Tuesday, September 27, 2016

ඒක හැදුවේ කොහොමද? කොන්ඩම් සහ රබර් අත් ආවරණ (Condom and Rubber Gloves) පිළිබදව තරමක් සවිස්තරව...

Condom සහ Rubber Gloves යන දෙකම හදන්නේ කහෛාමද කියන එක තමයි මේ වීඩියෝ වලින් සහ විස්තර වලින් අද කියන්නට යන්නෙ. මේ දෙකම එකිනෙක වෙනස් කාර්යයන්ට භාවිතා කළත් Latex කියන රබර් නිෂ්පාදනයන් එක් එකිනෙකට ආසන්න වශයෙන් සමාන ආකාරයේ නිෂ්පාදනය පියවරයන් අනුගමනය කිරීම මේ පිළිබදව සොයාබැලීමේදී දැනගත හැකියි.

කොන්ඩම් පිළිබදව යමක් කෙටියෙන් පවසමි නම්, අනවශ්‍ය ගැබ් ගැනීම් පාළනයට හා ලිංගික හැසිරීම් නිසා ව්‍යාප්ත වන රෝගබාද යම් කිසි මට්ටමකින් වලක්වා ගැනීමට උපකාරී වන උපකරණයකි. යම් මට්ටමකින් යයි පැවසීමට සිදුව ඇත්තේ කොන්ඩමයෙන් ආවරණය වන ප්‍රදේශය එකිනෙක ස්පර්ශවීමෙන් රෝගය ඇතිවීම වැලකුනත් කොන්ඩමයෙන් ආවරණය නොවන ලිංගක ඉන්ද්‍රින් අවට ඇති රෝගයන් නිසා ඇතිවුන තුවාල, සැරව ගෙඩි, බිබිල ආදිය ඍජුව ස්පර්ශවීමෙන් රෝගය තවදුරටත් වැලදීමට ඇති ඉඩකඩ නිසාය. මෙය හර්පීස් වැනි සමාජ රෝග වැලදී ඇති විට බහුලව ඇතිවන තත්ත්වයකි.(Although a condom is effective in limiting exposure, some disease transmission may occur even with a condom. Infectious areas of the genitals, especially when symptoms are present, may not be covered by a condom, and as a result, some diseases like HPV and herpes may be transmitted by direct contact.[15] The primary effectiveness issue with using condoms to prevent STDs, however, is inconsistent use.[16])

කෙසේවෙතත් අප බහුල වශයෙන් දන්නා පිරිමි පුද්ගලයන් භාවිතා කරණ කොන්ඩම් වලට අමතරව කාන්තාවන් වෙනුවෙන්ද තැනූ කොන්ඩමද ඇතත් මේ ලිපියෙන් කියන්නට යන්නේ පිරිම කොන්ඩම් පිළිබදවයි. වර්ථමානයේ කොන්ඩම් නිෂ්පාදනයට බහුල ලෙස යොදාගන්නේ රබර් වල ප්‍රතිඵලයක් වන ලෙටෙක්ස් වුවත් පොලියුරතේන් වැනි අමුද්‍රව්‍යද යොද තැනූ නිෂ්පාදන සහ බැටළුවන්ගේ බඩවැලින් තැනූ කොන්ඩමද තිබේ.

කොන්ඩම් අද ඊයේ පටන් භාවිතයට ගත් දෙයක් නොවන අතර අඩුම තරමින් ගතවූ වසර 400 ක පමණ කාලයක පටන් පාවිච්චි කර ඇත. කෙසේවෙතත් 19 වන සියවසේ සිට මෙම උපත්පාලකය වැඩිවැඩියෙන් භාවිතාකිරීමට පෙළඹී තිබේ. කෙසේවෙතත් ඊටත් ඈත අතීතයේ පටන් කොන්ඩම් වලට සමාන දේවල් සත්ත්ව කොටස් යනාදියෙන් තනා භාවිතයට ගත් ආකාරය පිළිබදව පැරණි මූලාශ්‍ර වල දැක්වෙන බවද මතයන් තිබුනද, ඉපැරණි ඊජිප්තුව, ග්‍රීසිය,  රෝමය යනාදී ශිෂ්ඨාචාරයන් පැවති සමයන්හි ගර්භනීභාවය ඇතිවීම පාළනය කර ගැනීම කාන්තාවගේ වගකීමක් මිස පුරුෂයාගේ වගකීමක් නොවේ යයි ආකල්පයක් පැවතීම නිසා කාන්තාවන් ඒ සදහා ආරක්‍ෂාවීමට භාවිතා කළ උපක්‍රම පිළිබදව මිස මේ කොන්ඩම් පිළිබදව දැනීමක් එවකට නොතිබූ බවටද ඇතමෙකු පවසති.

මේ එම නිෂ්පාදනයන් දෙකම හදනා ආකාරයයි.


No comments:

Post a Comment