ඉන්දියාව, ලෝකයේ දෙවන ස්ථානයට වැඩිම ජනගහනයක් ඇති මෙන්ම ලෝකයේ වැඩිම විවිදත්වයක් තිබෙන මහා දේශයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. සමස්ථ දකුණු ආසියාවේ හැඩගැසීමට ඉන්දියාවෙන් ලද ආභාෂය, බලපෑම, උදව් උපකාර යනාදිය අප්‍රමාණයි. ලෝකයේ සිව්වැනියට විශාලතම හමුදාවටද උරුම කියන ඉන්දියාව දැන් තරමක් භූමි ප්‍රමාණය අඩුව තිබුනත් අතීතයේ පකිස්ථානය, බංගලිදේශය වැනි රටවල් පවා ඉන්දියාවේ භූමිභාගයේම කොටස් ලෙස පැවතුන බවත් කිවයුතුයි.
අපගේ ලඟම අසල්වැසියා සේම, ලඟම මිතුරා සේම අපේ රටේ සංස්කෘතිය, ජාතිය, ආගම, දේශපාලනය, සාමාජීය වටිනාකම් යනාදිය ගොඩනගා ගැනීමට ඉන්දියාව තරම් බලපෑ වෙනත් රටක් ලෝකයේ කිසිදු තැනක නැති බව බය නැතිව කිව හැකියි. අපේ රටට කරදරයක් වූ විට කිහිප විටකම පළමුවෙන්ම ඉදිරිපත්වූ රට ලෙසද ඉන්දියාවට හිමි වන්නේ අද්විතීය ස්ථානයක් දැන් තරමක් සබදතා පළුදු වී හා 80 දශකයේ මුල් භාගයේ බෙදුම්වාදීන්ට ලබා දුන් සහය නිසා පළුදු වී තිබුනත් බෙදුම්වාදීන්ට මුළුමනින්ම සිය අභිමතාර්ථයන් කරා ලගා වීමට නොහැකිවූයේද ඉන්දියාව අප වෙනුවෙන් පෙනී සිටි බවත් අමතක කළ නොහැකියි.
වැඩිමහළු සහෝදරයකුසේ ඇතැම් විට තරමක් "තරවටු" කරන්නටද පසුබට නොවූ ඉන්දියාව අවස්ථා දෙකකදී තමන්ගේ භාරත පුත්‍රයන් දෙදෙනෙකුගේ ජිවිතයට දැනෙන්නට අපේ රටේදී සිදුවුන සිදුවීම් දෙකකදී ක්‍රියාකළ ආකාරයත් ඉතා පරිණත හා ප්‍රශංසනීය බව විශේෂයෙන්ම මතක් කළ යුතුයි. 1987 දී අත්සන් කරනා ලද ඉන්දු-ලංකා සාම ගිවිසුම අවස්ථාවේ එවකට ඉන්දියානු අගමැති රාජිව් ගාන්ධි මහතාට පහර දීමත්, දැනට වසර කිහිපයකට පෙර ඉන්දියානු සුපිරි නළු සහ ඉතා හොද මනුශ්‍යයකු වන ශාරුක් ඛාන් රංගන ශිල්පියාගේ ප්‍රසංගයකට අන්තවාදී ආගම්වාදීන් පිරිසක් විසින් එල්ල කළ බෝම්බ ප්‍රහාර වලින් පසුව එම ඉලක්ක ගතවූ මිනිසුන් දෙදෙනා මෙන්ම ඉන්දියානු රජය ක්‍රියාකළ ආකාරය නැවතත් ප්‍රශංසාත්මකව මතක් කළ යුතුමය.
විවිද ජනවර්ග වලින්, ආගම් වලින් සමන්විත වූවත් ඉන්දියාවේ ආධිපත්‍ය හා බහුතර ජනසංඛ්‍යාවක් සමන්විත වන්නේ හින්දුන් ගෙනි. එය ප්‍රතිශතයක් ලෙස සමස්ථ ජනතාවගෙන් 80.5% කි. 1947 දී ඉන්දියාව සහ පකිස්ථානය ලෙස දෙකට බෙදී ගියත් ඉන්දියාව තුලද සමස්ථ ලෝක මුස්ලිම් ජනගහනයෙන් 10.9% ක ප්‍රමාණයක් ජීවත්වන අතර මුස්ලිම් නොවන රටවල ජීවත්වන මුස්ලිම් ජනතාව තෙවන ස්ථානයට වැඩියෙන්ම ජීවත්වන රටද ඉන්දියාවයි. එසේම ඉන්දියානු ජනගහනයෙන් 13.4%-14% අතර ප්‍රමාණයක් මුස්ලිම් ජනතාව බවද පැවසේ.
දැවැන්ත හින්දු ජනගහනයක් සිටියද මුස්ලිම් ජාතිකයන් අතරින්ද ඉන්දියාවේ නම රැන්දීමට සමත් කම් දැක්වූ මිනිසුන් රැසක්ද සිටිබව සහ තවමත් සිටිනා බව පැවසිය යුතුය. දේශපාලනය, කලාව, ව්‍යාපාරික ක්‍ෂෙත්‍රය මෙන්ම තවත් ක්‍ෂෙත්‍ර ගණනාවක තම නම මෙන්ම දක්‍ෂතාවයද පෙන්වූ මුස්ලිම් ජාතික භාරත පුත්‍රයන් රැසක් භාරත මාතාවට හිමි බව ඇයට ආඩම්බරයෙන් ආවර්ජනය කළ හැකිවේ. ඒ අතරන් අප දන්නා කියන කිහිප දෙනෙකු පිළිබදව සුළුවෙන් කතා කරමු.
Dr. Avul Pakir Jainulabdeen Abdul Kalam හෙවත් ඔබ අප දන්නා ආචාර්ය අබ්දුල් කලාම් මහතා භාරත පුත්‍රයකුට යා හැකි ඉහළම තැනට ගිය පුද්ගලයා ලෙස පැවසුවත් වරදක් නැහැ.
වරක් ලෝකයම හෙල්ලුම් කෑ ඉන්දියානු න්‍යෂ්ඨික ව්‍යාපාරයේ ප්‍රධාතම විද්‍යාඥයා සහ ඉන්දියානු න්‍යෂ්ඨික විද්‍යාවේ පියා ලෙසද විරුදාවලිය ලත් මෙම විද්වත් මිනිසා එරට ආරක්‍ෂක පර්යේෂන ආයතනයේ මෙන්ම ඉන්දියානු අභ්‍යවකාශ ව්‍යාපාරයේද ප්‍රධානතම කාර්යභාරයක් කළ පුද්ගලයෙක්. මෙවන් මහඟු කාර්යභාරයකින් අනතුරුව ඔහුට ලැබුනේ සමස්ථ භාරතයේ ගෞරවනීයතම තනතුරයි. ඒ ඉන්දියානු ජනාධිපති ධූරයයි. එරට 11 වන ජනාධිපතිවරයා ලෙස 2002 සිට 2007 දක්වා සේවය කළ මෙම සරළ මිනිසාට හින්දු- මුස්ලිම් ජාතිවාදයේ ගිනිපුපුරු සැගව සිට හිටි හැටියේම ලැව්ගින්නක් මෙන් ඇවිලෙන ඉන්දියා නම් දැවැන්ත රාජ්‍යයේ සුක්කානම අතට ගැනීමට බාධාවක් නොවීය. ඉන්දියානු රජය විසින් ලබා දෙන ඉහළම ගෞරවනීය සම්මානය වන භාරත් රත්න සම්මානයද හිමිකරගැනීමට 1997 දී කලාම් මහතා සමත්විය.
http://en.wikipedia.org/wiki/A._P._J._Abdul_Kalamවරක් ලෝකයම හෙල්ලුම් කෑ ඉන්දියානු න්‍යෂ්ඨික ව්‍යාපාරයේ ප්‍රධාතම විද්‍යාඥයා සහ ඉන්දියානු න්‍යෂ්ඨික විද්‍යාවේ පියා ලෙසද විරුදාවලිය ලත් මෙම විද්වත් මිනිසා එරට ආරක්‍ෂක පර්යේෂන ආයතනයේ මෙන්ම ඉන්දියානු අභ්‍යවකාශ ව්‍යාපාරයේද ප්‍රධානතම කාර්යභාරයක් කළ පුද්ගලයෙක්. මෙවන් මහඟු කාර්යභාරයකින් අනතුරුව ඔහුට ලැබුනේ සමස්ථ භාරතයේ ගෞරවනීයතම තනතුරයි. ඒ ඉන්දියානු ජනාධිපති ධූරයයි. එරට 11 වන ජනාධිපතිවරයා ලෙස 2002 සිට 2007 දක්වා සේවය කළ මෙම සරළ මිනිසාට හින්දු- මුස්ලිම් ජාතිවාදයේ ගිනිපුපුරු සැගව සිට හිටි හැටියේම ලැව්ගින්නක් මෙන් ඇවිලෙන ඉන්දියා නම් දැවැන්ත රාජ්‍යයේ සුක්කානම අතට ගැනීමට බාධාවක් නොවීය. ඉන්දියානු රජය විසින් ලබා දෙන ඉහළම ගෞරවනීය සම්මානය වන භාරත් රත්න සම්මානයද හිමිකරගැනීමට 1997 දී කලාම් මහතා සමත්විය.
(ඉන්දියාවේ පළමුවෙන්ම ගෞරවනීය සම්මානය භාරත් රත්න වන අතර දෙවන ස්ථානය පද්ම විභූෂන් වේ. පද්ම භූෂන් සම්මානය පසු සිව්වැනිස්ථානයට ලැබෙන ගෞරවනීය සම්මානය වන්නේ පද්ම ශ්‍රී සම්මානයයි.)
http://en.wikipedia.org/wiki/Bharat_Ratnahttp://en.wikipedia.org/wiki/Padma_Vibhushan
http://en.wikipedia.org/wiki/Padma_Bhushan
http://en.wikipedia.org/wiki/Padma_Shri

වසර 55 ක් වැනි කෙටි ජීවිත කාලයකට උරුම කිවුවද ඉන්දියානු සිනමාව තුළ පසුබිම් සංගීතයේ Mohammad Rafi යනු ලංකාවේ එච්.ආර්.ජෝතිපාල ගායන ශිල්පියා අත්පත් කරගත් ස්ථානය ඉන්දියාවේදී අත්පත් කරගෙන සිටි ගායන ශිල්පියා ලෙස පැවසුවත් වරදක් නැහැ.
Mohammad Rafi අපේ කාලයේ ගායකයෙකු නොවූවත් ඔහු සිය හඩ ලබා දුන් ගීත සදා වින්දනාත්මක බවෙන් යුතු බවත් කිව යුතුමයි. එසේම සිය සිනමා පසුබිම් ගායනය වෙනුවෙන් 6 වරක්ම Filmfare සම්මානය ලැබීමටද වාසනාවන්ත විය.
http://en.wikipedia.org/wiki/Mohammed_RafiMohammad Rafi අපේ කාලයේ ගායකයෙකු නොවූවත් ඔහු සිය හඩ ලබා දුන් ගීත සදා වින්දනාත්මක බවෙන් යුතු බවත් කිව යුතුමයි. එසේම සිය සිනමා පසුබිම් ගායනය වෙනුවෙන් 6 වරක්ම Filmfare සම්මානය ලැබීමටද වාසනාවන්ත විය.
Muhammed Yusuf Khan මේ නම ඔබට නුහුරු වූවත් ඔබ දන්නා මධුමතී චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපෑ Dilip Kumar කියන නම නම් ඔබට නුහුරුවෙන්න විදියක් නැහැ. සිනමාවේදී Dilip Kumar ලෙස හැදින්වූවත් ඔහු උපතින් මුස්ලිම් ජාතිකයෙක්. ඉපදී තිබෙන්නේ දැන් පකිස්ථානයට අයත්වූවත් ඒ අවධියේ බ්‍රිතාන්‍යට අයත් ඉන්දියාවේ නගරයක් වන පේෂාවර් හිදීයි.දශක 6 ක් පුරා සිය දායකත්වය ඉන්දියානු සිනමාවට ලබා දුන් සහ 1954 සිට අටවරක් Filmfare සම්මානය හොදම නළුවා ලෙස ඉන්දියානු සිනමාව වෙනුවෙන් ලබා ගත් මෙම රංගන ශිල්පියාගේ වාර්තාව සම කළ හැකිවූයේ තවත් Khan කෙනෙකුට පමණයි. ඒ මෙම ලිපියේ පසුව කතා කරන "King Khan" වන ශාරුක් ඛාන් හට පමණකි. එසේම ඉන්දියානු රජය විසින් සිවිල් වැසියකුට ලබා දෙන තෙවන ස්ථානය දරන ගෞරවනීයම සම්මානය වන "පද්ම භූෂන්" සම්මානයද හිමිකර ගැනීමට තරම් මෙම වියපත් සිනමා ශිල්පියා සමත් වූ බවද පවසමි.
"King Khan" හෙවත් ශාරුක් ඛාන් ගැන කතා නොකර මෙම ලිපියේ ඉදිරියට යෑම දැන්නම් කළ නොහැකියි. ඉන්දියානු හින්දි සිනමාවේ නළුවන් අතර වසර ගණනාවක් පුරාම පළමු වැනි ස්ථානයේ වැජබෙන මෙම ප්‍රසන්න මිනිසා ආර්ථික විද්‍යාව පිළිබදව උපාධිදාරියෙකුද වනවා. ඉන්දියානු රජය විසින් පිරිනැමූ "පද්ම ශ්‍රී" සම්මානයේද හිමිකරුවෙකු වන මෙම කලා ශිල්පියේ ඉන්දියාවෙන් බැහැරවද ලෝකයේ ලොකුම සිනමා තරුවක් ලෙස වර්ණ ගැන්වීමට සාමාර්ථයක් දැක්වූවෙක්.
ලංකාවේ පැවති ඔහුගේ සංදර්ශනයකදී ලංකාවට තවත් කළු පැල්ලමක් අවාසනාවන්ත ආකාරයට එක්කරමින් බෝම්බ ප්‍රහාරයට ලක්වූවත් හොද මිනිසුන් සමග දෙවියන්ද සිටිනා බව පසක් කරමින් ඔහුගේ ජීවිතයට කිසිදු අනතුරක් සිදුනොවූවත්, ඒ වෙනුවෙන් කොමිෂන් පිහිටුවා බෝම්බ ගැසූ අය සෙවීමට හෝ ඉන්දියානු රජය මෙහෙයවා ලංකාවට එරෙහිව ක්‍රියා කිරීමට කිසිදු අවස්ථාවක උත්සහ නොදැරූ මෙම මිනිසා එය ඉතා සැහැල්ලුවෙන් අමතක කිරීම සමාව දීම දේව ගතියක් බව ආදර්ශවත් ලෙස පෙන්වීමටද හැකියාව තිබූ බව අවිවාදයෙන්ම කිව යුතුය. එසේම ඉතාම මැතකදී ඇමරිකාවේ විශිෂ්ඨතම විශ්ව විද්‍යාලයක් වන හාවඩ් විශ්වවිද්‍යාලයේ ආරාධනයෙනම් එහි දේශනකට ඇමරිකාවට පා තැබූ අවස්ථාවේ පැයකට වැඩි කාලයක් ප්‍රශ්න කිරීමට ලක්වීමෙන් පසුව පවා සැහැල්ලු ලෙස එය ඉවසිලිවන්ත ලෙස විදදරා ගැනීම කෙසේ විස්තර කරන්නැදැයි නොදනිමි. ශාරුක් ඛාන් කලා කටයුතු අමතරව යුනිසෙෆ් වැනි ආයතන වෙනුවෙන් සමාජ සේවයේ නිරත වන බවත් සදහන් කළ යුතුය.
http://en.wikipedia.org/wiki/Shahrukh_Khanලංකාවේ පැවති ඔහුගේ සංදර්ශනයකදී ලංකාවට තවත් කළු පැල්ලමක් අවාසනාවන්ත ආකාරයට එක්කරමින් බෝම්බ ප්‍රහාරයට ලක්වූවත් හොද මිනිසුන් සමග දෙවියන්ද සිටිනා බව පසක් කරමින් ඔහුගේ ජීවිතයට කිසිදු අනතුරක් සිදුනොවූවත්, ඒ වෙනුවෙන් කොමිෂන් පිහිටුවා බෝම්බ ගැසූ අය සෙවීමට හෝ ඉන්දියානු රජය මෙහෙයවා ලංකාවට එරෙහිව ක්‍රියා කිරීමට කිසිදු අවස්ථාවක උත්සහ නොදැරූ මෙම මිනිසා එය ඉතා සැහැල්ලුවෙන් අමතක කිරීම සමාව දීම දේව ගතියක් බව ආදර්ශවත් ලෙස පෙන්වීමටද හැකියාව තිබූ බව අවිවාදයෙන්ම කිව යුතුය. එසේම ඉතාම මැතකදී ඇමරිකාවේ විශිෂ්ඨතම විශ්ව විද්‍යාලයක් වන හාවඩ් විශ්වවිද්‍යාලයේ ආරාධනයෙනම් එහි දේශනකට ඇමරිකාවට පා තැබූ අවස්ථාවේ පැයකට වැඩි කාලයක් ප්‍රශ්න කිරීමට ලක්වීමෙන් පසුව පවා සැහැල්ලු ලෙස එය ඉවසිලිවන්ත ලෙස විදදරා ගැනීම කෙසේ විස්තර කරන්නැදැයි නොදනිමි. ශාරුක් ඛාන් කලා කටයුතු අමතරව යුනිසෙෆ් වැනි ආයතන වෙනුවෙන් සමාජ සේවයේ නිරත වන බවත් සදහන් කළ යුතුය.
Abdul Rashid Salim Salman Khan මේනම කී විට එතරම් මුලින් අවබෝද නොවූවත් නමේ අග දුටුවිට නම් මේ කියන්නේ කවුරුන්දැයි නොදන්නා අය අඩු බව රහසක් නොවේ. Salman Khan, ඉන්දියානු සිනමාවේ පමණක් නොවේ ලෝකයේ කඩවසම්ම පිරිමි අතර මුල් තැනකම සිටින නළුවෙක. දේශීය මෙන්ම විදේශීයවද ඒ බව කිහිප වරක්ම ඔප්පු වූ අතර පෞද්ගලික ජීවිතයේ අඩදබර කරගන්නා සහ යම් යම් නීතිමය ගැටළු වලටද මුහුණ දුන්නත් හොද හදවතක් ඇති මිනිසෙකු ලෙස ඔහු ගැනද කියවෙනවා.එසේම දැන් ඔහු සිය ජීවිතයේ 4 වන දශකය පසුකරමින් සිටියත් නාඹර තරුණයන්ට පවා මෙම පුද්ගලයා අභිබවා යෑම ඉතාම අසිරුබවයි තවමත් ඔහුට ඇති ජනප්‍රියත්වයෙන් පෙනෙන්නේ. බැල්මකින් පවා බවලතුන් වසඟයට ගත හැකි අතලොස්සක් වූ පිරිස අතර Salman හට ලැබෙන්නේ මුල්ම ස්ථානයකි.
ඛාන් නම ඇති අය ගැන කතාකරන්න පටන් ගත්ත එකේ ඒ අය ගැනම කතාකරල අනිත් අය ගැන කතා කරන එක හොදයි කියල හිතුන නිසා ඉන්දියානු සිනමාවේ තවත් නම රැන්දූ ඛාන් කෙනෙකු ලෙස අමීර් ඛාන් නමත් සදහන් කළ හැකිය.අති දක්‍ෂ රංගන ශිල්පියෙකු සේම සම්භාව්‍ය ගණයේ ලා සැලකිය හැකි සිනමා නිර්මාණ කිහිපයකම අධ්යක්ෂක වරයා වන ඔහුට ඉන්දියානු රජය විසින් 2003 දී පද්ම ශ්‍රී සම්මානය සහ 2010 දී පද්ම භූෂන් සම්මානයත් ලබාදීමට කෘත්‍යවූවා. ඔහුද රාජ්‍ය හා යුනිසෙෆ් වැනි රාජ්‍ය නොවන ආයතන කිහිපයක් වෙනුවෙන්ම සමාජ සත්කාරයෙත් නියැලෙන බව පැවසිය යුතුයි.
ඉන්දියාවේ සිටින තවත් අපි දන්නා ඛාන් කෙනෙක් තමයි සයිෆ් අලි ඛාන්. තම ප්‍රථම සිනමා ප්‍රවේශය සාර්ථක නොවූවත් ටික කළෙකට පසුව දෙවන සිනමා ආගමනය සාර්ථකත්වයට ලඟකර ගැනීමට මෙම ඛාන් සමත්වූවා. ඔහුගේ මව සහ පියාද කීර්තිමත් ඉන්දියානුවන් බව පැවසිය යුතුයි.
සයිෆ්ගේ පියා Mansoor Ali Khan, ඔහු 1962 දී ඉන්දියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයද දැරූ අතර එයින් ලද සාර්ථකත්වයටත් වඩා ඔහු ගැන කියවෙන්නේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී පිහිට වූ පරිපාලන ව්‍යුවහකට අනුව 1952 සිට 1971 වනතෙක් පතාවුදි පළාතේ 9 වන පාලකයාද වනවා. කෙසේවෙතත් 1971 දී ඉන්දියානු රජය කරනා ලද සංශෝදනයකින් ඉන්දියාවේ එතෙක් ක්‍රියාත්මකව පැවති එම ප්‍රාදේශීය පාලන ක්‍රමය අහෝසි වන බවත් සදහන්ය. සයිෆ් අලි ඛාන්ගේ මවත් ඉන්දියානු සිනමාවේ නමක් රැන්දූ නිළියක වන ශර්මිලා තාගෝර් හෙවත් අපට හුරුපුරුදු ආරාධනා චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පණපෙවූ රංගනවේදිනය වනවා පමණක් නොව ශ්‍රේෂ්ඨතම භාරත පුත්‍රයකු ලෙස සැලකෙන රවින්‍ද්‍රනාත් තාගෝර්තුමාට ඥාතීත්වය ඇති මිනිපිරියකද වනවා.
http://en.wikipedia.org/wiki/Saif_Ali_Khan
සයිෆ්ගේ පියා Mansoor Ali Khan, ඔහු 1962 දී ඉන්දියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයද දැරූ අතර එයින් ලද සාර්ථකත්වයටත් වඩා ඔහු ගැන කියවෙන්නේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී පිහිට වූ පරිපාලන ව්‍යුවහකට අනුව 1952 සිට 1971 වනතෙක් පතාවුදි පළාතේ 9 වන පාලකයාද වනවා. කෙසේවෙතත් 1971 දී ඉන්දියානු රජය කරනා ලද සංශෝදනයකින් ඉන්දියාවේ එතෙක් ක්‍රියාත්මකව පැවති එම ප්‍රාදේශීය පාලන ක්‍රමය අහෝසි වන බවත් සදහන්ය. සයිෆ් අලි ඛාන්ගේ මවත් ඉන්දියානු සිනමාවේ නමක් රැන්දූ නිළියක වන ශර්මිලා තාගෝර් හෙවත් අපට හුරුපුරුදු ආරාධනා චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පණපෙවූ රංගනවේදිනය වනවා පමණක් නොව ශ්‍රේෂ්ඨතම භාරත පුත්‍රයකු ලෙස සැලකෙන රවින්‍ද්‍රනාත් තාගෝර්තුමාට ඥාතීත්වය ඇති මිනිපිරියකද වනවා.http://en.wikipedia.org/wiki/Mansoor_Ali_Khan_Pataudi
http://en.wikipedia.org/wiki/Sharmila_Tagore
http://en.wikipedia.org/wiki/Rabindranath_Tagore
http://en.wikipedia.org/wiki/Nawab_of_Pataudi
ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවේද නමක් තැබූ ඛාන් කෙනෙකු තවමත් ක්‍රීඩා කරන බවත් කිවයුතුයි. ඔහු තමයි වරක් ඉන්දියානු ටෙස්ට් ක්‍රිකට් නායක මහේන්‍ද්‍ර සිං දෝනි විසින් පැවසූ පරිදි ඉන්දියානු පන්දුයවන්නන්ගේ බලඇණියේ "සචින් තෙන්දුල්කාර්" හෙවත් Zaheer Khan. මෙම ඉන්දියානු පන්දු යවන්නා හමුවේ "ඇඹරුනේ" නැති පිතිකරුවෙකු ලොව නොමැති තරම්.
http://en.wikipedia.org/wiki/Zaheer_Khan
ඛාන් කෙනෙකු නොවූවත් කලෙක ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ සුක්කානම භාරව සිට සහ එවකට ලෝකයේ දක්‍ෂතම පිතිකරුවෙකු, පන්දු යවන්නෙකු වූ මොහොමඩ් අසාරුදීන් ගැනත් කතා නොකළොත් අඩුවක් වේවි.
පසුකලෙක අවාසනාවන්ත ලෙස අපකීර්තිමත් ලෙස ක්‍රීඩාවෙන් සමුගන්නට සිදුවුනත් අසාරුදීන් ගෙන් ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවට වූ සේවය නම් අමතක කළ නොහැකි වේවි.
http://en.wikipedia.org/wiki/Mohammad_Azharuddinපසුකලෙක අවාසනාවන්ත ලෙස අපකීර්තිමත් ලෙස ක්‍රීඩාවෙන් සමුගන්නට සිදුවුනත් අසාරුදීන් ගෙන් ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවට වූ සේවය නම් අමතක කළ නොහැකි වේවි.
හින්දි සිනමාවට ශාරුක් ඛාන්ගේ ආධිපත්‍ය කෙසේද යත් ඒ ස්ථානය දමිළ සිනමාව තුල හිමි කරගෙන සිටින්නේ ප්‍රවීන රංගන ශිල්පී කමල් හසන් විය යුතුයයි සිතමි. දමිළ බසින් කළ නිර්මාණ වලට අමතරව හින්දි හා ඉන්දියාවේ තවත් භාෂා කිහිපයකින්ම නිපැයවූ සිනමා නිර්මාණ වලට දායක වී ඇති මොහු ලබා ඇති සම්මාන ප්‍රමාණයද අතිවිශාලයි. රංගනයට අමතරව සාර්ථක සිනමා නිර්මාණ කිහිපයකම අධ්යක්ෂක වරයා ලෙස කටයුතු කර ඇති කමල් හසන් රඟපෑ සිනමා නිර්මාණ අතරින් නායකන්, හින්දුස්ථානි (ඉන්දියන්), චාචි වැනි සිනමා නිර්මාණ විශ්වීය වශයෙන් රසවිදිය හැකි සිනමා නිර්මාණ බව කිව යුතුය.http://www.imdb.com/name/nm0352032/
මුස්ලිම් සම්භව්‍ය ඇති නිළියන් කිහිප දෙනෙකු පවා ඉන්දියානු සිනමාව තුල නමක් රන්දා ගැනුමට සමත් වූහ. ඒඅතරින් Filmfare වැනි සම්මාන මෙන්ම 1972 දී පද්ම ශ්‍රී සම්මානයත්, 2011 දී පද්ම භූෂන් සම්මානයත් හිමිකරගත් 50-60-70 සහ මෙම දශක වල පවා සිනමාවේ තම ප්‍රතිභාපූර්ණ කුශලතාවයන් විදහා දැක්වූ Waheeda Rehman නම සදහන් කළ යුතුම වේ.
http://en.wikipedia.org/wiki/Waheeda_Rehman
තවද 60-70 දශක වල රඟපෑ Saira Banu
සහ ඉන්දියානු රූපසුන්දරියක සහ 70-80 දශක වල සිනමාව ලස්සන කළ සීනාත් අම්මාන්ද සුවිශේෂය.
සයිරා බානු , දිලීප් කුමාර් රංගන ශිල්පියාගේ බිරිදද වන අතර සීනාත් අම්මාන් රඟපෑ සත්‍යයම් ශිවම් සුන්දරම් වැනි චිත්‍රපටි කැපී පෙනෙන ස්ථාන හිමිකර ගත් ඒවා විය.
http://en.wikipedia.org/wiki/Saira_Banuසහ ඉන්දියානු රූපසුන්දරියක සහ 70-80 දශක වල සිනමාව ලස්සන කළ සීනාත් අම්මාන්ද සුවිශේෂය.
සයිරා බානු , දිලීප් කුමාර් රංගන ශිල්පියාගේ බිරිදද වන අතර සීනාත් අම්මාන් රඟපෑ සත්‍යයම් ශිවම් සුන්දරම් වැනි චිත්‍රපටි කැපී පෙනෙන ස්ථාන හිමිකර ගත් ඒවා විය.
http://en.wikipedia.org/wiki/Zeenat_Aman
මෑත භාගයේ ඉන්දියානු සිනමා සංගීතය පමණක් නොව අන්තර්ජාතිකව පිළිගැනෙන ඔස්කාර් සම්මානය පවා ජයගත් Allah Rakha Rahman හෙවත් A.R. Rahman ගැනත් සදහන් නොකළොත් අඩුපාඩුවක් වේවි. උපතින් මුස්ලිම් නොවූවත් සිය තරුණ වියේදී මුස්ලිම් බවට පත්වූ ඔහු මුලින් හින්දු ජාතිකයෙක්. මුල් නම A.S. Dileep Kumar නම් වූ ඔහු පසුව Allah Rakha Rahman බවට පත්වේ. ජාතිය, ආගම කුමක් වූවත් ඉන්දියානුවකු ලෙස ඔහුගෙන් වූ සේවය ඉතා විශිෂ්ඨ වූ අතර සුප්‍රකට ටයිම් සඟරාව 2009 දී පළ කළ වාර්තාවකට අනුව ලෝකයේ මිනිසුන්ට බලපෑම් කළ හැකි මිනිසුන් අතරටද රහුමාන්ගේ නමත් කියවින.http://www.imdb.com/name/nm0006246/
මෙලෙස තම ආගම ජාතිය කුමක් වූවත් ඉන්දියානුවෙකු ලෙස ලෝකය පුරා නමක් රැන්දූ තවත් පුද්ගලයන් රැසක් සිටින අතර ඔවුන් සියල්ලන් ගැනම පවසන්නට ගියහොත් මෙම ලිපිය කවදා ඉවරයක් කරන්නට හැකිවේදෝයි නොදනිමි. ඒ නිසා දැන් මෙම ලිපිය අවසන් කරන අතර තම රටට සේවය කිරීමට තම ජාතිය ආගම පැහැය කුලය බාධාවක් නොවන බව මෙයම හොද උදාහරණයක් නොවේද?
මූලාශ්‍ර -
http://indiandefenceboard.com/threads/what-is-the-real-percentage-of-muslims-in-india.513/
http://en.wikipedia.org/wiki/India
http://en.wikipedia.org/wiki/Hinduism_in_India
http://en.wikipedia.org/wiki/List_of_countries_by_Muslim_population
http://www.aicmeu.org/Muslim_Population_Distribution_in_India.htm















































