
මෙවන් දේ පිළිබදව අපේ ඉතිහාසය පිළිබදව අත්පොත වන් මහාවංශයද ඇසුරු කරගනිමින් ලියූ පොතක් පිළිබදව අද ඔබව දැනුවත් කරන්නෙමි. මේ පොතේ නම ඉහත කී කාරණා සියල්ල එක්කොට හදුන්වාදිය හැකි එකක් වන අතර එය " මහාවංශය හා සිංහල ජනජීවිතය" නම් වේ.
විජයසිරි වෙත්තමුනි මහතා විසින් ලියා ඇති මෙම පොතෙන් විජය රජුගේ කාලයේ පටන් ලංකාවේ සමාජ ජීවිතය, රාජ්‍ය පාලනය, ආගම, ජන ජීවිතය, වෛද්‍ය ශාස්ත්‍රය, කාන්තා සමාජය, අධ්‍යාපනය මෙන්ම අද ආන්දෝලනයකට තුඩු දී ඇති භික්‍ෂු දේශපාලනය එදා සකස් වී තිබූ අයුරුත් දැන ගැනීමට අවස්ථාව සලසා දී ඇත.
මෙම පොතේ මිල රු.500/= කි. එහි ISBN අංකය : 955 - 95386 - 1 - 6.
පොත හොඳ ඇති කියල හිතෙනවා. පොතේ උපුටා ගැනීම් කීපයක් දැක්වුවා නම් කියවන්න වඩා ආසා හිතෙයි
ReplyDeleteදැනුවත් කිරීම පිළිබද ඉස්තුතියි ..
ReplyDeleteලOකාවට ආපුවෙලාවක අරගෙන කියවන්න ඕන.දෑනුවත්කලාට ස්තුතියි.
ReplyDeleteමටත් හිතෙන්නෙ උපුටාගැනීම් කිහිපයක් දැම්මානම් ආසා හිතෙනවා..!
ReplyDelete@සිඳු සහ විපොකුර - හොදයි, ඉක්මනින්ම උපුටා ගත් කොටසක් පළ කරන්නම්...
ReplyDeleteඋපුටා ගැනීම - සිංහලයන්ගේ යුද්ධ කාර්යය කුශලතා - පිටුව 141 - "යුද්ධ කාර්යයෙහි කුශලතාවයක් දැක්වූ රජෙකු වශයෙන් මහා පරාක්‍රමබාහු රජුගේ නමද විශේෂයෙන් සදහන් කළ යුත්තකි. කුඩා කල සිටම යුද්ධ කාර්යය පිළිබද මනා අවබෝදයකින් යුතුව කටයුතු කළ ඔහු මුල් යුගයේ කළ යුද්ධ සියල්ලම කෙරුනේ දේශයේම රජුන් සමගය. රජ රට ගජබාහු රජුට විරුද්ධව මෙහෙය වූ සටහන් ඉතා දක්‍ෂ අන්දමින් සැලසුම් කළ ඒවා විය."
ReplyDeleteඋපුටා ගැනීම අවසන්...