Monday, October 22, 2012

නොමිලේ ලබා ගත හැකි ප්‍රයෝජනවත් තවත් මෘදුකාංගයක් පිළිබදවයි...

ටිකක් වැඩ අධික  අවස්ථාවක මේ ගෙන එන පෝස්ටුව තවත් කුඩා එසේම නොමිලේ ලබා ගත හැකි මෘදුකාංගයක් පිළිබදවයි. ඔබ Windows OS  එක භාවිතා කරන්නෙක් නම් එහි ඇති Notepad මෘදුකාංගය හොදින් දන්නවා ඇති. කුමන windows සංස්කරණයක් පැමිණියත් දැනට වසර ගණනාවකට පෙර ලබා දුන් ඉතාම සීමිත පහසුකම් ඇති මෘදුකාංගක් ලෙස  Notepad හදුන්වාදෙන්නට පුළුවන්. සමහර විට Microsoft ආයතනය එසේ එම මෘදුකාංගය වැඩි දියුණු නොකරනවා ඇත්තේ එයින් ඔවුන්ට අමතර මුදලක් සොයා ගන්නට බැරි නිසා වෙන්නට ඇති. ඒත් Notepad වලින් ගන්නා වැඩ කටයුතු වඩාත් පහසු මෙන්ම එයට වඩා අහසට පොළව මෙන් පහසුකම් ඇති නොමිලේ ලබා ගත හැකි මෘදුකාංගයක් තමයි Notepad ++ එය ඔබට http://notepad-plus-plus.org/ අඩවියට පිවිසීමෙන් ඉතාම පහසුවෙන් ලබා ගන්නට පුළුවන්.

එය විවෘත කර සැනින් විවිද වූ ක්‍රමලේඛන භාෂා හැසිරවීමට අවශ්‍ය පහසුකම් වඩාත් ක්‍රමාණුකූල ලෙස සකස් කර පහසුවෙන් ඉටුකරගැනීමට හැකි අයුරු දැක ගනු ඇති. ඒත් ඊටත් වඩා පහසුකම් ලබා ගැනීමටත් මෙම මෘදුකාංගය ඉඩසලසා තිබෙනවා. එහි Menubar හි ඇති plugins ඔස්සේ Plugin Manager හරහා Show Plugin Manager මගින් තවත් ප්‍රයෝජනවත් Plugins රැසක් අන්තර්ජාලයෙන් ලබා ගත හැකි අතර එමගින් අප මුදල් ගෙවා ලබා ගත යුතු මෘදුකාංග සමහරකින් ලබා ගත යුතු සේවය පහසුවෙන් එයින් ලබා ගැනීමට හැකියාව ලබා දෙනවා. 

දැනටමත් ඔබ මෙය භාවතා කර නොමැති නම් භාවිතා කර බැළුවාට වරදක් නැති බවයි මගේ නම් අදහස...