Tuesday, January 15, 2013

අතීතයේදී පිටිසක්වල ජීවීන් පෘථිවියේ ඇතැම් සංසිද්ධීන් සහ නිපැයුම් සදහා මැදිහත් වුනාද?

අප ජීවත් වන මහ පොළොවේ පුරාණ ජනතාව බිහිකර ඇති ඇතැම් නිර්මාණ පුදුමාකාරය. ඇත්තෙන්ම ඒවා එදා තිබූ තාක්‍ෂනය අනුව බිහිකරන්නට හැකියාවක් තිබුනේ දැයි සැකයක් ඇතැම් විට ඔබටත් පහළ වී ඇති. සමහර නිර්මාණ කුමක් සදහා කවුරුන් විසින් බිහිකළා දැයි අදටත් අභිරහසකි.ඇතැම් දේවල් ආගමික මුහුණුවරකින් දේවත්වයක් ආරෝපණය කර ඇති මුත් අභ්‍යවකාශ ජීවීන් පිළිබදව අධ්‍යයනය කරන විද්වතුන්ගේ මතය නම් ඇතැම් විට පැරණි ගෝත්‍රිකයන් මේ දේවත්වයන් සලකන ඇතැම් දෙවිවරුන් පිටසක්වලින් මහ පොළවට පැමිණි පිටසක්වල ජීවින් විය හැකි බවයි. ලෝකයේ එකිනෙකට ඉතා දුර බැහැර ප්‍රදේශ වල සිදුකර තිබෙනා  ඉපැරණි ඉදිකිරීම් සදහා කර ඇති ගණිතමය ගණනය කිරීම්, තාරකා ශාස්ත්‍රය යොදා ගැනීම හා භූවිශමතා ලක්‍ෂන සැලකිල්ලට ගැනීම හා ඒව උපයෝගී කර ගෙන ඇති ආකාරය ඉතාමත් සමානය. එය එකම ගොඩනැගිලි ශාස්ත්‍රය උගන්වන පාසලක එකම ගුරුරවයෙකුගෙන් ඉගෙන ගත්තා හා සමාන බව පිටසක්වල ජීවීන් පෘථිවියේ ක්‍රියාදාමයන් සදහා සම්බන්ධ වූ බවට සාක්‍ෂි ගෙන හැර දක්වන විද්වතුන්ගේ මතයයි. මේ පිළිබදව නිර්මාණය කර ඇති හොදම වැඩසටහන් මාලාව නම් Ancient Aliens වාර්තාමය චිත්‍රපටිදාමයයි.

එසේම ලෝකයේ ඇති තවත් ගොඩනැගීම් එදා තිබූ තාක්‍ෂනය උපයෝගී කරගෙන කෙසේ නිර්මාණය කළා දැයි අදටත් අභිරහසක් වන අතර තවත් නිර්මාණ සිදුකළේ කුමන හේතුවක් අරඹයා දැයි යන ගැටළුව තවමත් නිශ්චිතවම විසදා ගැනීමට සමත් නොවී ඇති අතර අනුමාන වශයෙන් මත ඉදිරිපත් වීම හා එයින් වඩාත් ගැලපෙනවායැයි හැගෙන මතය ඒ ඒ වකවානු වල ආදේශ කිරීම පමණක් සිදුකර ඇත‍. උදාහරණයක් ලෙස මීට වසර දෙකකට පමණ පෙරාතුව සත් සමුදුරේම පළ කළ මහ පොළව මත ඇඳි අභිරහස් සිතුවම් ලිපියේදී කතා කළ නස්කා රේඛා පිළිබදවද මෙම ගැටළුව මතුවූ බව ඔබට මතක ඇති.
මහ‍ පොළොව මත ඇදි අබිරහස් සිතුවම් 

පිටසක් වල ජීවීන් හා පෘථිවියේ ඉදිකිරීම් හා සම්බන්ධ කතිකාවතේදී ලැබෙන හොදම සාක්‍ෂියක් නම් ලෝකය පුරා විසිරී ඇති පිරමීඩ සමූහයයි. බොහෝදෙනාට පිරමීඩ කිවු සැනින් මිසරය නැතහොත් දැන් හදුන්වන ඊජිප්තුව මතකයට නැගුනත් සැබැවින්ම සංඛ්‍යාත්මක අතින් පිරමීඩ වල අයිතිකරුවන් වීමේ ගරුත්වය ලැබෙන්නේ දකුණු ඇමරිකානුවන්ටය. දකුණු ඇමරිකානු මහද්වීපය පුරා විසිරී සිටි  ඉපැරණි ජනවර්ග විසින් තනනු ලැබුවායැයි කියනා

මෙක්සිකෝවේ Teotihuacan හි ඇති සුවිශාල හා ඉපැරණි Sun සහ Moon Pyramid යුගලය ඇතුළුව පිරමීඩ 10,000 කට අධික ප්‍රමාණයක් මෙම මහද්වීපය පුරා විසිරී තිබෙන බව පැවසිය යුතුය. නිදසුනක් ලෙස ගෝතමාලවේ ටිකාල් ප්‍රදේශයේ පමණක් පිරමීඩ 80 ක් පමණ තිබෙන බව පැවසේ.

මෙහි ඇති ප්‍රධානම කාරණය වනුයේ මෙම පිරමීඩ බහුතරයක් ඇතැම් විට ලෝකයේ එකිනෙකට ඉතාම විශාල ලෙස දුර බැහැරව තිබියදී එක සමාන ගති ලක්‍ෂන වලින් සමන්විත වීම මෙන්ම එදා තිබූ තාක්‍ෂනික හැකියාවන්ට අනුව සියුම්ව නිර්මාණ කිරීම හා ඒවායේ ප්‍රධාන ගොඩනැගීම් ඒකකය වන සුවිශාල ගල් කුට්ටි හෝ පසුව මෙම ලිපියේදීද පැවසෙන බොස්නියාවේ Visoko හි සැගව ඇති සුවිශාල පිරමීඩයේ කොන්ක්‍රීට් කුට්ටි කෙසේ එසවූවාදැයි අදහා ගත නොහැකි බවයි.

උදාහරණයක් ලෙස ගතහොත් වසර 4500 ක් පමණ පැරණි හා එවකට මිනිසා විසින් නිර්මාණය කරනා ලද උසම ගොඩනැගිල්ල‍ සේ සලකන ගීසාහි මහා පිරමීඩ අක්කර 13 ක වපසරියක විහිදී පිහිටා තිබෙන අතර එහි විශාලතමයා වන Khufu  පිරමීඩයේ උස අඩි  455 කි‍. එහෙත් අතීතයේ මෙය උසින් අඩි 481 ක් පමණ වන්නට ඇතැයි සැල‍කෙන අතර ගල් කුට්ටි මිලියන 2.5 ක් යොදා ගෙන තිබෙන අතර මෙම ගල්කුට්ටි වල මුළු බර පමණක් ‍ටොන් මිලියන 6 ක් පමණ වෙතැයි ගණන් බලා ඇත. යොදා ගන්නා ලද ගල් කුට්ටි අතුරෙන් බරම ගල් කුට්ටිය පමණක් ‍ටොන් 70 ක පමණ බරකින් යුතුවූ බව පැවසේ.

තවද මෙම ගල් කුට්ටි එම වැඩබිම අසලිනම් සොයා ගත් ඒවා නොව එයින් සැතපුම් 500 ක පමණ දුර බැහැර සිට රැගෙන එනූ ලැබූ බවද පැවසේනම් මෙතරම් බරසාර ගල් කුට්ටි එසවීම පැටවීම බෑම හා නැවත ඔසවා පිරමීඩයේ ස්ථාන ගත කිරීම කෙසේ සිදුවූවාදැයි අනුමානයන් මිස සැබෑ ලෙසම පැවසිය නොහැකි බව ඇතැම් විද්වතුන්ගේ මතයයි. එසේම මිසර මෙන්ම මායා ගෝත්‍ර වල පුරා වෘත වල ඇති සමාන කමද මේවා මිනිසුන් විසින් තැනූවක් නොව මිනිසුන් හා එකතුව වැඩි දායකත්වය පිටින් පැමිණි ජීවින් විශේෂයක් විසින් තැනූ බවට පළ වන මතතයි. එනම් මෙම ගෝත්‍ර දෙකේම පැරණි පුරාවෘත වල පවසන මිහිපිටට අහසින් දෙවියන් පැමිණ  මෙම දේවල් තනා නැවත ගිය බව හා නැවත යන විට එම දැනුමද  රැගෙන ගිය බවයි. එමෙන්ම ඇතැම් අය පළ කරන මතය වන මිනිසුන් විසින් මේවා තැනුවේ නම් සැලසමු කෙටුම් පත් හෙවත් Blue print ආදියේ අඩුම තරමින් කුඩා කොටසක් හෝ සොයා ගැනීමට නොහැකිව තිබෙන්නේ මන්ද යන පැනයයි. මෙවන් නිර්මාණයන් හිතේ තබාගෙන පමණක් නිර්මණය සම්පූර්ණ කිරීමට නොහැකි බව පවසන අතර සැලසුම් ඇදීම්, ඒවා අධ්‍යයනය කුමන යුගයක ඉදිකළත් අත්‍යාවශ්‍ය බව එම ප්‍රශ්නය අසන්නන්ගේ මතය වේ. එසේම මේවා ඉදිකළේ මියගිය රජවරුන්ගේ දේහ තැන්පත් කිරීමට යයි සාමාන්‍යයෙන් පැවසුනත් ඇතැම් විට නිදන් හොරුන් විසින් පැහැර ගෙන ගිය ලදුව හෝ අස්ථාන ගතව තිබෙන්නට ඉඩ ඇතත් බොහෝමයක් රජවරුන්ගේ හෝ වෙනයම් අයෙකුගේ දේහ තැන්පත්ව නොතිබූ බවද ප්‍රකාශ වේ.

කිහිපවිටක්ම මෙම ලිපියේ පවා පැවසූ පරිදි එකම නිර්මාණයේ හැඩයට ප්‍රමාණයට ආසන්නතා ඇති නිර්මාණ ලෝකයේ විවිද ප්‍රදේශ වල හමුවීමද තවත් ගැටළු ඇති කරන්නකි. උදාහරණ කිහිපියක්ම පවසන්නනේ නම් ගීසාහි පිරමීඩ වලට හැඩයෙන් ප්‍රමාණයෙන් ඉතා ආසන්න බවක් ගන්නා එහෙත් බාහිර ලෝකය මෑතක් වන තුරු කදු ගැට ලෙස සලකණු ලැබූ පිරමීඩ ඉතාලියේ මිලාන්හි Montevecchia හිදී සොයා ගැනීමයි.

බැලූ බැල්මට සොබාදහමේ නිර්මාණයක් ලෙස පෙනුනත් මේවා පිළිබදව ගවේෂනය කර ඇති උදවිය පවසන්නේ ‍මේ තිබෙන්නේ පස්වලින් යටවී ඇති මිනිසුන් හෝ වෙනයම් ජීවි විශේෂයක් තනනා ලද පිරමීඩ බව හා ආසන්නයට ගිය විට සුවිශාල ගොඩනැගිල්ලක සාක්‍ෂි හමුවන බවයි.
http://www.european-pyramids.eu/wb/pages/european-pyramids/italy/montevecchia.php?lang=DE
http://www.duepassinelmistero.com/Pirmontev.htm

තවද ඔරායන් තරු රාශියට අනුකූල වන ලෙස ගීසාහි පිරමීඩ මෙන්ම දකුණු ඇමරිකානු Sun සහ Moon pyramids  පිහිටා තිබීමද සුවිශේෂ සමානකමකි.


මෙවන් සැඟව ඇති තවත් පිරමීඩයක තොරතුරු 2005 දී බොස්නියාවෙන්ද හමුවිය. මෙයද කාලයක් පුරා මිනිසුන් දැක්කේ කදුගැටයක් ලෙසිනි. බොස්නියාවේ අගනුවර වන සරෙයිවෝ නගරයෙන් සැතපුම් 25 ක් වයඹ දෙසට වන්නට පිහිටා ඇති Visoko ප්‍රදේශයේ පිහිටා ඇති මෙම ස්ථානය පිරමිඩයක හැඩය හා ඒවාට ආවේණික ගති ලක්‍ෂන වලින්ද යුතුවන බව විද්‍යාඥ මතයයි. එපමණක් නොව මේවා ගවේෂනයට ගිය පිරිසට හමුවුයේ ඇත්තෙන්ම කදු ගැටයක් නොව මානව හෝ වෙනයම් පිරිසකගේ මැදිහත් වීමකින් සිදුවූ ඉදිකිරීමක නෂ්ඨාවශේෂයි.



මෙහි මාවත් ගල් පතුරු ආධාරයෙන් තනා තිබෙන අතර මේවායේ ගල් අතර බැදීම ඇති කිරීමට භාවිතා කළ බදාමයේ කාලය නිර්ණය කළ විට ඒවා වසර 12,500 ක් පමණ පැරණි බවද තහවුරු විය. කෙසේවෙතත් ආරක්‍ෂක හේතු හෝ රාජ්‍ය රහස් වශයෙන් හෝ වෙනයම් හේතුවක් මත මෙම පිරමීඩයේ තොරතුරු එතරම් බාහිර ලෝකයට නිරාවරණය විමට ඉඩක් නොලැබී තිබෙන නිසා නිශ්චිතව පැවසීමට නොහැකි අතර සැබැවින්ම ගතහොත් ඉතිහාසය නැවත ලිවීමට පවා මෙම නිර්මාණය හේතුවිය හැකි බවයි. මන්ද මෙතරම් කාලයක් ලෝකයේ පැරණිම හා එවකට මිනිසා විසින් ඉදි කළ ගොඩනැගිල්ලේ ගරුත්වය ගීසාහි පිරමීඩය සතුකරගෙන තිබුනත් මෙහි වයස මෙන්ම සුවිශාලත්වයද විශාලය. එනම් උස අඩි 722 කි.


http://www.the-savoisien.com/wawa-conspi/viewtopic.php?id=1217
http://en.wikipedia.org/wiki/Bosnian_pyramids

තවත් කාරණයක් නම් මෙම පිරමීඩය නිර්මාණයට ගල් කුට්ටි වලට අමතරව නිර්මාණයක කරනා ලද කොන්ක්‍රීට් කුට්ටිද භාවිතා කර තිබීමයි.

මෙම නිර්මාණය සදහා යොදා ගත් කොන්ක්‍රීට් කුට්ටි වල මුළු බරම පමණක් ‍ටොන් මිලියන 80 ක් පමණ වෙතැයි ගණන් බලා තිබේ.




මෙසේ ලෝකයෙන් වසන් වී ඇති තවත් සුවිශාල පිරමීඩ ඇති ස්ථානයක් ලෙස සැලකෙන  ස්ථානයකි චීනයේ Shoanxi පළාතේ ඇති පිරමීඩ. මෙම ප්‍රදේශයේ මෙවන් ස්ථාන 37 ක් පමණ තිබෙන බව පැවසෙන අතර ඇමරිකානු ගුවන් නියමවුවෙකු විසින් 1945 දී දකිනා ලදුව මුලින්ම Newyork Times පුවත්පතින් හෙළිදරව් කරනා ලදි.

කෙසේවෙතත් ඉතා දැඩි සේ තම රටේ රහස් රකිනා චීන රජය 70 දශකයේ පටන් විවිද බාදකද මෙම ප්‍රදේශයට පිවිසීමට නොහැකි සේ පිහිටුවා තිබෙන අතර ඔවුන් සෑම විටකම මෙවා ස්වභාවික කදු සේ හැඟවෙන ආකාරයට හැසිරෙන අතර තවමත් හරිහැටි හදුනාගැනීමේ හැකියාවක් ලබා දී නොමැත. කොහොමනමුත් අතීත චීන අධිරාජ්‍යයන්ගේ වාර්තාවල අහසින් මිනිසුන් පැමිණි බවට තොරතුරු සටහන් කර ඇත. එසේ නම් මෙම අද්භූත කදුගැට ‍එලෙස පැමිණෙන අමුත්තන්ගේ පැමිණීමේ හා පිටවීමේ ස්ථානද?
එදා දිස්වූ ආකාරය
දැන් විවිද බාදක යොදා තිබේ



බාහිර පෙනුමේ ඇති ආසන්නතම සමාන කම්වලට මේවාද හොද උදාහරණයි. එකම්  මෙම කාම්බෝජයේ හින්දු සම්භව්‍ය ඇති දේවාලය හා ටිකාල් හි මායා දේවස්ථානයද එකවගේමයි.

එසේම ඉන්දුනීසියාවේ ජාවා පළාත් ආශ්‍රිතව පිහිටා ඇති Candi Sukh හින්දු දේවොල් හා මැක්සිකෝවේ යුකටාන් පළාතේ පිහිටා ඇති Chichen Itza පිරමිඩාකාර දේවස්ථානයද සමානත්වයක් උසුලයි.


මේවා එකම පිරිසක් විසින් තනන ලද ඒවාද?
http://en.wikipedia.org/wiki/Chichen_Itza
http://en.wikipedia.org/wiki/Sukuh
http://solo.yogyes.com/en/see-and-do/archaeological-sight/candi-sukuh/

පිරමීඩ ගැන පළ කළ ලිපිය - http://sathsamudura.blogspot.com/2011/03/lets-we-talk-about-pyramids.html

පිරමීඩ පමණක් නොව කිසිසේත්ම ලිහා ගැනීමට නොහැකිව පවතින "නූල් බෝලයක්" බොලිවියාවේ ලෝපාස් නගරයට සැතපුම් 45 ක් බටහිරින්, අන්දීස් කදුකරයෙන් හමුවේ.

මුහුදු මට්ටමෙන් අඩි 12,800 ක් උසින් පිහිටි මෙම ස්ථානය ලෝක පූජිතව ඇත්තේ Puma Punku ලෙසටයි. මෙම ස්ථානය කිසිසේත්ම මිනිසුන්ගේ මැදිහත් වීමකින් තොරව අහසින් පැමිණි අමුත්තන් පිරිසක් විසින් එකරැයකින් තැනූ බවට අතීතයේ පමණක් නොව වර්ථමානයේ පවා ගෝත්‍රිකයන් පමණක් නොව බහුතරයක් විද්‍යාඥයන් පවා පවසන ස්ථානයකි. මෙහි ඇති විශේෂත්ව නම් සුවිශාල මෙගාලිතික ගල්කුට්ටි නොව ඒවා කොටස් කිරීම, ඒවායේ සුමට මතුපිටවල් ඇති නිර්මාණය, සමාන කෝණ වලින් යුතු ස්ථාන, සමාන දුරකින් යුතු සිදුරු ආදිය කෙසේවත් එදා මිහිපිට තිබූ තාක්‍ෂනයෙන් කළ නොහැකි බවට විද්‍යාඥවක් "පොළවේ පස් කා" පැවසීමයි‍. එතරම් ඒවා විශිෂ්ඨය.
එක සමාන දුරකින් සියුම් ලෙස කර ඇති සිදුරු



අතිශයින්ම සුමට මතුපිට


මෙම ගල් තඩි සියුම් ලෙස කොටස් කිරීම හා මේසයක මතුපිට මෙන් ඒවායේ සුමට මතුපිට මැදීමට අද තිබෙනා ලේසර් තාක්‍ෂනයෙන් පවා නොහැකි බව සාක්‍ෂි සමගම ඔප්පු කර පෙන්වන අතර ආසන්න වශයෙන් හෝ සමාන කැපුම් සුමට කිරීම කළ හැක්කේ Diamond cut තාක්‍ෂනය ඔස්සේ පමණක් බව පෙන්වයි.

ඇතැම් පාශන වල හමුවන එක හා සමාන දුරකින් යුතු හා සියුම් බවෙන් යුතු සිදුරු නූතන විදුලි බල‍වේග මෙවලමකින් මිස එදා ආදි කල්පිත ‍‍ගෝත්‍රිකයන්ගේ Tool වලින් සිදු කළ නොහැකි බව අතීතකාමයට ප්‍රියතාවය දක්වන්නන්ට අකමැත්තෙන් වුවද පිළිගන්නට සිදුවන බවද පැවසේ.




http://en.wikipedia.org/wiki/Pumapunku

එසේම මීට වසර 2000 කට පමණ පෙර තැනූවක් ලෙස සලකන මෙහි විසිරී ඇති ගල් කුට්ටි වලින් විශාලතමයා අඩි 26 ක් දිගය. බර පමණක් ටොන් 100 කි. අනෙක් කාරණය නම් මෙම ගල් විශේෂය අවටින් සොයා ගැනීමටනොහැකිවා පමණක් නොව ඒවා මීට සැතපුම් 60 ක පමණ දුර බැහැර සිටි රැගෙන මෙම කදුකරයට රැගෙන ආයුතු වීම හා  මෙම උක්ත ප්‍රදේශ පුරා විශාල ගස් නොවැවෙන නිසා එදා ක්‍රමයට අනුව ලී කොටන් මතින් තල්ලු කරගෙන ඒමට ශක්‍යතාවයක්ද නැති බව විද්‍යාඥයන් පවසයි. එසේනම් මෙම සුවිශාල දැවැන්ත ගල් තඩි රැගෙන විත් ඒවා කපා ඔපමට්ටම් කර නිසි ලෙස ස්ථාන ගත කළේ කවුරුන්ද? ඒ කෙසේද? මෙතරම් බරකින් යුතු සුවිශාල පදාර්ථයක් එසවීම හිතා ගන්නටත් බැරි කාරණයකි එදා.

තවත් අපුරූ ස්ථානයක් මෙම ස්ථානයෙන් සැතපුම් භාගයක් ඊසාන දිගට වන්නට හමුවේ. මෙම ස්ථානය හදුන්වනු ලබන්නේ Tiwanaku ලෙසිනි. කලින් පැවසූ Puma Punku සහ මෙම ස්ථාන දෙකම ඉදිකර ඇත්තේ එකම කාල වකවානුවේ බව නූතන විද්‍යානුකූල ක්‍රම වලින්ද සොයා ගෙන තිබේ. එහෙත් ඉදිකිරීම් දෙකම සිදුකර ඇත්තේ එකම අය විසින්‍ නොව පිරිස් දෙකක් විසිනි. අනෙක නම් Puma Punku හි තිබූ තරම් තාක්‍ෂිනික විජ්ජාවක් මෙහි හමු ‍නොවන බවයි. එසේනම් මෙම දෙවන ඉදිකිරීම කරනු ලැබුවේ කවුද? වෙනකවුරුවත් නොව අප විසිනි. තේරෙන බසින් කියනවා නම් මිනිසුන් විසිනි.


එහෙත් Puma Punku යනු කවර කටයුත්තක් අරඹයා ඉදිකරනු හෝ පවත්වාගෙන යනු ලැබූ ස්ථානයක් බව කාටවත් කීමට නොහැකි මුත් මෙම ස්ථානය නම් කුමක් සදහා ඉදිකරනු ලැබුවේද යන්න ගැටළුවක් නොවේ. සැබැවින්ම මෙම ස්ථානය දෙවියන් ඇදහීමට භාවිතා කළ ආගමික් ස්ථානයකි. එහෙත් නූතන විද්‍යාඥයන් මෙම ස්ථානය නිකම්ම නිකම් ආගමික ස්ථානයක් ලෙස සැලකීමට කැමැත්තක් නොමැත. ඔවුන්ගේ මතය අනුව මෙම ස්ථානය පිටසක්වල ජීවින් මෙලොවට ගොඩ බට ස්ථානයකි. මෙය ඒ සදහා ඔවුන්ට පහසුවන පිණිස ඉදිකරනු ලද්දකි.
http://en.wikipedia.org/wiki/Tiwanaku
http://www.jqjacobs.net/andes/tiwanaku.html

කොහොමනමුත් ක්‍රි.ව. 11 වන විට අභිරහස් ලෙස ජනශුන්‍යව අතහැර දමනු ලැබූ මෙම ස්ථානයේ ඇති ඉදිකිරිම් හා කැටයම්ද කුතුහලය දනවන්නකි. මෙහි බිත්තියේ නෙරා ඇති සේ ඇඹු මිනිස් හිස් අතර නූතනයේ ජනප්‍රිය alien මුහුණු තිබීමෙන් මෙම ස්ථානයට පැමිණෙන පිටසක්වල ජීවින් පිළිබදව සත්‍ය ලෙසම මිනිසුන් දැන සිටි බවට සාක්‍ෂියක්ද?
බිත්තියේ ඇති පිටතට නෙරන ලෙස සැකසූ මුහුණු

පිටසක්වල ජීවියෙකුගේ වැනි මුහුණක්

එසේම මෙහි ඇති ඉදිකිරීම් පිළිබදව වන්දනාමාන කරනා දෙවියාට උඩුරැවුල් යටිරැවුල් තිබීමද උභතෝකෝටික ගැටළුවකි. මන්ද ආදි දකුණු ඇමරිකානු ගෝත්‍රිකයන් උඩුරැවුල් හෝ යටි රැවුල් වැවීම සිදු‍නොකළ බැවිනි. එහෙත් මෙම පිළිරූවලට සමාන රූප ඇත්තන් සු‍මේරියන්වරුන්ගේ පිළිරූ වලින් හමුවේ.
ක්‍රි.පූ. 5300 සිට ක්‍රි.පූ. 2000 දක්වා වාසය කළ බව පැවසෙන අතර ඔවුන් ජීවත්වූ ප්‍රදේශය හා බොලිවියාවේ මෙම ප්‍රදේශය අතර දුර ප්‍රමාණය සැතපුම් 8000 කට වඩා වැඩි බවද පැවසේ. මෙතරම් දුරකතරක් ගෙවා බොලිවියාවේ ආදි ඉන්දියානුවන් සුමේරියන්වරුවෙත ගොස් ගොඩනැගිල ඉදිකිරීමේ ශාස්ත්‍රය උගත්තේද? එසේ ඉගෙන පැමිණ මෙම tiwanaku වැනි ඉදිකිරීම් සිදුකළාද? එසේත් නැතහොත් සුමේරියවරු මෙහි පැමිණ ඉදිකිරීම සිදුකළාද? එසේත් නැතහොත් ඉදිකිරීම් දෙවියා ලෙස පිටසක්වල ජීවියෙකු වෙනුවෙන් සැලකිලි දැක්වූවාද?
ඉදිකිරීම් දෙයියා

සුමේරියන් පිළිරුවක්

සුමේරියන්වරු සිටියේ බොලිවියාවේ සිට මෙතරම් දුරකිනි

http://www.newworldencyclopedia.org/entry/Sumerian_Civilization

කොහොමනමුත් පුරාවිද්‍යාඥයන් පිටසක්වල ජීවීන් හා සම්බන්ධ මාතෘකා අතර සම්බන්ධතාවයක් නැත. ඒ නිසා මෙම ද්විත්ව ඉදිකිරීම්වලම ගරුත්වය ඔවුන් විසින් ලබාදෙන්නේ එදා බොලිවියාව, චිලි වැනි රටවල ජීවත්වූ Aymara නම් දකුනු ඇමරිකානු ගෝත්‍රය වෙතයි. එහෙත් පිටසක්වල ජීවින් හා සම්බන්ධ විද්‍යාඥයන් එලෙස නිකම්ම ඒ ගරුත්වය මෙම ඉන්දියානු ගෝත්‍රිකයන් වෙත ලබාදීමට සූදානමක් නොමැත. එයට හේතුව tiwanaku  කෙසේවෙතත් Puma Punku හි ඇති සුවිශේෂී ගල් කැටයම්, පිරිද්දීම හා නිර්මාණ කටයුතු ආදිය සැලසුම් පිළියෙල කිරීම, ඒවා ලේඛණ ගත කිරීම ආදිය පවත්වාගෙන යමින් කළ යුතු කාර්යයකි. එහෙත් මෙම Aymara ‍ගෝත්‍රිකයන් යනු එදා මළපොතේ අකුරක්වත් නොදැන සිටි ගෝත්‍රිකයන් පිරිසක් ලෙස සලකන නිසා  ඔවුන් වැනි ‍"මැට්ටන්" කෙසේනම් එයට වසර දෙදහස් ගණනක තාක්‍ෂනයට පවා ඇතැම් විට යානොවෙන ඉදිකිරීමක් කරනනේදැයි? ඔවුන් ප්‍රශ්න කරති.
http://web.mesacc.edu/dept/d10/asb/anthro2003/archy/aymara/aymara.html
http://en.wikipedia.org/wiki/Aymara_people

කෙසේවෙතත් tiwanaku යන ස්ථානයට වඩා Puma Punku යනු වර්ථමානයේ නම් යකා නැටූ කම්මලක් වැනිය. එහි ඇති දැවැන්ත පාශාන කුට්ටි සිසීකඩා විසිරී ඇත්තේ සුනාමියකට අසුවූ සෙයියාවකිනි. ඇතැම් ඒවායේ නිකම්ම පස් නොව මඩ තැන්පත්ව ඇති ආකාරය නිසා මෙම ස්ථානයට කඩා වැදුන දැවැන්ත රළ පහරකින් මෙම ස්ථානය විනාශව යන්නට ඇති බව ඇතමෙකු පවසයි. තවත් අයෙක් පවසන්නේ ලොකු භූමිකම්පාවකට හසුව "Lego" කැබලි මෙන් තැන තැන විසිරෙන්නට ඇති බවයි. තවකෙකු දැවැන්ත උල්කාපාතයක් කඩා වැදීමෙන් මෙම ගල් නන්නත්තාරවන්නට හේතුවන්නට ඇතැයි පවසන අතර තවකෙකු අපගේ අහිංසක ලෝකය පිටසක්වල ජීවින් දෙකොට්ඨාශයකගේ යුදපිටියක් බවට මෙම ස්ථානය පරිවර්ථනය කර ගත් නිසා ඔවුන් භාවිතා කළ බර අවි වලින් මෙම ගල් තැන තැන විසිරෙන්නට ඇති බවට සැක පළ කරයි. කෙසේවෙතත් තවත් අය පවසන්නේ පිටසක්වල ඉදිකිරීම් සදහා අවශ්‍ය දේවල් තනන්නට මෙම ස්ථානය වැඩබිමක් වූ බවටයි. එම කටයුත්ත අහවර වූ පසුව ඔවුන්තේ තාක්‍ෂිනක රහස් පිටස්තරයන්ට පත්වීම වැලැක්වීමට ඔවුන් විසින්ම මෙම ස්ථානය විනාශ කර පිටව යන්නට ඇති බවයි.
Puma Punku එදා මෙලෙස පවතින්නට ඇතැයි විශ්වාස කෙරේ

මුලින්ම පැවසූ පරිදි මෙම Puma Punku යනු අතීතයේ පටන් මිනිසා විසින් නොව පිටස්තරයන් විසින් තනනු ලැබූ බවට සැලකූ බවට හොදම උදාහරණයක් ලෙස සලකන්නේ ස්පාඤයවරුන් මෙම ප්‍රදේශ අත්පත් කරගත් පසු එවකට එහි පාලනය ගෙන ගිය පාලකයා වෙතින් මෙම Puma Punku යනු කවර ආකාරයේ ස්ථානයක් දැයි විමසූ විට "එය අප විසින් ඉදිකරන ලද්දක් නොවෙයි. අහසින් පැමිණි අය එක රැයකින් ඉදිකරන ලද්දක්" බව පැවසීමයි.

මෙම ලිපිය මෙතනින් ඉවර කළ නොහැකිය. ඉතිරිව ඇති තවත් කාරණා රැසක් සමග දෙවන කොටසින්ද හමුවෙමු...

පසුවදන : Video and Audio Players වල අප එතරම් නොහිතන දේවල් කිහිපයක්... අංක.1ලෙස 2011 ජනවාරි 13 වනදා ලිවීම ඇරඹූ මෙම බ්ලොග් ක්‍රියාවලියේ වසර දෙකක් පිරුන අවස්ථාවේ මෙම ලිපිය තවත් හොද කඩඉමක් වනු ඇතැයි සිතමි...





35 comments:

  1. godak hoda post ekak bro... dawas 2kata damma nam hodai kiyalath hithenawa.
    godak diga wadi wage.
    watina thorathuru tiakak. sthuthiy

    ReplyDelete
  2. නියම තොරතුරු ටිකක්.

    බ්ලොගේ දෙවර්ෂ පූර්ණයට සුබ පැතුම් !

    ReplyDelete
  3. හරියටම ලිපිය කියෙව්වේ නෑ...උඩින් නිකම් බලාන ගියා විතරයි.හොදට වෙලාව අරන් කියවන්න ඕන නියම ලිපියක්.ගොඩක් ස්තූතියි මේ තරම් කරුනු හොයලා අපට කියවන්න ලිපි දාන එකට.මාත් ගොඩක් ආස විශයක් තමා මේක..ඔය ඒන්ශන්ට් ඒලියන්ස් කතා මාලාව මම බලලා තියෙනවා.සුපිරි වාර්තා වැඩසටහනක්.ලෝකේ ඕනම අත්භූත දෙයක් පිටසක්වල ජීවීන්ට බොහෝම අපූරුවට සම්බන්ද කරනවා..අපි නොහිතන දේවල් පවා(පුරාන කතාවල එන මුර්ගයෝ වගේ උන් පවා)අන්තිමේ පිටසක්වල ජීවීන්ගේ සම්බන්දෙකට දානවා.ඔය පූමා පුන්කු කතාව නම් නියමයි.ඇත්තටම ඒ වියුහ කොහොම මේ තරම සියුම් විදිහට කලාද කියලා හිතාගන්න බැහැ.මන් මුලින්ම ඒවා ගැන හිතුවේ ඕවා ඒ වැඩසටහන කරන අයම අතින් දාලා පෙන්නන ඒවා කියලා .ඒත් මේ ගැන වැඩිදුර හොයද්දී මට තේරුනා මේක බොරුවක් නොවෙන බව..ස්තූතියි ලිපියට..

    ReplyDelete
  4. වැදගත් ලිපියක් ..ස්තුතියි

    ReplyDelete
  5. දෙවර්ෂ පූර්ණයට සුභපතන අතරේ මේ වෙනුවෙන් ඔබ දරනා මහන්සිය අතිශය අගය කරමි..

    මේ ගැන ලිපියක් අකුරු ලියන බීට්ල් ලියලා තියනවා දුටුවා..එය මෙතැනින් කියවන් පුළුවන්..

    පිටසක්වල ජීවින් වගේම අපේ ලෝකයේ මිනිස්සුත් දක්ෂයි යන්න ඔප්පු කරන්නත් බොහෝ අය වෙහෙසෙනවා..ඒ ගැන මෙතැනින්

    ReplyDelete
  6. කියල වැඩක් නෑ නොදන්න බොහෝ තොරතුරු ගොන්නක්... ජයම වේවා

    ReplyDelete
  7. නියම ලිපියක්

    ReplyDelete
  8. සක්වල ඉදන් ඇවිත් උදවු කරන පිටසක්වලයන් අද දකින්ට නැති නිසා(අපි දන්නා අතීතයේ ඉදිකිරීම්,බෙහෙත් හේත්,යන්ත්‍ර උපකරණ වැනි දේවල් වලට උදවු ලැබුණා කියල වාර්තාවෙලා නැති නිසා)මට හිතෙනවා, අවුරුදු මිලියන ගානක් තිස්සේ, පැවතගෙන එන අපේම මුතුන් මිත්තොම,ඉතාම දියුණු ශිෂ්ඨාචාරයන් තුල ඇතිවෙමින් නැතිවෙමින්,නැවත නැවතත් දියුණු වෙමින්,මේ හැම විස්කම් නිර්මාණයකටම දායක වුණා කියලා....!

    බ්ලොග් දෙවර්ෂ පූර්ණයට මගෙනුත් උණුසුම් සුබ පැතුම් ඔබට! :)

    ReplyDelete
  9. පිටසක්වල ජීවීන් සමහරවිට එන්න ඇති.හැබැයි ඊට වඩා පහසු නැද්ද ඉතා දියුණු මානව ශිෂ්ටාචාර ඒ කාලෙ තිබුනා කියලා.අයිමාරා වැනි ඒවා නොවෙයි එකල පැවති මහා සභ්‍යත්වයන් මුලුමනින්ම මිහිමතින් අතුගෑවිලා ගිහින් වනචාරීන් ඒ මත පැළපදියම් වුනාද කවුද දන්නෙ.කොහොමටත් විද්‍යාවෙ දියුණුවත් එක්ක මේ රහස් එලියට එයි

    ReplyDelete
  10. ඒක නම් මරු පොස්ටුව. මොකද මම මේ වගේ දේවල් හොයන කොල්ලෙක්.
    මම විශ්වාස කරන්නේ ඉස්සරත් මේ වගේ තියෙන්න ඇති. අපි රාවනා ගැන අධ්‍යනය කරන කොට බලන්න, රාමා මුහුද මැදින් හැදුවා පාලමක්. රාවනා පොලව යටින් යන මාර්ග හැදුවා. ඒ වගේම ලංකා පුරය. නමුත් ඒවා විනාශ වුනා.

    සුද්දෝ ඉන්දියාවට වගේ ඇවිල්ල තියෙන ආසියා තාක්ශනය අරං ගියා. කරන්න දෙයක් නෑ. ඒ ගොල්ලම තමා අපේ ශිශ්ටාචාරවලට බයින්නේ. නමුත් මේ වෙන කොට බට හිර ශිශ්ටාචාරය කෙමෙන් කෙමෙන් යනවා වල පල්ලට. නමුත් ආසියාව තවම තියෙනවා. ඒ අය යුද්ද වශයෙන් තාක්ශනික වශයෙන් දියුනු උවත් බලාගෙන යන කොට අලුතෙන් හොයා ගෙන දෙයක් නැති තරම්.

    මොකද කුරුස යුද්ධ වලින් පස්සේ උන් ඔක්කොම ආසියා තාක්ෂනික ලිපි වගේ දේවල් අරං ගියා. අරං යන්න බැරි දේවල් විආශ කලා.

    මං මේ ගැන ඉස්සරහට ලියන්න බලා පොරොත්තු වෙනවා

    ReplyDelete
  11. මටනම් අහන්න තියෙන්නේ මෙච්චරයි,කොහොමද අය්යේ ඔයා මේ තරම් ලස්සනට කරුණු පෙලගස්වාගන්නේ ,සුබ පැතුම්

    ReplyDelete
  12. නියමයි! කදිම ලිපියක්.
    ඒ වගේම ඉස්සරහටත් පහුගිය අවුරුදු දෙක වගේම හොඳ ලිපි ලියන්න ලැබේවා!

    ඇත්තටම මම පෞද්ගලිකව හිතන්නෙත් මේ ඉතා දියුණු මානවයින්ගේ වැඩක් කියලයි. පිටසක්වලයෝ මේවා කළා කියන එකෙන් අපි කරන්නේ අතීත ශිෂ්ටාචාර හෑල්ලු කිරීමක්. බටහිර ජාතීන් අකමැති වෙන එකක් නැහැ අපේ මුතුන් මිත්තෝ කරපුවා ඔක්කොම පිටසක්වලින් ආපු අයවලුන් කරපු දේවල් කියලා පිළිගැනීමක් ඇති වෙනවා නම්. එතකොට එයාලා ගොඩනගලා තියෙන වර්තමාන ශිෂ්ටාචාරය උසස් කියන එක කියන්න පුළුවන් නේ. "උඹලා මේවා හැදුවේ නැහැ. මේවා හැදුවේ පිටසක්වලයෝ. බලපන් අපේ නගර දිහා. අන්න අපේ මිනිස්සු හදාපුවා." කියලා එයාලට කියන්න පුළුවන් නේ.

    අප්‍රිකාවේ මහා සිම්බාබ්වේ නගරය හොයාගත්තහම මුලින්ම හිතුවේ ඒ වැළලී ගියපු සුදු ජාතික ගෝත්‍රයක නිර්මාණයක් කියලා. පස්සේ තමයි සුද්දන්ට පිළිගන්න උනේ ඒ කළු අධිරාජ්‍යයක නිර්මාණ කියලා. එහෙනම් සියවස් ගණනකට එහා නිමැවුණු, කිසි කෙනෙක් නොදන්නා මේ වගේ දේවල් ගැන කවර නම් කතාද? මේ වගේ ඇතැම් පිටසක්වල වැසියන් නිර්මාණය කළා කියාපු දේවල් (පාස්කු දූපතේ පිළිම වැනි) මිනිසුන්ගේම නිමැවුම් බව මේ වෙනකොට ඔප්පු වෙලා තියෙනවා.

    එකම කාලවල විවිධාකාරයේ සමාන ගොඩනැගිලි ලෝකයේ විවිධ ප්‍රදේශවල නිර්මාණය වෙලා තියෙනවා. ඒ සමහර දේවල් නම් වෙළෙඳ සම්බන්ධතා ඔස්සේ පැතිරිච්ච දේවල්. ඒ නැතත් එක වගේම දේවල් විවිධ ජාතීන් ස්වාධීනව නිර්මාණය නොකලා කියන්නත් බැහැ. නවීන විද්‍යාවේ වුනත් කොච්චර අවස්ථා තියෙනවාද, එකම දේ විවිධ අය එකිනෙකාගෙන් ස්වායත්තව හොයාගත්තු අවස්ථා? ඒ නිසා මිනිසාගේ නිර්මාණ පිටසක්වලයෝ කළා කියලා අවතක්සේරු නොකළ යුතුයි කියන එකයි මගේ අදහස.

    ReplyDelete
  13. මුලින්ම දෙවර්ෂ පූර්ණයට උණුසුම් සුබ පැතුම් දිනේශ් ! මේ දෙවසර පුරා දිනේශ් සමඟින් සත්සමුදුර අපේ නිම් වළලු පුලුල් කරන්න කළ මෙහෙය වචනයෙන් විස්තර නොකළ හැකි තරම්. ඉදිරියටත් වැඩි වැඩියෙන් මේ සමාජ මෙහෙවර කරන්න ශක්තිය ධෛර්යය පතමි !

    මේ ලිපිය ස්ටීව් ජොබ්ස් ගැන ලියවුන එකට පස්සෙ මම සත්සමුදුරේ කියවපු සිත් ගන්නා සුලුම ලිපිය කිව්වොත් නිවැරදියි. ( ඒ මගේ තක්සේරුව )

    මමත් පිළිගන්න කැමතියි මේ නිර්මාණ අතීත ශිෂ්ඨාචාර විසින් කිසිම පිටස්තර සම්බන්දයකින් තොරව තමන්ගේම දැණුමෙන් කරපු නිර්මාණ කියලා. ඒවා ඔවුන් තනපු විදිහ අපිට හොයා ගන්න බැරි වූ පමණින්ම ඒවා පිටසක්වලයන්ට බාරදීම ඒ අතීත ශ්‍රේශ්ඨ නිර්මාණකරුවන්ට කරන අපහාසයක් කියලයි මට හිතෙන්නෙ.

    පිටසක්වලයන් එදා ඇවිත් එවැනි නිර්මාණ කළානම් හෝ කරන්න උදව් දුන්නනම් ඇයි ඔවුන් අද උදව් කරන්නෙ නොඑන්නෙ කියන ගැටලුවට පිළිතුරක් අවශ්‍ය වෙනවා. අඩු ගානෙ තමන්ගෙ නිර්මාණවලට මොකද වෙලා තියෙන්නෙ කියලවත් බලන්න. ( හරියට නිකන් අපි කොහෙ හරි බ්ලොග් එකක දාපු අපේ කමෙන්ට් එකට මොකද වෙලා තියෙන්නෙ කියලා බලන්න යනවා වගේ :-) )

    ඔය නිර්මාණ කළ ඒ ශිෂ්ඨාචාර විනාශ වෙනකොට ඔවුන්ගෙ දැණුමත් ඔවුන් සමඟම වැළලිලා යන්න ඇති කියලා හිතන එක වඩා යතාර්ථවාදියි කියලා මට හිතෙනවා. එහෙම නැත්නම් ගුරු මුෂ්ඨි වැනි ක්‍රම නිසා තාක්ශණය පසු පසට ගමන් කොට නැතුව ගියා වෙන්නත් පුළුවන් නේද ?

    පිටසක්වළින් කවුරු හරි ඇවිත් මේ නිර්මාණ කළේ අපියි කියලා කියන තාක් කල්, ඒ නිර්මාණ කළේ අපේ මුතුන් මිත්තො, තමන් හොයා ගත්තු දැනුමෙන් හා තාක්ශණයෙන් කියලා හිතන එක වැඩිය හොඳයි කියලයි මගේ හැඟීම.

    ඉතිරි කොටසත් ඉක්මනින් දාන්න

    ReplyDelete
  14. Ancient Aliens බලනකොට ඔයාට හිතුණෙ නැද්ද ඒ කතා මාලාව හදල තියෙන්නේ හැම දේම පිටසක්වලින් ඇවිල්ල කරා කියන තර්කය ඔප්පු කරන්න විතරයි කියල. ඔය විදියෙම කතාමාලාවක් වෙන කාට හරිත් හදන්න පුළුවන් Ancient Humans කියල මිනිස්සු විසින් මේ දේවල් කලා කියල. ඒකේ තියෙන විස්තර හරිම රසවත් හැබයි එක කෝනෙකින් විතරයි(කතා මාලාවෙ නමට ගැලපෙන්න.)

    අර බීට්ල් ලියපු පෝස්ට් එකේ තියෙනව ඔය සීරීස් එකේ තිබ්බ වැරදි පෙන්නල හදපු තව වීඩියෝ එකක්. ඒකත් පොඩ්ඩක් බලන්න. මේව කියවන්න මමත් හෙන ආසයි. කොහොමත් ඒලියන්ස්ලා ගෑවුණහම ගතිය වැඩියි. ඉතිරි ටිකත් ලියන්න.

    අවුරුදු 2ක් බ්ලොග් ලිව්ව වගෙ තවත් ඉදිරියට මෙවැනි දේ ලියන්න හැකියාව ශක්තිය ලැබේවා.

    ReplyDelete
  15. සත්සමුදුරේ දෙවර්ෂ පුර්ණයට සුබ පැතුම්!

    මේ පිරමීඩ හා තරු රටා ගැන කියද්දි මට මතකයි ලංකාවේ අනුරාධපුරේ තියෙන විශාල දාගැබ්(ප්‍රසිද්ධ ඒවා) තුනකුත් අහසේ සිට බැළු විට මේ තරු රටාවට අනුවම හදා තිබෙනවා කියා. ඒක කිව්වේ ජේෂ්ඨ මහාචාර්යතුමෙක්.හැබැයි දාගැබ් තුනේ නම් මට මතක නෑ. කොහොම උනත් මුලින් හදපු ධාන්‍යාකාර දාගැබ් දිහා බලද්දි හිතෙනවා ඒවා තමා මේ දකුනු දිග ආසියාවේ පිරමීඩ කියලාත්.

    පිට සක්වල කතා හා ලංකාව ගැන කියද්දි මං අහලා තියෙනවා ලංකාවේත් මෙහෙම පුදුම නිර්මාණ තියෙනවා කියලා. රැවැන්වැලි සෑයේ දේවතා කොටුවේ මිසරයේ පිරමීඩ වල වගේ අර අමුතු හැඩ සහිත කොටු වගේ කූරෑ දෙකක් අතින් ගත් අයගේ පිංතුරයක් තියෙනවාලු. ඒ වගේම අවුකන බුදු පිළීමයේ න‍හයෙන් වැටෙන වතුර බිංදුවක් හරියටම බුද්ධ ප්‍රතිමාවේ දෙපතුලලේ මහපට ඇඟිලි දෙක මැදට වැටෙනවාලු. එත් මේ තැන් දෙකේම මේ කියන කතා පරික්ෂා කරන්න මං ගිහින් නෑ. අහලා තියෙනවා විතරයි.

    අපට සංස්කෘතික පොදු සාධක ඉතිහාසෙන් හම්බවෙන එකේ මේ කට්ටිය එකම මුලධර්මයකින් පැවතුනා කියලා පිළිගත්තට වැරදි නෑ කියලාත් මං හිතනවා. ලෝකේ තියෙන විස්මිත දේ ගැන කතා කරලා කෙළවර කරන්න බෑ තමා ඊලඟ ලිපියත් ඉක්මනින්ම කියවන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මේ දේවල් අපේ රටේ අය කම් කියන්නේ ඒ අයගේ මුතුන් මිත්තන් කළ එවා කියා මිසක් පිටසක්වලයන් කරා කියලා නෙවේ නේ. ඒක මට නම් ආඩම්බරයක්. විශේෂයෙන්ම අපේ රටේ බුද්ධ ප්‍රතිමා දිහා බලද්දි අර සුමට බවට එහා ගිය හැඟිම් ප්‍රකාහන පවා තිබෙන බව අප අමතක කළ යුතු නෑ.

    කොහොම වෙතත් මේ ලිපිය ඉතාම වටිනා සත්සමුදුරෙන් බලාපොරොත්තු වන ආකාරයේ ලිපියක්.

    ReplyDelete
    Replies
    1. මෙන්න අර දාගැබ් තුනේ විස්තරේ.

      http://sundaytimes.lk/000430/plus13.html

      Delete
  16. දෙවර්ෂයේ කඩඉමට සුබ පැතුම්..!

    මේ විෂයය මමත් ආසාවෙන් කියවන එකක්. ඉතිරි කොටසත් කියවන්න බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
  17. මුලින්ම සියල්ලන්ටම ස්තූතිකරනවා මේ අවුරුදු දෙකේදී දුන් සහයෝගයට. මම ටිකක් පැත්තකට වෙලා බලාගෙන හිටියා ‍විවිදාකාරයේ අදහස් වලින් මෙම ලිපිය පිරෙනකම්. කොහොමවුනත් මම මෙහිදී සිටින්නේ මැද ස්ථානයකයි. මම මේ සියල්ලම පිටසක්වලයෝ කරයි කියන්නෙත් නැහැ. නොකියන්නෙත් නැහැ. ඒවගේම මෙම Ancient Alien වැඩසටහ‍නේ උදවිය මෙම නිර්මාණ පිටසක්වල ජීවීන් කරයි කියා ගරුත්වය ලබා දෙන්නට යෑම ගැන සමහර විට ඔබලා අප්‍රසාදය පළ කරත් නොපෙනෙන දෙවියන් අදහමින් මිසදිටුවන් ලෙස ඇතැම් විට හංවඩු ගැසීමට ලක්වූ ලෝකයේ පැරණි මුතුන්මිත්තන්ට එම අවමානය යම් ආකාරයකට හෝ අඩුවීමටත් ඔවුන් පිටසක්වල ජීවින් හා තිබුනා යැයි උපකල්පනය කරන ඇයි හොදයියත් බලපෑම් කරන බව ගැනත් අපි සැලකිලිමත් වීම හොද යයි සිතේ. කොහොමවුනත් පක්‍ෂව හෝ විපක්‍ෂව මෙම කාරණා වලට වෙන් වෙන් වශයෙන් යමක් කියනවාට වඩා ඊලඟ ලිපියත් පළ කර අපි එහිදි දකින්ට ලැබෙන කාරණා සමග මොන දිශාවලට මෙම මාතෘකාව විහිදෙනු ඇතැදැයි බලමු....

    ReplyDelete
  18. නිතරම comment නොකලට අනිවාර්ය්‍යෙන් බලන blog එකක්.ඉතින් අපේ දැනුමට හුගක් දේවල් එකතු කරන මේ blog එකට අද වගේ දවසක comment නොකර කොහොමද? ඔන්න අවුරුදු දෙකේ උපන්දිනයට අපෙන් උණුසුම් සුබ පැතුම්..... ඒ වගේම තව චිරාත් කාලයක් ලියන්නත් පුලුවන් වෙන්න ඕන......ඒ වගේම යාළුවා මෙච්චර කාලයක් blog එක බලලා comment නොකර ගියාටත් අපිට සමාවෙන්න ඕන.............

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! හැකි වෙලාවට කමෙන්ට් කරන්න. බලන්න එන එක පවා කොතරම් දෙයක්ද? අද අපි කාටත් තියෙන කාර්යබහුල බව හැටියට මට පවා සමහර වෙලාවට බලලා යනවා ඇරෙන්න කමෙන්ටු පළ කරන්න තිබෙන අවස්ථා අඩුයි. ඒත් අවස්ථාවක් ලැබුන හැම විටකම මිතුරු බ්ලොග් අඩවි වලට කමෙන්ටු ලියන්න අමතක කරන්නේ නැහැ...

      Delete
  19. නියමයි අයියේ.ඔහොම යං.

    ReplyDelete
  20. ලිපිය එක් වරක් කියවූවා නමුත් මදියි වගේ තව දෙවරක් වත් කියවන්න වෙයි එතරම් කරුණු තියනවා ඉගෙන ගන්න. නොසෑහෙන්න මහන්සිවෙලා තියන බව නම් පෙනෙනවා. ඉතිං ගොධක් ස්තූතියි. සුබ උපන්දිනක්! නිතරම Comment නොකලත් දින 2කත වරක් වත් සත් සමුදුර වෙත එනවාමයි.

    ReplyDelete
  21. අඩේ ඒ කියන්නෙ අවුරුදු දෙකකුත් ගිහිල්ල......
    කොහෙද මේ හදිස්සියට කවියක්වත් කොටාගන්න බැහැනේ. කමක් නැහැ මේ වගේ වෙලාවක මුළු පපුවෙන් ම පතන්න තියෙන්නෙ තව චිරාත් කාලයක් මේ ගමන යන්න පුළුවන් වෙන්න කියලයි. ලිපිය නම් කියවන්න බැරි වුණා. ඒත් ඒකත් විශිෂ්ට ගණයේ එකක් බව බැලූ බැල්මෙන් ම පේනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උදාර, පසුගිය දිනවල යෙදුන අධික වැඩකටයුතු නිසා පිළිතුරක්, ස්තූතිය ලබා දෙන්නට බැරිවුනා. සමහර දවස්වල කම්පියුටරය අසලටවත් නොආ දවස් පවා තිබුනා....

      Delete
  22. මුලින්ම අවුරුදු 2ට සුභ පැතුම.හැමදාම කමෙන්ට් දැම්මෙ නැතත් අනිවාර්යයෙන් කියවන බ්ලොග් 1ක් සත් සමුදුර.

    ටික දවසකින් ආයෙමත් සත්සමුදුරේ සුපුරුදු රටාවෙ පෝස්ට් එකක්.
    මේ වගේ සාධක දකිද්දි පෘථිවිය එක්ක සම්බන්දකම් පැවැතුව කියන කතාව එකපාරටම බැහැර කරන්න අමාරුයි නේද?මම අහල තියෙනවා ලංකාවෙ ප්‍රධාන ස්තූප 3කුත් ඔරායන් තරු රාශියට අනුකූලව පිහිටල තියෙනව කියලා.දිනේශ් ඒ ගැන මොනාහරි දන්නවද????

    ~Saji~

    ReplyDelete
  23. අවංකව මීට වඩා හොද blog 1ක් මම නම් දැකලා නෑ..
    කවුරුහරි දැක්කොත් කියන්න..
    හැබැයි ලේසියෙන් මේ කපේදි බලා ගන්න ලැබෙන්නේ නැතිවෙයි.

    ReplyDelete
  24. ස්තූතියි මිතුරන් සියල්ලන්ටම පසුගිය දිනවල මම දැඩි කාර්යබහුල බවකින් සිටියේ ඉතින් ඒ නිසා ඔබගේ සුභාෂිංශන වලට ස්තූති කරන්නවත් හැකියාවක් තිබුනේ නැහැ. කොහොමවුනත් මේ අවස්ථාවේ ඔබලා සියල්ලන්ටම ලබාදුන් සහයට වගේම මෙම ලිපියේදී ලබාදුන් මැදිහත් ප්‍රතිචාරයටත් තුති පුද කරන අතරේ මේ ලිපියේ තවත් කොටසක් ඉදිරියේදිත් ලබා දෙන්නට බලාපොරොත්තුවෙනවා....

    ReplyDelete
  25. If you wish please read,
    http://www.robertschoch.com/bosniacontent

    ReplyDelete
  26. ancient aliens debunked කියන පැය 3ක විතර වීඩියෝ එක බලා දුර්මත දුරු කරගන්න.

    ReplyDelete
  27. දෙවර්ෂ පූර්ණයට මගෙනුත් සුභ පැතුම් දිනේෂ්... මේ අවුරුදු දෙක ඇතුලත මොන තරම් මහන්සිවෙලා මොන තරම් දැනුම් සම්භාරයක් අප වෙත ගෙනාවද... ඒ කාර්යයම ඉදිරියේදි මීටත් වඩා හොඳින් කරගෙන යන්න ලැබේවා කියල පතනවා...

    මේ විස්තර ගැන ඇත්තටම ඇහුවෙ අදයි... එහෙම මිනිස්සුන් විසින් බාහිර උපකාරයක් නැතිව මේ දේවල් කළා නම් එයාලට තියෙන්න ඇත්තෙ මොන වගේ තාක්ෂණයක්ද කියල හිතනකොට හරිම පුදුම හිතෙනවා.... මේ ඉදිකිරීම මිනිසුන් විසින්ම කළ ඒවා බවත් ඒලියන්ලගෙ කිසිම සම්බන්ධයක් නැහැ කියල හිතුවොත් අර පිටසක්වලයන්ගේ වැනි මුහුණු ඒ ඉදිකිරීම් අතරට ආවෙ කොහොමද...

    මේ ලිපියෙ දෙවෙනි කොටසත් ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා.....

    ReplyDelete
    Replies
    1. එයාලට තිබිල තියෙන්නෙ ඉතාම සරල තාක්ෂණයක් සහෝදරී, ඒත් අපිට වඩා ගොඩාක් වෙලාව තිබිල තියනව දේව භක්තියත් තියෙන්න ඇති.
      ඔය වීඩියෝ ටික මුලින්ම බැලුව දවස් වල මමත් ඕව විශ්වාස කලා. ඒත් තව දුරටත් හොයද්දි තේරුනා මෙයාලගෙ බොරුව.

      Delete
  28. හොඳ ලිපියක්..

    ReplyDelete