අපට නිතර ඇසෙන්නේ ඉන්දියානු චිත්‍රපටි, ඉන්දියාව තුලදීම හෝ වෙනත් රටක කොපි කර සිනමා නිර්මාණයන් කරනා බවයි. ඉන්දියාව තුලදී නම් බොහෝවිට මුල් නිර්මාණය සමග සමානව හෝ ඊටත් වඩා හොද නිර්මාණාතමකබවක්, දෙවනුව කනනු ලබන සිනමා සිත්තම තිබුනද වෙනත් රටවලදී එය දුර්වල මට්ටමකට පත්ව තිබෙනු දැකගත හැකිවිය. මෙබදුම සංසිද්ධියක් හොලිවුඩ් සිනමාව තුලදීද සමහර අවස්ථාවල දැක ගත හැකිවිය. මෙවැනි අවස්ථාවකි මේ. මෙම හොලිවුඩ් නිර්මාණයේ නම 1960 දී තිරගත වූ The Magnificent Seven චිත්‍රපටිය.

මෙහි මුල් නිර්මාණය නැතහොත් කොපි කිරීමට බදුන්වු සිනමා සිත්තම නම් ආසියවේ බිහිවූ දක්‍ෂතම සිනමා අධ්‍යක්‍ෂකවරයා ලෙස සැලකෙන අකිරා කුරසෝවා මහතාගේ Seven Samurai චිත්‍රපටියයි. මෙය කළු සුදු චිත්‍රපටියක්වූ අතර 1954දී තිරගතවුනි.
මෙම චිත්‍රපටි දෙක අතර සැසදීමේදී Seven Samurai, ජපානයේ විසූ අතිශය ගෞරවයට පාත්‍ර වූ සමුරායිවරුන් පදනම් කොට ගෙන කරන ලද කථාවක් වන අතර එය ඉතා සම්භාව්‍ය අකාරයෙන් මිනිස් හැගීම් සහ එදා අතීත ජපාන සමාජය ඉස්මතුවන ආකාරයෙන් නිමවන ලද සිතට කාවදින කලා නිර්මාණයක් ලෙස හැදින්වූවාට වරදක් නැත.
එහෙත් වර්ණ චිත්‍රපටියක් වූ The Magnificent Seven තුල එබදු කලාත්මක බවක් හෝ අප සිත සංවේදී ලෙස ස්පර්ශකරන බවක් දැක ගත නොහැකි, තරමක ගොරහැඩි ස්වරූපයක් තිබූ බවක්ද හැගේ. මෙම චිත්‍රපටිය සදහා සමුරායිවරු සදහා ආදේශ කර ගෙන තිබුනේ එකල ඇමරිකානු පුරාවෘත වීරයන් බදු වූ කව්බෝයි චරිතයයි.


Seven Samurai ලස්සන චිත්‍රපටයක්
ReplyDelete