු හා නැවත ආ පසු- 2
Steve Jobs ගැන ගැඹුරින්... 3 
Steve ගැන තවදුරටත් - 4 සහ මේ සත් සමුදුරේ 200 වන බ්ලොග් සටහනයි...

ඇපල් සමාගම ඇරඹුවේ Jobs සහ Wozniak බව ඔබට අමුතුවෙන් කියන්න ඕනෑ නැතිවුනත් ඔවුන් දෙදෙනාට අමතරව තවත් අයෙක් එහෙමත් නැත්නම් තුන්වැන්නෙකුත් ඇපල් ආරම්භකරන අවස්ථාවේ සිටියා. ඔහු තමයි  Ronald Wayne. මොහුම තමයි ඇපල් සමාගමේ මුල්ම ලෝගෝව වන නිව්ටන්ගේ හිසට ඇපල් ගෙඩිය වැටෙන රූපය නිර්මාණය කලෙත්. ඔහු Jobs සේවය කරමින් සිටි Atari සමාගමේ සේවකයෙකු වූ අතර Jobs ගේ මිතුරෙක්. ඉතින් ඔහුටත් ආරාධනා කරා ඇපල් සමාගම ආරම්භකරන්න එයට එක්වනලෙස. එවකට 41 හැවිරිදි මේ පුද්ගලයා එහි සැලසුම් ශිල්පියෙක් (draftsman). ඔහුට දුන්න පොරොන්දුව තමයි නව සමාගම උපයන ලාභයෙන් 10%ක් ඔහුට දෙන බව. මේ අවස්ථාවට එකඟවුන Ronald තමන් සේවය කරමින් සිටි Atari ආයතනයෙන් නම් ඉවත් වුනේ නැහැ. ඔහු එහි දහවල් සේවය කරන අතරේ රාත්‍රියේදී ඇපල් සමාගම වෙනුවෙන් සේවය කලා.

1976 මුල් කාලයේ මෙම Ron Wayne ඇපල් සමාගමට එකතුවුනත් ඒ වසරේම අප්‍රේල් වෙන කොට ඔහු ඇපල් සමාගමෙන් ඉවත්වෙන්න තීරණය කරනවා. ඔහු එහිසේවය කල කාලසීමාවේදී ලබාගෙන තියෙන්නේ $800 ක දීමනාවක් පමනයි. ඔහු ඉවත්වෙන්න හේතුව විදියට සදහන් වෙන්නේ ඒ වෙනකොට ඉතාම ලාබාල සමාගමක් වුන මෙහි මූල්‍යමය තත්වය ශක්තිමත් නැති නිසා එහි අවධානමක් ඔහුට දැනීමත්, ඒ වන විටත් Woz ඔහු සේවය කරමින් සිටි HP ආයත‍නයෙන් නීත්‍යානුකූලව ඉවත්ව නොසිටි නිසා එයද අනාගතයේ යම් ගැටළු සහගත තත්වයන් ඇතිකරයිද යන සැකයක් ඔහුට ඇතිවී තිබීමයි.

1976 දී ඔවුන් සාර්ථක ලෙස Apple I පරිගණක අලෙවි කලාට පසු සමාගමට මුලින්ම 1977 දී ආයෝජනය කරන්න ඉදිරිපත්වෙන්නේ Mike Markkula. ඔහු $92,000 ක් ඇපල් සමාගමට ආයෝජනය කරන අතර සමාගමේ මුල්ම සභාපතිවරයා ලෙස 1977 දී පත්වෙන්නේ Michael Scott. කෙසේවෙතත් 1981 දී එම සභාපතිධූරයෙන් Michael Scott අස්වන අතර ඉන්පසුව Mike Markkula සභාපති ලෙසත්. ඔහු ටික කාලයක් එම තනතුර දැරූපසු 1981 දීම සභාපතිධුරයට පත්වෙන්නේ Steve Jobs. 

International Business Machines නැත්නම් ඔබ හා මම හොදින් දන්නා IBM යන කෙටි නාමයෙන් හදුන්වන සමාගම එයයි. එහි මව් සමාගම ගතහොත් එය 1911 තරම් ඈත කාලයේ ආරම්භකරන ලද්දක්.

මෙම සමාගම සමග තමයි 1981 න් පසුව ඇපල් සමාගමේ ලොකුම තරගය තිබුනේ කිව්වත් නිවැරදියි. හැබැයි ඇපල් සමාගම සමග සසදන්නේ නම් මෙම සමාගම එහි සීයා කෙනකු බදුයි. එතරම්ම පැරණි මෙන්ම 70 දශකය වන විට අතිදැවැන්ත සමාගමක් වූ IBM සමාගම පරිගණක ක්‍ෂෙත්‍රයේ Mainframe පරිගණක නිශ්පාදනයේ ප්‍රමුඛයෙක්. හැබැයි ඔවුන්ගේ සාම්ප්‍රධායික දැක්ම එහෙමත් නැත්නම් ඔවුන්ගේ Vision එකට වඩා නාඹර කොල්ලෙකුවූ Steve Jobs ගේ දැක්ම අතිශයින්ම නැවුම් අදහස් වලින් පිරුනා වගේම අනාගතය දකින හොද ව්‍යාපරික දැක්මකින් යුතුවූවා. ඒ නිසාම තමයි මෙම දැවැන්ත සමාගමට පෙර තම සඟයා වූ Wozniak සමග එක්ව තැනූ පරිපථ ලී පෙට්ටියක අසුරා $666.66 ක මිලකට විකිණීමෙන් ලෝකයේ දැවැන්ත සමාගමක් බිහිකරන්නට හැකිවුනේ.

 The Commodore 64 was one of the most popular microcomputers of its era, 
and is the best-selling model of home computer of all time.

එදා තම වාහනය හා කැල්කියුලේටරය විකුණා අමාරුවෙන් හා අවධානමක් ගෙන මෙම කොල්ලන් එදා මේසයක් මත තැබිය පුළුල් විවිදත්ව‍යකින් යුතු මෘදුකාංග භාවිතාකල හැකි පුද්ගල පරිගණක ලෝකයට හදුන්වාදෙද්දී IBM යනු අතිදැවැන්ත මූල්‍ය ශක්තියකින් හෙබි, විවිදාකාර නිපුණත්වයෙන් යුතු තාක්‍ෂනික ශිල්පීන්, සැලසුම්කරුවන්, කළමනාකරුවන් හා දැවැන්ත නමක් දිනාගත් විධායක නිළධාරීන් සේවය කල තැනක්. එහෙත් මේ පප්පලාට, වයස විසිගණන්වල මුල සිටි තරුණයන් දෙදෙනා සතු දක්‍ෂතාවයට එදා පසුබාන්නට සිදුවුනා. IBM සමාගම බලාපොරොත්තුවුනේ කවදාහෝ පුද්ගල පරිගණක වල මෘදුකාංග ආදියත් කMainframe පරිගණකම පරිණාමයෙන් බිහිවේවි යන්නයි. ඒ එක්කම ඒවායේ පාලක මෘදුකාංගත් Command Line Interface එකකින් පාලනය වේ යන අදහසත් ඔවුන් සතුව තිබුනා. ඒනිසා තමයි 1981 අගෝස්තුවේදී ඔවුන් පුද්ගල පරිගණක තැනූ පසු ඒවායේ Operating System එක තැනීමේදී මයිකොසොෆ්ට් සමාගමට එය  Command Line Interface එකකින් පාලනය වන ලෙස තන්නට යෝජනාකලෙත්. (කෙසේවෙතත් පුද්ගල පරිගණක යන සංකල්පය ඇපල් හෝ IBM සමාගම්වලට අයිතිය කියාපෑමට හැකිදෙයක් නොවෙයි මන්ද 70 දශකය මුල් භාගය වනවිට නිපදවූ Microcomputer
හැදින්වූයේත් පුද්ගල පරිගණක නැතහොත් Personal Computers (PCs) ලෙසයි.)

Apple නිර්මාණකරුවන් පරිශීලකයාට එතරම් සමීපබවක් නැති විධාන ටයිප් කර පරිගණක මෙහෙයවීමේ ක්‍රමවේදයට වඩා මිත්‍රශීලී චිත්‍රක අතුරුමුහුණත් ((GUI) සංකල්පය පිළිබදව අවධානය යොමුකලේ 1979 තරම් ඈත කාලයේ.  1979 දී ඔමුන් ව්‍යාපාරික කටයුතු සදහා භාවිතාකල හැකිවූ පරිගණකයක් නිපදවිමට සැලසුම් සකස් කල අතර එයට පෙර ඔවුන් XEROX Parc research center වෙත යෑමට අදහස් කලේ එහි සිදුවන නව පර්යේෂනාත්මක අත්හදාබැලීම් පිළිබදව හැදෑරීමටයි.  එහිදී ඔවුන් GUI සංකල්පය සමග බද්දව පවතින mouse නම් උපකරණය පිළිබදවද දැකගන්නට ලැබෙන අතර ඒ වන විට තමන් සැලසුම් කර තිබූ පරිගණකය පිළිබදව තිබූ සැලසුම වෙනුවට මේ mouse සහ GUI යන භාවිතයන් ඔස්සේ නව පරිගණකය නිර්මාණය පෙළඹෙන ලදි.


එහෙත් ඔවුන් සතුව විශාල ගැටළුවක් තිබුනි. ඒ ඒ වන විට බොත්තම් ත්‍රිත්වයකින් යුතු මූසිකයක නිෂ්පාදන පිරිවැය US$400 ක් තරම් ඉහල අගයක් ගැනීමයි. මෙබදු ඉහල මිලක් තනි පාරිභෝගිකයන් ඉලක්ක කර තැනෙන පුද්ගල පරිගණකයකට කිසි‍සේත්ම ප්‍රායෝගික මිලක් නොවීය. මේ අභියෝගය සාක්‍ෂාත් කරගැනීම සදහා ඇපල් ආයතනය එවකට Hovey-Kelley Design (පසුව IDEO ලෙස මේ ආයතනයේ නම වෙනස්විය)ලෙස හැදින්වූ ආයතනය සමග එක්ව තමන්ට අවශ්‍ය මූසිකයකයේ
ආකෘතියත් එය US$25 ක මිලක් වැයවන නිෂ්පාදන පිරිවැයක යටත්ව තැනිය යුතුබවත් දැන්වූ අතර එය සත්‍ය පාරිභෝගිකයන්ට ලබාදී පරීක්‍ෂාකලයුතුද විය.

අත්හදා බැලීම් හා පාරිභෝගක මනාපයන්ද සැලකිල්ලට ගත් පසු ඇපල් වෙනුවෙන් තැනූ මූසිකය XEROX මූසිකයට වඩා වෙනස් වූ අතර එය මුල් නිර්මාණයේ තිබූ බොත්තම් ත්‍රිත්වය වෙනුවට තනි බොත්තමකින් සමන්විත වූවක් වූ අතර දැන් අපි භාවිතා කරන සුමට වක්‍රාකාර හැඩතලයකින් යුතු මූසිකයට වඩා වෙනස් පෙට්ටියක ආකාරයක එකක් විය.
ආකාර පහක ඇපල් මූසික
 1993 වන තෙක් මෙම පෙට්ටි ආකාරයේ මූසික භාවිතා වූ අතර ඉන්පසු ඔවුන් සුමට ඉලිප්සාකාර බිත්තර හැඩයේ මූසිකය තැනුවේය.

1998 වන තෙක් වර්ණයන්ද මේවායේ අළු හෝ beige හෝ ටික කලකට පසු කළු වර්ණයෙන්ද යුතුවූ අතර 1998 දී මේ තනි බොත්තමේ ඇපල් මූසික වසර 25 ක් තිස්සේ ඇපල් පරිගණක වල භාවිතා වූ අතර iMac පරිගණක හදුන්වා දීමත් සමග පාරභාශක නැතහොත් විනිවිද පෙනෙන ආවරණයකින් යුතුවූ මූසිකයන් තැනුනි.

2000 වසරේදී ඔවුන් තවත් ඉදිරියට යමින් වඩාත් සුමට අතට පහසු ලෙස ඉලිප්සාකාර මූසිකය නිර්මාණය කොට එහි භාවිතා කල rubber ball tracking mechanism වෙනුවට solid-state optical system එකක්
භාවිතා කරන්නට යෙදුනි. එය බොත්තම් දෙකකින් සමන්විත වූ අතර ඒවා මුසීකයේ දෙපසින් යොදා තිබුනි. එසේම ඒවා USB කෙවෙනිවලට සවිකල හැකිසේ තනා තිබුනි.

2003 දී ඔවුන් රැහැන් රහිත මූසික වලින් තම පරිගණක සන්නද්ධ කොට තිබුනි. 2005 දී ඔවුන් ඒවනතෙක් අන් තරඟකරුවන් නොකල දෙයක් සිදුකල තවත් ඉදිරියට ගියේය. එනම් “none button” නැතහොත් “Zero button” සංකල්පය ඔස්සේ බොත්තම් රහිත මූසිකයක් නිර්මාණය කල අතර එය five programmable electrostatic sensors and an integrated scroll ball කින් යුක්ත විය. 2006 දී ඔවුන් Bluetooth තාක්‍ෂනය මත ක්‍රියාත්මක වන මූසිකයක්ද හදුන්වාදෙන ලදි.


1981 දී IBM සමාගම තම ප්‍රථම පුද්ගල පරිගණකය model number 5150 ලෙස හදුන්වාදෙද්දී එය නිර්මාණයට දායක වූ පුද්ගලයන් රැසක් එම ආයතනයේ විය. ඉංජිනේරුවන්, සැලසුම්ශීල්පීන් සහ තවත් වෘත්තිකයන් රැසක් දායකවූ මෙම නිර්මාණය ඒ වනට විට නිපදවා තිබූ ඇපල් පුද්ගල පරිගණකය අභිභවායන්නක් නම් නොවීය. 
IBM Personal Computer model 5150 with IBM CGA monitor 
(model number 5153), IBM PC keyboard, IBM 5152 printer and paper stand.
 
කෙසේවෙතත් අලෙවිය සාර්ථක වූ මෙම නිශ්පාදනයේ මධ්‍ය සැකසුම් ඒකකය Intel 8088 එකක්වූ අතර වේගය 4.77 MHz ක් ගන්නා ලදි. මතකය 16 KB සිට 256 KB අතර අගයක් ගන්නාලදි. 1983 දෙසැම්බරය වන විට IBM සමාගම සිය පරිගණක අලෙවිය මිලියන එකේ ඉලක්කය සපුරාගන්නා ලදි.

එහෙත් IBM සමාගම නිශ්පාදන පිරිවැය අඩුකරගන්නට කරන ලද උපක්‍රමය පසුව ඔවුන්ට දැඩිලෙස පාඩුවෙන්නට හේතුවූ කාරණයක් විය. එනම් ඔවුන් සිය පරිගණක වල Read Only Memory Basic Input Output System (ROM-BIOS) ක්‍රමලේඛය සමාගම කිහිපයක් ( Phoenix Software Associates, American Megatrends, Award) හරහා නිර්මාණය කරගත් අතර ඒවායේ අයිතිය එම සමාගම් සතුවිය. මේ නිසා එම ROM-BIOS ක්‍රමයන් ඔස්සේ වෙනත් සමාගම්වලටද IBM අනුකුලතාවය ඇති පරිගණක (IBM Compatibles හෝ PC clones, හෝ IBM clones) නිශ්පාදනයේ යෙදීමේ හැකියාව තිබූ අතර 1982 ජූනි මාසයේදී ප්‍රථම IBM Compatible පරිගණකය Eagle Computer විසින් තැනූ අතර එම වසරේ දෙසැම්බරය වන විට Compaq සමාගම සිය ප්‍රථම IBM Compatible පරිගණකය නිෂ්පාදනය කල බව නිවේදනය කලේය. එය The Compaq Portable නම් වූ අතර එය 100% ක්ම IBM අනුකුලතාවය ඇති පරිගණකය වූ අතර එය ප්‍රථම අතේ ගෙනයා හැකි (Portable) පරිගණකයද විය. 
 The Compaq Portable was the first 100% IBM-compatible PC, 
and the first portable one.
 
කෙසේවෙතත් දුරදක්නා ඥානයෙන් යුතුවූ Steve Jobs ගේ අධීක්‍ෂනයෙන් යුතුවූ ඇපල් පරිගණක සමාගම සිය ROM-BIOS වෙනත් ආයතන හරහා නිර්මාණය කරත් ඒවායේ බලපත්‍රය තමන් සතුව පවත්වාගැනීමට වගබලාගෙන තිබූ නිසා අද දක්වාම  Apple Compatible පරිගණක නම් අපට දැක ගන්නට ලැබී නොමැත. 

මෙසේ IBM පරිගණක හා ඒ අනුව යමින් තවත් සමාගම් නිපදවූ IBM අනුකුලතාවය ඇති පරිගණක  ඇපල් පරිගණක වෙළඳපොලට යම් බලපෑමක් ඇති කරත් What You See Is What You Get" (WYSIWYG)සංකල්පයද පෙරදැරි කරගත් චිත්‍රක අතුරුමුහුණත් පාලක මෘදුකාංගද භාවිතා කර නිපදවූ ඇපල් පරිගණක තම තරඟකරුවාගේ පරිගණක මොඩලයන්ට වඩා වේගවත් වූවා සේම භාවතයද පහසුවිය. ඇත්තෙන්ම Microsoft සමාගමේ සැබෑම GUI interface ඇති Windows 95 Operating System එක හදනාතුරාවටම ලේසියෙන්ම භාවිතා කල හැකිවූයේ ඇපල් පරිගණකයයි. එසේම එය මුල් කාලයේ සිටම Plug and Play පහසුකම ඇති පරිගණකයන්ද විය. කෙසේවෙතත් අද දක්වාම desktop publishing සහ graphics art design ක්‍ෂෙත්‍රයන්ගේ විශිෂ්ඨ නමක් දිනා ඇති පරිගණකය නම් ඇපල් පරිගණකයයි. කොටින්ම කියතොත් IBM සමාගම සහ එහි අනුකූලතා පරිගණක හදන Dell වැනි ආයතන පවා සිය වෙළඳ දැන්වීම් හා රූපවාහිනී වෙළඳ ප්‍රචාරන වැඩසටහන් සංස්කරණයට භාවිතාකරන්නේ ඇපල් පරිගණක බව http://faculty.lasierra.edu/~dlin/computer/pcvsmac.htm අඩවියේද පවසා ඇත.
(Early on, the Apple Macintosh found a broad base of users in the desktop publishing and graphics art design market, where high-quality graphics and "What You See Is What You Get" (WYSIWYG) mattered. To date, Macintosh computers still have a stronghold on this segment of the industry. For example, Microsoft used Freehand on a Macintosh to create the Windows 95 logo, and Intel used Macintosh computers to create Intel Pentium ads; IBM-compatible manufacturers such as Gateway, and Dell use Macintosh computers to create print advertising; IBM and Microsoft also use Macintosh computers to create TV spots.)

මුල් අවධියේ සිට සෑහෙන කාලයක් යන තෙක් ඇපල් පරිගණක වලට සෑදු වැඩසටහන් IBM පරිගණකවල භාවිතා කල නොහැකිවූවාසේම IBM පරිගණකවලට සැදූ ක්‍රමලේඛ ඇපල් පරිගණක වල ක්‍රියාත්මක කල නොහැකිවිය. එහෙත් පසුකාලීනව ඒ ඒ ආකෘතීන්ට ගැලපෙන පරිදි මෙම පරිගණක දෙවර්ගයටම වෙන් වෙන්ම එහෙත් එකම පහසුකම්වලින් යුතු මෘදුකාංග සම්පාදනය කරන ලදි. කෙසේවෙතත් ඇපල් පරිගණක වලට සාපේක්‍ෂව IBM හෝ එහි අනුකූලතා මිලෙන් අඩුවීම හා එයට මෘදුකාංග සොයාගැනීම පහසුවීම හා බහුලවීම එම පරිගණක ජනප්‍රියවීමට හේතුවිය. එහෙත් ඇපල් පරිගණක මිලෙන් අඩුවූවත් පසු නඩත්තු අඩුවූ අතර එහි තරඟකරුවාගේ යන්ත්‍රවල නඩත්තුකටයුතුවලදී යෙදවිය යුතු පිරිවිය සැලකියයුතුවිය.

සිය නිර්මාතෘවරුන් ඇපල් සමාගම හැරදි ගොස් සිටි අවස්ථාවල පවා ඇපල් සමාගම නොවැටී සිය ඒකාධිකාරය පවත්වාගෙන යමින් විවිද පුද්ගල පරිගණකද හදුන්වාදෙමින් ඉදිරියටම ගමන්කරත්දී, ඇමරිකාවේ විශාලත්වයෙන් 18 වන ස්ථානය ගන්නා IBM සමාගමට පුද්ගල පරිගණක වෙළඳපොල පසුකාලයක කඩා වැටීමට ගොදුරුවනු අත්දැකීමට සිදුවිය. ඒ අනුව 2009 දී එම සමාගම පුද්ගල පරිගණක නිශ්පාදනයෙන් ඉවත්වූ අතර එය චිනයේ Lenovo සමාගමට විකුණාදැමිනි. එසේම IBM හෝ එහි අනුකූලතා වෙනුවෙන් Intel, AMD, Cyrix හා වරක් Motorola වැනි සමාගම් මධ්‍ය සැකසුම් ඒකක නිෂ්පාදනය කලත් දැන් එය ප්‍රධාන වශයෙන් Intel සමාගම සිදුකරන අතර ඔවුන්ගේ තරඟකරුවාවන්නේ එයට වඩා අඩුමිල Processor ක් නිපදවන AMD සමාගමයි. අනෙක් සමාගම තරඟයෙන් ඉවත්ව ගොස්ය.

තව දේවල් කතාකරන්න තියෙනවා රැදී සිටින්න ඊලඟ ලිපියෙදිත්...

22 comments:

  1. "Woz ඔහු සේවය කරමින් සිටි HP ආයත‍නයෙන් නීත්‍යානුකූලව ඉවත්ව නොසිටි නිසා"

    මෙහි යම් අපැහැදිලි තත්ත්වයක් තිබේ. මේකට එන්න ඕනේ

    "Ron Wayne ඔහු සේවය කරමින් සිටි Atari ආයත‍නයෙන් නීත්‍යානුකූලව ඉවත්ව නොසිටි නිසා"

    යන්න නෙවෙයි ද ?

    ReplyDelete
  2. ස්ටීව් ජොබ්ස් හරහා කතාව පරිගණකයේ කතාව පැත්තට යොමු වීම බොහෝම වැදගත්...

    @උදාර...
    මං හිතන්නේ කලින් ලිපියක දිනේශ් කියලා තිබුනා නේද "Woz ඒ වෙන කොට කරමින් හිටි රැකියාවෙන් අස් නොවී හිටිය කතාවක්..මං හිතන්නේ මේ ඒක වෙන්න ඕන..පැටලීමක් නෙවෙයි...

    ReplyDelete
  3. @උදාර සහ මාරයාගේ හෝරාව - දෙදෙනාටම ස්තූතියි! මාරයා කියන එක හරි Woz ඔහු සේවය කරමින් සිටි HP ආයත‍නයෙන් නීත්‍යානුකූලව ඉවත්ව නොසිටි නිසා ඔහු යම් ඉලෙක්ට්‍රොනික නිපැයුමක් බිහිකරයි නම් එහි අයිතිය ලැබෙන්නේ HP ආයතනයටයි. ඒ නිසා ඒවන විට ඔහු එහි සේවය කරමින් සිටිනිසා ඔවුන්ගේ පළමු පරිගණකය HP ආයතනයට ඉදිරිපත් කල මොහොතේ ඔවුන් එතරම් අවධානයක් යොමුනොකරත් පසුකාලයක නීතිමය ගැටළු පැනනගීදෝ යන ගැටළුව Ron Wayne ට පැන නැගී තිබුනා. ඉතින් එය වැටඋඩ සිටි Ron Wayne තුල යම් වෘත්තීමය අස්ථාවරත්වයක් ඇතිවේද යන බිය තමයි ඇතිවන්නට ඇත්තේ. ඒ නිසා තමන් කරමින් සිටි රැකියාවේ පමණක් නියැලෙන්නට ඔහු තීරණය කරන්නට ඇති...

    ReplyDelete
  4. මේ ලිපි 5ම කියෙව්වත් අද තමා comment කලේ. ඉතාම ආශාවෙන් කියවන ලිපි පෙළක්.
    --------
    kasun

    ReplyDelete
  5. අවුල ලිහුවට මාරයටයි දිනේශ්ටයි දෙන්නටම ස්තූතියි...

    ReplyDelete
  6. ඇපල් මැකින්ටොෂ් කම්පියුටර් එකකුයි, අර මවුස් පේලියෙ තියෙන 4 වෙනි මවුස් එකයි පාවිච්චි කරන්න අවස්ථාව මට ලැබුනා මාස 6 ක විතර කාලයට. ඒ කාලේ එතන ප්‍රධානියා කිව්වෙ මයික්‍රොසොෆ්ට් කාරයන්ට හැරෙන්නත් බෑ ඇපල් ඕඑස් එකත් එක්ක කියලා.

    අද විස්තරෙත් ඉතාම සිත්ගන්නා සුලුයි. මට වෙලාවකට හිතෙනවා ජොබ්ස්ටත් වඩා Wozniak ගෙ ගති පැවතුම් යහපත් දෝ කියලා. මොකද එයා පටන්ගත්තු සමාගමෙන් අයින් වෙලා,පොඩි උන්ට ඉලෙක්ට්‍රොනික් උගන්නගෙන පැත්තකට වෙන්ඩ ලේසි මිනිහෙකුට බෑනේ.....

    ..........

    අනිත් එක ටයිප් කරද්දි දිනේෂ් අතින් පොඩි වැරදිම් වගයක් වෙලා, දන්න ඒවා මම පෙන්නලා දෙන්නම් මුකුත් හිතන්න එපා හොඳේ,
    1. මාතෘකාවේ තරගය කියලා ලියවෙන්න ඕනෙ තැන කරඟය කියලා තියෙනවා.
    2. අනික තරඟය නෙවෙයි තරගය. තරඟය කියන්නෙ තරංගය කියන එක හෙවන් Wave කියන එක. තරගය කියන්නෙ තරගකාරී කියන අදහස එන එක.
    3.අන්තිම ඡේදයට කලින් ඡේදයේ - එහෙත් ඇපල් පරිගණක මිලෙන් -අඩුවූවත්- පසු නඩත්තු අඩුවූ අතර කියලා ලියන තියෙන තැන වැඩිවුවත් කියලා නේද එන්න ඕනේ..

    අදත් තොරතුරු ගොඩක් අපිට ලබා දුන්නට ගොඩක් ස්තුතියි දිනේෂ්.

    ReplyDelete
  7. ඇපල් කතන්දරේත් සෑහෙන දුර යන එකක් වගේ. ඒත් ඒ පිළිබඳ දැනගන්න කැමැති අයට සිංහලෙන් ලියවෙන හොඳම ලිපිපෙල තමයි මේ.

    ReplyDelete
  8. @kasun - ස්තූතියි! අනිත් ලිපියත් බලන්න කියල මම ආරාධනා කරනවා..

    ReplyDelete
  9. @හිස් අහස - හොදයි එහෙනම් අනිත් ලිපියත් කියවමුකෝ එහෙනම්...

    ReplyDelete
  10. @බුද්ධි - ස්තූතියි! ඒ වගේම මා අතින් සිදුවී තිබෙන අක්‍ෂර විනඥාස වැරදි පෙන්වාදුන් එකටත් තුති. ඒවා මම ඉදිරිලිපි වලදී හෝ නිවැරදි කරනවා. ඔබ තුන්වෙනි ගැටළුව විදියට කියලා තියෙන එක නම් වැරැද්දක් නැහැ. ඇපල් වල මූලික වියදම වැඩිවුනාට ඒවායේ නඩත්තුවියදම අඩු බවක් තමයි කියන්නේ. මෙන්න බලන්නකෝ මේ විස්තරය -
    Apple gave away many of its computers to elementary schools, and targeted the higher education market hoping that students would eventually take the Macintosh into their homes and workplaces. Unfortunately, due to high up-front cost of purchasing an Apple Macintosh, it failed to compete with the ever-affordable IBM compatible. Ironically, the cost of maintaining an IBM-compatible computer is actually higher than an Apple Macintosh computer.

    ReplyDelete
  11. @``` Outsider``` - ස්තූතියි! මමත් නිහතමානීව හා අවංකව කියන්න කැමතියි සිංහලෙන් මෙතරම් විස්තරයක් ඇපල් ගැන හෝ Steve Jobs ගැන ලියවී තිබෙනවා මමත් දැක නැහැ...

    ReplyDelete
  12. android ගෙ විස්තරත් ලියනන

    ReplyDelete
  13. මචං පට්ට ලිපිය මාත් ඔක්කොම කියෙව්වා..මම ඒත් බැලුවා බං IBM එකට මොකද උනේ කියලා අදනෙ දන්නෙ ලෙනෝවෝ එකෙන් ඒක ගත්තා කියලා...හැබැයි ලෙනෝවෝ නම් චා.. බං මම දන්න තරමින්

    ReplyDelete
  14. සුදු මල්ලිOctober 31, 2011 at 1:25 AM

    දිනේශ්, බුද්දි හරි , ඔබ අලියා තියෙන්නේ ;එහෙත් ඇපල් පරිගණක මිලෙන් අඩුවූවත් පසු නඩත්තු අඩුවූ අතර එහි තරඟකරුවාගේ යන්ත්‍රවල නඩත්තුකටයුතුවලදී යෙදවිය යුතු පිරිවිය සැලකියයුතුවිය.
    කියා එය නිවැරදි විය යුතුය්

    සුබපැතුම් ... හොද ලිපි මාලාවක් .....
    steve ට වඩා waz හොද බව කීප දෙනෙක් ලිය තිබෙනු දැක්කා.... මට තේරුම් ගන්න බෑ ලංකාවේ ගොඩක් දෙනෙකුට ව්‍යාපාරිකයන් පහත කරලා සැලකීමේ මානසිකත්වයක් තියෙන්නේ ඇයි කියල ... ලංකාවේ සාර්ථක වියපාරිකයන් බිහි නොවන්න හේතුවක් ද මෙය ?? හොද වියපාරිකයන් ඔවුන් කරන දෙය ගැන ඇලුම් කරන අය... එය මුදල් ගොඩගසගනිමකට වඩා එහා ගිය හැගීමක් .... එය ළමුන්ට ඉගැන්වීමෙන් ලැබෙන සතුට ට වඩා වෙනස්වෙන්නේ කොහොමද ??

    ReplyDelete
  15. ඔන්න අදත් මම කියවලා ගියා දිනේශ් අයියේ

    ReplyDelete
  16. @සුදු මල්ලි - මේ ඡේදයන් කෙරේ අවධානය යොමු කරන්න.

    Ironically, the cost of maintaining an IBM-compatible computer is actually higher than an Apple Macintosh computer.

    Much of the cost of maintaining IBM-compatible computers are incurred by repairing network printing problems, and substandard parts used in cheaper IBM-compatible computers.

    So what computer should you buy? You should start by identifying what needs you have. What do you need the computer for? Do you need a simple interface? How reliable do you need your computer system to be? In my opinion, if you use the computer for desktop-publishing, graphic art design, fractal simulations, and interface simplicity and low maintenance cost is high on your priority list, I would recommend an Apple Macintosh computer.

    මම දන්නෑ ඔබ ප්‍රායෝගිකව මෙය අත්විද ඇත්ද කියන එක. ඒවගේම වාදයකට එළඹිමේ අදහසකිනුත් නොවේ මේ කරුණු පෙන්නුවේ. සාමාන්‍යයෙන්නම් මා දන්න විදියට ඇපල් පරිගණක වල කොටස් ගුණාත්මකබවෙන් ඉහල වගේම ඒවා සමග අත්‍යාවශ්‍ය සියළු මෘදුකාංගත් ලබාදෙන බව නම් හොදින් දන්නවා. IBM හෝ එහි අනුකූලතාවය ඇති ඒවා ගත්තොත් HP වගේ හොද නමක් තියෙන පරිගණකවල පවා තත්වයෙන් බාල දෘඩාංග හමුවෙලා තියෙනවා පමණක් නොවේ ඇතැම් විට ඒවා නැවත අළුතෙන් දාන්න පවා වෙලා තියෙනවා. සමහර IBM පරිගණකවල දෘඩ තැටිය පළමුවෙන්ම Partition කරන්න යන අවස්ථාවේම නැවත භාවිතා කල නොහැකි ලෙස ක්‍රියාවිරහිතවූ අවස්ථාද ප්‍රායෝගිකව අත්විද තිබේ.තව ඕනෑ නම් උදාහරණ තිබේ...

    ReplyDelete
  17. @ItalyDilan - ස්තූතියි මල්ලී...

    ReplyDelete
  18. @බැට් මෑන් - ස්තූතියි! චීන බඩු ගැන ඉතින් මොන කතාද? කො‍හොමවුනත් පසුකාලයේ IBM සමාගම විසින්ම නිපදවූ පරිගණකත් දෝශ තිබෙන බව අත්විද තිබෙනවා...

    ReplyDelete
  19. ඇනෝ හැකියාවක් ලැබුන විගස ඇන්ඩ්‍රොයිඩ් ගැනත් ලියන්නම්...

    ReplyDelete
  20. Does your website have a contact page? I'm having a tough time locating it but, I'd like to send you
    an email. I've got some ideas for your blog you might be interested in hearing. Either way, great blog and I look forward to seeing it expand over time.

    My web-site ... bathroom remodeling

    ReplyDelete