Wednesday, September 21, 2011

ලොව කුරිරුතම ‍යුද්දයේ වගතුග හා එහිදී ක්‍රියාත්මක වූ ම්ලේච්ඡ වදකාගාර පිළිබදව හා වදකයන් ගැන පොත් දෙකක්...

 මෙන්න දෙවන ලෝක යුද්දය ගැන තව පොත් දෙකක්. හැබැයි සමහර විට ඔබලා මට දොස් කියාවිද දන්නෙත් නැහැ එකම තේමාවක් ගැන දිගටම පොත් ගෙන එනවාද කියාත්. කෙසේවෙතත් මේ පොත් දෙක නම් සෑහෙන්න සුවිශේෂයි මෙම සිද්ධි සම්බන්ධයෙන්.


පළමු පොත තමයි අවසන් විසදුම - දෙවන ලෝක යුද සමයේ නට්සි වදකදවුරුවල සිරගතවූවන්ගේ ඉරණම පිළිබද සත්‍ය වෘතාන්තය කියන පොත මෙහි කතුවරයා වන්නේ ප්‍රියන්ජන් සුරේශ්ද සිල්වා මහතායි.


මෙම පොතේ විශේෂත්වය වන්නේ මෙය පරිවර්ථන කෘතියක් නොව මෙම කතෘවරයා ජරමනියේ හා දෙවන ලෝක යුද්දයේදී ජර්මනිය අනසක පිහිටුවාගෙන තිබූ රටවලට ගොස් අදාල කරුණු පෞද්ගලිකය සොයාබලා එම කරුණු පොතට ඇතුලත් කර තිබීමයි. 


ඒවගේම අ‍ප දෙවන ලෝක යුද්දය හා එයට ඈදුන ජර්මන් පාර්ශවයේ පුද්ගලයන් පිලිබදව නොදන්නා කරුණු රාශියක් මෙන්ම එහි අපි කිසිදා අසා නොමැති ඇතැම් සිද්ධි, සංවිධාන ජාලයන්, ඔවුන්ගේ කුරිරු අත්හදාබැලීම්, අප දන්නා අවුට්ස්විට්ස් කදවුරට අමතරව තව කදවුරු කොපමණ සංඛ්‍යාවක් තිබුනේද යනවග, මෙම මිනීමරු නාසින්ගේ ගොදුරු බවට පත්වූ යුදෙව් හා අනෙකුත් ජාතීන් ගැන අනුවේදනීය සිද්ධි රාශියක්ද මෙහි ඇතුලත්.


හැබැයි මෙම පොත කරුණු අතින් පොහොසත් වගේම ටිකක් බරසාර ‍පොතක්. මිලත් ඒවගේම තමයි. 2008 දෙවන මුද්‍රණය රු.600/= ක් වෙනවා. කතෘ ප්‍රකාශනයක් වන මෙය සරසවි ප්‍රකාශකයෝ විසින් ‍බෙදාහැරීම කරනු ලබනවා.- ISBN අංකය : ISBN 978-955-573-798-2  



දෙවනියට කියන්න යන පොත නම් ඇතැම් විට මේවන විටත් කියවා ඇති. එය රංජිත් කුරුප්පු මහතා විසින් පරිවර්ථනය කරන ලද දොස්තර මික්ලෝස් නයිස්ලිගේ Auschwitz "A Doctor's Eye witness Account" පො‍තේ සිංහල පරිවර්ථනය වන මරණයේ දොරටුව - හිට්ලර්ගේ මිනීමරු කම්හල තුලදී වෛද්‍යවරයෙකු ඇසින් දුටු සාක්‍ෂි නම් පොතයි.


වෛද්‍ය ‍ජෝසෆ් මැන්ගලගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදුකෙරුන අමානුශික මානව පරීක්‍ෂන හා මෙම මුල් කතුවරයා වන යුදෙව් වෛද්‍යවර‍යාගේ සිරකදවුරේ ජීවිතය මෙම පොතට ඇතුලත් වේ.
මෙයද කතෘ ප්‍රකාශනයක් වන අතර බෙදාහැරීම ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් සිදුකර ඇති අතර 2006 සිව්වන මුද්‍රණය රු.275/= කි. එහි   ISBN අංකය : ISBN 955-1188-55-6
එතරම් මිහිර මාතෘකාවක් නොවන මෙම පොතේ ඇතුලත් තේමාවට ඔබ එතරම් කැමතිනොවෙන්නටත් පුළුවන්. ඒත් පසුගිය දශක කිහිපයකට පෙර ඉතිහාසය හාරවුස්සන අයෙකුට නම් මෙම පොත් වල කරුණු වැදගත් වේවි...


දෙවන ලෝක යුද්දය ගැන මේ වන ලියා ඇති වෙනත් ලිපි -

හිට්ලර් ගැන නොදත් කතා හා පින්තූර - Another secrets about Hitler

දෙවන ලෝක යුද්දය හා ඉන් පසුව ලෝකයේ සිදුවූ කැපී පෙනෙන සිදුවීම් ගැන නොදන්නා අයට දැනගන්නටත්, ටිකක් දන්නා අයට එම දැනුම වැඩි කර ගැනීමටත්, ඉතිහාසය වෙනස් කරන්නට යන අයට අඩුම තරමෙන් මෙය කියවා වත් තමන් දරන මතය හා වපුරන විහිළු බොරු මතයන්ගෙන් ඈත් වීමටත් හොද පොතක් (International Politics) සහ සත් සමුදුරේ තවත් කඩඉමක් සමග පසුගියදා පල කල හිට්ලර් ගැන ලිපියේ ඇතැම් ඇනෝනිමසයන්ට පිළිතුරු..


මෙන්න හිට්ලර් හා දෙවන ලෝක යුද්දය ගැන දැන ගන්න පොත් තුනක්ම...




17 comments:

  1. බොහොම ස්තුතියි පොත් ගැන දැනුවත් කලාට , " මරණයේ දොරටුව " ගිය වතාවෙ පොත් ප්‍රදර්ශනයෙන් ගත්තා අනිත් පොත හෙටවත් ගිහින් ගන්න ඕනි ..........

    ReplyDelete
  2. මේ පොත් දෙකම මාත් කියවලා තියෙනවා. ඔය දොස්තර මහත්තයාගේ පොත පාදක කරගෙන 2001 අවුරුදේදි The Grey Zone කියල ෆිල්ම් එකකුත් රිලීස් වුණා.

    ReplyDelete
  3. මං ආස අංක 1 පොතට...

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. Mr. dinesh Deepal
    Thank you so much for introducing my book Avasan Visanduma for the blog readers. its latest edition released August 2011.
    You are doing a great service to the people who loves to read good books.

    Priyanjen Suresh De Silva

    ReplyDelete
  6. ගොඩක් ස්තුතියි පොත් ගැන කිව්වට

    ReplyDelete
  7. @Diary of a Journalist - You are welcome and thank you, Mr.Priyanjen Suresh De Silva. I am very happy for your comment in blog. this book is one of the best book about World War 2 and Nazi Propaganda. Some facts in this book such as Jews Geto system, dried human head converted to Paper weight, detailed explanation on the medical experiments they had been done and many more other details, I never read or see before. In future I wish to read your other books also. Thank you...

    ReplyDelete
  8. @sameera - ඔව් දැන් එම පොතේ තෙවන මුද්‍රණය තිබෙන බව ප්‍රියන්ජිත් මහතා පවසා තිබෙනවා...

    ReplyDelete
  9. @උදාර - මමත් හිතුවා ඔබ මේ වනවිටත් මේ පොත් කියවා ඇති කියා. මම තවම The Grey Zone නම් නරඹා නැහැ. ඒ ගැන කිවුව එකට ස්තුතියි!

    ReplyDelete
  10. @indi - ඔබත් හොදට පොත් කියවන කෙනෙක් වගේ. සතුටුයි එහෙම කෙනෙක් අදුනගන්න ලැබීමත්...

    ReplyDelete
  11. @දයියා - OK... තව පොත් ගැන ඉදිරියේදිත් කියන්නම්...

    ReplyDelete
  12. i am working on my other book these days. its related to the same topic Holocaust and concentration camps. specially about Ravensbruck concentration camp only for females. it was situated about 56 KMs North from Berlin city - Germany. another sad experince. i have collected materiels for another 2-3 books. i will try to publish when i have time. thank you so much for ur interest about my books and i wish you all the best and continue to educate people wtth sathsamudura.
    (sorry i dont have sinhala Unicodes thats why i am writing in english.). I am a movie collector and have more than 4000 classical movies some of them are related to war and holocuast (movies and documentaries) if anyone interested to Know about these movies i can give some information about them.
    Thank you. Priyanjen Suresh

    ReplyDelete
  13. Mr.Priyanjen Suresh - ස්තූතියි මහත්මයාණනි, ඇත්තෙන්ම සතුටක් තවත් ඔබතුමාගේ පොත් කිහිපයක්ම අනාගතයේ කියවන්නට ලැබේ යයි දැන ගන්නට ලැබීමත්. කෙසේවෙතත් සතුටදනවන සිදුවීම් නොවූවත් ඉතිහාසයේ සිදුවූ මෙවැනි අතිම්ලේච්ඡ සිදුවීම් ගැන කියවන්නට ලැබෙන විට සිතෙන්නේ මිනිසාට තම වර්ගයා කෙරෙහි මෙතරම් කෲරවන්නට හැකියාවක් ඇත්ද යන වගයි.

    ඒ කොහොමවුනත් සත්‍ය‍ කෙතරම් තිත්තවූවත් ඒ ගැන හරිහැටි නොදැන ඉතිහාසය විකෘතිකරන අයට සත්‍ය පහදාදීමට මෙවැනි පොතපත සිංහල ලේඛණකලාව තුල අත්‍යාවශ්‍ය මෙන්ම එවැනි පොත පත ගැන නොදන්නා අයට කීමත් යුතුකමක් සේ සලකමි.

    මහත්මයාණනි, මා තවත් යෝජනාවක් කරන්නට කැමැත්තෙමි. ඒ ඔබට යම් දිනක හැකියාවක් ඇතොත් ජපානය විසින් කරන ලද්දාවූ යුද අපරාධගැනද කෘතියක් එළිදක්වන්න. එයින් අපගේ මෙම හිතමිතුරු රට අපහසුතාවයට පත්කිරීමක් අපේක්‍ෂාවකින් එම යෝජනාව කලා නොව වර්ථමානයේ බොහෝදෙනා ජපානය හෙවත් හිරුනගින අධිරාජ්‍ය විසින් මෙම කාලවකවානුවේ කල දේවල් ගැන නිසි අවබෝදයක් නැති බව බොහෝ අවස්ථාවල සත් සමුදුරේ ලබා දෙන අදහස්වලින්ද දැක ඇත. ජපානය විසින් චීනයේ Unit 731 වැනි සේනාංක විසින් සිදුකල බිහිසුණු පරීක්‍ෂන හා යුද නීති උල්ලංඝනය කිරීම් හා චීනය, කො‍රියාව, බුරුමය, පිලිපීනය හා තායිලන්තය වැනි රටවල කාන්තාවන් සිය සොල්දාදුවන්ගේ මනදොල පිනවීම සදහා Comfort Women ලෙස භාවිතා කල බව ‍බොහෝදෙනා නොදන්නවා පමණක් නොව ඒවාද පරමාණු බෝම්බයටම යටවී ගියාසේ සිතේ.

    ‍එසේම ඔබට සිංහල යුනිකෝඩ් පහත දැක්වෙන සබැදිය ඔස්සේ ලබා ගැනීමට හැකි බවද දන්වනු කැමැත්තෙමි. http://www.siyabas.lk/sinhala_how_to_install.html
    ඔබතුමා සතුව මේසා විශාල චිත්‍රපටි සංඛ්‍යාවක් තිබෙනු ඇසීමත් සතුටක් වන අතර හැකියාවක් තිබේ නම් ඒවා පිළිබදව විස්තර ලබාදිය හැකිනම් ඒවා ඉදිරි බ්ලොග් ලිපිවලටද පිටුවහලක් වනු නිසැකයි.

    මා හිතන්නේ මේවනවිටත් ඔබ සතුව දෙවන ලෝක යුද්දය පිළිබදව නිමවා ඇති තවත් එක් සාර්ථක චිත්‍රපටි මාලවක් වන World at the War ද තිබෙනු ඇතැයි සිතමි. මා සතුවද තවත් කිහිපයක් තිබෙන අතර ඒවාද මම ඉදිරියේ සදහන් කරන්නම්.

    ඒවගේම ඔබ විසින් ආරම්භ කරන ලද බ්ලොග් අඩවියේද ලිපි පල කරන මෙන් ඉල්ලමි. හැකි අවස්ථාවලදී සත් සමුදුරට පැමිණ ඔබගේ වටිනා අදහස් තවදුරටත් ලබාදෙනමෙන්ද කාරුණිකව ඉල්ලීමට කැමැත්තෙමි...

    ReplyDelete
  14. යාන්තං යුනිෙකා්ඩ් ගත්තා. ඔබට ස්තුතියි. ෙකාම්බුව ලගට බින්දු ඒන ඒක නවත්තන්ෙන ෙකාෙහාමද

    ඔබට හැකිනම් ෙමම චිත්‍රපට ෙසායා ෙගන බලන්න. ෙම් සියල්ලම ෙදව ෙලා්ක යුද්දයට සම්බන්ධ කතා.

    Gloomy sunday
    out of Ashes
    Olga
    naked among wolves - වෘකයන් අතර නග්නව
    operation day brake
    life is beautiful
    Shindler's list
    jakob the liar
    amen
    hearts of war
    woman in berlin
    Pianist
    the nazi officers wife
    Holocaust - ෙමය ඩීවීඩි 4 දීර්ග චිත්‍රපටයකි
    ෙමවැනි දීර්ග ලැයිස්තුවක් ඔබට කිව හැකියි. ඒ්වා ගැන අවශ්‍ය නම් පසුව ලියන්නම්.
    ෙකාළඹ ෙම්වා ලබා ගත ෙනාහැකි නම් ෙකාළම පැමිණි දිනයක පිටපත් කිහිපයක් ලබා ෙද්න්නත් පුළුවන්.

    ස්තුතියි

    ReplyDelete
  15. Mr.Priyanjen Suresh - ස්තූතියි! ඇත්තටම මම‍ මෙතනින් නරඹා ඇත්තේ එකක් දෙකක් පමණයි. අනෙක්වා අන්තර්ජාලයෙන් ලබා ගන්නට හැකිදැයි බලන අතර එසේ අපහසුවුවහොත් මා කොළඹ පැමිනෙන දිනයක ඔබට දන්වන්නම්. ඔබට කරදරයක් නොවේ නම් එවැනි විටක මට පිටපතක් ලබාදෙන්න.

    මම හිතන්නේ ප්‍රියන්ජන් මහත්මයා භාවිතා කරන්නේ Google Chrome නොවිය යුතුයි. එසේනම් කරුණාකර Google Chrome භාවිතා කරන්න. එයින් නිරාකරණය නොවේ නම් මට ඔබ භාවිතා කරන browser කුමක්ද කියා කියනවාද?

    ReplyDelete
  16. හරි. පැනය විසදුනා. ඔබට ගොඩක් ස්තුතියි කළ උපකාරයට.

    ReplyDelete
  17. @Diary of a Journalist - අවශ්‍ය යමක් තිබුනොත් ඕන වෙලාවක කියන්න. දන්නා දෙයක් නම් අනිවාර්යයෙන්ම කියන්නම්...

    ReplyDelete