Wednesday, October 23, 2013

ලොව පුදුම හතට අයත් නිමැවුම් කිහිපයක් හා තවත් අග්‍රගණ්‍ය නිමැවුම් කිහිපයකම අතීත සේයාරූ සමග තවත් පැරණි සේයාරූ කිහිපයක්...

මේ පින්තූරයෙන් දැක්වෙන්නේ 2007 වසරේදී නම් කෙරුණ ලෝකයේ පුදුම හතටත් අයත් වන Machu Picchu නම් ඉන්කා ශිෂ්ඨාචාරයට අයත් ඓතිහාසික ස්ථානයයි. පින්තූරය රැගෙන තිබෙන්නේ 1911 දී. ඒ ඇමරිකානු දේශාඨක Hiram Bingham විසින් 1911 දී මේ ස්ථානය සොයාගත් අවස්ථාවේදීය.
පේරු රටේ ඇන්ඩිස් කදුකර ප්‍රදේශයේ මුහුදු මට්ටමින් අඩි 7970 ක උසකින් පිහිටි මෙම ස්ථානය ඉන්කාවරු විසින් ගොඩනගනු ලැබුවේ ක්‍රි.ව. 1450 දී පමණ බව පැවසෙන අතර එයින් සියවසකට පමණ පසු එනම් ක්‍රි.ව. 1572 දී පමණ අත්හැර දමනු ලැබූ බව පැවසෙන්නේ ස්පාඥය ආක්‍රමණ නිසා බවයි.

ඒත් ස්පාඥය වාර්ථා කිසිවක මෙම ස්ථානය සදහන් නොවීමත් 1911 තරම් මෑතක් වනතුරු බාහිර ලෝකය මෙම ස්ථානය පිළිබදව නොදැන සිටීමත් නිසා ස්පාඥයවරුන්ගේ ආක්‍රමණවලට බියෙන් පළාගිය ජනයා මෙම ස්ථානයේ තවදුරටත් සරණාගතව සහ රහසිගතව වාසය කරන්නට ඇති බවටද අනුමාන විශ්වාසයක් පවතිනවා. වර්ග කි.මී. 13 ක ප්‍රදේශයක් පුරා විසිරී ඇති මෙම ගොඩනැගිලි, විශාල මන්දීර, පූජ්‍ය ස්ථාන ආදිය ප්‍රධාන කොට පවතී. එසේම මේවා බොහොමයක් තනි කළුගලෙන් කරනා ලද ගොඩනැගීම් බවත් පැවසිය යුතුයි.
------------------------------------------------------------------------------------------
මේ පින්තූරයෙන් දැක්වෙන්නෙත් 2007 වසරේ නම් කෙරුණු පුදුම හතටම අයත් නිර්මාණයක්. Christ the Redeemer ලෙස හැදින්වෙන මෙම දැවැන්ත නිර්මාණය පිහිටා තිබෙන්නේ දකුණු ඇමරිකාවේ අතිවිශාල රාජ්‍යයක් වන බ්‍රසීලයේ. තවත් අතකින් බ්‍රසීලයේ ජාතික සංකේතයක් වන් මෙම නිර්මාණය රියෝ ඩි ජනයිරෝ නුවර Corcovado නම් කදු ගැටය මුදුනේ වන අතර කන්දේ පාමුල සිට පිළිරුව ඇති ස්ථානයට උස මීටර් 713 (අඩි 2340) ක් බවද පැවසෙනවා. තවද මෙම ස්ථානයට පිවිසීමට මහාමාර්ගය මෙන්ම දුම්රිය මාර්ගයකින්ද පහසුකම් සලසා ඇති බව පැවසිය යුතුයි.
බ්‍රසීලයේ ආරාධනයෙන් ප්‍රංශ ප්‍රතිමා නිර්මාණකරුවෙකු වන Paul Landowski විසින් 1921 දී ආරම්භ කරනා ලද මෙම නිර්මාණය අවසන් කර තිබෙන්නේ 1931 දී. මේ පින්තූරය රැගෙන තිබෙන්නේත් එකළ මෙය නිර්මාණය කරන අවදියේදීය.

යේසුස් වහන්සේ දෑත් දෙපසට විහිදා තිබීම නිරූපිත මෙම පිළිරුවේ උස අඩි 100 ක්, පිළිරුව පිහිටුවා තිබෙන Stand එකෙහි උසත් අඩි 20 ක් බව බව සදහන්. දෑත් අතර දිගත් අඩි 92 ක් බව සැලකිය යුතුයි.
------------------------------------------------------------------------------------------
මේ පින්තූරය අරගෙන තිබෙන්නේ ලිබර්ටි ප්‍රතිමාව හදන කාලයේදී. ලිබර්ටි ප්‍රතිමාව ගැන බොහෝ තොරතුරු දැනට වසර දෙකකට පමණ පෙර ලියූ මෙම ලිපියේ තිබෙනවා.
------------------------------------------------------------------------------------------
මේ පින්තුරයේ දැක්වෙන පිළිවෙලක් නැති මේසය භාවිතා කර තිබෙන්නේ නම් විසිවන සියවසේ ලෝකයේ සිටි බුද්ධිමතා වන ඇල්බර්ට් අයින්ස්ටයින් විසින්. පින්තූරය ලැබෙන විට දැක්වුන පරිදි නම් මේ පින්තූරය රැගෙන තිබෙන්නේ ඔහු මෙලොවින් සමුගත් දිනයේදීය.
------------------------------------------------------------------------------------------
පළමු ලෝක යුද සමයේ ප්‍රංශයේ සිටි දක්‍ෂතම ගුවන් නියමුවා ලෙස සැලකෙන Charles Godefroy විසින් සිය ගුවන් යානය, ප්‍රංශයේ සුප්‍රකට හා එරට ජාතික සංකේතය වන් පැරීසියේ the Arc de Triomphe අතරින් පදවා ගෙන යන අන්දම දැක්වෙන සේයාරුව තමයි මේ.
------------------------------------------------------------------------------------------
මේ පින්තූරයත් සුවිශේෂ ඉදිකිරීමකට අදාල වෙන පින්තූරයක්. මේ පින්තූරය 1908 වසරේදී කාචයේ සටහන් කර ගත් එකක් වන අතර ඒ නිව්යෝර්ක් නගරයේ මෑන්හැට්න් පාලම තනන අවස්ථාවේදීය. මෙම පාලම 1901 දී තැනීම ආරම්භ කර වැඩ අවසන් කර තිබෙන්නේ 1912 දී. හැබැයි 1909 දෙසැම්බර් 31 වනදා මෙය විවෘත කර තිබෙන්නේ වැඩ අවසන් කිරීමටත් පෙරාතුවයි.
මෙම පාලම දිගින් අඩි 6855 ක් හෙවත් මීටර් 2089 ක්. අනෙක් අතින් කියනවා නම් කි.මී. 2 කට සුළු ප්‍රමණයක් වැඩියෙන් මෙම පාලම දිගයි. පළල නම් අඩි 120 (මීටර් 37) යි. ඒවගේම උසින් වැඩිම ස්ථානය එනම් පාලමේ මැද පිහිටි කුළුනක උස අඩි 336 ක් හෙවත් මීටර් 102 ක්.  ඒවගේම පාලම ආධාරක දෙකක් අතර එල්ලී ඇති වැඩිම දුර ප්‍රමාණය අඩි 1480 ක් හෙවත් මීටර් 451 ක්. ඒ විතරක් නෙමෙයි. පාලමට පහලින් ඇති East river නම් ගංඟාවේ ජල මතුපිට සිට පාලමට ඇති නිදහස් අවකාශයේ උසත් අඩි  135 ක්. පසුකලෙක තවත් අංග එක්වූ මෙම පාලමේ දැන් මංතීරු 7 ක මහා මාර්ගයකට අමතරව දුම්රිය මාර්ග 4 ක් සහ පදිකයන්ට මෙන්ම බයියිකල් වලින් ගමන් යන්නන් සදහා වෙන් කළ මාර්ග කොටස් පවා තිබෙන බව සදහන් කළ යුතුයි.
http://en.wikipedia.org/wiki/Manhattan_Bridge
------------------------------------------------------------------------------------------
මේ පින්තූරය කුමක්දැයි දුටු පමණින් ඔබ වටහා ගනීවී. සුප්‍රකට ප්‍රංශ අයිෆල් කුළුන තනන අවස්ථාවක ගත එකක් තමයි මෙය. අයිෆල් කුළුන වැනි දැවැන්ත හා සුවිශේෂ නිර්මාණයක් ගැන පසුවට ලියන්න තබා දැනට මෙම පින්තුරය පමණක් මෙතැන තබන්නම්.
------------------------------------------------------------------------------------------
මේ පහල පින්තූරයේ තිබෙන ගොඩනැගිල්ලේ තිබෙන මිනිස් හිස විසිවන සියවේ සිටි තවත් ඒකාධිපති පාලකයෙකු ලෙස සැලකෙන බෙනීටෝ මූසලීනිගේ බව තමයි මේ පින්තූරය සමග තිබූ විස්තරයේ සටහන් වුනේ. කොහොමවුනත් බෙනීටෝ මූසලීනි කියන්නේ කවුද කියන එක මෙන්න මේ ලිපියේ ලිව්වා.
http://sathsamudura.blogspot.com/2012/03/ii.html


අද ලිපිය මෙතැනින් නවත්වන්නම්....