Friday, September 2, 2011

ලිබියාවේ හිටපු ජනපති මුවම්මුර් ගඩාෆි මහතාගේ පවුලේ ඡායාරූප ඇල්බමයෙන් සහ කැරලිකරුවන් එවූ පින්තූර...

කාලෙකට ඉස්සෙල්ලා සත් සමුදුරේ ලිබියාව කියන රට ගැන ලිපියක් තිබුනා ඔබට මතක ඇති. ඔබ එම ලිපිය කියවා නැත්නම් මෙන්න ඒ සදහා සබැදිය - ලිබියාව

හැබැයි අදනම් ‍ඔබට ලිබියාව පිළිබදවම ලිපියක් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තුවක් නැහැ. මේ තිබෙන්නේ දැනට දින කිහිපයකට පෙර බලයෙන් පහකරනු ලැබූවයි කියන එරට ජනපති මුවම්මුර් ගඩාෆි මහතාගේ පවුලේ ඡායාරූප කිහිපයක්. එතුමා රටවාසීන්ට කෙතරම් දරදඬු පාලකයෙක් වුනත් තමන්ගේ පවුලට නම් එවැනි දරදඬු  බවක් පෙන්වූ බවක් මෙම පින්තූර වලින් නම් පෙනෙන්නේ නැහැ...


















මේ තියෙන්නේ කැරලිකරුවන් විසින් ගඩාෆි මහතාගේ දේපල අත්පත් කරගත් පසු ගන්නා ලද ඡායාරූපයි.















18 comments:

  1. ඇත්තටම මේ ගඩාෆි මොන වගේ කෙනෙක්ද? අහල තියෙන විදියට මේ රට දියුණු කරලා තියෙන්නෙත් මෙයා ලු. ඒත් මිනිස්සු කැමති නෑ වගේ දැන් නම් හොදටම . කැරලි කාරයෝ කිව්වට වැඩිපුර ඉන්නේ පොඩි ළමයි වගේ.

    ReplyDelete
  2. පොඩි ළමයි නේ...සසිත කිවුවත් වගේ!

    ReplyDelete
  3. රජ කම් කලත් කල කම් පලදේ............., රජ කම් කරත්දී කල කම් ඊටත් තදින් පලදේ

    ReplyDelete
  4. බුද්ධාගම බොරු කරන්න බැහැ .........

    ReplyDelete
  5. හරිනේ දිනේශ් ගොඩක් නායකයෝ ආදරේ කරන්නේ තමන්ගේ පවුලටයි පරම්පරාවටයි තමයි. එහෙම නැතුව රටට නෙමෙයි. මේකට උදාහරණ හොයන්න මං හිතන්නේ වැඩිය දුර යන්න ඕනෙත් නැහැ.

    ReplyDelete
  6. උදාර : සිරා කථාව සිරා.. ඇත්ත

    ReplyDelete
  7. මං අහලා තියන විදිහටත් අන්තර්ජාලයේ සොයා ගැනීමට තිබෙන තොරතුරු අනුව ගඩාෆි ට පෙර ලිබියාව යනු ගොත්‍රික වර්ගයා විසින් කොටස් වශයෙන් පාලනය කල ඉතා දිලිදු රටක් නමුත් ඔහුගෙන පසුව ලිබියාව එක්සත් කොට දියුන් කල බවත් ලිබියාවේ සම්පත් තම රටට ලබා දෙමින් ජනතාව වෙනුවෙන් විශාල සේවාවන් කල බවයි .
    දැනටම ලිබියාවේ ගොත්‍රක කණ්ඩායම් වැඩ අල්ලා ඇති බවත් වාරතා වේ..........

    ReplyDelete
  8. හ්ම්.එක දෙයයි ඉතින් කියන්න තියෙන්නේ..මේ දවස් වල ලිබියාවෙ වෙන හැම සිද්දියක් පිටි පස්සෙම මහා ලොකු නොපෙනෙන අරමුනක් තියේ..සමහර විට තෙල් වෙන්නත් පුලුවන්.. !!!
    කොහොම නමුත් අපි දකින(නැත්තම් අපිට පෙන්නන) කතාව නෙවේ ඇතුලෙ තියෙන්නෙ..!!

    ReplyDelete
  9. හොඳම දේ තමයි ලිබියාව කාගෙන්වත් ණය අරන් නැහැ. රස්සා නැති හැම කෙනෙකුටම දීමනාවක් දීලා තියනවා. පිටරටවල ඉගෙන ගන්න යන්න රජයෙන් වියදම් කරනවා. ඒත් ගඩාෆි හොඳ නැතිළු. අනේ මන්දා.

    ReplyDelete
  10. තමන්ගෙ පවුලට ආදරේ කරන දේශපාලකයො හින්ද තමයි ගොඩක් රටවල රටවැසියො දුක් විඳින්නෙ.
    අමුතුවෙන් උදාහරණ අවශ්‍යද?

    ReplyDelete
  11. pawle gnathin nisai meyata me iranama miniha hontha kenek welath.mehema kiyanakota elangta katath mathak wenne lankawa eka sadaranai namuth baya wenna one naha hama ehektama behethak thiyenawa e thamai jathi bedaya.uthum rate moda minissu.

    ReplyDelete
  12. කැරලි ගහපු උන්ට තරු පෙනෙය් බටහිර කාරොයො තමන්ගෙ රටේ සම්පත සුරගෙන කනකොට

    ReplyDelete
  13. "``` Outsider``` said...
    තමන්ගෙ පවුලට ආදරේ කරන දේශපාලකයො හින්ද තමයි ගොඩක් රටවල රටවැසියො දුක් විඳින්නෙ.
    අමුතුවෙන් උදාහරණ අවශ්‍යද?"

    නියම කියමන . . .!

    ReplyDelete
  14. http://strangedazun.blogspot.com බලන්න ගඩාෆගේ තවත් නොදුටු කරුණක් ගැන

    ReplyDelete
  15. ‍මේ ලිපිය පල කලේ මීට කාලෙකට කලින්. හැබැයි ඔබලාට පිළිතුර දෙන්න සිතා සිටියත් විවිද හේතුනිසා ඒක අතපසුවුනා. කොහොමවුනත් අද මේකට පිළිතුරු දෙනකොට මේ පින්තූරවල ඉන්න ගඩාෆි මියපරලොව ගොසින්. ඔහුත් බොහොම දරුණු ඒකාධිපතියෙක් හා ත්‍රස්ථවාදයට උදව් දුන් පුද්ගලයෙක් බව කියනවා. කෙසේවෙතත් ඔහුගෙන් පසුව ලිබියාවේ අනාගත‍ය කෙසේවේදැයි තවමත් අපහැදිලියි. ඇමරිකාව හා නේටෝව එය කෙබදු දිශාවකට යොමුකරයිද? නැත්නම් තවත් ඉරාකයක් වෙයිද? ඒ ගැනත් ඉදිරියේදී බලමු...

    ReplyDelete
  16. ayye welawak tibunoth white phosphorus gana lipiyak liyanna ...JAYAWEWA..

    ReplyDelete
  17. සැප හැමදාම නෑ........

    ReplyDelete
  18. මොනව උනත් සැපට ඉදල තියෙනවනේ..... පස්සේ බෝක්කුවක ඉදලා වේඩි කාලා මලත් සැප විදපු ඩයල් එකක්නේ... anyway මචොං....පිංතුර ටික නම් කොර...! යකෝ ඌට indoor පූල් එහෙමත් තිබිලා තියෙනවා.. යකෝ මේහෙම එක දවසක් ඉදල මලත් සැපයි නේ බොල...ෆුහ්

    ReplyDelete