ඔලිම්පික් ගැන දන්නා නොදන්නා තොරතුරු - http://sathsamudura.blogspot.com/2012/07/olympic-secrets.html
මෙම ලිපියත් ඔලිම්පික් හා සම්බන්ධයි. ඒත් මෙය ලෝක මට්ටමෙන් ඔලිම්පික් ක්‍රීඩාව ගැන නොවෙයි පැවසෙන්නේ. මෙම ලිපියෙන් නූතන ඔලිම්පික් ඉතිහාසය තුළ ඇමරිකානු ක්‍රීඩා ආධිපත්‍ය තහවුරු කර ගැනීමට දායක වූ විශිෂ්ඨ ගණයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු ගැන තමයි කතා කරන්නේ.
ලෝකයේ බොහෝ ක්‍ෂෙත්‍රවලදී ඇමරිකානු ආධිපත්‍ය තහවුරු කර ගෙන සිටිනවාසේම ලෝක ක්‍රීඩා අඹරේද ඇමරිකානු ආධිපත්‍ය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ. පැරණි ඔලිම්පික් තරඟාවලි වලදී ග්‍රීසිය මුළුමනින්ම එම ආධිපත්‍ය තහවුරු කර ගෙන සිටියත් 1896 න් පසුව ඇරඹී අද අප දකින ඔලිම්පික් තරඟ ඉතිහාසය තුළ විටෙක ඇමරිකාවටත්, තවත් විටෙක ඔවුන්ගේ දේශපාලන ප්‍රතිවාදින් වූ සෝවියට් දේශයත් මෙම පදක්කම් සටහන තුල ඉදිරියෙන් සිට ඒ ඒ තරඟාවලි අවසන් වුවද සෝවියට දේශය බිද වැටීමත් තුල යුදමය වශයෙන් හා වෙනත් ක්‍ෂෙත්‍ර ගණනාවක් සේම ක්‍රීඩාව තුලින්ද ඇමරිකාවට සුපිරි තත්ත්වයක් හිමිවී අවසානයි.
ඒත් 2008 බීජිං ඔලිම්පික් තරඟාවලියෙන් පසුව චීනයත් ඇමරිකාවට අභියෝගාත්මක තරඟයක් ලබා දුන්නත් එය තනි අශ්වයාගේ තරඟයක් බවට පත්වීමට නම් තව තරඟාවලි ගණනාවක් අවසන් කරන්නට චීනයට සිදුවේවි. මොකද මෙහෙම කියන්නට හේතුව, මෙවර උළෙලෙත් තවම චීනය හා ඇමරිකාව අතර පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට තරඟයක් තිබුනත් කිසිදු අභියෝගයක් නොමැතිව ආරම්භයේ පටන් මෙම ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිට හිතේ සැනසිල්ලෙන් චීනයට ජය පැන් බොන දවසක් උදා කරගන්නට නම් සෑහෙන්න කාලයක් තව ගතවීමට ඉඩඇති නිසයි.
ඒ කාරණා එසේ තිබියදී අද අපි ඔලිම්පික් ඉතිහාසය තුල අමරණීය මතකයන් රැදවූ ඇමරිකානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු ගැන විමසා බලමු.
මුලින්ම කතා කරන්නේ මයිකල් පෙල්ප්ස් නම් අද්විතීය පිහිණුම් ක්‍රීඩකයා පිළිබදවයි. මෙම 2012 ඔලිම්පික් තරඟාවලියේදිත් පිහිනුම් ඉසව්වෙන් තරඟවදින එතෙක් මෙතෙක් ඔලිම්පික් ඉතිහාසය තුළ වැඩිම පදකම්කම් සංඛ්‍යාවකට උරුමකම් කියන ක්‍රීඩකයා බවට පත්ව අවසන්. ඔහු විසින් සමස්ථ ඔලිම්පික් පදක්කම් 22 ක් ලබාගෙන තිබෙන අතර එයින් 18 ක්ම රනින්ද, 2 ක් රිදියෙන් සහ 2 ක් ලෝකඩ වශයෙන්. එසේම තනි ඉසව් එහෙමත් නැත්නම් ඔහු පමණක් තරඟ වැද ලබා ගත් පදක්කම් 13 ක්ද, වන අතර තවත් වාර්තාවක් වන්නේ වැඩිම පළමු ස්ථාන සංඛ්‍යාවක් ඔලිම්පික් තරග වලදී ලැබූ ක්‍රීඩකයා ලෙසයි.
එනම් 1972 මියුනිච් ඔලිම්පික් උළෙලේදී Mark Spitz ගේ එක් තරඟාවලියකදී ලැබූ රන් පදක්කම් 7 වාර්තාව අභිබවා යමින් 8 ක් ලබා ගැනීම මෙන්ම Spitz විසින් එම සියළු පදක්කම් ලෝක වාර්තා සමග ලබා ගැනීම සම කිරීමත් මෙහදී සිදුවෙනවා. එසේම එක් රන් පදක්කමක් ඔලිම්පික් තරඟ වාර්තාවක් සමගද ලැබීම තවත් කැපී පෙනෙන සිදුවීමක්.
දැන් දැන් ටිකෙන් ටික ඔහුගේ දස්කම් වියැකී යන බවක් පෙනෙන නිසා මෙන්ම දැන් 27 වන වියේ පසුවන ඔහු තමන් 30 වන වියේදී ක්‍රීඩාවෙන් සමුගන්න බවද පවසා තිබෙන නිසා මෙවර 2012 තරඟවාරය ඔහුගේ අවසන් ඔලිම්පික් තරඟාවලියද වන බව ඔහු විසින් පවසනු ලැබුවත් ඔහු සතු කර ගෙන තිබෙන මෙම වාර්තා නම් අභිබවා යාම ඉතාමත් අසීරුවේවි.
http://en.wikipedia.org/wiki/Michael_Phelps
මයිකල් පෙල්ප්ස් වගේම ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂ චරිතයක් තමයි Mark Andrew Spitz හෙවත් Mark Spitz. ඔහු තමයි පේල්ප්ස්ට පෙර තනි ඔලිම්පික් උළෙලකදී රන් පදක්කම් වැඩිම සංඛ්‍යාවක් දිනා ඇති ක්‍රීඩකයා. එය සංඛ්‍යාවෙන් 7ක් ඒ එක්කම ඒ සියල්ල ඒ අවධියේ ලෝක වාර්තාවන් වීමත් සුවිශේෂයි. ඔහු විසින් තබන ලද මෙම අද්විතීය වාර්තා ගොන්න වසර 36 ක් යනතුරු නොබිදී පැවතීම තුලින්ම ඔහු ලබා දුන් අභියෝගය කොතෙක් දැයි තේරුම් ගත හැකියි.
ඒත් එම අභියෝගයද ඔහු නියෝජනය කළ පිහිණුම් ඉසව්වම නියෝජනය කළ සහ තවත් ඇමරිකානුවෙකු විසින්ම බිද දැමීම තවත් අලංකාර අත්දැකීමක්.
http://en.wikipedia.org/wiki/Mark_Spitz
ඊලඟට කතා කරන්නට යන්නේ ඇමරිකානු ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසය තුල මතක හිටින වගේම සුවිශේෂ ඔලිම්පික් උළෙලක් නියෝජනය කළ ක්‍රීඩකයෙකු පිළිබදවයි. ඔහු තමයි Jesse Owens. මේ උළෙලේ සුවිශේෂත්වය තමයි හිට්ලර්ගේ නායකත්වයෙන් යුතු නාසි ජර්මනියේ දී සියළු ජාතීන්ට වඩා ආර්ය ජාතිය උතුම් යන පටු අදහස් වලින් මෙම ජගත් ක්‍රීඩා උළෙලද ආක්‍රමණය කර තිබීමයි.
1936 බර්ලින් ඔලිම්පික් උළෙලෙදී රන් පදක්කම් 4 කට හිමිකම් කියූ මේ ක්‍රීඩකයාට ඒ වෙනුවෙන් ලැබිය යුතු ගරු බුහුමන් නම් ලැබුනේ අඩුවෙන්. එයට හේතුව තමයි ඔහුගේ මුල් වකවානුවේදී ඇමරිකාව වර්ණභේදවාදය තදින් වෙලාගත්ත කාලසමයක් වීම. බරලින් ඔලිම්පික් උළෙලේදී මෙවන් දසකම් පෑවත් ඔහුට ජර්මානු රාජ්‍ය නායකයා වූ හිට්ලර් වෙතින් පිළිගැනීමක් නොලැබුනා සේම තම රටට ආවිට සාමාන්‍යයෙන් මෙවන් සුවිශේෂ තරඟ ජයග්‍රහණ ලබා පැමිණෙන ක්‍රීඩකයන්ට ඇමරිකානු ජනපති වෙතට කැඳවා ලැබෙන ගරුසත්කාරයවත් ඔහුගේ කළුහම නිසා ලැබුන්නේ නැහැ.
The mild mannered Owens seemed not the least bit surprised by his home country's hypocrisy. "When I came back to my native country, after all the stories about Hitler, I couldn't ride in the front of the bus," he said. "I had to go to the back door. I couldn't live where I wanted. I wasn't invited to shake hands with Hitler, but I wasn't invited to the White House to shake hands with the President, either."http://www.biography.com/people/jesse-owens-9431142
කෙසේවෙතත් ඉන් වසර 40 ක් ඉක්ම ගිය තැන එනම් 1976 දී එවකට ජනපති ජෙරල්ඩ් ෆෝර්ඩ් මෙම වරද නිවැරදි කරමින් ඔහුව ධවල මන්දීරයට කැදවා නිදහස්බාවයේ ජනපති පදක්කම පිරිනමා ඉතිහාසය තුළ සිදුවූ වරද නිවැරදි කරන්නට ගත් වෑයම පැසසිය යුතුයි.
While Owens helped the U.S. triumph at the games, his return home was not met with the kind of fanfare one might expect. President Franklin D. Roosevelt failed to meet with Owens and congratulate him, as was typical for champions. It wasn't until 1976 that he was properly recognized when President Gerald Ford awarded him the Presidential Medal of Freedom.
කොහොමවුනත් මේ විශිෂ්ඨ ක්‍රීඩකයාට සිය ජීවිත ධාවන තරඟය නම් මෙම ගරුබුහුමනට ලක්වී වසර 4 ක් ගෙවනු තැන එනම් සිය දිවියේ 67 වන සැතපුම් කනුවේදී නිමකරන්නට සිදුවීම නම් කණගාටුවට කාරණයක්. මෙසේ සිය දිවිය ඔහුට අවසන් කිරීමට සිදුවන්නේ පෙනහළු පිළිකාවක් හේතුවෙන්. එම රෝග තත්ත්වයට ආසන්න හේතුවක් ලෙස පැවසෙන්නෙත් ඔහුගේ අධික දුම්වැටි පානයයි.
http://en.wikipedia.org/wiki/Jesse_Owens
මීලඟට කියන්න යන ක්‍රීඩකයාත් ඔවන්ස් සේම කළු ජාතික ක්‍රීඩකයෙක්. ඒත් ඔහු ඔවන්ස් මෙන් අවාසනාවන්ත අත්දැකීමකට මුහුණ පාන්න තරම් අභාග්‍ය සම්පන්න වුනේ නැහැ. මෙම ක්‍රීඩකයා තමයි Carl Lewis.
ඇත්තටම අද වුනත් ඔලිම්පික් ගැන කියනකොට පසුගිය අසූව-අනූව දශක වල ඔලිම්පික් හා මළල ක්‍රීඩා ගැන දන්න කියන අයට නිරායාසයෙන්ම මතකයට නැගෙන නමත් කාර්ල් ලුවිස් කියන නම කිව්වත් වරදක් නැහැ. එසේම ඇමරිකානු තනි අශ්වයාගේ සටනක් වුන 1984 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් තරඟාවලියේදි රන් පදක්කම් 4 කට හා සමස්ථ ඔලිම්පික් තරග ඉතිහාසයේදී රන් පදක්කම් 9 කටත් රිදී පදක්කමකටත් උරුමකම්කී මෙම අඩි 6 අඟල් 3 ක් උස මෙම දේහදාරී මිනිසා පසුව චිත්‍රපටි ලෝකයේදිත් සිය සහභාගීත්වය ලබාදෙනවා.
ලෝක වාර්තා සහ ඔලිම්පික් වාර්තා කිහිපයක් පවා තැබූ මෙම ක්‍රීඩකයා විසින් දුර පැනීම වෙනුවෙන් තැබූ වාර්තාව වසර 10 ක් යන තුරාවටම බිද නොවැටී පැවතීමත් ඒ අවධියේ කැපී පෙනුනා. එසේම කාර්ල් ලුවිස් කියන නම ලෝක මළල ක්‍රීඩා ඉතිහාසය තුල කොතරම් ස්ථානයක් හිමිකරගෙන තිබුනාද කියතොත් විවිද ආයතන වලින් ඔහුව සියවසේ හොදම ක්‍රීඩකයා, සියවසේ හොදම ඔලිම්පික් ක්‍රීඩකයා ලෙස පවා වර්ණවත් කරන්නට තරම් ප්‍රභල වුනා.http://en.wikipedia.org/wiki/Carl_Lewis
එදා මෙදා තුරු බිහිවූ වේගවත්ම ක්‍රීඩිකාව ගැන තමයි ඊලග විස්තරය. ඒ තමයි Griffith Joyner, Florence කියන තැනැත්තිය පිළිබදවයි. ඇය ඔලිම්පික් රන් පදක්කම් 3 කට හා රිදී පදක්කම් 2 කට හිමිකම් කියන අතර එයින් මීටර් 100 සහ 200 ලෝක වාර්තාව මේ ලිපිය ලියනා මොහොතවනවිටත් නොකැඩී පවතින්නක්.
එහෙත් මෙම වේගවත්ම ගැහැණියට සිය ජීවිතයත් වේගයෙන්ම අවසන් කරන්නට සිදුවීම අභාග්‍යයක් ලෝකයේ "වේගවත්ම කත" යන විරුදාවලිය ලබා වසර 10 ක් ගිය තැන එනම 1998 සැප්තැම්බර් මසදී සිය දිවියේ 38 වන සැතපුම් කනුව පසුකරමින් සිටියදීම ඇයට මෙලොව හැරයන්නට සිදුවන්නේ නිදිපැදුරේදිමයි. කෙසේවෙතත් ඇයගේ මරණයට විවිද හේතු දැක්වෙන අතර ඉන් එකක් වන්නේ ඇය විසින් ලබා ගන්නා ලද විවිද ඖෂද නිසා ඇයගේ දිවි කෙටි කරගැනීමට මඟපෑදූ බව හා වෙනත් රෝග තත්ත්වයන් නිසා ඇය මිය ගිය බවයි.
http://en.wikipedia.org/wiki/Florence_Griffith-Joyner
http://www.aboutbreathing.com/articles/florence-joyner.htm
අපට එතරම් හුරු පුරුදු නමක් නොවූවත් සියවසේ හොදම ක්‍රීඩිකාව ලෙස විරුදාවලිය ලැබීමට තරම් ප්‍රභල වූ
Jackie Joyner-Kersee ගැන නොදැන සිටීමත් අඩුවක් වේවි. ඇය දුරපැනීමේ ඉසව් වලින් දස්කම් පෙන්වූ අතර 1984 සිට 1996 දක්වා කාලය තුල ඇය සහභාගී වූ ඔලිම්පික් තරඟාවලි තුලදී රන් පදක්කම් 3 ක්, රිදී පදක්කම් 1 ක් හා ලෝකඩ පදක්කම් 2 ක් ලබා ගැනීමට සමත් වන අතර ඇය මෙම පදක්කම් ලබා ගත්තේ දුර පැනීම වැනි ඉසව් වලින් වූවත් කඩුළු මතින් දිවීම, යගුලිය විසි කිරීම, හෙල්ල විසි කිරීම, උස පැනීම සහ ධාවන තරඟවලටද දස්කම් පෑ ක්‍රීඩිකාවක් වන අතර වරක් දුර පැනීමේ ලෝක වාර්තාවටද හිමිකම් කිවූ අතර තවමත් ලොව දෙවන හොදම දුර පැනීමේ තරඟ වාර්තාවද නම් වී පවතින්නේ ඇය නමින්.අවසාන වශයෙන් පවසන්නේ මළල ක්‍රීඩා ඉසව් කිහිපයකටම දස්කම් පෑ මෙම ක්‍රීඩිකාව බාස්කට් බෝල් ක්‍රීඩාවේදීද දස්කම් පෑ ක්‍රීඩිකාවක් වීම සුවිශේෂයි. http://en.wikipedia.org/wiki/Jackie_Joyner-Kersee
එයට හේතුව තමයි 1996 ඇට්ලන්ටා ඔලිම්පික් උළෙලේ මීටර් 400 මූලික වටයේ තරඟයකදී අපේ රටේ මේ ඉසව්වේ එවකට ශූරයා වුන සුගත් තිලකරත්නට Michael Johnson පරාජය වීම. කොහොමවුනත් අවසානයේදී නම් මේ ඉසව්වේ රන් පදක්කමට හිමිකම් කිව්වේ නම් Michael Johnson. Michael Johnson සිය ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසය තුලදී රන් පදක්කම් 4 කට හිමිකම් කිමේ ගෞරවය ලබා ගත් අතර මේ දක්වා පැවති ඔලිම්පික් තරඟාවලි වලදී එකම තරඟයකදී මීටර් 400 මෙන්ම මීටර් 200 ද ජයගත් එකම ක්‍රීඩකයා වීමේ ගෞරවයටද හිමිකම් කියනවා. ඒ පෙර පැවසූ 1996 ඇට්ලන්ටා ඔලිම්පික් උළෙලේදීමයි.
http://en.wikipedia.org/wiki/Michael_Johnson_(sprinter)
Bob Beamon, මේ නම එතරම් හුරු පුරුදු නොවූවත් 1968 සිට 1991 තෙක් එනම් වසර 23 ක් යන තෙක් ලෝක වාර්තාවකට හිමිකම් පෑ අයෙකුගේ නමයි. ඔහු තමයි 1901 සිට කිහිපවතාවක්ම වෙනස් වෙමින් තිබුන දුර පැනීමේ ලෝක වාර්තාව වසර 23 ක් යන තෙක් යලිදු වෙනස් නොවෙන සේ සටහන් කිරීමට දක්‍ෂ වූ ක්‍රීඩකයා. 1968 මැක්සිකෝ ඔලිම්පික් උළෙලේදී මෙම දස්කම් පෑවා පමණක් නොවෙයි. ඔහුගේ වාර්තාව 1991 ටෝකියෝ වේ පැවති ලෝක මළල ක්‍රීඩා උළෙලේදී බිද වැටුනත් Beamon විසින් බිද හෙළු වාර්තාව සුවිශේෂයි. එයට හේතුව තමයි 1901 සිට කිහිප වතාවවක්ම මෙම වාර්තාව අළුත් වූවත් ඒ සෑම විටකම තවත් සුළු දුර ප්‍රමාණයක් ඉදිරියට යාමෙන් තමයි වාර්තාව අළුත් වී ඇත්තේ. සාමාන්‍යක් ලෙස ගතහොත් සෙ.මි. 6 නැතහොත් අගල් 2 1/2 ක් පමණ වැඩිවීම තමයි සිදුවී ඇත්තේ. ඒත් මෙම ක්‍රීඩකයා එම සාමාන්‍ය ඉක්මවා යමින් කලින් වතාවට වඩා සෙ.මි. 55 ක් නැතහොත් අගල් 21 3/4 ක් දුරට ගමන් කිරීම කොහොම වෙන්න ඇත්ද ඒ අනුව එම පදක්කම සහ ගෞරවය ලැබීමට ඔහු විසින් පැන්න දුර ලෙස සටහන් වන්නේ මී. 8.90 ක් නැතහොත් අඩි 29 අඟල් 2 1/2 ක්. ඒත් ඊට වසර 21 කට පස්සේ ඔහුගේ වාර්තාව බිද වැටුනත් එය සටහන් වන්නේ මී.8.95 ක් ලෙස පමණයි.
1968 ඔක්තෝබර් 18 වනදා මෙම වාර්තාව පිහිට වූයේ මෙම ඉසව්වේදී ඔහුගේ පළමු ප්‍රයත්නයේදීමයි. කොහොමවුනත් මේ සාර්ථක පිම්ම පැන්නට පස්සේ නිවේදකයා එම දුර ප්‍රමාණය මෙට්‍රික් ඒකක වලින් පැවසූවත් Beamon ට ඒ ගැන එතරම් නිනව්වක් තිබිලා නැහැ. ඒ නිසා මේ පිම්ම ගැන එතරම් හැගීමක් ඔහුට දැනිලා නැහැ. ඒත් ඔහුගේ කණ්ඩායමේ සඟයන් සහ පුහුණුකරු විසින් ඔහු ලෝක වාර්තාව වැඩිපුර අඩි 2 කට ආසන්න වශයෙන් පැන බිද දැමුවා කියා පැවසූ විට Beamon ට කකුල් පණ නැති වෙලා, ඔළුවත් මංඤඤං වෙලා කම්පනය නිසා ටික වෙලාවක් ස්නායු පවා අඩපණ වෙලා තිබිලා තියෙනවා.
මෙම දුර පැනීමේ ඉසව්වෙන් මී. 28 ක් සහ 29 ක් දුර පැන්න ලෝකයේ පළමු වැන්නා බවටද පත්වන Beamon හට මෙම 1968 මෙන්ම බොහෝ මළල ක්‍රීඩකයන්ට වාසනාව ගෙන දුන් තරඟයක් ලෙස පවසන්නේ ඔවුන්ට කරන අගෞරවයක් ලෙස නම් නොවෙයි. මෙම වාසනාව ගැන කියනවා නම් මෙම ඔලිම්පික් තරඟය තමයි මෙතෙක් ලෝකයේ මුහුදු මට්ටමේ සිට වැඩිම උසකින් පිහිටි ස්ථානයක පැවැත්වූ බවට සටහන් වන්නේ. එය උසින් මීටර් 2240 ක් වූ Mexico City ඔලිම්පික් නගරයයි.. මේ නිසා සුලඟේ ප්‍රතිරෝදය අවම වූ නිසා දුර පනින්නන්ට වැඩි දුරක් පැනීමට වගේම ධාවන තරඟවල යෙදෙන්නන්ටත් වැඩි වේගයෙන් ධාවනයේ යෙදීමේ හැකියාව ලැබී තිබෙනවා.
ඒ වගේම මෙම සුවිශේෂ අවස්ථාව වන අඩි 29 කට එහා දුරක් ඔහු පැන්නත් ඉන් අනතුරුව ඔහුගේ ක්‍රීඩා දිවිය තුල කිසිදා අඩි 26 අඟල් 11 3/4 කට එහා නොපැන්න බවත් පැවසෙනවා. කොහොමවුනත් තවමත් ලෝකයේ දෙවනියට හොදම දුර පැනීම වාර්තාවන්නේ Bob Beamon නමින්.
In making his record jump, Beamon enjoyed a number of advantageous environmental factors.[8] At an altitude of 2240 m, Mexico City's air had less resistance than air would have at sea level. This allows runners to run faster and jumpers to jump farther. In addition to Beamon's record, world records were broken in most of the sprinting and jumping events at the 1968 Olympic Games. Beamon also benefited from a tail wind of 2 meters per second on his jump, the maximum allowable for record purposes. It has been estimated that the tail wind and altitude may have improved Beamon's long jump distance by 31 cm (12.2 in.).[8] During the same hour Lee Evans set the world record for 400 metres that lasted for almost 20 years.
After winning the gold medal in Mexico City, he never again jumped over 8.22 m (26 ft. 11 3/4 in.).
http://en.wikipedia.org/wiki/Bob_Beamon
http://en.wikipedia.org/wiki/Mike_Powell_%28athlete%29
Al Oerter කියන්නෙත් සුවිශේෂ ක්‍රීකයෙක්. එයට හේතුව තමයි ඔලිම්පික් උළෙලවල් 4 කදී නොකඩවා කවපෙත්ත විසිකිරීම හෝ කිසියම් තරඟ ඉසව්වකින් එක දිගට රන් පදක්කම ලබා ගැනීමට සමත්වූ ක්‍රීඩකයා වීම.
ඔහු 1956 සිට 1968 දක්වා පැවති ඔලිම්පික් තරඟාවලි තුලදී මෙම දස්කම පෙන්වා තිබෙන අතර ඔහුගේ වාර්තාව පසුව සමකරන්නට සමත් වන්නේ මෙම ලිපියේ මුලින්ද පැවසූ තවත් සුවිශේෂ ඇමරිකානුවෙකු වන කාල් ලුවිස් විසින් දුර පැනීමේ රන් පදක්කම 1984 සිට 1996 දක්වා තමන් සතු කර ගැනීම තුලින්.
http://en.wikipedia.org/wiki/Al_Oerter

Wilma Glodean Rudolph කියන නාමය අමරණීය ඔලිම්පික් ක්‍රීඩිකාවක් පිළිබදව සේම ලෝකයේ විසූ තවත් දිරිය මිනිසුන් ගැන කතා කිරීමේදී කියවෙන නමක්. මේ ක්‍රීඩිකාවගේ සුවිශේෂත්වය තමයි ඇය තමයි පළමු ඇමරිකානු ක්‍රීඩිකාව ඔලිම්පික් තරඟයකදී ජවන හා පිටිය ඉසව් වලින් රන් පදක්කම් ලබා ගන්නට සමත් වන. ඒ 1960 රෝම ඔලිම්පික් උළෙලේදී මී. 100, 200 හා 100 x 4 ඉදව් වලින්. එසේම ඊට ප්‍රථම පැවැත්වූ 1956 මෙල්බෝර්න් ඔලිම්පික් උළෙලේදී මී. 100 x 4 තරඟයේදී ලෝකඩ පදක්කම ලබාගැනුමටත් ඇය සහ එම තරඟයේ අනෙකුත් ක්‍රීඩිකාවන් සමත්වෙනවා.
Wilma Rudolph ගැන පවසන්නට ඇත්තේ එමපමණක්ද. නැහැ, ඇය ලෝකයේ වැඩිම අවධානය යොමුවන තරඟාවලියේ වැඩිම අවධානය යොමුවන ක්‍රීඩා ඉසව් ත්‍රිත්වයේ ජයකෙහෙළි නැංවූවත් එයට ප්‍රමුඛවම දායක වන පා යුවලින් වම් පාදය වයස අවුරුදු 4 වන තැනදී පෝලියෝ රෝගයට ගොදුරු වෙනවා. ඇයගේ මව දිරිය කතක් නිසා ඇය මේ රෝගයෙන් ගලයා ගැනීමට සමත් වෙතත් ඇවිදීමේදී ආධාරක උපකරණ භාවිතා කිරීමට වයස අවුරුදු 9 වන තෙක් ඇයට සිදුවෙනවා. කෙසේවෙතත් ඇයගේ මවගේ අධිශ්ඨානය ජයගන්නේ ඇය විසින් පවසා සිටි පරිදි "මගේ දුව කවදා හරි මේ ආධාරක නැතුව ඇවිදිනවාමයි" යන්න සනාථ කරමින්. කෙසේවෙතත් ඇයගේ ළමා විය මේ රෝගයට අමතරව පැපොල සහ විවිද උණ රෝගවලට ගොදුරුවීම ඇයට අපහසුවක් ගෙන දුන්නත් එයින් ඇයගේ ඉදිරි ගමන වලක්වන්නට හේතුවන්නේ නැහැ.
ඇයගේ වැඩිමහළු සොහොයුරිය බාස්කට් බෝල ක්‍රීඩිකාවක් නිසා Wilma ද ක්‍රීඩාව සදහා යොමුවීමට හේතුවක් වූ අතරම උසස් විද්‍යාලයේදී ඇයද මුලින් ක්‍රීඩා කළේ මෙම ක්‍රීඩාවයි. ඒත් පසුව මළල ක්‍රීඩාවට යොමුවූ ඇය තමන් අතින් ලෝක වාර්තා පවා බිහිවේ යයි නොසිතන්නට ඇති. 1960 රෝම ඔලිම්පික් උළෙලේදී මී. 100 තරඟයේදී රන් පදක්කමට හිමිකම් කියන්නේ ලෝක වාර්තාවද සමගයි. එහිදී ඇය ඊට ප්‍රථම 1956 සිට ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු විසින්ම අත්පත් කරගෙන තිබූ තප්.11.65 කින් මෙම ඉසව්ව නිමා කිරීමේ වාර්තාව තප්.11.41 කින් නිමා කිරීමෙන් බිද දමන අතර නැවත වරක් බටහිර ජර්මනියේ 1961 පැවැත්වූ තරඟයකදීද ඇයගේම වාර්තාව නැවත වරක් සම කිරීමටද සමත්වනවා. එසේම 1960 වසරේ ඇමරිකාවේ පැවැත්වූ තරඟයකදී එවකට පැවති මී. 200 ලෝක වාර්තාවද සම කිරීමට සමත්වීම තුලින් මේ ක්‍රීඩිකාවගේ ධෛර්යය හා ශක්තිය කෙබදුදැයි සිතා ගැනිමට පුළුවන්ද?
ඇය කාන්තා නිදහස සහ සිවිල් අයිතීන් වෙනුවෙන්පෙරමුණේම සිට ක්‍රියා කළ තැනැත්තියක්ද වූවාය.
1960 ඔලිම්පික් උළෙලේදී දැක්වූ අතිවිශිෂ්ඨ දස්කම් වලින් ඉක්බිතිව "The Tornado," the fastest woman on earth.[3] The Italians nicknamed her La Gazzella Negra ("The Black Gazelle"); to the French she was La Perle Noire ("The Black Pearl") ලෙස විරුදාවලි රැසකින් නම් කළ ඇයට දිවියේ ආරම්භයේ සිටම හිසරදයක්ව තිබූ ලෙඩරෝග නැවත වරක් ඉස්මතු වෙන්නට පටන් ගත්තා. 1994 නොවැම්බර් 12 වන දා මෙම දිරිය කාන්තාව මෙලොව හැරයන්නේ මොළයේ හටගත් පිළිකාවක් හේතුවෙන්. එවිට 54 වන වියෙහි පසුවූ ඇයගේ ආදර්මත් දිවිය තවත් සෑහෙන්න කාලයක් මිනිසුන් අතර මතකයේ රැදෙනු නොඅනුමානයි.
http://en.wikipedia.org/wiki/Wilma_Rudolph
මේ දැක්වුනේ ඇමරිකාව වෙනුවෙන් සුවිශේෂ දක්‍ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු පමණයි. මීට වඩා බොහෝදෙනෙකු සිටිනවා මෙවන් දසක්ම පෑ. දැන් චීනය ඇමරිකානු ක්‍රීඩා ආධිපත්‍යයට දැවැන්ත අභියෝගයක් එල්ල කළත් දිගුකලක් නම රැදවිය හැකි මෙවන් දැවැන්ත පෞරශයන් බිහිකිරීමට නම් ඔවුන්ට අපහසුවේවි.
මූලාශ්‍ර- http://www.americasbestonline.com/index.php/pages/greatestolympicathletes.html