Wednesday, October 19, 2016

ඉන්දියාවේ සුවිශේෂතම විශේෂ බලකාය (B.S.F)

ඔවුන් ඉන්දියාවේ සන්නද්ධ හමුදාවන්ගේ සුවිශේෂතම විශේෂ බලකාය ලෙසද හදුන්වයි. පැය 24 පුරා වසරේ සියළු දිනකම සේවයේ නියුතු ඔවුන් දහඩිය වගුරුවන කාන්තාර දේශසීමාවේද, ශීතලෙන් හිරිගඬු පිපෙනා කාශ්මීරයේ අසීරු කඳුමතද සේවය කරති. තවත් අය වඟුරු බිම් වල සිය දේශයේ සීමාව ආරක්‍ෂා කරති. තවත් පිරිසක් මැසිමදුරුවන්, සර්පයන් සහ වෙනත් බියකරු සතුන් ගහණ වනන්තර තුලින් විහිදෙන දේශසීමාව රකිති. තවත් අය මුහුදු සීමාව රකිති. මෙම සේනාවේ ගැහැණු පිරිමි භේදයක් නොමැතිව දෙගොල්ලාම සේවය කරන අතර සම්පූර්ණ පිරිස 250,000 කි. රකින්නට ඇති දේශසීමාවේ විශාලත්වය කිලෝ මීටර් 6,500 කටත් වඩා වැඩිය. ඔවුන් ඉන්දියාවේ ඉදිරි ආරක්‍ෂක වලල්ල රකිනා ආරක්‍ෂකයෝය. එසේත් නැතහොත් දේශසීමා ආරක්‍ෂකයෝය. නිල වශයෙන් මෙම සන්නද්ධ සේනාව හදුන්වන්නේ Border Security Force (B.S.F) ලෙසයි. මේ එම සුවිශේෂතම හමුදා කණ්ඩායම පිළිබදව National Geographic ආයතනය විසින් තැනූ වාර්තාමය චිත්‍රපටියකි.

4 comments:

  1. ම්ම්ම්.. ලොකු භාරදූර වගකීමක්... විශේෂයෙන්ම මේ කාලෙ...

    ReplyDelete
    Replies
    1. මිතුර, ඉන්දියාව සහ පකිස්ථානය වෙන්වූ දා සිට වෙනසක් නොමැතිව සියළු දිනක්ම මෙම දේශසීමාව කාර්යය බහුලයි...

      Delete
  2. මේ අය විඳින දුක මා සවිස්තරව දැනගත්තා ඉන්දියාවේදී ලද යුද පුහුණුවේදී. විශේෂයෙන් අධික හිම සහිත ප්‍රදේශවල ඉන්න අයට බොහෝවිට හිම කුනාටු සහ හිම ධාව avalanche නිසා මරණීය අනතුරු වන අවස්ථා තිබෙනවා. ෆයිබර් ග්ලාස් මුරකුටි ශක්තිමත් දම්වැල් වලින් එකිනෙකට බැඳ තබනවා, හිම දිගේ ලිස්සා යාම වළක්වන්න. සමහවිට වසරක් පමණ, නිවාඩු නැතිව ඉන්නට සිදුවෙනවා. මේ කාලසීමාව අවසන් කලපසු ඔවුන්ට පදක්කමක් හිමිවෙනවා සේවය අගය කිරීම සඳහා.

    ReplyDelete
    Replies
    1. ඔව් කරාකොරම් කඳුවැටියේ ඇති සියාචෙන් ග්ලැසියරයේ රාජකාරි පිළිබදව වීඩියෝවක් ඩිස්කවරි නාලිකාව විසින් නිමවා තිබෙනවා. එහිත් මෙම කාර්යයේ ඇති අවධානම සහ භාරදූරබව තිබෙනවා...

      Delete