Friday, March 18, 2011

පිරිමීඩ ගැන සහ පුරාණ මමි ගැන ලියවෙන සටහනට අකුරු අමුණන වගයි...(The Human Libraries) - තෙවන කරදැහිය

දෙවන කොටසින්...



Scariest Places on Earth 


Catacombs ගැන ටිකක් විතර විස්තර පිරමීඩ සහ මමි ගැන ලියවුන දෙවන ලිපියේ ඉතාලියේ, සිසිලියේ හමුවන Capuchin Catacombs ගැන කතා. ඒත් එතනදී මට තේරුන දෙයක් තමයි මේ තැන පියවි ඇසින් දුටු අයට පවා ‍මේවගේ අධික සංඛ්‍යාවක් මියගිය අ‍යගේ දේහ තබා ගෙන සිටින්නේ මන්ද? යන ගැටළුව පැන නැගුන බව. ඒනිසා ‍මම දෙවන ලිපියේ අන්තිමට කිව්ව “මමි හා සම්බන්ධ වෙනත් ආන්දෝලනාත්මක කරුණක්” යන තෙවන ලිපිය කෙටුම්පත් කරන අතරතුරේදී එම ලිපියට කලින් මොනවද මේ Catacombs කියන එක ටිකක් සොයාබලන්නත්, එහිදී ලැබෙන කරුණු ඔබ වෙතද ඉදිරිපත් කරන්න සිතා ගත්තා.

 

Catacombs කියල කියන්නේ පොළව යට සිරුරු තැන්පත් කිරීමටසාදා තියෙන කාමර සහ ගැලරි ජාලයක් කියල කියන්න පුළුවන්. එහෙමත් නැත්නම් තේරෙන විදියට නම් “උමං සොහොනක්” කියලත් මේක හදුන්වන්න පුළුවන්.  

මෙම සම්ප්‍රධාය ලෝකයට ඇවිල්ල තියෙන්නේ මධ්‍යතන යුගයේ සිටිය මුල් කාලීන ක්‍රිස්තියානි සහ යුදෙව් ජනතාවගෙන් කියලත් කියන්න ඕන. විශේෂයෙන් රෝමය දුර බැහැරව සිටි යම් යම් ජනකොටස් වල තමයි මුලින්ම මෙම ක්‍රමය සිදුකරගෙන තිබෙන්නේ. ඇත්තටම මේ catacomb කියන නම ඇතිවෙලා තියෙන්නේ ලතින් භාෂාවේ එන ad catacumbas කියන නමෙන් තමයි. මේකේ අරුත තමයි at the hollows” කියන එක.

මුලින්ම රෝමානුවන් තමයි මෙසේ දේහ තමන්ගේ පවුලේ උමං සොහොනක දේහ තැන්පත් කරල තියෙන්නේ ඒත් පසු කාලීනව මල සිරුරු ආදාහනය කිරීමට ඔවුන් වඩාත් කැමති වෙලා තියෙනවා.
නමුත් ක්‍රිස්තියානි ජනතාව වඩාත් කැමති වෙලා තියෙන්නේ මුලින් කියපු විදියට උමං සොහොනක (Catacombs) දේහ තැන්පත් කරන්න. මේකට ඔවුන් කියල තියෙන්නේ koimeteria හෙවත් “sleeping places” ලෙසයි. මොකද ඔවුන් කියල තියෙන්නේ මරණය කියන්නේ නැවත උට්ඨානයකට කලින් ලබන නින්දක් පමණක් බවයි. මේ අනුව තෙවන සියවස පමණ වන විට Catacombs පරිපාලකය සිදුකරල තියෙන්නේ පල්ලිවලින්.

මෙම Catacombs වල සැලැස්ම සරලව කියතොත් ඒවා පොළව යට පිහිටි සාමාන්‍ය හතරුස් කාමර කියන අතරම ඒවායේ බිත්තිවල සිදුරු කපල තියෙනවා. ඒවා Loculi හෙවත් recesses ලෙස හදුන්වනවා. මේවා එකකට උඩින් තව සිදුරක් වන සේ කපා ති‍බෙන බව කියන අතරම පවුලේ සාමාජිකයන් එකේ සිට හතර දක්වා දෙනෙකුට මේ එකක් තුල දේහ තැන්පත් කරන්න හැකියාව තිබුන බව කියනවා.

ඒවගේම ගරු කටයුතු කෙනෙකු‍ගේ නම් දේහය ගලින් හෝ කැටයම් සහිත අලංකාර මිනී පෙට්ටියක වෙනමම ස්ථාන වල තැබූ බවද කියන අතර ඒම ස්ථානය නම් ආරුක්කු ආදියෙන් හැඩ කරල තිබුන බව කියනවා.

ඒවගේම යමෙක් මරණයට පත්වෙලා තියෙන්නේ ආගම වෙනුවෙන්නම් ඔහුගේ දේහයත් වෙනමම පූජනීයත්වයෙන් තැන්පත් කල බව කියනවා.

ඒවගේම මිනිසුන්ගේ දේහ වැඩියෙන් තැන්පත් කරන්න ඕන වුනාම මෙම උමං සොහොන මී වදයක ලෙස තවත් වැඩි ‍දියණු කල බව කියන අතරම සමහර වෙලාවට මට්ටම් එකක් මදිවුනාම ඊ‍ට පහලින් තව මට්ටම් කිහිපයක් පොළව යටට සෑරූ බව සදහන් වන අතරම සමහර වෙලාවට මට්ටම් පහක් දක්වාද මෙය ව්‍යාප්ත කරන්න සිදුවූ බව කියනවා.

එසේම උසස් ඝණයේ උමං සොහොන්වල බිත්ති ක්‍රිස්තියානි සංකේත වන මාළුවා, බැටළු පැටියා, නැංගූරම සහ බයිබලයේ එන විවිද අවස්ථා සිතුවම් කිරීමෙන් හෝ කැටයම් කිරීමෙන් අලංකාර කර තිබීමද කියන්න ඕන.

ඒවගේම මිනිසුන් විවිද අවස්ථාවලදී තමන්ට විදීමට සිදුවන වදබන්ධනවලින් මිදීමටද මෙම catacombs යොදාගෙන තිබෙන්නේ මේවා නීතියෙන්ම අභයභූමි බවට ප්‍රකාශයට පත්කර ඇති නිසා මේවා තුලට සොල්දාදුවන්ටද පිවිසීමට අවසර නැති නිසායි. ඒවගේම සමහර පාලන කාලවලදී පොලොවෙන් ඉහල පිහිටි පල්ලි ආදිය විනාශ කරද්දී මෙම උමං සොහොන් තුලට එක්රැස් වූ වන්දනාකරුවන් සිය යාතිකා ආදයි සිදුකරල තියෙනවා. කෙසේවෙතත් තෙවන සියවසේ මැද භාගයවෙද්දී කලහකාරී පිරිස් මෙන්ම රාජ්‍ය නිළධාරීන්ද මෙම catacombs විනාශ කිරීමට හෝ ඒවා තුල පවත්වා ගෙන ආ සම්ප්‍රධායන් උල්ලංඝනය කිරීමට පටන් ගත් නිසා භක්තිමත් ක්‍රිස්තියානි ජනතාව ඒවායේ පැරණි දොරවල් ඉවත් කර රහස් දොරවල් ආදිය සාදා තිබෙනවා.

කෙ‍සේවෙතත් මෙම හිංසා කිරීම් හතරවන සියවසේ දී නිමාවෙලා තියෙන්නේ රෝම අධිරාජ්‍යයාවන Constantine the Great කිතු දහම වැලද ගැනීමත් සමගයි. මෙයට ටික කලකට පසු Damasus I ‍පාප් වහන්සේ මේවා නැවතත් යථා තත්වයට පත් කර තිබෙනවා. කොහොමවුනත් 5 වන සියවස වන විට මෙම උමං සොහොන් ක්‍රමය සෑහෙන්න අඩුවෙලා පො‍‍ළොව මතුපිට පිහිටි පල්ලි ආශ්‍රිත සුසාන භුමිවල කරන්න නීති සම්පාදනය කරල තියෙනවා.
   
කොහොම වුනත් විසිවන සියවසේ දෙවන දශකය වන තුරුම මෙම ක්‍රියාදාමය සිදුකල තැනක් විදියට  Capuchin Catacombs හදුන්වන්න පුළුවන්. 

නමුත් මීට අමතරවත් පැරණි Catacombs හමුවන තැන්ලෙස මේවාද කියන්න පුළුවන්. හැබැයි මේවා බොහෝමයකදී ඡායාරූපනම් ගන්න ඉඩනොදෙන බවද කියල තියෙනවා.

මෙන්න මේ තැන් වලදීද මේ කියන Catacombs හෙවත් උමං සොහොන් ගෙවල් දැක ගන්න හැකිය.

The catacombs of St. Agnes
The catacombs of Priscilla
The catacombs of Domitilla
The catacombs of St. Sebastian
The catacombs of St.Callixtus
Santa Maria della Concezione dei Cappuccini - Capuchin Crypt in Rome, Italy
Capuchin Crypt in Rome, Italy
Monks' Corridor

Women's Corridor

‍මේ ලිපිය නම් ලියන්න හිතාගෙන හිටිය එකක් නොවේ. ඒත් ‍මේ ගැනත් විස්තර කියන්න ඕන කියල හිතුනා. සිව්වන ලිපිය විදියට අනෙක් ලිපිය ඉදිරි දින කිහිපයේදී සත් සමුදුරේ පල කරනවා...

9 comments:

  1. තවත් ගොඩක් වැදගත් තොරතුරු ගොඩක්...එක හුස්මට කියෙව්වා

    ReplyDelete
  2. කොහොමත් එකිනෙකට සම්බන්ධ දේවල් නිසා මේ ලිපියේ කරුණුත් ඉතාම වැදගත් වෙනව.
    මාත් මේ බලාගෙන ඉන්නෙ අර ටූටන් කාමන් සම්බන්ධ කරුණු පැමිණෙන තෙක්. ඒ ගැන සිංහලට පොතක් පරිවර්තනය කරල තිබුණ මගේ මතකයේ හැටියට. හැබැයි ඉතින් කියවන්න ලැබුණෙ නෑ කවදාවත්. ඒක හින්ද ඔබේ ලිපි වලින් ඒ ගැන කියවන්න ලැබෙයි කියල හිතනව.

    ReplyDelete
  3. @රත්ගමයා - ස්තූතියි!සිව්වන කොටසත් ලගම එනවා...

    ReplyDelete
  4. @``` Outsider``` - මුලින්ම ස්තුතියි කියන අතරෙම ඊලඟ ලිපිය ටූටන් කාමන් ගැන තමයි. ඒක මම මුලින් නොකිව්වත් දෙවන ලිපියේදී උදාරට දාපු කමෙන්ටුවේදී ඒක හෙලි කලා. තවම ඒ ලිපිය ලියාගෙන යනවා. අවසන් වූ වහා ඒකත් සත් සමුදුරේ ඇති...

    ReplyDelete
  5. එල එල සහො දිගටම ලියන්න.

    ReplyDelete
  6. @මෝල්ඩර් ෆයිල්ස් - ස්තූතියි! ‍සිව්වන ලිපියත් බලන්න එන්න...

    ReplyDelete
  7. මිත්‍රයා මට ඔයාගේ හිත නම් කියවන්න බැහැ. කෙ​හොම වුණත් ඔයා සත් සමුදුරේ දැන් කරමින් ඉන්න කටයුත්ත මාත් කාලයක් රාජකාරිමය වශයෙන් කළා.සමහරවිට ඒ හින්ද වෙන්නත් පුලුවන්. කොහොම උනත් මේ ලිපියත් අතිශය වැදගත් බව මගේ හැගීමයි. ඉදිරියේ දී ඔබෙන් අපේක්ෂා කරන තව ලිපි කීපයක්ම තියෙනවා. ඒ ගැන ඉදිරි කමෙන්ට් එකක දී කියන්නම්. එමෙන්ම මෙවැනි ඉල්ලීම් ඔබට යම් අපහසුතාවයක් ඈති කරයි නම් ඒ ගැන ද දැනුවත් කරන්න.

    ReplyDelete
  8. @උදාර - ඔබ ඒ අපේක්‍ෂකරන මාතෘකා කියන්න. ඒකේ ගැටළුවක් නැහැ. මම සෑමවිටම ඔබ අපේක්‍ෂාකරන තේමාවක් වේ නම් එය හැකිපමණින් ඉටුකරදීමට උත්සහ ගන්නවා. මොකද පාඨකයන් කැමති හරවත් දේට මුල් තැන දෙන එක තමයි විය යුත්තේ. මා‍ කිසිසේත් නොදන්න ක්‍ෂෙත්‍රයක් නම් ඒ ගැන සොයා බලා හෝ සටහන් තබන්න බැරි කමක් නැහැ...

    ReplyDelete
  9. මම ඉතාලියේ තිබුන මෙවැනි ස්තාන් 3ක් දැකලා තියනවා.අවාසනාවට මට මේ එකතැනකින්වත් ජායාරූප ගන්න අවසරයක් ලැබුනේ නෑ,,Capuchin Catacombs වල නම් ජායාරූප ගන්න හිතන්නවත් අමාරුයි.මේ ස්තානයට මම නැවත වරක් යන්න ඉන්නේ,එතන තියන විස්තර පත්‍රිකාවක්වත් ගේන්න බලන්නම්.

    ReplyDelete