Tuesday, September 20, 2011

ඔබේ මුළුතැන්ගෙටත් මෙම උපකරණ සරිලන්නේදැයි සිතන්න... - Unusual Kitchen Stuff

අද පෙන්වන්න යන උපකරණ ඔබේ මුළුතැන්ගෙට ඇතැම් විට ගැලපෙන්නට පුළුවන්. හැබැයි මේවා සමහරක් නම් ප්‍රායෝගික ‍නොවන උපකරණ ගණයටත් වැටෙන්නට ඉඩනැතුවා නොවේ. ඇතැම් උපකරණ නම් ඉතා සරලව නිපදවා තිබෙන බවත් පෙනෙනවා. කොහොමවුනත් කාන්තා පාර්ශවය මේවාට කැමතිවූවත් පිරිමි පාර්ශවය නම් එතරම් මෙම උපකරණ වලට මනාපයක් නැතිවෙන්නටත් පුළුවන්. මොකද ඔවුන්ටනේ තමන්ගේ නෝනාවරුන් මේවාට කැමතිවුනොත් අරන්දෙන්නටත් වෙන්නේ. මම නම් හොද වෙලාවට ගැලවුනා මගේ නෝනා මේවා පෙන්වූවත් එතරම් හිතට ගත්තේ නැති නිසා. කොහොමවුනත් ඔබත් බලන්න ඔබට මේවා හරියැයිදැයි කියා.නැත්නම් තෑග්ගක් විදියට දෙන්නටවත්...





















මීට පෙරත් ප්‍රායෝගික නොවූ උපකරණ කිහිපයක් පෙන්නුවා. මෙන්න ඒ සබැදිය -

මෙම සොයා ගැනීම කීයෙන් කීදෙනාටද ප්‍රයෝජනවත්...



20 comments:

  1. උපකරණ නම් පට්ටයි. ඒත් ඕව ගිනි ගණන් ඇතිනේ.:( දැන් ඉතින් කාන්තා පාර්ශවේ ඕව දැකල ගෙදර මිනිහව මරාගෙන කන්න හදාවි ඕව ඕන කියල.:D

    ReplyDelete
  2. මම නම් කැමතිම සින්ක් එකට එල්ලලා පළතුරු හෝදන්න පුළුවන් කූඩෙට... හරිම අපූරු පෝස්ටුවක්..

    ReplyDelete
  3. නියමයි මේවා.ඇපල් පොතු අරින එක නම් හොදයි.අන්නාසි එකත් හොදයි.

    බඩ ඉරිගු එක අරගෙම ගැලෙව්වම කිසිම ගතියක් නෑ.කටෙන් හපලා කන එක තරම්.

    ReplyDelete
  4. මරු බඩු ටික

    ReplyDelete
  5. නියම බඩු ටිකක්නේ....

    ReplyDelete
  6. mama sathsamudurata nithra avith nihadawama apahu yanawa.ath ada mata hithuna liyanna.sathsamudura danuma sagarayak hadanna dagalana gagak.meka maha samudurak wena dawasatath mama wage nihada rasikayo godak oba samagae.obata jaya wewa.

    ReplyDelete
  7. අර දෙහි මිරිකන 1 කෙන් නම් ප්‍රරයෝජනයක් ගන්න පුලුවන් වගේ.....ඒකෙන් ටිකක් අපතේ යාම අඩු කර ගන්න පුලුවන් වගේ පේනවා , ලංකාවෙ සුපර් මාකට් වල නැති වෙන්න බැ

    ReplyDelete
  8. නියම බඩු ටිකක්නෙ.

    ReplyDelete
  9. මට නම් මෙතනින් එකක්වත් වැඩක් නෑ..කලින් එකේ නම් තිබ්බා ගොඩක් වටින එකක්..රත්ගමයගේ කමෙන්ට් එකකුත් තිබ්බෙ ඒකට නම්... මරු භාණ්ඩ ටිකක් අයියා...

    ReplyDelete
  10. මන් කල්පනා කරන්නේ අපේ එක්කෙනාට මේ පොස්ට් එක පෙන්වන්න . . ඕව ඒ තරම් විශාල ගණන් එව්වා වෙන්න බැහැ. චීන මාමල ඔයිට සමාන උපකරණ හදන නිසා .ඔය වගේ දෙහි මිරිකන එකක් අවුරුදු පහකට පමණ පෙර ඉන්දියාවෙන් ලැබුන . එහෙ ජනප්‍රිය උපකරණයක්. ඇපල් ගෙඩිය ලෙලි ගහන එක නෙමේ නේද වෙන්නේ මැද තියන කොටස අයින් කරන්න හැකිවීමයි වෙන්නේ . ඒක අපිට එච්චර වැඩක් නැහැ . අන්නාසි මැෂිම නම් ෂෝක්. හැබැයි කුස්සියේ බඩු වැඩි වුනහමත් මහා වදේ.

    ඔය ටි වී එකේ උයන අය ගාව නම් ඔව්ව තියෙනවා දැකලතියනවා .

    අතට දාන විල්ල වගේ එක හොඳයි . ඉරිඟු කරළ සුරන එකත් හොඳයි . එව්වා සරල නිසා මගේ සිත ගත්ත .

    ReplyDelete
  11. මෙවන් වෙනස් වෙනස් දෑ අපි ඉදිරියේ ගෙනත් තබන්නට ඔබ ගන්නා වෙහෙස අගය කරමි .

    ReplyDelete
  12. @Kasun - මම නම්‍ ‍හොදවෙලාවට බේරුනා...

    ReplyDelete
  13. @රූ.... - හැබැයි උත්සහකලොත් ඒක අපිට හදාගන්න බැරිකමකුත් නැහැ...

    ReplyDelete
  14. @නදී - ඔය ඉන්නේ මේ බඩු ගන්න කැමති අය. ebay එ‍කෙන් ගෙන්නලා විකුන්නත් පාඩු නැහැ වගේ...

    ReplyDelete
  15. @විසිතුරු | visituru, උදාර ,Praසන්ன - රූප විතරක් නොබලා මේවයෙන් එකක් දෙකක් ගත්තොත් නරකද?

    ReplyDelete
  16. @sameera - ඔව් මම හිතන්නේ ඒක නම් ලංකා‍වේ හොයාගන්න එක අමාරුවෙන එකක් නැහැ...

    ReplyDelete
  17. @රෙෂාන් Chathuranga - මම දන්නවා මල්ලි මොකටද කැමති කියලා...

    ReplyDelete
  18. @Anon - ස්තූතියි! හැකිවෙලාවට ඔබේ අදහසුත් දෙන්න. හැබැයි ඔබගේ සැබෑ අනන්‍යතාවය ඇතුව එය දෙනවානම් වඩාත් සතුටුයි...

    ReplyDelete
  19. @Bindi - ෂුවර් එකට අපේ එක්කෙනා මේ වගේ ලිපි වලට නම් කැමති වෙන එකක් නැහැ. මොකද පොකට් එකට එතරම් හිතකර වෙන්නේ නැහැනේ. හැබැයි මමත් අතට දාන විල්ල වගේ Gadget එකට නම් කැමතියි. මොකද මම හරි බයයි පිහියෙන් කපනකොට අතකැපෙයි කියලා...

    ReplyDelete
  20. @මහේෂ් නිශාන්ත - නරකද නෝනටත් මේ පින්තූර පෙන්නලා, මෙයින් එකක් දෙකක් අරන් දුන්නනම්...

    ReplyDelete