Thursday, September 29, 2011

රූපවාහිනිය ගෙදරට හරියන්නේ නැතැයි කී විදුලි සංදේශ ක්‍ෂෙත්‍රයට සම්බන්ධ විද්‍යාඥයා කවුද? - 4

අපි මේ වෙනකොටත් ලෝකයේ සිටි අග්‍රගන්‍යයම විද්‍යාඥයෝ කිහිපදෙනෙකු ගැනම කතා කරල අවසන්. ඒ මීට පෙර පලවූ මෙම ලිපි ත්‍රිත්වයෙන්.

කාලෙකට ඉස්සර සුපිරි සොයා ගැනීම් වලට ලැබුන සුපිරි ප්‍රචාරය
විසිවන සියවසේ සුපිරිම විද්‍යාඥයා ගැන එදා දකින්නට ලැබුන පුවත් - 2
සුපිරි විද්‍යාඥ සමාජයේ තවත් සාමාජිකයෝ - 3
එහෙනම් තව නිර්මාපකයන් කිහිප දෙනෙකුම ගැන මෙම ලිපියෙනුත් කතාබහ කොට මේ දක්වා වූ මෙම කරුණට අදාල මාතෘකාව අවසන් කරන්නට බලාපොරොත්තුවෙනවා.

Guglielmo Marconi, මෙම නම ඇසූ සැනින් පාසල් යන දරුවාගේ පටන් මේ කවුරුන්දැයි කියා දනිවී. ගුවන්විදුලි සම්ප්‍රේෂණ ක්‍ෂෙත්‍රයේ දැවැන්තමයා නැතහොත් ගුවන් විදුලිය සොයාගත්තේ ඔහු බවට වචන දෙකක් නැහැ. හැබැයි මාර්කෝනිගේ මෙම බිහිකිරීම්වලට ඊට කලින් සිටි හෝ සමකාලීන විද්‍යාඥයන්ගේ සිද්ධාන්තයන්ද බෙහෙවින් ආධාරවූ බවත් කිවයුතුයි. කෙසේවෙතත් ඒවා හා තමන්ගේ න්‍යාඥයන් එකට කැටි කොට ඒවා වෙළඳපොල ආක්‍රමණය කිරීමට තරම් ආකර්ශනීය ලෙස නිපැයුවේ නම් මාර්කෝනි බවට සැකයක් නැහැ.

1874 දී ඉතාලියේ බොලොග්නා හිදී උපත ලැබූ මෙම අද්විතිය පුද්ගලයා 1909 දී භෞතික විද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාගය  Karl Ferdinand Braun සමග බෙදාහදා ගන්නට වරම් ලබන්නේ ඒ ඔවුන් දෙපල එක්ව රැහැන් රහිත පණිවිඩ යැ‍වීමේ ක්‍රම සංවර්ධනයට ලබා දුන් දායකත්වය වෙනුවෙනුයි.
Marconi watching associates raise kite antenna at St. John's, December 1901

ඒ වගේම ඔහු සතුව ති‍බුනේ අනාගතය පිළිබව සැහෙන්න නිවැරදි දැක්මක් හැබැයි ඇතැමි අවස්ථාවල නම් ඔහුගේ එම දැක්ම අනාගතය තුලදී උඩුයටිකුරු වූවා යැයි කීවත් වැරදි නැහැ. 1928 තරම් කාලය වන විට ඔහු පැවසූවේ අනාගතයේ සෑම මුහුදු යාත්‍රාවකම පාහේ  ඉතා දුරකට වුවත් ගුවන් විදුලි සංඥා නිකුත් කල හැකි උපකරණ සවි කරනු ලබන ඇති බවයි. තවද ඒවාට කාලගුණික තත්වය වෙනස් වීම හෝ පිහිටීහ වෙනස් වුවද ගුණාත්මකබාවයෙන් ඉහල සංඥා සම්ප්‍රේශනයේ හැකියාවෙන්ද යුක්ත බවයි. එය අද වන විට හොදින් සනාථවී ඇත.

එහෙත් මෙම විද්‍යාඥයාටත් වැරදුන තැනක් තිබුනි. ඔහු රූපවාහිනිය ගැන සුභවාදී අදහසක් නොදැරු අතර එය වෙළඳ භාණ්ඩයක් ලෙස නිවාසවල තිබෙනවාට වඩා නෘත්‍ය හෝ චිත්‍රපටි ශාලාවකට වඩාත් යෝග්‍ය බව පවසා ඇත. නමුත් එය නම් ඔහුට වැරදුන දෙයකි.

මෙම අමතක කල නොහැකි මිනිසා 1937 දී වයස 63 ක් වූ කල රෝමයෙදී මිය ගොස් ඇත්තේ හෘදයාබාදයකිනි.




6 comments:

  1. වටිනා ලිපියක් ... ස්තූතියි දිනේශ්.

    ReplyDelete
  2. Gugliegmo Marconi was an Italian inventor, and was (at first) credited with the invention of the radio, but he was later proven to have used 17 of Nikola Tesla's patents. In 1943, the radio patent by a vote by the United States Congress was reversed and given to Nikola Tesla.


    http://wiki.answers.com/Q/Who_invented_the_radio

    ReplyDelete
  3. @උදාර - ස්තූතියි! ඒත් මේ තියෙන්නේ මම බලාපොරොත්තුවුන ලිපිය නෙ‍මේ. අද කිසියම් තාක්‍ෂනික දෝශයක් හේතුවෙන් ලිපියේ මාතෘකාව සටහන් කල සැනෙන් ලිපිය පලවුනා. ඒ නිසා ටිකක් අවුල් සහගත බවක් තමයි තියෙන්නේ...

    ReplyDelete
  4. මටනම් හිතෙන්නේ.මෙතුමාගේ නිර්මාණය තමා ලෝකේ උඩු යටිකුරු කලේ... අද කාලේ බලන්ඩකෝ.. හැම දෙයක්ම වගේ තරංග වලින්නේ වැඩ කරන්නේ...
    තව ටිකක් විස්තර තිබුනානම් හොඳයි කියලා හිතෙනවා...

    ReplyDelete
  5. @Chandana Bandara Kulatunge - Today, I have faced some technical difficulties from blogger, and this is not the post which I have expected. At the start, I also wish to include more details about the Nikola Tesla in this post. Unfortunately, I couldn't be mentioned about him in this post, and I wish to write another post for fulfill that.

    ReplyDelete
  6. @Senna - ඔව් අද ලිපිය ටිකක් අවුල් වුනා. ඒ ගැන කමෙන්ටුවලත් සදහන් කලා. ඊලඟ ලිපියෙදී හැකිවුනොත් මඟහැරුන දේවලුත් දානවා...

    ReplyDelete