Wednesday, January 18, 2012

ලන්ඩන් පුරවරයේ අසිරිය හා අවලස්සන

අපි ඊයේ ලන්ඩනය නම් මහා නග‍රයේ අසිරිය දැක්වෙන පැරණි සිතුවම් පෙලක් දැකගත්තා. මේ ලිපියේදිත් එහිදී දැක්වුන ආකාරයේ දර්ශනීය ගම්බද ස්වරූපයක් ගන්නා පැරණි ලන්ඩන් නගරයේ අසිරිය වගේම දහනවවන සියවසේ අග හෝ විසිවන සියවසේ මුල ලන්ඩන් නගරය දැක්වෙන දර්ශනීය මුහුණුවරක් නොගන්නා සේයාරූ කිහිපයක්ද ඔබට දැක ගැනීමට ලබා දෙනවා.





























ඉහත රූප වලින් සිත්තරුන් උත්සහ ගත්තේ ලන්ඩන් පුරවරයේ සුන්දරත්වයක් ඉස්මතු කරන්නයි. ඒත් ‍පසුගිස සියවසේ මුල්භාගයට වන්නට ලන්ඩන් නගරය පැවතුනේ මේ අයුරින් කියලයි කැමරා කාචයේ නම් සටහන් වෙලා තියෙන්නේ.















මේ පින්තූර දැක්කම නම් අපි කියවපු ෂර්ලොක් හෝම්ස් කතා ආදියේ ඇතැම් විට ලන්ඩන් නගරය විස්තර කරල තියෙන ආකාරය හා සැසදෙන බවකුත් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි අපි බලපු පැරණි චිත්‍රපටි හෝ පැරණි ආකාරයෙන් පසුතල යොදාගෙන ඇති චිත්‍රපටි ආදියෙත් මෙයට සමාන දර්ශන ඔබ දැක ඇති.

කොහොමවුනත් අවසානයේ කියන්න ඕන ලන්ඩනය සලකලා තියෙනනේ යුරෝපයේ අගනගරයක් ලෙසටයි. එය කොතරම් වැදගත් වීද යත් යම් හෙයකින් හිට්ලර් දෙවන ලෝක යුද්දයේ‍දී බ්‍රිතාන්‍යයත් පරාජයට පත්කරල යුද්දය දිනුවනම් ඔහු තමන්ගේ මූලස්ථානය ලෙසට තෝරාගන්නට හිතාගෙන ඉදලත් තියෙන්නේ ලන්ඩන් නගරයට බවට  History channel මගින් නිපදවපු වාර්තමය චිත්‍රපටියකත් දැකගන්නට ලැබුනා...

7 comments:

  1. අවලස්සනයි කිව්වට එව්වයෙත් ගතියක් තියෙනවා...:D

    ReplyDelete
  2. සමහරවිට මේ අවලස්සන කළු සුදු සහ අඳුරු පින්තුර නිසා වෙන්නත් පුළුවන්. ලස්සන වුනත් අවලස්සන වුනත් මේ පින්තුර වටිනවා. ගොඩක් සුතුතියි !

    ReplyDelete
  3. මේ දේවල් දකිද්දි මටත් නිරායාසයෙන්ම මතක් වුණේ ෂර්ලොක් හෝම්ස් ගැන තමයි. මට මතක විදිහට ඒ කතා මාලාවේ ලන්ඩන්වල තිබුණු මුඩුක්කු ගැනත් සඳහන්වෙලා තිබුණා.

    ReplyDelete
  4. අර බුද්ධි කියල තියෙනව වගේ ඒ පින්තූරවලත් ලස්සනක් නැත්තෙම නෑ.
    කොහොම උනත් නියම පිංතූර ටිකක්.

    ReplyDelete
  5. මටත් ඔක්කොම ලස්සනයි

    ReplyDelete
  6. අවලස්සන උනාට.. පාරවල් එහෙම මාර පිරිසිදුයිනේ...අපේ අය්යලා වගේ තැන් තැන්වල කුනු දාලා නෑ.. යනගමන් වාහන වලින් විසිකරගන යන්නෙත් නැතුව ඇති..

    ReplyDelete
  7. හොද පින්තුර ටිකක්.

    ReplyDelete