Monday, September 5, 2011

ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගේ අප්‍රකට ලිපි

කලින් ලියූ ලිපියේදී එයට නෑකම් කියන තවත් පොත් දෙකක් පිළිබදව කියන්නට සිතා සිටියත් අද ‍ඔබට ඉදිරිපත් කරන්නේ ඊ‍යේ මා එක්දිනකින්ම කියවා නිම කල පොතක් පිළිබදවයි. මෙම පොතේ නමම තමයි අද මාතෘකාවට යොදා තිබෙන්නේත්. එනම් ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගේ අප්‍රකට ලිපි කියන මෙම පොතේ කතුවරයාට වරින්වර මෙම උතුම් හික්‍ෂූන්වහන්සේ විසින් එවන ලද ලිපි හා එම හිමියන්ගැන අප නොදන්නා කරුණු රැසක් මෙහි අන්තර්ගතයි. මෙම පොත ලියූ කතුවරයා තමයි. එතුමාගේ අවසාන අවධියේ ලඟින්ම ඇසුරු කල සමුද්‍ර වෙත්තසිංහ මහත්මයා.

පසුගිය සියවසේ ලංකාවේ බිහිවූ මහා ප්‍රඥාවකින් මෙන්ම ශීලවන්තකමෙන්ද අගතැන්පත් මෙම යතිවරයාණන් වහන්සේ පිළිබදව මම මුලින් දැන ගත්තේ 1989 පලවූ දෙසතිය සඟරාවේ පලවූ "බලංගොඩ බුදුපුතා" නම් වූ ලිපියෙන්. හැබැයි ඒ අවධියේ මා එම ලිපියේ ඡායාරූප වලට අවධානය යොමුකලා මිස එතරම් දුරකට කියවූයේ නම් නැහැ.

 මෙම පොතේ  පළමු මුද්‍රණය 2009 දී පලවී ඇති අතර එම වසරේම ඔක්තෝම්බර් වන විට එහි සත්වන මුද්‍රණය නිකුත් කරන්නට තරම් පොත පාඨකයන්ගේ ආකර්ශනයට ලක්වී ඇති බව කිවයුතුයි. කතෘ ප්‍රකාශනයක් වන මෙය බෙදාහැරීම සිදුකර තිබෙන්නේ සරසවි ප්‍රකාශකයන් විසින්.

මෙහි ආනන්ද හිමියන් පිළිබද විස්තර වලට අමතරව එතුමා ඇසුරු කල අනගාරික ධර්මපාලතුමා, ඊ.ඩබ්‍. අධිකාරම් මහතා පිළිබදව මෙන්ම ඉන්දියාවේ දාර්ශනිකයෙකු වූ ක්‍රිෂ්ණ මූර්ති තුමා පිළිබදවද තොරතුරු ඇතුලත් බව කිව යුතුය.

පොතේ පළමු මුද්‍රණය නම් රු.390/= වී තිබෙනවා. එහි ISBN අංකය -  ISBN 978-955-573-917-7

විවිදාකාරවූ සිද්ධි හමුවේ ව්‍යාකූල වී ඇති අපගේ සිතට සහනයක් ගෙන දිය හැකි ආකාරයේ පොතක් ලෙස අවසාන වශයෙන් මා ඔබට කියන්නට කැමැත්තෙමි...


13 comments:

  1. මම් මේ හාමුදුරුවන් ගැන ලියපු පොත් කියවන්න ගොඩාක් කැමති.පත්තරේ ලිපි කියෙව්ව ඉස්සර.බලන්න ඕනේපොත ගන්න.

    ReplyDelete
  2. උන් වහන්සේගේ කථා ඇතුලත් අපට නොපෙනෙන ලෝකය පොත් මාලාවම මම ඉතා ආදරයෙන් තියාගෙන ඉන්නවා..ඒ දහම් අධ්‍යාපනයටත් වඩා සිත නිවා ගැනීමේ අරමුණින්...

    ReplyDelete
  3. මේක මම කාලයක් තිස්සෙම පුස්තකාලේ දි හෙව්වත් හම්බවුණේ නැහැ. ඒත් අන්තිමට මට මේකෙ ඉංග්‍රීසි පරිවර්තනය හම්බවුණා. පොතට තිබුණ ආසාව හින්දම ඒක කියෙව්වා. ඔබ කියා ඇති දෙසතිය සඟරාවේ පල වූ ලිපිය සහ තවත් ලිපි රැසක් මෙන්ම හාමුදුරුවන්ගේ චරිතාපදානය ඇතුළු පොත් කිහිපයක් ද මා සතුව ඇත. බළන්ගොඩ හාමුදුරුවෝ කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශ්‍රේෂ්ඨ හිමි නමක් බව මගේ අදහසයි.

    ReplyDelete
  4. බොහෝම ස්තුතියි මේ දැණුවත් කිරීමට.

    උන්වහන්සේගේ රචනයක් වන ජීවිතය වටා පොත වරක්, දෙකක් නොව කීපවාරයක් කියවා ඇත්තෙමි. බොහෝමයක් ගැටලු හමුවේ උපකාරකිරීමට ඒ උතුම් කෘතිය අනේකවර පිහිට විය. අවාසනාවට ඒ පැරණි ප්‍රකාශණය අරන් ගිය කෙනෙකු ආපසු ගෙනත් දුන්නේ නැහැ. ඒ පොත මිලදී ගන්න පුලුවන් තැනක් කියන්න පුලුවන් නම් ගොඩාක් පින්.

    ReplyDelete
  5. හරිම වටින පොතක් වගේ
    ස්තුතියි ගෙනාවට ...ඇරන්ම බලන්න ඕන

    ReplyDelete
  6. හාමුදුරුවො අපවත් වුනාට පස්සෙ දැන් ක්‍රිස්තියානි යක්කු CD බෙද බෙද යනව හාමුදුරුවෝ ජේසුස් වහන්සේ ලෝකෙ මැම්ව කියල පිළිගන්නව කිව්වයි කියලයි ලෙඩ සුව කරන එක විස්වාස කලයි කියලයි. තව දේවල් කියල තිබ්බ ඒකෙ CD එකක් ගැනත් මොකක්ද බ්ලොග් කබලක දාල තිබ්බ...

    අනේ මෙහෙමත් හිඟන පාදිලි!!!

    ReplyDelete
  7. මට යම් දෙයක්.අයියගෙන් දැනගන්න ඕනා.ෆීඩ් බර්නර් මගින් අලුත් ලිපි පිලිබදව දන්වනකොට අයියගෙ වගේ ලිපියෙ කොටසක් පමනක් ඇවිල්ලා ඉතුරු ටික කියවන්න බ්ලොග් එකට එන්න කියල වැටෙන විදිහට හදන්නෙ කොහොමද?
    මට යලිත් මෙහි replay බලන්න බැරි වෙයි.ඒක හින්දා මේ e-mail ඇඩ්‍රස් එකට ඒ පිලිබඳව දන්වන්න. ranulhashika.g@gmail.com

    අයියගෙ ලිපිය ගැන කියනවනම් ඒක ගොඩක් හොඳ ලිපියක්.ඒ වගේම අයියා පොත් ගැන දාන ලිපි පෙලත් දිගටම කරගෙන යන්න.

    ReplyDelete
  8. @නදී, ඉන්දික - හොද පොතක් මේ වගේ උතුම් මිනිසුන්ගේ අදහස් අපේ ජීවිතය හැඩගස්සා ගන්නත් වටිනවා...

    ReplyDelete
  9. @අභීත - ස්තූතියි ඒ පොත් ගැනත් කිව්වාට...

    ReplyDelete
  10. @ගල්මල්-Coral - ඔබටත් ස්තූතියි ඒ පොත ගැනත් කිව්වාට, ඒ වගේම එය ගන්නට තැනක් තිබුනොත් ඉදිරියේදී එයත් මෙහි පලකරන්නම්. මම නම් හැබැයි මගේ පොත් ප්‍රතිපත්තියක් ලෙස ගෙදරින් පිටතට නොදෙමි. එයට හේතුව පොත නැවත නොලැබීම මෙන්ම එය රැගෙන යන අවස්ථාව ලෙසින් නොව නවා, පොඩි කර පොතට දෙන්නට හැකි සියළුම වද දී ලබා දෙන බැවිනි...

    ReplyDelete
  11. @Ranul Hashika - ස්තුතියි! මල්ලි‍ගේ Feedburner වැඩේ හරිනේ. ඉදිරියේදිත් උදව්වක් ඕන වුනොත් කියන්න...

    ReplyDelete
  12. මම සිතන විදිහට.සති අන්ත ජාතික පුවත් පතකට කතුවරයාම ලිවූ ලිපි පෙළක් ඇසුරෙන් මේ පොත පලකරන්න ඇති.මා මේ පොත නම් කියවා නැහැ.එත් පුවත් පතේ පලවූ ලිපිපෙළ නම් කියවුවෙමි.මට එහිදී වැටහුණු දෙයක් වුනේ කතුවරයා මහා නාහිමියන්ගේ ගුණ වර්ණනා කරමින් ඉතා සියුම් ලෙස තමාවද වර්ණනා කර ගන්න බවයි.සමුද්‍ර වෙත්තසිංහ මහතා තමා අනගාරික ධර්මපාල තුමාගේ හෝ වලිසිංහ හරිශ්චන්ද්‍ර තුමාගේ පුනර් භවයක් බව කියවන්නාට දැනුම් දීමට උත්සාහයක් ගන්න බව ලිපි පෙළ කියවූ මටනම් දැනුනි.

    ReplyDelete
  13. ඔබ කියනා දෙයහි යම් සත්‍යතාවයක් තිබෙන්නටද හැකිබව මටත් යන්තමින් තේරුණි. ඒ මේ කතුවර මහතා අපේ රටේ අභවප්‍රාප්ත වූ කිසියම් යුගපුරුෂයකුගේ පුනර්භවයක් බව කීමට උත්සහයක්ද සියුම්ව ගැබ්ව තිබීමයි...

    ReplyDelete