Sunday, December 30, 2012

Sex පිළිබදව ‍ගූගල් සෙවීමෙන් ලංකාව එකට..කාන්තාවන්ට සිදුවන අතරව වලට ප්‍රධාන එක් හේතුවක් නම් ඔවුන්ගේ ඇදුම් පැලදුම්

2012 අවුරුද්දත් ඉතිහාසයට එකතුවෙන්න ඔන්න මෙන්න තබා තිබියදී මේ ලිපිය වෙලාවේ හිතුන දෙයක් තමයි මේ අවුරුද්දේ වෙන මොනවා නැතත් බ්ලොග් එකට මෙයට වඩා ලිපි ලියන්න සිතා සිටියත් ඒ ඉලක්කට යන්න බැරි වුනා නේද? කියන එකත්.  කොහොමවුනත් කරන්න බැරි වුන දේවල් වලට වඩා කරන්න පුළුවන් වුන දේ ගැන සතුටු වෙන එක හොදයි කියල හිතලා මේ දවස් වල ටිකක් සංවාදාත්මක වගේම විවාදාත්මක මාතෘතාවක් ගැන යමක් ලියන්න සිතුවා. මේ සතියේ දැන ගත්ත දෙයක් තමයි ලෝකයේ රටවල් අතරින් Google හරහා sex කියලා සෙවීම් කිරීම අතරින් ලංකාව පළමු ස්ථානයට පත්වී තිබීම. ඒ ලැයිස්තුවේ ඊට පහලින් තිබෙන රටවල් ගැන කෙසේ වෙතත් ලංකාවේ නම් මෙම තත්ත්වය ඇතිවීම එතරම් පුදුම වෙන්න දෙයක් නැහැ. මොකද එහෙම කියන්නේ කියලා කිව්වොත් සාමාන්‍යයෙන් අපි කුතුහලයෙන් සොයා බලන්නේ ‍නොදන්නා හරි දුර්ලභ දේවල් ගැන. ඉතින් දැන් ලංකාවේ ලිංගිකත්වයට තිබෙන වැටකඩොළු සහ එය ඉතා විශාල වැරැද්දක් ලෙස පවා නිල ‍නොවන වශයෙන් සලකන කාලයේ ගූගල් හරහා හරි කාටත් නොදැනෙන්න බලන එක අරුමයක් නොවෙයි. 

අනෙක තමයි හැමකාලෙම වගේ ඇහෙන කාන්තා අතවර වල එක් හේතුවක් වෙලා තියෙන ඇදුම් පැලදුම් ප්‍රශ්නේ. මේකේ එක් අතකින් ඇත්තක් හා සාවද්‍ය කාරණයකුත් තියෙනවා. සාවද්‍ය කාරණය කියලා කියන්නේ දැන් ඇමරිකාව ප්‍රමුඛ බටහිර ර‍ටවල කාන්තාවන්ගේ ඇදුම් අපේ රටේ අදින ඒවාට වඩා බොහොම වෙනස්නේ. ඒත් ඉතින් ඒ රටවලට මේ වගේ ඇදුම් නිසා අතවර වෙනවාය කියලා ඇසෙනවා අඩුයිනේ. එයට බොහෝවිට හේතුව වෙන්න ඇත්තේ ඒ රටවල අනිසි විදියට ලිංගිකත්වයට තහංචි නොදමා තිබීම වගේම කුඩා කාලයේ සිටම එහේ පිරිමි ළමයින් පිහිනුම් තටාක, මුහුදු වෙරළ ආදියේදී ඕනෑතරම් කාන්තාවන් බිකිනියෙන් සැරසිලි සිටින අවස්ථා දැකලා තියෙන නිසා ඔවුන්ට අපේ රටේදී මෙලෙස අඩුවෙන් ඇදුම් හැද සිටීම හැදින්වෙන විදියට මේ අඩනිරුවත සාමාන්‍ය දෙයක් නිසා කාන්තාවන්ගේ ඇදුම් වලින් කොහෝ හරි නිරාවරණය වෙලා තියෙන තැනක් දැක්කොත් හරි අගපසඟ ටිකක් කැපී පෙනෙන විදියට ඇන්දොත් හරි හැගීම් ඇවිස්සෙන්නේ නැතුව ඇති. ඒත් අපේ රටේ‍ පිරිමි ළමයි අතලොස්සකට හැරෙන්න මේවගේ අවස්ථාවක් උදානොවෙන නිසා උන් ලොකු මහත්වෙලා කසදත් බැන්දට පස්සෙත් කොහේ හරි ගෑ‍නියෙක්ගේ ඇදුමේ මොකක් හරි අවුලක් තිබුනොත් මේ කියන විදයට පිස්සු නටන එක අහන්නත් දෙයක්ද? 

මම කියන්නේ නැහැ දැන් අපේ රටේ ග‍මේ ගොඩේ කොල්ලොන්ටත් මේ වගේ බිකිනි ඇදගෙන ඉන්න ගෑනු පොඩිකාලේ ඉදලම පෙන්නලා අඩනිරුවත සාමාන්‍ය දෙයක් කරල ඔවුන්ගේ හැගීම් සමතුලිත කරන්න කියන එක. මෙතන වෙලා තියෙන්නේ ඕනවට ව‍ඩා මිනිසුන් සුචරිතවාදීන් කරන්න ගිහිල්ලා එයින් ඇතිවෙලා තියෙන ප්‍රතිඵලය කාන්තා අතවර හා බාලාපරාධ වැඩිවීමයි. අනෙක තමයි සම්පූර්ණයෙන්ම ඇඟ වසාගෙන සිටියයා කියා අරාබියේ ලිංගක අපරාධ සිදුනොවන්නේද? ඔව් මුස්ලිම් කාන්තාවන් ඇඟවසා ගෙන සිටිනවා තමයි.ඒත් එයින් තමන් සාමාන්‍යයෙන් ඇද සිටින වස්ත්‍ර ඔවුන්ගේ ආගමේ නියමය පරිදි වසාගෙන සිටියයා කියා මුස්ලිම් පිරිමින් සෑමවිටකම චරිතවත් වී තිබෙනවාද? අරාබිකරයේ ඔවුන්ගේ මුස්ලිම් කතුන් ලිංගික හිංසනයට ලක්වෙන්නේ අඩුවෙන්දැයි නම් නොදනිමි. එහෙත් එහිදී අපගේ ර‍ටවලින් යන කාන්තාවන් බොහෝවිට අසන්නට ලැබෙන පරිදි ලිංගික හිංසනයට ලක්වන්නේ ඔවුන් ඔළුවේ සිටි පහළට කළු රෙදි නොපොරවා සිටින හෙයින්ද?

තවත් කාරණයක් තමයි දකුණු පළාත් සභාවේ මන්ත්‍රීතුමෙක් කියපු ගණිකා වෘත්තිය නීතිගත කරන්න කියලා කියපු එකට ඇතැම් අය පක්‍ෂව වගේම එතුමා කියපු කාරණය මතුපිටින් බලලා නිර්දය ලෙස තර්කානුකූල නොවන ලෙස එතුමා හෙලා දැකපු ආකාරය ගැනත් යමක් කියන්න ඕන. මෙහෙමයි ගණිකා වෘත්තිය දැන් අපේ ‍රටේ තිබෙන ආකල්ප හා සංස්කෘතිකමය සීමා මායිම් ඔස්සේ නීති ගත කරන එක හිතන තරම් ලේසි නැහැ වගේම එයින් සමහර අහිතකර ප්‍රතඵලත් ගෙන දෙන්න පුළුවන්. ඒත් මෙම වෘත්තියට කොතරම් බාදක දැම්මත් මුලිනුපුටා දමන්නටත් පුළුවන්ද? ඒ නිසා අකමැත්ත හෝ කැමැත්ත මොකක් වුවත් සෞඛයමය වශයෙන් මෙම වෘත්තියේ යෙදෙන එය නිසා ඇතිවිය හැකි අහිතකර විපාක ගැනත් සලකාබලා යම් ක්‍රියාමාර්ගයක් ගැනීම වැදගත් බවත් කියන්නට ඕන යයි සිතමි.

මෙම ලිපිය බොහොම කෙටියෙන් ලියා තැබුවත් යම් සංවාදයක් ඇතවුවහොත් තවත් කරුණු එහදී එක් කිරීමට  බලාපොරොත්තුවෙමි....

25 comments:

  1. රටේ තියෙන නීතියේ හිල්. ඇවිත් යන්න හතරවරම්

    ReplyDelete
  2. අපේ රටේ තියෙන විකර සදාචාරය ,ඒ කිව්වේ ලෝකේ තියෙන දියුණුම තාක්ෂණයත් එක්ක ලෝකේ හැම‌ෙද්ම රට ඇතුලට ආවට පස්සේ අපේ රටේ ගල් යුගේ සදාචාරේ ගැන කතා කරන එක , නැවතිච්ච දවසට ඕවා අඩු වෙයි කියලා මං හිතනවා දිනේශ් අයියේ... ඔයාට මේ ගැන මං ලියපු එක මඟ ඇරෙන්න ඇති.. ඒක නිසා මං ලින්ක් එකක් දානවෝ... හි හි...

    ඔය කියන එක කරනවනම්, කරන්න ඕනේ කොහොමද කියලා මට හිතෙන හැටි...


    අදත් ලිව්වා එකක් ඔය සම්බන්ධයෙන් ළඟින් යන ජාතියේ....

    “ දාමිණී ” කතාවේ මට පේන දුක්බර ඇත්ත .. What I see inside the story of “ Damini”

    ReplyDelete
    Replies
    1. පසුගිය දිනවල වැඩ වැඩි නිසා ‍මෙම ලිපි කියවීම මඟහැරිලා තිබුනා. මම ලිපි දෙකම කියෙව්වා. ඇත්තෙන්ම මම ලියපු ‍ලිපියට වඩා ඔබගේ ලිපිය කරුණු අතින් සහ හැම අතකින්ම වගේ සම්පූර්ණයි. ඔව් සදාචාරය කියන දේ කාලය හා සමාජ වටපිටාව අනුව පරිනාමය නොවුනොත් ඇතිවෙන ගැටළු සදාචාරයේ මකුළු දැලෙන් නවතන්නට බැරි වේවි...

      Delete
  3. සෙක්ස් සෙවීමෙන් දකුණු ආසියාව තමයි ඉදිරියෙන් ඉන්නේ , ඔලුවෙ ඉඳන් පෙරවගත්ත කට්ටිය ඉන්න පකිස්ථානයේත් , බංග්ලාදේශයේත් ඒ තත්වය තියනවා . නමුත් ඔය වචනය සම්බන්ධයෙන් අපේ රට ඉහලට එන්න එක් ප්‍රධාන හේතුවක් අපේ රටේ සමහර දෙනෙක් අදාල දේවල් බලන්න වෙන් කරපු අඩවි නොදන්න එක , ඊලඟට බ්ලොක් කරපු නැති ඒවා හොයාගන්න ගුගක් කරන එක ආදී දේවල් . කොහොම වුනත් සෙක්ස් කියන්නේ ටැබු එකක් කරගෙන තියනේ අපේ සුචරිතවාදීන්ගේ හණමිටි අදහස් වෙනස් විය යුතුයි කියන මතයෙ මාත් ඉන්නවා . ගැනුන්ව ඔලෝගු වලින් වහල ගේ මුල්ලෙම තියා ගත්තොත් අතවර වෙන්නේ නැති වෙයි හැබැයි ඒ අයට ළමයි හැදිල්ලයි ගේ දොර බලාගැනිල්ලටයි වඩා ජීවිතයක් ඉතුරු වෙන්නෙත් නෑ . කාන්තාවන්ටත් මනුස්සයන්ට විදිහට සලකනවද , නැත්නම් තමන්ගේ ල්ංගික භාණ්ඩයක් විදිහට ගේ මුල්ලේ තියාගන්නවද කියන එකයි තීරණය කරන්න අවශ්ය වෙන්නේ

    ReplyDelete
    Replies
    1. සුද්දන්ට ඕව හොය හොය ඉන්න ඕන නෑ පැය විසිහතරෙම ඕව කරකරනෙ ඉන්නෙ.මමත් එකඟයි බුවාත් එක්ක.ඒ වාගෙම ඔය වචනෙ සම්බන්ධ ප්‍රශ්නෙකුත් තියනවා.අලුතම ඉන්ටනෙට් එකේ වැලබලන අයයි සෙක්ස් කියන වචනෙ ටයිප් කරන්නෙ

      Delete
    2. @ස්ත්‍රීවාදය

      //ගැනුන්ව ඔලෝගු වලින් වහල ගේ මුල්ලෙම තියා ගත්තොත් අතවර වෙන්නේ නැති වෙයි හැබැයි ඒ අයට ළමයි හැදිල්ලයි ගේ දොර බලාගැනිල්ලටයි වඩා ජීවිතයක් ඉතුරු වෙන්නෙත් නෑ . කාන්තාවන්ටත් මනුස්සයන්ට විදිහට සලකනවද , නැත්නම් තමන්ගේ ල්ංගික භාණ්ඩයක් විදිහට ගේ මුල්ලේ තියාගන්නවද කියන එකයි තීරණය කරන්න අවශ්ය වෙන්නේ///

      එකගයි..?? එහෙනම් ඇයි ඔයා හිජාබි එකක් ගැන කතා කරන්නේ....? මුස්ලිම් රට වල අතවර අඩුයි කියන්නේ... ?? ගෑණුන්ගේ ඇඳුම් කොට වීම නිසා අතවර වෙනවා කියලා කියන්නේ...???

      බුවාට එකඟ වෙන්නත්, ඒ ගැනම කතා කරපු මාව ස්ත්‍රිවාදියෙක් විදියට හංවඩු ගහන්නත් හේතුව මොකද්ද..??

      අනිත් එක සුද්දෝ ඕවම කර කර ඉන්නවා නං අපේ රටවලට වඩා ඒ රටවල් දියුණු වෙන්න හේතුවක් නෑ නේ.... ඕවම කර කර ඉන්නවා නං වෙන වැඩකට වෙලාවක් හම්බුවෙන්නේ නෑ නේ....

      Delete
    3. සියල්ලටම පොදු‍වේ පිළිතුරක් දෙන්නම්. ඕනම දෙයක් කොටුකරල තියන කොට ඒ ගැන මිනිසුන්ට තිබෙන කුතුහලය වැඩියි. ලංකාවේ මෙම කොටුවීම ඉස්සරට වඩා දැන් වැඩියි කියලයි හිතෙන්නේ.

      හැබැයි "ස්ත්‍රීවාදය" කියක කාරණා බොහෝමයකට එකඟ විය නොහැකියි. සුද්දෝ විතරක් නෙමෙයි හැම රටකම බාල තරුණ මහළු කියලා භේදයක් නැතිව මෙම මාතෘකාව ගැන බලනවා. අපේ රටේ මෙම ගරුත්වය ගන්නට ඇත්තේ යම් ප්‍රතිශතයකට අදාලව විය යුතුයි. ගොඩක් වෙලාවට අපේ ‍රටේ මේ ගැන සෙවීම් කිරීමට පමණක් සීමා කරාට වෙන රටවල අනුන්ගේ කාමරවල දේවල් ආසාවෙන් බලන ගමන් තමන්ගේ වැඩකිඩත් අන්තර්ජාලයට මුදාහැරල තියෙන බව ඔබත් දැක ඇති.

      ඔය පැය 24 ම එහි නිරත වෙලා ඉන්නවා කියන එකේ නම් තර්කානුකූල ප්‍රායෝගිකත්වයක් නැහැ. ඒ මිනිස්සු වැඩ කරන කොට ඒ වැඩ කැපවීමෙන් කරල එයින් පසුව ලැබෙන නිවාඩු‍ අවස්ථාවල නම් ඔබ කියන ආකාරයට විනෝදවෙනවා ඇති (වැඩ කරන අතරෙත් අවස්ථාව ලැබුනොත් විනෝද වන අය ඇති. ඒත් ඒක මේ පැය 24 කතාවට නම් ගැලපෙන්නේ නැහැ)‍. අනෙක තමයි ඒ රටවල මේ සම්බන්ධයෙන් තිබෙන ලිහිල් බව හා තෘප්තිමත් වීමට ඇති වැඩි අවස්ථා නිසා නම් මෙලෙස Google search කර කර අනුන්ගේ ජවනිකා බල බල ඉන්නවට වඩා තමන්ටම "රඟපාන්නට" පුළුවන්නේ.(මතු සම්බන්ධයි...)

      Delete
    4. අළුතෙන්ම ඔබ කියනා "වැල" බලන අය විතරක්ම මෙම වචනය යොදා ගෙන බලන ප්‍රතිශතය වැඩි ඇති. ඒත් මම දැක තිබෙන දෙයක් තමයි සමහර වෙලාවට අන්තර්ජාලය හොදින් භාවිතා කරන අය පවා තමන්ට අවශ්‍ය දෙය අන්තර්ජාලයෙන් සොයා ගැනීමට යොදා ගන්නා වාක්‍ය හරඹයේ අඩුලුහුඬුකම් තිබෙනවා. අන්තර්ජාලයෙ කියන්නේ අතිදැවැන්ත පිදුරු ගොඩකට සීමා කළොත් එහි බොහෝ විට අනිවාර්යයෙනම් සැඟවි තිබෙන අපට අවශ්‍ය කරුණු හෙවත් ඉදිකටු සොයා ගැනීමට බොහෝවිට සියුම් වාක්‍ය හරඹයන් කරන්නටත් වෙනවා...

      Delete
  4. අනිවාර්යයෙන්ම ඈග පෙනෙන්න ඈදුම් අදින එක ගෑනු ළමයෙක් දූෂනය වෙන්න තියෙන සම්භාවිථාවය වෙඩි කරනව. එක නිසා තමන්ගෙ කෙනෙක්ට එහෙම අදින්න එපා කියන එකෙ වරදක් නෑ. නමුත් ප්‍රසිද්ධියේ සියලුම ගෑනුන්ට එහෙම කියන්න අපිට අයිතියක් නෑ. තමන්ගෙ ඈදුම් තමන්ගෙ ප්‍රශ්නයක්.

    මෙතන කාරණරූප වගකීම (Causal Responsibility) හා සදාචාරාත්මක වගකීම (Moral Responsibility) අතර වෙනස අපි වටහා ගත යුතුයි. දුෂනය වුන ගෑහෑනියක් සමහර විට කරණාරූපීව ඊට වගකිව යුතුයි. නමුත් ඈය සදාචාරාත්මකව එයට වග කිව යුතුද යන්න වෙනම ප්‍රශ්නයක්.

    ReplyDelete
    Replies
    1. මෙතන තව පැත්තක්නෙ මහත්තයො.ඇඟ පෙන්නන බලවත් ගෑනු දූෂනය කරන්න බෑ.ඕක හිත හිතා මෝල්වෙන එවුන් අහිංසක කෙල්ලක් දැක්කම දූෂනය කරනව.සමහරවිට ඒ කෙල්ල නරක විදියට ඇඳුම් අදින කෙනෙක් නොවෙයි

      Delete
    2. එහෙම වෙන්නත් පුලුවන්. නමුත් මම දන්න තරමින් ඒ අදහස ස්නාථ කරන විද්‍යාත්මක සාක්ෂියක් නැහැ.අනෙක් අතට ලින්ගිකත්වය උද්දීපනය කරන ඇදුම් සහ දුෂනය අතර පැහැදිලි සම්බන්ධතාවයක් තියෙනව. උදාහරනයක් ලෙස Synovitz LB, Byrne TJ., J Am Coll Health. Jan;46(4):151-8. (1998) පරීක්ෂණය දක්වන්න පුලුවන්.

      The variables found to be related to women's being sexually victimized were (a) number of different lifetime sexual partners, (b) provocative dress, and (c) alcohol use.

      නමුත් මම කලින් කිව් පරිදි මෙහිදි අපි කාරණාරූප වගකිම සහ සදාචාරාත්මක වගකීම අතර වෙනස වටහා ගත යුතුයි. ගැහැනියක් දුෂනය කරපු පුද්ගලකුගෙ මව කාරණාරූපීව ඊට වගකිව යුතු වුවත් සදාචාරාත්මකව ඊට වගකියන්නෑනෙ. ඉතින් නේක ප්‍රශ්න දෙකක්.

      Delete
    3. ප්‍රධානම හේතුව ඇදුම ලෙස ගැනීම නම් කරන්න බැහැ. හැබැයි උපරිමයෙන් පිස්සුවැටුන එකාටනම් ඇදුමේ වෙනසකිනුත් ලොකු කළබැගෑනියකට මුලපුරන්න හේතුවක් වේවි...

      Delete
    4. ප්‍රධානම හේතුව ඇදුම ලෙස ගැනීම නම් කරන්න බැහැ තමයි. නමුත් ලින්ගිකත්වය උද්දීපනය වන ඇදුම් ඇදගෙන ඉදිද්දි දුෂනය වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි බව ඔප්පු කරන්න පුලුවන්. ඒකයි මම තමන්ගෙ කෙනෙක්ට එවැනි අවවාදයක් දෙනවට විරුද්ධ නැත්තෙ.

      Delete
    5. ඔව් ඒකේ ගැටළුවක් නැහැ. සාමාන්‍යයෙන් ශීලාචාර විදියට ඇ‍දගෙන යන එක කාටත් හොදයි. මෙතන තර්තය ආවේ ඇදුම මත වරද පටවලා අනෙකුත් සාධක යට ගැසීම සම්බන්ධයෙනුයි...

      Delete
    6. මෙතනදි මම දකිනව ගැහැනු ලිංගිකත්වය උද්දීපනය වෙන ඇදුම් ඇදීම හරියි කියන පිරිසයි, වැරදියි කියන පිරිසයි දෙගොල්ලන්ම කාරණාරූපි වගකීම (Causal Responsibility) හා සදාචාරාත්මක වගකීම (Moral Responsibility) කියන දෙක පටලව ගන්නව.

      මම හිතන් නැහැ ගැහැනු මේකත සදාචාරත්මකව වගකිව යුතුයි කියල. තමන්ට කැමති ඇදුමක් අදින්න අයිතියක් හැමෝටම තියනව.නමුත් ඒ කියල මම හිතනවනම් ලිංගිකත්වය උද්දීපනය වෙන ඇදුම් ඇදීම දූෂනය වෙන්න තියන සම්භාවිතවය වැඩි කරන් නෑ කියල ඒක හරිම අවිද්‍යාත්මක අදහසක්.

      අනෙක් අතට එහෙම කාරණාරූපී සම්බන්ධයක් තිබ්බයි කියල ගැහැනුන්ට ඒ පිළිබදව සදාචාරාත්මක වගකීමක් පටවන්න හදන එක මෝඩ ඔලමොට්ටල වැඩක්.

      පාරෙ රිය අනතුරක් වුනාම වාහනේ හදපු මිනිස්සු ඒකට කාරණාරූපීව වගකිව යුතුයි තමයි, මොකද වාහන අනතුරු වෙන්නෙ වාහන හදපු නිසා හින්ද. නමුත් ඔවුන් ඒකට සදාචාරාත්මකව වගකිව යුතු නැහැ.

      Delete
  5. ලාංකිකයාගේ නොදැනුවත් කම නිසා තමයි sex යන වදනින් සර්ච් කරල තියෙන්නේ. දන්න එවුන් ඔය වචනය ගාව ගන්නේ වත් නෑ.

    ReplyDelete
    Replies
    1. How do u search it?ha ha.Just kidding.yes ur right.

      Delete
    2. ඇත්තටම කියනවකෝ කො‍හොමද හොද ප්‍රතිඵලයක් ගන්න සෙවීම කරන්නේ කියලා.....

      Delete
  6. අතවර සහ ඇඳුම අතර සම්බන්ධය දකින්නෙ ප්‍රශ්නය හරියට තේරුම්ගන්න බැරිවුනාම. දූෂණ වලට ලක්වන්නියන් ඇඳුම නිසා එසේ වූවායයි කීම තරම් මෝඩකමක් තවත් නෑ. නිකමට හිතල බලන්න පසුගිය කාලයේ අතවර වලට ලක්වුන කාන්තාවන්-දරුවන් ගැන. ඔවුන් අනාරක්ෂිත තත්වයට පත්වීම තමයි අංක එකේ හේතුව. කුමන හෝ ඇඳුමක් ඇඳගෙන පාරෙ ගියා කියල දූෂණය වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. 100% එකඟයි. මම අනන්තවත් දැකල තියෙනවා පොඩි ෂෝර්ට් කෑලි ගහගෙන ලොකු කාර් වල යන කෙල්ලෝ බස් එකේ හිටගෙන ඉන්න කොට. ඉතිං ඒ බස් එකේ ඉන්න කෙනක් ඒක දැක්ක කියල අර කෙල්ලව දුෂණය කරන්න යනවද?, එහෙම කරන්න පුලුවන්ද? රාජ් කියනවා වගේ අනාරක්ෂිත තත්ව්යාට පත් වෙලා නැති නිසා ඔවුන්ට එහෙම වෙන්නේ නෑ. ඇඳුම් 100ක් ඇඳන් හිටියත් ඉන්නේ අනාරක්ෂිත වටපිටාවක නම් අතවරයට ලක් වීමේ ප්‍රවණතා වැඩියි.

      Delete
    2. ඔව් අනාරක්‍ෂිතබව, අසහනයට පත්වූ අය වැඩිවීම, නීතියේ එයට අදාල ප්‍රතිපාදන තිබුනත් එයින් ගැලවීමට ඇති ඉඩකඩ, නීතිය ක්‍රියාත්මක වීමේදී ඇති ගැටළු...

      Delete
  7. මම සාමාන්යෙන් ලින්ක් එකතු කරන්නේ නෑ.මොකද එහෙම කරලා ප්‍රසිද්දියක් ගන්න උවමනාවක් නැති නිසා ඒත් මේක කියෙව්වම පහල ලින්කු දෙක එකතු නොකරම බෑ වගේ .... :P

    ගණිකා මඩම් ගැන කියනවා නම් බඩු පොට් නීතිගත කිරීම (18+) ත් ඔය ස්ත්‍රීවාදය කියන මෝඩ හම්බයා කියන ඇඳුම ගැන කියනවා නම් මේ පින්තුරෙත් බලන්න

    ReplyDelete
    Replies
    1. ගැළුවක් නැහැ. තවකාටහරි ප්‍රයෝජනවත් ලින්ක් එකක මෙතන ලියුවාට මම අමනාපවන්නේ නැහැ. ලිපිය බැළුවා. මමත් තව විස්තර කිහිපයක් එකතුකරලා ඇති එතන...

      Delete
  8. ඔබේ අදහස් සමඟින් එකඟ වෙමි.......

    ReplyDelete