Tuesday, June 19, 2012

සිංහල බෞද්ධයිනි, ක‍තොලිකයිනි, මුස්ලිම් හා හින්දු භක්තිකයිනි මෙන්න සහෝදරත්වය ප්‍රායෝගිකව ‍පෙන්වීමට අවස්ථාවක්...

පසුගිය ලිපිය දෙබරයට ගල් ගැසුව වගේ හතරවටින් චෝදනා, ප්‍රශංසා, නිද්දා, සහ මැදිහත් සිතින් ලබාදුන් අදහස් වලින් පිරුණ එකක් වුනා. මෙන්න ඒ ලිපියට වඩා හාත්පසින්ම වෙනස් සහ ඒ ලිපියේදී එකඟවූ සහ නොවූ මෙන්ම ඕනෑම ආගමක ජාතියක, ආගමක කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන් පුන්‍ය කටයුත්තක්. 

මේ කටයුත්තේදී ඔබලා අතදෙන්නේ මේ රටේ අනාගතය ඉදිරි දිනයක භාර ගන්න ඉන්න කුඩා දරුවන් පිරිසකට. ඔබ මොන ආගමට අයත්වූවත් පොදුවේ අපි කාගේත් ආගම් වල උගන්වන සහෝදරත්වයේ අරුණළු පුබුදන්නට මේ දරුවන්ට පිහිටවීමත් හොද අවස්ථාවක් වේවි. මේ කුඩා දරුවන් මොන ආගමකට, ජාතිකට අයත් දැයි මා දන්නේ නැහැ. ඒත් එක දෙයක් නම් දන්නවා ඒ තමයි දුෂ්කර පළාතක ඉතා අල්පේච්ඡ දිවියක් ගත කරන පවුල්වල අහිසංක දරුවන් පිරිසක් තමයි මේ. ඔවුන් තවම පෙර පාසල් යන දරුවන්. ඒත් ඔවුන් අකුරු කරන පෙර පාසල නම් කුඩා දරුවන්ගේ ක්‍රියාකාරකම් වලට සහ ඔවුන්ට නිසි වාතාශ්‍රයක්වත් ලබා ගන්න පුළුවන් ස්ථානයක් නෙමෙයි. මේ පෙරපාසල පවත්වාගෙන යන්නේ කුඩා කඩකාමරයක, පොත්පත් සහ අනෙකුත් දේවල් තබා ගන්න ඔවුනට ඩෙස් බංකු නොමැති නිසා උකුලේ සියල්ල තබාගෙන තමයි අකුරු ලියන්නත් වෙලා තියෙන්නේ.

මේ පෙරපාසල හා අදාල දරුවන් සිටින පළාත ගැන කියනවා නම් එය පිහිටා තිබෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ ගලහා පුපුරැස්ස කියන දුෂ්කර ගම්මානයේ. මේ පිළිබදව මා දැනුවත් කළේ හෙළ විජය තරුණ සංවිධානයේ ලේකම් පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමියන් විසින්. මා එම සංවිධානයේ සාමාජිකයෙකු හෝ වෙනයම් නිලයක් නොදරන්නෙකු වූවත් ‍එම සංවිධානයට උපකාරයක් ලෙස එහි බ්ලොග් අඩවිය පවත්වාගෙන යාමට ආධාර කරන නිසා මටත් හිතුනා ඔබටත් මේ ගැන කියන්න. මොකද එම සංවිධානය මුල්වෙලා මේ කුඩා දරුවන්ගේ‍ හෙට දවස යම් ප්‍රමාණයකට හෝ සතුටු කරන්නට පෙර පාසල් ගොඩනැගිල්ලක් තනා දෙන්න පියවර ගනිමින් සිටිනවා. ඉතින් ඔබ දැන් කුමන ආගමකට අයිති වුනත්, ජාතියකට අයිති වුනත් ඒ සීමාමායිම් මොහොතකට හෝ අමතක කරන්න. බලන්න මේ දරුවන් දිහා. බලලා හදවතට එකඟව මේ පිළිබදව යම් හැගීමක් දැනේ නම් මම දෙන්නම් අදාල තොරතුරු සියල්ල දැන ගැනීමට එහි බ්ලොග් අඩවියේ ලිපිනය. එයට ගිහිල්ල මේ සියල්ල ගැන දැනුවත් වෙලා කැමති නම් යම් ආධාරයක් කරන්න.

හෙළවිජය තරුණ සංවිධානය - http://helavijaya.blogspot.com/2012/06/blog-post_18.html

ස්තූතියි!

9 comments:

  1. ආගමෙන් වැඩක් නෑ.. අනිවා උදව්වක් කරනවා.. ස්තූතියි මේ ගැන කිව්වට.

    ReplyDelete
  2. මේවට තමයි නියම ආදර්ෂයන් කියන්නේ..

    ReplyDelete
  3. මෙවැනි ඉස්තාන පිලිබදව දැනුවත් කිරීම ඉතාම වැදගත් ....

    ReplyDelete
  4. නියම වැඩක් මේ වගේ අයට අපි හැමෝම උදව් කරන්න ඕන කිසිම බේදයක් නැතුව.

    ReplyDelete
  5. ස්තුතියි සහෝ මේ ගැන දැනුවත් කලාට ! අහක බලාගෙන ඉන්නවට වඩා වචනයකින් හරි සහයෝගයක් දෙන එක වැදගත්...!

    ReplyDelete
  6. ඕනෑම ආගමක් මට හොදයි. හැබැයි ඉස්ලාම් වගේ අන්තවාදී බලු ආගම් නම් මට එපා. උන් මහා පිළිලයක්. මම මේ කියන්නේ අත්දැකීමකින්. මිනිස්කමින් හීන උන් වගේ බලු ආගමිකයෝ මේ ලෝක ඉතිහාසයේ කිසිවක් නෑ.

    ReplyDelete
  7. මෙන්න මේ ලින්ක් එක බලන්න.විද්වත් ජනයා හමුවේ ඉස්ලාමය බලු වෙච්ච හැටි මෙන්න මෙතනින් අවසානය තෙක් බලන්න.

    http://www.youtube.com/watch?v=rh34Xsq7D_A

    ReplyDelete
  8. @Anonymous - ඔබට මම හිතන්නේ මාර්ගය වැරදිලා මේ කමෙන්ටු සටහන් කරන්න් ඕන මීට පෙර ලිපියේ. ‍හොදයි ඉතින් ඔබ ආගම් ප්‍රති‍ක්‍ෂේප කරල මේ කටයුත්තට දායක වෙන්නකෝ...

    ReplyDelete
  9. mam prathikshepa kalaata balu agamikayo innawane. e ballo apita ape paaduwe inna nodena eka ne prasne.

    ReplyDelete