Showing posts with label සත්ත්ව ලෝකය. Show all posts
Showing posts with label සත්ත්ව ලෝකය. Show all posts

Friday, October 7, 2016

සතුට නොව කම්පනය ඇති කළ අශ්වයන්, බල්ලන්, පූසන්, එළදෙනුන් අතර සිදු වී ඇති විවාහයන් කිහිපයක් පිළිබදවයි (Shocking Human - Animal Relationships)

විවාහය කියන්නේ කෙනෙකුගේ දෙවැනි උපතයයි කතාවක් තිබේ. තවත් අතකින් ජීවිතාන්තය දක්වා හිරගෙදරට නියම වූවා යැයිද කෙනෙකුට කිව හැකිය. අළුතින් නෑසබඳකම් ඇතිවන හෝ ඇතැම්විට තිබෙන නෑදැකම්පවා ඇතිවීමට විවාහය හේතුවිය හැකිය. විවාහය පිළිබදව ඕනෑතරම් කාරණා කිවහැකිය. මේ ලිපිය ලියන්නට හේතුවූයේ විවාහය පිළිදව විවිද කතාකියන්නට නොව. ඇතැම්  පිරිමි හෝ ගැහැණුන්, ගැහැණියක හෝ පිරිමියක කසාද බැදීමක් නොව සතුන් කසාද බැඳි අවස්ථාද තිබෙන බව කියන්නටයි. ඇතැම් විට ඔබ හිතනවා ඇති මෙහෙම දේවල් තවමත් වෙනවානම් වෙනවා ඇත්තේ අදුරු මහද්වීපය යයි සැලකුන අප්‍රිකාවේ, තවමත් බාහිර ලෝකය සමග සමබන්ධතා නැති ඇමසන් වනාන්තරය තුළ ජීවත්වන ගෝත්‍රික ආදීවාසින් අතර හෝ හැමදාමත් විවිදාකාරයේ දේවල් සම්බන්ධයෙන් නම් දරා ඇති ඉන්දියාවේ විතරක් වන්නට ඇති කියයි. නැහැ. ලෝකයේ දියුණු යයි සම්මත රටවලද අදටත් මේ වගේ කාරණා තවමත් සිදුවෙනවා. 

එක් අයෙකු කාන්තාවන්ට වඩා අශ්වයෙකුට හෝ පෝනියෙකුට ආදරයෙන් බැදෙද්දී, තවත් අයෙකු බළලෙකුට හෝ බල්ලෙකු හෝ බැල්ලියකට ආදරයෙන් බැදේ. තවත් අයෙකු මනුෂ්‍ය වර්ගයාට අයත් නොවන තවත් සතෙකුටය. මෙවන් කාරණා රැසක් ලෝකය පුරා තවමත් සිදුවෙන බව පැවසෙන අතර මේ එයින් ඉතා සුළු අවස්ථා කිහිපයක් පමණි.

මේ වගේ අසාමාන්‍ය විවාහයන් පිළිබදව ලිපියක් කාලයකට ඉස්සර ලියුවා ඒ තමයි - බෝනික්කන් කසාද බැඳි මිනිසුන්

අද ලියුව අනිත් ලිපිය - දත්බෙහෙත්, දත් බුරුසු සමග මදුරු කොයිල්

Tuesday, December 18, 2012

වර්ණවත් ජීවිතයක හිමිකරුවෝ...

සත්ත්ව ලෝකයේ වර්ණවත් ජීවිතයකට හිමිකරුවන් ලෙස ගෞරවය දිනා ගනු ලබන්නේ අහස්තලයේ ආධිපත්‍යය සතු කර ගෙන ඇති සියොත් කැළ මිස වෙන කවුරුන්ද? ඔබ කුරුල්ලන්ගේ පින්තූර ඕනෑ තරම් දැක ඇති ඒත් තවපාරක් මෙම ඇස් ඇද ගන්නා වර්ණ හිමියන්ගේ පින්තූර බලනවාට ඔබගේ ඇසුත් ප්‍රියකරාවි. කියන්නට දෙයක් නැහැ. මේ අලංකාර ජීවීන් දිහා ඇහින් බලනවා ඇරෙන්නට.



 
 
 
 

 
 





Tuesday, February 8, 2011

Mastiff බළු තඩියා

මෙයා තමයි Mastiff'. බළු තඩියා කිව්වෙ නම් තරහට නෙමේ. මොකද මෙය වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම සුනඛ ලෝකයේ දේහදාරියෙක්.
පේනවනේ මූනේ සැර. මෙයා ඇත්තෙන්ම බොහොම ක්‍රියාශීලී බළු වර්ගයක් තමයි. හැබැයි සැර වුනාට ස්වාමියට නම් ඉතා කීකරු වැදගත් විදියට හැසිරෙන හොද සතෙක් කියල තමයි හැමතැනම කියන්නේ. මෙයා හොද ඉතිහාසයක් තියෙන පරම්පරාවක එක්කෙනෙක්. කොච්චර පරණද කියනවනම් ක්‍රි.පූ. 3000 කට එහාදි ඇදපු මෙයගේ රූපත් තියෙනවළු ඊජිප්තුවේ. ඒ එක්කම සීසර්ගේ හමුදාවේ සේවයටත් මෙයා යොදවල තිබුන කියල ආඩම්බරයෙන් කියන්න පුළුවන්. ඒවගේම ක්‍රි.පූ. 2000 වගේ කාලෙදී එංගලන්ත රටෙත් මෙයාල වාසය කල බවට තොරතුරු හමුවෙනවා. එංගලන්තෙදී මෙයාල ඒ කාලේ හදුන්වල තියෙන්නේ Old English mastiff කියලයි.

ඒවගේම රෝමයේ කොලෝසියම වගේ තැන් වල තිබුන සංදර්ශනවල මෙයා සුරුවිරුකම්පාලා තියෙන්නේ තවත් සුනඛයොන්ටම පමණක් එරෙහිව නෙවේ, ඒ වලස්සුන්ට, කොටින්ට, සිංහයන්ට, හරක් සමග මෙන්ම ග්ලැඩියේටර්ල එක්කත් හරි හරියට පොර බදල තියෙනවා. එහිදී විතරක් නෙවෙයි සුදු මහත්තුරුන්ගේ එංගලන්තෙදිත් ඔය බළු පොර වගේම වලස් පොර වගේ ඒවටත් සහභාගීවෙලා කප් ගහල තියෙනබව තමයි ආරංචිය.

ඊට අමතරව Mastiff' ගොවිබිම් සහ නිවාස වෘකයන් සහ වෙනත් වන සතුන්ගෙන් ආරක්‍ෂාවට යොදවා ගෙන තිබෙන අමතරව, වර්තමාන‍යේ නිවාස ආරක්‍ෂාවට හා සුරතලෙකු ලෙසත් ඇතිදැඩි කරනවා.

Mastiff' උස මහත කෙනෙක් කියල මුලින් කිව්ව වගේම උස හරියටම නොකිවුවොත් අඩුවක්නේ, උස පිරිමි සතාගේ අඟල් 30 ක් විතරත්, ගැහැණු සතාගේ උස අඟල් 27 ක් විතර වැඩෙන බව තමයි කියන්නේ.බර ගත්තොත් කිලෝ ග්‍රෑම් 70 ක් 84 ක් අතර ප්‍රමානයක් මෙයාගේ වෙන එකත් කියන්න ඕන.හිස විශාල වගේම පළල් එකක්. කන් දෙකත් කඩා හැලෙමින් තමයි තියෙන්නේ. ඒවගේම බෙල්ල සහ පාදත් හොද ශක්තිමත්බව මෙයාව දැක්ක ගමන්ම පේනවනේ.

මෙයාගේ විශාලකම වැඩි නිසාම සමහරවිට මෙයා කුඩා දරුවන් සිටින ‍ගෙවල් වල ඇති දැඩි කරන්න පුළුවන්ද කියල ගැටළුවක් පැන නගීවි. මෙන්න ඒකෙදි නම් කියන්නේ කුඩා දරුවත් සමගම කුඩා Mastiff පැටියෙකුත් සමගාමීව හැදෙනව නම් දෙන්න අතරේ යහළුකම ඇතිවෙනව වගේම දෙන්නට දෙන්න හිංසා කරගන්නෙ නැති බවයි. ලොකු Mastiff කෙනෙක් වුනත් පොඩි දරුවත් එක්ක තියන්න බැරි නැහැ. මොකද මෙයා ස්වාමියාට හොදින් ආදරය කරන ලැදි සතෙක් නිසා. නමුත් කුඩා දරුවන් මේ සතාට තදින් කතා කරනව හරි, ඔහුට යමකින් පහර දීමක් හරි කිරීමෙන් මෙයා කෝපයට පත් වුනොත් ටිකක් බැරෑරුම් තත්වයක් පැන නගීදෝ යන සැකය නිසා ටිකක් කල්පනාකාරීවෙන එක හොද බවයි මෙය ගැන හොදට දන්න කියන අය කියන්නේ.

කො‍හොමත් මෙය විශාල නිසා මෙයාව හදන්න කියන්නේ ටිකක් විශාල වත්තක හෝ පිටිසර බද පලාතක තමයි. මෙයට ටිකක් ව්‍යයාම එහෙමත් දෙන්න වෙනවා. Mastiff අපේ රටේ නම් ටිකක් අඩුයි. මිල එහෙමත් වැඩි ඇති.

Mastiff  ගැන එහෙනම් මෙතනින් නවත්වන්නම්. හැකියාවක් තිබුනොත් තව අපේ පැරණිම මිත්‍රයාගේ තවත් කෙනෙක් ගැන ඉදිරියේදිත් කතා කරන්නම්.

කලින් කතා කරපු දඩෝරියන් ගැන බලන්න මෙන්න මේ දැක්වෙන ඒ ගොල්ලන්ගේ නම් උඩම Click කරන්න
Pit Bull
Bloodhound

Monday, February 7, 2011

Bloodhound !!!!@@@@*****

මේක දාන්න හිතුනේ Pit Bull ගැන ලියුව වෙලාවේ සුනඛ ශාපය ගැනත් ටිකක් කතාවුන නිසා. මේ The Hound of the Baskervilles කතාව මුලින්ම මට කියවන්න ලැබුනේ මම 10 වසරේ ඉන්න කොට. හැබැයි ඒකේ නම වුනේ “රුදුරු බළුව”. ඒක නම් පොඩි පොතක්. මම හිතන්නේ මුල් කතාව කෙටි කරල පරිවර්තනය කරල. දැන්නම් සුනඛ ශාපය සහ වෙනත් නම් වලිනුත් මෙම කතාව පරිවර්තනය කරල තියෙනවා. ඒ කතා‍වේ ප්‍රධාන චරිතය ෂර්ලොක් හෝල්ම්ස් වුනාට වැඩි ආකර්ශනය නම් තිබුනේ මම හිතන්නේ කතාවේ දූෂ්ඨ චරිතයක් වෙච්ච බල්ලට තමයි. පොතේ අන්තිමට තිබුන විදියට ඒ විශාල බල්ලා මුළුමනින්ම Bloodhound කියන වර්ගය හෝ තවත් විශාල බල්ලෝ වර්ගයක් වන Mastiff කියන වර්ගයවත් නොවේ. ඒ දෙවර්ගයේම දෙමුහුන් බල්ලෙක් බවයි. 


ඔන්න ඉතින් මම මේක ගෙතුව දෙයක් කියල සැකයක් ඇති වෙයි කියල වොට්සන් දොස්තර මහත්තයා කියන විදියටම බලමු, In mere size and strength it was a terrible creature which was lying stretched before us. It was not a pure bloodhound and it was not a pure mastiff; but it appeared to be a combination of the two—gaunt, savage, and as large as a small lioness.

මෙන්න මේ හාදයා තමයි Bloodhound. හැබැයි මේ පේන සුරතල් ගතිය අපි කියවපු පොතේ හිටිය දඩෝරියට නම් තිබුන බවක් සදහන් වුනේ නැහැ.

Bloodhound ගැන පොඩ්ඩක් විස්තර කරනව නම්, මෙයා ශක්තිසම්පන්න, විශාල දඩයම් බල්ලෙක්. ශරීරයට සාපේක්‍ෂව දිග පටු හිසක් තමයි තියෙන්නේ. මෙයාගේ හමත් ටිකක් රැලි වැටුන කෙටි ලෝම සහිත එකක් කියල තමයි කියන්නේ. 
ඒවගේම Bloodhound කියන්නේ ස්වාමියාට ඉතා කීකරු, කරුණාවන්ත, ඉවසීම තියෙන,සෞම්‍ය ගතිපැවතුම් තියෙන හොද ආදරණීය සුරතලෙක්. කුඩා දරුවන්ටත් ඉතා ආදරෙයිළු. ඒ එක්කම කුඩා දරුවන් සමග ගැවසෙන්නත් ප්‍රියතාවයක් දක්වනවාළු.කොටින්ම තමන්ගේ පිටේ දරුවන් නැගල හිටියත් අමනාපයක් නැති බව තමයි කියන්නේ.

මේ ශක්තිසම්පන්න සුරතලා ගැටවර කාලේදී නම් ටිකක් නාහෙට අහන්නේ නැති මුරණ්ඩු ගතියකුත් පෙන්වනවාළු. හැබැයි බොහොම ක්‍රමාණුකූල, හැබැයි සැරවැර නොකර පුහුණුකලොත් යහමඟට ගන්න එක අමාරුවක් නැතිබවත් කියනවා. දැන් මෙයා අළුත් ස්වාමියෙක් ගාවට යනව නම් එම ස්වාමියා ඉවසිලිවන්ත ලෙස සංයමයෙන් යුතුව මෙයාව තමන් වෙත නතු කර ගන්න ඕන බවත් කියන අතරම හැබැයි ස්වාමියා නිවටයි කියල මෙයාට හැගුනොත් නම් මෙයා නම්ම ගන්න අමාරුබවත් මෙයාගේ පැටිකිරිය ගැන කියද්දි බළු විශේෂඥයන් කියනවා.

ඒ එක්කම මෙයව දිනපතා ටිකක් ඇවිද්දන ඕන. මොකද මෙයට හොද ශාරීරික හා මානසික ව්‍යායාම නොදුන්නොත් පාලනය කර ගැනීම අපහසුවෙනවළු. 


මෙයා ස්වාමියාට ලැදියි වගේම සමහර අය පිට අයත් එක්කත් මිතුරු සමාගම් තියාගන්න අකමැත්තක් නැහැළු. හැබැයි සමහරු නම් ගෙදර අයට මිසක් පිට අය එක්ක ගණුදෙනුවලට යන්න ඒ හැටි මනාපයක් නැති බවත් කියන අතරම ඔවුන් ස්වාමියා ගෙදර නැති අවස්ථාවල ගෙදර බලා කියා ගැනීමෙන් හොද සේවයකුත් ඉෂ්ටසිද්ද කරල දෙන බවත් නොරහසක්. හැබැයි මේ ගොල්ල හැමෝම වගේ පාරේ තොටේ ඇවිදගෙන යද්දිනම් කා එක්කත් බොහොම සමාදානයෙන් සුහදශීලී ලෙස හැසිරෙනබවත් නොකියාම බැහැ. ඒවගේම ගෙදර ඇති කරන වෙනත් වර්ගයක බළු යාළුවන් සමග හා වෙනත් සතුන් වන පූසන් වගේ යාළු සත්තුත් එක්කත් කාකොටාගන්නේ නැතුව ඉන්න හිටින හැටිත් හොදින් දන්න බවත් නොසගවාම කියන්න ඕන.

ඒවගේම විශේෂයෙන් කියන්න ඕන මේ අයට පිහිටල තියෙන ඉව නම් ඉතා ඉහලයිළු. ඒක නිසාම ලෝකයේ බොහෝ රටවල ආරක්‍ෂක අංශ අපරාධකාරයන් සෙවීමට සහ ආපදා තත්වවලදී ගලවාගැනීමේ මෙහෙයුම් සදහා මෙයාගේ සේවය තවදුරටත් ලබා ගන්නවා.  මෙයාට කොච්චර තත්වයක් තියෙනවද කියතොත් මෙයා හොයල දෙන සාක්‍ෂි පිළිගන්න නීතී ක්‍ෂෙත්‍රයත් නොපැකිලෙන බවත් කියන්න ඕන. 


ඒවගේම සෑහෙන දුරකින් මෙයාව ගිහිල්ල දාලා පැය 100 කට වඩා ගතවුනත්,  ඉව ඔස්සේ මුලින් සිටිය තැනට යන එක මෙයාට එච්චර දෙයක් ‍නොවෙයිළු. හැබැයි මොනව වුනත් මෙයාව වැටකින් ආවරණය නොකරපු තැනක වැඩි වෙලාවක් තිබ්බොත් නම් ඉතින් ඇල්ලිලි බොරු තමයි කියලත් කියනවා. මොකද හිතෙන හිතෙන තැන ඇවිදිනවළු.

මේ බළු යාළුවගේ උස බර නොකිවුවොත් අඩුවක්නේ. මෙන්න ඒ විස්තර. පිරිමි සතාගේ උස අඟල් 25 ක් 27 ක් විතරත්, මෙයාගේ ස්ත්‍රී පාර්ශවයේ කෙනෙකුගේ උස අඟල් 23 ක් 25 ක් විතරත්, බර  පිරිමි සතාගේ  කිලෝ ග්‍රෑම් 41 ක් 50 ක් වෙනකොට මෙයාගේ සහකාරියගේ බර කිලෝ ග්‍රෑම් 36 ක් 45 විතර දල වශයෙන් වෙන එකත් කියන්න ඕන‍. හමේ පාටත් කළු, ටෑන් සහ තව පාට කිහිපයක් තියෙන අතරම කලාතුරකින් සුදු පාට මුහු වෙච්ච අයත් සිටිනවා.

මෙයාට ලෙඩ රෝගත් නැත්තෙම නැහැ. ඔය බ‍ඩ පිපෙන එක, බඩ තදවෙන එක කොරවෙලා වගේ, කන් වල ආබාද, ඇහි පිහාටුවල සහ උකුලේ ආබාද, අස්ථිවල වගේ තව ටිකක් ලෙඩ තියෙනබවත් කණගාටුවෙන් වුනත් කියන්න ඕන.

Bloodhound ව ඉතින් හදන්න හොදයි කියන්නේ නම් වත්තක වගේ එළිමහනක තමයි. හැබැයි හොද ව්‍යයාම දෙන්න හැකිනම් නිවාස ආශ්‍රිතවත් ඇති දැඩි කරන්න පුළුවන් බව කියනවා. කොහොමත් මෙයාගේ මාංශපේශි, අස්ථි සහ අස්ථි සම්බන්ධක ශක්තිමත්ව වර්ධවය වෙන්න දෛනිකනව ගොඩක් ඇවිද්දල ව්‍යයාම දෙන්න කියන එක නම් අවධාරණය කරනවා. 


ආයු කාලය නම් ඉතින් වසර 10 ක් හෝ 12 ක් තමයි. සුනඛ මව වරකට පැටවුන් 8 ක් හෝ 10 ක් අතරේ සාමාන්‍යයෙන් ප්‍රසූත කරන අතරම සමහර අවස්තාවල පැටවුන් 15 කගේ පමණ ආඩම්බර සුනඛ මවුවරුත් සිටිනවාළු.

මම ඉතින් මේ විස්තර ගත්තේ නම් මගේ හොදම මිතුරෙකු වන අන්තර්ජාලයෙන් තමයි. 
මම ඔන්න මුල් ලිපියේ පදිංචියත් මේ එක්කම දානව. http://www.dogbreedinfo.com/bloodhound.htm
ඒවගේම ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් මහත්තයාගේ The Hound of the Baskervilles කතාව ගැනත් කියපු නිසා ඒ කතාව කියවන්න පුළුවන් තැනත් මේ එක්කම දානව. http://etext.virginia.edu/toc/modeng/public/DoyHoun.html 

මෙයා අපේ රටේ එතරම් ඇති නොකරත් ලෝකයේ සෑහෙන ප්‍රසිද්ධියක් තියෙන කෙනෙක්. මෙයාගේ ඡායාරූපවගේම හොද ලස්සන ඇදපු පින්තූර කිහිපයකුත් ලැබුනා. ඒවත් එක්කම මේ ලිපිය අවසන් කරන්නම්.


පුළුවන් වුනොත් Mastiff බළු තඩියා ගැනත් ඉදිරියේදී ලියන්නම්.