Friday, January 14, 2011

Video and Audio Players වල අප එතරම් නොහිතන දේවල් කිහිපයක්...අංක.2

මෙම මාතෘකාව ගැන අද කෙටියෙන් කියල අවසන් කරන්නමි. මුලින්ම කියන්නම් තරමක් අඩුවෙන් භාවිතාවන Video Player ක් ගැන. ඒක තමයි ;
Neuview Media Player –


මෙම ධාවකයේ Video Quality එක ඉස්තරම්. මේක හදල තියෙන්නේ QO Developments කියන සමාගම, හැබැයි Open Source නම් නෙවෙයි. ඒ අය කියන්නේ මෙහි ඉහල Video Quality එකට හේතුව Pixelfusion Technology කියන තාක්‍ෂණය යොදා ගැනීම නිසා බවයි. මම එම සමාගමේ වෙබ් පිටුවෙන්ම උපුටා ගත් ඡායාරූපයක් දමන්නම්,



ඉහලින් තියෙන්නේ Video Enhancement off අවස්ථාවේදී Video Quality එක. පහල Video Enhancement on අවස්ථාවේ Video Quality එක. මේක Neuview player එකේ Video එකක් බලන අවස්ථා‍වේදී Spacebar එක press කරාම හොදින් බලාගන්න පුළුවන්.
වෙනත් Video Player කත් මෙහිත් වෙනස සංසන්දනය කරන්න. Tryout version එකක් නම් මෙම වෙබ්සයිට් http://www.neuviewed.com එකෙන්ම ගන්න පුළුවන්. මේකේ Patch එකත් එක්කම භාගතකරගන්න නම් අන්තර්ජාලයේ බොහෝ තැන්වල තිබෙනවා. හැබැයි සමහර වෛරස්නාශක මෘදුකාංගවල එම Patch එකේ වෛරස් එක් ති‍යෙනව කියලා කියනවා. ඒක ගැනත් සැලකිලිමත් වෙන්න.
තවදෙයක් තමයි මෙම player ක්‍රියාත්මක කරන වෙලාවට CPU usage එක නම් ටිකක් වැඩියි. Processor Cooling fan එකේ ටිකක් ශබ්දය වැඩි වෙනවා. ඒක එච්චරම ගැටළුවක් ‍නොවෙන නිසා කැමතිනම් මෙම player එකෙත් video එකක් බලන්න.
එහෙමත් නැත්නම් ඔය අය වැඩියෙන් කැමති Windows Media player ට නම් ඒකට install කර ගන්න පුළුවන් plugin එකක් තියෙනව. ඒක මෙම link එ‍කෙන් ගන්න http://www.qolabs.com/pixelfusion/ මෙම plugin එකේ නම තමයි Pixelfusion v1.60 හැබැයි මේක දාලා Windows Media player එකේ Video නැරඹුවට ඒකේ quality එක Neuview Media Player එකෙන් තරඹනවට වඩා අඩු බවයි මගේ හැඟිම. ඒක ඔයගොල්ලම තීරණය කරන්න.
K-Lite Codec Pack
මේකේ කියන්න තියෙන්නේ, මෙම Codec Pack එකේ තියෙන Media Player Classic එක .MP4 video බලන්න වඩාත් සුදුසුයි. Seek bar එකේ ඉදිරියට ගිහිල්ල බලන කොට උනත් delay එක අඩුයි. අ‍නෙක් Video උනත් බලන්න නරකයි කියනව නෙමේ. ඒක ඔයගොල්ලම අත්හදා බලන්න.
GOM Player
තව Open Source Player ක් තමයි මේක. ටිකක් KMPlayer වගේ හැබැයි ඒකට වඩා GOM Player එක සරලයි. Sounds පැත්ත ගත්තොත් අවාසියක් තියෙනවා. ඒක තමයි මේකේ Volume Control එක වැඩිකරාට එච්චර වැඩිවීමක් පේන්න නොතිබෙන එක. හැබැයි damage video එකක් Play කරන කොට Play වන අතරතුරදීම recover කර ගන්න නිසා පහසුවක් තිබෙනවා.
WinAmp
.MP3 අහන්න තිබෙන හොදම player ක් තමයි මේක. පොඩි දෙයක් තමයි කියන්න තියෙන්නේ, WinAmp එකේ Sound Quality එක වැඩි කරගන්න DFX කියන Tool එකත් එක්කම භාවිතා කරල බලන්න.
දැනට මේ ඇති යයි සිතනවා. පසුව මෙම මාතෘකාව ගැන වැදගත් යමක් දැනුනොත් පස්සේ ඒ ගැනත් කියන්නම්.

5 comments:

  1. THis is a great thing bro.. Wish you keep going ..

    ReplyDelete
  2. පොඩි නිවැරදි කිරීමක් කරන්න ඉඩ දෙන්න.
    GOM Player එකේ Sound අඩුයි කියල ඔයා කියල තියෙනවා.

    Player එක උඩ right-click කරල Preference -> Audio ගිහින් Audio Boost enable කළාම 400%න් විතර sound වැඩිකරගන්න පුලුවන්.

    ඊට අමතරව එය, සිංහල යුනිකෝඩ් support කරන නිසා, සිංහල subtitle එක්ක film බලන්නත් පුළුවන්.

    Neuview player එකේ වගේම Video Enhancement feature එකත් මේකෙ තියෙනවා. Preference -> Video ගිහින් තමන් කැමති render එකක් භාවිතා කරල video quality එක adjust කරගන්න පුළුවන්. GOM Player එක install කරල පළවෙනි වතාවට ක්‍රියාත්මක කරද්දි එන configuration wizard එකෙන් TV-Mode එක select කළා නම් Neuview player වගේම පැහැදිලි රූපයක් එන බව මට අත්දැකීමෙන් කියන්න පුළුවන්.

    ඒවගේම GOM Player කියන්නෙත් open-source player එකක් නිසා trial period එක expire වීම වැනි කරදරත් නැහැ. අනික Built-in codec pack එකක් තියෙන නිසා බාහිරව codec install නොකර ඕනම video එකක් play කිරීමේ හකියාවත් තියෙනවා.

    ප.ලි.
    මේ පෝස්ට් එක දැක්කෙ ගොඩක් පහුවෙලා. ඒත් දන්න දේ බෙදාහදා ගන්න ඒක බාධාවක් නෑනෙ කියල හිතල මේ ටික ලියල දැම්මෙ.

    ReplyDelete
  3. ඒ තරම් sound වැඩිකරන එක laptop වලට නම් හොද නෑ...

    ReplyDelete
  4. හොඳ ලිපියක්. ගොඩක් ප්‍රයෝජනවත්.

    ReplyDelete