Saturday, October 8, 2011

කතාකරන රූප හෙවත් වචන ගොඩක් එක් පින්තූරයකින්...

පළමුකොටම මේ ලිපියටත් මා අදාල කරගන්නා ඡායාරූපය ආදාල වන ඊයේ අභාවප්‍රාප්තවූ ඇපල් පරිගණක ආයතනයේ ප්‍රධානී Steve Jobs මහතා වෙනුවෙන් වචන කිහිපයක් කතාකිරීම සුදුසුයයි සිතුවා.
Steve Jobs මහතාගේ අභාවය වෙනුවෙන් ඇපල් සමාගම සිය
නිවස්න පිටුවේ ඇති සියළුම අංග ඉවත්කර
මෙම සේයාරුව පමණක් රදවා තබන ලදි.
Steve Jobs මහත්මයාණනි, මා කිසිදු දිනක ඔබ ආයතනය නිපදවූ පරිගණකයක් භාවිතාකර නොමැත. ඒ අන් කිසිදු හේතුවක් නිසා නොව අප භාවිතාකරන IBM Compatible යන්ත්‍රවලට සාපේක්‍ෂව ඔබගේ ගුණාත්මකභාවයෙන් වැඩි Apple පරිගණකවල මිල මා හට දරාගත නොහැකිබැවිනි. ඒ කෙසේවූවත් ඔබගේ ප්‍රධානත්වයෙන් Apple ආයතනය විසින් නිපදවන උපකරණ පිළිබදව මා දැනගැනීමට ඉමහත් ආශාකලේ ඒවායේ ගුණාත්මකභාවය නිසා වගේම ඒවා නිසා අවශේෂ පරිගණක ක්‍ෂෙත්‍රයේ උන්නතියටද එයින් කරන බලපෑම ඉමහත් නිසාය. ඉතින් Steve මහත්මයාණනි, ඔබ හා කිසිදු ගණුදෙනුවක් කිසිදා නොතිබුනත් ඔබගේ වසර 56 ක් වූ කෙටි දිවිය තුල වසර 30 ගණනක් පරිගණක ක්‍ෂෙත්‍රයේ උන්නතිය වෙනුවෙනුත්, ඔබේ Apple පරිගණකවලින් කල බලපෑම නිසා ලේසියෙන් හසුරුවාගත හැකි පුද්ගල පරිගණක ලෝකය පුරා ව්‍යාප්තවීමට  ඇති කරන ලද උත්තේජනය මා මෙන්ම පරිගණක ක්‍ෂෙත්‍රයේ නියැලී සිටින්නන්ට කරන ලද විශිෂ්ඨ සේවයක් බවද අගය කරමි. එසේම මෙවන් අකල්මරණයකට ලක්වීමෙන් ලෝකයේ පරිගණක ක්‍ෂෙත්‍රයේ අභිවෘද්ධියට එක්විය යුතුව තිබූ ඔබගේ නිර්මාණාත්මක අදහස් අහිමිවීම ඉතාමත්ම පාඩුවක් බවද අවසාන වශයෙන් මතක්කරමි.

මෙයද යම් පිළිතුරු ලිපියක් යයි කිව්වත් වරදක් නැහැ. කොහොමවුනත් ගියමාසේ මුල ලියපු පිළිතුරු ලිපිය වන හිට්ලර්, දෙවන ලෝක යුද්දය හා සෝවියට් දේශය පිළිබද ලියූ පිළිතුරු ලිපියට පසු නැවත නොවැලැක්විය හැකි හේතුවක් මත විනා පිළිතුරු ලිපි නොලියන්නට සිතා සිටියත් යන්තම් මසක් ඉක්මගිය තැනම පිළිතුරු ලිපියක් ලියන්නට සිතුවේ මාස 9 කට කිට්ටුවෙන්නට එන මගේ ක්‍රියාකාරී බ්ලොග්කරණයේදී මා පිළිබදව පෞද්ගලිකකාරණා අඩුවෙන් කතාකල නිසා හා පසුකාලීනව පැමිණි පාඨක මිතුරන් සත් සමුදුරේ ව්‍යුවහය පිළිබදව යම් අපහැදිලි තත්වයක සිටින නිසා මගේ පාර්ශවයෙන් ඒ ගැන ටිකක් විස්තරාත්මක පැහැදිලි කිරීමක් කිරීමට සිතුවෙමි. ඒ‍වගේම බ්ලොග්කරණය පිළිබදව ලියූ ස්ව්‍යං විවරණයක් වූ බ්ලොග්කරණය එදා සහ අද ලිපියෙන් පසුව නැවත එවැනි ලිපියක් නොලියන්නටද සිතා සිටියත් මා කතාකරන රූප තේමාව යටතේ පල කල ඡායාරූපශිල්පීන්ගේ ඡායාරූප ලිපියේ මිතුරන් කිහිපදෙනෙකු පල කල අදහස් මත මා බ්ලොග්කරණයේ නියැලෙන අන්දම පැවසීමට සිතුවෙමි. ඒවගේම මම සියල්ලන්ගෙන්ම ඉල්ලනවා මා මෙම ලිපියෙන් ආවේගශීලී අදහස් ප්‍රකාශනයක් හෝ උරණවී මෙය ලියුවායයි නොසිතන ලෙස. ඒවගේම ලෝකය පුරා සිදුවූ හෝ කිසියම් දෙයක් පිලිබදව ලියද්දී සත් සමුදුරේ බ්ලොග්කරණය පිළිබදවද ලියා තැබීම වරදක් හැටියට නොදකින ලෙසද ඉල්ලමි. සමහරවිට ඔබලාට සිතේවි මේවගේ ලිපියක් ලියන්න ගතකල කාලය වෙන ලිපියක් ලියුවා නම් කොතරම් හොදද කියාත් ඒත් මේ ලිපියෙන් සමහරවිට මගේ "දුක්අදෝනාව" පමණක් නොවේ ඇතැම්විට බ්ලොග්කරණයේ යෙදී සිටින බොහෝ බ්ලොග්කරුවන් සිය බ්ලොග්කරණය යෙදී සිටින අයුරු මෙයින් පිළිඹුබු වන ඇතැයිද සිතමි. එසේම දිගටම සිංහල බ්ලොග්කරණයේ රැදී සිටීමට බලාපොරොත්තුවෙන නවකයෙකුවේනම් එවැනි අයෙකුටද යම් අදහසක් ලබාගැනීමට මෙවැනි ලිපියක් කාලෝචිතවෙනු ඇතැයිද සිතමි.

සත සමුදුරේ ලිපි වර්ගීකරණය වෙන ආකාරය බැළුවොත් මුලින්ම පරිගණක යන තේමාව යටතේ එයට අදාලවන ලිපි ලියූවෙමි. ඉන්පසුව සිනමාව යන මාතෘකාවත් ඉන්පසුව විවිද යන තේමාව යටතේ පුළුල්ලෙස විහිදී ගිය විවිදාකාරයේ විශය ක්‍ෂෙත්‍රයන් ඔස්සේ ලිපි ලියූවෙමි. ඉන්පසුවද තවත් තේමා ඔස්සේ ලිපි ලියූ අතර ටිකක් වෙනස් ආකාරයෙන් යුතුව ලිපි පල කරන කතාකරන රූප හෙවත් වචන වෙනුවට රූපයෙන් ඒ කාර්යය ඉටුකර එසේ නැතහොත් ඔබටද විවෘතව සිතුවිලි මෙහෙයවිය හැකි මාතෘකාවක් ලෙස එය භාවිතාකලෙමි. මා එම තේමාවේ පළමු ලිපිය වන මෙම සොයා ගැනීම කීයෙන් කීදෙනාටද ප්‍රයෝජනවත්... මෙන්න එම තේමාව අරඹමින් එයට දුන් අර්ථකතනය -

MONDAY, MARCH 28, 2011


මෙම සොයා ගැනීම කීයෙන් කීදෙනාටද ප්‍රයෝජනවත්...
ඔන්න අද තවත් අළුත් විශේෂාංගයක් ආරම්භ කරනවා. මේකට දාන ලේබලය තමයි "කතාකරන රූප". මේ විශේෂාංග මුල සිටම සත් සමුදුරේ ආරම්භ කරන්න හිතාගෙන හිටියත් ඒක අතපසුවුනා. මේ තේමාවේදී කියවන්න තියෙන දේවල් නම් අඩුයි. හැබැයි මේ රූප වලින් අකුරුවලින් කියන්න ඕන දේ කියාවි කියල ඔබටම තේරේවි. මේ විශේෂාංගයේ පින්තූර සමහරක් ඒවා ඇතැම් විට විද්‍යුත් තැපෑල ඔස්සේ ඔබට ලැබිලත් ඇති.
ඒ අනුව තමයි මෙම පින්තූර සහිත ලිපි වලට කතාකරන රූප යන තේමාව යෙදී ඇත්තේ. එම රූප ආවට ගියාට පලකරන්නේ නැහැ. එයින් යම් පණිවිඩයක් හෝ එහි අපිට සිතීමට දෙයක් ඇත්නම් පමනයි ඉදිරිපත් කරන්නේ. ඒවගේම මිනිසුන් යමක් කිරීමට කරන කැපවීමත් වචනවලින් විස්තර කර නැතත් එම රූප වලින් පෙනේ යයි අදහස් කරා. එයට සාක්‍ෂි සපයන ලිපි ඕනෑතරම් පල කර තිබෙනවා. ඉතින් එවැනි සමහර ලිපි වල පින්තූර ගැන මා අර්ථකතන සපයා එහි වටිනාකම අඩුකරනවාට වඩා ඒවායේ භාවාත්මක ප්‍රකාශනය බුද්ධිමත් ඔබ වටහා ගනු ඇතැයිද බලාපොරොත්තුවුනා. එයත් බ්ලොග්කලාවේ එක් ප්‍රභේදයක්. සත් සමුදුර කිසිවිටකත් ඡායාරූපවලට පමණක් සීමාවූ බ්ලොග් අඩවියක් නොවුනත් වෙනත් භාෂාවලින් කරගෙන ඇතැම් බ්ලොග්අඩවි ඡායාරූප වලට පමණක් සීමාවී ඇති අයුරු ඔබත් දැක ඇති. වචන වලින් ගොඩකින් කියන්න ඕන දේ තනි පින්තූරයකින් නිහඬව කියාපාන්න පුළුවන්. අද ලිපිය පටන් ගන්න භාවිතා කල Steve Jobs මහතාගේ අභාවය පිළිබදව දැක්වූ රූපය එයට හොදම උදාහරණයයි. එහි දියුයුතු පණිවිඩය හිතට දැනෙන ලෙසම දී ඇති අයුරු ඔබලාට පෙනෙන්නට ඇති.

ශ්‍රේෂ්ඨ විප්ලවවාදියෙකු හා මානව හිතවාදියෙකු වූ අර්නස්ටෝ චේගුවේරාගේ පින්තූර හා ඔහු පිළිබදව පිටු හොණ්ඩර ගනනින් ලියවුන ‍පොත් පත් ඇතත් වරක් ඔහු 1960 මාර්තු 05 වනදා කියුබාවේ හවානා නුවර පැවති රැස්වීමක වේදිකාවක සිටියදී එක්වරම ඉදිරියට  පැමිණ රැස්වීමට සහභාගීවී සිටින්නන් දෙස බලා නික්මයාමට මත්තෙන්ගත් මෙම ඡායාරූපය චේගේ දැවැන්ත පෞරශය පිළිබදව වචන දහස් ගණනකින් කිවයුතු දේ නිහඬවම කියාපාන්නක්. එපමණක් නොව ලෝකය පුරා 1967 සිට ඔහුගැන කියවෙන හැමවිටම භාවිතා කරන්නක් වන අතර කියුබාවේ Revolución පුවත්පතේ ඡායාරූපශිල්පියෙකු වූ Alberto Korda විසින් ගත් මෙම සේයාරුව ඡායාරූප ශිල්පියාගේ කීර්තිය පසුකාලීනව ලෝකය පුරා පතල වීමටත් විප්ලවවාදීන්ට ජය සංකේතයක් ලෙසද ව්‍යාපාරිකයන්ට තම වාණිජ පරමාර්ථ උදෙසා යොදාගන්නටද යෙදුන විරලගණයේ සේයාරුවක් බව ඇතැම් විට ඔබලා නොදන්නවාත් ඇති. (චේ ගේ මෙම සේයාරුව ලෝකයේ බොහෝ උපකරණ උදා: ටී ෂර්ට්, ඔරලෝසු, මග් සහ තවත් නොයෙකුත් දේවල්වල සටහන් කර තිබෙන්නකි).

Alberto Korda holding up a copy
of his famous image of Che Guevara.
ලෝකයේ වැඩියෙන්ම නැවත නැවත නිපදවන ලද ආලේඛ්‍ය ඡායාරූපය ලෙස ගැනෙන්නේ Yousuf Karsh විසින් 1941 දෙසැම්බර් 30 වනදා සේයාරුවට නැගූ එවකට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය වින්ස්ටන් චර්චිල්ගේ මෙම සේයාරුවයි. මින් පෙර පැවසූ චේ ගේ සේයාරුව සේම මේ සේයාරුව නිසාම Karsh ලෝකය පුරා ප්‍රසිද්ධියට පත්විය.

මෙම සේයාරුවේ නිදානකතාව මෙසේයි. මෙදින චර්චිල් අගමැතිතුමා කැනඩාවේ පාර්ලිමේන්තුව අමතන ලද අතර අදාල ඡායාරූපශිල්පියාද මෙම ස්ථානයට ගොස්සිටියේ සියවසේ ශ්‍රේෂ්ඨ නායකයන් යන තේමාව යටතේ වූ ලිපියක් සැකසීමටයි. කෙසේවෙතත් දෙවන ලෝක යුද්දය සහමුලින්ම ගිනියම්ව පැවති එදා මෙම ඡායාරූපය ගැනීම සදහා හොද මනෝභාවයකින් චර්චිල් නොසිටි අතර විනාඩි දෙකක් පමණක් අදාල ශිල්පියාට ලබාදී ඇති අතර ඒත් චර්චිල් ප්‍රධාන ශාලාවේ සිට පිටත ශාලාවකට යන අතරතුරදීය.
Faces of Our Time පොතේ Karsh පවසන ආකාරයට "මෙම මසුරන් වටිනා මිනිත්තු දෙකේදී මා අනිවාර්යයෙන්ම මෙම මනුස්සයාගේ සේයාරුවක් කැමරාවට ගතයුතුව තිබුනු අතර එය මේ මොහොතේ ලෝකය වෙලාගෙන ඇති බිහිසුනු බව හා බැරෑරුම් බවද ඔහුගෙන් පෙන්නුම්කෙරෙන්නක්ද වී තිබුනා. ("Two niggardly minutes in which I must try to put on film a man who had already written or inspired a library of books, baffled all his biographers, filled the world with his fame, and me, on this occasion, with dread.")චර්චිල් රවාගෙනම කාමරය තුලට පිවිසෙමින් සිටි අතර මගේ කැමරාවට ලබා ගත යුතුව තිබුනේ ඔහු ‍ජර්මානු සතුරන් කෙරේ දක්වන ආකල්පයයි. එහෙත් එයට අවශ්‍ය ආකාරයේ මුහුනේ භාවප්‍රකාශනයක් නොතිබූ අතර හැමවිටකම දක්නට ලැබෙන අයුරින් ඔහු සන්සුන් ලෙස සුරුට්ටුව උරමින් තමයි හිටියේ. එය කිසිසේත්ම මේ අවස්ථාවේ ඔහුගේ අභ්‍යන්තරය කියාපාන්නක් වුනේ නැහැ. මා ඔහුගෙන් කටේ තිබූ සුරුට්ටුව ටිකකට අයින්කරගන්න හැකිදැයි ඇසුවත් ඔහු එයට මනාපයක් දැක්වූයෙත් නැහැ. ඉක්මනින් ක්‍රියාත්මක වූ මා "සමාවෙන්න සර්" කියාඔහුගේ මුවේ තිබූ සුරුට්ටුව ඉවත්කලා. මේ අවස්ථාවේ චර්චිල් මා දෙස දැඩි ලෙස රවාගෙන බොහොම තරහින් ඔහුගේ ඉනට අත්දෙක තබාගෙන බලාසිටියා." ( "Instinctively, I removed the cigar. At this the Churchillian scowl deepened, the head was thrust forward belligerently, and the hand placed on the hip in an attitude of anger.") වහා ක්‍රියාත්මකවූ Karsh  මෙම අනගිභවනීය සේයාරුව ක්‍ෂනයකින් තව කැමරාවේ දල සේයාපට මත රදවා ගනුලැබුවා. මේ පින්තූරයෙන් චර්චිල් ලෝකය ගිනියම්ව පැවති ඒ මොහොතේ මුහුණ දී තිබූ මානසික ස්වභාවය හොදින් ඉස්මතුවූවක් බව ලෝකය පුරා පිළිගත් මතයයි. එය වචනයෙන් විස්තරකල යුතුවූයේ නැහැ.

පසුකලෙක චර්චිල් මේ ගැන කැමරාශිල්පියාට කියා සිටියේ "ඔබට තරහෙන් ගොරවමින් සිටින සිංයයෙකු  ඉදිරියට ‍ වුනත් ගොස් පින්තූර ගත හැකි" බවයි. මේ අනුව මෙම පින්තූරයට Karsh විසින් පටබැදි නාමය වූයේ "ගොරවන සිංහයා" යන්නයි. ("You can even make a roaring lion stand still to be photographed." As such, Karsh titled the photograph, The Roaring Lion.)


මෙම ඉතිහාසගත සේයාරුව කැමරාවට නැගීමෙන් අනතුරුව තවත් සේයාරුවක් Karsh විසින් ලබාගන්නා ලද අතර එහිදී චර්චිල් යථාතත්වයට පත්ව නමුත් සිනහවක්ද සහිතව පෙර ඉරියව්වෙන්ම සිටියදී ගන්නා ලදි. එහෙත් මෙය පළමු සේයාරුව මෙන් ප්‍රසිද්ධියට පත්වුනේ නැහැ.
මේ දෙවන ඡායාරූපයයි
Yousuf Karsh
http://en.wikipedia.org/wiki/Yousuf_Karsh

ඉතින් මා දැක්වූයේ උදාහරණ දෙකක් පමණයි. හැමසේයාරුවකටම එහි නියම හිමිකාරයා සොයාගැනීම අන්තර්ජාලය තුල අපහසුවාගේම සෑම පින්තූරයකටම කිසිදු හදුන්වාදීමක්ද අන්තර්ජාලය තුල නැහැ. නැත්නම් ඉහත කරුණු ඒ ඒ වෙබ් අඩවිවල දැක්වෙන්නේ එකිනෙකට පරස්පර ආකාරයකිනුයි. ඒවගේම මේ හැම සේයාරූ පෙලක්ම email හරහා මට ලැබුනු ඒවා නොවන අතර වෙනත් ලිපියක් සදහා ඡායාරූප සෙවීමේදී ලැබුන හිතට වැදුන පින්තූරයි. ඒ වගේම ‍අන්තර්ජාලයේ සංසරණය වන මෙවැනි පින්තූර අන්තර්ගත ඇතැම් email මා විසින්ම මෙම පින්තූර එක්කොට කලකට පෙර තැනූ ඒවාද විය හැක.

මා පිළිබදව හා සත් සමුදුරේ බ්ලොග් ලිපි ලියවෙන ආකාරය ගැන යමක් කියයිනම්, මා විශ්වවිද්‍යාලයක කාර්මික නිළධාරියෙකු ලෙස සේවය කරන්නෙක් ඉතින් එහිදී ලැබෙන විවේකය මත තමයි ලිපි ලියවෙන්නේ. ඒවගේම ගෘහස්ථව යෙදෙන වගකීම් හා කාලවේලාව යොදා ගැනීමේ අපහසුතාවය නිසා එහිදීද ඉඩක්ලැබුනොත් තමයි මේ ලිපි ලියන්නේ. ඒවගේම පෞද්ගලිකව තවමත් මා සතුව ඇත්තේ ඩෙක්ස්ටොප් පරිගණකයක් පමණක් නිසා ලැප්ටොප් පරිගණකයක් මෙන් පහසුවෙන් හිතෙන හිතෙන වෙලාවට නිවසේදී පරිගණකය භාවිතාකරන්නට ලැබෙන්නෙත් නැහැ. ඒ එක්කම සත් සමුදුර යනු කිසිදු ආකාරයක ලාභයක් නොලබන නොමිලේ සිදුකරනු ලබන කර්තව්‍යයක් නිසා එවැනි ජංගම පරිඝනකයකට මුදල් වැය කර මීටත් වඩා කාර්යයක්‍ෂම යෙදී‍මේ හැකියාවකුත් නැහැ. 

සාමාන්‍යයෙන් දීර්ඝලිපි එකදිගට එකක් ඉවර වූ වහා ලිවීමේ හැකියාවක්ද නොමැති අතර බොහෝවිට මාසයකට එවැනිලිපි ලිවිය හැක්කේ 10 ක් පමණ සංඛ්‍යාවකි. එසේම ඒ අතරතුර‍ කෙටි ලිපිද ලියන අතර විවිදාකාර පාඨකයන් බ්ලොග් අඩවිය වෙත ආකාර්ශනය කර ගැනීමේ අරමුනින් අඩුවෙන් විස්තර ඇති ඒත් සමාජයට යම් වින්දනාත්මක පණිවිඩයක් ඇති ලිපිද පලකරනු ලැබේ. ඒ වගේ මිනිසුන්ට එදිනෙදා ජීවිතයේදී සංවේදිවන මාතෘකා ඇති කෙටි ලිපිද පල කිරීම සිදුකෙරේ.

අනෙක දීර්ඝකාල පරතරයක් ලිපි අතර තබා ගැනීමෙන් වරින්වර ලිපි පලකිරීමෙන් එය බ්ලොග්කරණයක්ද නොවන අතර පාඨකයන් නැති පාළු ‍බ්ලොග්අඩවියක් බවට සත් සමුදුර පත්වීමෙන් මා ලබන තෘප්තියක්ද නැත.  මූල්‍යමය ලාභයක් නැති මෙවැනි අඩවියකින් මා ලබන එකම තෘප්තියද පාඨකයන් නිරතුරු බ්ලොග් අඩවියේ ගැවසීම හා ඔවුන් සමග අදහස් හුවමාරු කරගැනීම සහ ඔවුන් සමග මිතුරුවීම පමණකි.

ඉතින් යමෙකුට මේ ලිපියේ කරුණු සංවේදීවෙතොත් එය කියවා හිත් අමනාපයක් හෝ නැවත බ්ලොගයට නොපැමිනීමෙන් වලකින ලෙසද කාරුණිකව ඉල්ලන අතර සත් සමුදුරක් යනු සැබෑ සත් සමුදුරක් මෙන් තල්මසුන්, තෝරුන්, මෝරුන් වැනි විශාල ජීවීන්ට මෙන්ම හාල්මැස්සන්, කූනිස්සන් හා ‍ඇසට නොපනෙන ජීවීන්ටද වාසස්ථානයක් බව උපේක්‍ෂා සහගතව හා ඉවසිමකින් ධාරනය කරගන්නා මෙන් ඉතා කාරුණිකව මෙන්ම නිහතමානීව ඉල්ලමි.

15 comments:

  1. This is one f ma alltime favrt blog. Cntinue the good work. Bless ya...

    ReplyDelete
  2. "නොදුටු දේ දකින්නටත්, දුටු දේ වෙනස් පැතිකඩකින් දකින්නටත්" ඔබේ තේමාව මෙය නම් ඔබ නිවැරදියි. අපි නිතර දකින දේ වුවත් සමහර විට තව දවසක වෙනස්ම විදිහකට අපිට පේන්න පුළුවන්. තවත් කාරනයක්, පාඨක අදහස් කෙරේ උවමනාවට වඩා සංවේදී වීමත් හොඳ නිර්මාණ වලට බාධකයක් කියලයි මට හිතෙන්නෙ. මේකෙන් කියවෙන්නෙ නෑ පාඨකයන් නොසලකා හරිනව කියල. ඒත් ලෝකයේ බිහිවෙච්ච සමහර හොඳ නිර්මාණ පාඨකයන් ගැන උවමනාවට වඩා සිතුවානම් බිහි නොවෙන්න බොහෝ දුරට ඉඩ තිබුණා.ඔබේ නිර්මාණ ඒ ලෙසින්ම ඉදිරිපත් කරන්නත ජය වේවා.

    ReplyDelete
  3. මා මීට පෙර කියා ඇති පරිදිම සත්සමුදුර කියන්නෙ මගේ ඉතාමත් ප්‍රියතම බ්ලොග් අඩවියක්. ඒ වගේම ඔබත් ඒ සඳහා විශාල කැප කිරීමක් කරන බව හොඳින්ම පෙනෙනවා. පාඨකයෙක් විදියට මම ඔබට ඉතාමත් ස්තූතිවන්ත වෙනවා
    අද ඔබ කතා කරල තියන සමහර කාරණා ගැන මම වැඩිදුර අදහස් දක්වන්න යන්නෙ නැහැ. ඒ මගින් ඔබ වැරදි වැටහීම් ඇති කර ගැනීමේ සම්භාවිතාවක් තියනවා කියලා මට හිතෙනවා.විශේෂයෙන්ම නෙගටිව් ප්‍රතිචාර වලදි ඔබ තරමක් කලබල වන බවක් පෙනෙනවා. සමහර විට ඒ බ්ලොගයෙන් පිටත අපි අතර සන්නිවේදනයක් නැති නිසා වෙන්න ඇති. හැකියාවක් ලැබුනොත් එවැනි සන්නිවේදනයක් ගොඩ නගා ගමු.
    අද ඔබ පල කළ ඡායාරූප සහ පසුබිම් කතා මගින් මම විශාල දැනුමක් ලබාගත් බව නම් කිව යුතුමයි. වෙනද වගේම අදත් මම ඔබේ ලිපිය රස වින්දා. ස්තූතියි.

    ReplyDelete
  4. ජොබ්ස් මහත්තය මීට අවුරුදු හයකට විතර ඉස්සෙල්ල, ඒ කියන්නෙ අයි පොඩ් හදන්න කලින් මලානම් ලෝකය මෙච්චර ඒ ගැන කතා නොකරන්න තිබ්බ. නිවෙන්න කිට්ටු පහන් දීප්තිමත්ව දැල්වෙනව කියන්නෙ නිකන් නෙමෙයිනෙ.

    ReplyDelete
  5. මේ ජාතියේ ලිපි සම්බන්ධයෙන් මගේ වැඩි කැමැත්තක් නැති වුණත් ඔයාගේ පැත්ත ගැන කියන්නත් ඔයාට අචස්ථාවක් තියෙන්න ඕනෙනේ.. ඒ හින්ද අවුලක් නැහැ. කොහොම වුණත් මගේ අදහස නම් බ්ලොග් එක වේලෙන්න දෙන්නෙ නැතුව එක ෆොටෝ එකක් හරි දාන්න පුළුවන් නම් ඒක වටිනවා. අනිත් කරුණ නම් යම් ෆොටෝ එකක් වටිනවා නම් ඒක ඊමේල් අතරේ බහුලව හුවමාරු වුණත් අවුලක් වෙන්න බැහැ. කොහොම වුණත් අවුලක් ගන්නේ නැතුව දිගටම මේ වැඩේ කරගෙන යන්න. මොකද සත් සමුදුර ඒ තරම්ම වටිනවා.

    ReplyDelete
  6. ඔබේ බ්ලොග් අඩවිය ඉතාම අගේ කරමි.මගේ ඉංග්‍රීසි දැනුම අඩු බැවින් ඔබ විසින් සිංහලට පරිවර්තනය කල ලිපි කියවා දැනුම ලැබුවෙමි.දිගටම ලියන්න ඔබට සුභ පතමි.

    ReplyDelete
  7. අපි නම් සත් සමුදුරෙන් දැනුම් සම්භාරයක් මේ වෙද්දි අරගෙන තියනවා...

    ReplyDelete
  8. ඇපල් නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් ගැන තවත් දැනගන්න ආසයි. ඔහු දෙවෙනි වන්නේ පුද්ගලයින් කිහිපදෙනෙකුට පමණයි. හැකිනම් ඔහුගේ ජිවිත කතාව කෙටියෙන් හරි පලකරන්න. ලෝකයේ පරිගණක වංශ කතාවේ නව පිටුවක් පෙරළු ඔහු වැන්නෙකු නැවත බිහි වෙයිදැයි සැකසහිතයි.

    ReplyDelete
  9. ස්ටීව් ජොබ්ස් ගැන ඔබගේ සටහන ඉතාමත්ම වටින්නේ ඔහු අපේ කාලයේ වීරයෙක් නිසා . මගේ බ්ලොග් එකෙනුත් ඔහු ගැන මගේ කෘතඥතාවය පළ කළා. එය බැලීමටත් ආරාධනා කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.

    ReplyDelete
  10. මමත් සත්සමුදුරේ නිත්‍ය සාමාජිකයෙක්. දිනේෂ් දන්නවා ඇතිනෙ. මම එදත් කිව්වෙ වෙලාව තියෙන හැටියට මේක ලස්සනට කරගෙන යන්න කියලා.

    අර කිව්වත් වගේ ජොබ්ස් කව්රුත් නොදන්න අලුත් තොරතුරු දැන ගන්න මමත් කැමතියි. වෙලාවක් තිබුනොත් ලියලා දාන්න.

    ReplyDelete
  11. මමත් මේක කියවනවා . දන්නා අයටත් බෙදා දෙනවා . ඔබට හිතන්නවත් බැරි අය මේක කියවනවා . එයාල කමෙන්ට් කරන අය නෙමේ . දිගටම ලියන්න දිනේෂ් . මතුවටත් කියවන්න හැකි

    ReplyDelete
  12. පහුගිය ටිකේම දිනේෂ් හරි නිහඩයිනේ... බ්ලොග් එක අප්ඩේට් වෙන්නෙත් නෑ.. කමෙන්ට්ස් වලට පිලිතුරුත් නැහැ...මොකද ඒ..???? වැඩේ අතැරලවත්ද ...

    ReplyDelete
  13. ඉතින් මිතුරනි ආයුබෝවන්, සතියකට පමන පසුව ඔන්න නැවතත් බ්ලොග් අඩවියේ වැඩකටයතු ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙනවා. පසුගිය දින කිහිපයේම මගේ මුල් ගම්පලාතට ගිහිල්ල හිටිය නිසා සහ එහිදී යම් අසනීප තත්වයකට බදුන්වීම නිසා බ්ලොග් අඩයිය ගැන හික ‍යොමුකරන්නට හිතුනේ නැහැ.

    ඒ කොහොමවුනත් මම ඔබලා සැමටම ස්තූති කරන අතරේ ලකීට මම කියනවා කරුණාකර කලින් ලිපියේ මම දුන් පිළිතුරක තිබූ මහජන පුස්තකාලයක සංකල්පය පිළිබදව කමෙන්ටුව කියවන ලෙස.

    ඉදිරිදින කිහිපයේදී ස්ටිව් ජොබ්ස් ගැන සුලභව ලියවෙන සටහනකට වඩා වෙනස් විදියකටත් කතාකරමු...

    ReplyDelete
  14. ස්තූතියි දිනේශ්,
    මම ඒ කොමෙන්ටුව කියෙව්වා..විවාදයක් නැහැ. මම එකඟයි.
    පහු ගිය දවස් ටිකේම ඔබේ පොස්ට් එකක් නැතිවුනාම පොඩ්ඩක් කණගාටු හිතුනා. මොනව හරි තිබුන නම් හොඳයි කියලත් හිතුනා. කොහොම වුනත් මට මග හැරුන පරණ පොස්ට් කිහිපයකුත් කොමෙන්ටුත් කියවීමට මට ඒ නිසා අවස්තාව ලැබුනා.
    දැන් හොඳින් සුවය ලබා ඇතැයි විශ්වාස කරනවා.

    ReplyDelete