Tuesday, August 7, 2012

ලියනාඩෝ ඩාවින්චි මීට වසර 500 කට පෙර මිනිස් සිරුර දුටු සැටි +18

ලියනාඩෝ ඩාවින්චි නම ඇසුන සැනින් ඔබට පමණක් නොවේ මටද මතක් වන්නේ ඔහු විසින් සිතුවම් කරනා ලද සුන්දර කාන්තාවකගේ සිතුවමක් වන මොනාලිසා,
ප්‍රංශයේ ලූවර් කෞතුකාගාර‍යේ තබා ඇති මොනාලිසා මුල් චිත්‍රය

එහෙමත් නැත්නම් ජේසුස් වහන්සේගේ අවසන් රාත්‍රී භෝජනය රූපයට නැගූ Last Supper.

අවසන් රාත්‍රී භෝජනය හෙවත් The Last Supper
The Last Supper චිත්‍රයේ කටුසටහන් ඩාවින්චිගේ සටහන් පොතේ තිබූ අයුරු

ඒත් ඩාවින්චි කියන්නේ චිත්‍ර ශිල්පියෙකු පමණක් නොවේ. මීට වසර 500 කට පමණ පෙරාතුව නැත්නම් පුනරුද යුගයේ බිහිවූ මෙම අද්විතීය මිනිසා ඉංජිනේරුවෙකු, වාස්තු විද්‍යාඥයෙකු, ප්‍රතිමා නිර්මාණකරුවෙකු, විද්‍යාඥයෙකු යනාදී ශිල්ප රැසකට දක්‍ෂතා දැක්වූ අයෙක්.

ඩාවින්චි සහ ඔහුගේ සුප්‍රකට Vitruvian Man සිතුවම


මේ දක්වා ලොව පුරා විවිද රටවල ඩාවින්චිගේ පෙර කියූ සිතුවම් සහ තවත් ප්‍රකට සිතුවම් ප්‍රදර්ශනය වී ඇතත් මේ දක්වා ඩාවින්චි විසින් සිතුවම් කරන ලද එහෙත් ප්‍රදර්ශනය නොවූ සිතුවම් රැසක් 2012 මැයි මාසේ 04 වෙනිදා සිට 2012 ඔක්තෝබර් 07 වනදා දක්වා එංගලන්තයේ, බකිම්හැම් මාලිගයේ ක්වීන්ස් ගැලරියේදී ප්‍රදර්ශනය‍ වෙනවා.

මෙහි අරුමය තමයි ඩාවින්චි විසින් මේ රුප වලින්පෙන්වා තිබෙන්නේ මිනිස් සිරුරේ අභ්‍යන්තර ව්‍යුවහය හා බාහිර ස්වරුපයත් ඉතා සියුම් ලෙස. මිනිස් කායික විද්‍යාත්මක රූ සටහන් හා ඔහු විසින් ඒ සමග තබනා ලද සටහන් මෙන්ම ඔහු විසින් නිර්මාණය කරනා ලද වෙනත් සත්ත්වයන්ගේ කායික විද්‍යාත්මක රූප සටහන් පවා මේ සමග තැබෙන බව පැවසෙනවා. මෙන්න මේ වෙබ් අඩවියේ තිබෙනවා එහිදී ප්‍රදර්ශනය වන සියළුම  පින්තූර වල විස්තර - http://www.royalcollection.org.uk/exhibitions/leonardo-da-vinci-anatomy/items

කෙසේවෙතත ඒ ප්‍රදර්ශනය නැරඹීමට ඔබ අප සැමට යාමට නොහැකී වූවත් එහිදී ප්‍රදර්ශනය වීමට නියමිත සිතුවම් අතරින් කිහිපක්ම දැන් ඔබට සත් සමුදුරෙන් දැක ගත හැකියි. ඒවගේම මේ ලිපිය ලියන්නට අවශ්‍ය මූලාශ්‍රය ලබා ගත්තේ 2012 අගෝස්තු 02 දා සමුදුර පුවත්පතෙන් බවත් ස්තූතිපූර්වකව මතක් කරනවා. මේ පින්තූර වඩාත් විශාලනය කර බැලීමට ඒ මත Click කරන ලෙසත් ඉල්ලා සිටිනවා.

ගර්භාශයේ වැඩෙන භ්‍රෑණය ආකාර පහකට - Five Views of a Foetus in the Womb
දෑත පිළිබදව - Study of Arms
මවගේ ගර්භාශය තුල ඇති භ්‍රෑණය - The Human Foetus in the Womb
 දෑතේ කායවිච්ඡේද්‍ය හැදෑරීම - Anatomical Study of Arms

 
මිනිස් සිරුර තවදුරටත් හැදෑරීම - Study of the Human Features and a Knight

 බෙල්ලේ සහ උරහිසේ අස්ථි - Bone Structure of the Human Neck and Shoulder

 මානව ලිංගික සංසර්ගය - Coition of Hemisected Man and Woman
ආහාර ජීර්ණ පද්දතිය - Digestive System

හිසේ හරස්කඩ - Head Section with the Anatomy of the Eye
මිනිස් සිරුර තවත් ආකාරයකට ඩාවින්චිගේ තෙලි තුඩින්

 මිනිස් මුහුණ කටුසටහනකට -
 හෘදය
 හිස් කබල
අත
 පාදය
 හෘදය හා ඒ පිළිබදව ඩාවින්චි තැබූ සටහන්
 හෘදය හා රුධිර සංසරණ පද්දතිය
 කාන්තා සිරුර
කාන්තා ලිංගේන්ද්‍රිය  - The Female Sexual Organs
ඩාවින්චි විසින් නිර්මාණය කරනා ලද මෙවන් සතුන්ගේ සිරුරේ පිළිබදවත් විද්‍යාත්මක රූ සටහන් මෙහදී ප්‍රදර්ශනය කෙරේ.


මෙන්න මේ වෙබ් අඩවි වලින් තමයි මේ ලිපියට අවශ්‍ය විස්තර සහ පින්තූර ලබා ගත්තේ -
http://en.wikipedia.org/wiki/Leonardo_da_Vinci
http://www.allposters.com/-st/Human-Anatomy-da-Vinci-Posters_c97078_.htm
http://www.livescience.com/20153-anatomy-art-da-vinci-drawings.html
http://www.visitlondon.com/events/detail/17402648-leonardo-da-vinci-anatomist-at-the-queens-gallery
http://www.guardian.co.uk/artanddesign/2012/apr/30/leonardo-da-vinci-anatomy-exhibition