Saturday, June 23, 2012

Torrent භාවිතා කරන අයට සුදුසුම මෘදුකාංගයක් සමග හොද Download Manager එකක් නොමිලේම........

ඔබ Torrent භාවිතා කර විවිද දේවල් Download කරන කෙනෙක්ද? ඒ වගේම ඔබ භාවිතා කරන අන්තර්ජාල පැකේජයේ Bandwidth එකත් අඩුයිද? මෙන්ම ඔබටම සෑදූ මෘදුකාංගයක්. මේ මෘදුකාංගයේ නම තමයි Vuze Bitmate. නොමිල‍යේම ලබා දෙන මේ මෘදුකාංගය ඔබ සාමාන්‍යයෙන් Torrent භාවිතා කර භාගත කිරීම් වලට යොදා ගන්නා utorrent වගේ මෘදුකාංගයකට වඩා වේගවත් වෙන්නේ කෙසේදැයි මෙන්න මේ වෙබ් අඩවියේ තිබෙනවා. http://abonnow.hubpages.com/hub/bitsons සහ තවත් ඒ මෘදුකාංගයටම ආවේණික ගුණාංග මේ වෙබ් අඩවියේ තිබෙනවා- http://www.dritte.org/bitmate.html

ඒ ‍‍වගේම එය Download කර ගැනීමේ අවස්ථාව මෙම වෙබ් අඩවියේම තිබුනත් මේ වෙබ් අඩවියට පිවිසීමෙන්  වුවත් ලබා ගන්න පුළුවන් - http://bitmate.en.malavida.com/  ඔබත් මෙය අත්හදා බලා වෙනසක් තිබේදැයි බලන්න.

දෙවනියට කියන්න යන මෘදුකාංගයත් අන්තර්ජාලයෙන් නොමිලේ ලබා ගන්න හැකි එකක්. මේ මෘදුකාංගයේ නම තමයි Free Download Manager.

වේගවත් වගේම සාර්ථක අවසානයක් ලබා දෙන මෙහි  යම් හෙයකින් Video file එකක් වගේ දෙයක් භාගතවන අතරමැද්දේදී අවලංගු වූවත් ඒ වනවිට අප පරිගණකයට ලබාගෙන සිටින කොටසවත් නැරඹීමේ හැකියාව මෙයින් භාගත කර ගැනීමෙන් ලැබෙනවා. තවත් වාසියක් තමයි Torrent වුවත් මෙයින් භාගත කර ගැනීමට ඇති හැකියාව. ඒ වගේම Youtube සහ තවත් ප්‍රධාන පෙළේ Video නැරඹීමට දෙන වෙබ් අඩවිවල Video download කර ගැනීමේ අවස්ථාවත් මෙයින් ලබා දෙනවා.

සාමාන්‍යයෙන් අද කාලයේ ජනප්‍රියම සහ හොදම Download Manager එකක් විදියට සලකන Internet Download Manager එකට වඩා මෙහි Download speed  එක ටිකක් අඩු වූවත් එහි නැති වාසි කිහිපයක් මෙහි තිබෙනවා. ඒවා තමයි Internet Download Manager එක මුදල් ගෙවා Register කර ගැනීමට සිදුවීම, ඇතැම්විට අවසානය ඔන්න මෙන්න තබා තිබියදී ඇතැම් අඩවිවල ගොනු භාගත කරගැනීමේදී අත්හිටුවීම් සිදුවීම, මුලින් කී Video file එකක් වගේ දෙයක් භාගතවන අතරමැද්දේදී අවලංගු වූවහොත් එය ඒ දක්වා වත් නැරඹීමට නොහැකිවීම වගේ කාරණා වලදී  Free Download Manager එක වාසි සහගතයි කියා කියන්න පුළුවන්. තව වාසි කිහිපයක්ම තිබෙනවා. කැමතිනම් ඔබත් ඒවා අත්විද බලන්න. මෙන්න  Free Download Manager ලබා ගන්න පුළුවන් ස්ථානය - http://www.freedownloadmanager.org/download.htm

11 comments:

  1. දෙකම දාලා බලන්න ඔනේ... Vuze හොඳයි කියලා දෙතුන් දෙනෙක්ම කියලා තියෙනවා...

    ස්තුතියි සහෝ මේ ගැන කිව්වාට !

    ReplyDelete
  2. මේක නම් වටින ඔත්තුවක් දිනේශ්......
    බොහොම ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. ආ කොහොමද උදාර, ඇයිද කියලත් බැළුව පසුගිය ලිපි කිහිපයේදී හමුනො‍වුනේ කියලත්...

      Delete
  3. බොහොම ස්තුතියි දැනුවත් කිරීමට මේක බාලාම බලනවා...

    ReplyDelete
    Replies
    1. එතරම් ලොකු නැති නිසා ඉක්මනින් භාගත කරගන්න හැකිවේවි...

      Delete
  4. ස්තූතියි. උත්සාහකරල බලන්න ඕන. IDM එකේ තියන නරකම වැඩේ, Video file ඩවුන්ලෝඩ් වෙද්දි අන්තිමටම ගිහින් නවතින එක මටත් වෙලා තියනව.

    ReplyDelete
  5. ඒකනම් ඇත්තත සමහර වීඩියෝ සෙකැි වලදී 99.99% ක් ගිහිල්ලත් IDM වල නවතිනවා...

    ReplyDelete
  6. I was suggested this blog by my cousin. I am not sure whether this post is written by
    him as nobody else know such detailed about my problem.
    You're amazing! Thanks!

    My weblog ... pilate classes

    ReplyDelete
  7. Bro Vuze bitmate eka gana sinhalen lipiyak daanna puluwanda....?
    install karala hariyata use karana vidiha &
    vuze bitmate kohomada bittorrent & utorrent dekata wadaa speed wenne kiyala....

    ReplyDelete