Tuesday, August 14, 2012

ඔබ බ්ලොග් එකේදී භාවිතා කරන අකුරු ලස්සන කර ගන්න කැමතිද? How to change default Unicode font for you blog post area -

ඔබ බ්ලොග් පෝසට් එකක් ලියන අවස්ථාවල සිංහල යුනිකෝඩ් වලදී භාවිතා වෙන්නේ "Iskoola pota" කියන Font වර්ගය නේද? ඒත් ඒ අකුරු එතරම් ලස්සන නැහැ කියල ඔබට කවදා හෝ හිතිලා තිබෙනවාද? මට නම් කිහිප වතාවක්ම සිතුනා.

"Iskoola pota" Font එකට අමතරව තවත් සිංහල යුනිකෝඩ් සම්මත අකුරු වර්ග කිහිපයක් තිබෙනවා. මේ ලිපියේදිත් එම අකුරු වර්ගය වෙනුවට දැනට සිංහල සම්මත යුනිකෝඩ් අකුරු වලදී ලස්සනම අකුරු වර්ගය සේ සැලකෙන "Malithi web" කියන අකුරු වර්ගය භාවිතා කර තිබෙනවා.මෙන්න ඒවා ගැන විස්තර සහ ඒවා ඔබට ලබා ගැනීමට යායුතු වෙබ් අඩවිය.
http://www.siyabas.lk/downloads
http://www.icta.lk/en/programmes/pli-development/104-local-languages-initiative-/1090-sinhala-stylized-fonts.html

මුලින්ම ඔබ මෙතනින් කැමති Font එකක් හෝ කිහිපයක් බාගත කරගෙන එය ඔබගේ පරිගණකයට ස්ථාපනය කර ගන්න. Control Panel ඔස්සේ ඒ කාර්යය කර ගැනීමෙන් අනතුරුව පෙර ලිපි කිහිපයකම කියූ පරිදි Template Designer වල Add CSS වලදී CSS කේතයක් අලවා ගැනීම තමයි මෙතනදිත් කරන්නේ. එවිට පෙර සහ ඉදිරියේ ලියන ලිපි සියල්ලේදීම පොස්ට් එකේ ලියන අකුරු පමණක් වෙනස් වී තිබේවි. මේ සදහා CSS code Add CSS තුලට කේතය යෙදවීම සදහා ‍එම ස්ථානයට යන ආකාරය පහත පෝස්ට් නැවත බැලීමෙන් ඔබට දැනගැනීමට හැකි නිසා ඒ පියවරයන් නැවත මෙහි කියන්නට යන්නේ නැහැ.
බ්ලොගයේ අකුරු ලොකු පොඩි කරගන්න ලේසියි කියල හිතෙන උපක්‍රමයක්...

සහ 
පින්තූර වලට Bump Effect එකක් දෙන්න කැමතිද?

දැන් කරන්න තියෙන්න මේ පහතින් දැක්වෙන කේතය මෙහි ඇලවීමයි (paste). තව දෙයක් කියන්න ඕන මෙතනදී අපි  Malithi web කියන Font නම භාවිතා කළාට ඔබට ඕන නම් ඊට වඩා වෙනස් අකුරු වුනත් භාවිතා කරන්නට පුළුවන්. ඒ සදහා එම අකුරු වර්ගයට අදාල නම පමණයි වෙනස් කරන්න ඕන.
<Style> .post { font-family: Malithi web; } </style>

ඒවගේම මේ අකුරු වර්ගයෙන් ටයිප් කරගෙන යන අතරතුරේ ඔබට වෙනත් සිංහල අකුරු වර්ගයක් යම් ස්ථානයක පමණක් වෙනස් කරන්න ඕන නම් ඒකටත් ක්‍රමයක් තියෙනවා. මෙන්න ඒකට මඟ ඔබ ලියන ලිපියේදී Compose mode එකේ සිට HTML mode එකට යන්න. දැන් ඔබට අකුරු වෙනස් කිරීමට අවශ්‍ය ස්ථානයේ ආරම්භය වෙත ගොස් පහත දැක්වෙන අයුරින් කටයුතු කරන්න.


<span style="font-family: Dinamina;">ඔබට අකුරු වෙනස් කිරීමට අවශ්‍ය ඡේදය හෝ වාක්‍ය </span>
මෙහි Dinamina යන අකුරු වර්ගය යොදා ගෙන ඇත්තේ මෙම නිදර්ශනය පෙනවීමටයි. එයට ඔබ කැමති සහ ඔ‍බගේ පරිගණකයේ ස්ථාපනය කර ඇත යුනිකෝඩ් අකුරු වර්ගයක නමක් යොදන්න. දැන් ඔබටම පෙනේවි ඔබ කළින් භාවිතා කළ එතරම් හැඩවැඩ නැති "Iskoola pota" Font ට වඩා කොයිතරම් වෙනසක් ඇති වෙලාද කියන එක.

ඔබගේ පහසුව සදහා ඒ කියන්නේ තවත් මේ අකුරු පිළිබදව දැන ගැනීමට උපකාරී විය හැකි වෙබ් අඩවි කිහිපයකම ලිපිනයන් පහත දක්වා තබන්නම්....