Wednesday, September 21, 2016

ටයර් වල අකුරු පාට කරගන්නේ මෙහෙමයි - Tire Lettering Paint "How To"

ඔබ ඇතැම් විට දැක ඇති පාරේ යන ඇතැම්වා වාහන වල ටයර් වල ඇති අකුරු බහුල ලෙස සුදු හෝ වෙනත් පැහැයන්ගෙන් පාට ගන්වා ඇති අයුරු. අව්‍යශ නම් ඔබටත් ගෙදෙරදීම පොඩි වෙලාවක් ඒ සදහා වෙන්කිරීමෙන් කරගැනීමට පහසුවෙන් පුළුවන්. හැබැයි ටිකක් ඉවසීම ඕන අකුරුවලින් පිටතට නොගොස් මේ කාර්යය කර ගැනීමට. අනෙක තමයි තමන් කැමති වර්ණයේ සුදුසු තීන්ත ඇති මාධ්‍යයක් සොයා ගැනීමට සිදුවෙනවා. එයත් ටිකක් මහන්සි වුනොත් සොයාගන්න බැරි වෙන එකක් නැහැ. මෙන්න මේ වීඩියෝවේ මේ අකුරු පාට කරනගන්නේ කොහොමද කියලා සරළව තිබෙනවා.


https://www.youtube.com/watch?v=St33WWqY578

6 comments:

  1. අනේ ඉතිං ඕව පාට කලැයි කියල වැඩක් තියෙනවැයි. ‍ලංකාවෙ පාරක හොඳ මඩ වලකට වැටුනම ඔයිට වැඩිය හොඳට පාට වෙනව. හැක්..

    ReplyDelete
  2. මේ රටේ එහෙම පාට කොරන්න තහනම්ද දන්නේ නෑ හිටන්

    ReplyDelete
  3. මං සැරයක් ඕක කලා .පොඩි අවුලක් එනවා.ටයර් එක දෙතුන් පාරක් මඩ වලවල් වල වැටෙද්දි සුදු අකුරු වල මඩ කහට පාරක් අල්ලනවා.ආයෙ සේදුවට මඩ පාට 100% යන්නෙ නෑ.ඊළඟට වස කැතයි බොස් !!

    ReplyDelete
    Replies
    1. පේන්ට් කරපුවානම් කොහොමද දන්නෑ, හැබැයි ඔරිජිනල් සුදු අකුරු නම් පිරිසිදු වෙනවා, පොඩි රෙදි කැල්ලකට භූමිතෙල් ටිකක් අරන් තදින් පිහදාල දැම්මම.

      Delete
  4. මම නම් මේ පාට කිරීම කරලා නැහැ. ඒත් හොද තීන්ත වර්ගයක් ලැබුනොත් කරලා බලන්න ඔීන...

    ReplyDelete