Tuesday, January 24, 2012

පැනයන සිරකරුවන් දෙදෙනෙක්...රියදුරෙකු නොමැතිව අධි වේගයෙන් ධාවනය වන දුම්රියක්... The Runaway Train

මේ ලිපියත් සිනමාවට සම්බන්ධ එකක්. 1985 දී තිරගතවූ The Runaway Train කියන චිත්‍රපටිය ගැන තමයි මේ කියන්න යන්නේ. මේ චිත්‍රපටිය ඔස්කාර් සම්මාන තුනක් සදහා නිර්දේශවූ එකක් බවද පැවසිය යුතුයි.

මේ චිත්‍රපටිය බොහෝවිට ඔබ නරඹා නොමැති ඇති. මෙහි කතාව කෙටියෙන් දක්වනවා නම් හිරෙන් පැනයන සිරකරුවන් දෙදෙනා හෙවත් මේ කතාවේ ප්‍රධාන චරිත ද්විත්වය හිම වැටෙන කාලගුණයක්ද ඇති මොහොතක ගොඩවන්නේ සාමාන්‍ය දුම්රියකට නොවේ. එන්ජින් හතරක් පමණක් එකට සම්බනධ කර ඇති දුම්රියකටයි. මේ දුම්රියා ඉංජිනේරුවා දුම්රිය ගමන් අරඹා ටික මොහොතකින් හෘදයාබාදයකින් මිය යන අතර ඉන් අනතුරුව දුම්රිය ක්‍රමයෙන් වේගය වැඩි වෙමින් ධාවනය වේ. මේ දුම්රියට හා සිරකරුවන් දෙපලට කුමක්වේද?

මෙහි ප්‍රධාන චරිතයන් සදහා යොදවා ගෙන ඇත්තේ දැන් හොලිවුඩ් චිත්‍රපටිවල දුෂ්ඨ නළුවන්ගේ චරිතය රඟපාන නළුවන් දෙපලක් වූවත් ඔවුන් ඒ අවධියේ ප්‍රධාන චරිතයන් සදහා ඔස්කාර් සම්මාන ලබා සහ ඒ සදහා නිර්දේශවූ අයය. ප්‍රධාන චරිතය රඟපාන්නේ වරක් හොදම නළුවාට හිමි ඔස්කාර් සම්මානයද හිමිකරගත් Jon Voight වන අතර

සහය චරිතය මේ චිත්‍රපටිය වෙනුවෙන් ඔස්කාර් සම්මාන සදහා නිර්දේශ වූ
Eric Roberts විසිනි.

ඔබටත් මෙම චිත්‍රපටිය සොයා ගැනීමට හැකිවුවහොත් නරඹන්න. මෙයත් අළුත් අත්දැකීමක් වේවි.

7 comments:

  1. Unstoppable කියන චිත්‍රපටියත් මේ වගේම එකක් තමා. මම නරඹපු චිත්‍රපටි වලින් Action ගණයට අයත් වන, ගැටුම් (gunfire or fight) නොමැති ඒත් ඉතා හොඳ චිත්‍රපටියක් බව කියන්න පුළුවන්. http://www.imdb.com/title/tt0477080/

    ReplyDelete
  2. ඔය 80 ගනන් වල 90 ගනන් වල ෆිල්ම් බලන්න මම මාර ආසයි,, දැන් කාලෙ වගේ පරිගනක ප්‍රයෝග නැතුව ආයුද සන්නද්ද ප්‍රචන්ඩත්වය නැති ඇක්ශන් ෆිල්ම් මම මාර ආසයි, ඒ වගේ ඒ පරණ කැමරා වල තියෙන අමුතු ගතියටත් ආසයි,, පුලුවන් නම් 80 ගනන් වල හොලිවුඩ් සිනමාව ගැන ලිපියක් ලියන්න..

    ReplyDelete
  3. මෙතනින් ඔන්ලයින් බලන්න පුළුවන් http://www.alluc.org/movies/watch-runaway-train-1985-online/124120.html
    ෴෴෴෴෴෴෴෴෴෴෴
    ස්තූතියි!
    ෴෴෴෴෴෴෴෴෴෴෴
    http://pasan1997.blogspot.com/
    ෴෴෴෴෴෴෴෴෴෴෴

    ReplyDelete
  4. මාත් බලල නැහැ. ඔය ටයිප් එකේම ෆිල්ම් එකක් වෙන උඩින් කියල තියෙන Unstoppable නම් බලල තියෙනවා. ඒත් ඒ ෆිල්ම් එක ඉහළ මට්ටමේ නිර්මාණයක් නම් නෙවෙයි.

    ReplyDelete
  5. මමත් බලල නෑහෑ.සොයාගන්න ලෑබුනොත් බලනව.

    ReplyDelete
  6. ලංකාවේ ෆිල්ම් හදන අය ඔය වගේ තේමා ගැන හිතන්නෙවත් නැහැ නේද...?

    ReplyDelete
  7. [isoHunt] Runaway Train[1985]DvDrip[Eng]

    ReplyDelete