Friday, September 21, 2012

ලබ්බට තියපු අත පුහුලටත් තියන්නට යාම හෙවත් සිරියාව සම්බන්ධයෙන් ඇමරිකානු මැදිහත්වීම ලිබියාව හා සමාන වේද?

මීට වසරකට පමණ පෙර ලිබියාවේ ගඩාෆි පාලනය මුලිනුපුටා දැමීමට ඇමරිකාව ප්‍රමුඛ නේටෝව දියත් කළ යුද ක්‍රියාමාර්ග කිසිදු සැකයකින් තොරව ජයග්‍රහණය ලැබූවද දැන් එයද ඊට පෙර ඇමරිකාව අත දැමූ ඇෆ්ගනිස්ථානයට හා ඉරාකයේ තත්ත්වයට වඩා වෙනස් නොවන බවක් පෙනේ. එය පසුගියදා ලිබියාවේ ඇමරිකානු තානාපතිවරයා ඝාතනයට ලක්වීමෙන්ද පෙනීයයි. දැවැන්ත ඇමරිකානු යුද යාන්ත්‍රණය හමුවේ රුසියාව හැරුන කොට ලෝකයේ අනෙක් කිසිදු රටකට ඇමරිකාව හා පොර බැදීමට නොහැකිවුවද යුද්ධයෙන් පසුව ආක්‍රමණයට ලක්වූ රටවල ජනතාවගේ හිත් දිනා ගැනීම හා සන්සුන් වාතාවරණයක් ඇතිකරලීම සම්බන්ධයෙන් නම් ඇමරිකාවට ඇත්තේ අඩු හැකියාවක් බව මේ රටවල් කිහිපයේම යුද්ධයෙන් අනතුරුව සිදුවූ ක්‍රියාදාම ඔස්සේ පැහැදිලිව පෙනී යන කරුණකි.
ලිබියාවේ හිටපු ජනපති මුවම්මුර් ගඩාෆි මහතාගේ පවුලේ ඡායාරූප ඇල්බමයෙන් සහ කැරලිකරුවන් එවූ පින්තූර... http://sathsamudura.blogspot.com/2011/08/nato.html

සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසුව ලෝකයේ බහුතර රටවල අනුමත කිරීම, ආශිර්වාදය සහ විවිද දායකත්වයන්ද සහිතව තලෙයිබාන් පාලනය හා ඔවුන්ගේ සෙවනැල්ලේ සිටි අල්කයිඩාව මර්ධනයට ලක්කෙරුණත් අවසානයේ දැන් සිදුව ඇත්තේ නැවත තලෙයිබාන් සංවිධානය පණගසා නැගිටීම පමණක් නොව තමන් හා දීර්ඝ කාලයක් මිතුරුව සිටි පකිස්ථානයත් පසමිතුරන්ගේ ගොඩට ඇද දමා ගැනීමයි. එහි උච්චතම අවස්ථාව වූයේ අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ව, පකිස්ථානයටත් නොදන්වා පකිස්ථාන භූමිය තුලදීම ඝාතනය කිරීමත්, ඇෆ්ගන්-පකිස්ථාන දේශ සීමා අසල තිබෙන ගම්මාන වලටත් තලෙයිබාන් සහ අල්කයිඩාවන් දඩයම් කිරීමට ගුවන් ප්‍රහාර නොනවත්වා එල්ල කිරීම තුලින් අහිංසක සිවිල් වැසියන් පවා මරණයට පත් කිරීම තුලිනි.
ඔසාමා බින් ලාඩ්න්, ඇමරිකාව හා පාකීස්ථානය පිළිබදව ලොව වටා කාටුන් ශිල්පීන් දුටු ආකාරය - How Cartoon Artists See Osama Bin Laden, America & Pakistan...

ඔබාමාට පෙර එරට පාලකයා වූ ජෝජ්.W.බුෂ් හට නම් ඇෆ්ගනිස්ථානයට හා ඉරාකයට පහර දීමට හේතු තිබුනි. ඒ ඇෆ්ගනිස්ථානය ඔසාමා බින් ලාඩන් ප්‍රමුඛ අල්කයිඩාවන්ට රැකවරණය සැලසීම මෙන්ම තමන්ගේ පියාට අහවරයක් කිරීම නොහැකි වූ සදාම් හුසේන්ව CIA සංවිධානයේ සාවද්‍ය වාර්තා මත හෝ ඉවරයක් කිරීමට ඔහුට අවශ්‍ය වූ හෙයිනි. එහෙත් බැරැක් ඔබාමා ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ පැටලී සිටි පඹ ගාලෙන් ගැලවෙනවා වෙනුවට අරාබිකරය ඔස්සේ හමා යමින් පැවති අරාබි වසන්තයේ කොටස්කාර‍යකු වීමට ලිබියාවේ "පිළිලය" ලෙස සැලකූ ග‍ඩාෆි පාලනය බිද දැමීමෙන් ආසන්න වශයෙන් ඔහු සිදුකරගත්තේ තමන්ගේ රට නියෝජනය කිරීමට ලිබියාවට යවා සිටි ඇමරිකානු තානාපතිවරයාගේ ජීවිතය අහිමි කර ගැනීමය.

එහෙත් ඇමරිකාවේද ආශිර්වාදය ඇතිව සිරියාවේ කැරලිකරුවන් විසින් ආරම්භ කර ඇති කලකෝලාහල වලද අවසානයක් තවම නොපෙනෙන අතර යම් හෙයකින් දැන් එහි පාලකයා වන බෂාර්-අල්-අසාද් ගේ පාලනය බිද වැටුනත් මෙම කැරලිකරුවන් අතර සිටින්නට බොහෝවිට ඉඩකඩ ඇති අල්කයිඩා සාමාජිකයන්ගේ බලපෑමත් ඉන් අනතුරුව බිහිවන රජයටද එල්ල වීමෙන් තවදුරටත් සිදුවන්නේ අරාබිකරය තුළ තවත් අස්ථාවර හා අවුල්වියවුල් ගහණ රාජ්‍යයක් බිහිවීම පමණක් වන්නට ඉ‍ඩ ඇත.

Global Fire Power වෙබ් අඩවියට අනුව සිරියාව ලෝකයේ 35 වන යුද බලවතා වන අතර ඇමරිකාව ප්‍රමුඛ නේටෝව සමග ගැටෙන්නට යාම පවා සිරියාවට අත් කරන්නේ අහිතකර ප්‍රතිඵලයක් බව පැහැදිලි කාරණයකි.

 
ප්‍රජාතාන්ත්‍රිකව මැතිවරණයකින් බලය වෙනස්වීමකදී සිදුවන සුමට වෙනස්වීම වලට වඩා බලහත්කාරයෙන් අවිබලය යොදවා ලේ හෙලවීම්ද සහිතව ගොරෝසු ලෙස වෙනස්වන පාලන‍යකදී ඉහළ පුටු මෙන්ම එයට සහායක පරිපාළන තනතුරුද විශාල වෙනස්කම් වලට භාජනයවීමෙන් අරාබි වසන්තයේ මූලිකයා වූ ටියුනීසියාවට එය බලපාන ආකාරයට වඩා වෙනස් අත්දැකීම් එම අඩිපාරේ යන අනෙකුත් අරාබි රටවලට අත්වීම වැලකිය නොහැක්කකි. මෙයින් දැන් එම රටවල පවතින මර්ධනකාරී පාලන තන්ත්‍රයට සුභවාදී සහතිකයක් දීමට අදහස් නොකරන අතර ලෝකයම පිළිගන්නා හා අරාබිකරයේ ගැටළුවලට ගැලපෙන හා මූලධර්මවාදී ඉස්ලාමීය පාලනයකට ‍ක්‍ෂේමභූමි සැපයීමක් නොකරන පාලනයක් බිහිවීම එරටට පමණක් නොව සමස්ථා ලෝකයටම සැනසුම ගෙන දෙන කාරණයකි. 

ඇෆ්ගනිස්ථානයේ කෙසේවෙතත් ඉරාකයේදී නම් මුලින්ම ඇමරිකානු හමුදා පිළිගත්තේ මල්මාලා දමාය.එහෙත් එම සෙනෙහේ පැවතුනේ ඉතා කෙටි කලක් පමණක් වූ අතර ඉන් අනතුරුව ඇමරිකානු හමුදාවට ඉරාකය යනු එක්තරා අතකින් තවත් වියට්නාමයක් බදුවිය. ලිබියාවේද දැන් දැන් අත්වීගෙන එන්නේ එවන් තත්ත්වයක් බව පැහැදිලි කාරණයකි. සියවස් කිහපයක පටන් පවතින කතෝලික - ඉස්ලාමීය ඇනකොටා ගැනීම් විවිද කාලවලදී යටපත්ව  පැවතුනත් එය අළුයට ගිණි පුපුරු මෙන් කාලෙන් කාලයට එය ඉස්මතුවෙන බව නොරහසකි. අඩුම තරමින් යුද්ධයක් නැති කාල වකවානුවලදී පවා  මෙම ආගම්දෙකේම සිටින්නාවූ අන්තවාදීන් ඇතැම්විට ඒවායේ ශාස්තෘවරුන්ව ‍ඉලක්ක කරගෙන තනන්නාවූ වීඩියෝ. යම් යම ප්‍රකාශ, විවිද නිර්මාණ වලින් පවා මෙම ආගම් දෙකේ මිනිසුන් ගැටුමට පෙළඹවීමද කණගාටුවට කාරණයක් වන්නේ මෙම ගැටුම් වලදී මිනිස් ජීවිත කිහිපයක්වුවද නැතිවීමට ඇති ඉඩකඩ වැඩි බැවිනි.

තවත් පැත්තකින් අරාබිකරයේ සිදුවන මෙවන් යුද ගැටුම් වලදී පීඩාවට පත්වන්නේ ගිණියම් මැදපෙරදිග සිටිනා ජනතාව පමණක් නොවේ. කොතරම් විද්‍යාව දියුණු යයි පැවසුනත් තවමත් පොසිල ඉන්ධන වලින් තොරව බලශක්ති අවශ්‍යතාව සපුරා ගත නොහැකි හෙයින් මෙවන් යුද තත්ත්වයන්ද දඩමීමා කරගනිමින් ඔපෙක් සංවිධානය කරනා බොරතෙල් මිල වැඩි කිරීම් වලින් අවසානයේ පහර වදින්නේ අප වැනි තෙවන ලෝකයේ සිටිනා ජනතාවට බව අමුතුවෙන් කිවයුතු නොවේ.

එමෙන්ම ලෝකය නැවතත් මහා පරිමාණයේ යුද්ධයකට යාමට සැරසෙන්නේදෝයි සිතෙන්නේ. සෝවියට දේශය බිද වැටීමෙන් පසු රුසියාව නැවතත් ක්‍රමයෙන් ලෝකයේ සිදුවන කාරණා වලදී ඉදිරිපත් වීම තරමක් දුරට පෙනී යාමත් ජපානය වැනි පැරණි රණකාමී රටවල් ටිකෙන් ටික අළුගසා දමා පැරණි හපන්කම්වලට නැවත පණදෙන්නට යන්නේ දැයි සැකසංකාද මතුවීම තුලිනි. ඒ ඔවුන් දකුණු කොරියාව සමග මෙන්ම චීනය සමගද දූපත් කිහිපයකට අයිතිය පවසන්නට යාම තුලිනි.

රුසියාවේ අවම මට්මෙන් හෝ මැදිහත් වීමක් නොවන්නට මේ වන විටත් ඇමරිකාව ප්‍රමුඛ ඔවුන්ගේ මිතුරු රටවල් හා සිරියානු කැරලිකරුවන් අල් - අසාද් ගේ පාලනය බිද දැමීමට ‍මීට වඩා පියවර ගණනක් ඉදිරියට තබනු ඇති අතර ඉරානය හා ඊශ්‍රායල-ඇමරිකානු මිතුරු හවුලේ වාග් සංග්‍රාමයද අවසන්ව එය අවි ආයුද වලින් කරන ගැටුමක් බවට මේ වනවිටත් පත්ව තිබෙන්නට ඉඩ තිබින.

ලංකාව වැනි පුංචි රටක සිටිනා මිනිසුන් වන අපට මෙම මහා දේශයන් ගන්නා තීරණ සම්බන්ධයෙන් උපේක්‍ෂා සහගතව බලනු විනා කරන්නට වෙන යමක් තිබේද?

27 comments:

  1. Who is your favorite FB friend ? :)

    ReplyDelete
  2. ගඩා‍ෆි පන්නන්න ඇමරිකාව බැක් සීට් එකේ දාගෙන සුක්කානම අතට ගත්තේ ප්‍රංශයයි.

    ඒකාධිපතියෝ පැන්නුවාම එතනට එන්න ඉන්නේ ජාතිකවාදි ව්‍යාපාර වල කට්ටිය, ඒගොල්ලන්ගේ ඊළග පියවර තමයි අන්තවාදය.

    ReplyDelete
    Replies
    1. එකඟයි.මේ ගැන තවත් තොරතුරු අරුනිගේ කමෙන්ටුවේදී කතා කරමු...

      Delete
  3. අන්තිමට කිව්වා වගේ අපි පැත්තකට වෙලා බලන් ඉන්න ප්‍රේක්ෂකයෝ වෙනවා ...

    ReplyDelete
    Replies
    1. ඔව් අපි කොච්චර කෑගැහුවත් අන්තිමට කරන්න‍ වෙන්නේ ඔය දේ තමයි...

      Delete
  4. නූතන කුරුස යුද්ධය

    අපේ ඉන්න සම-හරක්ට තේරෙන්නේ නැති දෙයක් තමයි ඇමරිකාවේ යුද්ධ නිසා මුස්ලිම් රටවල් වල බලය වර්ධනය වීම අඩුවෙන බව.

    ඇමරිකාව ලෝක බලවතා වීමෙන් සිදුවී ඇති හානියට වඩා බලවත් සංස්කෘතික, මානව නිදහස වැනි කාරණා වලට සෘජුවම බලපාන හානියක් මුස්ලිම් රටවල් ලෝක බලවතුන් වීමෙන් ඇතිවිය හැකියි.

    ආගමික උමතුවෙන් මනස ඔද්දල් වුණ මුස්ලිම් ජාතිකයන් ලොව පාලනය කරන්න ගත්තොත් කොහොමට හිටීවිද? අන්‍යාගමිකය්න්ගේ විනාශය ඔවුන් එක සැණින් තහවුරු කරාවි.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත!

      Delete
    2. යුද්ධයකින් බලය දුර්වල කරන්න පුළුවන් තමයි. ඒත් යුද්ධයේ කරගෙන යන අස්ථාවේ තිබුන ප්‍රභලත්වය යුද්ධයෙන් පසුව දකින්නට ලැබෙනවාද? අද ඇෆ්ගනිස්ථානයේ වී තිබෙන්නේ කුමක්ද? ඉරාකයේ දැන් තත්ත්වය ටිකක් හොද වුනත් යුද්ධයෙන් ටික කලකට පසුව සිදුවූ දේ මතකද? ඒ කා‍ලයේ ඇමරිකානුවන්ටත් වඩා ජීවිත තර්ජන තිබුනේ ඉරාකයේ රැකියා හෝ සහන ‍සේවා සදහා ගිය වෙනත් රටවල මිනිසුන්ටයි. ඔබ කියනා ආකාරයෙන් දුර්වල තත්ත්වයකට පත් කිරීමට නම් එම රටට ගුවනින්, මුහුදෙන්, ගොඩබිමෙන් නොනවත්වා පහර දීම විතරක් මදි. යුද්ධයෙන් පසුව නිර්භීතව පාලනයත් අතට ගන්න ඕන. යුද්ධයට පෙර හා යුද්ධය කරගෙන යන අවස්ථාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය, අනෙකුත් ප්‍රඥප්තීන් අමතක කරල යුද්ධයෙන් පසුව බොරුවට ඒවා අනුගමනය කරන්නට යාමෙන් වන්නේ යුද්ධයෙන් ලබාගත් දේත් නැතිවීමයි. දෙවන ලෝක යුද්ධයෙන් පසුව බටහිර ජර්මනියේ පාලනය සිදුකළ ආකාරයට මේ මූලධර්මවාදී රටවලුත් ටික කාලයක් හෝ ඇමරිකානු පාලනය ගෙන ගිහිල්ල ඉන් පසුවයි. එම රටේ කෙනෙකුට බලය පවරා ඉවත්විය යුත්තේ. එහෙම නැතුව යුද්ධය අවසන් වූ පසුවම මෙ‍ලෙස කඩිමුඩියේ පාලනය සතුරාගේ ප්‍රතිවිරුද්ධ පක්‍ෂයට භාර දී ප්‍රජාතන්ත්‍රවාදය ලෝකෙට පේන්න රැක්කට මූලධර්මවාදීන් යටපත් කරන්නට බැහැ...

      Delete
    3. කතාව නම් ඇත්ත තමා පේනවානේ නැගෙනහිර තම්බියෝ කරන විනසේ

      Delete
    4. පාඨලී චම්පික රණවක මහත්මයාගේ අල් ජිහාඩ් සහ අල් කයිඩා පොත කියවලා බලන්න ,එතකොට තේරෙයි අපි මේ කතාකරන මුස්ලිම් අන්තවාදයේ දිග පලල.පුලුවන් නම් එතුමාගේ දේශනයටත් සවන් දීල බලන්න.සමහරුන්ට නම් එතුමා ඇලජික් ඇති ඒත් ඒ කියලා තියන දේවල් ඇත්ත.

      link:http://jihadsrilanka.wordpress.com/



      අල් ජිහාඩ් සහ අල් කයිඩා පොත මෙහි PDF ලෙස ඇත.

      Delete
  5. සටහනේ ගොඩක් වැරදි තියෙනවා දිනේශ්, ඒත් ඒවා ගැන එකින් එක පහදන්න මෙතැන ඉඩකඩ මදි. බහුතර යුරෝපීය සහායක් ලැබුනේ නැහැ ඇමෙරිකාවට සැප්. 11 දා පසු ඉස්ලාමීය අන්තාවදීන්ට එරෙහි ව සටන් කරද්දී. අනික ඉහත මිස්ටර් හයිඩ් කියන එකත් නිවැරදියි, ප්‍රංශයයි ලිබියාවේ මෙහෙයුම් සඳහා ප්‍රමුඛ වූයේ.

    ඒත් ඒකාධිපතියෝ පැන්නුවාම අන්තවාදීන් එන බයෙන් හැමදාම ඒකාධිපතියන්ට බියේ ජනතාව ඉන්නේ මන්ද? ඇයි ඒකාධිපතියන්ටත් අන්තවාදීන්ටත් ඉඩක් නැති පාලනයක් ගෙන්වා ගන්නට ජනතාව එඩිතර නොවන්නේ? පැත්තකට වී බලා ඉන්නා ප්‍රේක්ෂකයන් නොවේ ද මෙම තත්වය ලොව පවත්වා ගෙන යන්නේ කියා විමසන්න.

    අන්තිමට Ashenya කියන අදහස් දැනටමත් යුරෝපයෙන් දකින්නට හැකි වීම, ඒ ගැන කිසිවෙක් වාර්තා නොකිරීම නිසා පැත්තකට වී බලාගෙන සිටින අයට විචාරය නොහැකි වීම අනාගත ලෝක ඝට්ටන තවත් බරපතල කරන්නක්.

    ReplyDelete
    Replies
    1. ඔබ ඕනෑ තරමක් ඉඩ අරගෙන ඕනෑ තරම් කමෙන්ටු මෙහි පළ කරාට කිසිම අමනාපයක් බාධාවක් නැහැ. සමහර විට අප දන්නවාට වඩා වෙනස් දේවල් හා වැඩි ප්‍රමාණයක් දන්නවා ඇති. ඒ නිසා ඒවා ලිවීමෙන් අපගේ දැනුමත් යාවත්කාලීන වේවි. ඉරාකයේ යුද්ධයට නම් බහුතරයක් තියා ප්‍රංශයවත් ඇමරිකාවට උදව් නොකළ බව ඇත්ත. ඒත් ඇෆ්ගන් යුද්ධයට නම් රුසියාව පවා හමුදාමය උදව් නොදුන්නත් විවිද බුද්ධි තොරතුරු හා දේශසීමා ආසන්නයේ විවිද යුද ක්‍රියාකාරකම් වලට පවා ඇමරිකානුවන්ට උදව් කළා නේද? අනෙක ඇෆ්ගන් යුද්ධයේදී, තලෙයිබාන්වරු බිහිකිරීමට යම් දායකත්වය දුන් පකිස්ථානය විසින් ඇමරිකාවට උදව් කිරීමත් කොච්චර දෙයක්ද?

      අනෙක තමයි ප්‍රංශය ලිබියා‍වේ මෙහෙයුම් සදහා මූලික බව පිටතට පෙනුන බව ඇත්ත. ඒත් දශක කිහිපයක සිට ලිබියාවේ ගඩාෆි පාලනය අවසන් කරන්නට අවශ්‍යතාව තිබුනේ කාටද බව ඉතින් රහසක් නොවෙයිනේ. අනෙක අවංකවම ඇමරිකාවට උවමනාවක් නොතිබුනා නම් මෙම යුද්ධය නවතන්නට ප්‍රංශයට බලකරන්නට ඔවුන්නට කොතරම් හැකියාවක් තිබෙනවාද? අනෙක යම් විදියකින් ඉදිරිදිනයක ජපානය විසින් උතුරු කොරියාවට පහර දුන්නායයි සිතන්න. ඒත් එම පහරදීම පිටුපස සහ උතුරු කොරියාවට පහරදීමේ අවශ්‍යතාව වැඩිපුර තිබෙන්නේ ජපානයටද? ඇමරිකාවටද? අන්න ඒ වගේ දෙයක් තමයි මගේ අදහස අනුව සිදුවුනේ.(ඒකාධිපතියන් ගැන කතාව දෙවනුව කියන්නම්...)

      Delete
    2. ඔබ කියන දේ ඇත්ත. ඒකාධිපතින් එලෙව්වාම අන්තවාදීන් එයි කියන බයෙන් ඉන්නේ මොකද? හැබැයි මේ කාරණේ ලෝකයේ හැම තැනටම ගැලපෙන්නේ නැහැ කියන එකයි කාරණේ. විශේෂයෙන් මැදපෙරදිග කලාපයට මෙම ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයක් අනුගමනය කරන්න ඕන කියන එකයි මගේ මතය. හොදට බලන්න මැදපෙරදිග කලාපය පුරාවටම ‍දේශපාලනය හා ආගම කියන්නේ ගහට පොත්ත වගේ එකට තදින් බැදී පවතින දෙයක්. මැදපෙරදිග විතරක් නෙමෙයි මුළු ලෝකය පුරාම මුස්ලිම් රටවල් ගත්තොත් ආගම හා දේශපාලනය කියන එක එකම මල්ලක තියෙන ඉඟුරුයි මයියොක්කයි වගේ. මයියොක්කයි ඉඟුරුයි එකට මුහුවුනාම මාරාන්තික විශක් ඇතිවෙන එක නවත්වන්න බැහැනේ. අන්න ඒ වගේ තමයි අරාබිකරයේ ගැටළු වලට අතදාන්න යාමත්. එම කලාපය පුරාම මුස්ලිම් අන්තවාදයයි, ගෝත්‍රිකවාදී නූගත් මතයි පිරී ඉතිරී ගිහින් තිබෙන කලාපයක්. දෙවියන් යදිමින් මිනිස්සුනගේ බෙල්ල කපන මිනිස්සුනගේ ම්ලේච්ඡත්වය අපි පහුගිය කා‍ලය පුරාම දැක්කානේ. මම ඒකයි කිව්වේ මේ රටවලට ගුවනින් බෝම්බහෙලා යටත් කර ගත්තට මදි. ටික කාලයක් පාලනය කරල මොල ශෝදනයත් කරල උන්මත්තක ආගම්වාදී අන්තවාදය දුරු කරන්නේ නැතුව ඇමරිකානු හමුදාව පිටවීමෙන් හෝ ඒ රටේම සිටින තවත් අන්තවාදී කොටසකට බලය පැවරීමෙන් සිදුවන්නේ එම රටට, කලාපයට පමණක් නොවේ සමස්ථ ලෝකයටම තවත් හිසරදයක් ඉතිරිවීම පමණයි...

      Delete
    3. මෙතැන ඉඩකඩ මදියි කිව්වෙ දිනේශ්ගේ අඩවියේ ඉඩක් නැහැයි කියා නෙමෙයි. ඉතිහාසමය විස්තර තවමත් සිංහලෙන් ලියා ඇති සොච්චම එක්ක විස්තර කරන්න ගියොත් බ්ලොග් එකක් ඒකට ම හදන්න වෙන නිසයි.

      රුසියාව ඇෆගනිස්තානයට ඇතුල් වෙන්නෙ ඇමෙරිකාව ඒ පැත්තේ යන්න බොහෝ කලකට පෙර. ඒ සමඟ චෙච්නියා යුද්ධ නිසා රුසියාවටත් තම පැවැත්ම ආරක්ෂා කරගන්නට ඇමෙරිකාව හා බුද්ධිමය තොරතුරු බෙදා ගන්නට වෙනවා. පාකිස්තානය ඇමෙරිකාවට උදව් කරන්නේ මුහුණ ඉච්ඡාවට පමණයි කියා බහුතර ලෝකය ම දන්නවා. කොටි වලිගයක් අල්ලා ගෙන ඉන්න පාකිස්තානයට එය අතහැරියත් විනාශයක් අල්ලා ගෙන සිටීමත් විනාශයක්. පාකිස්තානය එක්ක ඇමෙරිකාවට මිත්‍රකමක් තියෙනවා යැයි සිතීම හරියට මහින්ද රාජපක්ෂ ඇමෙරිකාවට මේ දවස්වල මුකුත් කියන්නෑ කියනවා වගේ කතාවක් විතරයි!!!

      ලිබියාවේ ගඩාෆි පාලනය අවසන් කරන්නට උවමනා වූයේ ලොව නන් දෙස සිටි ලිබියානු ජනතාවට. ඒක ඇමෙරිකාවට උවමනාවක් තිබියත්, ප්‍රංශයට උවමනාවක් තිබියත් නවතන්නට නොහැකි වූ තැනකට පැමිණියක්. අද දකින්න පුළුවන් ලිබියාවේ අය තම නිදහස ආරක්ෂා කරගන්න ඉදිරියට එන හැටි සෙසු ඉස්ලාමීය රටවල් වලට වෙනස් වූ ආකාරයකට.

      සෙන්කාකු දූපත් ජපනෙක් මිල දී ගන්න ගිහින් ඒකට ඉඩ නොදී ජපානය මිල දී ගැනීමෙන් ඇතිවෙන්නා වූ ජපන්-චීන යුද්ධය ජපානය උතුරු කොරියාවට ගහන දාට කළින් වෙයි ද? උතුරු කොරියාවට පහර දීමේ උවමනාවක් ජපානයට හෝ ඇමෙරිකාවට ඇතැයි කියන්නේ කුමන කාරණයක් නිසා ද? උතුරු කොරියාවේ කඩා වැටීම දැනටමත් චීනයට ඇදී යන උතුරු කොරියානුවන් විසින් පටන් ගෙන තියෙන්නක්. එයට නොදැනුවත්වම අත දී ඇත්තේ චීනයයි.

      මේක වෙන කතාවක්, මයියොක්කා වල තියන පල්මානික්කම් නිසයි (අර දම්පාට ඉරි එන එක) විෂ වෙන්නෙ. නැතිව ඉඟුරු එක්ක කන නිසා නෙමෙයි. ඉතින් එහෙම නැති මයියොක්කා කන තෝරා ගැනීම කරන හැටි මිනිසාට කියා නොදී, විෂ සහ රස තෝරා ගන්නා හැටි කියා නොදී අපි මයියොක්කා කාලා ඉඟුරු බිව්වම විෂ වෙනවා යැයි කියා මුලා කරමින් සිටිය යුතු ද?

      Delete
  6. අන්තිම ප්‍රශ්නෙට උත්තරය බඩ උලාගෙන ඉන්න කියනඑක තමා

    ReplyDelete
    Replies
    1. වෙන මොකක්ද ඇත්තටම කරන්න තියෙන්නේ???

      Delete
  7. හොඳ විග්‍රහයක් දිනේශ්..

    ලංකාවෙ අපට ඇමෙරිකාව ත්‍රස්තවාදය පිළිබඳව පෙන්නුම් කරන දෙබිඩි ප්‍රතිපත්තිය නිසා ඔවුන් සමඟ ගැටළු තිබුනත් මුස්ලිම් අන්තවාදීන් ලෝකය පාලනය කරනවාට වඩා ඇමෙරිකාව ලෝක බලවතා වීම බෙහෙවින්ම සුබදායකයි. Ashenya කියන පරිදි මුස්ලිම් අන්තවාදීන් ( මෙමගින් සාමකාමී අන්‍යාගම් වලට ගරු කරනා මුස්ලිම් ජනතාව නියෝජනය නොවේ. ) ලෝකබලවතකු වූවොත් එක රැයින් අන්‍යාගමිකයන්ගේ විනාශය ඔවුන් තහවුරු කරාවි.

    චෙච්නියානු සටන්කාමින්ගෙන් බැටකන රුසියාව මේ තත්ත්වය අවබෝධ කොට ගතයුතුයි. ඔවුන් ඇමෙරිකාවට එරෙහි වන්නේ නම්, ඔවුන් එම ස්ථානය ගත යුතුයි. ඇමෙරිකාවට එරෙහි වී එහි වාසිය වෙන කෙනෙකුට ලබාදීමේ ආදීනව ඔවුන් තේරුම් ගත යුතුයි කියලයි මගේ හැඟීම.

    ආරාබි වසන්තයෙන් පලයක් ලද එකම රට ඊජිප්තුව විතරයි. මාගේ ඊජිප්තු මිතුරන් කියන පරිධි එහි දැන් නව ජනාධිපති වරයෙක් යටතේ ඉදිරි ගමනක් දක්නට ලැබෙන බවයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඒ වගේම //මුස්ලිම් අන්තවාදී ලෝකබලවතකු වූවොත් එක රැයින් අන්‍යාගමිකයන්ගේ විනාශය ඔවුන් තහවුරු කරාවි. // 100% ක් එකඟයි. ඒවගේම රුසියාවත් විවාද කණ්ඩායමක යෝජක පිළේ අදහස් වලට හැම ටිටකම ප්‍රතියෝජක පිළ එරෙහි වන්නා සේ නොසිට සමස්ථ ලෝකයටම බලපාන අන්තවාදී මුස්ලිම් බලපෑම වැලැක්වීමට සහජීවනයෙන් කටයුතු කළ යුතුයි. ඒ වගේම අන්තවාදී මුස්ලිම් පාලනයටත්, පීඩාකාරී කොමියුනිස්ට් පාලනයටත් වඩා හැම අතින්ම හොද නොවුනත් ධනාවාදී ඇමරිකානු පාලනය හොද බව මගෙත් අදහසයි.

      ඒ වගේම තමයි මමත් කියන්නේ මේ අරාබි වසන්තය හැම තැනටම, හැම විටකම ගැලපෙන්නේ නැහැ...

      Delete
    2. අපි හිතනවාටත් වඩා වේගයෙන් මුස්ලිම්කරණය සිද්දවෙනවා.ඒක සිද්ද වෙන්නෙ බලහත්කරයෙන් නෙමෙයි වර්ගයා වැඩි වැඩියෙන් බෝකිරීම මගින් කියලා අපි හැමෝම දන්න දෙයක් නේ.වැඩි ඈතකට යන්නෙ මොකටද ශ්‍රීලංකාවම උදාහරණයකට ගන්න පුලුවන්.
      ඇත්තටම මේ අන්තවාදයේ ඉස්ලාමයක් ඉතිරි වෙලා නෑ මේ අන්තවාදය අවි බලයෙන් මර්ධනය කරන එක හිතන තරම් ලේසි නෑ කියලා ඔප්පුවෙලා හමාරයි. අන්තවාදය බිද වැටෙන්න නම් එකේ තියන මිලේජ්ජත්වය ඒක වැලදගන්න ජනතාව තේරුම් ගන්න ඕනේ.ඒක තේරුම් ගත්ත දවසට ඉස්ලාම් කියන යක්ෂයාගෙන් අපිට ගැලවීමක් ලැබෙයි




      ඊට අමතරව ගන්න පුලුවන් විසදුමක් තියනවා,එත් එක අමානුෂික වැඩියි.ඒක තමයි මේ ඉස්ලාම් මුලධර්මවාදය ,අන්තවාදය නියම විදියට කිවුවොත් ත්‍රස්තවාදය මුදල් අවි සපයන මූලයන් විනාශ කිරීම.

      තේරෙන විදියට කිවුවොත් සවුදි අරාබියට,ඉරානයට,පාකිස්තානයට බෝම්බ දාන එක.මොකද මේරටවල් තමයි මේ අන්තවාදය පෝෂණය කලේ,මට එක දෙයක් අමතක වුනා ඔව් ඇමෙරිකාව මුස්ලිම් අන්තවාදය පෝෂණය කරපු තවත් එක රටක්,ඒත් ඒ මෝඩයා අනුන්ට කපපු වලේ තමන්ම වැටුනා.

      Delete
  8. ඉස්ලාම් අන්තවාදීනුත්, ඒකාධිපති කොමිනිස්ට් කාරයිනුත් ලෝක බලවතුන් වෙනවාට වඩා ඇමරිකාවේ බලවත් කම සහ චණ්ඩි පාට් හොඳයි කියලයි කියන්න තියෙන්නෙ, ඒ තර්කයේ ඉඳන් මම නම් ඇමරිකාවේ කටයුතු විවේචනය කරන්නේ බොහොම අඩුවෙන් .

    මේ දවස් වල යන චිත්‍රපටි සීන් එකේ බොහොම හාස්‍ය ජනක පැත්තක් දකින්න තියනවා ,මොකද ඔය විඩ්යෝව නිසා හිත් තැවුලට පත් වෙච්ච මුස්ලිම් ජාතිකයින් බහුල රටවලමයි කලබල , දේපල හා ජිවිත විනාශ වීම් තියෙන්නේ , කාටද පාඩු චිත්‍රපටිය හදපු එකාටද, සැඟවිලා තියන දරුණු , ම්ලේච්ඡ ගති එලියට අරගෙන දඟලන මුස්ලිමුන්ටද ?

    ReplyDelete
    Replies
    1. මගේ ප්‍රතිපත්තිය නම් හතුරෙක් වුනත් මිතුරෙකු වුනත්‍ හොද දේ හොද ලෙසත්, නරක දේ නරක ලෙසත් දැකීමයි. ඒ කෙසේවුනත් මමත් //ඉස්ලාම් අන්තවාදීනුත්, ඒකාධිපති කොමිනිස්ට් කාරයිනුත් ලෝක බලවතුන් වෙනවාට වඩා ඇමරිකාවේ බලවත් කම සහ චණ්ඩි පාට් හොඳයි// කියන මතයේ සිටිනවා. ඒ එක්කම ඔබ පවසා තිබෙන පරිදි අහක තිබෙන වීඩියෝවකට අලාභහානී කරගන්නා උන් මෝඩයන්ම තමයි...

      Delete
  9. දිනේශ් Global Fire Power වේබ් අඩවියේ යුධ තොරතුරු සහ නැවත ලෝක යුද්ධයකට තියන ඉඩ ගැන කථා කරල තියන නිසා අතිරේක කාරණයක් මතු කරන්න හිතුනා , ඒ අඩවියේ තොරතුරු අනුව ලෝකේ ප්‍රධාන යුධ ශක්තීන් 10න් 7ක් පැහැදිලිවම ඇමරිකානු කඳවුරේ , රුසියන් -ඇමරිකන් අතරමැදි තැනක ඉන්න ඉන්දියාව අත්හැරලා දැම්මොත් රුසියාව හා චීනය ඇරුණාම ඔවුන්ගේ කඳවුරට ඉන්න අනෙක් සාමාජිකයින් සියලු දෙනාම යුධ ශක්තියෙන් සැහෙන පහල ඉන්න අය

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත ඇමරිකාව හා සිටින ප්‍රභල රටවල් හා සසදා බැළුවම චීනය හා රුසියාව පාර්ශවයේ එම රටවල් දෙක හැරුන කොට එතරම් බලයක් නැහැ. ඒත් චීන-රුසියන් බලය දැවැන්තයි. විශේෂයෙන් රුසියානු භූමිය නම් අත්පත් කරගෙන පාලනය ගෙන යන්නට යාම ඉතිහාසය පුරාම කොයිම පිටස්තර රටකටවත් ලේසි වුනේ නැහැ. ඒ නිසා අනෙක් රටවල් නම් ගණන් ගන්නට නොහැකිවුනත් රුසියන්-චීන එකතුව නම් කොයි එකමුතුවටත් ප්‍රභල අභියෝගයක් වේවි...

      Delete
  10. මුස්ලිම් ලෝකය නැවත කිසි දිනක ලෝක බලවතුන් වන්නේ නෑ.එහෙම හිතන එක යථාර්ථවාදී නෑ.ඊශ්‍රායලයට එරෙහිව සටන් කිරීමේදීත් බෙදී සිටින,ඒ වගේම ඉරානය ,ඊශ්‍රායලයට වඩා ඉරානය තම සතුරා ලෙස සලකන සවුදි අරාබිය එතනින් ගියාම ඈමරිකාවට මිතුරු තුර්කිය හැරුනාම බලවත් මුස්ලිම් රටක් නෑ.ඉරානයත් බේරිල ඉන්නෙ රුසියාවත් චීනයත් අසල තියන නිසයි.හරියට උතුරු කොරියාව වගේ.
    කොහොමටත් අනාගතයෙදි ලෝකය ඇමරිකාව ප්‍රමුඛ බටහිරයන්,රුසියාව ,චීනය හා ඉන්දියාව අතර බෙදී යාවි.
    මම දකිනවා මුස්ලිම් සංස්කෘතිය අන්තවාදී බටහිරකරනයටත් විකල්පයක් කියල.ඒත් බෙලි කපන ආන්ඩුවක් එනවටනම් අපි කවුරුත් කැමති නෑ.ඇත්තටම ගල් ගැසීම,අතපය කැපීමට වඩා මිනිසුන් වරදින් මුදා ගන්නයි අවශ්‍ය.බටහිර රටවල හොරකම් අඩු අතපය කපන්නෙ නැති වයි.
    ඒ වාගෙම මුස්ලිම් සමාජ්ය අන්තවාදී බව හැඕම පිලි ගන්න දෙයක්.මේ අන්තවාදය නම් 21 වන සියවසට ගැලපෙන එකක් නෑ

    ReplyDelete
  11. මුස්ලිම් අන්තවාදය 21සියවසට නොගැලපුනට එක පිලිගන්න උන් ,පිලිගන්න බලාගෙන ඉන්න උන් ඕන තරම් ඉන්නවා,ඒක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැනේ.

    ReplyDelete