Friday, September 30, 2016

06 - ඔබගේ කාරයත්, ලිමෝසීන් වාහනයක් බවට දික් කර ගැනීමට ඕනනම්....

ලිමොසීන් වාහන අපි බොහෝ විට දකින්නේ ඇමරිකානු සුපිරි පැලැන්තිය හා රාජ්‍ය නායකයින් භාවිතා කරන වාහනයක් ලෙසටයි. රියදුරා සහ අනෙකුත් මගීන් එකිනෙක වෙනකර තනා තිබීම, අසුන් සාමාන්‍යයෙන් දකින ආකාරයට වඩා වෙනස් ආකාරයට පවා හරවා අසුන් ගත හැකිවීම, ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල වර්ථමාන තරුණ පරපුර රාත්‍රී සාද සදහාද යොදාගන්නා බව ඔබ චිත්‍රපටි හා වෙනත් වීඩියෝ ආශ්‍රිත මාධ්‍ය වලදී දැකගන්නට ඇති. තවද ලංකාවේද මෙම රථ කිහිපයක් ගෙන්වා තිබෙන බව පසුගිය කාලයේ දැනගන්නට ලැබුන අතර මංගල අවස්ථා වැනි ජීවිතයේ මතක හිටින අවස්ථා සදහා ඒවා කුලී පදනම මත ලබා දෙන බව අසන්නටද ලැබුනි. 

සාමාන්‍ය ආකාරයේ සුඛෝපභෝගී වාහන පවා කෝටි ගණනක් ගෙවා ගන්නට වී ඇති සමයක මේ ආකාරයේ ලිමොසින් රථයක් වටිනාකමද කෝටි කිහිපයක්ම වනු ඇති බව අමුතුවෙන් කිවයුතු නොවේ. වාහන නිපදවන ආයතන වලින් ලිමොසීන් රථයක් ඇනවුම් කරනවා වෙනුවට ඔබ සතුව ඇති රථයම ලිමෝසීන් රථයක් බවට දික් කරගත හැකි බව මා මෙම වීඩියෝවෙන් පළමුවරට දුටුමි. කෙසේවෙතත් ඇමරිකාවේ මෙය හොදින් මුදල් උපයන, කාර්මික ශීල්පීන් රැසක් නිරත වන වෘත්තියක් ලෙසද දැක්වෙන අතර ලංකාවේ නම් මෙම කාර්යය කර ගැනීමේ හැකියාවක් දැනට නොමැත.


අද මීට කලින් පළ කළ ලිපිය - 
05 - පැන්සල්, පාට පැන්සල්, මකන කෑලි, පැස්ටල්, පැන්සල් කටර්, බෝල් පොයින්ට් පෑන් සහ පැන්සල් තැනීමට ගන්නා මිනිරන් ඒ වෙනුවෙන් සකස් කරන ආකාරය බලමු...

1 comment:

  1. I found that Royal College emblem word can be upgraded by numerology to word flooreat. May God find someone to correct it AMEN

    ReplyDelete