Wednesday, September 26, 2012

නොමිලේ ලබාදෙන ප්‍රයෝජනවත් මෘදුකාංග රැසක් එකම තැනකින් ලබා ගත හැකි තැනක් ගැන දැනගන්න කැමතිද?

මේ ලිපිය ඉතාම කුඩා වුනාට මෙයින් ලබා ගත හැකි ප්‍රයෝජන නම් සෑහෙන්න තියේවි. අද ගොඩක් දෙනෙක් Pirated software භාවිතයට වඩා නොමිලේ ලබා ගත හැකි Open Source software වලට කැමැත්තක් දක්වනවා. සමහර විට අපි Crack/Patch කරල මෘදුකාංග රැසක් භාවිතා කළත් එයින් අපේ පරිගණකයේ දත්ත වලට හෝ පාලක මෘදුකාංගයට කරන හානි කර තත්ත්වයන් ඇතැම් විට අපි බලාපොරොත්තු නොවන අවස්ථාවල සිදුවන්නට පුළුවන්. ඒ නිසා අවශ්‍යම දෙයක් හැරුන කොට නොමිලේ ලබා දෙන Open Source software කෙරේ නැඹුරුවූවාට වරදක් නැහැ. මේ කියන්න යන්නේ එසේ නොමිලේ ලබා ගත හැකි මෘදුකාංග රැසක් ලබා ගත හැකි ස්ථානයක් පිළිබදවයි. ඔබත් ‍සමහර විට මෙම ස්ථානය දැන සිටින්නට පුළුවන්. ඒත් නොදන්න කෙනෙක් වෙත් නම් මෙම ලිපිය ඒ පිළිබදව දැනුවත් කරාවි. එසේ නම් වැඩි වැල් වටාරම් නැතුව එම වෙබ් අඩවිය ගැන කියන්නම්. ඒ http://www.filehippo.com/ වෙබ් අඩවියයි. 


අන්තර්ජාලයේ මෙසේ නොමිලේ ලබා දෙන මෘදුකාංග පිළිබදව වෙබ් අඩවි රැසක් තිබුනත් මෙහි ඒවාට වඩා ලේසියෙන් මාදූකාංග සොයාගැනීමේ පහසුකම වගේම අළුතින් මොන මොන මෘදුකාංගද යාවත්කාලීන වෙලා තිබෙන්නේ කියන එකත් කැපී පෙනෙන ලෙස පෙන්වන නිසා එයත් අමතර වාසියක් ලෙස පවසන්නට පුළුවන්. විවිද විවිද කාර්යයන් සදහා වූ නොමිලේ ලබාදෙන මෘදුකාංග රැසක් ඇති මෙම වෙබ් අඩවියටත් ගියාට ඔබට පාඩුවක් සිදුවන ‍එකක් නැහැ.

15 comments:

  1. filehippo මාත් පාවිච්චි කරනවා... හොඳයි තමා...

    ReplyDelete
  2. ඉස්සර නම් මාත් වැඩිපුරම පාවිච්චි කලේ ඕක තමයි... ‌හොඳ සයිට් එකක්..

    ReplyDelete
  3. @අළුත් මල්ලී සහ හිරු - ආ මේ ඉන්නේ තව ඒ අඩවියට යන එන අය...

    ReplyDelete
  4. ප්‍රථමයෙන්ම ඔබට සුබම සුබ උපන්දිනයක් හා නිරෝගී දිවියක් ප්‍රර්ථනා කරනවා. ලිපියේ වටිනාකම රඳාපවතින්නේ විශාලත්වයෙන් නොවෙයි යන්න ඔබත් හොඳින්ම දන්නා කාරණයක්. කුඩා උනත් මෙවැනි වටිනා දේවල් ඉදිරිපත් කිරීම මම අගය කරනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිර්මල, ඔව් වචන වැඩිවූ පලියට ලිපියක හෝ කිසියම් ‍ලේඛනයක වටිනාකම රදා පවතින්නේ නැහැ. එය කෙ‍තරම් කෙටි වූවත් එහි අන්තර්ගතයේ ඇති සාරගර්භබාවය හා එයින් ලබාදෙන පණිවිඩයේ ප්‍රභලත්වය තමයි ලිපියක වටිනාකම තහවරු කරන්නේ. ඒත් මීට කලින් ලබා ඇති අත්දැකීම් නිසා එවන් ඌනපූරණයක් එකතු කිරීම කාලෝචිත නිසා බොහෝවිට එවන් වැකියක් එක් කරනවා...

      Delete
  5. වටිනවා දිනේෂ්...
    බොහොම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි උදාර කවදා හෝ මෙයත් ප්‍ර‍යෝජනවත් වේවි...

      Delete
  6. ස්තූතියි දිනේෂ්, දන්න දෙයක් අනෙක් අය සමඟ බෙදාගන්නවට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ‍බොහෝ අය මේ අඩවිය පිළිබදව ‍දැනුවත් වූවත් නොදන්නා යමෙකු වේ නම් සටහන් කර තැබීම යම් උදව්වක් වනු ඇතැයි සිතා සටහන් කළෙමි...

      Delete
  7. මම දැන් සෑහෙන කාලයක් තිස්සේ ඕක පාව්ච්චි කරන්නේ ඕක.. ඕනේ වෙලාවක සොෆ්ට්වෙයාර් එකක් ඕනේ වුනොත් ඉස්සෙල්ලම බලන්නේ ඕක.

    ReplyDelete
    Replies
    1. ඔව් අපි දැනටමත් භාවිතා කරන මෘදුකාංග වුවත් අළුත් සංස්කරණයක් නිපදවූ විගස දැන ගැනීමටත් මෙම අඩවිය උදව් වෙනවා...

      Delete
  8. ඇත්තෙන්ම ඒක නියමයි මාත් බාවිතා කරනවා.

    ReplyDelete
  9. asanka

    aththatama hodai

    ReplyDelete