Thursday, January 31, 2013

ගොපල්ලන්ට එරෙහිව පිටසක්වල ජීවීන් (Cowboys & Aliens)

මේ වසර 1873 දී ඇරිසෝනාවයි. හිටි හැටියේ අවධි වන ගොපලු කොල්ලෙකු වන (කොල්ලෙක් කිව්වට කොල්ලෙක්ම නෙමෙයි) Jake Lonergan හට මතකය අහිමිව ගොස් ඇති අතර ඔහුගේ දකුණු අතේ බැද ඇති ඔරලෝසුවකට වඩා විශාල මෙවලම දකින විට තුශ්නිමිභූත වේ.
 
මෙම කතාව මුලින් සාමාන්‍ය ගොපළු චිත්‍රපටියක ස්වරූපය ගත්තත් ඉන්පසුව සිදුවන්නේ සාමාන්‍ය අයුරින් ගොප්ලලන් හා ගොපල්ලන් හෝ ගොපල්ලන් හා ඒ අවධියේ තවත් ප්‍රතිවාදීන් වූ රතු ඉන්දියානුවන් හා ගැටීම නොව ගොපල්ලන් හා පිටසක්වල ජීවීන් හා ගැටීමකි.

ගොපළු චිත්‍රපටියකට ආවේණික රූප රාමු සහ ඒවාට ආවේනික සංගීතයද විශිෂ්ඨ අයුරින් හසුරුවා ඇති මෙහි ප්‍රධාන නළුවා ලෙස දැන ජේම්ස් බොන්ඩ් චරිතය රඟපාන Daniel Craig පණ දෙන අතර  Indiana Jones චිත්‍රපටිපෙළේ අමරණීය චරිතය රඟපෑ Harrison  Ford ගේ රංගනයත් කාලයකට පසුව දැක ගත හැකිවනවා.

වැඩි විස්තර කියනවාට වඩා නරඹා ඔබටම රසවිදීමේ අවස්ථාව ලබා දෙමින් දැන් නවතිනවා.

14 comments:

  1. නිකං ලැබුනොත් බලනවා බාගන්න තරං ඩේටා හැමි නැහැ නෙව අපිට...

    ReplyDelete
  2. එළ එළ. මං මේක බැලුවා.

    ReplyDelete
  3. ට්‍රයි එකක් දෙන්නං බලන්න

    ReplyDelete
  4. මේක බැලුවා මචං.... මට නම් හිතෙන්නේ සාර්ථක නිර්මාණයක් නෙවෙයි කියලයි.

    ReplyDelete
  5. මේක අලුත් ෆිල්ම් එකක්ද පරණ එකක්ද?

    ReplyDelete
  6. කාලෙක ඉඳන් මගෙත් ඇහේ ඇනි ඇනි තියෙන ෆිල්ම් එකක්.....
    ඒත් වැඩේ කියන්නෙ විදු පබැඳුම්වලට මගේ තියෙන අල්පාශාව මාව මේ වගේ චිත්‍රපටවලින් ඈත් කරලයි තියෙන්නෙ.

    ReplyDelete
  7. මටනම් ඇල්ලුවේ නෑ

    ReplyDelete
  8. මම කැමතිම ඒලියන්, විද්‍යා ප්‍රබන්ද ෆිල්ම් වලට.මේක මම බැලුවා . සිංහල සබ් ටයිට්ල් එක්කම. අන්තිම හරියේ ටිකක් අභව්‍ය සිදුවීම් කීපයක් ඇරෙන්න මට නම් හොඳයි .

    ReplyDelete
  9. John Carter බැලුවද?

    ReplyDelete
  10. I watched it. but only the beginning is interesting.

    ReplyDelete
  11. මේක මං ආස ෆිල්ම් එකක් , සංගීතය නම් උපරිමයි. මොනව උනත් මං ආසම ගොපලු චිත්‍රපටිය මේක

    ReplyDelete
  12. Ekians film බලන්න මමත් පිස්සෙක්

    ReplyDelete