Showing posts with label පින්තූර වැඩ. Show all posts
Showing posts with label පින්තූර වැඩ. Show all posts

Thursday, May 17, 2012

පින්තූර කඩේදී වැඩ කිහිපයක් එකවර කරගැනීමට "Action" එකක් ගැනීම

මේ කියන්න යන්නේ Photoshop වලදී බොහොම ප්‍රයෝජනවත් උපක්‍රමයක් පිළිබදවයි. මේක Photoshop වල තිබුනට එතරම්ම බොහෝ දෙනෙක් වැඩගන්නේ නැති දෙයක්. ඒත් එකවර වැඩ කිහිපයක් පින්තූර රැසකට කරගන්න හොද උපක්‍රමයක් තමයි මේ. 

අපි උදාහරණයක් විදියට හිතමු පින්තූර කිහිපයක්ම එකම ප්‍රමාණයකට Resize කරගන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් මේ එක එකක් වෙනම කරනවාට වඩා බොහොම පහසුවෙන් Action එකක් සදා ගැනීමෙන් මේ කාරණේ එකවරම කරගන්න පුළුවන්. මේක විතරක් නෙමෙයි අපි බහුලවම කරන පියවරයන් රැසක් එකවර Action එකක් ලෙස සාදා ගැනීමෙන් නිතර නිතර එම කාර්යය කරනවා නම් ඒවා වෙන් වෙන් අවස්ථාවල වුනත් භාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා.

මෙන්න මෙහෙමයි මේ ලිපිය සදහා භාවිතා කිරීමට සරළ Action එකක් සාදා ගන්නේ. 

මුලින්ම අවශ්‍ය පින්තූර ගොන්නෙන් එක පින්තූරයක් විවෘත කර ගනිමු.

දැන් එම Menu bar හරහා Window වලදී Action Palette එක විවෘත කරගන්න.

රවුමින් දක්වා තිබෙන "Create New Action" තෝරන්න.

මෙහි රවුමින් දක්වා තිබෙන "Begin Recoding" button Click කරන්න.
 
මෙවිට ලැබෙන මේ Window එකේදී කැමති නමක්, අවශ්‍ය නම් තවත් පහසු කර ගැනීමට Function Key එකක් Assign කිරීම සිදු කරගෙන Record Button  එක Click කරන්න.

දැන් Image හරහා Image Size තෝරන්න.

දැන් අවශ්‍ය පියවරයන් වන පින්තූරයේ Width හෝ Height අගයක් හෝ අගයන් දෙකම වෙනස් කර Ok කරන්න. තවත් ඔබට අවශ්‍ය යමක් වේ නම් ඒවාත් සිදුකර කැමති නම් Image එක Save කර ගෙන හෝ නොමැතිව "Stop playing/Recording" button එක Click කරන්න.

දැන් ඔබ මෙම පින්තූරය close කර මෙම වෙනස්කමම සිදුකිරීමට බලාපොරොත්තුවන පින්තූරය හෝ පින්තූර තෝරා ඒවා Open කරගන්න.

ඔබට අවශ්‍ය එක් පින්තූරයකට මෙම වෙනස්කම සිදුකිරීමට නම්, Action Palette වෙතට ගොස් ඔබ විසින් සුදුසු නමක් ලබා දී තැනූ Action එක තෝරා මෙහි දැක්වෙන "Play Selection" button එක click කරන්න. එවිට වෙනස්කම ක්‍ෂනයකින් සිදුවනු ඔබට දිස්වනු ඇත.

ඔබට අවශ්‍ය පින්තූර රැසකටම එක්වර මේ වෙනස්කම සිදුකිරීමට නම් ඔබට අවශ්‍ය පින්තූර සියල්ල Open කර ගැනීමෙන් හෝ යම් Folder එකක ඇති සියළුම පින්තූරවලට මේ කාර්යය සිදුකරගැනීමට නම් පින්තූර අප විසින් Open නොකරද මෙම කාර්යය කළ හැක.

පළමුවෙන්ම විවෘත කරගත් පින්තූර කිහිපයකට මේ කාර්යය සිදුකර ගැනීමට නම්, එම පින්තූර Photoshop වලදී විවෘත කර ගැනීමෙන් පසුව Menu bar හිදී File හරහා Automate සහ Batch යන්න තෝරන්න. 

මෙහිදී ලැබෙන මෙම Window දී Action යන්නට ඔබ විසින් තැනූ Action name එකත් Source දී "Opened Files" යන්නත් තෝරා OK කරන්න. එවිට එක්වරම විවෘත කරගෙන සිටින පින්තූර සියල්ලටම මෙම වෙනස සිදුවනු ඇත.

යම් හෙයකින් ඔබට එක් Folder ක තිබෙන සියළුම පින්තූරවලට මෙම වෙනස්කම සිදුකරගැනීමට අවශ්‍ය වේ නම් Source හිදී Folder යන්න  තෝරා එහිදී "Choose" button click කර අවශ්‍ය Folder තේරීමෙන් අනතුරුව OK කිරීමෙන් Folder ඇති පින්තූර සියල්ලටම එකවර වෙනස් කම සිදුවනු ඇත.

මෙහි දැක්වූයේ කුඩා කාර්යයක් සිදුකරගන්නා අයුරුයි. ඔබටත් නිතර නිතර කරන්නට වෙනස්කම් කිහිපයක් එක්වරම සිදුකරගැනීමට මෙය උපකාරීවනු ඇතයි සිතමි.

Friday, April 20, 2012

250 වන ලිපියද සමගින් ප්‍රයෝජනවත් දේවල් කිහිපයක්ම එකවර ඇති "අච්චාරු" ලිපියක්...

මාතෘකාවේ විදියටම මේ 250 වන බ්ලොග් ලිපියයි. ඉතින් අමුතුවෙන් කියන්න යන්නේ නැහැ සත් සමුදුරේ බ්ලොග් ලියවුන විදියවත් එය විකාශනය වි මේ දක්වා ආ ගමන් මග පිළිබදවත්.  ‍කොහොමවුනත් මේ දක්වා විවිද තත්ත්වයන් ඔස්සේ මේ ආ දුර පැමිණීමට ඔබ සැම ලබා දුන් සහයට මේ මොහොතේත් ස්තූතියි පුද කරනවා!

මේ ලිපියදී කාරණා කිහිපයක් ගැනම සදහන් කරන්නට සිතුනා. පළමු කාරණය තමයි ඔබට ප්‍රයෝජනවත් විය හැකි අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයක් ගැන සදහන් කිරීමට සිතුවා. ඔබට සිතෙන්නට පුළුවන් දැනටමත් ඕනෑතරම් සෙවුම් යන්ත්‍ර තිබියදී මොකටද තව එකක් ගැන කියන්නේ කියලත්. හැබැයි මෙය ටිකක් විශේෂිතවූ එකක්. මෙහි ඇති විශේෂත්වය තමයි මෙය ද්විභාෂ සෙවුම් යන්ත්‍රයක් වීම ඒ කියන්නේ Bilingual Search Engine එකක්. ඒ විත්තිය ඒ සෙවුම් යන්ත්‍රයේම බොහොම උජාරුවෙන් සටහන් කර තිබෙනවා. ඒ අනුව ඔබ කැමති භාෂා දෙකකින් එක්වරම  අවශ්‍ය සෙවුම මේ හරහා කරගන්න පුළුවන්. මෙහි නම තමයි sobotong - http://www.sobotong.com/gl/
මෙන්න මේ වගේ අතුරුමුහුනතක් තමයි එයට තිබෙන්නේ.

මෙහි ඊතලවලින් දක්වා තිබෙන භාෂවන් ඔබ කැමති ආකාරයෙන් වෙනස් කර ගැනීමෙන් එකවර එම ද්විභාෂාවලින් සෙවුම් කරගැනීමට හැකියි. ඒත් අවසනාවට තවම සිංහල බස නම් මෙම ලැයිස්තුවට එක්කර නැහැ. ‍ද්‍රවිඩ භාෂාව නම් එක් කර තිබෙන බව දැක්වෙනවා.

මේ ලිපියෙන් කාරණා කිහිපයක් වෙනස් වෙනස් දේවල් ගැන කියනවා කිව්වා වගේම මෙන්න තවත් වෙනස් දෙයක්. ඔබ HD Quality එකක් තියෙන Music Video වලට කැමති කෙනෙක්ද? එසේ නම් මෙම වෙඩ් අඩවිය ඔබට ප්‍රායොජනත් වේවි. මෙහි බටහිර ගීත රැසක Music Video තිබෙනවා. ඔබත් කැමති නම් මේ අඩවියට පිවිසෙන්න. muzu තමයි මෙම අඩවියේ නම. - http://www.muzu.tv

මෙන්න ඊලඟ දේ. ඔබට ඇතැම් විට පින්තූරවල අදුරු වීම හෝ ඒවා ඕනෑවට වඩා එළියෙන් යුතුවීම පිළිබදව ගැටළු ඇති. ඒ වෙලාවට මෙම ගැටළුව නිරාකරණ කරගන්න අපිට භාවිතා කරන්න තිබෙන හොදම මෘදුකාංගය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ Photoshop තමයි. ඒත් මේක තිබුනට මදි ඒ දේවල් කර ගන්න විදියත් දැනගන්න ඕනෑනේ. Photoshop වලදී මේ කාර්යයන් කරගන්න ක්‍රම කිහිපයක්ම තිබෙනවා. ඇතැම්විට එක ක්‍රමයක් සෑහෙනවා වගේම සමහර විටෙක පින්තූරය අනුව ක්‍රම කිහිපක්ම හෝ එක් පින්තුරයකට භාවිතා කල ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයක් භාවිතා කරන්නත් සිදුවේවි. ඒ නිසා එම ක්‍රම කිහිපයම මෙහිදී සදහන් කරන්නම්.

මෙන්න මේ තක්කාලි ගෙඩි දෙක තියෙන පින්තූරය තමයි මේ පාඩමට උදාහරණය විදියට ගන්නේ.

මුලින්ම මේ පින්තූරය Photoshop හරහා open කර ගත් පසුව එහි Background layer එකෙන් duplicate Layer එකක් සාදා ගන්න. එය සිදුකරගැනීමට ප්‍රධාන මෙනුවේ Layer හරහා ගොස් එහි Duplicate Layer හෝ

Layer palette එකේදීම Background layer මත right click කර එහිදී ලැබෙන මෙනුවෙන් Duplicate Layer තේරිමෙන්ද සිදුකර ගත හැකිය.

වේගවත්ම සහ පළවෙනියෙන්ම අදුරු සේයාරුවක් එළිය කර ගැනීමේ ක්‍රමය තමයි Layer palette එකේම තිබෙන Screen blend mode එක භාවිතා කිරීම. මෙන්න මෙහෙමයි රූපයේ ඊත‍ලයේ දැක්වෙන ස්ථානයෙන් ගිහිල්ලා කොටුකර දැක්වෙන Screen blend mode එක Select කරන්න.

සාමාන්‍යයෙන් තියෙන්නේ Normal Mode එක. ඒක තමයි දැන් Screen blend mode බවට වෙනස් කරන්නේ. හැබැයි ඉතින් මේ ක්‍රමය 100% ක්ම කාර්යක්‍ෂම ක්‍රමයක් ලෙස හැදින්වෙන්නේ නැහැ. මෙන්න වෙනස් කල පසු ලැබෙන පින්තූරය

ඉතින් මේ ලැබුන පින්තූරය ඕනෑවට වඩා එළිය වැඩියි කියල හිතෙනවා නම් Layer palette එකේ තියෙන Opacity value එක  වෙනස් කර ගැනීමෙන් එය සාදා ගැනීමට හැකියි.

මීට වඩා Advance දෙවන ක්‍රමය තමයි Levels භාවිතා කිරීම මේ රූපයේ දක්වා ඇති ආකාරයට Levels වෙනස් කරන Window එක ලබා ගන්න.


මේ රූපයේ දක්වා තිබෙන slide එක එහා මෙහා කිරීමෙන් හා තවදුරටත් වෙනස් කම් කරගැනීමට අවශ්‍ය පරිදි අනෙක් Slide එහා මෙහා කර ගැනීමෙනුත් මෙම කාර්යය ඉටුකර ගත හැකියි.

මෙය පළමු ක්‍රමයට වඩා සාර්ථක ක්‍රමයක්.

මෙන්න තෙවන ක්‍රමය. Shadows/ Highlights. මට හිතෙන විදියට මේ දක්වා පැවසූ ක්‍රම දෙකටම වඩා සාර්ථක හා හොදම යයි සිතෙන්නේ මෙම ක්‍රමයයි. මෙම ක්‍රමය සිදුකරගැනීමට අවශ්‍ය window එක ලබා ගන්නේ මෙලසින්.

මෙන්න එවිට මෙම window එක මුලින් ලැබෙන අතර


එයටත් වඩා මෙම කාර්යය ගැඹුරින් සිදුකරගැනීමට "Show more option" Select කර ගැනීමෙන් වඩාත් පුළුල් වෙනස් කම් කරගත හැකි window එකක් ලබා ගැනීමට හැකියි.


මෙන්න අවසාන සහ ඵලදායිතාව අඩුයයි පවසන Brightness /Contrast වෙනස් කර ගැනීමේ ක්‍රමය. මේ ක්‍රමය ලබා ගැනීමට පිවිසෙන්නේ මෙලෙසින්.



ඉතින් මේ ක්‍රමය එතරම් හොද නැති යයි පැවසුනත් සමහර වෙලාවලට මේ ක්‍රමයත් අපේ පිහිටට එනවා සිකුරුයි.

දැන් දවල් කෑම වෙලාවත් ලගයි. ඒ නිසා දැන් මෙම "අච්චාරු" ලිපිය අවසන් කරන්නම්. ඔක්කොම එකට දාල ලියපු මේ 250 වෙනි ලිපිය වගේ "අච්චාරු" ලිපිත් ඉදිරියේදී ඉඩකඩ ලැබුන විටක ලියන්නම්. ඒ වගේම මේ දක්වා ලියා ගෙන ආපු දෙවන ලෝක යුද්දය ගැන ඊලග ලිපියත් ඉතාම ඉක්මනින් පලකරනවා. එහිදීත් ඔබ නොදැන සිටි කාරණා රැසක් දැන ගැන ගැනීමට හැකිවේවි...

Thursday, March 8, 2012

පින්තූර කෑලි එක්කර තනි පින්තූරයක් තැනීම

මෙන්න කාලෙකට ඉස්සර ආරම්භ කරල වැඩිය මොනවත් ලිව්වේ නැති තේමාවකට අදාලව අද යමක් ලියන්නට සිතුනා. ඔබට මතකද ගියවර පල කල මධ්‍යතන යුගය ගැන ලියූ මධ්‍යතන යුගයේ ගමේ ලොක්කෝ හා සොක්කෝ - 5 ලිපියේ තිබූ මෙම කරත්තය.

මේ පින්තූරය ඇත්තටම කොටස් තුනක් ලෙස Screen Capture කරල අරගෙන පසුව Photoshop වලදී එකට එකතු කරල තනි පින්තූරයක් කරන ලද එකක්. Screen Capture කරන්න භාවිතා කලේ මීට පෙර සත් සමුදුරෙත් කිව්ව SnagIt කියන මෘදුකාංගය භාවිතයෙන් (Screen Capture වලට SnagIt!)

Photoshop CS3 ‍වගේ නවතම සංස්කරණ වල නම් Photomerge වලට ස්ව්‍යංක්‍රීයවම කර ගැනීමේ පහසුකම මෘදුකාංගය මගින් ලබා දී තිබුනත් Photoshop 7 වගේ පැරණි සංස්කරණයක් හෝ තමන්ට අවශ්‍ය විදියට නිර්මාණාත්මකව ටිකක් වෙනස් විදියට කරගන්න ආකාරය මා එම කාර්යය කල සැටියෙන්ම ඔබට කියන්නම්.

මම මේ කරන පියවරයන් වලට වඩා වෙනස් විදියට සමහරවිට ඔබ මේ දේ දැනටමත් කරවත් ඇති. කොහොමවුනත් මම පින්තූරය එකලස් කිරීමේදී එයට ගැලපෙන විදියට කල ආකාරය පියවරෙන් පියවර සටහන් කරන්නම්.

මෙන්න මේ වගේ කොටස් තුනක් තමයි SnagIt වල Freehand කියන option එක ආධාර කොට ගෙන ලබා ගත්තේ. මේ ලබාගත් ගොනු ත්‍රිත්වයම .png කියන Extension එකෙන් තමයි Save කලේ. එයට හේතුව තමයි මේ  Extension එක භාවිතා කරල Save කල විට background එක  Transparent තියෙන තැන් ඒ විදියටම Save වීම. (මේ ගැනත් කලින් ලිපියකදී සදහන් කලා - පසුබිම Transparent විදියට Image එකක් Save කර ගන්නේ කොහොමද???)

දැන් Photoshop මෘදුකාංගය ක්‍රියාත්මක කරගෙන මෙම පින්තූර කොටස් තුනම විවෘත කරගන්න.

ඊලඟට කරන්න තියෙන්නේ Photoshop වලදී වන ගොනුවක් විවෘත කරගන්න එක. එහිදී මෙම එකලස් කරන පින්තූරයට සරිලන ආකාරයේ ගොනුවක් තනා ගන්නා අතරම එයත් Transparent ආකාරයෙන් තිබෙන සේ ගැනීම පහසුවක් වේවි.

දැන් විවෘත කරන ලද පින්තූර ‍කොටසක් වෙත ගොස් එහිදී Ctrl සමග A හෝ Menu Bar එක භාවිතා කර පින්තූරය Select කර ගෙන එය Ctrl සමග C හෝ Menu Bar එක භාවිතා කර Copy කර ‍ගෙන විවෘත කර ගත් නව ගොනුව වෙත ගොස් එහිදී Ctrl සමග P හෝ Menu Bar එක භාවිතා කර පින්තූරය එහි Paste කර ගන්න.
 


දෙවන පින්තූර කොටසටද ඉහත පියවරයන් අනුගමනය කර එය Paste කිරීමට ප්‍රථම එහිදී මෙම පින්තූර කොටස සදහා නව ලේයරක් තනා ගෙන එයට Paste කිරීම සිදුකල යුතු අතර නව ලේයර තනා ගැනීමට Ctrl සමග Shift සමග N හෝ Menu Bar එක භාවිතා කර නව ලේයරය සාදා ගන්න.

තෙවන පින්තූර කොටස සදහාද පළමු පියවරයන් සමග නව ලේයරක් තනා එයට එම පින්තූර කොටස Paste කර ගන්න.

මෙන්න කොටස් තුන වෙන වෙනම.

දැන් මේ කොටස් සුදුසු තැන් වලට ස්ථානගත කරල එක් කරන්න. මේ සදහා මෙම පින්තූර පැහැදිලිව පෙනීමට Ctrl සමග + භාවිතා කර Zoom කර ගන්න.

පින්තූරය එකලස් කිරීමේදී ඒ ඒ ලේයර වල අනුපිළිවෙල පින්තූරය වඩාත් පහසු හා සුමට ලෙස එක් කිරීමට ආධාරවන පරිදි වෙනස් කර ගැනීමත් අවශ්‍ය වුනොත් කරන්න වේවි. ඒක කරන්නේ ඒ ඒ ලේයර් drag කිරීම මගින්.

මෙන්න දැන් කොටස් එක කරන ලද පින්තූරය. හැබැයි මේ රවුම් කරල පෙන්වල තියෙන තැන් වලින් දැක ගන්න පුළුවන් පින්තූර Capture කරන කොට මඟහැරුන තැන් දෙකක්. ඒකත් යථා තත්ත්වයට පත්කරගන්න පුළුවන් Clone Stamp Tool එක භාවිතා කිරීම මගින්. හැබැයි ඊට කලින් මේ ලේයර් තුනක තිබෙන පින්තූරය එක් ලේයරයකට Merge කර ගැනීම කරන්න ඕන. ඒක සදහා Menu bar එකේදී පහත දැක්වෙන විදියට Layer Merge කරගන්න.

දැන් Clone Stamp Tool  එක ආධාර කරගෙන පින්තූරයේ මඟහැරුන තැන් පිළිසකර කරගන්න. ඒ සදහා ඒ අදාල කොටසට ආසන්නම සමාන තැනක් මතට ගිහිල්ලා Alt සමග Click කර ඉවසීමකින් යුතුව පින්තූරය සකස් කර ගන්න. දැන් පින්තූරයට අවශ්‍ය ප්‍රමණයට Crop Tool එක ආධාරයෙන් Crop කර ගන්න.


අවසානයේ එකලස් කරන ලද පින්තූරය .JPEG හෝ .PNG Extension  එකක් යටතේ Save කර ගන්න.
එච්චරයි කරන්න තියෙන්නේ...

Saturday, May 7, 2011

Photoshop වලදී සරල ක්‍රම කිහිපයක් භාවිතාකර පින්තූරයක් පසුබිම ඉවත් කිරීම සහ ඉවත් කල පසුබිම වෙනුවට කැමති වර්ණයකින් පුරවාගැනීම...

Photoshop වලදී image එකක background එක ඉවත් කරගන්න සරල වගේම සංකීර්ණ ක්‍රම රාශියක් තියෙනවා. අද එයින් සරල ක්‍රම කිහිපයක් භාවතා කරල පින්තූරේ පසුබිම ඉවත් කර ගන්නවා වගේම ඒ වෙනුවට අපි කැමති වර්ණයකින් පුරවා ගැනීමත් කරගන්නා ආකාරය බලමු. මුලින්ම මෙම ක්‍රියාවලිය අවසානයේ ලැබෙන ප්‍රතිඵලය පෙන්වන්නම්. ඒ සදහා මෙයට යොදා ගත්ත පින්තූරයත් ඔබ සත් සමුදුරේම මීට පෙර පලවූ ලිපියක් වන ලෝකයේ යුද්ද වලදී වැඩියෙන්ම භාවිතා වූ හෙලිකොප්ටර් ලිපියේ තිබුන AH-1 Cobra කියන හෙලිකොප්ටරයේ පින්තූරයයි.

මෙන්න තියෙනවා මුල් පින්තූරය :

මුලින්ම අපිට Layer from Background ලේයරය සාදා ගන්න අවශ්‍යයි. ඒ සදහා File Menu එකේදී Layer  New  Layer from Background යෑමෙන් හෝ Background Layer මත Double Click කිරීමෙන් හැකියි. 

එවිට මේ Windows එක ලැබෙන් අතර එය  Ok කර ඉදිරියට යන්න.

දැන් Background ලෙස නම් වී තිබූ ලේයරය Layer 0 ලෙස නම්වී තිබෙන ඔබට දැක ගත හැකියි.

මීලගට හෙලිකොප්ටරය පමණක් ඉතිරිවන සේ පසුබිම ඉවත් කර ගැනීමට Magic Eraser Tool එක භාවිතා කරන්න අවශ්‍යවෙනවා. එය Photoshop Tool box එකේ Eraser Tool එකට යටින් සැඟවිලා ති‍යෙන්නේ. ඒක නිසා Eraser tool එක මතට Mouse Pointer එක ගෙනැල්ලා click කරගෙන සිටීමෙන් හෝ keyboard එකේ අකුර press කිරීමෙන් මෙම  Magic Eraser Tool එක ගන්න පුළුවන්. ඉන්පස්සේ image එකේ පසුබිම ඉවත් කර ගන්න අවශ්‍ය ස්ථාන වලට මෙම Tool එක Click කිරීමෙන් පහසුවෙන් පසුබිම එකම වර්ණය ඇති ස්ථාන ඉවත් කරගත හැකියි.

මේ තිබෙන්නේ එක් කොටසක් පමණක් ඉවත් කර ගත් පින්තූරය.

පින්තූරයේ පසුබිමේ ඉතිරි කොටසුත් අපට ඉතිරි ‍කර ගන්න අවශ්‍ය‍ කොටස් වලට හානි නොවන ලෙස මෙම Magic Eraser Tool එකෙන්ම ඉවත් කර ගන්න. මෙම Tool එකෙන් ඉවත් කර ගන්න නොහැකි කොටස් සාමාන්‍ය Eraser Tool එකෙන් ඉවත් කර ගන්න. එය පහසුවෙන් කර ගන්න පින්තූරය අවශ්‍ය ආකාරයට විශාලනය කර ගැනීමෙන් සිදුකරගත හැකි නිසා පින්තූරය විශාලනය කර ගැනීමට යතුරු පුව‍රුවේ  Ctrl සහ +භාවිතයෙන්ද නැවත කුඩා කර ගැනීමට අවශ්‍ය නම්  Ctrl සහ - යොදා ගෙනද සිදුකල හැකි අතර එයට අමතරව Navigator හරහා වුවද එය කර ගත හැකියි.

එසේම විශාලනය කල පින්තූ‍රය එහා මෙහා කිරීමට Hand Tool එක අවශ්‍ය වෙනවා. 

එය Keyboard එකේ භාවිතයෙන් හෝ Toolbar එකෙන්ම Select කර ගැනීම හෝ bar එක අවශ්‍ය අවස්ථාවේ Press කිරීමෙන් ලබා ගත හැකිය.

එසේම මෙම Eraser Tool දෙකම භාවිතයේදී ඔබට අවශ්‍ය පහසු ආකාරයේ Brush size එකක් තෝරාගන්නත් අමතක නොකරන්න.

මෙන්න මුළුමනින්ම පසුබිම ඉවත් කරගත් පින්තූරය :
දැන් මෙම අවශ්‍ය කොටස් පමණක් ලේයරකට ගැනීමට මුලින්ම  Lasso Tool එක තොරාගෙන අවශ්‍ය කොටස සලකුණු කර ගතයුතුයි. 

එම Lasso Tool එක keyboard එකේ L Press කිරීමෙන් හෝ Toolbar එකෙන්ම Select කර ගැනීම මගින් ලබා ගත හැකියි. 

මේ එලෙස Lasso tool එකෙන් සලකුණු කරගත් පින්තූරයයි.

දැන් මෙම සලකුනු කර ගත් කොටස ලේයරයකට ගැනීම කල යුතු අතර මෙවිට එය සිදු කරන්නේ Layer via cut ක්‍රමයටයි. එය සිදුකර ගැනීමට keyboard එකෙන්  Ctrl   Shift   J හෝ File Menu එකේදී Layer  New   Layer via cut  යෑමෙන් සිදුකර ගත හැකි අතර එවිට Layer 1 ලේයරය සෑදී ඇති බව දැක ගත හැකි අතර දැන් මුලින් අප තනා ගත්  Layer 0 ලේයරය පමණක් ඉවත් කරන්න. එය එම ලේයරය මතට ගොස් එය පහළින් දක්වා ඇති waste bucket එක වෙතට drag කර ගැනීමෙන් සිදුකර ගත හැකියි.

දැන් අවසානයට තිබෙන්නේ Create New fill වෙත ගොස් අවශ්‍ය වර්ණයෙන් පසුබිම Fill කර ගෑනීමයි.

දැන් ඔබට පෙනෙනු ඇත්තේ Fill කර ගත් වර්ණය පමණයි. හෙලිකොප්ටරය නොපෙනෙනු ඇත. එවිට ලේයර් පිහිටා ඇත්තේද මෙලෙසයි.

ඒ නිසා දැන් හෙලිකොප්ටරය මතුකර ඉහලට ගැනීමට මෙම රවුම් කර ඇති ‍ලේයරය Layer 1 ට පහළට Drag කරන්න.

එවිට ඔබට අවසාන ප්‍රතිළුලය ලැබේ.