Friday, January 4, 2013

ලඟදී බලපු චිත්‍රපටි කිහිපයක් ගැන...

කාලෙකට පස්සේ සිනමාව ගැනත් පොඩි ලිපියක් ලියන්නට සිතුවා පසුගිය දිනවල බලපු චිත්‍රපටි කිහිපයක් සම්බන්ධ‍යෙන්ම.

එකක් තමයි Taken 2 කියන චිත්‍රපටිය. ඔබ Taken කියන චිත්‍රපටිය දැනටමත් බලා තිබෙනවා නම් මෙය නරඹද්දී ටිකක් පහසුවේවි. මොකද එම චිත්‍රපටියටම යම් ආකාරයකින් ඈදුන කතාවක් විදියට තමයි මෙම චිත්‍රපටියත් ගොඩ නැගිලා තිබෙන්නේ. කෙටියෙන් කියනවා නම් පළමු චිත්‍රපටියේදී සිය දියණිය බේරා ගැනීමේදී ඇය පැහැර ගෙන ගිය අයව මරා දැමීමේ පලිය ගැනීමට එම පැහැර ගත් දාමරිකයාගේ පියා කටයුතු කරන ආකාරය තමයි මෙම චිත්‍රපටියේදී පෙන්නුම් කර තිබෙන්නේ. ත්‍රාසජනක චිත්‍රපටියක්. හැබැයි පළමු චිත්‍රපටියේ තරම් රසයක් මෙහි තිබුනාද කියා ගැටළුවකුත් හිතට ආවා.

තව එකක් තමයි කාලෙකට ඉස්සර හදපු Men In Black චිත්‍රපටි මාලාවේ තෙවැන්න. අමුතු පිටසක්වල ජීවීන්ද දකින්නට ලැබෙන විද්‍යාත්මක/ත්‍රාසජනක යන කැටගරි දෙකටම වැටෙන මෙම චිත්‍රපටිය හොදම එකක් නොවූවත් වින්දනය සදහා නම් නරකම නැහැ. ඒවගේම මෙහි කාලය ආපස්සට යන කතාවකුත් තිබෙන නිසා 1960 ගණන්වලට හරියන විදියට පරිසරය සකස් කර තිබෙන දර්ශනත් බලාඉන්න ප්‍රියතාවයක් ලබාදෙනවා.

මේක නම් විහිළු චිත්‍රපටියක්. මධ්‍යතන යුගය පසුබිම් කරගෙන තැනූ Your Highness චිත්‍රපටිය නම් විනෝදය සදහා නම් හොද නිර්මාණයක්. හැබැයි මෙහි ටිකක් දෙපැත්ත කැපෙන විතරක් නෙමෙයි සෘජුවම ටිකක් අශ්ලීල වචනත් අන්තර්ගත නිසා ළමයින්ට නම් එතරම් සුදුසුනොවේවි.

මිනිසුන් එකම වැරැද්ද දැන දැනම කරන්නේ මොකදැයි සිතෙනා Sylvester Stallone ගේ Expendables 2 චිත්‍රපටිය ගැන නම් හොදකට වඩා කියන්න තිබෙන්නේ අගුණයි.

 පළමු චිත්‍රපටියේ වගේම මෙහිත් ‍හොලිවුඩ් වල සිටින ජ්‍යෙෂ්ඨ වගේම පසුගිය දශක කිහිපය පුරාම හොල්ලාගෙන සිටිය නළු නිළියන් නම් රැසක් සිටිනවා. ඒත් අතාත්වික හා ප්‍රායෝගික්තවයෙන් ගොඩක් එපිටට ගිය ක්‍රියාදාම චිත්‍රප‍ටියක් කරනවාට වඩා වෙනස් නිර්මාණයක් කළා නම් හොදයි කියා තමයි කියන්නට වෙන්නේ. එකක් තමයි මෙහි තේමාව හෝ කතාව හොදයි කියන්නට බැහැ. ඒවගේම Stallone‍ ගේ වයසත් එක්ක මේ වගේ චිත්‍රපටි ඔහුට ගැලපෙන්නෙත් නැහැ. ඔහුට වඩාත් හරියන්නේ කාලෙකට ඉස්සර රඟපාපු Get Carter ව‍ගේ චිත්‍රපටි කියලයි මගේ අදහස. ඒ එක්කම Chuck Nori" Bruce Willies සහ අමතක කළ නොහැකි Commando වීරයා වන Arnold Schwarzenegger එකම සිනමා නිර්මාණයකදී දැක ගැනීමට ලැබීම නම් සැබැවින්ම දුර්ලභ අවස්ථාවක් බව කිව යුතුයි.කෙසේවෙතත් චිත්‍රපටිය අවසාන වෙද්දී එකම දර්ශන තලයකට ගෙන තිබෙන කොටසේදි මෙම නළුවන් සිව්දෙනා අවසානයේ පවසන "අප දැන් අයිති කටුගෙවල් වලට තමයි" කියන කොටස නම් ඇත්තෙන්ම ඔවුන් තමන් දැන් නවකයන්ට ක්‍රියාදාම චිත්‍රපටි කරගන්නට දී පැත්තකට වෙන්නට ඕනෑ යයි පවසන්නේ දැයි නම් නොදනිතත්. කටුගෙවල් වලට සීමා කිරීමට වඩා මෙම ජ්‍යෙෂ්ඨ නළුවන් ගෙන තවත් නිර්මාණ බිහි විය යුතු බව නම් පැවසිය යුතුයි. ඒවගේම මෙහි දුෂ්ඨයා ලෙස රඟපාන Jean Claude Vandam දුෂ්ඨයා වෙනුවට අනෙක් පාර්ශවය වෙනුවෙන් රඟපා ඔහුගේ අලංකාරවත් කරාටේ සටන් කලාව දැක ගැනීමට අවස්ථාව ලබාදුන්නේ නම් හොද යැයි සිතන අතරම චිත්‍රපටියේ මුල් අවස්ථාවලම කතාවෙන් ඉවත් වූ ස්නයිපර් තුවක්කරුවා චිත්‍රපටියේ අවසානය වෙනකම්ම සිටියා නම් තවත් වෙනසක් දැක ගැනීමේ අවස්ථාව තිබුනේ යයිද සිතේ.

අවසාන වශයෙන් කියන්නේ අළුත් චිත්‍රපටියක් ගැන නම් නොවෙයි. ඔබලා සැම අනිවාර්යයෙන්ම දැනටමත් බලා ඇති Avatar නිර්මාණය පිළිබදවයි. ගිය 31 වෙනිදා සිරස නාලිකාවේ සිංහලෙන් හඬ කැවූ Avatar සම්පූර්ණයෙන්ම බලන්නට නොහැකි වූ නිසා ඉතිරිය සුපුරුදු ලෙස ඉංග්‍රිසියෙන් ඇති චිත්‍රපටිය දෙවන වරටත් නැරඹුවත් පළමුවරට නැරඹුවාටත් වඩා එහි රසවත් බවක් තිබුන බවක් හිතුන නිසා යමක් ඒ ගැනත් ලියන්නට සිතුවා.

මගේ දැනීම හැටියට නම් Alien පළමු චිත්‍රපටියට පසුව කැමරන්ගේ හොදම චිත්‍රපටිය මෙයයි. විද්‍යාත්මක් ෆැන්ටසි ක්‍රියාදාම චිත්‍රපටියක් ලෙස මතුපිටින් පෙනුනත්, ඇමරිකානු ආදිවාසී ගෝත්‍රික චාරිත්‍ර වාරිත්‍ර හා විධික්‍රම, සුදු ජාතිකයන් විසින් ඔවුන්ව නිජබිම් වලින් පළවා හැරීම, පරිසරය ඉවක්බවක් නැතුව විනාශය යනාදිය වක්‍රමාර්ගයෙන් පෙන්වූ චිත්‍රපටියක් ලෙස මෙය දැක්වීමට හැකි බව මගේ අදහසයි. එසේම ස්වභාවික ලෝකයේ අපට ඇහැ ගැහෙන සතුන්ම තරමක් වෙනස් ආකාරයකට දක්වා තිබීම සාමාන්‍යයෙන් වෙනත් විද්‍යාත්මක හෝ අනාගතය ගැන චිත්‍රපටියක් නැරඹීමේදී අපට දැනෙනා නුපුරුදු බවෙන් ගලවා ගෙන සිටින බවකුත් සිතේ  එසේම අදාල ගෝත්‍රික ජීවි විශේෂය ගොඩ නැගීමේදී බිලාල කුලයේ සතුන්ගේ ඇතැම් ජීවන විලාශයන්ද එකතු කර තිබීමෙන් අපගේ පරිසරය තුලින්ම ගත් චරිත සතුන් වටපිටාව යනාදිය මෙන්ම පරිසරය සුරැකීමේ වැදගත්කමද අප්‍රතිහත වෙහෙසකින් තැනූ මෙම චිත්‍රපටිය තුලට කැටි කර තිබෙන බව ප්‍රශංසාත්මකව පැවසිය හැකිය.

16 comments:

  1. Expendables 2 ඇරෙන්න අනිත් ඔක්කොම බැලුවා... Your Highness නම් හෙනම පිස්සුවක්... හි හි...

    Avatar නම් අන්තිම හොඳ ෆිල්ම් එකක්.. අපේ මිනිස්සුන්ට උනත් පරිසරය, ස්වාභාව ධර්මය කියන දේ පණ තියෙන දෙයක් කියලා තේරෙන විදියට මේකේ ජීවය කියන සාධකය මතුකරලා තිබ්බා.. ඒ ව‌ෙග්ම මුළු ෆිල්ම් එකම ඇහැට ප්‍රියයි..

    Men In Black ෆිල්ම් සෙට් එකම කී පාරක් බැලුවත් එපා වෙන්නේ නෑ.. හි හි
    Taken නම් දුකක් විතරයි... ඒ ෆිල්ම් එක බැලුවම හරි අප්සට්...

    ReplyDelete
  2. අඩේ ආතල් ෆිල්ම්ස් නම් එමට තියෙනවා බං බලහන් බලහන්

    ReplyDelete
  3. කියන්න තරම් හොදක් Expandable 2 හි නම් නැත. Taken චිත්‍රපටිය අවසානයේ හොද ජය ගන්නා නිසා එතරම් ශෝකාකූල නැති බව මගේ හැගීමයි. MIB කවදත් එකම ශෛලියේ නරකත් නැහැ. විශේෂ හොදකුත් නැහැ...

    ReplyDelete
  4. Your Highness හැර අනෙක් සියල්ල නැරබුවෙමි :)

    Taken 2 එකේ මම බලාපොරොත්තු උන රසය, තිබුනේ නැහැ... පලවෙනි එකේ ලියම් ගේ සටන් රටාවට හෙණ ගැහිලා වගේ මේ පාර එක... කතාවත් එතරම් හොදයි කියල මට හිතුනේ නැහැ!

    ඇත්තම කියනවනම් men in black 3, Expendables 2 මෙලෝ රහක් නැ මට නම්!ගොඩක් films වල 2 ,3 ට එන කථා වල මොකක් මොකක් හරි දැනෙන අඩුවක් එක්ක තමයි එන්නේ!Expendables 1 එකත් විකාරයක්, මට දැනුන හැටියට...

    ඒ අතින් LOTR films සෙට් එක,Resident Evil set එක සැහෙන්න හොදයි!
    Avatar නම් හොද ෆිල්ම් එකක්, හොද කථාවක්...

    මම ලගදි බලපු හොදම ෆිල්ම්ස් ටික තමයි Total recall, upside down,6 bullets,Abe linc vampire Hunter,brave cartoon එක, detachment, premium rush,the watch... අම්මෝ සැහෙන්න ලිස්ට් එකක් තියෙනවා දානවනම් :)

    ReplyDelete
  5. දැනට මගේ ගාව තිබෙනවා upside down සහ Abraham Lincoln vampire hunter හැබැයි බැළුවේ නම් නැහැ. පුළුවන් නම් latest film ගැන ලිස්ට් එකක් මට emial කරන්න

    ReplyDelete
  6. Rush (Hindi)
    Thuppakki (Tamil)
    Julai (Tamil)

    ReplyDelete
  7. ඔයාගේ ඊ ලිපිනය මම දන්නේ නැහැ නේ...(the watch film එක වැරදිලා දාලා තියෙන්නේ,ඒක හරි නැ...මම බලපුවායින් හොද ටික,මේ ටික...

    Looper,savages,safe,cloud Atlas,RE Retribution,Act of valor,Battleship,dark Shadows,Dr.seuss the Lorax cartoon එක,Dream house,Ice age 4,Jack n Jill,Lockout, Madagascar 3,Prometheus,snow white n Huntsmen,stash house,T A spiderman,T avengers,T bourne legacy,The Dark Night rises,T hunger games,T Saga breaking dawn 1 n 2, hobbit,T legend begins,Stolen...

    ReplyDelete
    Replies
    1. තවත් කීපයක් තියෙනවා ඉතා හොද,බැලිය යුතුම...ඒවා අවේ අවුරුද්දේ මුල වගේ..

      Warth of the titans,Skyfall,underworld,life of pi...

      Delete
    2. ස්තූතියි! මගේ email ලිපිනය තොරතුරු කියන තැන තිබෙනවා...

      Delete
  8. නියමයි නියමයි.මට නම් චිත්‍රපටි ඉලන්න වෙලාවක් තිබ්බේ නෑ.

    ReplyDelete
  9. Taken ඇරෙන්න අනිත්ව නම් බලල තියෙනව. Your Highness නම් මහ පිස්සුවක්, මට එපා වුනා. Avatar තමයි ඒ ටිකෙන් හොඳම ෆිල්ම් එක.
    පහුගිය මාස කීපයටම මම වැඩියෙන්ම ෆිල්ම් බැලුවෙ ගිය සතියෙ, Harry Potter ෆිල්ම් 8 ම නැවත බැළුව එක දිගට. National Treasure ෆිල්ම් දෙකම බැලුව, ටිකක් සිත් ඇදගන්න කතාවක්. IMDb රෑන්ක් එකේ 9.3 ක් කියල තිබුණු නිසා කලින් ටීවී එකේ යද්දි බලල තිබුණත් හොයාගෙන බාගෙනම බැලුව The Shawshank Redemption, ඒ කතාව නම් මට හුඟක් හිතට ඇල්ලුව.

    ReplyDelete
  10. මන් නම් බැලුවෙ ඇවටාර් විතරයි. ඒක නම් කියල වැඩක් නැ.

    ReplyDelete
    Replies
    1. මමත් එහෙමයි...අවතාර් සුපර්...

      Delete
  11. ජේම්ස් කැමරන්, ස්පිල්බර්ග්, සුපිරි වැඩකරුවෝ....
    එයාලගේ ෆිල්ම් එකක් කිව්වොත් ආයෙ 2ක් නෑ. Expendables 2 නම් මුල් 1 තරම්වත් දැනුනෙ නෑ.

    ReplyDelete
  12. කියල තියෙන ෆිල්ම්ස්වලින් අවතාර් ඇරෙන්න අනිත් එකක්වත් බලන්න අදහසක් නැහැ......

    ReplyDelete
  13. මමත් Taken 2 ඇර අනිත් ඔක්කොම බැලුවා. Avatar නම් හෝල් එකට ගිහින් බැලුවෙ.. කතා 2ක් නෑ ඒක නම් නියමයි. අනිත් ටික නම් එච්චරම අල්ලල ගියෙ නෑ..මේ දවස් වල සැවෝයි එකේ තියෙන හොබිට් ගිහින් බලන්න පුළුවන්නම්... බැලුවට පාඩු නැති තරම් ලස්සනයි ඒකත් මට නම්

    ReplyDelete